මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට හා කොටි සංවිධානයේ හිටපු නායකයකුට එරෙහිව තහංචි පනවමින් බ්‍රිත්‍යාන්‍ය රජය පසුගිය සඳුදා (24) නිකුත් කළ නිවේදනයට ආණ්ඩුව පරෙස්සම් සහගතව ප්‍රතිචාර දක්වා ඇත.
ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවති කාලයේ සිදු වූ බව කියැවෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙසේ තහංචි පනවනු ලැබ ඇත්තේ හිටපු හමුදාපතිවරුන් වන ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා කොටි සංවිධානයේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික් හිටපු විශේෂ අණදෙන නිලධාරියා වූ විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට එරෙහිවය.
මෙම තංචියෙන් සිදුවන්නේ මෙම සිව්දෙනාට බ්‍රිතාන්‍ය රජයෙන් සංචාරක තහනමක් පැනවීම හා ඔවුන්ගේ දේපළ බ්‍රිතාන්‍යයේ ඇත්නම් ඒවා තහනමට ලක්වීමය. මේ බව බ්‍රිතාන්‍යයේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි නිවේදනයක් මගින් කියා සිටියේය.
මෙම නිවේදනය සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව වහාම ප්‍රතිචාර දැක්විය යුතු යැයි ඇතැම් විරුද්ධ පක්ෂ කියා සිටිය ද ආණ්ඩුව හදිසි නොවී දින දෙකකට පසු 26 වැනිදා නිවේදනයක් මගින් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් විදේශ අමාත්‍යාංශයට කැඳවා ප්‍රතිචාර දැක්වූයේය.
බ්‍රිතාන්‍ය රජයේ මෙම තීන්දුව ඒක පාක්ෂිකව ගෙන ඇති බවත් රටවල් එවැනි ඒකපාක්ෂික ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංහිඳියාවට යහපතක් නොව ව්‍යාකූලත්වයක් ඇති කරන බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
කරුණා ගැන සඳහන් කිරීමේදී බ්‍රිතාන්‍ය රජයේ නිවේදනයේ තමිල් ඊළම් විමුක්ති කොටි නම් ත්‍රස්තවාදී සංවිධානයේ සන්නද්ධ අණදෙන නිලධාරියකු යැයි සඳහන් වුව ද ඔහුට එරෙහිව තහංචි පනුවනු ලැබ ඇත්තේ 1990 දී කොටි නායකයකු වශයෙන් තමන්ට යටත් වූ පොලිස් භටයන් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමට අණ දීම වැනි කටයුතු සම්බන්ධයෙන් නොව පසුව ඔහු ආරක්ෂක හමුදාවට සහාය දෙන පැරා මිලිටරි කණ්ඩායමක නායකයකු වශයෙන් කළ කී දෑ සම්බන්ධයෙන් බව පෙනේ.
බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම්වරයා තහංචියට ලක්වන පුද්ගලයන් හැඳින්වීමේ දී කරුණා කොටි සංවිධානයේ අණදෙන නිලධාරියකු ලෙස කටයුතු කොට පසුව ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් ක්‍රියා කළ කරුණා කණ්ඩායම යන නම් පැරා මිලිටරි කණ්ඩායමක් ගොඩ නගා ඊට නායකත්වය දුන්නේය යනුවෙන් සඳහන් කොට ඇත. එසේම කරුණා බොහෝ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දෝෂ දර්ශනයට ලක්වූයේ කොටි සංවිධානය වෙනුවෙන් ඔහු කළ ක්‍රියා සම්බන්ධයෙන් නොව හමුදාවට සහාය දෙන පැරා මිලිටරි කණ්ඩායමක නායකයකු වශයෙනි.
එහෙත් හමුදා නිලධාරීන් තිදෙනාට එරෙහි තහංචිවලට විරුද්ධව අදහස් දක්වන කිසිවකු කරුණා සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවක් පෙනෙන්නට නැත.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජයේ නිවේදනය අහඹු සිදුවීමක් නොවේ. පුදුම වීමට කාරණයක් ද නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දශකයකට ආසන්න කාලයක් පුරා කරගෙන ආ වැඩ කටයුතු හා විශේෂයෙන්ම මෑතක දී ගන්නා ලද ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලන කල මෙවැනි දෑ අපේක්ෂා කළ යුතුය.
යුද්ධය පැවැති කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතු යැයි මානව හිමිකම් කවුන්සිලය 2009 දී යුද්ධය අවසාන වූ දා පටන් ශ්‍රී ලංකා ආණ්ඩුවටම බල කරමින් සිටී. ඒ සඳහා 2012 සිට එම කවුන්සිලයේ යෝජනා දහයක් පමණ සම්මත කරනු ලැබ ඇත. එම යෝජනාවලින් ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරෙන්නේ එම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුය යන්නයි.
ඒවාට ශ්‍රී ලංකා ආණ්ඩුවේ යහපත් ප්‍රතිචාරයක් නොවුයෙන් 2021 දී මානව හිමිකම් කවුන්සිලයේ දී විශේෂ යෝජනාවක් සම්මත කෙරිණි. ශ්‍රී ලංකාවේ යුද්ධ කාලයේ දී හා ඉන් පසුව මානව හිමිකම් උල්ලංඝන කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් තොරතුරු හා සාක්ෂි එක් රැස් කොට විශ්ලේෂණය කොට සංරක්ෂණය කිරීමට මෙම යෝජනාවෙන් මානව හිමිකම් පිළිබඳ එ.ජා මහ කොමසාරිස් කාර්යාලයට නියම කෙරිණි. ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය යනුවෙන් නම් කෙරුණු මෙම වැඩ පිළිවෙළ යටතේ මෙසේ සංරක්ෂණ කෙරෙන තොරතුරු හා සාක්ෂි මානව හිමිකම් උල්ලංඝනය කළ වුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ඕනෑම රටකට ලබාදීමට නියමිතය.
2021 වසරේ ජනවාරි මාසයේදී එවකම මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරිය වූ මිචෙල් බැචලේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ ද මෙම වැඩපිළිවෙළ පිළිබඳව සඳහන් විය. එම වාර්තාව ඉදිරිපත් කරමින් විශ්වාස කටයුතු අන්දමින් චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව තම තමන්ගේ රටවල දී සංචාර තහනම හා දේපළ තහනමට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇය නිර්දේශ කළාය. දැන් එය සිදුවෙමින් පවතී.
2021 දී මෙම යෝජනාව සම්මත වුවද එය ක්‍රියාත්මක වේද යන ප්‍රශ්නය බොහෝ දෙනා මතු කළහ. එය ක්‍රියාත්මක වන්නට නම් එ.ජා. සංවිධානයේ සාමාජික රටවල් ස්වේච්ඡාවෙන් ඒ ඒ රටවල් තුළදී ශ්‍රී ලංකාවේදී මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය. එම රටවලට ඒ සඳහා අවශ්‍යතාවක් තිබේද? විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට රටවල් පෙළඹෙනු ඇත්ද යන ප්‍රශ්නය මතු කෙරිණි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද මේ කාරණාව ගැන දැක්වූයේ එවැනි අදහසකි.
එහෙත් බලවත් රටවල් පවා මේ සම්බන්ධයෙන් පොළඹවා ගැනීමට ඇතැම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට හැකියාව ඇති බව පෙනේ. දකුණු අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්‍යය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය නම් සංවිධානයට මානව හිමිකම් උල්ලංඝනය කිරීමට හා මහා පරිමාණ දූෂණයේ යෙදුණු ශ්‍රී ලංකාවේ රජයේ හා ආරක්ෂක අංශවල නිලධාරීන්, දෙමළ පැරා මිලිටරි සංවිධාන සාමාජිකයන්, විනිශ්චයකාරවරුන් හා හිටපු ඇමැතිවරුන්ට එරෙහිව වීසා තහංචි පනවන ලෙස ඉකුත් දෙසැම්බර් මස ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන රටවල් හා ආයතනවලින් ඉල්ලා සිටියේය.
මෙම ජාත්‍යන්තර සත්‍යය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතියේ නායකත්වය දරන්නේ දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක වන යැස්මින් සූකාය. 2010 දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව තමන්ට උපදෙස් දීම සඳහා එවක එ.ජා. මහ ලේකම් වූ බෑන් කි මූන් විසින් පත් කරන ලද දරුස්මාන් කමිටුව යනුවෙන් එකල හැඳින්වුණු ත්‍රිපුද්ගල විශේෂඥ කමිටුවේ ද සූකා සාමාජිකාවක වූවාය.
එහෙයින් 2021 දී මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යෝජනාව අනුව ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලවත් රටවලට බලපෑම් කළ හැකි පිරිස් ලෝකයේ සිටිති. ඒ අතර පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවන් නිසා එම බලපෑම් නැතිව වුවද එවැනි ක්‍රියාමාර්ග ගන්නට පෙළඹෙන දේශපාලනඥයෝ ද බොහෝ රටවල සිටිති.
ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සිව් දෙනාට එරෙහිව තහංචි පනවමින් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳව රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි නිකුත් කළ නිවේදනයේ එක් තැනක මෙසේ සඳහන් වේ. ‘‘වගකිව යුත්තන් දඬුවමින් ගැළවී නොයාම සහතික කරන්නට මම මැතිවරණයේ දී පොරොන්දුවක් දුන්නෙමි’’. බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මැතිවරණයක දී ඔහු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව මෙවැනි පොරොන්දුවක් දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහාය අපේක්ෂාවෙන් නොවන බව ඉතා පැහැදිලිය. ලැමීගේ මෙම ප්‍රකාශය මෙරට විදේශ අමාත්‍යාංශයේ ඉහත කී නිවේදනයේ ද උපුටා දක්වා තිබිණි.
ජෙනරල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්නය මතම මීට පෙරද සූකාගේ සංවිධානය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි. ඒ 2017දී ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරද්දීය. එහෙත් වසර දෙකක සේවයෙන් පසු 2017 දීම ඔහු මෙරටට පෙරළා පැමිණියෙන් එම නීති ක්‍රියාමාර්ගය ඉදිරියට ගියේ නැත.
2020 පෙබරවාරි මස ඇමෙරිකාව ද මේ පදනමින්ම ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ගමන් තහංචියක් පැනවීය. එහෙත් සිල්වා මහතා 2010 දී ශ්‍රී ලංකාවේ එ.ජා. නියෝජ්‍ය නිත්‍ය නියෝජිත වශයෙන් පත් කරනු ලැබ නිව් යෝර්ක් නුවර සේවය කළේය. 2011 දී ඔහුට එරෙහිව කොටි නායකකුගේ බිරියක් මානව හිමිකම් පිළිබඳ නඩුවක් පැවරුවාය. එහෙත් තානාපති මුක්තිය සලකා 2012 දී එම නඩුව ප්‍රතික්ෂේප විය.
මානව හිමිකම් ප්‍රශ්නය මුල් කොට ගෙන 2023 දී කැනඩාව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ඇතුළු සිව් දෙනකුට එරෙහිව දේපළ හා ගමන් තහංචි පැනවීය.
කෙසේ වෙතත් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් දඬුවම් කිරීමේදී පොදු පදනමක් මත නොව පුද්ගලයන් තෝරා බේරා කටයුතු කරන බවක් පැහැදිලිව පෙනේ. අනෙක් අතට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුතම ජනසංහාරය සිදුවන පලස්තීන භූමිය ඔවුනට පෙනෙන්නේ නැත.
ගාසා ඇතුළු පලස්තීන භූමියේ යුද්ධයක් කෙරෙන බවට බටහිර ජනමාධ්‍ය පැවසුවද එහි දෙපාර්ශවයක් අතර යුද්ධයක් නැත. ඊශ්‍රායලය එහි කිසිදු ප්‍රතික්‍රියාවක් නැතිව මහා මිනිස් සංහාරයක නිරතව සිටී. ජන කොට්ඨාසයකට සාමුහික දඬුවම් දීම, ආහාර සැපයුමට බාධා පැමිණවීම, ළමයින් වැනි දුබල පිරිස් ඝාතනය, ජනතාව පිටමං කිරීම, රෝහල්වලට පහරදීම ආදි යුද්ධයක දී නොකළ යුතු දෑ ලෙස ලෝකය පිළි ගත් සියල්ල එහි සිදුවෙද්දී බ්‍රිතාන්‍යය සිටින්නේ පීඩිතයාගේ පැත්තේ නොව ආක්‍රමිණිකයාගේ පැත්තේය.
සත්‍යය මෙය වුවත් එ.ජා. සංවිධානයත් බටහිර රටවලුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කරගෙන යන කටයුතු ඉදිරියටත් කරගෙන යනු ඇත. පලස්තීනය පෙන්වා එම කටයුතු නතර කළ නොහැකිය. එම යථාර්ථයට මුහුණ දීමට මෙතෙක් පැවැති ආණ්ඩු අසමත් විය. ජාතික ජනබල වේගයේ ආණ්ඩුව මුහුණ දෙන අසීරුතම ප්‍රශ්නවලින් එකක් වන්නේ මෙයයි.
(*** එම්.එස්.එම්.අයුබ්)
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට හා කොටි සංවිධානයේ හිටපු නායකයකුට එරෙහිව තහංචි පනවමින් බ්‍රිත්‍යාන්‍ය රජය පසුගිය සඳුදා (24) නිකුත් කළ නිවේදනයට ආණ්
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
බටහිර දෙබිඩි පිළිවෙත්
SL Monday, 31 March 2025 10:20 AM
එංගලන්ත කොටින්ට කඩේ ගියේ අද ඊයේ නොවේ උන්ට ඕනේ අපේ රටවල් මරා ගන්නවා දකින්න පලස්තීන මිනිස්සු අමු අමුවේ මරද්දි ආයුධ දෙන සුද්දා ගැන මුළු ලෝකෙම දන්නවා.