විෂය කටයුතුවලට අදක්ෂ දරුවන් හැඳින්වීම සඳහා පොදුවේ සමාජය තුළ ව්‍යවහාර වන විශේෂණ පදයක් වන්නේ ‘‘මැටි ගුලියක්’’ යන්නය. එහෙත් එය නිවැරැදි නොවේ. දක්ෂ, අදක්ෂ බේදයකින් තොරව සෑම දරුවකුම ‘‘මැටි ගුලිම’’ වේ. මේ මැටි ගුලි හැඩ කපා වර්ණ ගන්වා නිර්මාණයක් බවට පත් කළ යුතුය. එය කළ යුතුවන්නේ ගුරුවරයා විසිනි. දරුවා පාසලට යවනු ලබන්නේ ඒ වෙනුවෙනි. දරුවා පාසලට ගියත් පාසල තුළ ගුරුවරුන් නොමැතිනම් ඒ දරුවාට අත්වන ඉරණම කුමක්ද?
ඉහත තත්වය පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ අනුරාධපුර මහ විල්ලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මපාල විද්‍යාලයේ වසර ගණනාවක විභාග ප්‍රතිඵල අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් අසමත් වූ සිසුනට තම නමවත් ලියාගැනීමට නොහැකි බවට මවුපියන් චෝදනා කරන බවය. මෙම කනගාටුදායක තත්වය පිළිබඳව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාදුන් වාර්තාවේ සඳහන් වනුයේ 2020 වසරේදී එම විද්‍යාලයේ සිසුන් 35 දෙනකු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර එයින් සිසුන් 27 දෙනකුම විභාය අසමත් වී ඇති බවය.
ඛේදවාචකය එතැනින් නතර නොවේ. 2021 වසරේදී සිසුන් 25 දෙනකුම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර එයින් සිසුන් විසි දෙදෙනකුම විභාගය අසමත් බවය.
2022 වසරේදී සිසුන් 28 දෙනකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද ඉන් සමත්ව ඇත්තේ සිසුන් තිදෙනකු පමණි. ඒ අනුව පෙර වසර තුනේම සාමාන්‍ය පෙළ විභාගය සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 8ක්, 5ක් හා 3ක් වශයෙන් දැක්විය හැකිය.
අප ආසියාවේ අාශ්චර්ය කරා යාමට උත්සාහ කළේත්, මාස 60න් අලුත් රටක් හැදීමට උත්සාහ කළේත්, දැන් වැල් පාලමෙන් එගොඩ කරවීමට ප්‍රයත්න දරන්නේත් රටේ අභ්‍යන්තරය මේසා විශාල ලෙස නාය යෑමකට ගොදුරුව තිබියදීය. ‘ළඟම පාසල හොඳම පාසල’ වැනි සාර සංකල්ප වලින් ගොඩනැගීමට උත්සාහ දරා ඇත්තේ මෙලෙස ඇතුළතින් දිරාපත් වූ අධ්‍යාපන ක්‍රමයක්ය.
මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත් වූ දරුවන්ට යළිත් තම නිවෙස කරා යෑමට සිදුව තිබෙන්නේ තම නමවත් ලියාගැනීමට නොහැකිව වීම කෙතරම් බරපතළ කාරණයක්ද යන්න වටහා ගැනීම අසීරු නොවේ.
සඳමල් එළිය, විහාරස්ථානයේ විහාරාධිපති විහාරාගම සංඝරතන හිමියන් අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.
‘‘තිස් වසරක යුද්ධයත් සමග ධර්මපාල විද්‍යාලයට ගුරුවරුන් ගෙන්වා ගැනීම අතිශයින්ම දුෂ්කර වුණා. එහෙත් අද වනවිට අනුරාධපුර සිට තන්තිරිමලේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ඉවරයි. පැය භාගයකින් තන්තිරිමලේ නගරයට එන්න පුළුවන්. එසේ තිබියදීත් අධ්‍යාපන කේෂ්ත්‍රයේ බලධාරීන් හෝ දේශපාලනඥයන් අපේ දුක් ගැනවිලිවලට ඇහුම්කන් දෙන්නේ නෑ. බීරි අලින්ට වීනා වයනවා වගේ අනුරාධපුර නගරයේ පාසලක් ගත්තොත් ගස් අස්සේ හෙවණේ ඇති තරම් ගුරුවරුන් ඉන්නවා. මේ පාසලට ගොස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එවැනි පහසුකම් දෙන්න බැරි ඇයි? මොවුහුත් අපේ රටේම දුවා දරුවෝය. බලවතුන්ට එය නොතේරීම ඛේදවාචකයකි.
ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති අනුර කොස්වත්ත මහතාගෙන් අප පුවත්පත කළ විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ පාසලේ ගුරු හිඟයක් පවතින බවය. දැනට සේවය කරන්නේ ගුරුවරුන් 12 දෙනකු පමණක් බවය. මේ සම්බන්ධයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය හොඳින්ම දන්නා බවත් තමා උපරිම ශක්තියෙන් වැඩකළ බවත්ය.
අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේශා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබුණේ ධර්මපාල විද්‍යාලයට ඉන්නේ වැඩබලන විදුහල්පතිවරයකු බවත්. ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී ලොකු අඩුපාඩුවක් තිබෙන බව පැහැදිලි වන බවත් ගුරු හිඟය පිළිබඳ ඉහළට දැනුම් දී තිබෙන බවත්ය.
මහ විලච්චිය අධ්‍යාපනන කොට්ඨාසයේ ධර්මපාල විද්‍යාලයේ දරුවන්ගේ ඉරණම මෙසේ තීන්දුවීම සම්බන්ධව වගකීම ඒ දරුවන්ම බාර ගත යුතුද? එම ප්‍රශ්නය ඔබ ඉදිරිපිට තබමු.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පාසලක දුවා දරු ඉරණම දරුවන්ටම බාරදිය යුතුද?
munasinghe indika prasad Tuesday, 16 April 2024 04:06 PM
ලංකාවේ ඕනෑ තරම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකර ඇත. දෙමාපියන් තම පාලකයන් තෝරා ගත්තේ මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්ද????? ඔබේ කතිරයේ ප්‍රතිඵල ඔබේ දරුවන්ට ලැබී ඇත, මේ ගැටළුව - එක පාසලකට, කලාප කාර්යාලයකට, දිස්ත්‍රික්කයකට, පළාතකට විතරක් ලගුකළ නොහැක. ප්‍රමානාත්මකව වෙනස් වුවද, අර්බුදය සමස්ථ අධ්‍යාපන කේෂ්ත්‍රය පුරා පැතිරී ඇත. රටක් ලෙස එක්ව , මේ දහජරා , ඔලමොට්ඨල, අමන මනසක් නිර්මාණය කරන, මෙම අධ්‍යාපන ක්‍රමය පූර්ණ පරිවර්ථනයකට ලක්කර, මානව වාදී දරු පරපුරක් නිර්මාණය කර ගැනීම සඳහා අධ්‍යානය කේෂ්ත්‍රය පූර්ණ පරිවර්ථනයකට ලක් කළ යුතුයි.
සෙනෙවිරත්න Wednesday, 17 April 2024 09:20 AM
අපිට දුන්නොත් මාස 06න් ගොඩදාලා දෙනවා...!
himal Thursday, 18 April 2024 12:46 PM
ඔය වගේ ඉස්කෝල තවත් පැතිවල ඇති. ඒත් වසර 11ක් ඉගෙන ගෙන තමන්ගේ නම් ලියාගන්න බෑ කියන කතාව හරියට ම හොයලා බලන්න වෙනවා. කොහේ හෝ ලොකු ඉස්කෝලෙක ඉන්න ගුරුවරු ස්ථාන මාරු කරන්න ගත්තා ම ඒක එපා කියලා ඒකට ආණ්ඩුවට බනින අය මේවට කියන්නෙ මොනවද? පහුගිය කාලෙත් මෙන්න මේ ගුරුවරයා මාරු කරන්න එපා අපේ ඉස්කෝලේ අරුම පුදුම සංස්කෘතියක් තියෙනවා ඒක කැඩෙනවා කියලා කෑ ගහපු කට්ටිය හිටියා නේද?