IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘‘පොප්’’ සංගීතයේ කිරුළ පලන් රජු සහ රැජිණ


 

පොප් ගී රජු හා පොප් ගී රැුජින කවුදැයි විමසුවහොත් බටහිර ගීත පිළිබඳව ඒ හැටි දැනුමක් නැති අය පවා දෙවරක් නොසිතා පිළිතුරු සපයනවා ඒකාන්තය.

පොප් ගී රජු මයිකල් ජැක්සන්  පොප් ගී රැජින මැඩෝනා ඔවුන් එලෙසින් විරුදාවලි ලබා ඇත්තේ පොප් සංගීතය ලොව පුරා ජනප‍්‍රිය කරන්නට ඔවුන් විසින් කරන ලද අනුපමේය මෙහෙය නිසාය. 2009 දී මිය යන තුරුම මයිකල් ජැක්සන් සිය කිරුළ රැක ගත්තේය. දැනට 55 වැනි වියේ පසු වන මැඩෝනා හා තරඟ කළ හැකි ගායිකාවක් තවමත් බිහි වී නැති බව රසිකයන්ගේ පොදු පිළිගැනීමය.

කෙසේ වුවත් පොප් ගීතවලට නිවැරැදි අර්ථකථනයක් දීමට නම් මේ රසිකයන් වැඩි දෙනකුට පුළුවන්කමක් නැත. පොප් ගීතයේ ඉතිහාසය දන්නේත් කලාතුරකින් කෙනකු පමණකි.

ජනප‍්‍රිය යන අර්ථය ඇති ඉංග‍්‍රීසි වචනය වන පොපියුලර් කෙටි වී පොප් නිර්මාණය වී තිබේ. පොප් සංගීත ශෛලියට පදනම් වී ඇත්තේ රොක් ඇන්ඞ් රෝල් වශයෙන් 1950 ගණන්වල පැවති සම්ප‍්‍රදායමය.

පොප් සංගීතය පෝෂණය වී ඇත්තේ විවිධ සංගීත ශෛලීන් වෙතින් ලද මූලද්‍රව්‍යයන් උපයෝගී කර ගනිමිනි. නාගරික සංගීතය, රොක් සංගීතය, නැටුම් සංගීතය, ගැමි සංගීතය උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

 



කෙසේ වුවත් පොප් ගීතවල ඒවාටම ආවේණික ස්වභාවයක් පවතියි. මේ ගීත කෙටි හෝ මධ්‍යම ප‍්‍රමාණයකින් යුතු ඒවාය. බොහෝ විට ඒවා ලියැවෙන්නේ පද සහ අත්වැල් ගායනය පමණක් ඇති රාමුවක් මතය. ඒවායේ අත්වැල් ගායනය (කෝරසය) නැවත නැවත කියැවෙන අතර සංගීතය මිහිරිය. පහසුවෙන් මතකසිටිනසුලූය.

ඒවා සඳහා යොදා ගන්නේ විදුලි ගිටාරය, බේස් ගිටාරය, ඩ‍්‍රම් එක වැනි සංගීත භාණ්ඩය. අසන්නාට සතුට, විනෝදය ලබාදෙනවා මිස මේ ගීතවල කලාත්මක
ගැඹුරක් නැත. එහෙත් මේ ගීත ශෛලිය විශාල රසික ප‍්‍රසාදයක් දිනාගත් වාණිජමය වශයෙන් සාර්ථක වූ ශෛලියක් ලෙස වාර්තාගත විණි.
පොප් ගීතයේ ඉලක්කය වූයේ තරුණ පරපුරය. මෙය ශාස්ත‍්‍රිය ජෑස්, රොක්, නවීනතම ගීත ආදී සියල්ලෝම එකතුවක් මිස තනිව වර්ධනය වූ ශෛලියක් වූයේ නැත.

පොප් ගීතයේ ඉතිහාසය 1920 ගණන් දක්වා අතීතයට දිවෙන බව සමහරු කියති. එහෙත් තවත් සමහරු කියන්නේ 1950 මැද භාගයේදී බි‍්‍රතාන්‍යයේදී තරුණ පරපුර වෙනුවෙන් අලූත් ගීත ශෛලියක් වශයෙන් මෙය බිහි වූ බවය. ආරම්භක කාලයේදී පොප් සංගීතයට දී තිබූ අර්ථකථනය වූයේ සංගීත සංදර්ශන වලට පේ‍්‍රක්‍ෂකයන් ආකර්ෂණය කර ගන්නා ශාස්ත‍්‍රීය වටිනාකමක් නැති ගීත විශේෂයක් ලෙසිනි. බීට්ල්ස්, ද රෝලින්ග් ස්ටෝන්ස්, ඇබා ආදී සංගීත කණ්ඩායම් හරහා මේවා ලොව පුරා ශීඝ‍්‍රගාමී වේගයෙන් ජනප‍්‍රිය වූයේය.

‘‘මේවායේ වාණිජ වටිනාකමක් මිසක් කිසිම කලාත්මක වටිනාකමක් නැහැ....’’

‘‘මේවා නිර්මාණය කරල තියෙන්නෙ පේ‍්‍රක්‍ෂකයන්ගේ ඉල්ලූමට සැපයුමක් වශයෙන් විතරයි....’’

‘‘මේවායේ විශේෂ රසයක් නැහැ’’ පැමිණියේ කොතැනින්දැයි කියන්නට පුළුවන්කමක් නෑ. වාණිජමය සාර්ථකත්වය හැර වෙනත් කිසිම ඉලක්කයක්වත් ප‍්‍රතිලාභයක්වත් නැහැ.’’

‘‘ඉහළ පැලැන්තියේ රසිකයන් මිස පහළ පැලැන්තියේ රසිකයන් මේ ගීත රස විඳින්නෙ නෑ....’’

‘‘මේවා ගායනය කරන්නෙ ඉතාම උච්ච ස්වරවලින්.....’’

පොප් ගීත අතිශයින්ම ජනප‍්‍රිය බවට පත් වී තිබු 1967 න් පසු කාලයේදී එවන් චෝදනා රැුසක් එල්ල වූයේය. එහෙත් තාක්‍ෂණයේ දියුණුවත් සමඟම මේ ශෛලිය ලොව පුරාම පැතිර ගියා මිස එහි ජනප‍්‍රියත්වයට කිසිදු හානියක් වූයේ නැත. බටහිර රටවල පමණක් නොව ජපානය ඇතුළු ආසියාතික රටවලද පොප් සංගීතය වේගයෙන් පැතිර ගියේය.

ගුවන් විදුලි යන්ත‍්‍ර, කැසට් යන්ත‍්‍ර බහුලව නොතිබූ යුගයේ ශ්‍රී ලංකාවේ පොප් ගීත ජනප‍්‍රිය වූයේ ධනවත් පැලැන්තියේ ශ‍්‍රාවකයන් අතරය. සමාජශාලා වළ
ගායකයෝ පොප් ගීත සජීවීව ගායනා කළහ. මේ වෙද්දී පරිගණක තාක්‍ෂණය ඈත ගම් දනව් සිසාරා පවා පැතිර ඇති බැවින් පොප් සංගීතය පිළිබඳව උනන්දුවක් නොදක්වන අයකු සොයා ගැනීමට අසීරුය.

1980 ගණන්වලදී එම්.ටී.වී. වැනි සංගීත රූපවාහිනි චැනල ආරම්භ වීමත් සමඟම පොප් ගීතයේ ජනප‍්‍රියත්වය ද වැඩි වූයේය.

මයිකල් ජැක්සන් හා මැඩෝනා පොප් ගී රජු හා රැුජින මට්ටමට එසවුණේ මේ චැනල හරහාය. ඇමෙරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ ඒකාධිකාරයක්ව තිබුණ පොප් ගීතය අනෙක් රටවල් කරාද පැතිර ගියේය. ඒ ඒ රටවලට ආවේණික වූ පොප් ගීත ශෛලීන් ද ජනප‍්‍රිය වෙන්නට පටන් ගත්තේය.

එහෙත් මයිකල් ජැක්සන්, මැඩෝනා ආදී පොප් ගායකයන් කෙරෙහි ඇතිවූ ආකාරයේ උන්මාදයක් නම් වෙනත් ගායකයන් කෙරෙහි ඇතිවූයේ නැත. ඔවුන් සහභාගි වන සංගීත සංදර්ශනවල ප‍්‍රවේශ පත‍්‍ර විකිණී අවසන් වූයේ ඒවා පැවැත්වෙන දිනට මාස ගණනකට පෙරය. ඔවුන්ගේ ගීත ඇල්බම අලෙවි වූයේ මිලියන ගණනිනි.

මැඩෝනා මේ වන විට ඇගේ ගී තැටි මිලියන 300 කට අධික ප‍්‍රමාණයක් ලොව පුරා අලෙවි කොට තිබේ. එතරම් ගී තැටි අලෙවි කළ ප‍්‍රථම කාන්තාව ලෙස ඇය ගිනස් වාර්තාවක්ද පිහිටුවා ඇත.

ටයිම්ස් සඟරාව විසින් තෝරන ලද පසුගිය ගත වර්ෂයේ බලවත්ම කාන්තාවන් 25 දෙනා අතරට මැඩෝනා ගේ නමද එක්වී තිබේ.

මයිකල් ජැක්සන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1971 දීය. එතැන් සිට ඔහු පොප් ගීත සංකේතය වශයෙන් හැඳින්විණි. එම්.ටි.වී. රූපවාහිනි චැනලය ජනප‍්‍රියත්වයේ ඉහළම තලයට නැගුණේ ඔහු නිසාය.

1982 දී ඔහු විසින් නිකුත් කරන ලද ත‍්‍රිලර් ගීත ඇල්බමය එතෙක් කලක් අලෙවි වූ වැඩිම පිටපත් ප‍්‍රමාණය ලෙසින් වාර්තාවක් තැබුවේය.  ඕෆ් ද වෝල් (1979), බෑඞ් (1987) , ඬේන්ජරස් (1991) සහ හිස්ටරි (1995) ද ආදායම් වාර්තා තබමින් අලෙවි විණි. පොප් සහ රොක් සංගීතය අනුව නර්තන ඉදිරිපත් කළ ප‍්‍රථම හා එකම ශිල්පියාද මයිකල් ජැක්සන්ය.

  ඔහු ග‍්‍රැමි සම්මාන 13 ක් දිනාගෙන තිබේ. ඇමෙරිකානු සංගීත සම්මාන 26ක්ද ඔහුට හිමි විය. ගිනස් වාර්තා කිහිපයකටම ඔහු හිමිකම් කියයි. ඔහු පුණ්‍යායතන 39 කටම උදව් උපකාර කළ දානපතියකු වුවත් බොහෝ චෝදනාවලට ලක්වීමට ද ඔහුට සිදුවිය. එහෙත් 2009 ජූනි 25 වැනිදා ඔහුගේ මරණය සිදුවු කල මුළු ලොවම එකසේ කම්පා වූයේය.

පොප්, රොක්, සෝල්, ආර් ඇන්ඞ් බී ෆන්ක්, ඩිස්කෝ, ජැක් ස්වින්ග් ආදී බොහෝ ශෛලීන්වලට ඔහු ගායනය හා නර්තනය ඉදිරිපත් කළේය. ඔහුගේ ගීත ඇල්බම පිටපත් මිලියන 400කට අධික ප‍්‍රමාණයක් මේ වන විට අලෙවි වී තිබේ.

දැන් ලොව පුරා පොප් ගායක ගායිකාවෝ සිය ගණනක් සිටිති. රිහානා, මිකා, ඇඩිලේ, ෆර්ගි ලියෝනා, එකෝන්, ඈෂ්ලි, ඇනා පෝල්මන්, ජස්ටින්, පැරිස් බෙනට්, ද වෙරෝනිකාස්, ගර්ල්ස් අලවුඞ් මේ අතරින් කිහිප දෙනෙකි. එහෙත් පොප් ලෝකයේ රජකම දිනා ගන්නට ඔවුන් කිසිවකුටවත් තවම පුළුවන්කමක් නැත.


 

 



අදහස් (0)

‘‘පොප්’’ සංගීතයේ කිරුළ පලන් රජු සහ රැජිණ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 705 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site