IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පවෙන් සහ මරණයෙන් මිදිය නොහැකිය

අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයයි. අවුරුද්දේ අවසාන මාසය වන දෙසැම්බර් මාසයේ යෙදෙන මෙම අවසන් පොහෝ දිනයේ සුවිශේෂී සිදුවීම් රැසක්ම සිදුව ඇති දිනයක් ලෙස ශාසන ඉතිහාසය පෙන්වා දේ. ඒ අතර සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය, මෙරටේ භික්ෂුනී ශාසනය ඇරැඹීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්‍රථම භික්ෂුනී ආරාමය ඇති වීම, දඹදිව සිට දක්ෂ විවිධ වෘත්තිකයන් මෙරටට පැමිණීම සහ සිරිපා වන්දනාව ඇරැඹීම යන කරුණු කාරණා මූලික වේ.

තථාගතයන් වහන්සේ විසින් නිරන්තරයෙන්ම අනුශාසනා කරනු ලබන්නේ සියලු‍ පාප ධර්ම නොකළ යුතුය යන්නයි. එමෙන්ම සියල්ලෝම මරණ ධර්මය නොඉක්මවූවන් නොවෙති. ඉන් අත්මිදීම සඳහා කිසිදු ආරක්ෂක ස්ථානයක් ද නොවන බවයි. වර්තමාන ලෝකය අධි තාක්ෂණික නිපැයුම්වලින් ගහණ වන අතර එම සියලු තාක්ෂණික මෙවලම් හා මූලධර්ම ගවේෂණාත්මකව සොයා ගැනීමේ මූලික අපේක්ෂාව සත්ත්වයාගේ පුද්ගලයාගේ ආරක්ෂාව සලසා ගැනීම වේ. එය විවිධ රෝග බීජවලින් අත්මිදීම ආදී විවිධ අපේක්ෂාවන් විය හැකියි. ශාරීරික වශයෙන් බාහිරව සිදුවන විවිධ බලපෑම් ආදියෙන් අත්මිදීම සඳහා ද හේතුවන විවිධ ආරක්ෂක උපකරණ ආදිය පමණක් නොව තම වාසස්ථාන සකස්කර ගැනීමද සිදු කොට ඇත්තේ ආරක්ෂාව හා පැවැත්ම මූලික කොටගෙනය. මානව සමාජයෙහි ආරම්භයේ සිටම විවිධ යුගවලට පුද්ගලයා ක්‍රියාත්මක වූයේ එම මූලික අපේක්ෂාව සිත්හි ගැනීමෙනි.භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා පාප ධර්මයෙන් වළක්වා ගැනීම සඳහා ධර්මය දේශනා කරන ලද්දේ සිදුකරගත් පාපයෙහි විපාකය සඳහා කිසිදු වාරණයක් නොමැතිවීම මූලික සාධකයක් වීම නිසා විය හැකිය.

“අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ” යන බුදුවදන සනාථ කරනුයේ සියලු‍ සත්වයන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම නොවන්නේ ද? අප්‍රමාණ ධන සම්පතින් මෙන්ම සේනා සම්පත් ද අනූන වූ ලෝකවාසී විවිධ පුද්ගලයන් මරණයෙන් අත්මිදීම සඳහා එම ධනය හෝ බලය කිසිදු රැකවරණයක් වූයේ නැත.

කිසියම් සාහසික ක්‍රියාවක් සිදු කරන පුද්ගලයා නීතියෙන් ගැලවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කොට කිසියම් කාලයකට අස්වැසිල්ලක් ලැබුවද එම වසන්වීම සිදුකරනුයේ තම සිතින් අප්‍රමාණව විඳින මානසික පීඩාවන් සහිතව වන්නේ මතුනොව පාප විපාකයකින් අත්මිදීමට හෝ මරණයෙන් මිදීම සඳහා සැඟවී සිටිය හැකි කිසිදු ආරක්ෂක ස්ථානයක් නොමැති බව ත්‍රි‍පිටක ධර්මයෙහි බොහෝ ස්ථානවල දක්නට ලැබේ. පාපකාරී පුද්ගලයන් පමණක් නොව විවිධ හේතූන් මත තම ජීවිතය පිළිබඳ  අධිතක්සේරුවක යෙදී සදාකාලික ජීවිත පිළිබඳ මංමුලාව සිහින ලෝකවල ජීවත් වන අඥාන පුද්ගලයන් ලොමු ඩැහැගන්වන මෙම ඉගැන්වීම ධම්මපද පාළියට අයත් පාප වග්ගයෙහි මෙසේ සඳහන් වේ.

න අන්තලික්කෙ න සමුද්ද මජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්ප දේසෝ
යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාප කම්මා

පාපකර්මයෙන් මිදිය හැකි තැනක් නොමැති බව මෙසේ සඳහන් වන අතර මරණයෙන් අත්මිදිය හැකි කිසිදු තැනක් ද නැති බව දක්වා ඇත. “යත්ථට්ඨිතෝනප්පසහේථ මච්චු”යනුවෙනි.“ජගතිප්පදේසෝ” යන පාලි වචනයෙන් පැහැදිලි කොට ඇත්තේ පාපී පුද්ගලයාට පාපයෙන් මිදී සිටීමට හැකි කිසිදු ආරක්ෂාකාරී පිහිටීමක් මිහිපිට කිසිදු තැනක දැකගත නොහැකි බවයි.“අන්තලික්ඛේන” මෙහි අන්තලික්ඛ යන නමින් අර්ථ ගන්වා ඇත්තේ අභ්‍යවකාශය හෙවත් අහසයි. “අන්තරීක්ෂ” හැඳින්වෙන මෙය මහපොළොවත් වෙනත් ග්‍රහලෝකත් අතර වූ ප්‍රදේශය ලෙසද දැක්වෙන අතර පවින් මිදී සිටීමට හෝ මරණයෙන් බේරී සිටීමට හෝ සමත්කම් නොදක්වන බව සඳහන් වේ.

වර්තමානය වන විට මෙම අභ්‍යවකාශය තුළ සැරිසරන විවිධ විද්‍යුත් මෙවලම් ඇත්තේ මතුනොව මගී  ප්‍රවාහනයෙහි යොදවා ඇති ගුවන් යානා පිළිබඳව සියල්ලෝම දැන සිටිති. ඇතැම් ග්‍රහලෝක ගවේෂණය සඳහා පමණක් නොව විනෝද චාරිකා සඳහා අභ්‍යාවකාශ ගතවන ලෝකයෙහි ඇතැම් බිලියනපතියන් පිළිබඳව වාර්තා වේ. එසේ සකස් කර ගත් යානයකින් හෝ ගමන් ගන්නා ග්‍රහලෝකයක දී හෝ පාපයෙන් සැඟවී සිටීමට හෝ මරණයෙන් අත්මිදී සිටීමට හැකියාවක් නොවන බව මින් අවධාරණය කෙරේ.“සමුද්දමජ්ඣෙ’’ යන වචනයද මුලින් සඳහන් කළ අහස මෙන්ම  අතිශය සංකීර්ණ වූ මහා සමුද්‍රය හෙවත් මහ මුහුද පිළිබඳව කෙරෙන විග්‍රහයකි. මේ පිළිබඳ අටුවා විග්‍රහය වන්නේ සම්මා “ක්ලීදන්ති චන්දෝදයේ අස්මා   ආපානීති සමුද්දෝ” යන්නයි.

 එහි අදහසවන්නේ සඳ උදාවේදී මහා ජලකඳ තදින් සිත ස්වභාවයට පත්වන නිසා සමුද්‍ර යන්න යෙදී ඇති බවයි. කෙසේ නමුත් මහ මුහුදෙහි ද අප්‍රමාණ නාවික යාත්‍රා ධාවනය වන බව රහසක් නොවන්නේ මතුනොව මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය ඉන් සිදු කෙරේ. එපමණක් නොව අදෘශ්‍යමානව ගමන් කළ හැකි සබ්මැරීන වැනි යුදමය වශයෙන් වැදගත් වන යාත්‍රා පහණක් නොව හෝ ඉතා සුවපහසු අධිසුඛෝපභෝගී නාවික යාත්‍රා පිළිබඳව ද අසන්නට ලැබේ. ඇතැම් රටවල අවිබලය නාවික ශක්තිය පෙන්වීම සඳහා සන්නද්ධ නාවික යාත්‍රා පිළිබඳව ද තොරතුරු සඳහන් වන්නේ මතු නොව සමුද්‍රය තුළ එම කිසිදු නාවික යාත්‍රාවක රැඳී සිටීමෙන් සිදු කළ පාපක්‍රියාවක විපාකයෙන් හෝ ස්වාභාවික මරණයෙන් බේරී සිටීමට නොහැකි බව දහමින් අවධාරණය කරනු ලැබේ. එසේම සැඟව සිටීම සඳහා යොදාගත හැකි තවත් ශක්තිමත් පිහිටීමක් පිළිබඳව “පබ්බතානං විවරං පවිස්ස න” යන වචනයෙන් පැහැදිලි කෙරේ.

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මය ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට උපමා උපමේය භාවිතය සිදු කොට ඇති අයුරු ඉතා ප්‍රකට කරුණකි. ඒ අනුව මෙම ධර්ම දේශනයේ දී ද පුද්ගලයාට ඉතා සමීප වස්තූන් කිහිපයක් උපමා කරගනිමින් පුද්ගලයන් නිතර දකින ආකාශය පමණක් නොව මහ මුහුද මෙන්ම ගල්ගුහාවන් පිළිබඳවද දක්වමින් ඉතා ගැඹුරු ධර්ම කාරණා කීපයක් දේශනා කොට ඇත. තථාගතයන් වහන්සේගේ මෙම උතුම් දේශනය සඳහා පාදක සිදුවීම් කීපයක් වන්නේ මතුනොව ප්‍රථම කරුණ වන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ තෙනමකගේ අත්දැකීම් ආශ්‍රිත සිදුවීම් තුනක් පිළිබඳව ඉදිරිපත් කළ ගැටලු තුනකට පිළිතුරු සැපයීමයි. එමෙන්ම යසෝදරාවගේ හා දෙව්දත් තෙරුන්ගේ පියාණන් වූ සුප්‍රබුද්ධ ශාක්‍ය රජු අපාගතවීම පිළිබඳව සිදුවීම වන අතර එක් භික්ෂු පිරිසකට ගැටලු‍වක් වූයේ ගිනිගත් ගෙයකින් අහසට නැගුන ගිනිදැලක් පියඹා යමින් සිටි කපුටෙකුගේ ගෙල දැවටි දැවී යාමේ සිදුවීමය. ඊට භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වාදීම වූයේ එසේ ගිනිගෙන දැවී ගිය කපුටා මිනිසෙක්ව ඉපිද සිටියදී ගවයෙකු පිදුරුවලින් වෙලා ගිනි තබා මැරීම වන අතර සියක් ආත්මභාවයන්හි ගිනිගෙන දැවී මෙසේ දරුණු විපාක ලද බවයි. දෙවැනි පැනය වූයේ නැවක් අනතුරට ලක් වූ මොහොතක නැව බේරා ගැනීම සඳහා නාවිකයා විසින් කුසපත් ඇද අභාග්‍යසම්පන්න පුද්ගලයා සෙවීමේ දී ඔහුගේ රූමත් බිරිඳ තෙවන වරටත් තේරී ගෙල කළයක් බැඳ මුහුදට දැමීමය. මෙහි අතීත සිදුවීම වූයේ ඉතා සෙනෙහසින් තමා සමග ගැවසෙන තම සුරතල් සුනඛයා බාහිර සමාජයෙන් එල්ලවන උසුළු විසුළු නිසා ගෙල කළයක් ගැටගසා දියේ ගිල්වා මරා දැමීමේ විපාකය සියක් ආත්මයක සිට මෙසේ එම පාපවිපාකය විඳීමේ ස්වභාවය වේ.

තෙවැනි සිදුවීම වන්නේ මහමග වඩින භික්ෂූන් සත් නමක් ගල්ලෙනක් තුළ රෑ පහන් කරන අතර රාත්‍රී කාලයේ වෙනත් විශාල ගල්කුලක් පෙරලී අවුත් ලෙන් දොර වැසී ගිය අතර බොහෝ උත්සාහ කළ ද එය ඉවත් කළ නොහැකි වූයෙන් සත් දිනක් ඇවෑමෙන් ගල ඉවත් වීමත් කරන ලද ප්‍රතිකාර නිසා භික්ෂු පිරිස මරණයට පත් නොවූ බවත් ප්‍රකාශ කෙරිනි. එම සිදුවීමෙහි අතීත අකුසලය ලෙස භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ගොපලු‍ දරුවන් සත් දෙනෙකු තලගොයින් වසන තුඹසක් දැක එම තුඹසෙහි සිදුරු සතක් සත් දෙනා විසින් වසා දමන ලදින් සත් දිනකට පසු ඔවුන් එම තුඹසෙහි සිදුරු හැර දැමීමෙන් පසු එහි සිටි තලගොයින් ආහාර අහේනියෙන් පීඩිතව කැලයට ඇදී ගියේ මතුනොව එම සතුන් නොමැරූ බැවින් මරණය සිදු නොවුවද මිනිස් ආත්මභාව රාශියක දී මෙසේ සිරගතව කුසගින්නේ සිටිමින් එම පාපකර්මයේ විපාක විඳි අයුරු දේශනා කළහ. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මහත් වෛරයෙන් යුතුව අපහාස කරමින් මඟ අවුරාලමින් සිදුකරගත් පාප කර්මයෙන් මිදීමට සත්මහල් පහයක රැකවලු‍න් යොදවමින් රැඳී සිටියද ඉන් අත්මීදීමේ හැකියාවක් නොවූයේ මතු නොව විවර වූ පොලෝ තලයෙන් අපායගාමී වුණි. මෙම දේශනාවන් මගින් ගැටලු සහිතව පැමිණ විසඳුම් ලත් තෙරවරුන් සෝවාන් වූ අතර සිදු කළ පාප ධර්මයෙන් අත්මිදීමට හේතුවූ සියල්ලන්ට සාධාරණ වූ මරණ ධර්මයෙන් අත්මිදීම සඳහා කිසිදු ආකාරයක සැඟවිය හැකි තැනක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කොට වදාළහ.

 

(***)
කොළඹ 6 හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද නා හිමි

 



අදහස් (0)

පවෙන් සහ මරණයෙන් මිදිය නොහැකිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3148 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12275 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 568 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 941 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1021 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 497 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site