(හේමලතා ඞී හේවගේ)
දුටුගැමුණු රජතුමා විසින් කළ අවසන් සටනට ජය පතා ගෝඨයිම්බර යෝධයා විසින් පන්නල - හිඹුඩාව කෝවිල්කන්ද භූමියේ කොටසක දෙවියන්ට වූ බාරය ඉෂ්ඨ කිරීම සඳහා ඉදිකරනු ලැබූ බවට ජනප‍්‍රවාදයේ සඳහන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නටඹුන් රැසක් වල් බිහිවී විනාශ වන්නට පටන් ගෙන ඇති බව ඓතිහාසික කෝවිල්කන්ද පුරාවස්තු භූමිය සුරකීමේ ව්‍යාපාරය පවසයි.
මෙම කෝවිල්කන්ද භූමිය කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තඹකන්ද අංක 1605 දරණ ග‍්‍රාම සේවා වසමට අයත් හිඹුඩාව නැමති ග‍්‍රාමයේ පිහිටා තිබේ.
ප‍්‍රදේශයේ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් මෙම කෝවිල් කන්ද පුරාවස්තු භූමිය සුරැකීමේ ව්‍යාපාරය ජනතාවගේ ද සහයෝගයෙන් අවස්ථා කිහිපයකදීම දේශපාලන අධිකරියෙන් සහ අදාළ අංශ වලින් භූමිය පුරාවිද්‍යා සංරක්ෂණයක් සිදුකර දෙන ලෙස ඉල්ලීම් කර ඇත.
එහි ප‍්‍රතිළුලයක් ලෙස 2014 මැයි 27 දා පුරාවිද්‍යා නිළධාරීන් පැමිණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත්දැයි සොයා ඒ පිළීබඳව ගවේශණය කර ඔවුන් සිදුකළ ස්ථානීය පරික්ෂාවන් කිහිපයකින් පසු අක්කර 37 ක් පමණ විශාල කෝවිල්කන්ද භූමියේ දකුණුපස පෙදෙස කොටසක පුරාවිද්‍යාත්මක නටඹුන් විසිරී පවතින බවට වර්තාවක් ද නිකුත් කර ඇති බවද සඳහන් වේ.
පෞද්ගලික හිමිකරුවකුට අයත් බව කියන පොල් වගාවක් සතු මෙම භූමියේ කොටසක් පුරාවිද්‍යා මායිම් කණු යොදා ආරක්ෂාව සලසා ආරක්ෂක ස්මාරකයක් ලෙස ලියාපදිංචි කිරීමට එවකට සිටි පුරාවිද්‍යා බලධාරීන් කටයුතු කරන බව පැවසුවත් මෙය ආරක්ෂාකර ගැනීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවත් කෝවිල්කන්ද පුරාවස්තු භූමිය සුරකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ආනන්ද කරුණාරත්න මහතා කීය.
මෙම ඉපැරැණි කොවිල් කන්ද භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා 2014 පෙබරවාරි 10 සිට ආදාළ වගකිව යුතු අංශ ජන අත්සන් හා ලේබන සහිතව දැනුවත් කළ බව කියන දික්වෙල ශ්‍රී විශුද්ධාරාම විහාරාධිපති කළුගල ධමමසිරි හිමියන් අප සමඟ කොවිල්කන්ද භූමිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.
2014 පෙබරවාරි 17 දා සිට පුරාවිද්‍යා නිළධාරීන් කණ්ඩායම් කිහිපයක් තුන්හතර වතාවක් වරින් වර පැමිණ ඔය කෝවිල්කන්ද භූමියේ පරීක්ෂණ කටයුතු සිදුකළා. නමුත් දැන් වසර පහක පමණ කාලයක් ගතවෙලත් එය ආරක්ෂා කරගන්න කිසිදු සංරක්ෂණ වැඩපිළිවෙළක් මේ දක්වා ක‍්‍රියාත්මක කරලා නැහැ. ඒ අදාළ ප්‍රදේශයේ දැඩි ලෙස මේ වන විට වල් බිහිවීමත් සමඟ එම භූමියේ පවතින අතීත උරුයන් ලෙස සැළකෙන නටඹුන් විනාශ වෙන්න ඉඩ හැර තියෙනවා.
ජනප‍්‍රවාදයේ සඳහන් වන විදිහට ගෝඨයිම්බර යෝධයා විසින් ඉදිකළ බව කියන ඉපැරණි චෛත්‍යක් බවට අනුමාන කළ හැකි නටඹුන් රැසක් ඒ අසල තියෙනවා. පාදංගල, අනුරාධපුර යුගයේ උළුකැට, වලං කැබලි ඇතුළු නටඹුන් විශාල ප‍්‍රමාණයක් ඔය භූමියේ තිබුණු බවට සාධක තියෙනවා.
නමුත් නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට හසුවීමත් සමඟ මේ වන විට ඒවා කොතරම් ප‍්‍රමාණයක් දැකබලාගන්න තියෙනවද යන්න පිළිබඳව ගැටලුවක්. ඔතන තියෙන බෝධීන් වහන්සේ ළඟ මීට වසර කිහිපයකට පෙර බෝධිපූජා පැවැත්තුවා. එයට පිංවතුන් විශාල පිරිසක් ඒ කාලේ සහභාගී වූණා. ඒකට විවිධ බලපෑම් ආපු නිසා නවත්වන්න සිද්ධවූණා. දැන් එතනට අනවසරෙයෙන් ඇතුළුවීම තහනම් කියලා දැන්වීමකුත් දාලා තියෙනවා.
අපි ප‍්‍රදේශයේ මහා සංඝරත්නය වශයෙන් කියන්නේ මේ පිටිගල් කෝරලයේ පිහිටි ඓතිහාසික කෝවිල්කන්ද පුරාවස්තු භූමිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න නිසි වැඩපිළිවෙළක් කඩිනමින් යොදවන්න කියලයි. නැතිනම් මේ අප්‍රකට ජාතික උරුමයන් විනාශවෙලා යනවා.
කෝවිල්කන්ද පුරාවිද්‍යා භූමියෙහි සිදුකර ඇතැයි කියන ස්ථාන පරීක්ෂණ සම්බන්ධව වයඹ පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ගුණතිලක බණ්ඩා මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු මෙසේ කීය.
ඔය පුරාවස්තු කොටස් තියෙන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හිඹුඩාව කියන ප‍්‍රදේශයේ පෞද්ගලික හිමිකරුවකුට අයත් කෝවිල්කන්ද කියන ඉඩමක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අවස්ථා කිහිපයදීම ඒ භූමියේ පරීක්ෂා කළා. සීමා මායිම් ලකුණු කරලා මූලක වැඩකටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. ඉඩම් හිමියත් ඔය පුරාවස්තු විසිරිලා තිබෙන ඉඩම් කොටස පමණක් අපිට ලබාදෙන්න කැමැත්ත පළ කළා. එතන අපි පුරාවිද්‍යා ස්මාරයක් ඉදිකරන්න කටයුතු කරනවා. ඒක කඩිනමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
නමුත් ඉදිරි කාලයේ දී අපි ඒ ස්මාරකය ඉදිකරනවා. ප‍්‍රදේශයේ මුල් පුරවැසියා වන පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසූවේ මෙවන් අදහසකි.
කෝවිල්කන්ද භූමියේ ඇතැයි කියන පුරාවිද්‍යා කොටස් සංරක්ෂණය කිරීම ඉතා වැදගත්. මොකද අපේ අනාගත පරම්පරාවට ඔය ස්ථාන බලන්න ඒවා පිළිබඳව ගවේශණය කරන්න තියෙන්න ඕනෑ. ප‍්‍රාදේශීය ලේකම් හැටියට දෙන්න පුළුවන් සහයෝගය ලබාදෙනවා. ඔය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට.
මෙම කෝවිල්කන්ද පුරාවස්තු භූමිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හිඹුඩාව ශ්‍රී ගංගාරාම විහාරස්ථ විහාරවාසී කරදගොල්ලේ සුමණරතන හිමියන්ගේද මැදිහත්වීමෙන් ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ කතෝලික පූජකතුමන්ලාගේ හා ප‍්‍රදේශවාසී ජනතාවගේ සහයෝගයෙන් ඉදිරියට කටයුතු කරන බව කෝවිල්කන්ද පුරාවස්තු භූමිය සුරකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ආනන්ද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුරාවස්තු සහිත කෝවිලකන්ද භූමිය විනාශ මුඛයේ
Karunasena Tuesday, 13 August 2019 10:17 AM
කඩිනම් පියවර ගත යුතු කාර්යයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවසානයේ පිහිටා ඇති මෙම ස්ථානය පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික් මායිමේ තියෙන්නේ. ප්‍රදේශවාසින් කාලයක් පුරා මෙය සාර්ථක කර ගැනීමට පෙරුම්පුරමින් සිටියේ. බලධාරීන්ගේ සවන් කඩිනමින් යොමු වේවා