ඇය පැවත එන්නේ ව්‍යාපාරික පවුලකිනි. එසේ වුවද ඇයගේ ඒකායන අරමුණ වී තිබුණේ තම දෙපා මත නැගී සිටිමින් ජීවිතය ජය ගැනීමය. ඒ අරමුණ ඇතිව විලාසිතාකරණයට බෙහෙවින් කැමැත්තක් දැක්වූ ඇය මීට විසිපස් වසරකට පමණ පෙරදී තම විලාසිතා අලෙවි කිරීමේ කටයුත්ත ඇරඹුවාය. එය ඉතා සුළුවෙන් ඇරැඹි ජංගම ව්‍යාපාරයකැයි සඳහන් කිරීම වඩා හොඳය. එලෙසින් විසිපස් වසරකට පමණ පෙරදී ඇරඹි ඒ සුළු ව්‍යාපාරය අද සුවිසල් ව්‍යාපාරයක් පමණක් නොවී ශ්‍රී ලංකාවේ ප්‍රකට විලාසිතා අලෙවි ආයතනයක් බවට පත්ව තිබේ. අප මේ කතා කරන්නේ ඒ ව්‍යාපාරය ගොඩනැංවූ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු කාන්තාව ගැනය. නිලුෆර් අන්වර් අලි ඇයගේ නාමයයි. එහෙත් ඒ නාමයට වඩා ශ්‍රී ලංකාවේ ප්‍රකටව ඇත්තේ ඇය මැවූ ව්‍යාපාරයේ නාමයයි. කොට්න් කලෙක්ෂන් :ක්‍දඑඑදබ ක්‍දකකැජඑසදබ* යනු ඒ ව්‍යාපාරයේ නාමයයි. විලාසිතා අලෙවි ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් ඇවිත් අද සුවිසල් ව්‍යාපාරයක් බවට පත්ව ඇති කොට්න් කලෙක්ෂන් ආයතනයට පසුගියදා 25 වසරක් සපිරුණි. ඒ සාඩම්බර ගමනේ හිමිකාරිය වන නිලුෆර් අන්වර් අලිගේ ජීවිතයේ රිද්මය සමඟ අපි අදහස් හුවමාරුවකට එක්වෙමු.
● ඔබගේ ව්‍යාපාරික පවුලේ විස්තර ගැන මුලින්ම පැවසුවොත්?
මගේ පියාගේ නම නූර්දීන් යුසුෆ් අලි. අධ්‍යක්ෂවරු හතර දෙනෙකුගේ හිමිකාරිත්වය සතුවු හේමාස් ව්‍යාපාරයේ එක් අධ්‍යක්ෂධුරයක් දැරුවා. වත්මනෙහි එහි අධ්‍යක්ෂධුර දරන්නේ මගේ අයියලා දෙදෙනායි. පවුලේ මමයි, අයියලා දෙදෙනායි, අක්කයි. අම්මා ගෘහිණියක්. අක්කා පදිංචිය එංගලන්තයේ. අපේ මාපියන් අද ජීවතුන් අතර නැහැ.
● ඔබගේ ගම් පළාත?
කොළඹම තමයි.
● ඉගෙනීම් කළේ?
ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයෙන්.
● මොන වගේ අරමුණක් ඇතිවද ඉගෙන ගත්තේ?
පාසල් කාලයේදි මම ක්‍රීඩා අංශයට වැඩි කැමැත්තක් දැක්වූවා. පාඩම් වැඩ හොඳට කළ බව ඇත්ත. ඒත් ටෙනිස් ක්‍රීඩාව මගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණා. විටෙක ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරිය වූ මම හැත්තෑව දශකයේ අගදී ශ්‍රී ලංකා ශූරියක පවා වුණා. ඊට අමතරව පාසල් ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ සරසවිය පවා නියෝජනය කළා. ඒ කාලයේදී ඇත්තටම මම කැමැති වුණේ ත්‍රාසජනක දේ අත්විඳීමටයි.
● ඒ කිව්වේ?
ළමා අවදියේදී මම හරිම කුතුහලයෙන් සිටි කෙනෙක් වුණා. ක්‍රීඩාවට කැමැතියි වාගේම ත්‍රාසජනක දේ අත්විඳින්නත් ආසා කළා. විනෝද චාරිකා එහෙම ගිහින් ඒ අත්දැකීම් ලබන්න ආසා කළා.
● අධ්‍යාපනය හමාර කළේ?
මට අවශ්‍ය වුණේ ආර්ථික විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමටයි. ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලැබීමට මුම්බායි සරසවියට ගියා. ආර්ථික විද්‍යා අංශයේ උපාධිය ලබා ගත්තේ එහිදීයි.
● ඉන්පසුව?
ලංකාවට ඇවිත් ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ අවුරුදු දෙක හමාරක් විතර වැඩ කළා. මගේ පවුලේ ව්‍යාපාර තිබුණට මට අවශ්‍ය වුණේ මගේම මහන්සියෙන් පළපුරුද්ද ලබා මගේම දෙයක් කිරීම අරමුණයි. බැංකුවේ වැඩ කිරීම නිසා ලොකු පළපුරුද්දක් ලැබුණා.
● බැංකුවෙන් අස්වුණේ?
මම ඇත්තටම හරි ස්වාධීන චරිතයක්. තාත්තා මගේ හැඟීම් හඳුනාගෙන තිබුණා. ඒ නිසා පවුලේ ව්‍යාපාරවලට මා නොඑන බව දැන සිටියා. ඒ වෙනුවෙන් මට බලපෑම් කළේ නැහැ. ඒ හැරත් ඊට පෙර රට රටවල සංචාරය කර තිබුණු නිසා විලාසිතා ගැන අත්දැකීම් තිබුණා. විලාසිතා කෙරෙහි කොහොමටත් මම ආසා කළා. ඒ අංශයෙන් යමක් කිරීමට හොඳ අවකාශයක් තිබුණා. මාත් ව්‍යාපාරයක් කරන්න ඕනෑය කියන අදහස තිබු නිසාම පටන් ගත් ව්‍යාපාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවනි. මගේ තාත්තා සහ පවුලේ අය එක්ක රට රටවල සංචාරය කළාම ඒ රටවල ඇති විලාසිතා මොනවද? අපේ නැත්තෙ මොනවද යන දේ දැන ගන්න ලැබුණා. බලාගෙන ගියාම අපේ රටේ ඒ වන විට එතරම් විලාසිතා නැම්මක් තිබුණෙ නැහැ. ඇඟලුම් තිබුණු බව ඇත්ත. තත්ත්වයන්, වෙනස ආදී සියලු දිහා බලද්දී ඊට හොඳ අවකාශයක් තිබුණෙ.
● ව්‍යාපාරය පටන් ගත්තෙ ඒ අදහස් නිසාද?
ලොකු ව්‍යාපාරයකට යාමේ අරමුණක් තිබුණෙ නැහැ. හොඳ විලාසිතාවක් අවශ්‍ය නම් රටකට යන්නම ඕනෑ. හැබැයි මගේ යාළුවන්ගේ ඒ වගේම නෑදෑයින් සතුව ඇඟළුම් කර්මාන්ත තිබුණා. දවසක් මම ඒවායේ සංචාරය කළා. මොනතරම් නම් හොඳ ඇඟලුම් වර්ග තිබෙනවාද යන්න මට දැනගන්න ලැබුණා. ඒවා හරිම ඉස්තරම්. ඒත් ඒ විලාසිතා සහ ඇඟලුම් වෙළෙඳපොළට එන්නෙ නැහැ. අලුත් ටේරන්ඞ් එකේ ඒවා වුණාට ඒවා ගියේ පිටරටවලට. ඒ හැරෙන්න ඒ වන විට එනම් මම කියන්නෙ අවුරුදු 25 කට පෙර අතීතය ගැනයි. එදා විලාසිතා වෙළඳාමේ වැඩි හරියක්ම නිරත වුණේ පිරිමි අයයි. නමුත් මම විශ්වාස කරන විදියට පිරිමින්ට වඩා විලාසිතා තේරීමේදී කාන්තාව ඉදිරියෙන් සිටින්නෙ. විලාසිතා ගැළපීම කාන්තාවකට හොඳට කළ හැකියි. ඒ නිසා මේ වැඬේට අතගහන්න ඕනෑය කියලා හිතුවා.
● ඒ අනුව කොහොමද එය පටන් ගත්තෙ?
ලොකුවට හිතුවෙ නැහැ. බොහොම පොඩියට හිතුවෙ. මගේ ළඟ සල්ලි ටිකකුත් තිබුණා. නමුත් මුලදි කිසිම මුදලක් ආයෝජනය කළේ නැහැ. මා දැන සිටි ෆැක්ටරියකට ගිහින් විලාසිතා ටිකක් අරගෙන, ඒවා විකුණා මාසයකින් ගෙවා දැමුවා.
● මොන වගේ විලාසිතාද අරගත්තෙ?
මම ඔය ගවුම් කීපයක් වගේ විලාසිතා ගත්තා. මගේ යාළුවො ගෙදරටම ඇවිත් ඒවා මිලදී ගත්තා. මගේ විලාසිතාවලට ලොකු ඉල්ලුමක් ඇතිවුණා. එක දෙක අරගත්ත අයට ලොට් පිටින් ගන්න ඕනෑ වුණා. මට ඩිමාන්ඞ් එකක් ආවා කිව්වොත් හරි. මේ වැඬේ කරගෙන යාමට සිටියෙ මම සහ මගේ රියැදුරු විතරයි. කොහොම වුණත් පසුව තොගයට අලෙවි කිරීම දක්වා මට වාසනාව පෑදුණා.
● ඉන්පසුව?
ඉන්පසුව විලාසිතා සාප්පු තුන හතරකට මගේ ඇඟලුම් විකුණන්න පුළුවන් වුණා. මගෙන් විලාසිතා අරගත්ත යාළුවෝ, එයාලගෙ යාළුවන්ට කිව්වා ඒ විදියට කට වචනයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. සමහර අය රාත්‍රීකාලයේදී පවා මට කෝල් කරලා විලාසිතා ගැන ඇහුවා.
● ඇයි ඒ තරමට ඒවා ජනප්‍රිය වෙන්න ඇත්තේ?
තත්ත්වයෙන් හොඳ වෙන්න ඇති. ඒ වගේම මිලත් හරිම සාධාරණ වුණා.
● මේ විදියට වැඬේ කරගෙන යද්දී හැරවුම් ලක්ෂ්‍ය ඇතිවුණේ කොතැනින්ද?
මේ විදියට කරගෙන යද්දී සේල් එකක් කළොත් හොඳයි කියලා හිතුවා. කොට්න් ඇඳුම්වලට මම පුද්ගලිකවම බොහොම ආසයි. මමයි තව යාළුවෙකුයි එකතුවී ජුබිලි හෝල් එකේ මේ සේල් එක පැවැත්වූවා. ෆැක්ටරිවලට ගිහින් තත්ත්වය ගැන සොයා බලා තෝරා ගත්ත වර්ග 700 විතර ඒ සේල් එකට යොදා ගත්තා. මේ හැම දෙයක්ම මමම තනියම තමයි කළේ.
● සේල් එක නැගලා ගියාද?
දවස් දෙක තුනක් සේල් එකක් කිරීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. ඒ වෙනුවෙන් ප්‍රචාරය ලබාදිය යුතුව තිබුණා. එවැනි දේ ගැන ඒ සේල් එකේදී ලොකු පළපුරුද්දක් ලබා ගත්තා. ඒක මුදලට වඩා වටින දෙයක් වුණා.
● එතකොට ඔබගෙ වයස?
අවුරුදු 23 ක් විතර ඇති.
● කොට්න් කලෙක්ෂන් සාප්පුව පටන් ගත්තෙ කවදද?
1991 දී මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේදී තමයි පටන් ගත්තෙ. තාත්තා මට එහිදී උදව් කළා. මුදල්වලට වඩා උදව් කළේ සම්බන්ධතාවලින්. හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ සමයේදී රටේ ඇඟලුම් කර්මාන්තවල ලොකු පිබිදීමක් තිබුණෙ. ඒවා වෙතින් හොඳ ෆැෂනබ්ල් දේ මිලදී ගැනීමේ අවකාශය සැලසී තිබුණා.
● මැජෙස්ටික් සිටි සාප්පුවට හොඳ ඉල්ලුමක් ආවෙ ඒ වටපිටාව නිසාද?
ඇත්තෙන්ම ඔව්. බොහෝ දෙනා කොට්න් කලෙක්ෂන් සාප්පුවම හොයාගෙන බම්බලපිටියට ආවා.
● ඇයි කොට්න් කලෙක්ෂන් කියන නම තැබුවෙ?
කොට්න් (කපු) රෙදිවලට තමයි මම ගොඩාක්ම ආසා කරන්නෙ. අනෙක අපේ රට ඌෂ්ණාධික රටක්. අපට වඩා ගැළපෙන්නෙ කපු ඇඳුම්. කපු සහ ලිනන් ඇඳුම් ගැන තමයි මම වැඩි අවධානය යොමු කළේ.
● ඇත්තටම ඇයි ඔබට එදා සාප්පුවක් දැමීමට අවශ්‍ය වුණේ?
”විලාසිතා” යනු මගේ රිද්මය වුණා. ඒ වගේම මගේ දර්ශනය වගේම මම කරන දේට ආදරය කළා. ඉතින් තවත් කල් නොගෙන එය කළොත් හොඳයි කියලා හිතුවා.
● එක් සාප්පුවකට සීමා නොවී තවත් ශාඛා විවෘත කළේ ඇයි?
1993 දී ලිබර්ටි ප්ලාසා එකටත් සාප්පුවක් ගෙනාවා. ඉන්පසු ප්‍රධාන ආයතනය ලෙස ෆ්ලවර් රෝඞ් එකේ පවත්වාගෙන ගියා.
● තනියම මේවා කිරීම අසීරු වුණේ නැද්ද?
අසීරු වුණා. ඔක්කෝම සාප්පු ගණන 3 ක් දක්වා යද්දී තනියම කිරීම අපහසු වුණා. ඒ නිසා ගණන් බලන්න එකවුන්ටට් කෙනෙක් අරගත්තා. සේවක පිරිස සාප්පු අනුව ඉහළ ගියා.
● අද කී දෙනෙක් විතර සිටිනවද?
දෙසීයකට වඩා.
● අද කොහෙ කොහෙද සාප්පු තියෙන්නේ?
මැජෙස්ටික් සිටි, පැලවත්ත, මහනුවර, ෆ්ලවර් රෝඞ් එකේ සහ ප්‍රධාන ආයතන පරිශ්‍රය ලෙස ධර්මපාල මාවත (කොළඹ 7) යන ස්ථානවල.
● ඒ වන විටත් විවාහවෙලා සිටියෙ නැද්ද?
මම විවාහ වුණේ 1992 දියි.
● ඒ විවාහය ගැන කිව්වොත්?
සැමියා සෑහෙන කලක් හිටියේ එංගලන්තයේ. එයාලගෙ පවුලේ අය මහා පරිමාණ තේ වෙළඳාමේ නිරත ව්‍යාපාරික පවුලක්. ඒක ප්‍රේම සම්බන්ධයක ඵලයක්. එයා හරිම කාරුණිකයි. මට ආදරය කරන බව හැඟුණා. ඉතින් අපි විවාහ වුණා.
● ව්‍යාපාර සහ ගෘහ ජීවිතය කොහොමද දැනුණේ?
විවාහයෙන් පසුව පුතා සහ දියණිය පවුලට ආවාම ඇත්තටම ව්‍යාපාරවලට සියයට සීයක්ම කාලය යෙදවීම අතිශය අසීරු කරුණක් වුණා. ඒත් මට ඔක්කෝටම වඩා මගේ පවුල තමයි වැදගත් වුණේ. ළමයින් ගැන වඩාත් හිතන්න පටන් ගත්තා. උදෑසන එයාලා පාසල් යාම දක්වා සියල්ල මාගෙන් ඉටුවුණා. සැමියා එයාලව පාසල් එක්කගෙන ගියා. ඒ කැපකිරීම ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක්. කාන්තාව ඒ ගැන හිතන්නම ඕනෑ.
● ගෙදර ජීවිතයයි, ව්‍යාපාර ජීවිතයයි සමබර හෙවත් බැලන්ස් කරන්න පුළුවන් කියලද ඔබ කියන්නේ?
කාන්තාවක් එය කළ යුතුයි. මොකද අද කාන්තාව නුවණින් ඉහළයි. ගෘහිණියක, මවක, බිරිඳක ලෙස ඇය ඇයගේ වටිනාකම, වගකීම වටහා ගන්නම වෙනවා. ඒ වගේම අප මොන දේ කළත් දැරවන් නොමග ගියොත් වැඩක් නැහැ. සල්ලි හම්බ කරනවාට වඩා වටින්නෙ ළමයින් සදාචාර සම්පන්න ආචාරධර්ම වලින් හෙබි චරිත ලෙස සමාජගත කරවීමයි. ගෙදරදී මම 100% ක්ම දරුවන්ගේ වැඩ ගැන අධ්‍යාපනය ගැන තමයි සොයා බලන්නෙ.
● සැමියාගේ ආදරය නිතර ලබන්න නම්?
පවුල වෙනුවෙන් අපි විවේකය සඳහා කාලය වෙන්කර ගන්නවා. සංචාරයට අපි ඔක්කෝමලා හරි ආසයි. නුවරඑළියට වගේම මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට හරිම ආසයි. පවුල දුරස්ථ නොවී සිටීම වැදගත්. එවිට -ආදරය” රැඳේවි. පවුලේ දියුණුව පවතින්නෙ දෙදෙනාගේ අදහස් මතයි
● ඔබ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
මම ආදරණීය, සැහැල්ලුවෙන් සිටින්න කැමැති, සතුටින් සිටින්නට කැමැති කෙනෙක්. පවුලට වඩාත් ළැදියි.
● අනෙක් කාන්තාවන් අතර ඔබ වෙනස් වන්නෙ?
මම හිතන්නෙ ව්‍යාපාර වලට ළැදි කාර්යබහුල චරිතයක් ලෙසයි.
● ජීවිතය ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?
ජීවිතය කියන්නෙ මුදල් නෙවෙයි. සතුටයි. සතුට ගන්න මුදල් විතරක් ප්‍රමාණවත් නැහැ. ජීවිතය වටහා ගැනීම වැදගත්.
● ඔබ සතුටින්ද?
ඔව්.
● හේතුව?
මම දන්නෙ නැහැ. ජීවිතයෙ මම සතුටින්.
● ඔබ මේ කළ විදියට තවත් කාන්තාවකට අදටත් කළ හැකිද? එසේ කරන්න නම්?
එහෙම දියුණු වෙන්න නම් කොණ්ඩා කටුවක් විකුණුවත්, හොඳම දේ කරන්න. නිතරම ගුණයෙන් යුතු දේ කළොත් එය වඩා සාර්ථක වේවි. අපි ගෙදර කෑමක් හැදුවත්. එය හැඟීමකින් කළ යුතුයි.
● ගෙවීගිය 25 වසර ගැන හිතන්නෙ කොහොමද?
විලාසිතා අලෙවියේදී මම හිතන්නෙ මම හොඳම දේ කළා. තත්ත්වය ගුණය, විලාසිතා නම්‍යතාව, සාධාරණ මිල ගණන් යන කරුණු ඊට පදනම් වුණා.
● ඔබ මොනවගේ විලාසිතා වලටද ආස?
අපේ දේශීය විලාසිතා වලට ආසයි. බොහීමියානු ක්‍රමයේ රිද්මයට ප්‍රියයි.
● ශ්‍රී ලංකාවේ ජනතාව විලාසිතා කරන විදිය ගැන ඔබ තෘප්තිමත්ද?
දැන් - දැන් ක්‍රමවත් බවත් එනවා. ඇත්තටම උෂ්ණාධික රටක් ලෙස අපි අවස්ථාව අනුව විලාසිතා ගළපා ගැනීම වඩා යෝග්‍යයි.
● ව්‍යාපාර ලෝකය කොකොම වුණොත්ද සමාජය සංවර්ධනය වෙන්නෙ?
නිතරම ආචාරධර්මවලට නතුව පැවතිය යුතුයි. මිනිස් ජීවිතයට වටිනාකමක් ගෙනදිය යුතයි. අවංක වීම තමයි වඩා වැදගත්.
● ඔබගේ ව්‍යාපාරයේ තියෙන්නෙ අදටත් ෆැක්ටරිවල නිෂ්පාදනය වන ඒවා විතරද?
වැඩිපුර තිබෙන්නෙ ඒවා තමයි. නමුත් අද මම වඩා සතුටු වන්නේ, අපටම කියා බ්‍රෑන්ඞ් තියෙන නිසයි.
● මොකක්ද ඒ?
“කොකෝ” (ජදජද) සහ නව බ්‍රෑන්ඞ් දෙක තුනක් මෙන්ම ලෙදර් කලෙක්ෂන් අංශය ගැනත් සඳහන් කරන්න කැමතියි. රට පුරා මේවා ප්‍රචලිත කිරීම අරමුණයි.
● තමුන්ගේම වෙළෙඳ නාමයත් පවත්වාගෙන යාම ලෙහෙසි දෙයක්ද?
කොහෙත්ම නැහැ. ඒක හරිම දුෂ්කර ක්‍රියාවක්. ලෝකයේ විලාසිතා නැඹුරුව ගැන නිරන්තර අවධානයෙන් සිටිය යුතු වෙනවා. තත්ත්වය ගැන සහ මිලට සාධාරණය වන පරිදි ඉදිරිපත් කිරීම කළ යුතුයි.
● අද මේ කිසිවක් නොමැතිව ඔබ ‘දුප්පත්’ පවුලක කෙනෙක් වී නම්?
ඒත් මමමනෙ. මම ජීවිතයට මුහුණ දිය යුතුමයි. එසේ වී නම් මම දුක්වන්නේ නැහැ. ගමට පහසුකම් අඩු වෙන්න පුළුවනි. නමුත් එයාලා පාරිසරික සම්පත් අතින් දුප්පත් නැහැ. සම්පත් අවම වුණාට එයාලගේ ජීවිතය සතුටින්. ඉතින් එසේ වී නම් මාත් මට හැකි කර්මාන්තයේ නියැළී සතුටින් සිටීවි.
● ඔබ ලොව පුරා සංචාරය කරනවා. මොන රටටද වඩා ප්‍රිය කරන්නෙ.
ඇලස්කාවට.
● එය ශීතාධික ජන ශූන්‍ය රටක්?
නිදහසට මම ආසයි. එය නිකැලැල්. පිරිසිදු පරිසරයක්. මිනිසුන් විසින් කිලිටි නොකළ පරිසරයක්. ජනාකීර්ණත් නැහැ. ඒක නිසා කැමතියි. විවිධ හේතුන් මත මම තව ආසා කරන රටවල් බොහොමයි. අපේ රට දියුණු කිරීමට නම් ජනතාව පළමුව රට ගැන විශ්වාස කළ යුතුයි. හැමෝගෙම දායකත්වය ලබා දිය යුතුයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැංකුවෙන් අස්වී රෙදි වෙළඳාමට ගිය ‘කොට්න් කලෙක්ෂන්’ හිමිකාරිය
අජිත් Saturday, 23 July 2016 02:46 PM
හොඳයි. ඔබට ජය වේවා! (නි)
විදානේ Saturday, 23 July 2016 05:55 AM
හොඳ ලිපියක් (නි)
නොයෙල් Monday, 25 July 2016 12:42 AM
ආදර්ශයට ගතයුතු චරිතයක් (නි)