සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ බව අනාවරණය වූ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
මේ රට යනු තරුණ කැරලි දෙකක අත්දැකීම් ඇති රටකි. මෙම කැරලි නිර්මාණය වූයේ අහේතුකව නොවේ. අයුක්තියෙන්, අසාධාරණයෙන් හා අසමානතාවෙන් නොනැවතී පීඩා විඳි තරුණයන්ගේ අසහනය කැරලි ලෙස එසේ ප්‍රකාශයට පත්විය. ලෙයින්, යකඩෙන් හා ගින්දරෙන් මඩිනු ලැබුව ද එම කැරලි නිර්මාණය වීමට හේතු පාදක වූ සාධක අමතක නොකළ යුත්තකි.
මේ රට යනු තිස් වසරක යුද්ධයකින් දැවුණු තැවුණු රටකි. මිනීමරු ප්‍රභාකරන්ගේ සිහින ඊළාම් දේශය වෙනුවෙන් යුද්ධය ආරම්භ වුවද ප්‍රභාකරන්ට අවශ්‍ය වූ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් වූ තරුණයා ද සමඟ තෝරා ගත්තේ ද තමන් පෙළෙමින් සිටි පීඩනයට පිළිතුරක් වශයෙන් ඇති වූ හැඟීම නිසා බව බැහැර කළ නොහැකිය.
ඉතිහාසය, පුනරුච්චාරණය කරනු ලැබුවේ සහේතුකවය. පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තාවීම ඉතා බැරෑරුම්ව වටහා ගත යුත්තකි. එය එක් අතකින් මෙරට පවතින පංති විසමතාව පෙන්නුම් කරන ප්‍රවෘත්තියකි. සම්පත් බෙදී යාමේ ඇති විසමතාව අවධාරණය කෙරෙන පුවතකි. මෙම තත්වය බැරෑරුම්ව ගත යුත්තේ මෙමගින් පීඩාවට පත්වන දරුවා තුළ ඇති කරනු ලබන්නේ අසහනය, අපේක්ෂාභංගත්වය වන හෙයිනි. මෙම සාධක දෙකම කැරලිවලට අවශ්‍ය පසුබිම සකස් කර දේ.
ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණ වී ඇති තවත් සුවිශේෂි කරුණක් වන්නේ පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති කාරණයයි. මෙමගින් අපට නිගමන දෙකකට එළැඹිය හැකිය. පළමු වැන්න නම් ඇතැම් දරුවන් පාසල් නොඑන්නේ පාසල් ඒමට තරම් ශක්තියක් නොමැති නිසා බවය. දෙවැනි කාරණය නම් ආහාර ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් පසුව දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇත්නම් එම දරුවන් පාසල් පැමිණෙන්නේ ඉගෙනීමට නොව කුසගින්න නිවා ගැනීමට බවය. මේ රටේ දරුවා මුහුණ දී සිටින ඛේදවාචකය ඉහත නිගමන දෙකෙන් වුවද පැහැදිලි කරගත හැකිය.
පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලි ලත් නයන පිනවන මේ රන් දිවයින අද පත්ව ඇති ඉරණම බෙහෙවින්ම ඛේදනීය වේ. මේ තත්වයට රට පත් කළ අධමයන් කවුදැයි එකිනෙකාට බැණ අඬ ගැසීමෙන් මෙම ඉරණම වෙනස් කළ නොහැකිය. අවශ්‍ය වන්නේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරකි. දේශපාලන පාට කණ්ණාඩි නොදමා සාමුහික විචාර බුද්ධියෙන් මෙන්ම අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් පණ පෙවී ප්‍රශ්නය දෙස බලන්නේ නම් ඉක්මන් පිළිතුරු නිර්මාණය කර ගැනීම අසීරු නොවේ.
‘ලොව හොඳම දේ දරුවන්ට’ යන්න ශිෂ්ට සම්පන්න ජන සමාජයේ ඉමහත් ඉහළින් උස්මහත් කරනු ලැබූ සංකල්පයකි. එහෙත් අවාසනාවකට අපේ දරුවෝ ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත්ව සිටිති. එම දරුවා රටේ අනාගතය බාරගැනීමට සිටින්නාය. එම තත්වය තුළ රටේ අනාගතය සම්බන්ධයෙන් අපට සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිද යන්න වැඩිහිටියා කල්පනා කළ යුතුය.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු