IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පල්ලියවත්ත දුපතේ අවසන් මාදැල් ව්‍යාපාරිකයා

කල්පිටිය අර්ධද්වීපය ඇසුරේ පවතින ප‍්‍රධාන දුපත් දෙක ලෙස සැලකෙන්නේ බත්තලන්ගුංඩුව සහ පල්ලියවත්ත දුපත්ය. මේ දුපත්වල දැකිය හැකි, සාම්ප‍්‍රදායික ධීවර ව්‍යාපාරික භූමිකාව ඉක්මවා ගිය අපූරුතම ධීවර සගයකු පිළිබඳව අපට සැල විය. දුපත් ඉතිහාසයේ අවසාන සහ එකම, මාදැල් ව්‍යාපාරිකයා ද ඔහු වනු ඇත. එම ආරංචියට අනුව පල්ලියවත්ත දුපතේ සිය අණසක පතුරුවාගන, නූතන රොබින් හූඞ් භූමිකාවට පණ පොවන ඔහු සොයා අපි අනලස්ව කල්පිටිය කළපුව තරණය කළෙමු.

 

දුපතේ දර්ශන

 

පල්ලියවත්ත දුපතේ පිවිසුම් දොරටුව අභියස කළපුතෙර ඉදිකර ඇති අභිමානවත් ස්මාරකයක් හමුවේ අප මොහොතකට සසළ වීමු. ඉහළ අහසට නැගි ජාතික ධජය කළපු තෙර මඳ සුළඟ හා මුසුව රණ ගීයකට තනු සැපයුවේය. දුපත් රැකීමේ මුර සංචාරයේ යෙදී සිටිය දී කොටි ත‍්‍රස්තවාදීන් හා මුහුණට මුහුණලා සටන් වැද, දිවි පිදු නාවුක හමුදා රණවිරුවන් සැමරෙන ස්මාරකයයි ඒ. ‘‘2006 ජූනි 28 දින නාවුක හමුදා ඩෝරා යාත‍්‍රාවක් සමගින් නාවුක සෙබළුන් දස දෙනකු දිවි පිදු පූජනීය ස්ථානයයි මේ’’. එම දිවි පිදු සෙබළකුගේ ජීවමාන ප‍්‍රමණයේ ඡායාරූපයකින් මෙම සමරුව සමන්විතය.


අප හා ගමන්ගත් සහායක ධීවරයා පැවසුවේ මෙම ස්මාරකය අප සොයා යන මෙම ධීවර ව්‍යාපාරිකයා විසින්, ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්, නිර්මාණය කරන ලද්දක් බවය. ජූනි විසිඅට දා පල්ලියවත්තට ජාතික ශෝක දිනයක් ලෙස උක්ත ධීවර ව්‍යාපාරිකයා ප‍්‍රකාශ කොට ඇති අතර ඔහු එම දිනය සිය වාඩියේ සේවක ප‍්‍රජාව හා එක්ව සමරන බවත් ය. ‘‘ඔය කොඩිය හැම මාසෙකම අලූත් කරනවා. මොකද හුළඟට කොඩිය ඉරිලා යනවා’’ ඔහු කීවේය.
පල්ලියවත්තට පිවිසි ආගන්තුක අප හෘදයාංගම ලෙස ධීවර පිරිසක් විසින් පිිළිගන්නා ලදී. අප කලින් අසා දැන සිටි, මැදැල් හිමි ව්‍යාපාරික සගයා හෙවත් මුදලාලි සොයා අපි ඈත මෑත බැලූවෙමු. උස මහත සිරුරකින් හා නෙරා ගිය උදරයකින් යුතු ජේත්තුවට ඇඳගත්, විශාල රන් දම්වැලින් ගෙල සරසා ගෙන, රන් මුදුවලින් සිය දසැඟිලි සරසා ගත් පුද්ගලයකු ඒ අතර නොවීය.

‘‘පල්ලියවත්ත දුපතට පැමිණි ඔබ සැම, මා ඇතුළු මගේ කාර්ය මණ්ඩලය විසින් සාදරයෙන් පිළිගනු ලබනවා. මා පිළිබඳව ඉතා කෙටි හැඳින්වීමකට මේ සුදුසු කාලයයි’’

 

නාවුක හමුදා සැමරුම

 

‘‘මම ජෝශප් නිවුටන් ලෝව්. වසර තිස් තුනක ධීවර අත්දැකීම් මා සතුයි. මා වෘත්තීය ධීවර ව්‍යාපාරිකයෙක්. මගේ ධීවර වාඩිය ‘‘සහනය’’. ඉරී ගිය බැනියමකින් සැරසී, මනා පෞර්ෂත්වයකින් යුතු හැඩි දැඩි පුද්ගලයකු කටහඬ අවදි කළේය.

භාෂා මිශ‍්‍රවී නැත. ලිඛිත බසින් ඔහු අප අමතයි. ඔහු ඉතා ව්‍යක්ත සහ නිවැරදි ලෙස හෙළ බස හසුරුවයි. අපි ඔහුට කන් යොමා සිටියෙමු. සරසවියේ පළමු වසරේ දී සවන් දුන් සිංහල භාෂා දෙසුමක් සිහි ගන්වන සුළු තරමට ම ඔහුගේ බස් වහර සුමටය. සිත් ගන්නා සුළුය. මම යළි යළිත් ඔහු වෙතින් ධීවර ව්‍යාපාරිකයකු දකින්නට අසාර්ථක ප‍්‍රයත්නයක් දැරුවෙමි. 

‘‘මගේ මා දැලේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූම ජාතිකයන් වගේම දිවයිනේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරන සේවකයෝ ඉන්නවා. ගති ගුණ හැසිරීම් චර්යාවන්ගේ ඉතා ප‍්‍රබළ වෙනසක් තිබෙනවා. ජාතීන්ගේ සහජීවනයට ඉතා හොඳ නිදසුනක් මගේ මා දැල. මගේ දලේ මේ දවස්වල කම්කරුවෝ විසි දෙනෙක් පමණ වැඩ කරනවා. මා ඔවුන් සමග හරි හරියට වැඩ කරනවා’’ ඔහු කියයි.

මා දැල් සඳහා කම්කරුවන් සෙවීමේ ක‍්‍රමවේදය ධීවර ව්‍යාපාරිකයන් හඳුන්වන්නේ ‘‘ලාහෙට ගෙම්බන් එකතු කිරීම වශයෙනි’’. විවිධ ප‍්‍රදේශ පීරා, කම්කරුවන් සොයා යන්නට මාදැල් මුදලාලිලාට සිදුවෙයි. කම්කරුවකු වාඩියට රැගෙන එනුයේ සැලකිය යුතු මුදලක් ඔහුට ගෙවීමෙන් අනතුරුවය. මාදැල් කාලය වන මාස හයම ඔවුන් වාඩියේ රඳවා ගත යුතුමය. නැත්නම් මුදලාලිට අතින් පාඩුය. එම නිසා බොහෝ ව්‍යාපාරිකයෝ මාදැල් වාරය නිමාවනතුරු මෙම සේවකයන් දැලින් බැහැරට කිසිම හේතුවක් නිසා යවන්නේ නැත. බොහෝ මාදැල් කම්කරුවන් ද මාන බලනුයේ අත්තිකාරම් ලබාගත් මාදැලෙන් අවස්ථාවක් ලද සැනින් පැන, වෙනත් වාඩියකට යෑමටය. මුදලාලිගේ ඇස් වසා වාඩියෙන් පැනීමට ගන්නා උත්සහායත්, තම කම්කරුවන් හට දැලින් පැනීමට ඉඩක් නොදීමට මුදලාලි දරන ප‍්‍රයත්නයත් මැද මාදැල් වාරය නොදැනුවත්වම ගෙවී යයි.බොහෝ මාදැල් හිමියෝ තමාගේ හෝ තම මාදැලේ මණ්නාඩියාගේ (ප‍්‍රධානියාගේ) සැර පරුෂ බව වාඩියේ කම්කරුවන් රඳවා ගැනීමට ආයුධයක් ලෙස භාවිත කරයි. බොහෝ මාදැල් කම්කරුවෝ මුදලාලිට මෙන්ම මණ්නාඩියාට ද ඉතා බයය. ඇතැම් වාඩිවල කම්කරුවන්ට තැලීමට භාවිත කරනු ලබන කඹ, තේඩා මෙන්ම පොලූ ද තිබෙන බව ප‍්‍රසිද්ධ රහසකි. මාදැල් ආශ‍්‍රිතව වාර්තාවන නොයෙකුත් කම්කරු මරණ ද වෙයි.

මාදැල් කම්කරුවන් හා බැඳි සේවක හාම්පුතුන්ගේ සබඳතාව එවැනිය. එහෙත් සහනය වාඩියේ සේවක, සේව්‍ය සබඳතා හරිම අපූරුය.

 

අමුත්තන්ගේ මැදිරිය

 

‘‘අවුරුදු තුනකට වඩා පැරණි සේවකයෝ තමයි මා ළඟ ඉන්නේ. කිසිම සේවකයකුව මා හොයලා යන්නේ නැහැ. නිවාඩුවට යන ඔවුන් අනිවාර්යයෙන්ම ආපහු එනවා. එමනිසා මට ශ‍්‍රමය පිළිබඳව කිසිම ගැටලූවක් නැහැ’’

‘‘මාදැලට සේවයට එන හැම සේවකයකුම ඔහුගේ හැසිරීම් චර්යා අනුව බෙදා වෙන් කරනවා. ඒ අනුව සමාන හැසිරීම් සහිත පුද්ගලයන් කණ්ඩායම් කරනවා. එම එක් කණ්ඩායමකට එක් වාඩියක් බැගින් බෙදා දී තිබෙනවා. එම ක‍්‍රමවේදය නිසා කම්කරු සගයන් අතර ගැටීම් අවමයි. සමාන අදහස් ඇත්තෝ සතුටින් ජීවත් වෙති.’’

සාමාන්‍ය මාදැලක කම්කරුවන් සඳහා වෙන් කරනුයේ එක් වාඩියකි. බීමතින් පසුවන්නන් හා නොබොන පිරිස් එකට එකම වාඩියේ ඇතැම් විට ගුටි ඇණගනිති. කුණුහරුප දෙසති. එකට වැතිරී නිදති. මාදැල් මුදලාලිට ඒවා අදාළ නැත.

‘‘සහනයට’’ අයත්, කම්කරු වාඩි කිහිපය එකිනෙකට යාබදව පිහිටා ඇත. සෑම වාඩියක්ම නම් කොට ඇත. අරලිය ගහ මැදුර, රාෂ්ඨ පති භවන්, ටජ් මහල, ධවල මන්දිරය, බකින් හැම් මාලිගය, වෙස්ට් මිනිස්ටර් ඇබේ මෙම වාඩි අතර වෙයි. සතියකට වරක් සේවකයන් අමතන වේදිකාව නම් කර ඇත්තේ සිරිකොත ලෙසය. ‘‘මෙම නම් ලබාදී ඇත්තේ එම වාඩියේ ජීවත් වන කම්කරුවාගේ මොකක් හෝ හේතුවක් පදනම් කර ගනිමිනුයි. පරිපාලන කටයුතුවලටත් මේක පහසුවක්’’

මෙම වාඩිවල වෙසෙන්නෝ ද සැඳෑ අඳුරත් සමග ඇඟපත විඩාව දුරු කර ගැනීමට මදුවිතින් සප්පායම් වෙති. එහෙත් අසභ්‍ය වචන හුවමාරු නොවෙයි. නොසරුප් වදන් වාඩියට තහනම්ය.

අනුර
 
නිව්ටන් ලෝව්

මාදැල් හිමිකරු වශයෙන් නිව්ටන් මහතා, අවවාදයට වඩා ආදර්ශයක් ලබාදෙමින්, සිය සේවකයන් අමතන්නේ ‘‘පුතා’’ යන ඇමතුමින්. ඔහුට වඩා වයසින් වැඩි අය ද ඔහු ඉදිරියේ පුතාය. ප‍්‍රිය වචනයෙන් වාඩිය අවට පරිසරය ද දැකුම්කලූ වී ඇති සේ පෙනේ.
මාදැලේ ඉදෙන්නේ කරවල හෝ මාළු පමණය. සීනි යොදා තේ හදන්නේම නැත. මෙය මාදැල් සංස්කෘතියයි. එහෙත් සහනයේ කම්කරුවන්ට අනිවාර්යයෙන්ම ඉරිදාට මස්ය. සීනි දිය කර හැදු තේ පානයක් ද ලැබේ.

පල්ලියවත්ත ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍ය සඳහා මාදැලේ සියලූම කම්කරුවන්ට දිගු කලිසමකින් සහ කමිසයකින් යුතු ඇඳුම් කට්ටලයක් පිරිනමනු ලැබේ. ‘‘ගියවර මෙම ඇඳුම් කට්ටල ටිකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වුණා. සමහරු ජීවිතේ පළමු වතාවට කලිසම් ඇඳපු අයත් හිටියා. ඒ ඇඳුම් මගින් ඔවුන් තුළ ආත්ම අභිමානයක් ජනිත වෙනවා. ආකල්පමය සංවර්ධනයක් ඇතිවෙනවා. තමාට වටිනාකමක් ආරෝපණය වෙනවා.’’
මාදැල් රැුකියාව වලාලයට පමණක් කෙරෙන්නේය. අගෝස්තුවේ ඇරඹි මාර්තුවේ පමණ අවසන් වේ. මුහුද රළු වීමත් සමගම මාදැල් වාරය නිමාවෙන්නේ ය. මා දැල අකුලා ඉන්පසු කූඩු බඳිති.

මාදැල් හිමියන් හා කම්කරුවන් අතර ගනුදෙනු ආරවුල් පැනනගින්නේ මේ සමයේය. කලට වේලාවට කම්කරු වැටුප් ගෙවන යුක්තිගරුක මුදලාලිලා ද මේ අතර ඇත. ගම රට බලා යාමට මාදැලට ආයුබෝවන් කියන කම්කරුවන්ට වැටුප් නොගෙවා මාරුවන මුදලාලිලා ද නැත්තේම නැත. ඇතැම් කම්කරුවෝ මාස හයක් මාදැලට කඹුරා හිස් අතින්ම යන්නේ මුදලාලිගේ පහර කෑමට ද ලක්වය. මේ දිනවලට මුදලාලිලාගෙන් කම්කරුවන්ට එරෙහි පැමිණිලි මෙන්ම වැටුප් නොගෙවීම් පිළිබඳව කම්කරු පැමිණිලි ද පොලිසියට ගලා එයි.

එහෙත් නිව්ටන් මහතාගේ ‘‘සහනය’’ ධීවර වාඩියට වාරකනට මෙන්ම වලාලයට ද මාදැල වැටලේ. මාදැල් කර්මාන්තය බැඳී ඇත්තේ මහ සයුර සමගය. වාරකනේ රළු මුහුද වෙනුවට, ඔහු කලපුව ආශි‍්‍රතව තවත් විශ්මය දනවන දැල් පන්නයක් භාවිත කරයි’’

සමස්ත ලංකා මාදැල් සංගමයේ සාමාජික සංඛ්‍යාව තුන්සියයකි. අප කථා නායකයා වන නිව්ටන් ලෝව්. කල්පිටියේ නියෝජිතයාය. ශ්‍රී ලංකාව තුළ ‘‘ ඕල දැල’’ නම් මෙම මා දැල භාවිත කරන එකම මාදැල් ව්‍යාපාරිකයා ද, නිව්ටන් ලෝව් මහතාය.

‘‘මාදැල් කර්මාන්තයට වගේම  ඕල දැලටත් තිබෙන්නේ ඉන්දියාවේ කොචින් නගර සම්භවයක්. මේ දැල සඳහා භාවිත කරන පාරිභාෂික වචන සියල්ලම පාහේ කොචින් භාෂාවෙන් බිඳී ආව ඒවා.  ඕල, අරවලය, කොට්ටපාලම, වා කුට්ටම එවැනි වචන කිහිපයක්’’

‘‘මෙම මාදැල පිළිබඳව මම මගේ අත්දැකීම් ඇසුරින් යම් යම් වෙනස්කම් කළා. අපට ආවේණික දැලක් මා නිර්මාණය කළා’’

කල්පිටියට ආවේණික ශාකයක් වූ, තල් ශාකයේ ගොබය වියළා, මෙම දැල සකසනු ලැබේ. වියලූ ගොබයේ තල් කොළ සිහින් තීරුවලට ඉරනු ලැබේ. මෙම තල් කොළ තීරු කොහු කඹය දිගට ගටගසා ගනී. බඹ දෙසීය හතළිස් පහක් පමණ දිග කඹ දෙකක් මේ සඳහා භාවිත කරයි.

සංසුන් කළපුව මේ දැලට ඉතා උචිත පරිසරයක් සකසනු ලැබේ. නොගැඹුරු පැහැදිලි දියේ මසුන් මෙන්ම වට්ටාල මුල් ආශ‍්‍රිතව වෙසෙන මසුන් තල් කොළයේ පෙනීමට රැවටෙන්නේය. එසේම තල් කොළයේ ධ්වනි රිද්මයට මුසපත්වන මසුන් මාදැලේ මඩියට වහවහා කොටුවන්නේය. මඩිය ගොඩ ගන්නා මොහොතේ දී සියලූ දෙනාම දැහනකට සම වැදුණු කලක මෙන් නිහඬතාව රකිති. ඒ තල් කොළයේ ධ්වනි රිද්මයට බාධා නොවනු පිණිසය. නිව්ටන් මහතා පවසන පරිදි මෙම මසුන් පරිභෝජනයට ඉතා සුදුසු ගූණාත්මක බවින් පිරිපුන් මසුන් වෙයි.

සයුරේ එළන මාදැල තරම්  ඕල දැල වාසි නොවුවද පාඩු ද නොවන බැව් ඔහු ගේ අදහසයි. එසේම මාස හයෙන් හයට කම්කරුවන් සොයා, රට පීරීමට, අනෙකුත් මාදැල් හිමියන්ට මෙන් නිව්ටන් මහතාට සිදු නොවේ. ඔහුගේ වාඩිය අවුරුද්ද පුරාම රැකියා පොළකි. එහි තවත් මිල කළ නොහැකි ප‍්‍රතිලාභයක්ව ඇත්තේ විශ්වාසනීය සේවක පිරිසක් ඔහු සතු වීමය.

මානව දයාවෙන් පිරිපුන් මෙම සොඳුරු මිනිසා, ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් බිමට සමතලා වූ පලූගහතුරේ කානික්ක දේවමාතා කතෝලික දේවස්ථානය යළි ගොඩනගා ඇත්තේය. ඔහුගේ දරු තිදෙනාගෙන්, දියණිය සහ පුතණුවකු පූජකවරය සඳහා පුදා ඇත්තේය.

 

 

දුපතේ සංචාරයේ එන කුදුමහත් බොහෝ දෙනකුට ආගන්තුක සත්කාරයට ද හෙතෙම සැදී පැහැදී සිටියි. ඔහු සතු අමුත්තන්ගේ සමරු සටහනට දිවයිනේ බොහෝ ප‍්‍රභූ සැමරුම් එක්වී ඇත්තේ එහෙයිනි.


 

පද්මාකුමාරි කන්කානම්ගේ

 

වයඹ දිග මුහුදේ දුපත් දාහතර - 1
 


 

 



අදහස් (0)

පල්ලියවත්ත දුපතේ අවසන් මාදැල් ව්‍යාපාරිකයා

සමන්ත Tuesday, 28 May 2013 09:00 AM

මේ වගේ මිනිසුන් රටට අඩම්බරයක්. රටේ ඇමතිලට නැති පරිපාලන අවබෝදයක් මේ සහෝදරයට තියන බව පේනවා. (නි)

:       0       0

චන්දන Monday, 13 May 2013 01:45 AM

ගොඩක් ආඩම්බර වෙනවා චූටි මාමේ ඔයා පිලිබදව. අපිට ජීවිතේ තල්ලුවක් වෙන්න ඔයා විදලා තියන දුක් විශ්වාස කළ නොහැකි තරම්.කවදා හෝ ඔබට මේ සියළුම දුක් වලට සහනයක් ලැබෙයි. මම චූටි මාමේ ඔයාව අමතක කරන්නේ නැති බව විතරක් මතක තියාගන්න. මම චන්දන පුතා ලන්ඩන් (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 19 May 2013 07:35 AM

මෙම මුදලාලිට ව්‍යාපාර පරිපාලන සම්මාන උපාධියක් ප්‍රදානය කළ යුතුයි (නි)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 12:13 AM

ගොඩක් ආඩම්බරයි. ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ජයන්ත Wednesday, 15 May 2013 01:50 PM

නියම මිනිසෙක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 658 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1123 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 147 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 394 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 561 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 930 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site