කූඨප්‍රාප්තියට පත්වූ දේශපාලනික ආන්දෝලන රැල්ලකට හසුවූ පාලක ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගෙවුණු සතිය මුලුල්ලේම පැවතියේ කැළඹුණු ස්වභාවයකිනි.
ශ්‍රී ලංකාවට මහත් අබග්ගයක් වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මතවී හරියටම දින තුනකට පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 ආර්ථික කොමිසම් පණත් කෙටුම්පතට අත්සන් කළේ ය. චීන ආධාර මත ගොඩනැගෙන වරාය නගරය පාලනය කිරීමේ බලය නෛතික වශයෙන්ම, මෙම ආන්දෝලනාත්මක කෙටුම්පත හරහා අදාළ කොමිසමට හිමිවේ.
එම කෙටුම්පතට පක්ෂව මෙන්ම විපක්ෂව නැගෙමින් තිබෙන අදහස් විමසුමට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ගෙවුණු සිකුරාදා එසේ කරුණු දැක්වීමට ලබාදුන් අවස්ථාව අවසානයකට ගෙන ආවේ ය. ආර්ථික කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 19 ක් ඉදිරිපත්ව තිබූ අතර, ඒවාට එරෙහි අතුරු පෙත්සම් 13 ක් අනෙක් පසින් ඉදිරිපත්ව තිබිණ. මෙම පෙත්සම් විභාගයට ගැනුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මූර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
ව්‍යවස්ථාවේ කරුණු කිහිපයක්ම උල්ලංඝණය කර තිබෙන නිසා, මෙම කෙටුම්පත අදාළ පරිදි සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයක් පැවැත්වීමට ද අවැසිය යන්න, ආර්ථික කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව නැගී තිබූ ප්‍රධානම තර්කය විය.
කෙටුම්පතට එකතු කිරීමට රජය අපේක්ෂාවෙන් සිටින සංශෝධන කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් කටයුතු කළේ ය. මෙම යෝජිත සංශෝධන සැළකිල්ලට ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණය, ඒවා ප්‍රකාරව ආර්ථික කොමිසමේ පණත් කෙටුම්පතට එකඟවනු ඇතැයි රජයේ ඉහළම තලයේ අය සිටින්නේ බලාපොරොත්තු දල්වාගෙනය. කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ඉදිරි දින කිහිපය ඇතුළත කතානායකවරයාට ලබාදෙනු ඇත.
පනත සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීම්වල දී, අවධානය වෙනතක යොමු කෙරුණු සිදුවීමක් ද සිදුවිය. එයට පක්ෂව කරුණු දක්වමින් සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විදේශිකයකුට පවා ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයෙක් ලෙස පත්වීමට බාධාවක් නොමැති බව කියා සිටියේ ය.
තර්කානුකූලව ගත්විට, නීතිඥයකු ලෙස පත්වීම් ලැබීම සදහා පුරවැසිභාවය අදාළ නොවන්නේය යන නෛතික කරුණු සම්බන්ධයෙන් ඔහු නිවැරදිය. කෙසේවුවත්, ඔහුගේ කරුණු දැක්වීම, ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ විමර්ශනය කිරීම සදහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත මඬුල්ලක් පත්කළ යුතු යැයි, කියමින් සිටින කණ්ඩායම්වලට ඉණිමං තනාදීමක් වැනි විය. මෙම යෝජනාව, පසුගියදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවලියේ ද, අන්තර්ගතව තිබෙන්නකි.
නොසිතූ - නොපැතූ පුවත් පත් සාකච්ඡා
කිසිවෙක් නොසිතූ සිදුවීමකින්, මෙම නව නීතියට විශාල ජනතා අවධානයක් හිමිවූ අතර, එය ප්‍රසිද්ධ වාදවිවාද පැවැත්වෙන තැන දක්වාම දුරදිග ගියේ ය. පාලක සන්ධානය නියෝජනය කරන දේශපාලඥයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින්, යෝජිත වරාය නගරය හරහා ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් බවට පත්වීමට ඉඩ තිබෙන්නේ යැයි ප්‍රකාශ කිරීම, මෙයට තුඩුදුණි. පැවැති යහපාලන රජයේ කලක් අධිකරණ අමාත්‍යධූරය හෙබවූ රාජපක්ෂ මහතා, නව රජයේ කැබිනට් අමාත්‍යධූරයක් තමන්ට නොලැබීම සම්බන්ධයෙන් දැඩිව කණගාටුවට පත්ව සිටින්නේය යන්න රහසක් නොවේ. කොටින්ම, නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් අවස්ථාවේ දී, තමන්ට ලැබීමට යන්නේ රාජ්‍ය අමාත්‍යධූරයක් බව දැනගත් වහාම ඔහු එතැනින් නැගිට ගියේ ය.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී විජයදාස රාජපක්ෂ මහතා යෝජිත ආර්ථික කොමිසම් පණතට අදාළ ගැටලු රැසක් පෙන්වා දුන්නේ ය. එමෙන්ම, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආර්ථිකය නගා සිටුවීම පිළිබද ජනපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පෞද්ගලික මට්ටමින් ප්‍රහාර එල්ල කිරීමටත් ඔහු එය අවස්ථාවක් කරගත්තේ ය.
ඊට පසුදින, නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ විජයදාස රාජපක්ෂ මහතා, ජනපති රාජපක්ෂ මහතා තමන්ට දුරකනයෙන් අමතා පහත් වචනයෙන් කතා කළේ යැයි ද, එනිසාම තමාටත් ඒ අයුරින්ම ජනපතිවරයාට ප්‍රතිචාර දැක්වීමට සිදුවූයේ යැයි ද පවසා සිටියේ ය.
අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ මුලසුන හෙබවූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ද, අමතා තිබෙන ජනපතිවරයා විජයදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව උන්වහන්සේටත් පැමිණිලි කර තිබෙන බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට පමණක් නොව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද පැමිණිලි කළේ ය. කෘතහස්ථ දේශපාලඥයකු වන අගමැතිවරයා, විජයදාස රාජපක්ෂ මහතාට දුන්නේ මෙවැනි අවවාදයකි.
“ජනපතිවරයා ඔබට දොස් පවරන්නට ඇතත්, එය ඔහු හිතේ රඳවාගෙන සිටින්නේ නැහැ. ඔහු හොඳ හිතක් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා ඔබත්, ඒ ගැටලුව හිතේ තියාගෙන නොසිටිය යුතුයි. මේ කතාව ඔබ අමතක කර දැමිය යුතුයි” යයි අගමැතිවරයා කියා තිබේ. ගැටුම එතැනින් අවසාන වූ බවක් පෙනෙන්නට ඇත.
තමන්ගේ රැහේ දේශපාලඥයෙක් කිසියම් විරුද්ධ දෙයක් පවසා සිටි විට හෝ කිරීමට උත්සාහ ගත්විට, එම කණ්ඩායමේ අනෙක් අයවලුන් ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මෙවර දක්නට නොලැබිණ.මේ අතර, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවට ගොස් ආර්ථික කොමිසම් පණත් කෙටුම්පත සම්බන්ධ පැහැදිලි කර තිබේ. එහිදී ඔහු, විජයදාස රාජපක්ෂ සහ උන්වහන්සේ එම කෙටුම්පත සම්බන්ධයෙන් මතුකළ ගැටලුවලටත් ප්‍රතිචාර දක්වා ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකයේ චීන ආධිපත්‍ය
කෙසේවුවත්, මෙම සිදුවීම හරහා ශ්‍රී ලංකාව දෙස අලුත් ඇසකින් බැලීමට දොරටු විවර වූවාය යන්න කිව යුතුය.
කොළඹ වරාය නගරය ක්‍රමයෙන් යථාර්ථයක් බවට පත්වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව සමග වන චීන සබදතා කෙතරම් නම් ඉහළ මට්ටමකට පැමිණ ඇතිවාද යන්න පිළිබද ලැබෙන අවබෝධය එවැන්නකට උදාහරණයකි. ශ්‍රී ලංකාව දරා සිටින ඔටුන්නේ වටිනාම මානික්‍ය වන කොළඹ වරාය නගරය හරහා චීනය ශ්‍රී ලංකාවේ අතිශය සමීප ආර්ථික පාර්ශ්වකරුවකු බවට පත්කරනු ඇතිවා මෙන්ම, රටේ ආර්ථික සහ විදේශ ආයෝජන යන ක්ෂේත්‍රවලත් ඔවුන් ආධිපත්‍ය පතුරවනු ඇත.
එක් අවස්ථාවක චීනය, ඩොලර් බිලියන 1.5ක විනිමය හුවමාරුවක් මෙරටට ලබාදුන් අතර, පසුව තවත් ඩොලර් මිලියන 500ක ණයක් ද දුන්නේ ය. මේ සියල්ලට අමතරව, තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට යන්නේ යැයි ආර්ථිකය පිළිබද දැනුම්වත් තොරතුරු මාර්ගවලින් දැනගැනීමට තිබේ.
මෙසේ සිදුවෙමින් තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව, රුපියල් 203 ක මට්ටමේ පැවැති ශ්‍රී ලංකා රුපියල හදිසියේම රුපියල් 185 ක් දක්වා ඉහළට පැමිණි පසුබිමකය.
“අපි මොනව ද, කියන්නේ? අපි ඒ දේ කරනවා” ඳා
රජයේ ආර්ථික කටයුතු සම්බන්ධ මැජික්කරුවා වන හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පුරසාරම් දෙඩීය. නමුත් එහිලා ඔහු සැඟවූ වැදගත් කාරණයක් විය. එනම් ලෝක වෙළඳපලේ ඇමරිකානු ඩොලරයේ වටිනාම පහත වැටීමය.
චීනයෙන් ලැබීමට නියමිත විනිමය හුවමාරුව හරහා, තව තවත් චීන නිශ්පාදනයන් ශ්‍රී ලංකා වෙළඳපෙලට පිවිසෙනු ඇති බව බලධාරීහු පවසති.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පනින්නට බලා සිටින අයට ඉනිමං තනා දීම