පරම්පරාවක කීර්තිය දසත පැතිරෙන්නේ එම පරපුර නියෝජනය කරන්නන්ගේ උදාරත්වය නිසාය. පරපුරේ උරුමයෙන් මෙන්ම ක‍්‍රියාකලාපය විසින්ද උදාරත්වය උරුම කර ගන්නා මිනිසුන් යුග පුරුෂයෝ වෙති. එබඳු යුග පුරුෂයන්ට සෙවණදුන් එබඳු යුග පුරුෂයන් බිහිකරන ලද එබඳු යුග පුරුෂයන් ආගිය තැනක් සොයා අපි ගියෙමු. ඒ ඉපැරණි මන්දිරය කොළඹ බම්බලපිටියේ ඇල්ප‍්‍රඞ් හවුස් ඇවනිව්හි පිහිටි ”ලක්මහල්” මැදුරයි. ”ලක්මහල්” වෙත අපේ අවධානය යොමුවූයේ එය අගනුවර දක්නට ලැබෙන පැරණි මැදුරක් නිසාම නොවේ. මෙරට දේශපාලන ඉතිහාසයේ බොහෝ තීරණාත්මක සිදුවීම් රැසකට ලක්මහල් මැදුර සෙවන දුන් නිසාය. කෙටියෙන් හඳුන්වතොත් ”ලක්මහල්” මෙරට ප‍්‍රථම ලාංකික (සිංහල) මහ දිසාපතිවරයාගේ නිවසය. කුල්ටූර් සුද්දන්ට පමණක් උරුම වූ මහ ඒජන්තකම කරන්නට ලංකාවේ උපන් සිංහලයන්ටත් පුළුවන් බව ඔප්පු කොට පෙන්වූ කෘතහස්ත සිවිල් සේවක සිරිල්ලෙනාඞ් වික‍්‍රමසිංහ හෙවත් සී.එල්. වික‍්‍රමසිංහ මහතාගේ නිවස ”ලක්මහල්ය.” රාජ්‍ය තාන්ත‍්‍රික හා දේශපාලන රහස් රැසක් සැඟවී ඇති ”ලක්මහල්”හි වත්මන් ගෘහපතියාද දේශපාලන ලෝකයේ බහුශ‍්‍රැතයෙකි. ඒ සැම්සන් සේන සමරකෝන් විජේසිංහ මහතාය. අප කවුරුත් දන්නා භාෂාවෙන් කිවහොත් සෑම් විජේසිංහ මහතාය. රුහුණු ගිරුවා පත්තුව කිට්ටුව බෙලිඅත්ත ආසනයේ ගැටමාන්නේ උපන් සෑම් විජේසිංහ මහතා මෙරට දේශපාලනයේ වසර හැට හැත්තෑවක විත්ති අතැඹුලක් සේ දත් විද්වතෙකි. ලක්මහල් මැදුරේ වික‍්‍රමසිංහ පවුලෙන් විවාහයක් කරගත් සෑම් විජේසිංහ මහතා අද එහි ගෘහ පතියාය. ජනාධිපති මහින්ද රාජපක්ෂට අදත් ”මහින්ද” කියා අමතන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට අදත් ”රනිල්” කියා අමතන සැම් විජේසිංහ මහතා මේ දේශපාලනඥයන් දෙදෙනාගේ ජ්‍යෙෂ්ඨ ඥාතිවරයකු ලෙස බුහුමනට පාත‍්‍රවෙයි. එහෙත් අපේ අද කතාව සෑම් විජේසිංහ මහතා ගැන නොවේ. ”ලක්මහල්” හි මුල්ම ගෘහපතියාවූ ප‍්‍රථම ලාංකික දිසාපති සී.එල්. වික‍්‍රමසිංහ මහතා ගැනයි. සී.එල් වික‍්‍රමසිංහ මහතා වත්මන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුත්තනුවන්ය. රනිල්ගේ පියාණන් වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහයන්ගේ පියා සී.එල්. වික‍්‍රමසිංහ මහ දිසාපතිතුමාය. එදා මෙදාතුර වික‍්‍රමසිංහවරු මෙරට දේශපාලනයේ ප‍්‍රශස්ත මෙන්ම ගාම්භීර මෙහෙවරකට දායකවූ පරපුරකි. ඔව්හු සේනානායක විජයවර්ධන - ජයවර්ධන - බණ්ඩාරනායක - රත්වත්ත - මීදෙනිය - සමරක්කොඩි - මොලමුරේ ආදී සත් කීර්තිමත් පරම්පරා රැසක් සමග ඥාතිත්වයේ හුයෙන් බැඳී සිටිති. දේශපාලන පක්ෂපාට කුමක් වුවත් රටේ ඉරණම භාරගත්, ජාතික ප‍්‍රගමනයේ සුක්කානම අතදැරූ මේ ඇත්තන්ගේ වංශ කතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ වංශ කතාව තරම්ම හරබරය. සරුසාරය. සුළු මොහොතකට අපි ඒ අතීතයට පිවිසෙමු. ඒ 1944 වසරේ මුල්භාගයේ දිනයකි. සුවබර උදෑසනක තමන්ගේ නිල රථයෙන් සිය ලිපිකරුවාද සමග ”ලක්මහල්” වෙත පැමිණි ටයි කෝට් හැඳි උත්තුංග දේහධාරී පුරුෂයෙකි. හෙතෙම ”ලක්මහල්”හි ප‍්‍රධාන පිවිසුමෙන් නිවසට ඇතුළුවී බර අඩි තබමින් ඉහළ මාලයට ගමන් කරයි. අනතුරුව පියගැට පෙළ කෙළවර වම්පස තිබූ පළල් කාමරයකට පිවිසෙයි. ඒ කාලයේ මේ අමුත්තා ඇමැතිවරයෙකි. තමන් දැරූ ඇමැති පට්ටම තමන්ගේ මට්ටම හා ගලපාගෙන රටට මහත් මෙහෙයක් කළ ඔහු දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඞී.එස්. සේනානායකය. එදා ඞී.එස්. සේනානායකයන් ලක්මහල් වෙත පැමිණියේ බරපතල රාජකාරියකටය. එවකට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලබාදිය යුතුදැයි සොයා බැලීමට නුදුරු දිනක ශ්‍රී ලංකාවට පැමිණෙන සෝල්බරි කොමිෂන් සභාවට භාරදිය යුතු යෝජනා කෙටුම්පත් කිරීම ගමනේ අරමුණ විය. ඒකාලයේ තරමක් අසනීපව සිය සයනයටම වී ගත කළ සී.එල්. වික‍්‍රමසිංහ මහතා ගේ ඇඳ අසලට පුටුවක් ඇදගත් ඞී.එස් සේනානායක මහතා ඔහු සමග නිදහස් ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වියයුතු යෝජනා සාකච්ඡා කළේය. ඒ වන විට මහ දිසාපති ධූරයෙන් සමුගෙන රජයේ ඉඩම් කොමසාරිස් ධුරය දරමින් සිටි සී.එල් වික‍්‍රමසිංහ මහතා මෙරට ඉඩම් ප‍්‍රතිපත්තිය ගැන විශේෂඥයෙකු විය. ඞී.එස්. සේනානායක මහතා සමග රජරට ගොවි ජනපද පිහිටුවීම සඳහා මුල්වී ක‍්‍රියාකළ සී.එල්. වික‍්‍රමසිංහ මහතා නිදහස් ලංකාවේ ඉඩම් ප‍්‍රතිපත්තිය මෙන්ම පාර්ලිමේන්තු ක‍්‍රමය කෙසේ සකස්විය යුතුද යන්න ගැන ඞී.එස්. සේනානායක මහතාට සිය යෝජනා ඉදිරිපත් කළේය. ඞී.එස්. සමග පැමිණි ලිපිකරුවා ඒ සියල්ල සටහන් කරගත්තේ ජාතික නිදහස් ව්‍යාපාරයේ සෙසු සාමාජිකයන් සමග ද සාකච්ඡා කොට සර් අයිවර් ජෙනිංග්ස් සකස් කරන අවසන් ව්‍යවස්ථා යෝජනා මාලාවට ඒවා ඇතුලත් කිරීමේ අරමුණිනි. ඞී.එස්. සේනානායක මහතා පමණක් නොව නිදහස් සටනේ සෙසු පතාක යෝධයෙක්වූ ඊ.ඩබ්. පෙරේරා - සී.ජේ. සමරවික‍්‍රම - ඞී.ආර්. විජයවර්ධන - සර් ඔලිවර් ගුණතිලක වැනි සෙසු නායකයෝද නිතර ලක්මහල් වෙත පැමිණ සී.එල්. වික‍්‍රමසිංහයන් සමග සාකච්ඡා කළෝය. ලක්මහල් මැදුරේ ගෘහපතියා අප කතානායක සී.එල් වික‍්‍රමසිංහයන් වුවද වික‍්‍රමසිංහවරු ගාල්ලේ සිට කුරුණෑගලට පැමිණ එතැනින් කොළඹ වාසයට පැමිණි බව ඉතිහාසය කියයි. සී.එල්. ගේ පියා ජේ.එච්. වික‍්‍රමසිංහ මහතාය. ඔහුට දරුවෝ 8 දෙනෙකි. සී.එල් ඉන් පස්වැන්නා විය. ඔහු ඉපැදුණේ 1890 වසරේ සැප්තැම්බරයේය. හෙතෙම මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ල රිච්මන්ඞ් විදුහලෙනි. අනතුරුව කොළඹ රාජකීය විදුහලේ ඉගැනුම ලැබීය. රාජකීය විදුහලේ දීප්තිමත් සිසුවකු ලෙස උසස් අධ්‍යාපනය ලබා ලංකා සිවිල් සේවාව සඳහා පැවැති තරග විභාගයෙන් සමත්ව සිවිල් සේවාවට ඇතුලත්වී ඇත්තේ 1912 දීය. ඒ වන විට සී.එල්. වික‍්‍රමසිංහයන් 22 වැනි වියේ පසුවිය. සිවිල් සේවකයකු ලෙස සී.එල් වික‍්‍රමසිංහට කැඩෙට් නිලධාරියකු ලෙස පළමු පත්වීම ලැබුණේ බදුල්ල කච්චේරියටය. බදුල්ලෙන් කොළඹට පැමිණි හෙතෙම 1919 වසරේ යාපනයට පත්වූයේ එහි මහේස්ත‍්‍රාත් ලෙසයි. එකල නිල උරුමයෙන්ම සිවිල් නිලධාරීන්ට මහේස්ත‍්‍රාත්වරුනගේ බලතල පැවරිනි. යාපනයට සී.එල්. වික‍්‍රමසිංහයන් ගියේ තනිකඩයකු ලෙස නොවේ. සිය තරුණ බිරිඳද කැටිවය. සී.එල්. විවාහ වූයේ ඔහු යාපනයට පත්වූ 1919 දීය. ඔහුගේ පි‍්‍රය බිරිය වූයේ කුරුණෑගල මුනමලේ පවුලේ එස්මි මුනමලේ ගුණවර්ධන මෙනවියයි. සී.එල්. වික‍්‍රමසිංහ යාපනයට ගියවිට ඔහුගේ කනිෂ්ඨ කෙඩෙට් නිලධරයා වූයේ ප‍්‍රථම ලාංකික පොලිස්පති ධුරයට පසු කාලයේ පත්වූ රිචඞ් අළුවිහාරේය. (පසුකල සර් රිචඞ් අළුවිහාරේ) යාපනයෙන් පසුව ගම්පහ මහේස්ත‍්‍රාත් කොළඹ උප දිසාපති මන්නාරම උප දිසාපති ආදී එකල සිවිල් සේවාවේ උසස් පදවි සී.එල්. වෙත පිරිනැමිණි. මේ වන විට වික‍්‍රමසිංහ පවුලට නව සාමාජිකයෝ ගණනාවක්ම එක්ව සිටියහ. ඒ සී.එල්. වික‍්‍රමසිංහ සහ එස්මි ගුණවර්ධන යුවලගේ දූ දරුවන්ය. එස්මන්ඞ් වික‍්‍රමසිංහ, තිස්ස වික‍්‍රමසිංහ, ලක්ෂ්මන් වික‍්‍රමසිංහ, මුක්තා වික‍්‍රමසිංහ ඒ දරුවෝ වූහ. මෙයින් එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතා පසුකල විවාහ වූයේ දිවංගත ඞී.ආර්. විජයවර්ධන මහතාගේ දියණියවූ නාලිනී විජයවර්ධන මෙනෙවිය සමගය. එස්මන්ඞ් නාලිනී යුවලගේ දූ පුතුන් අතර දෙවරක් මෙරට අගමැති පදවි දැරූ වත්මන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ දේශපාලන චරිතයකි. එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතාගේ සොයුරන්වූ තිස්ස විදේශගතව බොහෝ කලක් සේවය කළේය. ලක්ෂ්මන් වික‍්‍රමසිංහ මහා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්පර්ඞ් සරසවියට ගොස් උසස් අධ්‍යාපනය ලැබ ලංකා සභාවේ කුරුණෑගල රදගුරු පදවියට පත්විය. වික‍්‍රමසිංහ පවුලේ එකම දියණිය වූ මුක්තා උපන්නේ සී.එල්. වික‍්‍රමසිංහ මහතා මන්නාරම සහකාර ඒජන්ත ලෙස මුතුපරවල ආදායම් වියදම් පාලනය කළ කාලයේය. ඒ නිසා එකල තමන්ට ලැබුණ දියණියට මුතු යන අරුත ඇති මුක්තා යන නම ලැබිණි. මුක්තා විවාහවූයේ අද ලක්මහල් හි ගෘහ පතිත්වය දරන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයකු වන සෑම් විජේසිංහයන් සමගය. බොහෝ කලක් පාර්ලිමේන්තු මහ ලේකම් පදවිය දැරූ හෙතෙම දැන් විවෘත විශ්ව විද්‍යාලයේ කුලපති පදවියද හොබවයි. නවසිය විසිගණන් වන විට සී.එල් වික‍්‍රමසිංහයන්ගේ වෘත්තිමය ඉහළ නැගීම මහේස්ත‍්‍රාත් පදවි උපදිසාපති පදවි ඉක්මවා මහ දිසාපති පදවිය කරා යොමුවිය. ඔහුට ඒ වරම ලැබුණේ 1930 එනම් මෙයට වසර 82 කට පෙරදීය. එදා මෙරට පාලනය කළ දක්ෂ හපන්කම් ඇති සිවිල් සේවක සුද්දන් පරද්දන්නට තරම් වෘත්තිය කුසලතා ඇතිව සිටි සීඑල් වික‍්‍රමසිංහගේ සුද්දන් විසින්ම සබරගමුවේ මහදිසාපති ලෙස පත්කැරිණි. ඒ සමග නව වාර්තාවක් සිවිල් සේවා ඉතිහාස පොතට එක්විය. සීඑල් ප‍්‍රථම ලාංකික සිංහල මහ දිසාපතිවරයා විය. සිංහලයන්ට මේ රට පාලනයට හැකියාව ඇති බව සුද්දන්ට ඔප්පු කළේ මෙබඳු කෘතහස්ත රාජ්‍ය සේවකයන්ය. මෙයට පෙර ප‍්‍රථම ලාංකික සිවිල් සේවකයා ලෙස සර් පොන්නම්බලම් අරුණාචලම් ද ප‍්‍රථම ලාංකික සිංහල සිවිල් සේවකයා ලෙස සර් පී.ඊ.පී. දැරණියගලද පත්ව සිටියහ. නමුත් ඒ කිසිවකු මහඒජන්ත පදවියත් දරා නොතිබිණි. ඒ නිසා සී.එල් වික‍්‍රමසිංහයන්ගේ පත්වීම වාර්තාවකි. සුද්දන්ගේ කාලයේ ඒ ඒ දිසා පාලනය කළේ රටේ මහත්වරුන් හා දිසාවේලාය. සබරගමුවේ සිටියේ මඩුවන්වෙල දිසාවයි. මඩුවන්වෙල දිසාවලා සමග සබරගමුව පාලනය කළ මෙතුමාගේ දිසා පාලනයේ වඩාත් දීප්තිමත්ම යුගය අනුරාධපුරයේ සේවය කළ යුගයයි. සබරගමුවෙන් පසු ඔහු උතුරු මැද පළාතේ මහ දිසාපතිවරයා විය. ඒ සමග 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ ඞී.එස් සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය පදවියට පත්විය. රජරට ගොවිජනපද ගැන හා ගොවිතැන ගැන මෙන්ම ඉඩම් පරිහරණය ගැනද විශේෂඥ දැනුමක් තිබූ සී.එල්. වික‍්‍රමසිංහ මහතා අනුරාධපුර නව නගර ව්‍යාපෘතියේ මුල්යුගයේ මෙහෙයුම් කරුවා විය. ඒ සඳහා ඞී.එස් සේනානායක මහතාට ඔහු විශාල ලෙස උදව් කළේය. පසුව එදා මෙරට සිවිල් සේවයේ ඉහළම පදවිය වූ ඉඩම් කොමසාරිස් ධුරයට සී.එල්. වික‍්‍රමසිංහ මහතා පත් කැරිණි.ඔහු රජරට සේවය කළ කාලයේ ඞී.එස්. සේනානායක මහතා සිය ප‍්‍රථම ගොවිජනපදය වූ මින්නේරිය ව්‍යාපාරය ඇරැඹිය. එහි ආරම්භක අවස්ථාවට පවා සීඑල් වික‍්‍රමසිංහ මහතා එක්ව සිටියේය. රජරට ගොවි ජනතාවට ඉඩම් බෙදාදී ජනපද ඇතිකිරීමේ කටයුතු බොහොමයකදී සී.එල්. වික‍්‍රමසිංහ මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. එනිසා ඔහු ඞී.එස් සේනානායක මහතාට යෝධ ශක්තියක් විය. ඒ වික‍්‍රමසිංහ පරපුරේ මහගෙදර ලක්මහල්ය. 1932 දී පමණ පර්චස් 90 ක් සහිත ඉඩම මිලදීගෙන සීඑල් වික‍්‍රමසිංහ යුවල ලක්මහල් ගොඩනැංවූ බව සෑම් විජේසිංහ මහතා පවසයි. මෙහි ගෘහනිර්මාණ ශිල්පියා එකල ප‍්‍රකට ගෘහ නිර්මාණකරුවකු වූ බිල්මෝරියා මහතාය. 1937 ජනවාරියේ සී.එල් - එස්මි යුවල ලක්මහල්හි පදිංචියට පැමිණ ඇත. දැන් ලක්මහල් හි වයස අවුරුදු 75 කි. මෙම මැදුරට ලක්මහල් යන නම තැබුවේ ආචාර්ය ඇන්ඩ‍්‍රයස් නෙල් බව සෑම් විජේසිංහ මහතාගේ අදහසයි. වික‍්‍රමසිංහ විජයවර්ධන විජේසිංහ ආදී පෙළපත්වල පරම්පරා පහ හයක් මේ දක්වා නිවසේ සෙවන ලබා ඇත. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා ශාන් වික‍්‍රමසිංහ සොයුරෝද කෙටි කාලයක් ලක්මහල්හි ගතකර තිබේ. එදත් රනිල් ආච්චි ගෙන් පොත්පත් ඉල්ලාගෙන ඒවා කියවමින් කල්ගත කළ බව සෑම් විජේසිංහ මහතා කියයි. පසුකල කාර්මික ඉන්ජිනේරුවරයකු වූ රනිල්ගේ සොහොයුරු ශාන් වික‍්‍රමසිංහ මහතා කුඩා කාලයේ සිටම කාර්මික කටයුතු ගැන උනන්දුවූ බව පවසන විජේසිංහ මහතා කුඩා බැටරි කෑලිවලට වයර් සම්බන්ධ කොට විදුලිය නිපදවීමට ඔහු ළමා කල සිටම උත්සාහගත් බව කියයි. එසේම පුංචි සන්දියේ සිටම ඔහු වාහන පැදවීම ගැනද ආශා කළ බව සෑම් විජේසිංහ මහතාගේ මතකයයි. ලක්මහල් මෙරට දේශපාලනයේ යුග තුන හතරක් නියෝජනය කළ කෘතහස්ත දේශපාලඥයන් ආගිය තැනකි. ඇන්.ඇම්. කොල්වින් බර්නාඞ් ඒ අතරින් වාමාංශික දේශපාලනයේ පතාක යෝධයන්ය. අනෙක් සියළු පක්ෂවල ප‍්‍රභූන්ද ලක්මහල් වෙත ආගිය බව ප‍්‍රකට කරුණකි. වත්මන් රජයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයක් දරන මහාචාර්ය රජීව විජේසිංහ මහතා අදටත් සිය පියා සමග දිවි ගෙවන්නේ සිය පරපුරේ පැරණියන් විසූ ලක්මහල් නිවසේය. මෙහි අදත් දක්නට ලැබෙන ඉපැරණි ඡායාරූප අගනා පුස්තකාලය මෙන්ම පෞරාණික ගෘහ භාණ්ඩ අප ඒ අතීතය වෙත කැඳවාගෙන යන්නේ නිතැතිනි. මේ රටේ දේශපාලනයේ තීරණාත්මක තැන් සොයන ඔබට ලක්මහල් වෙතින් උගත හැකි දේ බොහෝය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප‍්‍රථම ලාංකික මහ දිසාපති නිවස. "ලක්මහල්"
එස්.රාජපක්ෂ Monday, 30 April 2012 02:26 AM
උසස් සිංහල ජාතියේ අය සැමවිටම උසස්