IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සොයන පුරාවිද්‍යා කැණීම්

බුද්ධ චරිතය ගැන විමසීමේ දී කපිලවස්තු පුරය ප‍්‍රධාන ස්ථානයක් ගනී. සිදුහත් කුමාරයා ඉපදී ගිහිගෙය හැරපියා අභිනික්මන් කරන තුරුම වාසය කළේ, සිය තුරුණු විය ගෙවා දැමුවේ මේ නගරයේය.

 


එය ශාක්‍යයන්ගේ අග නගරයයි. කපිලවස්තුපුරය හෙවත් කිඹුල්වත් නගරය හිමාලය කඳු පාමුල පිහිටි රමණීය නගරයක් ලෙස බෞද්ධ සාහිත්‍යයට අයත් දීඝනිකායෙහි සඳහන්ව ඇත. භාගිරතී ගංගා තීරයේ කපිලවස්තු පුරය පිහිටි බව අම්බට්ඨ සූත‍්‍රයේ දැක්වේ. තවද සක නම් ගස්වලින් පිරුණු ප‍්‍රදේශයක් ලෙසින් ද එහි සඳහන් වේ.

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ කෝසල රාජ්‍යයේ ඔක්කාක වංශික රජු විසින් පිටුහවල් කරන ලද කුමාරවරුන් විසින් කපිල මුනිවරයාගේ උපකාරය ඇතිව කපිල වාස්තුපුරය බිහි වූ බව ඉන්දියාවේ ඉතා පැරණි ග‍්‍රන්ථයක් වන සුමංගල විලාසිනියෙහි සඳහන්ව ඇත. මේ පරපුර පසුව ශාක්‍යවංශිකයෝ වූහ. සුද්දෝධන රජතුමා මේ ශාක්‍ය වංශිකයෙකි. ඔහු කෝලිය වංහික මහාමායා දේවිය විවාහ කැර ගත්තේය. මේ විවාහයෙන් උපන් දරුවා සිදුහත් කුමාරයාය.

කපිලවස්තු රාජ්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ පිය පාර්ශවයෙන් සහ මව්පාර්ශවයෙන් අසූදහස බැගින් පවුල් සාමාජිකයෝ සිටි බවට ද මතයක් තිබේ. එසේ නම් කපිලවස්තු රාජධානිය යනු විසල් මහ නගරයක් විය යුතුය.

කපිලවස්තු නගරයේ දැන් කැණීම් ආරම්භ වී ඇත. මේ කැණීමේ විශේෂත්වයක් වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඒ කැණීම් සඳහා සහභාගී වීමයි.

කැණීම් කරන ස්ථානයේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝ මීටර 250ක් ඇතින් පිහිටා ඇත. තිලාරාකෝට් නමින් හැඳින්වෙන මේ ප‍්‍රදේශයේ සිදුහත් කුමරයා විසූ මාළිගාවක නටබුන් ඇතැයි එරට වැසියෝ විශ්වාස කරති. එහි පාදමක් ඇත. සතර දිශාවෙන් දොරටු ඇති එම ගොඩනැගිල්ල සිදුහත් කුමරුගේ මාළිගාවක් යැයි කීව ද එහි ඇති නටඹුන් පිරික්සීමේ දී පෙනී යන්නේ එය කි‍්‍රස්තු වර්ෂ හයවැනි සියවසේ දී පමණ ඉදිකැර ඇති ස්ථානයක් බවයි.

මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා එම ස්ථානය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

‘‘ ඉන්දියාවත් නේපාලයත් එකිනෙක දේශසීමාවලින් වෙන්කරන්නට පෙර කපිලවස්තුපුරය කියන්නේ ඉතා විශාල ප‍්‍රදේශයක්. දැන් එය දෙකඩ වී තිබෙනවා. ඉන්දියාවට කොටසක් හිමිවෙලා නේපාලයට කොටසක් හිමිවෙලා. ඉන්දියාවේ කපිලවස්තු කියන ප‍්‍රදේශයේ පැරණි රාජධානියක නගරයක් තිබූ බවට සාධක හමුවන්නේ නැහැ. නමුත් නේපාලයට අයත් කොටස පිරික්සූ විට පෙනෙනවා එහි නගරයක් තිබූ බව ඉන්දියාවේ පිප්රාවා කියන ප‍්‍රදේශය තමයි ඇතැම් අය පවසන්නේ කපිලවස්තු නගරයේ සිදුහත් කුමාරයාගේ මාළිගාව පිහිටි ප‍්‍රදේශය කියා. නමුත් නේපාලයේ තිලාරාකෝට් කියන ප‍්‍රදේශයේ සුද්දෝධන රජුගේ මාළිගාව තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාධක දක්නට ලැබෙනවා. මේ ස්ථාන දෙකම පැරණි කපිලවස්තු රාජධානියේ කොටස් බවනම් පැහැදිලියි. ’’
කපිලවස්තුපුරයේ ප‍්‍රධාන මාළිගාව පිහිටන්නට ඇතැයි සිතන ස්ථානය කැණීමට පෙර නවීන තාක්ෂණික උපකරණ ආධාරයෙන් භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට පුරාවිද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ සඳහා භූමියේ අභ්‍යන්තර පිරික්සීමේ යන්ත‍්‍ර භාවිතාකැර තිබේ. ඒ අනුව එහි දැනට දක්නට ඇති ගොඩනැගිලි වලට යටින් තවත් ඉදිකිරීම් කිහිපයක් තිබෙන බව තහවුරු වී ඇත.

 

පුරාවිද්‍යාඥයන් පවසන්නේ කපිලවස්තු පුරයේ සුද්දෝධන රාජ මාළිගය පිහිටන්නට ඇතැයි සිතන භූමිය වර්ග කිලෝ මීටර 2.5ක් පමණ වූ දිග පළලකින් යුතු හතරැුස් භූමි ප‍්‍රදේශයක් ලෙස වෙන්කැර හඳුනාගත හැකි බවයි. දැනට එහි ඇති හතරැුස් ගොඩනැගිල්ල කි‍්‍රස්තු වර්ෂ තුන්වැනි සියවසේ ඉදිකරනු ලැබූවකි. එය දැනට ශාලාවක් ලෙස භාවිතා කරයි.

මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා පවසන්නේ මෙතෙක් කරන ලද කැණීම් වලින් මේ ස්ථානය වටා ඉදිකැර තිබූ ප‍්‍රාකාරයක නටඹුන් හමුවී ඇති බවයි. එය එකිනෙක සමීපව සවිකැර තිබූ දැව කණු යොදා සාදා තිබුණකි.

මහාචාර්ය ගුණවර්ධන මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.

‘‘ අතීතයේ පටන් නගරයක දක්නට ලැබුණු ලක්ෂණයක් තමා ආරක්ෂිත බැම්මක්. මේ ස්ථානය වටා දැවයෙන් ඉදිවූ ප‍්‍රාකාරයක් තිබෙන බවට පැහැදිලි සාක්ෂි අපට හමුවුණා. දැව කොටස් පොළොවට සවිකළ වළවල් නිශ්චිතව හඳුනාගැනීමට හැකියි. එහි අවශේෂ අනුව සිතිය හැකියි මේ ප‍්‍රාකාරය කි‍්‍රස්තු පූර්ව හයවැනි සියවසට පමණ අයත්වන බව. එය සුද්දෝධන රජුගේ රාජ සමයට නැතිනම් සිදුහත් කුමාරයාගේ කාලයට අයත්වන බව නිගමනය කිරීමේ හැකියාව තිබෙනවා. ’’

අතීතයේ දැවයෙන් ගොඩනැගූ තාප්පයෙන් වටවූ භූමියේ පැරණි මාළිගාව තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කරති. නමුත් ඔවුන් පවසන්නේ දැන් වර්තමානයේ සුද්දෝධන මාළිගාවයැයි ඇතැම් පුද්ගලයන් විසින් හඳුන්වනු ලබන කි‍්‍රස්තු වර්ෂ තුන්වැනි සියවසට අයත් ගොඩනැගිල්ලට යටින් එම අවශේෂ පිහිටිය හැකි බවයි.

කෙසේ වෙතත් කිඹුල්වත්පුර නගරයේ ඉදිකිරීම් ව්‍යුහය පිළිබඳ යම් තරමකින් අවබෝධයක් ලබා ගැනීමට ද මේ කැණීම් මහෝපකාරී වී තිබේ. එමගින් නගරයේ මංමාවත් සැකැස්ම පිළිබඳ පැහැදිලි සාක්ෂි හමුවී ඇත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ නගරයේ එක් එක් දිශාවට යොමු වූ අඩි 12 ක පමණ පළලකින් යුතු මං මාවත් පද්ධතියක් සෙයාගත හැකි වූ බවයි. නිවසක ගොම මැටි ගා පොළොව සකසන ආකාරයට මේ මාර්ග සාදා තිබී ඇතැයි ද ඔවුහු කියති. එම මාවත් සකස් කැර තිබූ තාක්ෂණය අනුව වසර දෙදහසකට වැඩි කාලයක් ගත වුව ද සාමාන්‍ය පොළොවට වඩා එය වෙනස් ව හඳුනා ගැනීමට හැකි වී ඇත.

‘‘මේ භූමියේ භූ විද්‍යාත්මක ලක්ෂණ සොයා බැලීමේ දී එක්තරා ස්ථානයක යම් තරමකින් පොළොවට ගිලී ගිය ස්ථානයක් දක්නට ලැබුණා. ඒ ස්ථානයේ පොළොව ස්කෑන් කරලා පරීක්ෂා කිරීමේදී පෙනී ගියා වැලි හා රොන් මඩ එතැන තැන්පත් වී ඇති බව. අපි එම ස්ථානයේ කැණීමක් සිදුකළා. එය තරමක් විශාල ප‍්‍රමාණයේ පොකුණක් ලෙස දැනට අනුමාන කරනවා. සාමාන්‍යයෙන් පිහිටි පොළොව හමු වී තිබෙන්නේ අඩි 12 ක් විතර ගැඹුරින්. එය පානීය ජලය ලබා ගැනීමට හෝ ස්නානය සඳහා හෝ භාවිත කරන්නට ඇති. ඒ ගැන අපි ඉදිරියේ දි වැඩිදුර පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. ’’ මහාචාර්ය ගුණවර්ධන මහතා එසේ කීවේය.

ප‍්‍රිශාන්ත ගුණවර්ධන

පොකුණක් ලෙස හඳුන්වන මේ ස්ථානයේ පිහිටි පොළොව හමුවනතුරු කැණීම් සිදුකැර ඇත. එම කැණීමේ දී එක් එක් ස්ථර ලෙස තැන්පත් වූ වැලි, රොන් මඩ, ශාක අවශේෂ දිරාපත් වීමෙන් සෑදුණු පස් දක්නට ලැබුණු බව මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි. තව ද කැණීම් සිදුකරන අවස්ථාවේ දී වරින් වර ජලය මතුවී තිබේ. ඒ ස්ථර අධ්‍යයනය කිරීමෙන් පොකුණ භාවිතයට ගත් කාල වකවානු පිළිබඳ නිගමනය කළ හැකිය යන්න පුරාවිදයාඥයන්ගේ මතයයි.

දැනට කපිලවස්තු පුරය ලෙස අනුමාන කරමින් සිදුකරන කැණීම් සඳහා භූමි ගවේෂණ කටයුතු සිදුවෙමින් තිබියදී ප‍්‍රාකාරයෙන් පිටත පිහිටි ස්ථානයක් ගැන ද පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබිණි.

ප‍්‍රාකාරයේ එක් දොරටුවක් ආසන්නයේ පිහිටි එම ස්ථානය කැණීම් කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එතැන විශාල වශයෙන් යකඩ උණුකරන ලද තැනක් බවයි. ඉන් තහවුරු වන්නේ සුද්දෝධන රාජ සමයේ හෝ ඒ ආසන්න කාලයේ දී කපිලවස්තු පුරයේ යකඩ කර්මාන්තය පැවති බවයි.

තැන තැන විසිරීගිය යබොර මේ ස්ථානයේ සුලබව හමුවී ඇත. ආයුධ තැනීම, කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ තැනීම ආදිය සඳහා මේ යකඩ යොදා ගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

ලන්ඩනයේ ‘ඩර්හම්’ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනින්හැම්ග් මහතාගේ නායකත්වයෙන් යුතුව බුදුන් වහන්සේගේ ජීවන තොරතුරුවලට අදාල ස්ථානයන්හි සිදුකරන කැණීම්හි එක් පියවරක් ලෙස මේ පරීක්ෂණ කටයුතු සිදුව ඇත.

පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ මෙතෙක් සොයාගත් තොරතුරු අනුව නේපාලයේ තිලාරා කෝට් නමැති මෙම ස්ථානය සුද්දෝධන රජුගේ මාළිගාව හෝ සිදුහත් කුමාර මාළිගයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි.

හුදෙක් එය අනුමානයක් පමණක් බව ද බුදුන්ගේ චරිතය හා සම්බන්ධයැයි කියන ස්ථානවලින් හමුවන මෙවැනි නටබුන් හා සාධක බුදුන්ගේ කාලයට ම අයත් දැයි ස්ථිරව නිගමනය කළ යුතු බව ද මහාචාර්ය කනින්හැම් මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය කාලනිර්ණයන් දැනටමත් ආරම්භ කැර තිබේ. තවත් වසර දෙකක කාලයක් මේ කැණීම් සිදුකිරීමට නියමිත බව මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි. එම කාලයේ දී බුදුන්ගේ චරිතයට අදාල ස්ථාන රැුසක් නිශ්චිතව හඳුනාගැනීමටත් හැකිවනු ඇතැයි යන්න පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

එය නේපාලයට, ඉන්දියාවට පමණක් වැදගත් සොයා ගැනීමක් නොවනු ඇත. එය සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන් ම කරන මහතසිතම සේවාවකි.

 

 



අදහස් (0)

බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සොයන පුරාවිද්‍යා කැණීම්

කාවින්දිනි Tuesday, 11 March 2014 04:16 PM

ගොඩක් වැදගත් වෙනවා .(අ)

:       0       0

මාලන් කරුණාරත්න Tuesday, 18 March 2014 11:06 AM

එය ගොඩක් වැදගත්. (නදී)

:       0       0

ජීවන් සම්පත් Saturday, 15 March 2014 04:46 PM

බුදුන්වහන්සේගේ ජීවන් තොරතුරු සොයන එක ඉතාම වැදගත් එකක්. මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න සෑම බෞද්ද රටක්ම උදව් කරන්න ඕන. (අ)

:       0       0

රොහාන් දිසානායක Thursday, 24 December 2015 02:58 PM

මෙම කාල වකවානුවෙි කරනු ලබන අපහසු කාර්යකි ඔබලා යෙදෙන්නේ. ලෝක වාසි බෙෘද්ධ ජනතාව වෙනුවෙන් මෙය ඉදිරියට ගෙන යන්න. ඔබලාට මෙි පින් බලෙන් මෛත්‍රි බුදු පියානන්ගේ කාලයේ උප්පත්තිය ලැබීමට වාසනාව ලැබෙිවායි මා ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

හංසනී Sunday, 11 May 2014 11:01 AM

ගොඩක් හොද වැඩක්.අගය කරනවා. (ස)

:       0       0

තිවංක රන්දිමාල් Saturday, 15 March 2014 07:16 PM

බුදුන්වහන්සේගේ ජීවන තොරතුරැ සේවීම පිලිබදව බටහිර රටවලට ස්තූතිය පුදකල යුතුය. ඔවුන් දැන් බුදුන්වහන්සේගේ චරිතය පිලිබදව විශේශ අවධානයක් යොමුකර ඇතිබව පෙනීයයි. (අ)

:       0       0

පාල Thursday, 20 March 2014 09:55 AM

සාදු ..සාදු ...සාදු බුදුදහම තව අව්රුදු කල්ප ලක්ෂ ගණනාවක් පවතීවා.......(දී)

:       0       1

කුලන් Wednesday, 12 March 2014 02:11 AM

හරිම හොඳ වැඩක්. (අ)

:       0       0

මහින්ද රළපනාව Wednesday, 12 March 2014 04:34 PM

ඒ ඓතිහාසික තොරතුරු ගවේෂණය ඉතාම වටිනවා .අගයකරනවා .නමුත් මුදල්මය අගයන් මත ඒවා විනාශ නොකළ යුතුයි .(අ)

:       0       0

මහරාජා Tuesday, 11 March 2014 01:21 PM

ඔව්, ඔට්.(නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 24 November 2014 11:49 PM

මෙම පුරාවිද්‍යා කැණීම් වලදී රාමායනයේ සඳහන් රාම රාවණා යුගය ගැනද පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට හැකිවනු ඇත (නි)

:       1       0

කසුන් Tuesday, 20 May 2014 11:47 AM

මේ බුදු දහමේ කීර්තිමත් කාලයකි. එහෙත් ධර්මයට විරුද්ධව කටයුතු කරන පිරිසක්ද සිටිති. එනම් මාරයාත් ඔහුගේ සේනාවත්ය. ඔහුගෙන් බේරීමට හැකි වනුයේ තථාගතයන් වහන්සේටත්, උන් වහන්සේ දේශනා කළ මාර්ගයේ අප්‍රමාදීව ගමන් කරන උත්තමයන් වහන්සේලාටත් පමණි. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 77 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 759 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1298 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 177 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 409 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site