ශ්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයේ පාලනයට යටත්ව තිබූ සමයේදී බි‍්‍රතාන්‍යයන් විසින් ඉදිකරන ලද යකඩ පාලම් රැසක් අදටද ඉතා හොඳින් භාවිතයට ගැනේ. ඒ එම පාලම් ඉදිකිරීම සඳහා සුද්දන් විසින් භාවිතාකරන ලද අපූරු තාක්ෂණය නිසාමය. මෙම පාලම්වලින් බොහෝමයක් විශාල යකඩ ගරාදි යොදා ඉදිකරන ලද ආරුක්කු හැඩැති පාලම් නිසාම මේවා අතීතයේ සිටම හැඳින්වූයේ ආරුක්කු පාලම් කියාය.
මෙසේ ඉදිකෙරුණු ඇතැම් පාලම්වල වයස අවුරුදු 150 ඉක්මවා තිබුණද ඒවා අදටද ඉතා සවිශක්තිමත්ව පවතී. සුද්දාගේ මෙවැනි යකඩ පාලමක් කඩාවැටුණා යැයි බොහෝ විට අසා නොතිබුණද පසුගිය සතියේ එවැනි සිදුවීමක් පිළිබඳව අසන්නට ලැබුණි.
ඒ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කැප්පිටිගල ප‍්‍රදේශයෙනි.
මීලියද්දේ පිහිටි සුප‍්‍රකට යකඩ ආරුක්කු පාලම එසේ කඩවැටුණි. වසර 1829 දී පමණ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මෙම යකඩ පාලම කඩාගෙන වැටුණේ නිකම්ම නිකම් නොව කළුගල් පටවාගත් ටිපර් ලොරි රථ දෙකක්ද සමගිනි.
මෙය සැබැවින්ම චිත‍්‍රපටයක ජවනිකාවක හෝ අප රූපවාහිනියෙන් නරඹන බිහිසුණු හදිසි අනතුරකට හෝ බොහෝ සෙයින් සමානය. පසුගිය සඳුදා පෙරවරු 10.00 ට පමණ සිදුවූ මෙම හදිසි අනතුර හේතුවෙන් මේ වන විට කුරුණෑගල සහ කැප්පිටිගල ප‍්‍රදේශය අතර ගමනාගමන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මෙම ස්ථානයට රිදීගම නගරයේ සිට කිලෝ මීටර් 20ක පමණ දුරක් ඇත. එහි සිට මහනුවරට, අලවතුගොඩට, මාතලේට, අංකුඹුරට, බොක්කාවලට, මැදවලට පිවිසීමට තිබෙන එකම මාර්ගයද වන්නේ කැප්පිටිගල නගරය හරහා ගමන් කිරීමය. ඒ හැර පහසුවෙන් ගමන් කළ හැකි විකල්ප මාර්ග ද නැත. තිබෙන මාර්ගද කඳු පල්ලම් සහිත අතිදුෂ්කර, අනතුරුදායක කුඩා මාර්ග වේ. මේ හේතුවෙන් මෙම මාර්ගයේ ගමන් කරන ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටය.
මාතලේ කඳුවැටියෙන් නිර්මාණය වූ දැදුරු ඔය හරහා ඉදිකර තිබෙන මීලියද්ද යකඩ පාලම සම්පූර්ණයෙන්ම යකඩෙන් නිමකරන ලද්දකි. යටත්විජිත සමයේ කැප්පිටිගල, අංකුඹුර ප‍්‍රදේශවල වගාකර තිබූ තේ, රබර්, ගම්මිරිස්, කරාඹු, සාදික්කා වැනි බෝග නිෂ්පාදන ප‍්‍රවාහනය කිරීමේ අරමුණින් දැදුරු ඔය හරහා ඉදිකරන ලද මෙම පාලම වරින්වර ප‍්‍රතිසංස්කරණය කිරීම්වලට ලක්කර තිබුණද එය මේ ආකාරයට කඩාවැටෙන විට තිබුණේ බෙහෙවින් අබලන් තත්ත්වයක බව පැවසේ.
විශේෂයෙන්ම පාලමේ බර දරා සිටීමටත්, එහි සමබරතාවය රැුකදීමටත් බි‍්‍රතාන්‍යයන් විසින් නිර්මාණය කර තිබූ යකඩ ආරුක්කු කීපයක් පසුගිය කාලයේදී සිදුකළ ප‍්‍රතිසංස්කරණවලදී වරින්වර ගලවා ඉවත් කිරීම හේතුවෙන් පාලමේ සමබරතාව සහ ශක්තිමත්භාවය බිඳීගොස් මෙම අනතුර සිදුව තිබෙන බව ප‍්‍රදේශවාසීන්ගේ අදහස වේ.
පාලම මතින් ගමන් කරමින් සිටි කළුගල් පුරවාගත් ටිපර් රථ දෙක සමග කඩා වැටුණු යකඩ පාලම පතිත වී තිබුණේ දැදුරු ඔයටය. රියැදුරන්ගේ වාසනාවට මෙම දිනවල දැදුරුඔයේ ජල මට්ටම අවම වී තිබූ අතර එසේ නොවූවානම් ඔවුන්ගේ ජීවිතවලටද හානියක් වීමට ඉඩකඩ තිබුණි.
කඩාවැටුණු පාලමේ දිග අඩි 150ක් පමණ වන අතර ආරුක්කු සහිතව උස අඩි 20ක් පමණ බව පැවසේ. මෙහි ඉදිකිරීම්වලට අනුව යකඩ ආරුක්කු 12ක් තිබූ බවද පැවසේ. මීට වසර දෙකකට පමණ ඉහතදී මෙම පාලම මතදී ලොරි දෙකක් හැප්පීම හේතුවෙන් පාලමට යම් ප‍්‍රමාණයක හානියක් සිදුව ඇත. එම අනතුර පාලමේ අබලන්කම ඉක්මන් කරවීමට හේතුවක් වන්නට ඇති බවට ප‍්‍රදේශවාසීහු විශ්වාස කරති.
එම අනතුරෙන් පසුව මර්ග සංවර්ධන අධිකාරිය මෙම පාලම අලූත්වැඩියාවකට ලක්කර ඇත. මෙම පාලමේ පිහිටි උස ප‍්‍රමාණය අනුව විශාල ප‍්‍රමාණයේ බස්රථවලට මෙන්ම ලොරි රථවලටද ගමන් කිරීමට අපහසුවී ඇත. මේ ආදී හේතුන් නිසාම අවස්ථා කීපයකදී සිදු කෙරුණු ප‍්‍රතිසංස්කරණවලදී පාලමේ යකඩ ආරුක්කු තුනක් කපා ඉවත් කොට තිබේ.
මේ එම අනතුර සම්බන්ධයෙන් මීලියද්ද පාලම අසල පදිංචිකරුවෙකු පැවසූ අදහස්ය.
මේ පාලම අපි දන්නා කාලයේ ඉඳන්ම බොහෝම සවි ශක්තිමත්ව තිබුණා. හැබැයි දිරාගිය ඇන්ද තිබුණා. හැබැයි මෙතෙක් කාලයකට මේ පාලමේ කිසිම අනතුරුදායක තත්ත්වයක් අපි දැකලා තිබුණේ නැහැ. නමුත් පාලමේ හයියට සුද්දෝ ඉදිකරලා තිබුණු යකඩ ආරක්කු කීපයක්ම ආර්ඞී එකෙන් කපලා ඉවත් කළා. මේ නිසාම පාලමේ ශක්තිය බිඳුණා කියලා තමයි අපි සිතන්නේ.
ආරුක්කු කපලා ඉවත්කළාට පස්සේ පාලමෙන් බර වාහනයක් ගමන්කරනකොට පාලම දෙදරන ගතියක් තිබුණා. මේ නිසා කොයි වේලාවකහරි බරවාහනයකුත් එක්ක පාලම ගිලාබසී කියලා අපිට හිතුණා. ඒ හිතපු දේ වැඩිකාලයක් නොගිහින් ඒ විදිහටම සිද්ධ වුණා.
ප‍්‍රදේශවාසීන්ගේ අදහස වන්නේ මෙම පාලම අබලන් බව හඳුනාගත්තානම් එය ගලවා ඉවත්කොට ඒ වෙනුවට නව පාලමක් ඉදිකළ යුතුව තිබුණු බවය. බලධාරින් එසේ නොකර අවසානයේදී පාලම අබලන් වී කඩාවැටී අනතුරක් සිදුවන තෙක්ම බලා සිටිය බවටද ඔවුහු චෝදනා කරති.
මෙම අනතුරෙන් එක් ලොරියක රියැදුරාවූ කුරුණෑගල කනෝටුව පදිංචිකරුවෙකුවන ලීලාරත්න මහතාට (35) බරපතළ තුවාල සිදුවිය. පාලම කඩාවැටීමත් සමග ගැලවී ගිය යකඩ බාල්කයක ගැටීමෙන් ඔහුට තුවාල සිදුව ඇත. උරහිස් හා තුනටිය පෙදෙස බිඳීයාමෙන් තුවාල ලැබූ ලීලාරත්න මහතා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.
ඔහුට සිදුවූ මේ අනපේක්ෂිත අනතුරෙන් ඔහුගේ බිරිය සහ දරුවෝ දැඩි අසරණතාවයකට පත්ව සිටිති.
තුවාල නොලබා බේරුණු අනෙක් ලොරියේ රියදුරා වූ කැප්පිටිගල ආනදෙනියාවල ලියන්ගම පදිංචි ජයන්ත ජිනවංශ මහතා (37) අනතුරට මුහුණදුන් ආකාරය විස්තර කළේ මෙසේය.
මම ඒ වෙලාවේ සිටියේ කුරුණෑගල දෙසට කළුගල් තොගයක් ප‍්‍රවාහනය කරමිනුයි. මගේ ලොරිය මීලියද්ද පාලමෙන් එගොඩට ගන්නවාත් එක්කම පිටිපස්සේ අනෙක් පැත්තෙන් ලොරියක් පාලමට ඇතුළු වෙනවා මම දැක්කා. එතකොටම එක පාරටම පාර ගිලා බහනිවා වගේ මට දැනුණා. ඒ ගැන මට සිතන්නවත් වේලාවක් ආවේ නැහැ. පාලම කඩාගෙන මගේ ලොරිය වේගයෙන් පාලමේ පහළට ගියා.
මට ඒ වේලාවේ කිසිම දෙයක් කරගන්න බැරිවුණා. වේගයෙන් පහළට ගිය ලොරිය පාලමෙන් කඩාවැටුණු යකඩ කණුවක වැදිලා නැවතුණා. මම බොහෝම අමාරුවෙන් ලොරියේ දොර ඇරගෙන පාලමට බැහැලා බලනකොට අනෙක් ලොරිය මගේ ලොරිය නතරවුණු ආසන්නයේම තවත් යකඩ කණුවක හැප්පිලා නතරවෙලා තිබුණා.
ඒ ලොරියේ ඉස්සරහ පැත්තට නම් ගොඩාක් හානිවෙලා වීදුරුවත් බිඳිලා තිබුණා. ඒකේ ඩ‍්‍රයිවර් අමාරුවෙන් කෑගහනවා ඇහුණා. ඒත් එක්කම අහල පහල අය එකතු වෙලා ඔහුව බොහෝම අමාරුවෙන් ලොරියෙන් එළියට ගත්තා. එයා ලොරිය ඇතුළේ හිරවෙලා හිටියේ. ඔහුට ගොඩාක් තුවාල සිද්ධ වෙලා තිබුණා.
මේ පිළිබඳව විමසා බැලීමේදී අනාවරණය වූයේ මේ දිනවල කුරුණෑගල සිට කැප්පිටිගල දක්වා වූ මාර්ගය ප‍්‍රතිසංස්කරණයෙහි නියුතු පෞද්ගලික සමාගමකට අයත් කළුගල් ප‍්‍රවාහනයෙහි යෙදී සිටි ලොරි දෙකක් මෙලෙස එකවර අනතුරට ලක්ව තිබෙන බවය.
මාර්ග සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලයෙහි උසස් නිලධාරියකු පැවසුවේ එම මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමේදී මෙම යකඩ පාලම මෙන්ම තවත් කුඩා ප‍්‍රමාණයේ යකඩ පාලමක්ද ගලවා ඉවත් කිරීමට නියමිතව තිබෙන බවය. එම පාලම්වල පවතින අබලන්කම නිසාම ඒවා ඉවත්කොට නව පාලම් ඉදිකිරීමට සැලසුම් තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
යකඩ පාලමද සමග දැදුරු ඔයට වැටී තිබෙන ලොරි දෙක ගොඩ ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙන බව ඒ සඳහා කටයුතු සංවිධානය කරමින් සිටි රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. ජයතිලක මහතා පැවසීය.
ලොරිවල පටවා තිබූ කළුගල් ඉවත්කර පාලමේ යකඩ කපා දොඹකර ආධාරයෙන් ලොරි දෙක ඉහළට ගැනීමට සිදුවන බවද ඒ සඳහා ලොරි රථ අයත් කොන්ත‍්‍රාත්කාර සමාගම කටයුතු කරමින් සිටින බවද ජයතිලක මහතා පැවසීය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාලම කඩා වැටුණේ ආරුක්කු ගැලවූ නිසාද?
හේවාවිතාරණ Tuesday, 07 July 2015 02:29 AM
චන්න බුවනෙක මහත්මයාණෙනි, රියදුරන්ට ඕවා සිතන්නට මොළයක් නැහැ. ඕවා කරන්න ඕනෑ මාර්ග නීති සම්පාදනය කරන නිලධාරීන් (නි)
බන්දු Monday, 06 July 2015 02:02 PM
මේ පාලම අවුරුදු 186 ක් පමණ පරණ පාලමකි. එබැවින් නියමිත ක්‍රමයට සෑම අවුරුද්දකම තීන්ත ගා පවත්වාගියේ නම් මෙය තව බොහෝ කලක් පාවිච්චියට ගත හැකිව තිබුණි. තවද අවුරුදු 186 කට ප්‍රථම සාමාන්‍යයෙන් ලොරියක බර ගෙනයාහැකිව තිබුනේ ටොන් 3 1/2 හෝ 5 ක් පමණි. මෙම ටිපර් රථ දෙකේ බර ටොන් 15 ක් පමණ විය හැක. එබැවින් ප්‍රමාණයට වඩා බර ඉසිලීමට සිදුවීමෙන් මෙය කඩා වැටෙන්නට ඇත. ආරුක්කු ඇයින් කිරීමෙන්ද ඉසිලිය හැකි බර ප්‍රමාණය අඩුවේ. මෙය තව අවුරුදු 50 ක් වත් පාවිච්චියට ගතහැකිව තිබුණි. (ර)
චන්න බුවනක Tuesday, 07 July 2015 12:55 PM
හේවාවිතාරණ මහත්මයාණෙනි. දැන් හැම දෙයක්ම මුදල් මත සිදුවන සමාජයක් ගොඩ නැගිලා තියෙන්නේ. පුද්ගලික බස් පිම්මේ දුවනවා වගේම තමයි ගල්, වැලි ලොරිත් පිම්මේ දුවනවා. හේතුව අඩු මුදලක් දී වැඩි වටිනා කමක් සහිත වාහනයක් ණයට ලබා ගැනීම. (ර)
චන්න බුවනක Monday, 06 July 2015 03:11 PM
මේ රියදුරනුත් හිතන්න තිබුනා එක වරම පාලම උඩට වාහන දෙකම ඇතුල් කිරීම සුදුසු නැහැ කියලා. ජීවිත හානියක් නොවීම ලොකු දෙයක්. (හේ)
රූපවතී Friday, 03 July 2015 08:32 PM
මම කිවුවා මේක වෙලා තියෙන්නේ අපේ මිනිසුන් ඒකේ යකඩ ටික හෝ ඔයේ වැලි ටික හාරාගෙන යන නිසා තමයි කියලා. ඒ වගේම හරි.අපි එදා සංවාදයේදී අපේ පාඨකයින් අපිට දොස් කියලා තිබුනා අපි සුද්දට ආවඩනවා කියලා, මේ පාලම හැදුවේ අපේ රටේ තිබුණු සම්පත් එංගලන්තයට ඇදගෙන යන්නයි කියලා. අනේ ඒ සුද්දා දහදිය වගුරා අපිට හැදුව පාලම වසර 180ක් ම අපි භුක්ති වින්ඳා.ඒකේ යකඩ ටික කපාගෙන නොගියා නම් අදටත් ඒකෙන් වැඩගන්නවා. (නි)
රූපවතී Friday, 03 July 2015 08:46 PM
සුද්දට පින් සිද්ධවෙන්න ඇති මෙපමණ කාලයක් ඕකෙන් වැඩ ගත්තා.ඒත් කවදාවත් අපේ මිනිස්සු සුද්දාට නම් හොඳක් කිවුවේ නැහැ. කියන්න හිත එකඟ වෙන්නෙත් නැහැ (නි)
චන්න බුවනක Sunday, 05 July 2015 07:03 PM
ඉංජිනේරු තාක්ෂනය අනුව යම් නිර්මාණයක් කරන විට ගණිතමය වශයෙන් ගණනය කිරීමක් සිදු කරනවා. එමගින් එම නිර්මාණය මත තැබිය හැකි බර ප්‍රමාණය පෙන්වා දෙනවා. එම තබන බර ප්‍රරමානයට වඩා වැඩි බරක් තැබීමට සුදුසු පරිදි තමයි නිර්මාණය ඉදි කරනු ලබන්නේ. එම නිසා නිර්මාණය වැඩි කලක් පවතිනවා. මෙම පාලම කඩා වැටීමට හේතුව පැරණි කම බලපානවා කියා මගේ හැගීමයි. නඩත්තුවත් බලපානවා. ආරුක්කුව යොදන්නේ නිර්මාණයේ දරා ගැනීමේ ශක්තිය වැඩි කිරීමටයි. ආරුක්කු ඉවත් කිරීමත් පාලම කඩා වැටීමට හේතුවක් විය හැකියි. මෙය මගේ පුද්ගලික හැගීමයි. මෙමගින් මා කිසි කෙනෙක් විවේචනය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නදී)
කමනී Saturday, 04 July 2015 08:37 AM
අපේ මිනිස්සු තාක්ෂනය නොදැන වැඩ කරපු නිසා මේ තරම් ඉක්මනින් පාලම කඩාගෙන වැටෙන්න ඇති. (නදී)