මීට වසර දාහතකට පෙර රුහුණු විශ්ව විද්‍යාලය උද්භිද විද්‍යා අංශය මගින් යාල වනෝද්‍යානය සම්බන්‍ධව කළමනාකරණ සැලැස්මක් සකස්කිරීම ඇරඹුණි. ඨෑත් ව්‍යාපෘතියක්වූ මෙම සැලසුම සකස්කිරීමේ කටයුත්තේ විදෙස් විශේෂඥයන් වුයේ ඉන්දියානු වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්වූ එච්.එස්. පබ්ලා සහ එච්. එස්. පාවා යන මහත්වරුය. රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන එස්.ඞී. සමරකෝන් සහ මෝලි පණ්ඩුල සිල්වා යන මහත්වරු සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රධානීන් විය. ඉන්දීය විශේෂඥයන්ගේ උපදෙස් මත යාල කලාප අංක එක, දෙක, තුන, හතර හා පහ මෙන්ම නිමලව, කටගමුව, කතරගම යන අභයභූමි වල පිහිටි ශාක පිළිබද පර්යේෂණ කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික වගකීම විය. මාතර රුහුණු විශ්ව විද්‍යාලයෙන් පාන්දර පිටත්වී දිනක් හෝ දෙකක් යාලට පැමිණෙන පර්යේෂකයන් යළිත් දින කිහිපයකට පසු නැවත යාල කැලේ සංචාරය කරති. මේ ස`දහා වනජිවී දෙපාර්තමේන්තුවෙන් වනජීවී නියාමකයෙකුද පර්යේෂකයන්ගේ සහයට පැමිණියේය. පර්යේෂණ කණ්ඩායමට අවම තරමින් දහ දෙනෙකුවත් අයත්විය. යාල ජාතික වනෝද්‍යානය කතරගම දෙවියන්ගේ අඩවිය බව හැමෝම දනිති. පර්යේෂණ හෝ වෙනත් කටයුත්තක් සදහා හෝ වනාන්තරයට ඇතුලූවන විට කතරගම දෙවියන් වෙනුවෙන් සිදුකරන සිරිත් විරිත් සිදුකර වනාන්තරයට ඇතුලූවීම සිරිතය. එසේ නොමැති අවස්ථාවල යම්යම් බාධාවන් මෙන්ම අකරතැබ්බ වලට මුහුණ පාන්නට වෙතිය යන විශ්වාසයක් පවතී. මෙම පර්යේෂණ වල නිරත මහාචාර්ය සමරකෝන්, මෝලි සිල්වා, ඞී.කේ. ශාන්ත දිසානායක යන මහත්වරු සමග එවකට රුහුණු විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ පර්යේෂණ සහකාරවරයෙක්වු වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු ප‍්‍රදේශය භාර සහකාර අධ්‍යක්‍ෂවරයෙක්වූ ප‍්‍රශාන්ත විමලදාස මහතාද එක්ව සිටියේය. පිරිස මාතර සිට පාන්දරම යාලට ගියහ. යාලදී වනජිවී නියාමකවරයෙක්වු ජයසේන මහතා තුවක්කුවක්ද අතැතිව ගමනට එක්වූයේ පිරිසේ ආරක්‍ෂාවටය. යාල කැලේ බොහෝ තැන්වල පර්යේෂණ කළ පිරිස කලාප අංක එකේ ජබුරාගල සහ විලපලාවැව අතර ප‍්‍රදේශයේ ශාක අධ්‍යයනය කිරීමට අදහස් කරගෙන සිටියහ. ඒ අනුව පිරිස යාල වනෝද්‍යානයේ මහාසීලව සංචාරක බංගලාවට ගොස් එතැන්සිට විලපලාවැව හරහා ජබුරාගලට යාම අරමුණවිය. ඒ අනුව ගමන් මාර්ගය සොයා ගැනීමටත් යන ඉසව්ව තීරණය කිරීමටත් මාලිමා යන්ත‍්‍රද යොදාගෙන යන ස්ථානවල සැලැස්මක් අදින ලදී. අදින ලද මාර්ග සැලැස්ම සහ මාලිමාවද උපයෝගි කරගෙන පිරිස මහසිලව වැව අසලින් ඝනකැලෑවට පිවිසියහ. ඉදිරියෙන්ම ගමන්ගත්තේ මහාචාර්ය සමරකෝන් මහතාය. කැලෑවේ ඇති උස්, මිටි, ගස්වර්ග ද නාදුනන ගස් වර්ගද පිරිසේ නිරීක්‍ෂණයන්ට ලක්වෙමින් තිබිණි. ඇතැම් නාදුනන ගස් වර්ගයක් දුටුවහොත් එයින් කොළ අත්තක් කඩාගෙන ඒමටද පිරිස කටයුතු කරගෙන තිබුණි. මෙලෙස සැහෙන දුරක් ඇවිද යද්දී කැලේ ඇතුලේ වු පැලැස්සක් (ඝන කැලැවක් ඇතුළතදි හමුවන පිටිය පැලැස්ස නමින් හදුන්වයි) හමුවිය. අක්කර එකහමාරක් පමණ විශාලවූ එහි නැවතුනු පිරිස ටිකවෙලාවක් ගිමන් හරින්නට වූහ. පිරිස රැගෙන ආ බිස්කට් කා ටික වෙලාවක් ගිමන් හැර යළි පිටත්වන්නට වුයේ මහසිලවදි සකස් කෙරුණු සැලැස්ම අනුවය. පිරිසට යා හැකිවුයේ කිලෝමීටර් භාගයක් පමණ දුරක් පමණි. දැවැන්ත අලියෙක් ඔවුන් ඉදිරියේ ඉන්නා අයුරු පිරිසේ නෙත ගැටිණි. මෙවැනි වෙලාවක තනි අලියෙකු ඉදිරියට මුණ ගැහීම අනතුරු ගණනාවකට හේතුවිය හැකි නිසා අලියා ම`ගහැර යාම සුදුසුම කාරණය බව පිරිස තීරණය කළහ. අලියා සිටිනවා පිරිස දුටුවත් අලියාට පිරිස ගැන ඉව තවමත් නොවැටී තිබීම පිරිසේ වාසියට කරුණක් විය. අලියා කණ්පට ගහන ශබ්ද පවා දැන් පිරිසට ඇහෙයි. ඉන් හැගී ගියේ අලියා තරමක් තමන්ට ලංවන බවකි. වහාම ගමන්කර දිශානතිය වෙනස් කර ඉදිරියට යාමට පිරිස තීරණය කළහ. දැන් පිරිස ඝනකැලෑව මැද්දෙන් ඉදිරියට ඇදෙයි. පැය එකහමාරක් පමණ මෙසේ ඉදිරියට යනවිට පිරිසට හැගීගියේ තමන් කෑලෑවේ අතරමං වූ බවකි. අලියා ගැන හිත හිතා කැලෑවෙන් ඉදිරියට යද්දි යායුතු ඉස්ව්ව වැරදී ඇතිබව වනජිවි මගපෙන්වන්නාටද අවබෝධවී තිබුණි. කෙසේ වෙතත් තවත් ටිකක් ඉදිරියට යද්දී පිරිසට නැවතත් පැලැස්සක් හමුවිය. මේ කියන කාලයේ කොටි ත‍්‍රස්තවාදයද ව්‍යාප්තව තිබූ වකවානුවකි. කොටි ත‍්‍රස්තයන්ගේ ක‍්‍රියාකාරකම් යාල කැලෑවේද ක‍්‍රියාත්මක වෙමින් පැවතිනි. අලූතින් හමුවු පැලැස්සෙන් පිටවිය යුතු ඉසව්ව කොහේදැයි පිරිස හොයන්නට විය. මේ අතර පැලැස්සේ තිබී බිස්කට් කවරයක කැල්ලක් හමුවිය. ඒ කවර කෑල්ල මේ පිරිස විසින් පැය කිහිපයකට පෙර ආහාරයටගත් බිස්කට් තිබූ කවර කෑල්ලක් විය. කා අතින් හෝ එය අතපසුවීමකින් වැටී තිබුණි. මෙයින් පිරිසට එක කරුණක් අවබෝධ විය. කැලැවේදි හමුවු දැවැන්තයා මගහරින්න ගමන් මගේ දිශානතිය වෙනස් කර ඉදිරියට ගොස් ආපසු ඇවිත් තිබුණේ ගමන පටන්ගත් තැනටම ය. ඒබව හො`ඳින් අවබෝධවූයේ බිස්කට් කවර කෑල්ලෙනි. වනජිවී මගපෙන්වන්නාවු ජයසේන මහතා සහ මහාචාර්ය සමරකෝන් මහතා කතරගම දෙවියන් සිහිකර කොළ අත්තක් කඩා එල්ලා තමන් ආ රාජකාරිය කිරිමට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාදෙන ලෙස ඉල්ලූහ. ඉන්පසු පිරිස නැවතත් පෙර සැලසුම අනුව ගමන ආරම්භ කළහ. පැය දෙකකට පමණ ලංවෙද්දී ඉලක්කයවු විලපලා වැවට එන්නට හැකිවිය. නමුත් සැලැස්ම අනුව හිතපු තැනට කිලෝමීටර් භාගයක් පමණ ගමන් මග වෙනස්වී තිබුණි. කෙසේ වෙතත් නිරීක්‍ෂණ කටයුතු අවසන් කර ආපසු මහාසීලව වැව දෙසට එන්නට පිරිස පිටත්වුහ. එසේ එනවිට නැවතත් මහා සද්ධන්ත අලියෙක් ඔවුන් එන පාර මාරුවන අයුරු පිරිසට නෙත ගැටුණි. ඒ තමන්ට මුලින්ම හමුවු දැවැන්තයා බව පිරිසට වැටහිනි. අලියා ගමන් කළ මාර්ගයට සමාන්තර මාර්ගයකින් පිරිසද ඉදිරියට පැමිණ ඇතිබව අවබෝධ විය. කෙසේ වෙතත් මෙවැනි සද්ධන්තයෙකු කැලේදි හමුවීම භයානකය. පාර මාරුවු අලියා මගහැර සිටි පිරිස, අලියා මහාසීලව කලපුව පැත්තට ගියපසු යාල වනොද්‍යානයේ පාරකට පැමිණයහ. මේ කාලයේ සන්නිවේදන ක‍්‍රම කිසිවක් ක‍්‍රියාත්මක නොවු වකවානුවක් නිසා පලටුපාන කාර්යාලයට පණිවිඩයක් යැවිය හැකි ක‍්‍රමයක් සෙවීය. එවිට පැමිණි සංචාරකයන් රැගත් වාහනයකින් යාල පලටුපාන කාර්යාලයට පණිවුඩයක් යවා වාහනයක් ගෙන්වාගෙන මේ පිරිස ආපසු පැමිණිමට සමත්විය. මේ පිරිස අතින් සිදුවු යම් වරදක් හේතුවෙන් කැලෑවේදී පාර වරදින්නට ඇතැයි ඔවුහු සිතුහ. කතරගම දෙවියන්ට කොළ අත්තක් එල්ලා බාරවීමෙන් පසු උපද්‍රවයකින් තොරව එන්නට හැකිවු බව කාගේත් විශ්වාසය විය. කතරගම දෙවියන්ගේ අඩවියේ කටවරද්දා ගැනීම සමහර අවස්ථාවල විපත් ගෙනෙන බවට දැඩි විශ්වාසයක් පවති. එනිසා අඩවියට පිවිසෙන බොහෝ දෙනෙක් කතාකරන්නේ දෙවියන්ගේ පිහිටෙන් ‘‘කරන්න බලමු.’’ ‘‘යන්න බලමු’’ ආදි වශයෙනි. මේ අතර මීට වසර දෙක තුනකට ඉහතදී කුමන වනෝද්‍යානයේ ඇදකුඹුක ක`දවුරු බිමට පිරිසක් පැමිණියහ. යාල සහ කුමන ජාතික උද්‍යානයට ඉතාමත් ආදරය කරන පවුල් කිහිපයක සාමාජිකයන් ඒ අතර වූහ. පිරිසෙන් වැඩි දෙනෙකුට වනෝද්‍යානය හුරුය. එහෙත් පිරිසේ සිටි ඇතැම් කාන්තාවන් ‘‘දෙවියන්’’ හෝ ‘‘හාස්කම්’’ ගැන කිසිදු විශ්වාසයක් නොතැබුවෝ වුහ. ඔවුහු වැඩි දෙනෙක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ඉහළම තනතුරු දරන්නියන් වුහ. වනජිවී නියාමකයකුගේ මග පෙන්වීම යටතේ පිරිස කදවුරු බිමට ගියහ. දිනතුනක් ඇදකුඹුක කදවුරු බිමේ සිටි පිරිස අතර සිටි කාන්තාවක් පවසා තිබුණේ පසුදින තමන්ට රාජකාරියට අනිවාර්යයෙන් යායුතු බවයි. ඒනිසා එදින කුමනින් පිටත්විය යුතු යැයි ඇගේ ඉල්ලීම විය. ඒ අනුව පිරිස තුන්වන දින දහවල් දෙකයි තිහට පමණ ඇදකුඹුක කදවුරෙන් පිටත්විය. ඇදකුඹුකේ සිට කුමන විල්ලූ හරහා ඔකද පිවිසුම් මධ්‍යස්ථානයට පැමිණි පිරිස වනජීවි මගපෙන්වන්නා එහි බස්සවා පිරිස කොළඹ බලා පිටත්ව ගියහ. මේ පිරිස පැමිණ සිටියේ අති නවීන වාහන වලය. පිරිස අතර යාන්ත‍්‍රික ඉංජිනේරුවෙක්ද සිටියේය. එහෙත් ඔකද සිට පානම දෙසට කිලෝමීටර් තුනක් පමණ දුරක් ගෙවා එද්දී හමුවන වෑකඩ හරියේදී ඉක්මනින් යන්නට ඕනෑ බව කී කාන්තාව ගමන් කළ වාහනයේ කාර්මික දෝෂයක් ඇතිවිය. ඇන්ජිම නැවතුන වාහනය පණගැන්වීම සදහා පිරිස නොගත් උත්සාහයක් නැත. එහෙත් ඒ කිසිදු උත්සාහයන් ඵලක් නොවීය. අවසානයේදී ඔක`ද වනජීවි කාර්යාලයට සිද්ධිය පිළිබදව දැනුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව ක‍්‍රියා විරහිත වාහනය වෙනත් වාහනයකින් ඔක`ද වනජිවි කාර්යාලයට ආපසු ඇදගෙන එනු ලැබීය. රාත‍්‍රියේද කාර්මික දෝෂය මගහැරවීමට උත්සාහ කළේය. එහෙත් ඵලක් නොවීය. උත්සාහය අතහැරදැමු පිරිස නින්දට වන්හ. ක‍්‍රියාවිරහිත වාහනය අලූත්වැඩියා කිරීමට කාර්මිකයෙක් සොයාගෙන පොතුවිල් ප‍්‍රදේශයට යාම හෝ වාහනය එහි ඇදගෙන යාමකළ යුතුය. මේ අතර පසුදා උදේ එහි රියදුරු වාහනයට එහි යතුර යොදා පණගැන්වීමට නිකමට මෙන් උත්සාහ කළේය. පුදුමයකි වාහනය පණ ගැන්විනි. මෙදින රාජකාරියට යාමට අවශ්‍ය බව කියා ගමන ඉක්මන් කළ කාන්තාවට තමන්ගේ බලාපොරොත්තු අතහරින්ට වු අතර පිරිස ඇයට කියා සිටියේ ඇය පෙරදින ‘‘ කටවරද්දා’’ ගැනීම නිසා සියලූ දෙනාටම රස්තියාදු වන්නට සිදුවු බවයි. කතරගම දෙවියන්ගේ අඩවියේ ‘‘හාස්කම්’’ ඇතිබව පිරිසේ සිටි කාන්තාවන් සියලූ දෙනාම විශ්වාස කරන්නට පටන්ගත්තේ මෙම සිදුවීමෙන් පසුවය. කතරගම දෙවියන්ගේ හාස්කම් වත්මන් කුමන වනොද්්‍යානයට අයිතිවු අතීත කුමන ගම්මානයට බෙහෙවින්ම බලපෑ බව එදා ‘‘කුමන’’ ගම්මානයේ පදිංචිව අද ඉන් ඉවත්වූ වැසියෝ උදාහරණ සහිතව පෙන්වා දෙති. එදා ‘‘කුමන’’ ගම්මානයේ සිටි අයගෙන් වනෝද්‍යානයේ ආරක්‍ෂාවට වනජීවී දෙපාර්තමේන්තුවට ලැබුනේ නොමද සහායකි. ‘‘කුමන’’ ගම්මානයේ ඉපදි හැදි වැඞී, වනජිවි දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි සහකාරවරයෙකුවන බී.ගුණසිංහ මහතා ‘‘කුමන’’ ගම්මානයේ වැසියන්ට වු තවත් සිදුවීමක් සිහිපත් කළේය. ‘‘අපි කුමන ගමේ ඉන්දැද්දි මේ සිදුවීමට කිහිප අවස්ථාවකදිම මුහුණ දුන්නා. ගමේ වැඩිහිටි පිරිමි කුඹුරුවල වැඩට ගියාම කෑම අරගෙන යන්නේ ගෙවල්වල ඉන්න ගෑණු අය. හැබැයි මස්මාලූ මොනවත් නෑ. එළවලූ සහ බත් තමයි තියෙන්නේ. තව මොනවා හෝ කැලෙන් හොයාගත්ත අලවර්ගයක් තියනවා. කෑම ගෙනියන කාන්තාවෝ කුඹුරට යන්නේ නෑ. ඒ අය සමග පොඩි පිරිමි ළමයෙක් බොහෝවිට යනවා. අලි කොටි වළස්සු ඒ කාලේ අඩුවක් නෑ. ගෙදර ඉදලා කුඹුරට යන ගමන හරිම අවදානම්. කුඹුර ආසන්නයට ගියාම අර පිරිමි ළමයා කුඹුරට ගිහිං ඇඹුල ගෙනාවා කියලා පණිවිඩය දෙනවා. කුඹුරේ වැඩකරන පිරිමියෙක් නැත්නම් දෙන්නෙක් මගට ඇවිත් කාන්තාවන් අත තියෙන ඇඹුල අරගෙන යනවා.’’ ‘‘මෙහෙම ඇඹුල අරගෙන යන සමහර දවස්වල වල් අලි පාරේ ඉන්නවා. කුලූහරකුත් ඉන්නවා. ඒ වගේ අනතුරක් තියන දවස්වලට අපි බයෙන් තමයි යන්නේ. එකදවසක් එහෙම යනකොට අපි ඉස්සරහින් රතු ඇදගත්ත කෙනෙක් යනවා. හැබැයි කවුද කියලා මුහුණ පේන්නේ නෑ. අක්කලා දෙන්නෙක් එක්ක මම තනිවට ඇඹුල අරගෙන යන්නේ. මෙහෙම යද්දී ටිකදුරකදි හමුවුන වංගු දෙකෙන් පස්සේ අර රතු ඇ`දගත්ත කෙනා අතුරුදන් වෙලා. ඒ අපේ ආරක්‍ෂාවට කතරගම දෙවියො එවපු දුතයෙක් කියලා එදා ඔය සිද්ධිය තාත්තාට එහෙම කිව්වාම ඒ අය මතක් කළා.’’ ගුණසිංහ මහතා කීවේය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප‍්‍රතිහාර්යයක්! බවලත්තු බලාගත් ඇත්තෝ එර්දි වෙති
නදීකා Tuesday, 04 September 2012 05:37 PM
නියමයිනේ. (නි)