මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය ආරම්භ කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කෙතරම් සමීපව ඇසුරු කළාද යන්න එතුමා විසින් ලියන ලද (ඉංග්‍රීසියෙන්) සකල සිංහල චක්‍රවර්ති හා උතුරුකරයේ ආර්ය රාජ්‍යය නමින් අනෙක් සිංහල ග්‍රන්ථය ද පළ කළේය. එපමණක් ද නොව මහාචාර්ය සෙනරත් පරණවිතාන පුරා විද්‍යාඥයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1940 සිට 1956 තෙක් සේවය කර ඉන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය ද ඇති කර එයින් බිහි වූ මහාචාර්ය අබය ආරියසිංහ මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම යනුවෙන් සංවිධානයක් බිහි කිරීමේ පුරෝගාමියා වූයේය.
මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන් එහි සභාපතිවරයා ලෙසින් ද එවක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න. එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල හා එවක ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සහ එවක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වූ අපගේ සහ තවත් විද්වතුන් කීප දෙනෙකුගෙන් ද සමන්විත වූ මෙම මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ එතුමා 1996 සිට 2009 තෙක් සභාපතිවරයා ලෙසින් ඉමහත් සේවාවක් ඉටු කළේය.
පරණවිතාන පඬිවරයා පිළිබඳවිද්වත් ජනතාවට මෙන්ම පාසල් දූ දරුවන්ට ද අවබෝධයක් ලබාදීමේ සම්මන්ත්‍රණ ගණනාවක් මහාචාර්ය අබය ආර්යසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ සිදු වූයේය. ඒ අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධවීමට පෙර මෙකල ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උඩුගම්පල විද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරුවරයකු ලෙස සේවය කළ හෙයින් එම විද්‍යාලය මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ විද්‍යාලය නමින් නම් කිරීමට මහාචාර්ය අබය ආර්යසිංහ මහතා පෙරමුණගෙන ක්‍රියා කළේය.
මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන් 2009 වර්ෂයේ ජනවාරි 14 වැනිදා එනම් මීට වසර 14 ඉහතදී අභාවයට පත්වූ පසුව මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම පිහිටුවීමට මුලික වූ තවත් විද්වතකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සභාපතිවරයා ලෙසින් ඉමහත් සේවාවක් ඉටු කළේය.
මාස් පතා සෙනරත් පරණවිතාන අනුස්මරණ දේශන පැවැත්වීමේ වැඩසටහන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඇරඹුවේ එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ සිටි සමයේදීමය. එහිදී පුරාවිද්‍යා සඟරාවේ විශේෂ කලාපයක් පළ කිරීමටද කටයුතු කරනු ලැබිණි.
ආචාර්ය ශිරාන් දැරණියගල මහතා 2021 වර්ෂයේ දී අභාවයට පත්වීමෙන් පසුව එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ චන්දිම විජේ බණ්ඩාර මහතාය. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසින්ද සේවය කළ විද්වතෙකි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමෙහි මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන් විසින් අසෝක රජුගේ ශිලා ලේඛන පිළිබඳ ප්‍රථම වතාවට ග්‍රන්ථ 4ක් සිංහල භාෂාවෙන් පළ කරන ලදී.
(*** සිරිසමන් විජේතුංග)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පරණවිතාන පදනමට පණදුන් මහාචාර්ය අබය ආරියසිංහ
Senarath Friday, 17 January 2025 09:10 AM
එතුමාට නිවන් සුව ලැබේවා