IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


බැකෝවලින් මැණික් සොයා පරිසරය වනසන රත්නපුරේ

රටට විදේශ විනිමය උපයා ගැනීමට මැණික් කර්මාන්තය පිටිවහලක් වුවද වර්තමානයේ එය අපේ රටේ ස්වාභාවික සම්පත් වැනසී, ජලඋල්පත් සිදී, රට කාන්තාරයක් බවට පත් කරන මහා ව්‍යවසනයක් බවට පත්ව හමාරය. එහෙත් මේ ව්‍යවසනයේ අතුරු ඵලය ‘‘මුදල්’’ නිසා එයට වෙස්වලාගත් ආශිර්වාද හිමිව ඇති බව දැන් පැහැදිලිව පෙනේ. මුලින් සාම්ප‍්‍රදායික පතල් වලින් ඇරඹී වර්තමානය වනවිට ‘‘බැකෝ සහ සකර්’’ යන්ත‍්‍ර යොදා ඉල්ලම් ගැනීම දක්වා වර්ධනය වූයේ ඉන් ලැබෙන ‘‘සල්ලි’’ උල්පත නිසාය. මැණික් සම්පත ගැන සොයා බලන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. නීතිවිරෝධී අන්දමින් මැණික් සම්පත සොයන පුද්ගලයන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට එහි වත්මන් ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂ නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපනය කෙරිණි. එය සාමාන්‍ය ජනතාවගේ අස්වැසිල්ලට මෙන්ම රටේ අනාගත පරපුරේ පැවැත්මට යහපතක් වනු නොඅනුමනාය. ‘‘මහ පොළොව යට තියන මැණික් සම්පත අපි ගොඩගත යුතුයි. නමුත් අපි ඒක පරිසරය විනාශ කරලා, දේපල විනාශ කරලා ගතයුතු නෑ. රටේ පවතින නීතියට අනුකූලව මිස ඊට පටහැනිව ගොඩගන්න දෙන්න බෑ. නීතිය කියන එක කාටත් පොදු එකක් විය යුතුයි. අපි වෙන යමක් කරන්නේ නෑ. පවතින නීතියයි ක‍්‍රියාත්මක කරන්නේ. ඒකට ඉතින් මහජනතාවගේ සහාය අපට අත්‍යවශ්‍යයි’’ නිමල් බණ්ඩාර ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයා පැවසුවේය. මෙම වැටලීම් ඒකකය පසුගිය සතියේ කුරුවිට සහ රත්නපුර ප‍්‍රදේශයේ කළ වැටලීම්වලදී අනාවරණය වූයේ බලපත‍්‍රවල වලංගු දින ඉකුත්වීමෙන් පසුවත් බැකෝ යොදා පතල් කැපීමට ඒවායේ බලපත‍්‍රකරුවන්ට නීතියෙන් බාධාවක් වී නැතිි බවයි. බලපත‍්‍රවල වලංගු කාලය මාස හතර පහක් ඉකුත්ව තිබුණද බැකෝ යොදා කිසිදු බාධාවකින් තොරව එම පතල් කරගෙන ගිය ආකාරයක් පෙනුණි. එපමණක් නොව මෙම වැටලීම්වලදී භාවිතයට තහනම් ශකර් යන්ත‍්‍රයක්ද අත්අඩංගුවට ගැනීමට වැටලීම් කළ නිලධාරීන්ට හැකිවිනි. කරපිංචගමේ ඉහළ කෑල්ලේ බුබුලදෙණිය ඉඩමට අංක 050637 යටතේ දී තිබූ බලපත‍්‍රයේ කාලය අවසන්ව තිබුනේ පසුගිය වසරේ ජූලි 25 දින දීය. ඇලවී තිබූ ලයිට්කණු ඉවත්කරන ලෙසත්, බලපත‍්‍ර සහිත ඉඩමට ආසන්නයේ පිහිටි නිවසට අඩි අසූවක දුරක් තබා පතල් කපන ලෙසත් බලපත‍්‍රය නිකුත් කරද්දී කොන්දේසි පනවා තිබුණි. එහෙත් ඒ කොන්දේසි එකක්වත් ක‍්‍රියාත්මක වී නැත. මාස පහකට වැඩි කාලයක් තිස්සේ එහි බැකෝ දමා පතල් කපා ඇත්තේ අනවසරයෙනි. ඌරුපැලැව්ව ගමේ ඌරුපැලැව්වදෙණිය ඉඩමේ ලොට් අංක එක සහ දෙක යන ඉඩම්වලට අංක 1102 යටතේ නිකුත්කර තිබූ බලපත‍්‍රය අවසන්වී තිබුණේ 2011 නොවැම්බර් 07දාය. එහි බැකෝ යන්ත‍්‍රයක් යොදා පතල් කපා තිබුණේ නීති විරෝධිවය. හොලීපිටිය ගමේ මහ ඕවිට නම් ඉඩමට අංක 1040 බලපත‍්‍රය නිකුත්කර තිබුණි. එය 2011 නොවැම්බර් 11 දිනින් අවසන්වු බලපත‍්‍රයකි. එම බලපත‍්‍රකරු අවස්ථා තුනකදී කොන්දේසි කඩකර තිබූ හෙයින් එහි කාලය කිසිසේත් දීර්ඝ කළ හැක්කක් නොවන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහූ පෙන්වා දෙති.  කළුගග අද්දර ගං රක්‍ෂිතයටද හානිවන ලෙස තහනම්කර ඇති ශකර් යන්ත‍්‍ර ඊට යොදා තිබියදී වැටලීම් කළ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ නිසා මෙම බලපත‍්‍රකරු අසාදු ලේඛනයට (Blacklist)  අයිතිවන්නක් බවද නිලධාරීහූ පෙන්වා දෙති. මෙම අනවසර පතල් සැබැවින්ම පතල් නොව මහ වැව්ය. ඉවක් බවක් නැතිව මහපොළොව හාරා පස් ඉවත්කර ඇත්තේ මහ පොළොව සමග වෛරක්කාරයන් ලෙසය. සෑම තැනකම ඇත්තේ දිය පිරුණ වළවල්ය. කඩා වැටීමට ආසන්න වූ ඉවුරුය.දිනක වැටලීමකදී පතල් තුනකින් බැකෝ යන්ත‍්‍ර හතරක්, එක් සකර් යන්ත‍්‍රයක් (මේ භාවිතය තහනම්ය) ඉල්ලම් සෝදන යන්ත‍්‍ර තුනක්, අගල් හයේ වතුර ඉසින යන්ත‍්‍රයක් ඇතුලූ උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් සමත්වූහ. මේ මහ විනාශයන් ගෙනදුන් මැණික් පතල්වල සැබෑ අයිතිකරුවෝ වන්නේ මේ රටේ වෙසෙන සත්ගුණවත් මහා දානපති මැණික් ව්‍යාපාරිකයෝය. ඇතැම් පතල්වල බලපත‍්‍ර හිමියා අන්ත අසරණ දිළින්දෙකි. ඔහු එදාවේල හොයාගන්නේද අපහසුවෙනි. මැණික් ව්‍යාපාරිකයන් බලපත‍්‍ර ලබාගන්නේ එවැනි ඉත්තන් යොදාගෙනය. විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් වැටලීම කරන අවස්ථාවලදී ඇතැම් පතල් බලාගන්නා පුද්ගලයන් සිය හාම්පුතාගේ අධිකාරී බලය පවා පාවිච්චි කරන ආකාරයක් දැකගත හැකිවිය. මෙලෙස වෙනත් පුද්ගලයන්ගේ නමින් බලපත‍්‍ර ලබාගන්නේ කපටිකමටය. ඇතැම් බලපත‍්‍ර හිමියන්ට දඩ නියම කළ විට දඩ නොගෙවා සිටියි. එවිට බලපත‍්‍රය අවලංගුවෙයි. මාස කිහිපයකට පසු වෙනත් කෙනෙකුගේ නමකින් බලපත‍්‍රය ලබාගෙන පෙර පරිදි වැඩ කරයි. සමහර පතල්වල මේ ආකාරයට හතරපස් වතාව බලපත‍්‍ර ලබාගත් බව පවසන්නෝ පතල්වල සේවය කරන කම්කරුවෝය. මෙය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇතැම් නිලධාරින්ගේ අනුදැනුම මත සිදුවන අක‍්‍රමිකතාය. බලපත‍්‍රය ඉඩමේ නමට නිකුත් කළහොත් කවුරු ඉල්ලූම් කළත් පෙර එහි තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කළ හැකිය. නමුත් මෙහිදී සලකා බලන්නේ බලපත‍්‍රකරු මිස ලබපත‍්‍ර ලබාගන්නා ඉඩම නොවේ. මේ නිසා සිදුවන දූෂණය වංචාව අතිමහත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේම නිලධාරිහු පෙන්වා දෙති. පස්සර, ලූණුගල, පැල්මඩුල්ල, රක්වාන, උඩකරවිට ආදි ප‍්‍රදේශවලද නීතිවිරෝධීව සිදුකරන බැකෝ පතල් සම්බන්‍ධව තොරතුරු මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලැබී ඇතිව පවසන්නෝ එහි නිලධාරිහුමය. ඇතැම් පතල් දේශපාලනඥයන් හා හවුලේ ඇති ඒවාය. කහවත්ත ප‍්‍රදේශයේ ඇති අක්කර දෙකකට අධික විශාල පතලක් වැසීමට නොහැකි තරමට පරිසරය විනාශ කර ඇති බව පවසන්නේ ද ස්වර්භරණ අධිකාරියමය. මේ කැපූ මහා වළවල්වල පස් සෝදාහැර ඇති නිසා ඒවා යළි පුරවන්නට පස් පිටතින් ගෙන ආ යුතුය. නමුත් බලපත‍්‍ර හිමියන් පවසන්නේ පතල් බලපත‍්‍රය ගැනීමේදී තැන්පත් කර ඇති ඇප මුදලින් ඒවා පිරවීම සංස්ථාව කළ යුතු බවයි. බැකෝ යොදා පතල් කැපීමට දුන් බලපත‍්‍ර මත කපා අවසන් කළ සෑම පතලක්ම පාහේ මේ වන විට වසා දමා නැති බව රත්නපුර දිස්ත‍්‍රික්කයේ සංචාරය කරන විට දැක ගත හැකිය. මෙවැනි විශේෂ වැටලීම් ඒකකයක් රටට අවශ්‍ය වුවත් මේ අපරාධ කරන ව්‍යාපාරිකයන් එම ඒකකය විනාශ කරන්නට කෝටි ගණන් වියදම් කරන්නට සුදානම්ය. දේශපාලන අධිකාරිය හරහා ඒ මෙහෙයුම් අරඹන්නේ දහසින් බැදි පියළි සමගින්ය. මීට පෙරත් මේ ආකාරයේ විශේෂ වැටලීම් ඒකක පිහිටවුවත් ඒ නිලධාරින්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලැබුණේ කෙටි කාලයකි. වැටලීම් කර තහනම් කළ පතල්වල නැවත වැඩ කිරීමට රජයේ අමාත්‍යවරයෙක් හමුවීමට ව්‍යාපාරිකයන් පිරිසක් යාමට සූදානම් වන බව පැවසුවෝ පතල් කම්කරුවෝය. ‘‘ඔය ඇල්ලූවට වැඩක් නෑ මහත්තයා. අපේ මුදලාලි තව දවස් දහයක් යන්න ඉස්සරවෙලා මේ පතලේ වැඩ පටන්ගන්නවා. ලබන 16දා සංස්ථාවේ ලොකු මහත්තයෙක් ඇමතිතුමා ගාවාට මුදලාලිව එක්ක යනවා කියලා බය නැතුව ඉන්න කියලා අපිට කිව්වා. සල්ලිවලට කවුද මහත්තයා අකමැති. මම කියන්නේ බොරුද බලන්න 16 පහුවෙලා එන්න අපි මේ පතලේ වැඩකරන හැටි බලන්න.’’ එක් පතල් කම්කරුවෙක් අභියෝග කළේය. පත්වන ආණ්ඩුව කොළද, නිල්ද, රතුද යන්න කුමක් වුවත් ආණ්ඩුවේ බලය පෙන්වමින් මහ පොළොවේ මැණික් සම්පත ගොඩගන්නේ මහ පොළොව නුහුලන ලෙස මහපොළොව විනාශ කරමින්ය. අන්තිමට වැටලීම් ඒකකවල සිටින නිලධාරින්ට සිදුවන්නේ ධනපති ව්‍යාපාරිකයන්ගේ මරණ වරෙන්තුව හමුවේ නීතිය ක‍්‍රියාත්මක කරන්නටය. වර්තමානයේ රටේ ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක ලේකම්වරයාගේ පිහිට හැර මේ නිලධාරින්ට වෙනත් සරණක් නැති බව නීතිගරුක සාමාන්‍ය ජනතාව කියන්නේ මේ තත්ත්වයන් දැනගෙනය. ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වන එම්.ඞී.එස්. සෙනෙවිරත්න, ඉදුනිල් මුතුකුමාර, නන්‍දන හේවාවිතාරණ, ආරක්‍ෂක නිලධාරීන්වන පී.ඒ. ඇන්ඩෲසන්, සෙනරත්කුමාර, පී. ප‍්‍රියන්ත, අයි.ජී. පේ‍්‍රමරත්න ඇතුළු මේ වැටලීම් ඒකකයේ නිලධාරීන් කරන මෙහෙය මිලකළ නොහැක. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා වරක් පැවසුවේ තමන්ගේ නම පාවිච්චි කරන නීති විරෝධී මැණික් ගරන්නන්ට, ගස් කපන්නන්ට හෝ වෙනත් අපරාධකාරයන්ට කිසිදු උදව්වක් නොකරන බවයි. තමන්ගේ නම සම්බන්‍ධකරගෙන එවැනි ව්‍යාපාර කරන්නන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා වරක් ප‍්‍රසිද්ධියේ කීවේය. බැකෝ යොදා පතල් කපා කරන මහා විනාශයට එරෙහිව ඇමතිවරයා රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවේදී හඩ නගමින් කියා සිටිද්දී විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂයේ සබරගමු පළාත් සභා විපක්‍ෂනායක ඒ.ඒ. විජේතුංග, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන සිරිපාල කිරිඇල්ල, සලිත කරුණාරත්න වැනි අය ඊට සහාය දුන්නේ සැබැවින්ම මහ ව්‍යවසනයකින් රට බේරාගන්නටය. නමුත් අද නීතිය අභිභවා අනීතිය ක‍්‍රියාත්මක බව පෙනේ. සාම්ප‍්‍රදායික තට්ටු පතල් කපා මැණික් ඉල්ලම් ගත නොහැකි තැන්වලට පමණක් බැකෝ යෙදීම සුදුසු බවට එකගතාවක් තිබියදී මෙලෙස හැමතැනකටම බැකෝ යොදන්නේ බලපුලූවන්කාරකම් පෙන්නන්නටය. ඇතැම් පතල්කරුවන්ට වැරදි නිසා දඩ ගැසු පසු ඔවුන් කරන්නේ පෙරටත් වඩා වැඩියෙන් වැරදිය. ඔවුන් සමාජයට පෙන්වන්නේ නීතිය මුදලට ගත හැකි බවය. ඒ තත්ත්වය නැවැත්වීමට මේ වැටලීම් ඒකකය යම් බෑලපෑමක් වනු ඇත. එසේ නොවුණහොත් බැකෝ සහ සකර් යන්ත‍්‍රවලට එරෙහිව කැලෑ නීතිය රජවනු නැතැයි කිව නොහැක.

අජිත්ලාල් ශාන්තඋදය
බැකෝ දෙකක් දමා පතල් කපන අයුරු බැකෝ යොදා පතල් කැපු වළක එකතුවුණු ජලය මාස පහක් තිස්සේ බලපත‍්‍ර නොමැතිව බැකෝ යොදා කපන පතලක්



අදහස් (0)

බැකෝවලින් මැණික් සොයා පරිසරය වනසන රත්නපුරේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 304 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 140 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 70 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 364 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 527 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 893 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 474 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 704 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site