සුප්‍රසිද්ධ විද්‍යාඥයකු, ගවේෂකයකු වූ රේ විජේවර්ධනගේ ගුණානුස්මරණය ඉකුත් 18 වැනිදාට යෙදී තිබූ අතර ඔහුගේ ජන්ම ශක සංවත්සරය ඊයේට (20) යෙදී තිබුණි.
පිලිප් රේවත විජේවර්ධන ගත කළේ විස්මයෙන් පිරි පෞද්ගලික ජීවිතයකි. ඔහු මේජර් රෝලන්ඩ් රේවන් - හාර්ට් සමග එස්කිමෝ ඔරුව පදවාගෙන මහවැලි ගඟේ පහළට ආවේය. ඔහුට සරවක් දේශයේ ආදිවාසියකු මෙන් (ඊතල විදින) පිඹින බටය හැසිරවිය හැකි විය. හෙතෙම පැරණි පන්නයේ ඉංග්‍රීසි ජාතිකයකු මෙන් ලැවෙන්ඩර් සුවඳ දියරයට ආශා කළේය.
හෙතෙම සුප්‍රසිද්ධ විද්‍යාඥයකු හා අලුත් දෑ ගවේෂණය කරන්නකු ලෙස ප්‍රසිද්ධියේ ගත කළ ජීවිතයෙන් ඔබ්බට ගොස් තතු පරීක්‍ෂාකර බැලීමේ දී එවැනි සුන්දර සියුම් දෑ මතුවී පෙනේ. රේ ගේ ගුණසමරුම යෙදෙන්නේ අගෝස්තු 18 වැනිදාය. ඔහුගේ ජන්ම ශත සංවත්සරය යෙදෙන්නේ අගෝස්තු 20 වැනිදාටය. ඔහු ඉතා ආදරය කළ රත්මලාන ගුවන්තොටුපොළ ඔහු සොයාගත් ලෑන්ඩ් මාස්ටරය (හෙවත් යාන්ත්‍රික මී ගවයා) සහ රුවල් ඔරු යාත්‍රා කිරීම සහ පස සංරක්‍ෂණය ආදියෙන් ඔබ්බට ගොස් හෙතෙම මුව විට දක්වා පිරුණු වින්දනීය දිවියක් ගත කළේය.
රේ උපත ලැබූ තේ පැන් සාද, ටෙනිස් ක්‍රීඩා ආදියෙන් පිරි 1920 ගණන්වල ජීවිතයට සවන් දුන් මිනිසුන් කිහිප දෙනාගෙන් එක් අයකු රේ ගේ නෑනා රෝහිණී ද මැල් කොළඹ ලේඩීස් කොලීජියේ බාලාංශ පන්තියේ ඔහු සමග එකට හිඳගෙන උන්නාය. රේ ඈ සමග නිතර කතාවට වැටෙනු දුටු ගුරුවරිය ඔහු පන්තියේ නිහඬම ගැහැනු ළමයා ළඟ ඉන්ද වූවාය. ඒ රෝහිණීගේ නිවුන් සොයුරිය වූ සීලා ළඟය.
රේ විසි අවුරුද්දකට පසුව සීලා සමග ආදරෙන් වෙලී ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය. එසේ වුවද ඔහු පළමුවෙන්ම ඈට යෝජනාවක් ගෙන ආවේ සිව් වැනි වියේ පසු වෙද්දී ලේඩිස් කොලිජියේ අඹගහ යටදීය.
ගොල්ෆ් ක්‍රීඩිකාවක්, පෝලෝ ක්‍රීඩිකාවක් හා කාර් රේසිං පිළිබඳ උනන්දුවන අයකු ලෙස වැඩිමල් වියට පත් රෝහිණී, පවසන්නේ රේ දුඹුරු වර්ණ කෙස් හා නිල් පැහැ ඇස් ඇති අයකු බවයි. ඔහුගේ මව වූ කොරීන් අමන්දා ජෙනිංග්ස් ඉංග්‍රීසි ජාතික කාන්තාවක් වීම ඊට හේතුවයි. ඇය තුඩුගල විජේවර්ධන පවුලෙන් බිහි වූ ඇගේ සැමියා මෙන්ම නාරි වෛද්‍ය විශේෂඥවරියක වූවාය. ඔවුහු කොළඹ 7, ග්‍රෙගරි පාරේ තිබූ රේ විලා නිවසේ සුවිශේෂ ශෛලියකින් හෙබි ජීවිතයක් ගත කළහ.
‘‘බාලාංශ පන්තියේ දී (හෝඩියේ දී) පවා පරිකල්පනයෙන් පිරි දරුවකු වූ ඔහු අපට ඔවුන්ගේ එයාර්ඩේල් සුනඛයකු වූ ට්‍රික්සි නරියකැයි කීවා’’ යනුවෙන් රෝහිණී කීවාය.
ඔවුහු දෙදෙනාම වාද්‍ය වෘන්දයේ ඔස්කා වැගන් යටතේ වයලීන වාදනයේ යෙදුනෝය. ඩෙන්මාර්ක ජාතික වැගන් සහෝදරයන් තිදෙනාගෙන් එක් අයෙක් සංගීත ගුරුවරයකු ලෙස කීර්තිය දිනාගෙන සිටියේය.
ලේඩීස් කොලිජියේ බාලාංශ පන්තිවල ඉගෙනුම ලැබීමෙන් පසුව රේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතර කෙරිණි. එහිදී ඔහු ගත කළ ජීවිතය සුවදායක ජීවිතයක් නොවීය. අර්ධ ඉංග්‍රීසි ජාතිකයකු වූ ඔහු නිදන ශාලාවේ රාත්‍රිය ගත කරනවිට අනෙක් ළමයින් සරම ඇඳ සිටියදී අඳින්නට පුරුදුව සිටියේ ඉරි සහිත පිජාමා ඇඳුමකි. එබැවින් ඔහු අන් අයගෙන් ඈත්වූ තරමක හුදෙකලා ජීවිතයක් ගත කරන අයෙක් වූයේය.
‘‘නිර්මාණකරණයට සම්බන්ධ පවුලක සාමාජිකයකු වූ ඔහු ඒ වනවිටත් පිටස්තරයකු (අර්ධ ඉංග්‍රීසි ජාතිකයකු) නිසාම සමහරවිට ඔහුගේ මෙම ද්විත්ව ගතිය ඔහුට ලැබෙන්නට ඇති. සමහරවිට ඔහුගේ අසාමාන්‍ය චින්තනයට හේතු වූයේද එයම වෙන්න ඇති’’ රෝහිණී කීවාය.
ඔහුගේ ආංගික චින්තනයට පසුබිම්වූ සාධක සැබවින්ම මේවා විය හැකිය.
එහෙත් රේ සාන්ත තෝමස් විද්‍යාලයේ විශිෂ්ටයකු බවට පත්ව සිටියේය. හෙතෙම බ්‍රෙස්ට් ස්ට්‍රෝක් ත්‍යාගය දිනාගත් අතර රයිෆල් වෙඩි තැබීම්වලද නිරත වූයේය. ඔහුගේ නව යොවුන් විය ආරම්භ වෙද්දී හෙතෙම උමතුවෙන් මෙන් අහස් යාත්‍රාවලට ආසා කරන්නටත්, ආදර්ශ ගොඩ නගා, තනිපහර යන්ත්‍රය යොදා එයින් කොළඹ රේස් කෝස් පිටියේ පියාසර කරන්නටත් යුහුසුළු වූයේය.
රෝහිණී මෙසේ කියයි. ‘‘ඔහු පැය ගණන් පිට්ටනියේ ගත කරමින් යන්ත්‍රය අත්හදා බැලුවා. ඒ හා සමාන සිතුවිලි ඇති මිතුරන් සමග එක්වී ඔහු ආදර්ශ ගුවන් යානා පැදවීමේ සමාජය ගොඩ නැගුවා. සති අන්තවල දී එහිදී ඔවුන් මිතුරන් හමුවුණා. අපි හරිම විනෝදයක් ලැබුවා.’’
ඔහු ගියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයටයි. එහිදී ඔහු මාර්ෂල්ස් ගුවන් තොටුපොළේ පියාසර කිරීම කළා. ඒ අතරතුර කාලයේ ගෙදර පැමිණි විට නුවරඑළියට ගොස් ගොල්ෆ් ක්‍රීඩා කළා, ග්‍රෑන්ඩ් හෝටලයේ නැටුම්වල යෙදුණා, විශාල ශාලාවේ රෝලර් ස්කේටින් (රෝද සපත්තු සහිතව ගමන් කිරීම) වල යෙදුනා.’’
අසිත තෙන්නකෝන්, නම් ඔහුගේ බෑනා, රේ 1968 මෙක්සිකෝවේ පැවැති ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වූ අයුරු සිහපත් කළේය. රුවල් ඔරු පැදීම උදෙසා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගි වූයේ ඔහුය. 1970 ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු රුවල් ඔරු පැදීම වෙනුවෙන් රිදී පදක්කම දිනා ගත්තේය.
අසිත මෙසේ කීවේය. ‘‘ඔහු බොල්ගොඩත්, වරායේත්, රුවල් ඔරු ක්‍රීඩා සමාජයේත්, ප්‍රවීණ සාමාජිකයෙක්. දක්‍ෂතා පෙන්වන තරුණයන්ට ඒ පිළිබඳව ඔහු වටිනා උපදෙස් දුන්නා.’’
රේ ඉදිකළ ධර්මපාල මාවතේ 133 නිවස රේගේ ක්‍රියාකාරී බව සහ ප්‍රායෝගික උපයෝගීතාව පිළිබඳ නිපුණත්වය හොඳින් පිළිබිඹු වන්නකි. සෑම දේ තුළම ප්‍රායෝගික බවක් දිස්වෙන එය ස්පාර්ටාවරුන්ගේ ගොඩනැගිල්ලක් හා සමාන විය. දම් - දුඹුරු බාහිර පෙනුමෙන් යුක්ත එහි සුවපහසුව හා ශක්තිමත් බව මනාව සැකසී තිබිණි. ඔස්කා වැග්න්ගේ ගුරු උපදේශයන් ඔහු තුළ මනාව පිහිටා තිබුණ අතර නව යොවුන් වියද ඉක්මවන තෙක් හෙතෙම වයලින් වාදනයේ යෙදුණේය. එසේම පියානෝවත්, ආර්ජ් වාද්‍ය භාණ්ඩත් ඔහු වාදනය කළ අයුරු ඔහුගේ වැඩිමල් දියණිය සිහියට නගා ගනී. ඈ කියන අයුරු ඔහුට සංගීතය (ප්‍රස්ථාර) කියවා ගන්නට නොහැකි වුවද කනට ඇහෙන ස්වරයට ඔහු අගේට පියානෝව වාදනය කළේය.
රේගේ ලාබාලම දියණිය වූ මැන්ඩි මුදන්නායක අංක 133 නිවසේ සංගීතයේ සුවඳ විහිදුණු ආකාරය ආදරයෙන් සිහියට නගා ගන්නීය.
‘‘රේ පියානෝ වාදනයේ ප්‍රවීනයෙක්, ඔහු පියානෝව ළඟ හිඳගෙන කණින් ස්වරය අල්ලාගත් විශේෂඥයකු මෙන් චයිකොව්ස්කිගේ පියානෝ කොන්ස්ර්ට් අංක 1 වාදනය, වාදනය කළා. වරෙක ජෑස් සංගීත ආරටද එය වාදනය කළා. ඔහු 1960 ගණන්වල සම්භාව්‍ය වාදනයක් වූ "Windmills of Your Mind'' වාදනය කරන විට අපට කඳුළු ආවා. ඔහු එයව වාදනය කිරීමට හරිම ආසා කළා. ඔහු (Bach) බාක්ගේ ඇතැම් වාද්‍ය ඛන්ඩ අපේ පැරණි හැමෝන්ඩ් ඕගනයේ වාදනය කළ අයුරු මතක් වන විට මට අන් සියල්ල අමතක වනවා.’’
රේ තෙල් සායම් සිතුවම් ඇඳීමේ දක්‍ෂයකු බව දන්නේ ටික දෙනෙකි. ඔහුගේ නිර්මාණ …...................... ගේ භූමි රටාවන්ට බොහෝ සෙයින් සමාන බව දක්‍ෂ සිතුවම් ශිල්පිණියක වූ අනෝමා පවසයි. පුද්ගල රූප ඇඳීමට ඔහුට විශේෂ නිපුණත්වයක් තිබූ බව සැලකේ. ඔහු කළ සුවිශේෂී නිර්මාණයක් නම් ඔහුගේ එක් උරුමක්කාරියක වූ සිය නැන්දනිය වූ මාර්ජෝරි ද මැල්ගේ සිතුවමකි. තවමත් එය නිවසේ එල්ලා තිබේ.
‘‘ඔහු සැමදෙයක් සමගම සැමදාම පර්- යේෂණවල නිරත වුණා’’ යනුවෙන් අනෝමා මතක් කළේ ඔහු මිලදී ගත් යන්ත්‍රයකින් පලතුරු වියළනය කළ කාලයයි. නිවස පුරා වියළි පලතුරුවල සුවඳ හමන්නට ගත්තේය. වරෙක ඔහු හී විදින නළය භාවිත කරන්නට පුහුණු වූයේය.
රේ ගේ ලේලිය වූ සුනෙලා ජයවර්ධන සිය මාමන්ඩිය ගේ කතා උල්පතක් කියා සිටියාය. එයින් වඩාත්ම විනෝද ජනක කතාව වූයේ ඉංග්‍රීසි ජාතික මේජර් රොලන්ඩ් රේවන් හාට් සමග ඔහු මහවැලි ගඟේ කයලිය හෙවත් එස්කිමෝ ඔරුව පැදගිය ආකාරයයි. පාලම් උඩ සිටි ගම්මුන්ට මේජර් අත වනද්දී, අමු හෙළුවැල්ලෙන් සිටි ඔහු දෙස ගමම දෑස් දල්වා බලා සිටියෝය.
සුනෙලා ඔහුගේ සැඟවුණු පැත්ත මතක් කරමින් වරක් Mitchum ලැවෙන්ඩර් සුවඳ දියර ලේබලයක පින්තූරයක් තමාට එවන ලෙස කී අයුරු මතක් කළාය. එය ඔහුට ලේඩීස් කොලීජියේ ගතකළ ජීවිතය සිහිපත් කරන්නක් විය. සුනෙලා මෙන්ම, රේ රාවණ රජු පිළිබඳ පුරාණ ප්‍රවාද විශ්වාස කළේය. රාවණ ද ඔහු වැනි ගුවන් නැවියෙක් විය.
රේ ගේ බුද්ධිමත් පුත්‍රයා වූ සුරේෂ් මුදන්නායක ගැන අවසාන වශයෙන් කතා කළේය.
‘‘ඔබ දන්නා පරිදි රේ ඔහුගේම පියාසර යන්ත්‍රය නිර්මාණය කොට එය ගොඩ නැගුවා (මං ඇත්තටම ඒවාට අහස් යාත්‍රා කියන්නේ නෑ) ඔහු එකක් සෑදීම හමාර කළාට පසුව පොඩිහාමුදුරුවෝ පැමිණ ඊට ආශිර්වාද කළා. අපි ප්ලේන් එක වටේ පිරිත් නූල් බැන්ඳා. එය ආගමික උත්සවයක්. මතකය අවුස්සන සිද්ධියක්.’’
‘‘එය පුරාණ සංස්කෘතිය හා නව තාක්‍ෂණ එක් කළ මනා විවාහයක් යයි මා සිතනවා. රේ පෙනී සිටි හැමදේම එහි අන්තර්ගත වුණා.’’
(***)
2024 අගෝ. 18 වැනිදා
Sunday Times පුවත්පතේ පළවූ Ray As they remember him
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියාසර යානයක් තැනූ ලාංකිකයා - රේ විජේවර්ධන
චන්දිම Wednesday, 21 August 2024 08:35 PM
මේ රටේ මිනිසුන් මොන තරම් අවාසනාවන්ත ජාතියක්ද මේ වගේ ලියනාඩෝ ඩාවින්චි වත් අභිබවා ගිය පරිකල්පන නුවණක් තිබුණු කලාතුරකින්ම රටකට පහළවෙන මිනිසෙකුගෙන් ජාතියට ගත හැකිව තිබු ප්‍රයෝජන නොගෙන අහක බලා ගෙන හිටපු. එතුමා නිර්මානය කල අත් ට්‍රැක්ටරය අන්තිමට ජපානයේ කුබෝටා ආයතනය විසින් සාදරයෙන් පිළිගත්තා පමණක් නොව නිපදවා ලොව පුරා අලෙවි කලා අපි ඔහේ නිකම් හිටියා.