IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පළාත් සභා ඡන්දය එයි

දේශපාලන කරළියේ කතාබහට ලක්ව තිබුණේ ජනාධිපතිවරණයක් ගැනය. මේ වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව මුළු රටේම අවධානය යොමුව තිබුණු අවස්ථාවක ඊට ජනාධිපතිවරයා මැදිහත් වූයේය. ජනාධිපතිවරයා කීවේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට බල කළ යුතු බවය. 


ඒ අනුව දේශපාලන කතාබහ මේ වනවිට පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ දෙසට මාරු වී තිබේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සියලු දේශපාලන පක්ෂ නායකයෝත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කැමැත්ත පළ කර සිටිති. ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වූ බවය. 


මේ අතර ඉකුත් දා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවරක් ගැනීම සඳහා විකල්ප යෝජනා හතරක් ගැන සාකච්ඡා කෙරිණ. දේශපාලන පක්ෂ නායකයන් එම විකල්ප හතර අනුමත කර අරුතැයි ද පැවැසේ. ඉන් පළමු යෝජනාව අලුත් ක්‍රමයකට පළාත් සභා ඡන්දය පැවැත්වීමය. ඒ සඳහා ආඩුපාඩුවක්ව තිබෙන්නේ සමාලෝචන වාර්තාවක් නොමැතිකමය. සමාලෝචන වාර්තාවක් නොමැතිව වුව ද ජනාධිපතිවරයා එය අනුමත කරන්නේ නම් ඊට විසඳුමක් ලැබෙන බව ද පක්ෂ නායකයන් පවසා ඇත. කෙසේ වෙතත් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එහිදී බලපාන්නේ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතය. 


ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ සීමා නිර්ණය වාර්තාව සැලකිල්ලට ගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට නම් එම වාර්තාව ද නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකෙන් සම්මත කරගත යුතුය. දෙවැනි විකල්පය වන්නේ පළාත් සභා ඡන්දය ඉල්ලා උසාවි යෑමය. එම උසාවි යෑම් සිදු කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවයි. සාකච්ඡාවේදී දේශපාලන නායකයන් පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව උසාවි යා යුතු බවය. දේශපාලන නායකයන්ගේ තෙවැනි විකල්පය අගතියට පත්  පාර්ශ්වයක් උසාවියේ නඩු පැවැරීමය. දැනට පළාත් සභා අක්‍රියව පවතින ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයකුට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම නිසා තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව කියමින් නඩු පැවැරිය හැකිය. දේශපාලන පක්ෂ නායකයන් පෙන්වා දී ඇත්තේ උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ සබරගමුව යන විසුරුවා හැර ඇති පළාත් සභාවල හිටපු මහ ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ නැතිනම් ඡන්දදායකයකුට හෝ උසාවි යාමේ හැකියාවක් පවතින බවය. දේශපාලන පක්ෂ නායකයන්ගේ සිව්වැනි යෝජනාව වී ඇත්තේ දැනට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති කෙටි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉක්මණින් සම්මත කරවා ගැනීමය. එසේ වුවහොත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට ඉක්මණින් පැවැත්විය හැකි බවය. ආරංචි මාර්ග සඳහන් කළේ හතරවැනි විකල්පය වඩාත් සුදුසු බවට දේශපාලන පක්ෂ නායකයන් යෝජනා කර තිබෙන බවය. 


කෙසේ වෙතත් සිදුවන ක්‍රියාවලිය ඒ අයුරින්ම සිදුවන්නේ නම් මේ වසරේ අප්‍රේල් මාසයේදී හෝ මැයි මාසයේදී හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව ද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.  


එසේ වුවහොත් මැයි මාසයේදී පළාත් සභා මැතිවරණයත් දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණයත් යන මැතිවරණ දෙකම පැවැත්වීමට ඉඩ තිබෙන බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 


දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් කරළියට පැමිණ තිබේ. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ සඳහන් කරනුයේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නව දේශපාලන පක්ෂය කටයුතු කරන බවය. “ඉදිරියේදී අපි අපේ පක්ෂය ලියාපදිංචි කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය කරලයි තිබෙන්නේ. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. දැනටමත් රට පුරා සංවිධායක කටයුතු දියත් කර තිබෙනවා. පළාත් සභා පළාත් පාලන ආයතනවල හිටපු එජාප මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් අප වටා එකතු වෙමින් සිටිනවා” යැයි ද සුගත් හේවාපතිරණ කියයි. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා බී.එම්. දසනායක ය. ඔහු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ තම පක්ෂය විජාතීකරණයට විරුද්ධව කටයුතු කිරීමට සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන වැඩපිළිවෙළට ද තම පක්ෂය විරෝධය දක්වන බව පක්ෂ නායකයෝ සඳහන් කරති. 


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිී කණ්ඩායම ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස් විය. එහිදී සරත් ෆොන්සේකා අගමැතිවරයාට දෝස් මුරයක් එල්ල කළේය. 


සරත් ෆොන්සේකා කීවේ තමාට ඇමැති ධුරයක් ලබා දීම සඳහා අගමැතිවරයා උත්සාහයක් නොගන්නා බවය. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලයට පත් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ සලකා බලලයි ජනාධිපති ඒක කරන්නේ. ඒත් ජනාධිපතිට නම් 35ක් ඇරියා. එතුමාට අවශ්‍ය නම් පහක් කපන්න ඉඩක් සලසා දුන්නා. එසේ නොකර නම් තිහක් පමණක් යැව්වා නම් ඕක වෙන්නේ නැහැ” යැයි ෆොන්සේකා දෝස් මුරයක් ඇද්දේය.


මේ අතර දෙමළ ජාතික සන්ධානය හා අගමැතිවරයා අතර හමුවක් ද ඉකුත් දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා දෙමළ සන්ධානයේ දායකත්වය ගැනය. දෙමළ සන්ධානය විපක්ෂයේ දේශපාලන පක්ෂයක් නිසා නිල වශයෙන් එවැන්නකට දායකත්වයක් දැක්විය නොහැකිය. 


එහෙත් ආණ්ඩුවේ සහාය ඇතිව උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට දායකත්වය ලබා දීම දෙමළ සන්ධානයේ අරමුණය. 

මේ අතර දෙමළ ජාතික සන්ධානය සමග විරසකයකට පැටලී සිටින ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් මේ මස 29 වැනි දින පැවැත්වීමට නියමිතය. “ටෙලෝ සංවිධානය අලුත් ව්‍යවස්ථාවට විරුද්ධයි. මේ ව්‍යවස්ථා සම්පාදනය නතර කළ යුතුයි. අලුත් ව්‍යවස්ථාවෙන් කියන්නෙත් ඒකීය රාජ්‍යයක්, බුද්ධාගමට මුල් තැන දෙනවා කියනවා. පරණ ව්‍යවස්ථාවත් අලුතින් හදන එකත් අතර වෙනසක් නැහැ. ඉතින් මොකටද අලුත් ව්‍යවස්ථාවක්” යැයි ටෙලෝ ප්‍රබලයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එම්.කේ. සිවාජිලංගම් සඳහන් කරයි. 

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිී විමලවීර දිසානායක මේ දිනවල කලකිරීමට පත්ව සිටියි. මන්ත්‍රීවරයා කලකිරීමට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් සිදුවූ අකරතැබ්බයක් හේතුවෙනි. “මම අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක. මගේ වැඩකට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළා. එතුමා ඒක ගණන් ගත්තේ නැහැ. මට ගොඩක් හිතවත් උහන පන්සලේ උත්සවයකට මම හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළා. එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒ උත්සවයටම සරත් වීරසේකර එතුමාට කළ ආරාධනාව මහ ඉහළින් පිළිගත්තා. සරත් වීරසේකර චොපර් එකක් යැව්වා. එතුමා උත්සවයට ආවා. මට ගමේ මිනිස්සුන්ටයි පන්සලේ හාමුදුරුවන්ටයි මූණ දෙන්න බැරි තත්ත්වයක් උදා වුණා. මම ලජ්ජාවට පත් වුණා” යැයි විමලවීර දිසානායක මන්ත්‍රීවරයා හිතවතුන් සමග දුක කියමින් සිටින්නේය. විමලවීර දිසානායක කියනුයේ “අමාරුම කාලේ හිටියේ මම. එතුමාට බැහැලා වැඩ කළේ මම. ඒත් අපිව ගණන් ගත්තේ නැහැ” යනුවෙනි. විමලවීර දිසානායක ඒ හේතුව නිසාම මේ දිනවල කොළඹ පැමිණීම ද අඩු කර තිබෙන බව පැවැසේ. කොහොම වුණත් හිතේ අමාරුවෙන් හරි තමා මහින්ද රාජපක්ෂ මහත්තයගේ පුතාගේ මංගල උත්සවයට යන බව ද මන්ත්‍රීවරයා කියන්නේය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා නිල සංචාරකයක් සඳහා පිලිපීනය බලා පිටත්ව ගියේය. 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් පිලිපීනයට ගිය ප්‍රථම අවස්ථාව මෙය වන බව ද පැවැසේ. ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එහිදී විශේෂ පිළිගැනීමක් ද ලැබිණ. ජනාධිපතිවරයා සහ පිලිපීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති අතර ඒවා ඵලදායක වූ බව ද වාර්තා වී තිබිණි. 

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය කරුණු දෙකක් හේතුවෙන් වැදගත් වන බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති. ඉන් පළමුවැන්න වන්නේ ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව ජනාධිපතිවරයා කළ පළමු විදේශ සංචාරය වීමය. අනෙක් කරුණ නම් මෙවර ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සිය විදේශ සංචාරයට එක් කර ගැනීමය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත සහ විජිත බේරුගොඩ ජනාධිපතිවරයා සමග පිලිපීනයට ගොස් සිටිති. පියල් නිශාන්ත කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතර බේරුගොඩ නියෝජනය කරන්නේ මොණරාගල දිස්ත්‍රික්කය ය. ඉකුත් දිනවල ප්‍රචාරය වී තිබුණේ මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් බවය. 

ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වතාවට තමා ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන බව ඉකුත් දා ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ සැලසුම් කර ඇත්තේ ඉදිරි මාස තුන ඇතුළත කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ගෝඨාභය සැලසුමක් සකස් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රික්ක වශයෙන් වෙන වෙනම එජනිස මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කිරීම ගෝඨාභයගේ අදහසය. 

ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම් බව ප්‍රකාශ කළ ද මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ එය අනුමත කළේ නැත. “ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව ගත්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා” යැයි බැසිල් කීවේය. චමල් රාජපක්ෂ ද තමා ද ජනාධිපතිවරණයට සූදානම් බව කියමින් යන්නේය. මේ අතර බැසිල් රාජපක්ෂගේ අදහස වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය තමාට ලබා ගැනීමටය. රාජපක්ෂ සහෝදරයන් අතර පවතින මේ සීතල යුද්ධය ද පක්ෂයේ කටයුතුවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙන බව ද මේ වනවිට තත්ත්වය වඩාත් බරපතළ වී ඇති බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.  මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද රාජපක්ෂවරුන් සමග යළිත් ඇයි හොඳයිකම් පෙන්නමින් කටයුතු කරනුයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට යැයි ද පැවැසේ. ඒ අනුව විපක්ෂයේ පොදු සන්ධානයට ජනාධිපතිවරණ තරගයට මුහුණදීමට පෙර අපේක්ෂකයන්ගේ තරගයට මුහුණ දීමට සිදුව තිබෙන බව ද දේශපාලන විචාකරයෝ පවසති. දිනෙන් දින තත්ත්වය බරපතළ විය හැකි බව ද ඔවුහු ප්‍රකාශ කරති. 

 



අදහස් (0)

පළාත් සභා ඡන්දය එයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 629 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1132 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1066 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 206 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 141 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1030 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20338 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18124 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site