IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම


 
අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ජනපති සිරිසේන මහතා අපේක්ෂා දල්වාගෙන සිටීම පසුපස තිබුණු කාරණය පසුගිය සතියේ අනාවරණය විය. අවසානයේදී අසාර්ථක වුව ද, ජනපති සිරිසේන මහතාගේ හිතවතුන් සිට ඇත්තේ ඔවුන්ගේම ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින්ය.
 
එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පාක්ෂිකයින් කැටුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී පැමිණ මෙම නව සන්ධානය හා එක්වන ලෙසට ජනපති සිරිසේන සජිත් පේ‍්‍රමදාස පාර්ශවයට විවෘත ආරාධනයක් ද කර තිබී ඇත. යෝජනා කර තිබෙන්නේ මෙවර ජනපතිවරණය සදහා පේ‍්‍රමදාස ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර, අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා අගමැති අපේක්ෂකයා ලෙස ජනපති සිරිසේන ඉදිරිපත් කිරීමටය.
 
මේ ආකාරයේම යෝජනාවන් ජනතා විමුක්ති පෙරමුණ වෙත සහ ජාතික හෙළ උරුමය වෙත ද ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන මුත්, එම පක්ෂවල එකඟතාවය මේ සඳහා පළවනු උගහටය. පසුගිය සතියේ නොනිල මට්ටමින් එකඟතාවයක් ඇතිවුව ද, පාර්ශවකරුවන් බවට පත්වීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා බිඳ වැටීමට පටන් ගෙන තිබීමට මෙය ද තවත් හේතුවක් බව ද පැවසේ.
 
නව ගැටලු දැන් එකක් පසුපස එකක් මතුවන්නට ගෙන ඇත. පාර්ශවකරුවන් බවට පත්වීම සඳහා නොනිල මට්ටමින් එකඟතාවයක් ඇති කරගැනුනේ ජනපති සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ පැවැති හමුවකදීය.
 
පොහොට්ටුව ලකුණ

 
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින්, පුටුව ලකුණට වෙනස්විය යුතුව තිබෙන බවට දැඩි මතයක දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සිටී. දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඉතා අඩු අවබෝධයක් ඇති තැනැත්තෙකුට වුව ද, එය ඉටුකිරීමට අතිශය අපහසු ඉල්ලීමක් බව අවබෝධ කරගැනීමට අපහසු නැත.
 
පොහොට්ටුව ලකුණ මේ වන විට සන්නාම නාමයක් බවටත්, පොදු ජන පෙරමුණ හදුනාගන්නා පෙර ලකුණ බවටත් පත්ව අවසානය. පෙර අවස්ථාවක දී අනාවරණය කළ ආකාරයට ලකුණ වෙනස් කිරීම සඳහා ජයසේකර කළ ඉල්ලීම මුලින්ම ප‍්‍රතික්ෂේප කළේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් සහ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ය. පසුගිය සතියේ එම පක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති හමුවක දී යහපත් ප‍්‍රතිචාරයක් අපේක්ෂාවෙන් ජයසේකර නැවත වතාවක් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ ය.
 
“ඒක ගැන කතාකරන්න දෙයක් නැහැ. පොහොට්ටුව අපේ ලකුණ හැටියට රට පුරාම හදුනාගෙන තිබෙනවා. ඒක වෙනස් කරන්න බැහැ” ගෝඨාභය පිළිතුරු දුන්නේ ය.
 
පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නටත් පෙරම ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ තමාව ජනපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබුණු බව ඔහු පැවසුවේ ය. නමුත් හුදෙක් බලාපොරොත්තුවක් මත හෝ තමන් සතුව තිබෙන ශක්තිය ගැන පවතින වැරදි විනිශ්චයක් මත හෝ පිහිටාගෙන සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙම කාරණයේ දී පසුබැසීමට සූදානම් නැත.
 
පසුගිය සතියේ ජාතික මැතිවරණ කොමිසමෙන් එවා තිබූ ලිපියකට පිළිතුරු යැවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණය සඳහා සිය පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව දන්වා සිටියේය. ඔහුට එසේ කරන ලෙස උපදෙස් දී තිබෙන්නේ ජනපතිවරයාය. 
ජාතික මැතිවරණ කොමිසම මෙවන් තොරතුරු ඉල්ලා සිටින්නේ පරිපාලනමය කාරණා මත පදනම්ව පමණක් වන අතර පාර්ලිමේන්තු මැතිවරණයක දී මෙන් නොව ජනපතිවරණයක් සදහා මෙසේ දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට යොමුකරන ලිපි නීතිමය බැඳීමකට අවශ්‍ය පදනම සපයන්නේ නැත. ඒ නිසාම, මෙවර ජනපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකර සිටීමෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වළක්වන කිසිදු කාරණයක් නොමැත. නමුත් ජයසේකර විශ්වාස කරන්නේ මෙසේ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කිරීම, සාකච්ඡාවල දී පක්ෂය සතු බලය ඉහළ නැංවීමට හේතුවක් වනු ඇති බවය.
 
කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සතුව තිබූ එම බලය දැන් පවතින්නේ හීනව ගොස්ය. පක්ෂයේ බලය ද, දැන් දිනෙන් දිනම පහත වැටෙමින් තිබේ. මෙම තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එකිනෙකට වෙනස් මාර්ග දෙකක් ඔස්සේ සිය ගමන් ආරම්භ කර ඇත. කොටසක් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ද වෙත ද, තවත් කොටසක් එක්සත් ජාතික පක්ෂය වෙත ද, යොමුවෙමින් සිටින්නේ ය.
 
සිය කතාවේ දී ජනපති සිරිසේන රාජ්‍ය පාලනයේ සිය පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය, ධනේෂ්වර සමාජය නියෝජනය කරන - දැඩි මතධාරී සහ වංචනික පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායමක් බවට පත්ව ඇතැයි හදුන්වාදුන්නේය.
 
“වසර හතර හමාරක කාලයක් පුරා මට රට වෙනුවෙන් කටයුතු කරන්න හැකි වුනේ නැහැ. මට ඔවුන් එක්ක සටන් කරන්න වුනා. ඔවුන් තවමත් දූෂිතයි. පළාත් සභාවලත්, පළාත් පාලන ආයතනවලත් දූෂණය ඉහළින්ම සිදුවෙමින් තිබුණා. ගොඩනැගිල්ලක සැළසුමක් අනුමත කරගන්නට ලක්ෂ ගණනක අල්ලසක් දෙන්නට ජනතාවට සිදුව තිබුණා. නමුත් ධනේෂ්වර සමාජය නියෝජනය නොකරන ජනපතිවරයෙක් ගත් ධනාත්මක පියවරයන් හදුනාගන්නට ඉහළ පන්තිය අපොහොසත් වීම කණගාටුවට කාරණයක්”
 
නමුත් 2014 වසරට පෙර පැවැති රෙජීම සමයේ වාර්තා වූ මහා පරිමාන වංචා හා දූෂණ කටයුතු සම්බන්ධයෙන් පියවර ගන්නා බවට ජනපතිවණයේ දී දුන් පොරොන්දුවලට කුමක්වීදැයි කිසිදු සදහනක් ජනපතිවරයාගේ කතාවේ නොතිබිණ.
 
වසර හතර හමාරක ඔහුගේ පාලන සමයේ දී, එම සිදුවීම්වලට සම්බන්ධ වංචනිකයින් හා දූෂිතයින් කොපමණ නම් ප‍්‍රමාණයක් නීතිය ඉදිරියට ගෙන එනු ලැබුණේ ද? විශේෂයෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙවන් කාරණා සම්බන්ධයෙන් ඔහු අත තිබෙන බලය කප්පාදු කිරීමක් සිදුව නැති තැන එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ විමර්ෂණ කටයුතු ප‍්‍රමාද කරවීමට ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් මැදිහත්වන විට, ගනුදෙනු කරන විට, ඔහු සිටියේ නිහඬවමය. බරපතල වංචා හා දූෂණ චෝදනා නැගී තිබූ, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙමින් තිබූ ඇතැමුන් නැවත කැබිනට් මණ්ඩලයට පත් කරගැනීමට පවා ජනපති සිරිසේන මහතාම පියවර ගත්තේ ය. පාස්කු ඉරිදා සංහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පිහිටවුණු කමිටුවල නියෝජිතයන් ලෙස ඔහු පත්කළේ මෙවැනි පුද්ගලයන්වය. ජනපති සිරිසේන අද අදහස් දක්වමින් සිටින්නේ ඔහුගේ පාලන සමයේ සිදුව තිබෙන වංචා, දූෂණ හා අකටයුතුකම් ගැන පමණකි. ජනපතිවරයා ලෙස ඒ සියල්ල මැඩපැවැත්වීම සඳහා මැදිහත්වන්නට අවැසි බලය ඔහු අත වුවමනාවටත් වඩා පැවතිණ.
 
එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් ද ජනපතිවරයා සිය කතාවේ දී සඳහන් කළේ ය.
 
“ඔවුන් දැන් උතුරේ දේශපාලඥයින් සමග රහසේ සාකච්ඡා පවත්වමින් සිටිනවා. මැතිවරණවලදී ඡන්ද දිනා ගන්නට තමයි එම සාකච්ඡා පැවැත්වෙන්නේ”
 
අනාගතයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනපතිවරයා පළකළ අදහස් වැදගත් විය.
 
“අගමැති රනිල් වික‍්‍රමසිංහ තමයි අවසන් ඇණය ගැහුවේ. පළාත් සභා යටතේ වැටුප් ලබන නිලධාරීන් දහස් ගණනක් සිටිනවා. ඒ වගේම රුපියල් කෝටි ගණන් වටිනා දේපළ මේ ආයතන යටතේ තිබෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීම තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක.”
 
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීති 2017 වසරේ සැප්තැම්බර් මාස පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේ දී ජනපතිවරයා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගොස්ය. එය විශේෂයෙන් සදහන් කළ යුත්තේ පහත කාරණා නිසාය.
 
නිව්යෝර්ක් නුවර සිට දුරකතනය ඔස්සේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙක්ම හා සම්බන්ධ වූ ඔහු පළාත් සභා මැතිවරණය කල්දැමීම සඳහා හදුන්වාදීමට යන නීතිවලට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. 

පෙර අවස්ථාවක දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස පෙනී සිටි, වර්තමාන දෙමළ ජාතික සන්ධානය පළාත් මට්ටමින් බලය බෙදීම සඳහා පළාත් සභා ඇති කිරීම වෙනුවෙන් ප‍්‍රබලවම පෙනී සිටියේය. දැන් දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙළ සාමාජිකයකු වන ඒබ‍්‍රහම් සුමන්තිරන් මහතා පැමිණිලි කරමින් සිටින්නේ පාලක පක්ෂය ඔවුන්ට දුන් පොරොන්දු ඉටු කර නොමැති බවය. එය පැහැදිලිවම මැතිවරණයකට පෙරාතුව දෙමළ ඡුන්ද තමන් වෙත ආකර්ෂණය කරවා ගැනීම සඳහා ගන්නා උත්සාහයකි.
 
කුමන හෝ හේතූන් නිසා හෝ අනාගතයේ පත්වන රජයක් පළාත් සභා ක‍්‍රමය අහෝසි කළහොත් එයට හේතුකාරකයා බවට පත්වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. එය තමන් ජාතක කළ දරුවා තමන් අතින්ම මරා දැමීමක් වැනිය. දෙමළ ජනතාවගේ වුවමනාවන් නොව පෞද්ගලික වුවමනා එපාකම් වර්තමාන දෙමළ ජාතික සන්ධානයේ රජයමින් තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර, ආරම්භයේ සිටම ඔවුන් රජයට ව්‍යංගයෙන් සහයෝගය දැක්වූයේය. මෙය දෙමළ ජනතාව ඉදිරියේ ඔවුන්ට අතිශය අවාසිදායක තත්ත්වයක් නිර්මානය කරනු ඇතිවාට සැකයක් නැත.
 
ශී‍්‍ර ලංකාවේ දේශපාලන ව්‍යුහය පවතින්නේ ඉතාම ව්‍යාකූල, කණගාටුදායක සහ දුක්මුසු තත්ත්වයක බව ජනපතිවරයා පිළිගත්තේය. කෙසේවුවත් පැහැදිලිවම සත්‍ය වූ සහ වැදගත් ප‍්‍රකාශයක් ද සිදුකළේ ය.
 
“කිසිම මාධ්‍ය ආයතනයක් ගිනි තැබුණේ නැති බවත්, කිසිම මාධ්‍යවේදියෙක්ට තර්ජනය කෙරුණේ නැති බවත් මම කියන්නේ ආඩම්බරයෙන්”

 
අතීතයේ සිටි පාලකයින් මෙන් මාධ්‍ය ඉලක්ක කරගත් බියගැන්වීම්, තර්ජනය කිරීම්, හෝ ඝාතක කණ්ඩායම් උසි ගැන්වීම්වල ජනපති සිරිසේන කිසිසේත්ම නොයෙදුණු බව ඔහුට කරන සාධාරණයක් ලෙස සදහන් කළ යුතුම වේ. ඔහු සම්බන්ධයෙන් විවේචනයක් සිදුකර තිබෙන අවස්ථාවක පවා ජනපති සිරිසේන කළේ එම රචකයාව දුරකතනය ඔස්සේ අමතා එසේ සිදුකර තිබෙන විවේචනය සම්බන්ධයෙන් තම පාර්ශවයෙන් අදහස් දැක්වීම පමණකි. එය ද, තේරුම් ගැනීමක් සහිතව සහ හාස්‍යමුසුවය. එය ජනපති සිරිසේනගේ අගය කළ යුතුම වන වැදගත් චරිත ලක්ෂණයකි.

සිය කතාවේ දී ජනපති සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ කණ්ඩායම යන කඩුලුවලට පහර පිට පහර එල්ල කළ ද, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාසගේ කණ්ඩායම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. ඔවුන් සම්බන්ධයෙන් ඔහු කිසිදු සදහනක් නොකළ අතර, ජනපතිවරයාගේ නිහඬතාවය හමුවේ සජිත් කණ්ඩායම මත ඔහු තවමත් බලාපොරොත්තු තබා සිටින බව මොනවට පැහැදිලි විය.
 
ගෙවුණු සතියේ වූ තවත් සිදුවීමකින් ජනපති සිරිසේනගේ එම සිතුවිලි තවදුරටත් අනාවරණය විය. එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා සමග සජිත් පේ‍්‍රමදාස ජනපතිවරයා හමුවට පැමිණියේ ය. එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුදයක් නොමැති බව හෂීම් එහිදී ජනපතිවරයා හමුවේ පැවසුවේ ය. ඔහු පැවසූ දෙය අඩුම තරමින් ඔහුවත් විශ්වාස නොකරන්නට ඇත.
 
එසේ පැවසීම ශී‍්‍ර ලංකා ජනතාවගේ බුද්ධියට නිගා කරන්නකි. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් නොමැති බව කවුරුන් නම් විශ්වාස කරනු ඇති ද? ඒ දෙදෙන මෙසේ ජනපතිවරයා හමුවූයේ හෂීම් යටතේ පවතින ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔහුගෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටීමටය. ඛනිජ තෙල් සංස්ථාව හෂීම්ගෙන් ඉවත් කර එය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පවරන මෙන් අගමැති වික‍්‍රමසිංහ මහතා ජනපති සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබීම මෙයට හේතුව විය. නමුත් පසුව තමා හමුවීමට පැමිණි කිරිඇල්ලට ඔහු දැනුම්දුන්නේ හෂීම් මෙවැනි ඉල්ලීමක් තමාගෙන් කළ බවය. ඛනිජ තෙල් සංස්ථාව පවරාදීමේ කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සිටීමට කිරිඇල්ල අවස්ථා කිහිපයකදීම ජනපති ලේකම් කාර්යාලය වෙත ගොස් තිබෙතත්, මේ දක්වාම ඛනිජ තෙල් සංස්ථාව ඔහු වෙත පවරාදීමක් සිදුව නොමැත.
 
(ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
පරිවර්තනය : කෝවිද ගුණසේකර



අදහස් (3)

පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම

sena Saturday, 14 September 2019 03:55 PM

සිරිසේන 2015දී මහින්දට විරුද්ධව ඡන්දය ඉල්ලුවේ ඔහුට අගමැතිකම නොදීමට එරෙහිව පලිගැනීමටය. කවුරුන් සමග හෝ එක්වී මහින්ද පරාජය කිරීම ඔහුගේ අවශ්‍යතාව විය. ඔහු ජනාධිපති වූයේ කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් නැතුවය. බලය ලැබුණු විගස රනිල්ට අගමැතිකම දුන්නේය. රනිල් ඇමරිකාවට රට යටත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස්කළේය. වැඩේ වැරදිලා බව තේරුණාම මහින්දට අගමැතිකම දුන්නේය. කෙසේ හෝ ඔහු මහින්ද ලඟට ගියේය. ඔහු කෙතරම් අසාර්ථක කෙනෙක්ද යන්න තම තේරුම්ගෙන නැත. රටට මහා සේවයක් කළ කෙනෙක් සේ කටමැත දොඩවයි.

:       10       201

Kamal Tuesday, 17 September 2019 12:53 PM

සිරා ටටා; සිරා බායි...!

:       0       0

de silva Sunday, 22 September 2019 09:58 AM

කරන්න බැරි ජනාධිපතිකම් නොකොට දින 100 තුළ පොරොන්දු වුණු විදිහට ඔය විධායක ජනපතිකම අහෝසි කලානම්, වීරයෙක් වගේ ගෙදර යන්න තිබුණා. එහෙම නැතිනම් රටේ විධායක අගමැති වෙන්න තිබුණා. දැන් සමහර විට හිරේ වුණත් යන්න වෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 33 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 47 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 101 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 43 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1534 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 700 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site