විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සම්බන්ධව විවිධ මති මනාන්තර මේ දිනවල සමාජයේ සාකච්ඡාවට බඳුන් වී තිබේ.
විශේෂයෙන්ම රටේ පළමු වන පුරවැසියා වන ජනාධිපතිතුමාගේත්, රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිතුමාගේත්, කටයුතු සම්බන්ධව වියහියදම්වල මිල මුදල් ගැන විගණනයකට ලක් කිරීම එම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමට යන වගක් කියවෙයි.
විගණන ක්‍රියාවන් සම්බන්ධව මෙවැනි කතිකාවක් සමාජය තුළ දෝලනය වන මොහොතක මෙවැනිම විගණන ක්‍රියාවලියක් පිළිබඳ මා මැනවින් දන්නා රසවත් සිද්ධික් මට සිහියට නැගේ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා රටේ තුන්වැනි පුරවැසියා ලෙස සැලකේ.
වර්ෂ 1978 සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට පත්වූයේ එවකට බේරුවල පළමු වැනි මහජන මන්ත්‍රීවරයා වශයෙන් වැඩි ඡන්දයෙන් තේරී පත්වී නියෝජ්‍ය කතානායක ධුරය හොබවමින් සිටි අධිනීතිඥ අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතාය. ඒ මහතා එකී නිලයට අදාළ ක්‍රියාදාමයන් ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කළ බව කවුරුත් දන්නා සත්‍යයකි. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් සියලුම පරිපාලන කටයුතු මැනවින් සංවිධානය කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එතෙක් මෙතෙක් විගණන කටයුත්තක් ගැන හෝඩුවාවක් දක්නට නොලැබුණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ ඌර්ණතාව පිළිබඳව ඉවෙන් මෙන් කතානායක අධිනීතිඥ බාකීර් මාකාර් මහතාට දැනුණි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා මේ ගැන විමසන්නට විය. එතුමන්ට දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තුවේ විය හියදම් ගැන රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික ගණන් පරීක්ෂාවක් සිදු නොවන බවය. තවදුරටත් කරුණු සොයා බැලීමේදී පාර්ලිමේන්තුවේ සියලුම විය හියදම් පරීක්ෂා කර වාර්ෂික ගණන් පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමේ වැදගත්කම එතුමාට පෙනී ගියේය.
පාර්ලිමේන්තුවට මුදල් අනුමත කරන සෑම ආයතනයක්ම, දෙපාර්තමේන්තුවක්ම වාර්ෂික විගණන පරීක්ෂාවකට ලක් වන්නේ නම් ඒ මුදල් සියල්ල අනුමත කරන පාර්ලිමේන්තුවේ ගණන් මිනුම් පරීක්ෂාවට ලක් නොකිරීම ප්‍රබල සාවද්‍ය ක්‍රියාවක් ලෙස සිතුවේය. වහාම රජයේ විගණකාධිපතිවරයා දුරකතනයෙන් අමතා, ඒ ගැන විමසා සිටියේය. ඉන් සෑහීමකට පත් නොවූ කතානායක අධිනීතිඥ බාකිර් මාකාර් මහතා ඔහු කැඳවීය. ස්වල්ප වේලාවකින් රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට පැමිණියේය.
සුපුරුදු ලෙන්ගතු සිනහවකින් විගණකාධිපතිවරයා පිළිගත් කතානායක බාකිර් මාකාර් මහතා. ‘‘පාර්ලිමේන්තුවේ මුදල් අනුමත කරන සෑම ආයතනයක්ම දෙපාර්තමේන්තුවක්ම ඔබ ගණන් පරීක්ෂා කටයුතු සිදු කරනවා. ඒක බොහොම වැදගත්. ඒත් ඒවාට වියහියදම් කරන්න මුදල් අනුමත කරන මේ පාර්ලිමේන්තුවේ විය හියදම් විගණන පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒ ඇයි? මේ පාර්ලිමේන්තුවේත් විගණන කටයුතු සිදු විය යුතු නොවේද?’’
විගණකාධිපතිවරයා: කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ස්වෛරී ස්වාධීන ආයතනයක්. ඒ නිසා අපට මේ පාර්ලිමේන්තුවේ ගණන් මිනුම් පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැහැ. පාර්ලිමේන්තුවේම කාර්ය මණ්ඩලය ගණන් පරීක්ෂා කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසයි අපි පාර්ලිමේන්තුවට විගණන කටයුතු සිදු නොකළේ.
කතානායක බාකිර් මාකාර් මහතා: ඔබට මේ මොහොතේ සිටම ඒ කටයුත්ත ආරම්භ කිරීමට කිසියම් වූ බාධාවක් අවහිරයක් ගැටලුවක් ප්‍රශ්නයක් හෙම තියෙනවද?
රජයේ විගණකාධිපතිවරයා: කතානායකතුමනි, අපට අද සිටම මේ මොහොතේ සිටම එය ආරම්භ කිරීමට පුළුවන්. කිසිම බාධාවක්, ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ සඳහා ඔබතුමාගේ නියෝගයක්, විධානයක් අපට රාජකාරි මට්ටමින් අවශ්‍ය වෙනවා.
කතානායක බාකිර් මාකාර් මහතා: ‘‘ඒ නියෝගය – ඔබ ඉල්ලන ඒ විධානය මම මේ මොහොතේම ඔබට ලබා දෙනවා. රජයේ අනෙකුත් ආයතන දෙපාර්තමේන්තු වාගේම මේ පාර්ලිමේන්තුවේත් විය හියදම් ගැන වාර්ෂික විගණන පරීක්ෂණ කටයුතු හොඳින් සිදු කරන්න.’’
ඒ මොහොතේම අවශ්‍ය නියෝගය විධානය – පිළියෙළ කොට එතුමාගේම අත්සනින් රජයේ විගණකාධිපතිවරයා වෙත නිකුත් කළේය.
පාර්ලිමේන්තුවේ මෙන්ම කතානායකවරයාගේත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේත් ගෞරවය ආරක්ෂා වීමට එය හේතුවක් විය. එදින සිට මේ දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු වියහියදම් රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික ගණන් පරීක්ෂාවට ලක්වේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ පළවෙනි පුරවැසියා වන ජනාධිපතිවරයාගේත්, දෙවැනි පුරවැසියා වන අගමැතිවරයාගේත් වියහියදම් සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්ෂික පරීක්ෂාව ඉවත් කිරීමට සාකච්ඡා වන කාල වකවානුවකි මේ.
රජයේ විගණකාධිපතිවරයා තමන් වෙත කැඳවා තමන්ගේ හා තමන් පාලනයේ පවතින පාර්ලිමේන්තුවේ වියහියදම් ගැන විගණනය නොකරන්නේ මන්දැයි විමසා, ඊට අවශ්‍ය නියෝග විධිවිධාන ඒ මොහොතේම ලබාදී විගණන කටයුතු සිදු කර ගත් එවකට රටේ තුන්වැනි පුරවැසියා වන කතානායක ධුරය හෙබ වූ අධිනීතිඥ අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා මතකයට හා ආදර්ශයට ගත යුතු යුගයකි මේ.
(***)
හේරස් ප්‍රනාන්දු
කොළඹ රාජකීය විද්‍යාලයේ (හිටපු)
නියෝජ්‍ය විදුහල්පති.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව විගණන කරන්න ඉල්ලූ කතානායක
Champa Wednesday, 16 September 2020 01:50 PM
මේ අවුරුද්දේ තිබ්බ මහ මැතිවරණ වියදම විගණනයට ලක් විය යුතුයි. ඒ මොකද කිව්වා නම්, තවත් මහා වියදමක්, ඒ කියන්නේ තව බිලියන් 10ක වියදමක් එන්න තියෙනවා. 20 සම්මත වුනොත්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවන්න බලය ලැබෙනවා. ඔහු අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුව විසිරුවලා ඔහුගේ පිරිසක් පාර්ලිමේන්තු ගෙනැල්ල දිගටම බලයේ ඉන්නවා. ඔහුගෙන් පස්සේ බලය දෙන්නෙත් හමුදා නිලධාරියෙකුට. 20 සම්මත වුණාට පස්සේ නව ව්‍යවස්ථාවක් කවදාවත් ගේන්නේ නැහැ. මැකෝ ඉන්නකම් අලුත් ව්‍යවස්ථා ඉල්ලන කවුරුවත් පාර්ලිමේන්තු එන්නෙත් නැහැ.