IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ප්‍රශ්න විසඳා රට හදන මාර්ගය

තවත් වසරකට අපි පා තබා සිටින්නෙමු. නිදහසින් පසු කාලයේ අප අලු‍ත් අවුරුදු උදාවීම් මල් වෙඩි ගසමින් කීයක් විධියට පිළිගත්තා ද? අලු‍ත් දේවල් කීයක් නම් කිරීමට අදිටන් කරගත්තා ද? එහෙත් අවංකවම කල්පනා කර බැලු‍වහොත් අප මේ අදිටනේ දී සාර්ථක වූ බවක් නොපෙනේ. අපගේ නිදහසින් පසු ඉතිහාසය තුළ අපි අලු‍ත් ලෙස ක්‍රියාත්මක වීමට තිබූ අවස්ථා සියල්ලම පාහේ නැති කර ගත්තෙමු.

1970 සිරිමා බණ්ඩාරණායක අලු‍ත් චින්තනයක් සමග රට ගොඩ නැගීමට පටන් ගත්තා ය. සෑම අලු‍ත් වැඩකම තිබෙන අභියෝගය පසක් කරමින් යම් යම් කැපකිරීම් කළ යුතු අවස්ථා එහි දී අපට මුහුණට මුහුණ හමුවිය. රටේ දේශීය ආර්ථිකය, විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය මූලික කරගත් එම අවස්ථාවට අපට මුහුණ දීමට නොහැකි විය. පිටරටින් සියල්ල ගෙනැවිත් ලාභයට ගන්නා අදහසින් අපි සිරිමා පරාජය කළෙමු. එම තීරණයෙහි ප්‍රතිඵල ලෙස සිදු වූයේ අපට ආර්ථිකය පමණක් අහිමි වීම නොව, ඒ වන විට යාන්තමින් නැගෙමින් තිබූ උතුරේ කැරැල්ල, අලු‍ත් වටයකින් ශක්තිමත්ව නැගී සිටිය හැකි වන පරිසරය ද නිර්මාණය වීමෙනි. ඒ ලංකා ඉතිහාසයේ ලජ්ජා සහගතම කළු පැල්ලම වන කළු ජූලිය නිසා ය. ප්‍රභාකරන්නට අවශ්‍ය වූ දෙය අපි ඔහුට ලබා දුනිමු.

කාලය ගෙවී යත්ම දකුණේ මාර්ක්ස්වාදී කැරැල්ල නැවත එන්නේ උතුරද ඇවිළෙමින් තිබූ අවදියක ය. විරැකියාවෙන්  ඇති වූ අපේක්ෂා භංගත්වයට පත් සිංහල තරුණයන්  ත්‍රස්තවාදය වෙත කැඳවීමට රෝහණ විජේවීර කටයුතු කළේ ය. විජේවීරට අවශ්‍ය වූ සාටෝපී, බරක් නැති කෙළලොල් නාස්තිකාර පරිසරය සිරිමා පරාජය කිරීමෙන් ඔහු අත්පත් කරගත්තේ ය. සිරිමා බණ්ඩාරනායක පරාජය කිරීමට විජේවීර ද බෙහෙවින් දායක විය. මන්ද ඔහු කල්පනා කළේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය වී තරුණයන් අත මුදල් ගැවසීමට ගතහොත් ඔහුගේ කැරැල්ල සාර්ථක කරගත නොහැකි බවයි. ජවිපෙය වැනි පක්ෂ ඉතිහාසය තුළ නිරන්තරව උත්සාහ කළේ ප්‍රශ්න ඔඩු දිවීමට අවශ්‍ය පසුබිම සැකසීමට ය. ඒවා විසඳන තැනට ගෙන ඒමට නොවේ. මන්ද ඔවුන්ගේ දේශපාලනය වලංගු වන්නේ අර්බුදය තුළ බව ඔවුන් මනාව දන්නා නිසාය.  

2008 වසරේ උතුරේ යුද්ධය තීරණාත්මක තැනකට පැමිණ තිබූ අවස්ථාවේ රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය පරාජය කිරීමට ජවිපෙ කටයුතු කරන්නේ ද ඉහත අරමුණින් ය. එදා අයවැය පරාජය වූයේ නම් ආණ්ඩුව කඩා වැටෙන අතර, දේශපාලන ගැටුම් මත මානුෂීය මෙහෙයුම නතර වන්නේ ය. ඉන් උදාවන අවස්ථාව ප්‍රභාකරන්නට නැවත සංවිධානය වීම සඳහා මෙන්ම අන්තර්ජාතික බලපෑම තීව්‍ර කිරීම සඳහා ද ස්වර්ණමය අවස්ථාවක් වේ. මෙරට පෙර පිනකට එවක රාජපක්ෂ ආණ්ඩුව එජාපයෙන් 17 දෙනකු ගෙන ආණ්ඩුව බේරාගන්නේ ය.

විනාශකාරී ජවිපෙ කැරැල්ලෙන් පසු රට ගැන අලු‍ත් බලාපොරොත්තුවක් ඇති වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරයට පත්වන 1994 වසරේ ය. කොතරම් බලාපොරොත්තු සහගත වුවද ඇයගේ කුසීත පාලනය තුළ රට තිබුණ තැනින්ද පහළ යන්නේ ය. උතුරේ යුද්ධය උත්සන්න වන අතර දකුණේ ආර්ථික මර්මස්ථාන ත්‍රස්ත ඉලක්ක බවට පත් වේ. ආර්ථිකය ඍණ වේ. එහි ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපති ධුරය ඇය දරන අතරම, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් පක්ෂයකින් තේරී පත්වේ. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අතර උතුරේ ත්‍රස්තවාදය විසඳීම ඇතුළු විවිධ ගැටලු පිළිබඳ ඇති වූ වෙනස්කම් මත දේශපාලන ගැටුම් හටගන්නා අතර, අගමැති වික්‍රමසිංහ විසින් නොර්වේ රටේ මැදිහත් වීම මත කොටි සංවිධානය සමග සාම ගිවිසුමකට එළඹේ. ලංකාවේ ආරක්ෂක හමුදා බැරැක්කවලට කොටු කළ එම ගිවිසුම හරහා රට දෙකට බෙදෙන ඔන්න මෙන්න තැනකට පත්විය. උතුරේ පවත්නේ වෙනම රාජ්‍යකි යන්න තැනට ජන විඥානය සකස් විය. අපගේ උරුමය නියත වශයෙන් ම එම තත්ත්වය ප්‍රශ්න කොට බාර ගැනීම වැනි හැඟීමක් අප තුළ ඇති විය.

එවන් අසීරු හා අපේක්ෂා විරහිත තත්ත්වයක රට තිබෙන අවස්ථාවකයි 2005 වසරේ මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති ධුරයට පත්වන්නේ. සියල්ලගෙන් ම හෙම්බත්ව සිටි ජනතාව ඔහුගෙන් විශාල දේවල් ඉල්ලා සිටියේ නැත. එකම ඉල්ලීම වූයේ තමන්ට කෙසේ හෝ සාමය උදාකර දෙන ලෙස ය. ජනාධිපති ධුරයට පත් වූව ද තමන්ට ද රට ඉල්ලා සිටින දේ ඉටු කිරීම ගැන විසල් අපේක්ෂා නොතිබෙන්නට ඇත. එහෙත් එක් සුවිශේෂී දෙයක් මේ පාලනය තුළ සිදුවිය. ඒ රටේ ජනතාවගේ ජන විඥානය හා පාලක පන්තියේ ජනවිඥානය අන් කවදාකටත් වඩා එකිනෙකට ගැළපීම ය. එම ආණ්ඩුවට තමන් කාර්ය කිරීමට වැඩිපුරම බලපෑ කාරණය එය විය හැකි ය. ඒ අනුව, පාලක හා පාලිත පන්තිය එකම අරමුණක ගමන් කරමින් තිස් වසරක ත්‍රස්තවාදී කැරැල්ල සම්පූර්ණයෙන් අවසන් කොට රටට සාමය උදාකිරීමට සමත් විය.

මහින්දගේ වසර නමය මෙරට යුගපරිවර්තනීය වෙනසක් කළ කාලයකි. ඒ කිසිවකුට කළ නොහැකි වූ ත්‍රස්තවාදය අතුගා දැමීම නිසා පමණක් නොවේ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත් පිම්ම නිසා ය. මහින්ද එන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 24ක් වූ අතර මහින්ද එය බිලිය 79 දක්වා ඉහළට ගෙන ආවේ ය. එම වැඩිවීම ජන ජීවිතවල සිට සමාජයේ සෑම අංශයකට කැපී පෙනෙන ලෙස පිළිබිඹු විය. වෙනදා සතියකට එක මාළු කෑල්ලක් කෑ ජනයා සතියට දෙතුන් වරක් එසේ කළේ ය. එක විෂයකට පමණක් අමතර පන්ති ගිය දරුවා විෂයන් තුන හතරකට ගියේ ය. එක රෝදයක් හෝ නොතිබුණු ගෙදරට රෝද දෙකක්ද, දෙකක් තිබුණු ගෙදරට රෝද 4ක්ද එකතු විය. ගම් නියම් ගම් පුරා ආලෝක බල්බ දැල්වුණු අතර, ඊට සරිලන විදුලි ජනන බලාගාර ද රටපුරා බිහි විය. මාර්ග, පාලම් සැදී රට තනියායට සම්බන්ධ වූයේ බලාසිටිය දී ය.

කුමක්දෝ කරුමයකට අපට 2015 දී “වෙනසක්” අවශ්‍ය වන්නේ මේ අතරතුර ය. වසර 9ක් පුරා සියලු‍ දෙනා එකතු ව ගොඩ නැගූ රටේ ආර්ථිකය නැවත වරක් ආපස්සට යන්නේ අප සියලු‍ දෙනාගේ ඇස් ඉදිරිපිටය. 2015 වසරේ සියයට 6ක වර්ධනය ක්‍රමයෙන් අඩු වී ගොස් 2019 වන විට සියයට 2 දක්වා පහත වැටී තිබුණි. සියයට71කට අඩු කර තිබූ රටේ ණයබරතාව නැවත වරක් සියයට 89ට වැඩි වී තිබුණි. මේ සියල්ල මැද ඉහත දුර්වල ආර්ථික කළමානාකරණයෙන් මිදීම සඳහා ගත් ඩොලර් බිලියන 13ක විදේශ බැඳුම්කර ණය රට යළි ගොඩගත නොහැකි තැනකට ඇද දමා තිබුණි.

2019 ගෝඨාභය රාජපක්ෂ පත් වන්නේ මේ පසුබිම තුළ ය. බොහෝ දෙනා අද මුවහමට සේ තලන ගෝඨාභය බදු බර අඩු කරන්නේ ඉහත දුර්වල පසුබිම තුළ අන් මගත් නොතිබූ නිසා ය. ජනතාව අත මුදල් රැඳවීමට අවස්ථාව ලබා දෙමින් ඒ ඔස්සේ වියදම් හා ආයෝජන ඉහළ නංවා පෙරළා ඒ ලබන ආදායමෙන් බදු අයකර ගැනීම ආර්ථික විද්‍යාවේ පිළිගත් සිද්ධාන්තයකි. එහෙත් එම තත්ත්වය විකෘති වූයේ බදු සහන ලබාදී තෙමසක් ගත වන විට කෝවිඩ් වසංගතය මගින් ලංකාව හා ලෝකය වෙළා ගැනීමත් සමගම ය. ඉන්පසු එම ආණ්ඩුවේ අරමුණ වූයේ ජීවිත බේරා ගැනීම බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත ඉතිහාසය හා එහි විවිධ ප්‍රවණතා පිළිබඳ නැවත අප තක්සේරුවකට ආවේ අපට ඉන් ඉගෙන ගැනීමට මහත් පාඩම් තිබෙන බව පෙන්වා දීමට ය. අපගේ අරමුණු ඉටු වූ තැන්ද අපගේ අරමුණු අහිමි වූ තැන්ද එහි තිබේ. ජනතාවක් ලෙස හරිගිය තැන්ද වැරදුන තැන්ද තිබේ. මේ පාඩම අනුව අපට අපගේ අනාගතය සැලසුම් කළ හැකි ය. දහසක් කතාවලට වඩා වටනේ එකදු හෝ ක්‍රියාවකි. අප දිගින් දිගටම අසමත් වී තිබෙන්නේ ආර්ථිකමය තීන්දු අතින් බව ඉහත සාරාංශයෙන් පෙනේ. ඒ සිරිමා බණ්ඩාරනාකගේ සාධකයෙන් ද, මහින්ද රාජපක්ෂ සාධකයෙන් ද මනාව පෙනී යයි. මේ ආණ්ඩු දෙකටම රට වෙනුවෙන් මනා සැලසුමක් හා වැඩ පිළිවෙළක් තිබුණ ද ජනතාව එය එක්තරා අවස්ථාවක අතහරින්නේ ය. ඉන් සිදු වූයේ යළි පිරිමසා ගත නොහැකි වැරදි දාමයකි. රට තිබුණ තැනින් ආපස්සට යෑමකි. අප මෙය පාඩමක් කරගත යුතු ය.

මේ රට ගොඩගත හැකි ය. ඒ කෙටි මාර්ග නොසොයා, සීනිබෝලවලට නොරැවටී නිෂ්පාදනය මූලික කරගත් වැඩ පිළිවෙළක් ඔස්සේ යමිනි. අපගේ වර්තමාන වෙ​ෙළඳ අපනයන ආදායම ඩොලර් බිලියන 13කි. එහෙත් අපගේ ආනයන වියදම ඩොලර් බිලියන 22කි. තත්ත්වය පැහැදිලි ය. ඩොලර් ගිලින්නේ අපම බව පැහැදිලි ය. ආනයන-අපනයන පරතරය ඩොලර් බිලියන 9ක් වීම තුළ රටක් ඉදිරියට යන්නේ නැත. මේ අති විශාල පරතරය පිරි නොමසා කිසිවක් ම කළ නොහැකි ය. ඒ සඳහා කෘෂි, සේවා හා කර්මාන්ත අංශයේ විශාල පිම්මක් නැවත ගත යුතු වේ. අපට එය කළ හැකි ය. මේ මෑත දී ද අපි එය කර පෙන්වා දුන්නෙමු. 2019 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූවද වසංගතය තුළ පවා එය බිලියන 12.5 කර ගැනීමට 2022 දී අපට හැකි විය. වැටුණු රට හැම අතින් ම අභියෝග මැද වුව ගොඩනැගෙමින් තිබෙන විට දේශපාලන අරගල විත් අප නැවත තිබූ තැනටද වඩා පහළ ඇද දැමූයේ ඒ අතරතුර ය. 

එසේ නම් නිශ්චිත හා ඉලක්කගත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඔස්සේ රටේ මූලික ම ආර්ථික ප්‍රශ්න විසඳා ගෙන මේ රට නැවත නොවැටෙන උඩකින් තැබීමට අවශ්‍ය අධිෂ්ඨානය මේ නව වසරේ අපි අපටම ප්‍රාර්ථනා කර ගනිමු!

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (2)

ප්‍රශ්න විසඳා රට හදන මාර්ගය

CC Wednesday, 10 January 2024 11:31 AM

මේ ඇදුරුතුමන්ට මේ රටේ වසර ගණනාවක ඉතිහාසයක සිට සිදුව ඇති විපත හරි හැටි වැටහී නොමැත.. පැන නැගී ඇති ගැටළු අර්බුද වෙනත් හේතු මත ඇතිවූවා පෙන්නුවාට. මේ රටට ඉවක්, බවක්, සැලසුමක්, අවබෝධයක් නොමැතිව 1977 දී ඇමරිකාවට පක්ෂපාති වී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා රටට ඕනෑ අවශ්‍ය දේ, අනවශ්‍ය දේ ඉවක් බවක් නොමැතිව ගෙනැවිත් තමන්ට හිතවත් දූෂිත ව්‍යාපාරිකයින්ට හොඳහැටි හම්බ කරගන්නත්, ඔවුන්ට ආදායම් ලබාගන්නත් මැතිවරණවලට සහයෝගය ගන්නත් කටයුතු කළා... අපේ රටේ හුස්ම වන් විදේශ සම්පත් විනාශ මුඛයට ගියා දේශීය නිෂ්පාදකයා අනාථ වුණා. උතුරේ දේශීය ගොවි නිෂ්පාදන විකුණා ගන්න බැරිවුණා.. ත්‍රස්තවාදය ඇතිවුණා.. රටට විරුද්ධව රුසියන් කඳවුරේ හිටපු ඉන්දියාව ඔවුන්ට උදව්කළා. ආයුධ දුන්නා.. පහසුකම් දුන්නා... ඉතිං මේ මජර දේශපාලුවෝ ජාතිවාදය අවුස්සමින් අපට කෙලෙව්වා. ඊට පස්සේ රටේ ආදායම් ව්‍යාප්තිය අසමතුලිත වුණා... හොර ව්‍යාපාරික පංතිය හා ආදායම් අඩු පීඩිත පන්තිය රටේ සහනාධාරවලට ලොල්වෙලා දේශපාලකයින් පසුපස ගියා. ඒක ඉල්ලං කෑමේ සංස්කෘතිය ඇතිවුණා. මෙලෙස බලයගත්තු සෑම දේශපාලකයෙකුම ඉහළ සිට පහළට හොරා කෑවා.. කොන්ත්‍රාත්වලින් ගසාකෑවා.

:       0       2

chandima Friday, 12 January 2024 11:52 PM

යනපාර කියලා දෙන්න නම් කට්ටිය එමටයි. ඒත් යන කෙනෙක් නැති එකනේ කරුමේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 298 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 111 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 218 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 897 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site