පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා ඉකුත් සඳුදා (17 වැනිදා) නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කොට තිබේ.
ඒ අනුව 2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියම කරනු ලැබ තිබියදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දින නියමයක් නැතිව කල් යන තත්වයට පත් කරන ලද පළාත් පාලන මැතිවරණ ලබන අප්‍රේල් මස අගදී පමණ පැවැත්වෙනු ඇතැයි සිතිය හැකිය.
අවසාන වතාවට රටපුරා පළාත් පාලන ආයතන 340කට මැතිවරණ පැවැත්වුණේ 2018 පෙබරවාරි 10 වැනිදාය. ඒ අනුව 2022 මාර්තු 20 වැනිදා ඊළඟ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් පළාත් පාලන ඇමැතිවරයාට නීතියෙන් ලැබී ඇති බලතල අනුව එවක රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් එම මැතිවරණ වසරකින් කල් දමන ලදී. ඒ අනුව 2023 මාර්තු 9 වැනිදා එම මැතිවරණ පවත්වන බව මැතිවරණ කොමිසම එම වසරේ ජනවාරි මුල් සතියේ නිවේදනය කළේය.
එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම මැතිවරණ කල් දැමීමට ඒවා නිවේදනය කරනු ලැබීමටත් පෙර සිටම විවිධ උපක්‍රම ක්‍රියාත්මක කළේය. මැතිවරණ ක්‍රම සංශෝධනය සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් 2022ජූනි මාසයේදී කතානායවරයාට වාර්තාවක් ඉදිරිපත් කොට තිබියදීත් එම අරමුණ සඳහාම තවත් තේරීම් කාරක සභාවක් පත් කරන්නට ඔහු 2022 දෙසැම්බර් මාසයේදී උත්සාහ කළේය.
ඔහුගේ අනුදැනුම ඇතිව යැයි සැක කළ හැකි අයුරින් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් දින නියම කරනු ලැබ ඇති පළාත් පාලන මැතිවරණ කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
මේ අතර මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර කිසිදු මතභේදයක් නැතිව තිබියදී ජනාධිපති වික්‍රමසිංහ මහතා ස්වාධීන ආයතනයක් වූ එම කොමිසමේ සාමාජිකයන් තම කාර්යාලයට කැඳවා මැතිවරණය පිළිබඳ මතභේද නිරාකරණය කර ගන්නා ලෙස උපදෙස් දුන්නේය. මෙමඟින් ඔහු කොමිසමේ අවුලක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය.
ඉන්පසු වෙනත් රජයේ ආයතනවලින් මුදල් ණයට ගෙන කිසිදු කටයුත්තක් නොකරන ලෙස ඔහු සියලු රාජ්‍ය ආයතනවලට නියෝග කළේය. පොලිසිය හා රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසමේ කටයුතු ණයට කිරීම වැළැක්වීම එහි අරමුණයි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ කොමිසම මෙම ආයතනවලට එම කටයුතු සඳහා පසුව මුදල් ගෙවීමය.
එසේම පාර්ලිමේන්වේදී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා මැතිවරණය ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම 2023 ජනවාරි මුලදී කළ නිවේදනය නීත්‍යානුකූල නොවේයැයි කීවේය. එහෙත් මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය 2023 මාර්තු 3 වැනිදා නියෝග කර තිබියදීත් එසේ මුදල් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් මැතිවරණය කල් දැමීම හැර වෙනත් විකල්පයක් නැති තැනට මැතිවරණ කොමිසම පත් කළේය.
කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීම මඟින් ජනාධිපතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් මැතිවරණ කොමිසමත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි 2024 අගෝස්තු 22 වැනිදා තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය හැකි ඉක්මනින් එම මැතිවරණ පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කළේය. එහෙත් පසුගිය වසර අවසානයේදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වුණෙන් පළාත් පාලන මැතිවරණ එම වසරේ පැවැත්වීමට නොහැකි විය.
වසර දෙකකට පෙර භාර දෙන ලද නාම යෝජනා අවලංගු කොට අලුතින් නාම යෝජනා කැඳවිය හැකි අයුරින් අදාළ මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා ද කාලයක් ගතවිය. එම සංශෝධනය පළාත් පාලන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත ලෙසින් පසුගිය සඳුදා (17) ඒකමතිකව (ඡන්ද 187ක් ලැබ) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්මනින්ම මෙම මැතිවරණය පැවැත්විය යුතු යැයි කීවද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු හේතුවෙන් මැතිවරණ පැවැත්විය හැකි වන්නේ අප්‍රේල් මස අගදීය. ඒ බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙබරවාරි 9 වැනිදා වාර්තා කොට තිබිණි.
එසේ තිබියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් අඟහරුවාදා (18) මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් හමුවී මාර්තු 21 වැනිදා අයවැය විවාදය අවසන් වූ පසු මැතිවරණයේ කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා ඇත. ඔවුන් ඊට හේතු වශයෙන් කොමිසමට පවසා ඇත්තේ ඊට පෙර මැතිවරණ කටයුතු ආරම්භ කළහොත් එය තමන්ගේ පාර්ලිමේන්තු වගකීම්වලට බාධාවක් විය හැකි බවයි.
නීතිය අනුව මැතිවරණ පැවැත්වෙන දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසමයි. එහෙත් පාලකයන්ට අවශ්‍ය පරිදි මැතිවරණ කාලය හා දිනය තීරණය කිරීමට නීතියෙන් ඉඩ සලසා දී තිබේ. ජනාධිපතිවරණ කල් තබා පැවැත්වීමට බලයේ සිටින ජනාධිපතිවරයකුට හැකියාව තිබේ. පළාත් පාලන මැතිවරණ කල් දැමීමට විෂයය භාර ඇමැතිවරයාට බලය තිබේ. 2022 දී එම මැතිවරණ කල් දැමුණේ ඒ අනුවය. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට මඟ පැදීමටද ජනාධිපතිවරයාට බලය තිබේ.
එහෙත් දැනට පළාත් පාලන මැතිවරණ කල් දමනු ලැබ ඇත්තේත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන්නේත් කිසිදු නීතියක් අනුව නොව ඊනියා යහපාලන ආණ්ඩු සමයේ ආණ්ඩු පක්ෂයේ සිටියවුන්ගේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් මැතිවරණ භීතිකා රෝගය නිසාය.
2017 දී යහපාලන ආණ්ඩුව පළාත් සභාවල මැතිවරණද මිශ්‍ර මැතිවරණ ක්‍රමයට පවත්වන්නට පනතක් සම්මත කළේය. එදා එම ප්‍රකාශිත අරමුණ වරදකැයි කිව නොහැකිය. එහෙත් ඒ අනුව කළ යුතුව තිබූ සීමා නිර්ණය ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකළේ එජාපයයි. වත්මන් සමඟි ජන බලවේගයේ නායකයන්ද එදා සිටියේ එජාපයේය. අද දක්වා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිව අත්තේ එහෙයිනි.
දෙමළ නායකයන්ට බලය බෙදීම පිළිබඳව විවිධාකාර පොරොන්දු දෙමින් සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලයෙන් ඇද වැටෙන තුරුම තමන් අවුල් කළ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අව්‍යතාවක් නොතිබිණි. දැනට පවතින නීතිමය අවුල විසඳා එම මැතිවරණ පැවැත්වීමට තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුත් ඔහු එය නොතකා හැරියේ එබැවිනි.
දැන් සියලු බාධා ඉවත්වී පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබුණද විපක්ෂය ඊට සූදානම් නැති බව පෙනේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ විපක්ෂයේ පක්ෂ අතර සන්ධානයක් ගොඩ නගා ගැනීම කෙසේ වෙතත් තනි තනි පක්ෂ තුළද විවිධාකාරයේ මත ගැටුම් හා අසමගිතා ඇති වී තිබීමය.
මාස තුනකට පෙර පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියට 40කට අඩුය. ඉන්පසු ඇතැම් සමුපකාර නිලවරණවලදී විපක්ෂයේ සියලු පක්ෂ එක්වී ජාතික ජන බලවේගය පරාජය කළද පොදුවේ රට තුළ ජාජබ බලය දියවී යාමක් දක්නට නැත.
මැතිවරණය ඉක්මනින් පැවැත්වීම ගැන ඔවුන් නොකැමැත්ත පළ කරන්නේ ඒ අනුවය. පාර්ලිමේන්තු වගකීම් ඔවුනට පමණක් නොව ආණ්ඩු පක්ෂයටද අදාළ වේ. එහෙයින් ඔවුන් එම වගකීම් නිසා මැතිවරණය කල් දමන ලෙස කරන ඉල්ලීම වලංගු නොවේ. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය නම් මහ මැතිවරණයේදී සියයට 61ඡන්ද ගත් ජාජබ පරාජය කළ හැකිද යන්නයි.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව තරග කිරීම පිළිබඳ සාකච්ඡාද පවතින්නේ වැට උඩය. පක්ෂ දෙකේම යම් යම් පිරිස් එවැනි සමගියකට එකඟ නැත. ඒ ආසන සංවිධායක ධුර වැනි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම පිළිබඳ ප්‍රශ්න නිසාය. මේ පිළිබඳව මතුවූ මතභේදයක් හේතුවෙන් සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දැනටමත් තමන් තවදුරටත් එම සාකච්ඡාවලට සහභාගි නොවන බව පවසා තිබේ.
මෙම පක්ෂ දෙකේ එකමුතුව පිළිබඳ කාරණයේදී විසඳා ගැනීමට දුෂ්කර කාරණය එකමුතුවේ නායකත්වය කාටද යන ප්‍රශ්නයයි. සජබට මෙන් ඡන්ද පදනමක් එජාපයට නැති වුවද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළිගනු ඇතැයි සිතිය නොහැකිය. එසේම තමන්ගේ ඡන්ද පදනමෙන් හතරෙන් එකක් ඇති පක්ෂයකට එජාප- සජබ සන්ධානයේ නායකත්වය පවරාදීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් නොවන්නේ නම් එයද තේරුම් ගත හැකිය.
මේ අතර උඩරට දෙමළ පක්ෂවලටද මෙම මැතිවරණය ගැටලුවක් වී ඇති බව පෙනේ. ජනාධිපතිවරණයේදී ස්වාධීන දෙමළ අපේක්ෂකයාට තමිල් අරසු කච්චි හි ප්‍රධාන පෙළේ නායකයන් පිරිසක් සහාය දීම නිසා දැන් එම පක්ෂය තුළ අර්බුදයක් මතුව තිබේ. ස්වාධීන දෙමළ අපේක්ෂකයාට සහය දුන් පුද්ගලයන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය පසුගියදා යෝජනාවක් සම්මත කළේය. එහෙත් ශ්‍රීධරන් වැනි නායකයන් ඉවත් කිරීමද බරපතළ කාරණයකි.
ආණ්ඩුවට දමා ගසන්නට විපක්ෂයට ශක්තිමත් ආයුධ ඇති බවක්ද නොපෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව ජාජබ දැන් එම අරමුදලේ වැඩ පිළිවෙළ කරගෙන යන බව කීම යල් පීනූ විවේචනයකි. 2028 දක්වා රට යා යුත්තේ මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ සමගයැයි ජා.ජ.බ නායක අනුර කුමාර මහතා ජනාධිපතිවරණයට පෙරදීම කියා තිබිණි. ආණ්ඩුව එම වැඩ පිළිවෙළ යටතේ බදු කොන්දේසි වෙනස් කර ගත නොහැකි වී ඇතැයි කීමද එවැන්නකි. බදු කොන්දේසි වෙනස් කර ගත නොහැකි වුවහොත් පවතින කොන්දේසිම ක්‍රියාත්මක කරන බවද ඒ දිනවල දිසානායක මහතා පවසා තිබිණි.
ආණ්ඩුව දුෂ්කරතාවට පත්වන්නේ තමන් මැතිවරණයට පෙර අතිශයෝක්තියෙන් ජනතාවට දෙන ලද පොරොන්දු විපක්ෂයේ නායකයන් සිහිපත් කරන විටය. එහෙත් ජනතාව ඒවා සැබැවින්ම සැලකිල්ලට ලක් කරන්නේද නැද්ද යන්න දැනගත හැකිවනු ඇත්තේ පළාත් පාලන මැතිවරණයේදීය.
(*** එම්.එස්.එම්.අයුබ්)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
AB Monday, 24 February 2025 04:45 AM
1. පසුගිය රජය විසින් ආර්ථික අර්බුදය මත මුදල් නොමැතිකම නිසා පළාත්පාලන මැතිවරණය නොපත්වවිම මත ප්‍රදේශය සබා මගින් මහජනත්වට සිදු නොවුණු හෝ ඉටුනොවුනු ( එසේ ඉටුනොවුනු කරනා තිබේනම් ප්‍රාදේශීය දේශපාලකයන් අවමගුල්, විවාහ හෝ වෙනත් අවස්ථවන් සදහා සහබාගි නොවීම හැර ) කාරනා තිබේද ? 2. වර්තමාන රජයට පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් තිබේද ? එසේ නොමැතිනම් ඒ සදහා මුදල් ලබන්නේ Treasury / Reserve bank හෝ IMF. World Bank, ADB හෝ වෙනත් ආකාරයකට නය මුදල් ලබාගැනීමෙන්ද ? 3.Treasury / Reserve bank මුදල් ලැබී තිබේනම් එම මුදල් ජාතික මැතිවරණයක් නොවන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නොව රජයේ වෙනත් අත්‍යවස්ය කටයුතු health, primary education, Maternity leave වැනි කටයුතු සදහා යොදාගැනීමට නොහැකිද ? ආණ්ඩුවේ මන්ට්‍රිවරු දුෂ්කර තත්වයට පත්වන්නේ මාලිමා ජනපති සහ මාලිමා ආණ්ඩුව විසින් බලයට පැමිණීමට පෙර ජනතවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් ඉටුනොවීම පිලිබදව පාර්ලිමේන්තුව තුල ප්‍රස්නාකරන විටදී උවද වර්තමාන විපක්ෂයේ සියලු කණඩායම්, ඔවුන් බලයට පැමිණියද වෙනත් විකල්ප යෝජනා විසදුම් ඉදිරිපත් කිරීමට මෙතෙක් නොහැකිවී තිබේ..