ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීම විවාදයකට තුඩු දී තිබේ. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 104,237ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ සිටීම එයට හේතුවයි. එකී නඩු තීන්දුවට එරෙහිව ජයසේකර මහතා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. එම ඇපෑල තවම උසාවිය හමුවේ විභාගයට ගෙන නැත.
මරණීය දණ්ඩනයට යටත්ව සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීති රෙගුලාසි හේතුවෙන් ප්‍රේමලාල් ජයසේකර මහතාට දිව්රුම් දිය නොහැකි බවට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ. එහෙත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට තිබෙන අයිතිය වැළැක්වීමට නීතිපතිවරයාට අයිතියක් නැති බවය. මේ අනුව ආණ්ඩුවත් නීතිපතිවරයාත් අතර මතවාදී ගැටුමක පෙරනිමිති පහළවෙමින් තිබේ.
මේ ගැටලුවේ ආරම්භය වූයේ පාර්ලිමේන්තුව කැඳවූ දිනයේදී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට නොකැඳවීම පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පිරිසක් කථානායකවරයාගෙන් කරන ලද විමසීමය. එහිදී කථානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණේ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට මීළඟ රැස්වීම් වාරයේදී කැඳවාගෙන එන ලෙසට ය. ඒ පිළිබඳව නීතිමය තත්ත්වය විමසා බලා කටයුතු කිරීමට තීරණය කර තිබූ බන්ධනාගාර අධිපතිවරයා අදාළ ගැටලුව අධිකරණ අමාත්‍යාංශයට යොමු කර තිබිණි. අමාත්‍යාංශය එය නීතිපතිට යොමුකිරීමෙන් පසුව තම මතය වශයෙන් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු කොට මරණීය දණ්ඩනයට යටත් කර ඇති බැවින් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුස්සකු වන බවය එහෙත් ආණ්ඩුව පවසන්නේ ජයසේකර මහතා ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට බාධාවක් නැති බවය.
රජය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය රටට ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන වාසුදේව නානායක්කාර මහතාය. ප්‍රේමලාල් ජයසේකර මහතා තම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති ඇපෑල විභාග කර අවසාන වනතුරු ඒ මහතා නිදොස් පුද්ගලයකු වන බැවින් ඔහු දිව්රුම් දීම පිළිබඳ තීන්දුව කථානායකවරයා විසින් ගත යුතු බවත් එය වැළැක්වීමට නීතිපතිවරයාට හැකියාවක් නැති බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබිණි. එහෙත් නීතිපතිවරයා තම අදහස දන්වා සිටීමේ දී කියා තිබුණේ අභියාචනය නිසා මරණ දඬුවම තාවකාලිකව නැවතුණත් වරදකරුවීම අත්හිටුවා නැති බවය. තත්ත්වය එසේ වුවද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ලබන 08 වැනිදා කැඳවාගෙන එන්නැයි කථානායකවරයා නියෝග කර තිබේ. මීට විරුද්ධ මතයක් රජයේ වෙනත් වගකිව යුතු අයගෙන් ප්‍රකාශ වී නැති හෙයින් මෙය රජයේ ස්ථාවරය බව අපට පිළිගැනීමට සිදුවෙයි.
ආණ්ඩුව දරන ස්ථාවරය එය නම් අධිකරණ අමාත්‍යාංශය මගින් අදාළ කාරණාව නීතිපතිවරයාට යොමුකිරීමේ තේරුම කුමක්දැයි යන ගැටලුව මතුවෙයි. නීතිපතිවරයා දරන මතයට ආණ්ඩුව එකඟ නොවන්නේ නම් නීතිපතිවරයාගේ අදහස් විමසීමේ කාර්යය නිෂ්ඵල ව්‍යායාමයකි. හැම ආණ්ඩුවක්ම කටයුතු කළේත් ඉදිරියේ කරනු ඇතැයි උපකල්පනය කරන්නේත් නීතිපතිවරයා තමන්ට අවශ්‍ය අදහස ප්‍රකාශ කළ විට එය පිළිගැනීමටත් තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම වළක්වන අදහසක් ප්‍රකාශ කළ විට එය නොපිළිගැනීමටත් බව මෙයින් පැහැදිලි වෙයි.
මෙයට සම්බන්ධ තව උදාහරණයක් පසුගිය යහපාලන රජය සමයේ අපට දැකගත හැකි විය. එවකට හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2017 වසරේ දී පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්බන්ධයෙන් නීතිපතිගේ මතය විමසුවේය. එහිදී කාරක සභා අවස්ථාවේදී පනත අවශ්‍ය පරිදි සංශෝධනය කළ හැකි බවට නීතිපතිවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කරමින් කථානායකවරයා එම සංශෝධන සිදුකිරීමට ඉඩ ලබා දුන්නේය. යහපාලන රජය කළේ දින නියමයකින් තොරව පළාත් සභා ඡන්දය කල් දැමීමට අවස්ථාව සැලසෙන පරිදි සංශෝධන ගණනාවක් එම පනතට ඔබා දැමීමය. මෙය අවශ්‍ය වෙලාවට කබරයා තලගොයා කර ගැනීමට දෙවැනි නැත.
කථානායකවරයා මෙහිදී කරන ප්‍රකාශය ද ඉතා වැදගත් වෙයි. ඔහු කියන්නේ මහමැතිවරණය සඳහා ප්‍රේමලාල් ජයසේකර මහතා නාමයෝජනා ලබාදුන් අවස්ථාවේ දී ඔහුට එරෙහිව කිසිවකු හෝ විරෝධයක් නොදැක්වූ බවත් ජයසේකර මහතාට ඡන්දය ලබා දී ඔහු පාර්ලිමේන්තුවට එවූ ලක්ෂයකට අධික මහජනතාවගේ පරමාධිපත්‍යය රැකදීමට තමා බැඳී සිටින බැවින් ලබන 08 වැනිදා ඔහු දිව්රුම් දීම සඳහා කැඳවන බවත්ය. ජනතාවගේ පරමාධිපත්‍යය රැකදීම සම්බන්ධයෙන් කථානායකවරයා දරන අදහස සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් පරමාධිපත්‍යය පිළිබඳ වගකීම තමන්ට වාසිදායක අවස්ථාවලදී පමණක් යොදාගැනීමට කටයුතු කළහොත් එය වැරදි බව කීමට ද අපි නොපැකිලෙමු.
මන්ත්‍රීවරයකුගේ දිව්රුම් දීම රජය සහ නීතිපති අතර ගැටුමක් බවට පත් නොවිය යුතුය. එවැනි ගැටුම් රටේ ජනතාව තුළ ඇතිකරන්නේ අප්‍රසන්න හැඟීමක් පමණි. මෙවැනි ගැටලු සඳහා අවශ්‍ය වන්නේ තාවකාලික ‘‘කේස් බයි කේස්’’ විසඳුම් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළු කරන තිරසාර වගන්තියක් හරහා ලැබෙන විසඳුමකි. වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතයන් වශයෙන් මෙවැනි බරපතළ අපරාධවලට ගෑවී සිටීමෙන් වැළකීම බවද ඒ සමඟ සිහිපත් කර දීමට කැමැත්තෙමු.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රේමලාල් මන්ත්‍රීගේ ගැටලුව අවුලකින් තොරව විසඳාගන්න
විජේ Friday, 04 September 2020 06:10 AM
හැංගිලා මිනී මරලා, මොකුත් නොවුණු ගානට පාර්ලිමේන්තුවේ සිටීම සහ නීතියෙන් මිනීමරුවෙක් කරපු කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටීම අතර ලොකු වෙනසක් නෑ. එකම දේ මෙයාගේ හත්මුතු පරම්පරාවටම ලැජ්ජාවක් නැතිකම විතරයි. පොහොට්ටුවේ මළගමදෝ යැයි සැකයි.
ABCSaturday, 05 September 2020 01:34 PM
නාමයෝජනා ලැබී ඇත්නම් ඡන්දය ලැබී ඇත්නම් අධිකරණයෙන් චෝදනා ලබා වරදකරුවකු වූ මිනීමරුවකු වුවද පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව කතානායකවරයාගේ නිගමනය වේ. පාර්ලිමේන්තුවට පත්වූ පසු මන්ත්‍රීවරයකු චෝදනාවලට අධිකරණයෙන් වරදකරුවකු කළහොත් ඔහුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව කතානායකවරයාගේ ප්‍රකාශයෙන් සපත වේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට පමණක් නොව අධිකරණයෙන් වරදකරුවකු කොට ජීවිතාන්තය දක්වා සිපිරිගෙදරට යවන ලද එක පුද්ගලයෙකු වෙනුවෙන් කතානායකවරයාගේ පෙනී සිටීම රටේ බහුතර ජනතාව අනුමත නොකරමු. මිලියන 2.2 කට වැඩි රටවැසියන්ගේ ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගාදමා එක පුද්ගලයකු වෙනුවෙන් කතානායකවරයා පෙනී සිටින්නේ නම් එය කණගාටුවට කරුණකි. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී සම්ප්‍රදායානුකූල නොවන ක්‍රියාවන් පාර්ලිමේන්තුවට ගෙන එ්මෙන් ලංකාවේ අනාගත පරපුර (පාසල් සිසුන්) වෙනුවෙන් රජය සහ කතානායකවරයා ලබාදෙන පණිවුඩය එතරම් හිතකර නොවේ.
sharm warn Friday, 04 September 2020 12:10 PM
එක රටක්... එක නීතියක්... කාටද මේක අදාළ? බදුගෙවන දුප්පත් මහජනතාවට විතරද?
vinividaSaturday, 05 September 2020 02:12 PM
පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කෙරෙන ආයතනය වුවත් එම ආයතනයෙන් සම්පාදනය කරන කොට අනුමත කරනු ලැබූ නීතිය අධිකරණයෙන් ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවන් හිදී නීති සම්පාදනය කෙරෙන ආයතනය වන පාර්ලිමේන්තුවේ නියෝජිතයින් ඔවුන් විසින්ම සම්මත කරනු ලැබුවා වූ නීතියට පරිභාහිරවගොස් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවානොතකමින් ක්‍රියා කිරීම ගැටළු සහගත වේ. පාර්ලිමේන්තුව සම්මත කරන්නා වූ නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාල වන්නේ නැතිද? පාර්ලිමේන්තුව ඉදිරිපිට මහපාරේ අධිකරණ විවේචනය කිරීමට වඩා පාර්ලිමේන්තුව තුළදී කතානායකවරයා පාර්ලිමේන්තු මුක්තින්ට මුවාවී පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරනලද නීතිය නැවීම හෝ කැඩීම කිරීම බරපතල වරදකි. රටේ මුර දේවතාවුන් යනුවෙන් ප්‍රකාශ කරන්නාවූ මහනායක ස්වාමීන් වහන්සේලා ඕනෑම අවස්ථාවක කියා සිටින්නේ රජය ඔවුන්ගෙන් උපදෙස් මත ක්‍රියාකළ යුතු බවකි. නීතියෙන් වරදකරුවන් කරනලද පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව මහනායක ස්වාමීන් වහන්සේලාගේ මතය කුමක්ද? ඔබවහන්සේලා නිහඬව සිටින්නේ සත්‍ය කතා කිරීමට ගොස් පැත්තට විසිවේද?
Rata Perata Saturday, 05 September 2020 06:57 AM
අධිකරණයට වංගු දාලා ආව නායකයින් ඉන්න රටක.., ඒ අයගේ ගෝලයින්ගෙන් මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද? අපේ රටේ අවාසනාව..
Bamunuarachchi Saturday, 05 September 2020 04:38 PM
මොකද මෙතන තිබෙන ගැටලුව..? අධිකරණය මෙයා මිනීමරුවෙක් හැටියට තීන්දුව දී හමාරයි. ඉහළ උසාවියකින් එම තීන්දුව නිශ්ප්‍රභා කරන තුරු මෙයා මරණීය දණ්ඩනයට නියම වූ කෙනෙක්. ‘නීතිය ඉෂ්ඨ වුණාට මදි. එය ඉෂ්ඨ වුණු බව පෙන්නන්න තියෙන්න ඕනේ. මෙයා නිදහස් වුණොත් ඝාතනය වූ මිනිසාට බලවත් අසාධාරණයක්..
Bamunuarachchi Saturday, 05 September 2020 04:39 PM
මෙයාට මනාපය දුන් පළාතට ඊළඟ සුනාමියෙන් එන්න ඕනේ..
Bamunuarachchi Saturday, 05 September 2020 04:43 PM
මෙයා වරදකරුවකු වී හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කරන තුරු මෙයා වරදකරුවෙක්.. මෙයා අභියාචනා කළ පළියට නිදොස් වෙන්නේ කාගේ නීතියටද?
Bamunuarachchi Saturday, 05 September 2020 04:47 PM
ඡන්ද ලැබුණා කියලා මිනීමරු චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මේක මාර ආණ්ඩු ක්‍රමයක්නේ.. මෙයා පාර්ලිමේන්තුවට ගියොත් පිටරට පුවත්පත්වල පලකරන්න තරම් වටිනා සිදුවීමක්.. මෙයා විතරද පාර්ලිමේන්තුවට ගතයුතු ප්ද්ගලයෙක් ඉන්නේ..?
Bamunuarachchi Saturday, 05 September 2020 04:49 PM
කතානායකත් මරු තමයි. නීතිය දැන්මම කරටියෙන්ම නැමෙනවා.
සිසිල් සුදේශ් Monday, 07 September 2020 02:53 AM
වෙන නීති ඕනැ නෑ. සර් ගෙන් අහලා කළා නම් එච්චරයි.