රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට 2024 වසරට සිසුන් ඇතුළත් කරගන්නා උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව මෙවරත් පළමු ශ්‍රේණියේ සමාන්තර පන්තියකට සිසුන් 40 බැගින් ඇතුළත් කරගන්නා අතර ඉන් සිසුන් 35 දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින්ද පස් දෙනකු ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ ළමයින්ගෙන්ද තෝරා ගැනේ.
පාරට බැසීම මාරාන්තික අත්දැකීමක් වී ඇති රටක, රෝහල් ගතවීම මරාන්තික අත්දැකීමක් වී ඇති රටක දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීමද මරාන්තික අත්දැකීමකි. පළමු වසරට ඇතුළත් කර ගත යුතු දරුවකු සිටින ඒ දරුවාට ‘‘හොඳ’’ අධ්‍යාපනයක් ලබාදීමේ සිහිනයක සිටින දෙමාපියෝ ඒ මාරක අත්දැකීම මේ මොහොතේ අත්විඳිමින් සිටිති.
සැබැවින්ම දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීම එසේ ‘‘මාරක’’ විය යුතු නැත. එහෙත් මේ රටේ එය එසේය. එය එසේ වී තිබෙන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ‘‘පංති බේදය’’ ඉහළින්ම තිබෙන හෙයිනි. නිදහස ලබා හැත්තෑපස් වසරක් ඉක්ම ගියද මෙම පංති බේදය තුරන් කිරීමට සමත් දියුණු ක්‍රමවේදයක් ආදේශ වී නැත. අධ්‍යාපනයට කරන ‘‘වියදම්’’ වනාහි වියදම් නොව ‘‘ආයෝජනයක්’’ බව වටහා ගැනීමට අසමත් වීමේ තාර්කික අන්තය මෙරට පාසල් අධ්‍යාපනය අභ්‍යන්තරයෙන් දරුණු නාය යෑමකට ගොදුරු වීමය.
අප රටේ පාසල් වර්ග දෙකක් තිබේ. ඒ සුපිරි පාසල් සහ එසේ නොවන පාසල් වශයෙනි. දරුවාට වඩාත් භාග්‍යවත් අනාගතයක් නිර්මාණය කර දීමට නම් ඒ දරුවා සුපිරි පාසලකට ඇතුළත් කළ යුතුය යනුවෙන් මතයක් සමාජගත වී තිබේ. දෙමාපියන්ට අදාළව එම හැඟීම සාධාරණය. එහෙයින් ඇතැම්හු විවාහයටත් පෙර සිටම ඒ වෙනුවෙන් සුදානම් වෙති. නිත්‍යානුකූල ලියකියවිලි නොමැතිනම් ව්‍යාජ ලියකියවිලි සකස් කරති.
සමාජගතව ඇති තවත් එක් මතයක් වන්නේ ‘කූඨ ලේඛන’ සෑදීමේ වරදට මේ රටේ දෙමාපියන් බහුතරයක් හිරේ විලංගුවේ සිටිය යුතු බවය. යහපත් පුරවැසියකු වීමට ඇති ප්‍රධාන බාධාවක් වී තිබෙන්නේ මෙම ක්‍රමය බව ඉතා පැහැදිලිය.
පවතින මෙම ක්‍රමය තුළ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍ය සංගම් චෞර කප්පිත්තන් බවට පත්වීම වැළැක්විය නොහැකිය. දරුවා පාසලට ඇතුළත් කරගැනීම සඳහා අල්ලස්ගත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා විවිධ මාෆියාකරුවන් අත්අඩංගුවට ගත් පුවත් වෙනුවෙන් ඉදිරියේදී ප්‍රවෘත්ති විකාශය තුළ පුවත්පත්වල වැඩි ඉඩක් වෙන් කිරීමට සිදුවනු ඇත. දරුවා පාසලට ඇතුළත් කරගැනීම සඳහා තානායම් කරා රැගෙන ගොස් ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිවරයකුට අදාල ප්‍රවෘත්තිය මෙයට දෙතුන් වසරකට පෙර වාර්තා වූවකි. තත්ත්වය එපරිදි වනවිට මේ රට හදන්නේ කොහොමද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි.
පහ වසර ශිෂ්‍යත්ව විභායට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙන්ම අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන මේ රටේ සෑම දරුවකුටම ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයකි. කොළඹ හෝ නාගරික සුපිරි පාසල්වල හෝ ඉගෙන ගන්නා දරුවාට මෙන්ම අධික හද්ද වන්නිකරේ අතිශයින්ම දුෂ්කර පාසලක ඉගෙන ගන්නා දරුවාට එකම ප්‍රශ්න පත්‍රයක් දීම කොතරම් දුරට යුක්ති සහගත ද යන්න ප්‍රශ්න නොකරන සමාජයක අපේ දූ දරුවෝ බහුතරයක් අසාධාරණයට ලක්ව සිටිති.
අධ්‍යාපනයේ සම අවස්ථාව මූලික මානව හිමිකමකි. සෑම පාසලක්ම එක සේ දියුණු කළ නොහැකිය. එහෙත් දියුණු පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව පුළුල් කළ යුතුය. ළඟම පාසල හොඳම පාසල බවට පරිවර්තනය කිරීමට සමත් වන්නේනම් එය බරපතළ සමාජ ප්‍රශ්නයකට සවිමත් පිළිතුරක් වීම ඒකාන්තය. එය එසේ වනවිට දෙමාපියන්ගේ වියදම් ද සීමාවනු ඇත. දරුවාට සතුටෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවනු ඇත. ප්‍රශ්නය වන්නේ ‘‘අහෝ ඒ රට කවද උදාවේද’’ යන්නය.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළමු වසරට දරුවන් ඇතුළු කරගැනීමේ ප්‍රශ්නය
සල්ලි Wednesday, 19 July 2023 04:48 PM
හද්දා ඩොටේ ඉඳලා කොළඹ ඉස්කෝලවලට ළමයි එවනවා... පව් ඒ අය දවසේ වැඩි හරියක් ඉන්නේ පාරේ...!