IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පැලැස්තර වෙනුවට අලුත් එකක්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම ගැන ආණ්ඩුව සිය අදහස් පළ කළේ මැතිවරණවලට පෙර සිටය. ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණය උදෙසා 20 වැනි සංශෝධනයක් ගෙනඒම ගැන මේ වනවිට කිසියම් දේශපාලන සාකච්ඡාවක් හටගෙන තිබේ. එය ව්‍යවස්ථා වෙනසක් ද නොඑසේව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයක්ද යන්න ගැන පවා කතාබහක් මතුව තිබේ.

මා සිතන ආකාරයට නම් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සමග එක්ව කෙටුම්පතක් සකසා එය සාකච්ඡාවට ගැනීමෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන සාකච්ඡාවක් ආරම්භ කළ හැකිය. 2015 ආණ්ඩු සමයේදී මීට පෙර ද නව ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා සිදුවිය. එහිදී විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන සිය අදහස් පළ කර තිබේ. එම අදහස් ද මෙහිදී සැලකිල්ලට ගත හැකිය. ඒවා පොදුවේ සාකච්ඡාවට ගෙන රටට හිතකර දෑ තෝරාගැනීම එතරම් කාලයක් යන දුෂ්කර කටයුත්තක් නොවේ.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයේදී පළමු කාරිය නම් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක්‍රමය සහමුලින්ම වැරැදි එකකි. 2015 සිටම ජනතාවගේ ඉල්ලීම වූයේ මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු පත්කිරීමය. එම ඉල්ලීම එදා ඉටු කළේ නම් මේ වනවිට ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ මතුව තිබෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙන්නට ඉඩ තිබිණි.

තවමත් බොහෝ දෙනකු අඬෝවැඩියා නගන්නේ නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පැමිණි බවටය. 2015 දී මැතිවරණ ක්‍රමය වෙනස් කර තිබුණේ නම් අද එවැනි කනස්සල්ලක් ජනතාවට මතු නොවේ. මන්ත්‍රීවරයකු යනු මහජන සේවකයෙකි. මහජන නියෝජිතයෙකි. ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ජනතාවට වගකිව යුතුය. එහෙත් අද වනවිට පවතින දේශපාලන සංස්කෘතියෙහි මහජන නියෝජිතයන් යැයි කියන කණ්ඩායම වග නොකියන්නේම මහජනතාවටය. මහජන විශ්වාසයට වඩා ඡන්ද ලබාගන්නා මග වී තිබෙන්නේ මුදල් බලයයි. කොපමණ මුදලක් හෝ වීසි කර යම් බලපෑමක් කළ හැකි පිරිස් ඡන්ද ලබාගෙන මන්ත්‍රීවරු බවට පත්වෙති. මා සිතන්නේ ලංකාවේ දේශපාලනයෙහි කුණු වීම වළක්වාගැනීමේ හදිසි අවශ්‍යතාවක් ලෙස මෙම ප්‍රශ්නය සැලකිය යුතු බවය. එය එසේ සිතන්නේ නම් මූලිකත්වය දිය යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටය. එය 20 වැනි සංශෝධනයක් ගෙනඒමෙන් කළ හැකි නොවේ. ඊට එකම මග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.

වර්තමානයේදී සෞඛ්‍යසම්පන්න දේශපාලන ක්‍රමයකට තර්ජනයක් වී ඇති තවත් කරුණක් වන්නේ පක්ෂ මාරුවයි. අප කොපමණ කතා කළත් මැතිවරණ ක්‍රමයෙහි වෙනසකින් තොරව මෙම තත්ත්වය වෙනස් කළ නොහැකිය. මේ වනවිට මන්ත්‍රීවරුන් තෝරාපත්කරනු ලබන්නේ ඡන්දදායකයන් විසින් නොවේ. දේශපාලන පක්ෂවල ලේකම්ලා හෝ නායකයෝය. වසර පහකට පසුව තමන්ගේ නියෝජිතයා එපා වී ඇත්නම් ඔහු හෝ ඇය ගෙදර යැවීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුය. එහෙත් ලංකාවේ ඡන්දදායකයන්ගෙන් එම අවස්ථාව දැන් උදුරාගෙනය. ඡන්දදායකයන්ට අන්තයටම එපා වූ දේශපාලකයන් පවා දේශපාලනයේ තබාගැනීමට පක්ෂ නායකයන්ට හැකියාව තිබේ. ඇතැම් උගත් දක්ෂ පුද්ගලයන්ට මැතිවරණ ජයගැනීමට නොහැකි වී තිබෙන්නේ ජනතාවට ඔවුන් එපා වී ඇති නිසාම නොවේ. දේශපාලන පක්ෂයේ නායකයන්ට ඔවුන් අවශ්‍ය නැති හෙයිනි. මැතිවරණ ක්‍රමය වෙනස් කළහොත් මේ ක්‍රීඩාව කළ නොහැකි වේ. එනිසා අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථා සම්පාදනය හරහා මැතිවරණ ක්‍රමයේ වෙනසකට පාර කපා ගැනීම කළ යුතුමය.

19 වැනි සංශෝධනයෙන් පිහිටු වූ ස්වාධීන කොමිෂන් සභා ගැන ද අපගේ අවධානය යොමු කළ යුතුය. ස්වාධීන කොමිෂන් සභා යනු රාජ්‍ය පරිපාලනය නිර්දේශපාලනීකරණයට යහ මගකි. එය ඇත්තය. එහෙත් ප්‍රශ්නය වූයේ 19 වැනි සංශෝධනයෙන් පිහිටු වූ ස්වාධීන කොමිෂන් සභාවල සංයුතියයි. යහපාලන ආණ්ඩු සමයේ ස්වාධීන කොමිෂන් සභාවලට පත්කෙරුණෝ තමන්ගේ දේශපාලනයට සහාය දැක්වූවෝය. පුද්ගලයන් තෝරාගැනීමේදී කවර නිර්ණායක මත තෝරාගැනීම් කළාදැයි පැහැදිලි නැත. එනිසා ඔවුන් කොමිෂන් සභාවලට නොගැළපෙන චරිත වූවා පමණක් නොව කොමිෂන් සභාවල මූලික අරමුණුවලින් ද පිට පැන වැඩ කරන බවට චෝදනා එල්ල විය. ඒ අනුව කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කිරීමේදී නිර්ණායක සකස් කරගැනීම ගැන මීළඟ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී අවධානය යොමු කළ යුතුය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලවලට පුද්ගලයන් පත්කිරීමේදී පත්කිරීම් බලධාරියාට අදාළ පුද්ගලයා ඉවත් කිරීමේ බලය ද තිබිය යුතු යැයි මම සිතමි. එහෙත් ඇතැම් කොමිෂන්වලදී එය ගැටලුකාරී වී තිබේ. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවේදී එය හොඳින්ම විද්‍යමාන විය. පොලිස්පතිවරයාට විවිධ චෝදනා එල්ල වී තිබියදී පවා ඔහු ධුරයෙන් ඉවත්කළ හැක්කේ කෙසේදැයි ප්‍රශ්නයක් විය. ඉවත් කිරීමට හරස් වී තිබෙන්නේ ව්‍යවස්ථාවය. එහෙත් මා සිතන ආකාරයට ජනතාව හමුවේ සාධාරණ හේතු දැක්වීමක් කර නොගැළපෙන තැනැත්තන් ධුරයෙන් ඉවත් කිරීමට පත්කිරීම් බලධාරියාට අවස්ථාව තිබිය යුතුය. ජනවරමකින් රටේ විධායක බලය ජනාධිපතිවරයාට දී ඇත්නම් එය අභ්‍යාස කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තිබිය යුතුය. එහෙත් වර්තමානයේ කොමිෂන් සභා ක්‍රමයෙහි ජනාධිපතිවරයාට එම අවස්ථාව නැත. මම ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධ නැත. විය යුත්තේ ස්වාධීනව කටයුතු කළ හැකි පුද්ගලයන් එම කොමිෂන් සභාවලට පත්කිරීමය.

ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ තවත් ගැටලුසහගත කරුණක් වී ඇත්තේ ඇමැති මණ්ඩලයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමැති මණ්ඩලය 30 ක සීමාවක තබා ඇත. එනිසාම අපිත් ඇමැති මණ්ඩලය ගැන කතා කරන විට එය 30කට සීමා කිරීම ගැන කතා කරමු. එහෙත් මගේ අදහස නම් ලංකාවට 15 දෙනකුගේ ඇමැති මණ්ඩලයක් හොඳටම ප්‍රමාණවත් බවය. එනිසා රටක් හැටියට අපට ගැළපෙන ජනතාවට දැරිය හැකි මට්ටමකට ඇමැති මණ්ඩලය අඩු කිරීම ගැන ද නව ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සැකැසිය යුතුය.

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාව ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු විය. එය සිදුකෙරුණේ කිසියම් කපටි ආකාරයකටය. අගමැති ඉවත් කිරීම ගැන 1978 ව්‍යවස්ථාවේ කියැවෙන පරිච්ඡේදය ඉවත් කර ඒ වෙනුවට අලුත් පරිච්ඡේදයක් එකතු විය. මා සිතන්නේ ජනාධිපතිවරයාට මෙම බලය ලැබිය යුතු බවය. ඒ, අත්තනෝමතික ආකාරයට බලය අභ්‍යාස කිරීමට නොවේ. සාධාරණ හේතු දැක්වීමක් අවසානයේදී තීන්දුවක් ගැනීමටය. එවිට ගන්නා තීන්දුවට වගකීමක් ද තිබේ. පාලකයා යනු රටක බාරකරුවා මිස අයිතිකරුවා නොවේ. දෙවන පෑතිස් රජු හමුවේ මිහිඳු මාහිමියන් වහන්සේ එය අවධාරණය කළේ මීට සියවස් ගණනකට පෙරය. අද වනවිට මෙම සංකල්පය ජාත්‍යන්තර නඩු තීන්දුවල පවා සඳහන් කරුණකි. මෙම සංකල්පය අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. ජාතික සම්පත් විකුණා දැමීමට නොහැකි වන්නේ අපේ ස්වාභාවික පරිසරය බහුජාතික සමාගම්වල හිතු මනාපයට විනාශ කළ නොහැකි වන්නේ එවැනි ව්‍යවස්ථා ප්‍රතිපාදන මගිනි. පරිසරයට ජාතික සම්පත්වලට අදාළ තීන්දු තීරණ ගැනීම් ජනමත විචාරණයකට යටත් කර දැමීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

ආණ්ඩුවක් බලයට පත්වන්නේ වසර පහක පාලන කාලයකටය. එවැනි කෙටි කලකට පත්වන ආණ්ඩුවකට පරම්පරා ගණනක ජනතාවක් බැඳ තබන තීන්දු ගැනීමට අවස්ථාව දිය යුතු නැත. එක් පක්ෂයකට තවත් පක්ෂයක් සමග ගැට ගැසී සකසන ඊනියා ජාතික ආණ්ඩු ක්‍රමයක් ද අපට අවශ්‍ය නැත. ඇමැති මණ්ඩලයට සීමා මායිම් නැති කරන ජාතික ආණ්ඩු ක්‍රමය වනාහි ජනතා මුදල් කොල්ල කන මගකි. කෙසේ වෙතත් ජනාධිපති ධුර කාලයේ සීමාව ගැන නම් මා සිතන්නේ තෙවරක් අවස්ථාව ලැබුණත් කමක් නැතැයි කියාය. මන්දයත් යමකු තෙවරක් තරග කළත් ජනතාවට එපා වී නම් ඔහුට දිනුමක් ලබාගත නොහැකි නිසාය. සැබැවින්ම මේ සියල්ලේ අවසාන තීන්දුව දෙන්නා ජනතාවයි.

ජන වරමින් පිට පැන යන ගමන් වැළැක්වීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුය. ඒ නිසා ජනතාව සමග යහපත් සාකච්ඡාවක් මගින් රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන නව ආණ්ඩුවේ අවධානය කඩිනමින් යොමු විය යුතුය. මේ ඊට හොඳම කාලයයි.


ජ්‍යෙෂ්ඨ නීතිඥ
කල්‍යානන්ද තිරාණගම

(*** බිඟුන් මේනක ගමගේ)



අදහස් (6)

පැලැස්තර වෙනුවට අලුත් එකක්

Champa Thursday, 03 September 2020 02:12 PM

රටක ව්‍යවස්ථාව කියන්නේ ඒ රටේ තියෙන උත්තරීතරම ලියවිල්ල. එවන් ලියවිල්ලක් හදන්න දෙන්න ඕනේ රටම පිළිගත්ත ව්‍යවස්ථා හා සම්බන්ධ දැනුමක් තියෙන විශාරදයින්ට. වහල් ආණ්ඩුව ව්‍යවස්ථාව හදන්න දුන්නේ එන්ජීඕ කාරයින්ට. මේ පාර කොහොමද? මේ ආණ්ඩුව ව්‍යවස්ථාව හදන්න දාපු කමිටුවේ ඉන්නේ හොරුන්, අපරාධකාරයන්, දූෂිත වංචනිකයන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෝ. ඔවුන්ට කොහොමද විද්වතුන් කියන්නේ? ඒ ගොල්ලෝ බොරුකාරයින්නේ. මුදල් වෙනුවෙන් ඇත්ත නැත්ත කරලා පළපුරුද්දක් තියෙන මිනිස්සු. පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ව්‍යවස්ථා හදන කොට ඩෝසර් ආණ්ඩුවට මේ නීතිඥයන් විද්වතුන් විදිහට පේනවා ඇති. හිනා වෙන්න හොඳ නැහැ. යකාගේ හැටියටයි විමානේ කිව්වලු.

:       0       6

vinividaSaturday, 05 September 2020 12:33 AM

පසුගිය මැතිවරණයෙන් රජය ලැබූ තුනෙන් දෙකක ජනවරම නිසා ජනාධිපතිවරයාගේ බලතල අසීමිත ලෙස වැඩිකර ගැනීමට 20වන සංශෝධනය මගින් කටයුතු කර ඇත. ජනාධිපතිවරයාගේ බලය වැඩිකර ගැනීමෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට හැකියාවක් නොමැත. සිදුවුයේ එක පුද්ගලයකු වටා බලය කෙන්ද්‍රවිම පමණි. දේශීය ආර්ථිකය, විරැකියාව, බලය බෙදාහැරීම පමණක් නොව ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදය මත ලංකාව ප්‍රබල විදේශීය පීඩනයකට ලක්වීම නොවැළැක්විය හැකිය. ඉන්දියාව චීන ඇමෙරිකානු අර්බුදයට මැදිහත් නොවූවද ඔවුන් ඇමෙරිකාවට පක්ෂපාති නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ඇත. ඇමෙරිකාව චීනයේ තෝරාගත් සමාගම් සඳහා සම්බාධක දැමීම තුළින් ලංකාවේ වරාය ව්‍යාපෘතිය මුළුමනින්ම අැණහිටිනු ඇත. 20වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ සියලු බලතල ලබාගැනීමේ සිහිනය සැබෑවුවද රට වැසියාට එමගින් අත්වන ඵලක් නොමැත. ලංකාව ලබන වසර 2021 මුල් කාර්තුව වනවිට ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැක. බලය ලබා ගත්තද බලය යෙදවීම පිළිබඳව අවබෝධයක් තිබිය යුතුවේ. එසේ නොවුණහොත් අනාගතයේදී ඇතිවන්නාවූ අර්බුදවලට වගකිව යුතුවන්නේ වෙන කිසිවකු නොව ජනාධිපතිවරයාම වේ.

:       0       0

Champa Thursday, 03 September 2020 02:14 PM

19 වෙනස් කරන්න හෝ නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න කිසිම හදිසි අවශ්‍යතාවයක් රටේ දැන් නැහැ. ජනාධිපති අගමැති එකම පක්ෂයේ විතරක් නෙමෙයි එකම පවුලේ. ජනතාව ඒ කාලේ 19ට විරුද්ධ වුනේ රනිල් අගැමති නිසා. දැන් අගැමති මහින්ද... 19 ගැන මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නේ ඉවරයි. අනිත් එක ඇමරිකන් ගැත්තන් ඉන්දියන් ගැත්තන් රටේ තීරණ ගන්න තැන ඉන්න කොට, රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය ආරක්ෂා කරන්න අනිවාර්යයෙන්ම මහින්ද සහ පාර්ලිමේන්තුව අතේ බලතල තියෙන්න ඕනේ. 19 තවදුරටත් රටේ ප්‍රශ්නයක් නෙමෙයි, පවුලේ ප්‍රශ්නයක්. තමන්ගේ මව්බිමට මුල් තැන දෙන ජනතාවට පවුල් ප්‍රශ්න වලින් වැඩක් නැහැ.

:       0       8

ChampaThursday, 03 September 2020 03:31 PM

19 වෙනස් නොකරන්න තව හේතුවක් නම් ඡන්දයට ඉදිරිපත් වෙනවිටත් ඇමරිකන් පුරවැසියෙක් වුණු රටේ ජනාධිපතිවරයාගේ පරගැති පක්ෂපාතීත්වය. බලය අතට ලැබුණු ගමන් එම්සීසී ගිවිසුම ගැන ඔහුගේ යූටර්න් එක හින්දා, ඔහු කිසි විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයෙක් නොවෙන බව පසක් කරලා තියෙනවා. තමන් වෙනුවෙන් පෙනී හිටිය පෞද්ගලික නීතිඥයා අධිකරණ ඇමති කරන්න තරම් නීතිඥයාට ණය ගැති ජනාධිපතිවරයෙක් ගැන කවර කතාද?

:       0       5

Champa Thursday, 03 September 2020 03:40 PM

19 වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ..., කිසි දවසක ද්විත්ව පුරවැසියෙක් නොවුණු මහින්දට නැවත ජනාධිපති බලය ලැබෙනවා නම් විතරයි. ඒ වෙනුවෙන්, එක පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනාධිපති වෙන්න බැරි වගන්තිය වෙනස් වෙන්න ඕනේ සහ රටට වග කියන්නේ නැති, කිසිම ස්වාධීනත්වයක් නැති, දේශපාලකයින්ගේ අතකොලු වුණු කොමිසම් සභා අහෝසි වෙන්න ඕනේ... මහා ණය කන්දක හිරවෙලා ඉන්න මේ තරම් පොඩි රටකට මේ තරම් වියදම් අධික පරිපාලන ව්‍යුහයක් තියෙන එක විකාරයක්... මෙච්චර පොඩි රටක රාජ්‍ය පාලනය මෙච්චර සංකීර්ණ වෙන්න බැහැ. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව, ස්වාධින කොමිසම් සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභා, මොන පිස්සුවක්ද මේක...? මහින්ද නැවත ජනාධිපති වෙලා, අනාගතේ තියෙන්න ඕනේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව විතරයි. අනිත් සියල්ල අහෝසි වෙන්න ඕනේ....

:       1       5

Champa Thursday, 03 September 2020 03:43 PM

19 වෙනස් වෙලා වර්තමාන ජනාධිපතිවරයාට බලතල ලැබුණු ගමන් සිද්ධ වෙන්න පුළුවන් භයානකම දේ ඔහු එම්සීසී ගිවිසුම අත්සන් කිරීම... ඒක එහෙම වෙන්නේ නැහැ කියලා හෝ ඔහුව නවත්තන්න පුළුවන් කියලා හෝ කිසි කෙනෙකුට සහතික වෙන්න පුළුවන්ද?

:       0       9

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 57 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1344 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 626 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4605 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12958 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 909 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site