පළාත් සභා මේ දිනවල හෝද හෝදා මඩේ දාන මාතෘකාවක් බවට පත්ව තිබේ. පළාත් සභා ගැන කතාවකින් තොර දවසක් නැති තරමට එය ඉස්මතු වී තිබේ. 13 වැනි සංශෝධනයත්, බලය බෙදීමත් පිළිබඳ කතාබහකදී පළාත් සභා අතහැර කතා කළ නොහැකි වීම ඊට හේතුවය.
මාතෘකාව පළාත් සභා වන විට තහනම් වචනය ඡන්දය වීම හේතුවෙන් රටේ සියලු පළාත් සභා දැනට පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. එය එසේ වුව ද පළාත් සභා පවත්වාගෙන යාම සඳහා ඉතා විශාල මුදලක් වැය කරමින් තිබේ. ඡන්දයෙන් තේරී පත්ව පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේත් රටේ ජනතාව ඒවා හැඳින්වූයේ සුදු අලියකු වශයෙනි.
වැඩකට නැති වියදමක් හැටියට එය හංවඩු ගැසී තිබීම එයට හේතු විය. සුදු අලියකු වුවත් පළාත් සභා අත්හැරීමට බැරි දෙයක් බවට පත්ව තිබෙන්නේ රටේ දේශපාලනය සමග තිබෙන බැඳීම හේතුවෙනි. එහෙත්, මේ බැඳීමට රට විශාල වන්දියක් ගෙවමින් සිටී. එහි ප්‍රමාණය කොතරම් ද යන්න පසුගියදා මුදල් කොමිෂන් සභාවේ වාර්තාවක් මගින් පෙන්වා දී තිබිණි.
එම වාර්තාවට අනුව පළාත් සභා නියෝජිතයන් නොමැතිව අක්‍රීය තත්ත්වයේ පවතින පසුබිමක් තුළදී පවා පසුගිය වසරේ වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136ක මුදලක් වැඩිපුර වැයකර තිබේ. පළාත් සභා නියෝජිතයන් සිටි 2019 වසරේ වියදම රුපියල් කෝටි 30,129ක් වන විට, නියෝජිතයන් නොමැති 2022 වසර සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 44,265කි. එම මුදල වැය වී ඇත්තේ, නඩත්තු කටයුතු සඳහා බව ද එම වාර්තා පෙන්වා දී තිබිණි. මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ, මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම්, ඔවුන්ගේ නඩත්තුව සඳහා වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003ක මුදලක් පමණක් බවය. එය ඉතා සුළු වියදමකි.
මේ ආකාරයේ සුළු වියදමක්, දරාගත නොහැකි මහා වියදමක් බවට පත්වීම මහා ඛේදවාචකයකි. රටේ පවතින ආර්ථික අර්බුදය සමග සසඳන විට එය අපරාධයකි. එහෙත්, මේසා නාස්තියක් වළක්වා ගැනීමට කිසිදු සැලැස්මක් නැත. පළාත් සභා සඳහා වෙන් කරන මුදලින් වැඩිපුරම මුදලක් වැය වෙන්නේ සේවක පඩිනඩි සහ වෙනත් දීමනා ඇතුළු පුනරාවර්තන වියදම් සඳහාය. වසරකදී එම මුදල රුපියල් කෝටි 35,000ත් 40,000ත් අතර වන බව ද මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා සඳහන් කර තිබිණි.
රටේ ජනතාව පළාත් සභා සුදු අලියකු සේ දැකීම ගැන පුදුම විය යුතු නැත. ඒවා පවත්වාගෙන යාමට මේ තරම් විශාල මුදලක් වැය වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. එහෙත්, ප්‍රශ්නය වන්නේ, මේ තරම් විශාල මුදලක් වැය කර පවත්වාගෙන යන පළාත් සභා තුළින් රටට ලැබී ඇති විශේෂ ප්‍රයෝජනය කුමක් ද යන්නය. ප්‍රයෝජනයක් නැති පළාත් සභා පවත්වාගෙන යන එකම හේතුව දේශපාලන අවශ්‍යතාව පමණක් බව පැහැදිලිය. එසේ නම්, අඩුම තරමින් ඒ සඳහා වැය වන අධික මුදල හෝ අඩු කරගැනීමට උනන්දු විය යුතු නොවේ ද? එහෙත්, ඒ සඳහා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්නට නැත.
පළාත් සභා නඩත්තුව සඳහා වැය වන මුදල වසරින් වසර වැඩි වීම රටේ ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු නොදෙන බව නම් ඔවුන්ට නොදැනීමට හේතුවක් නැත. මේ මුදලින් වැඩි කොටස වැය වන්නේ, අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා සඳහා බව ද සඳහන් වෙයි. එය වැය කළ යුතු මුදලක් බව සැබෑය. එහෙත්, සෙසු වියදම් නිසි පරිදි කළමනාකරණය නොවන තාක් පළාත් සභා හේතුවෙන් රටේ ජාතික ධනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අපතේ යාම වැළැක්විය නොහැක.
අපේ රටේ පළාත් සභා ඇති වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. එම සංශෝධනය ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ ඇති වූ ගිවිසුමක ප්‍රතිඵලයක් බැවින්, එම ගිවිසුමට නිසි සැලකිල්ලක් දැක්වීම බලයට පත්වෙන හැම ආණ්ඩුවකම වගකීමකි. දැනට කළ යුත්තේ, අඩු තරමින් පළාත් සභා හරහා සිදු වෙමින් පවතින මුදල් නාස්තිය වැළැක්වීමට පියවර ගැනීම පමණි.
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් සභාවලට වැය වන මුදලින් නිසි ප්‍රතිඵල ලැබේද?
gamage Tuesday, 22 August 2023 04:21 PM
පළාත් සභා නිසා සිද්ධ වුනේ මේ රටේ මහ ජනතාවට තවත් නිලධාරීන් පිරිසක් නඩත්තු කරන්න වුණු එකයි...