IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පිලගොඩ මිටියාවතේ ජල බිඳුවත් නලයෙන් අදී

ගිං ගඟ නිම්නයේ පිහිටි බද්දේගම  පිලගොඩ මිටියාවත අති රමණීය භූමි භාගයකි. පහතරටට පැමිණි මුල්ම බ්‍රිතාන්‍ය ජාතික වැවිලි කරුවන් අතරින් එක් අයෙක් වන ජෝර්ජ් වින්ටර් සිය වැවිලි කර්මාන්තය සදහා  පිල‍ගොඩ මිටියාවත තෝරා ගත්තේය.

මේ ඉතිහාස කථාව 19 වන ශතවර්ෂයේ අග භාගය දක්වා දිවෙයි. ඔහු අක්කර 999 කින් යුත් පිලගොඩ වත්තේ උක් වගාව ආරම්භ කළේය. ඒ සමගම එහි සිය වාස භවනය සඳහා නිවසක් ද ඉදිකිරීම ආරම්භ කළේය.  එහෙත් ඔහු එහි වැඩ නිම නොකරම අත හැර දැම්මේය. ඒ 1898  දීය.

පසුකාලිනව ඔහුගේ මුණුබුරෙකු වන ඇල්ෆ්‍රඩ් විලියම් වින්ටර් විසින් 1904 දී එහි පදිංචි වී සි‍ටිමින්ම එම නිවස ඉදිකර අවසන් කළේය. එය බකිංහැම් මාලිගයේ අනුරුවක් අනුව ඉදිකිරීම හේතුවෙන් වින්ටර් පවුලට රජ පවුලෙන් නඩුවක් පවරා තිබු බව ද ඉතිහාසයේ කියැවේ.

කෙසේ වෙතත් වින්ටර් පවුලේ සාමාජිකයන් අත තිබු පිලගොඩ වත්ත වින්ටර් පවුලෙන් අතහැරුණේ 1972 න් පසුවය. අතහැර දමන කාලය වනවිට වතුයායට තේ කම්හලක් හා රබර් කම්හලක් ද ඉදිකර තිබු අතර එම කම්හල් පහතරට ඉපැරණිම කම්හල් දෙකකි. එයින් රබර් කම්හල මේ වනතුරුත් හොඳින් ක්‍රියාත්මකය. එම කම්හලේ ජලය සපයා ගැනීමට යොදාගෙන ඇති දිය පහර ස්වභාවික  දියපහරකි. එය කම්හල මැදින් ගලා යයි. එවැනි දියපහරක් කම්හලක් වෙනුවෙන් යොදාගෙන ඇති එකම ස්ථානය පිලගොඩ වත්ත පමණි.

වින්ටර් පවුල විසින් අතහැර දැමුණු වතුයාය එවකට අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සංකල්පයක් ඔස්සේ සමුපකාර ගම්මානයක් ලෙසින් 1972 දී සංවර්ධනය විය. අතීතය දෙස බලද්දී එය එම වතුයායේ ස්වර්ණමය යුගයකි.

පසුකාලිනව 1977 න් පසු රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ එය අනතුරුව සමාගම් කිහිපයක් යටතේ ද පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ද පාලනය විය. එම කොමිසම මගින් මෙම ඉඩම බදු දීමට කටයුතු යෙදුණු අතර අක්කරයකට රුපියල් 35 ක බද්දට,  එනම් වතුයායම රුපියල් 25,000 ක පුද්ගලික සමාගමකට බදු දීමට එහි දී  කටයුතු කර තිබිණි.

බදු ගිවිසුමක් මත ලබා ගෙන ඇති මෙම වතුයාය මධ්‍යයේ ඇති පෞරාණික බංගලාව ආසන්නයේ නළ ළිඳක් කපා භූගත ජලය ලබාගෙන පානීය ජල බෝතල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙම පුද්ගලික සමාගම කටයුතු යොදා ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශය උණුසුම්  වී ඇත.

මේ වනවිටත් නළ ළිඳ ඉදිකර අවසන්ව ඇතත් ජල බෝතල් ව්‍යාපාරික මට්ටමින් අලෙවි කිරීමක් ආරම්භ කර නැත. එසේ වුවත් මෙම නළ  ළිඳ හේතුවෙන් පිලගොඩ මිටියාවතේ මතුපිට ජලය සිඳී යාමෙන් පානීය ජල හිඟයක් මතුවීමේ අවදානමක් මතුව ඇතැයි පිලගොඩ මිටියාවත සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු දිමුතු නවීන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය.

වත්තේ මේ නළ ළිඳ පාවිච්චි කරල වතුර බෝතල් කරන්න පටන් ගත්තොත් වැඩි කාලයක් නොගිහින් මුළු මිටියා‍වතේම වතුර නැති වෙනවා. ඒක සිද්ධ වුණාට පස්සෙ අපි මේ ගැන කථාකරල වැඩක් නැහැ. ඒ නිසයි අපි සභාවට කියන්නේ මේකට අවසර දෙන්න එපා කියලා.

මේ නළ ළිඳ ඉදිකරන්න හදනවා ඒකට අවසර දෙන්න එපා කියල මම මුලින්ම කිව්වේ 2019 සභා වාරයකදි. නමුත් ඒක ඉදිකළා. දැන් වත් මේක නවත්වන්න කියලයි මම ඉල්ලන්නේ. අනාගත පරම්පරාවට වතුර ටිකක් බොන්න නැති කරන තැනට ගේන්න දෙන්න එපා.

මෙම පානීය ජල බෝතල් ව්‍යාපෘතියට අවසර ලබා දෙන ලෙස බද්දේගම ප්‍රාදේශිය සභාවට අවස්ථා තුනක දී යෝජනා පැමිණ ඇතත් එම අවස්ථා තුනේ දීම එම යෝජනා පරාජය වී තිබේ. එහෙත් ඉකුත් සභාවාරයේ දී එය වැඩි ඡන්ද පහකින් සම්මත වූ බවත් එය කුමන්ත්‍රණකාරි ලෙස සිදුකළ වංචාවක් බවත් එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ජනක ඉලේසිංහ මහතා පැවැසීය.

පිලගොඩ වත්ත යළි රජයට පවරා ගන්නා ලෙස යෝජනාවක් මීට පෙර එම සභාවේ දීම සම්මතව තිබිය දී එහි වාණීජ මට්ටමේ ව්‍යාපාරයක් සඳහා අවසර දිමට කිසිසේත්ම යෝජනාවක් හෝ ගෙන එන්නට අවසරයක් නැතැයි හෙතෙම කියා සිටියේය.

එම ව්‍යාපෘතිය නවතා දමන ලෙසත් ඉක්මණින්ම පෞරාණික වතු බංගලාව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පවරා ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ද ඉලේසිංහ මහතා පැවැසීය. 

මේ සම්බන්ධව මෙම ජල බෝතල් ව්‍යාපෘතියේ කළමණාකරු ජී. හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කියා සිටියේය.

“මේකෙන් භූගත ජලය ලීටර් 8000 ක් විතර තමයි එක වතාවකට ගන්නේ. ඒ වුණාට මෙතනින් වතුර ලීටර් 80,000 ක් විතර  නිරන්තර ගලාගෙන යනවා. ඒ නිසා ඒ තරම් හානියක් වෙන්නේ නැහැ. අපි මේ ව්‍යාපෘතියට අවසර අරන් තියෙන්නේ.

ඇත්තටම මම මෙතනට පත්විම අරන් එද්දි මේ නළ ළිඳ ගහලා. නැත්නම් මම මෙතන  නළ ළිඳක් ගහන්න දෙන්නේ නැහැ.මොකද මෙතන වතුර වල ෆෙරස් අයන වැඩියි. ඒක පානිය ජලය  හැටියට සුදුසු නැහැ. අපට ‍ගොඩක් පිරිසිදු කරන්න වෙනවා.”

අවසර ලබා ඇත්තේ කොතැනින් දැයි කළ විමසීමට ඔහු කියා සිටියේ සියලු තැන්වලින් අවසර ලබා ඇති බවය.  එම අවසර පත්වලින් කිහිපයක් පෙන්විය හැකි දැයි කළ විමසීමට ඔහු කියා සිටියේ ඒ අවසර පත් අස්ථාන ගතවී ඇති බවය.

භූගත ජලය මහා පරිමාණයෙන් ලබා ගැනිමෙන් සිදුවන පරිසර හානි කවරේ දැයි භූ රසායන විද්‍යාඥවරියක අයර්ලන්ත ජාතික විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය ‍, ආචාර්ය නදීකා රත්නායක මහත්මියගෙන් ලංකාදීප කළ විමසුමක දී ඇය පවසා සිටියේ විශාල ප්‍රමාණයකින් භූගත ජලය ලබා ගැනීමෙන් මතුපිට පවතින ජලය සිඳි යන බවය.

එය දීර්ඝ කාලිනව ප්‍රදේශයේ ජල උල්පත් විනාශවීමට හේතුවන බව ද ඇය කියා සිටියාය.

“ සාමාන්‍යයෙන් නළ ළිදක් ගැඹුර‍ට ඉදිකර වාණිජ පරමාර්ථයෙන් ජලය නිතර ඉහළට අදිද්දී සාමාන්‍ය මට්ටමේ පවතින ළිංවල ජලයත් මේ වෙනුවෙන් ඇදී යනවා. එවිට ළිං වල ජලය සිඳී යන්න පුළුවන්. ප්‍රදේශවාසින් භාවිතා කරන්නේ ළිං ජලය නම් මෙයින් තිබෙන  ප්‍රධාන හානිය පානිය ජලය නොමැතිවීමයි. ”  යයි ඇය කියා සිටියාය.

‍මේ සම්බන්ධව මේ වනවිට ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති අතර පිලගොඩ කොකාවල, වරකපිටිකන්ද, කිරින්දලහේන, බොරළුකඩ ඇතුළු ගම් ගණනාවක ජනතාව මෙම නළ ළිඳ ඉදිකිරීමට විරුද්ධව පෙල ගැසී සිටිති.

මේ වනවිටත් පිලගොඩ වත්තේ සේවය කරන කේ ජී කරුණාතිලක මහතා කියා සිටියේ “අපි ප්‍රාදේශිය සභාවට ඡන්දෙ දීල මිනිස්සු පත් කරල යැව්වේ පළාතෙ තියෙන වතුර ටිකත් නැති කර ගන්න නොවෙයි. වහාම මේ නළ ළිඳ වහල දාන්න ඕන. ඒ විතරක් නොවෙයි, මේ ප්‍රදේශයේ තියෙන පෞරාණික වටිනාකම් තියෙන ස්ථාන පුරාවිද්‍යා පනත යටතේ පවරගෙන ආරක්ෂා කරන්න ඕන. මට ආරංචි හැටියට වත්තෙ මේ පැරණි බංගලාව හෝටලයක් කරන්න යනවා. ඒකට අපි විරුද්ධයි. මේක ඉතිහාසගත ස්ථානයක්” යයිද ඔහු කීවේය.

 

සටහන - විනීතා එම් ගමගේ



අදහස් (3)

පිලගොඩ මිටියාවතේ ජල බිඳුවත් නලයෙන් අදී

SENA Thursday, 28 October 2021 10:24 PM

පරිසරය ආරක්ෂා කිරීම ගැමියන්ගේ වගකීමක්.. සමාගම් පැමිණ ඔබගේ ප්‍රදේශයේ කරන්නා වූ සියලු කටයුතු රජයට දැනුම් දෙන්න.

:       0       0

Raveendra Friday, 29 October 2021 06:21 AM

"අක්කරයකට රුපියල් 35 ක බද්දට, එනම් වතුයායම රුපියල් 25,000 ක පුද්ගලික සමාගමකට බදු දීමට එහි දී කටයුතු කර තිබිණි." සහ "මේකෙන් භූගත ජලය ලීටර් 8000 ක් විතර තමයි එක වතාවකට ගන්නේ. ඒ වුණාට මෙතනින් වතුර ලීටර් 80,000 ක් විතර නිරන්තර ගලාගෙන යනවා. ඒ නිසා ඒ තරම් හානියක් වෙන්නේ නැහැ." යන මෙම වාක්‍ය දෙකම ඇති අප මොනතරම් "ධීන ජාතියක්" ලෙස හඳුනා ගැනුමට. ස්වභාවික සම්පත් විනාශකර සහ මුදල් කර ලැබෙන දෙයක් නැත... යන්න තේරුම් ගැනුමට මේ අයට ඥානයක් නැතිවීම කණගාටුවකි. තවද එකල අක්කරය රුපියල් 35කට තරම් අති විශාල මුදලකට බද්දට දුන් නිවට බල්ලන් අද රටේ සම්පත් විකුණනවා යයි කෑමොර දෙන්නේ කොහොමද? අපගේ මාතෘ බුමියට යහපතක්ම වේවා......

:       0       0

කුමාර Saturday, 30 October 2021 10:25 AM

මේ දිනවල විශාල ආන්දෝලනයකට ලක්වෙලා තියෙන පොහොර නිසා ඇතිවෙනවා කියන ජල දූෂණය ගැන බැලුවාම... මෙවන් ස්වභාවික ජල පහරක් සහිත ප්‍රදේශයකදීත්, භූගත ජලයේත් පෙරස් හමු වෙනවා නම් ජල දූෂණය පොහොර නිසාම සිදුවන බව පැවසීම පදනම් විරහිත බව කිව යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3792 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12444 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 621 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 967 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1069 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 505 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site