සාලාව යුදහමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ගියේ බරපතළ ප්‍රශ්න රැසක් සමාජය හමුවේ ඉතිරි කරමිනි. මේ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.
● ප්‍රශ්නය:- සාලාව යුදහමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමේ සිද්ධියේ අලුත් තොරතුරු මොනවාද?
පිළිතුර:- ඒ සම්බන්ධයෙන් අපි තවමත් පරික්ෂණ පවත්වාගෙන යනවා. ඒ පරික්ෂණය අවසන් වුණාම අපිට හරියටම හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්. මුලින් පරීක්ෂණ කළ යුතුයිනේ. ඒ පරීක්ෂණයෙන් පස්සේ පාර්ලිමේන්තුවටත් ජනතාවටත් අපි කියනවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
● ප්‍රශ්නය:- දැනට ඔබ අනුමාන කරන විදියට මේක කඩාකප්පල්කාරී වැඩක්ද? අත්වැරැද්දක්ද? නොසලකා හැරීමක්ද?
● පිළිතුර:- ඒ ගැන කියන්න පුළුවන් වෙන්නේ අර මම කියපු පරීක්ෂණයෙන් පස්සෙයි. මේ දවස්වල එක එක කට්ටිය දේශපාලන වාසි ගන්න කට කතා පතුරුවන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම සමහර අය අපට ආරංචියි කනගාටුවෙලා තියෙනවා. මේකෙන් විශාල ජීවිත හානියක් වෙලා නෑ කියලා. ඇත්තෙන්ම මම හමුදාවට ස්තූතිවන්ත වෙනවා මෙවැනි තත්ත්වයක ජීවිත හානි අවම කරගන්න ලැබීම ගැන. අපේ එක සොල්දාදුවෙක් පමණයි ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ. ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කරලා ආරක්ෂිත ස්ථානවලට ගෙනැල්ලා ජීවිත ඔක්කොම බේරාගත්තා. ඒ වෙනුවෙන් හමුදාවට මම මගේ ස්තූතිය පුදකරනවා. සමහර අය එක එක කට කතා පතුරනවා. මේක කුමන්ත්‍රණකාරී වැඩක්. ඒ වගේම හමුදා නිලධාරීන් මේකට වගකියන්න ඕනෑ කියලා ප්‍රකාශ නිකුත් කරනවා. මොනවා වුණත් ඉස්සෙල්ලාම අපි හරියටම පරීක්ෂණයක් පවත්වලා වුණේ මොකක්ද කියලා හොයා ගත්තට පස්සේ තමයි ඔබේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න වෙන්නේ.
● ප්‍රශ්නය:- ඔය ඔබ කියන පරීක්ෂණවලින් හමුදා බුද්ධි අංශය ඉවත් කරලා තියෙන්නේ ඇයි?
● පිළිතුර:- නෑ. එහෙම දෙයක් නෑ. අපි කොහොමටත් සී.අයි.ඩී. එකට බාර දීලා තියෙනවා. ඒ වගේම හමුදා බුද්ධි අංශයේ වැඩකටයුතුවලට අපේ කිසිම අතපෙවීමක් නෑ. රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කරනවා. ඊට අමතරව යුද හමුදාවෙනුත් කණ්ඩායමක් යොදවලා තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න.
● ප්‍රශ්නය:- ඔබ කිව්වා මියගියේ එක් සෙබළෙක් පමණයි කියලා. නමුත් සමහර පාර්ශ්ව පවසන්නේ ජීවිත හානි ඊට වඩා වැඩියි කියලා?
● පිළිතුර:- එහෙම කට කතා පතුරනවා. ගොඩාක් ජීවිත හානි වෙලා කියලා කියනවා. විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ගොඩක් කනගාටුවෙලා තියෙනවා එහෙම ජීවිත හානි වෙලා නෑ කියලා. ඇත්තටම හරිම කනගාටුයි. ඒ අයගේ ක්‍රියාකලාපය ගැන. මෙතැන ඇත්ත වශයෙන්ම එක සොල්දාදුවෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ ගින්න ඇතිවුණ දිනයේදීම ඉතාම ක්ෂණිකව හමුදා නිලධාරීන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හමුදා සොල්දාදුවන් එතැනින් ඉවත් කරලා. ජනතාව ඒ ප්‍රදේශයෙන් ඉවත් කරලා. ඒ වැඩකටයුතු ඔක්කොම කෙරුණාට පස්සේ සොල්දාදුවන් පස් දෙනෙක් එතැන ඉඳලා තියෙනවා. ඒ සොල්දාදුවන් ඉඳලා තියෙන්නේ ගින්න නිවන්න. ඒ පස් දෙනොගෙන් එක් කෙනෙක් තමයි ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ. ඔහුගේ කකුලකට හා බඩට තුවාල වෙලා තිබුණා. ඒ නිසා තමයි ඔහු ජීවිතක්ෂයට පත්වුණේ. නමුත් සමහරු ඔය ඔබ කියන විදියට සොල්දාදුවන් විශාල පිරිසක් මියගිහින් කියලා කියනවා. ඒක ඔවුන්ගේ ප්‍රාර්ථනාව මිසක් ඇත්තක් නොවෙයි. ඔවුන් විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඇති විශාල ජීවිත හානියක් වෙන්න ඇති කියලා. ඒ බලාපොරොත්තු බිඳවැටුණට පස්සේ දැන් නොයෙක් විකාර කියවනවා.
● ප්‍රශ්නය:- සිද්ධිය වූ දිනයට පෙර දිනයේ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් පිරිසක් මේ කඳවුරට ගෙනාවා කියලත් කියනවා.
● පිළිතුර:- ඔය වගේ කතා තමයි පතුරුවන්නේ. එකකට එකක් නොගැළපෙන කතා කියන්නේ. එහෙම ගෙන්වන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? තව කතාවක් තිබුණා වෙසක් දවසේ මේ කඳවුර විවෘත කරලා තිබුණා කියලා. ප්‍රදේශයේ ජනතාවට කිසිම පරීක්ෂාවකින් තොරව කඳවුර තුළට එන්න දුන්නා කියලා.
● ප්‍රශ්නය:- ඒ කතාවත් බොරුද?
● පිළිතුර:- සම්පූර්ණයෙන්ම බොරු. ඔය කතා කියන්නේ හමුදා නිලධාරීන්ගේ සොල්දාදුවන්ගේ වරදින් මේක වුණා කියලා පෙන්වන්නයි. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මේ වගේ කට කතා පතුරුවමින් මේ පිරිස් විශාල මානසික තෘප්තියක් ලබන බව පේනවා. ෆේස් බුක් එකේ මම ඔය වගේ කතා දැක්කා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි තමයි ඔය කට කතා පතුරවන්නේ. බොහොම කනගාටුයි ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන. මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න බොළඳ උත්සාහයන් ගන්නේ නැතිව පුළුවන් තරම් ඒ පීඩාවට පත්ව සිටින අයට සහන සලසන්න යොමු වෙනවා නම් හොඳයි. නිවාස විශාල සංඛ්‍යාවක් හානි වෙලා තියෙනවා. ඒ ජනතාවට අවශ්‍ය සහන සැලසීම අපේ ප්‍රධාන වගකීමක්. හමුදා කඳවුර ආසන්නයේම තියෙන ආබාධිත රණවිරු ගම්මානයට තමයි බරපතළම හානිය වෙලා තියෙන්නේ. එතැන නිවාස 107 ක් තිබුණා. එයින් නිවාස 40 ක් විතර පූර්ණ වශයෙන් හානිවෙලා තියෙනවා. ප්‍රතිසංස්කරණය කිරීමෙන් පස්සේ ඉක්මනින්ම පදිංචිවෙන්න පුළුවන්. නිවාස තෝරාගෙන ඒවා ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය කරන්න උපදෙස් දීලා තියෙනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මෙහිදී අපට අවශ්‍ය උපදෙස් සපයනවා. යුදහමුදාව ඒ නිවාස යළි පදිංචි කළ හැකි මට්ටමට ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. රණවිරු සේවා අධිකාරියත් ඒ කටයුතුවලට මැදිහත් වෙලා ඉන්නවා. මම ඒ කිව්වේ ආබාධිත රණවිරු ගම්මානය ගැනයි. ඊට අමතරව හානි වූ විනාශ වූ සියලු නිවාස ඉදිකිරීමේ කටයුතුත් ආරම්භ කරලා තියෙනවා. මෙතැනදී දේශපාලන වාසි ගැනීමේ බොළඳ උත්සාහයන් නොගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස මේ වෙලාවේ පහත් දේශපාලනයක යෙදෙන මහත්වරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනාම එකතු වෙලා පීඩාවට පත් ජනතාවට පිහිටවීමයි කළ යුත්තේ.
● ප්‍රශ්නය:- හමුදා බුද්ධි අංශයට අයත් ඉතා වටිනා රහස්‍ය ලේඛන රැසක් මේ ගින්නෙන් විනාශ වූ බවත් පැවසෙනවා. පිපුරුමේ අරමුණ ඒක බවත් කියවෙනවා.
● පිළිතුර:- එවැනි දේවල් විනාශ කරන්න ඕනෑ නම් එච්චර ලොකු ගින්නක් අවශ්‍ය නෑනේ. බුද්ධි අංශයේ ඔය ගැන කියන ආකාරයේ රහස්‍ය ලියකියවිලි තිබුණා නම් අවශ්‍ය වෙලාවට ගන්නවා නම් ගන්න පුළුවන්නේ. ඒකට ඔය ඔච්චර ලොකු අවි ගබඩාවක් පුපුරුවා හැරීමේ අවශ්‍යතාවක් මම දකින්නේ නැහැ.
● ප්‍රශ්නය:- සිද්ධිය වූ දවසේ හමුදා නිලධාරීන් කී දෙනෙක් මේ කඳවුරේ හිටියද කියලා ඔබ දන්නවාද?
● පිළිතුර:- දන්නවා. හමුදා කඳවුරක ඉන්න සංඛ්‍යාව ආදී වශයෙන් වන තොරතුරු ප්‍රසිද්ධ කිරීම සුදුසු නෑ කියලයි මම හිතන්නේ. මේ කඳවුරේ සෑම මාසයකම ටේ්‍රනින් එකක්. පෙරහුරුවක් තියෙනවා. ගින්න එනකොටම එළාම් එක නාද වෙනවා. ඒ එක්කම ආරක්ෂිත ක්‍රියාමාර්ග වේගයෙන් ගන්නවා. ඒ පෙරහුරුව නිසා තමයි සෙබළුන්ගේ ජීවිත මේ විදියට බේරිලා තියෙන්නේ. ජීවිත හානි වුණා කියලා එක එක්කෙනා කට කතා පැතිරෙව්වට එහෙම සිද්ධියක් වෙලා නෑ කියලා මම ඔබට වගකීමෙන් කියනවා.
● ප්‍රශ්නය:- සිද්ධිය වෙන්නේ ඉරිදා දවසක. ඉරිදා දවසක කඳවුරේ ඉන්නේ සීමිත සෙබළු සංඛ්‍යාවක් නිසා එහෙම දිනයක්ම තෝරා ගත්තේ අර මම මුලින් කියපු අරමුණ ඉටුකර ගන්න කියලත් පැවසෙනවා.
● පිළිතුර:- මං කිව්වේ ඒකයි. පහුගිය කාලයේත් අවි ගබඩා පිපිරීම් වාර්තා වෙලා තිබුණා. වීරකැටියෙ වගේම වව්නියාවේ එහෙම සිද්ධි වුණා. ඒවායින් පවා විශාල විනාශයක් වුණා. මෙහෙම දේවල් වෙලා තියෙනවා. නමුත් මේකට විතරක් විශේෂයෙන් විවිධ කතා කියනවා. ඒ සමහර විට අලුත් ආණ්ඩුවක් නිසා වෙන්න ඇති. කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා කියලා කියනවා. තව කතාවක් දාලා තිබුණා මේකට අයි.එස්.අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා කියලා. තව සමහරු කියනවා එල්.ටී.ටී.ඊ එකෙන් ගහලා කියලා. හමුදාවෙ ඇතුළෙන්ම ආපු කුමන්ත්‍රණයක් කියලා කියනවා. එහෙම කට කතා හරියට ප්‍රචාරය කරනවා. හිටපු ජනාධිපතිතුමත් කියනව මේ සිද්ධි නිසා හමුදාවේ චිත්ත ධෛර්යය බිඳවැටෙනවා කියලා. හමුදාවේ චිත්ත ධෛර්යය බිඳවැටෙන්නේ ඔය වගේ අසත්‍ය අභූත කට කතාවලින්. විපක්ෂය මේ මෙහෙයුම පිටිපස්සේ ඉන්නවා. ඔවුන් තේරුම් ගත යුතුයි මෙවැනි දේවල්වලින් තමයි හමුදාවේ මානසිකත්වය බිඳවැටෙන්නේ කියලා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය මේ වගේ බොරු කතා නිසා බිඳවැටෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්න කලින් ඒ අය මේ ගැනත් කල්පනා කළ යුතුයි. අනිත් පැත්තට මේ වගේ ප්‍රකාශ වීරෝදාර හමුදාවට කරන අපහාසයක්.
● ප්‍රශ්නය:- උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් විශාල සංවාදයක් රටේ තියෙනවා. එසේ හමුදා කඳවුරු ඉවත්කර ගැනීම සාධාරණය කරගැනීම සඳහා මෙම සිද්ධිය යොදා ගැනීමට තිබෙන ඉඩකඩ?
● පිළිතුර:- නෑ එහෙම කිසිම ඉඩක් නෑ. උතුරේ කඳවුරු ඉවත් කරන්නේ නැහැ. අපි දැක්කා උතුරේ පොඩි පොඩි කඳවුරු ගණනාවක් තියෙනවා. ඉතින් අපි බැලුවේ ඒ තැන්වලින් කඳවුරු ඉවත් කරලා ඒ ඉඩම් ජනතාවට පවරන්නයි. නමුත් එමගින් හමුදා බලය අඩු වෙන්නේ නෑ. ඉඩම් ජනතාවට දුන්නට හමුදා බලය අඩු කරන්නේ නෑ. ඒ නිසා ඒවයි මේවයි එකට ගැළපීමේ කිසිම තේරුමක් නැහැ.
● ප්‍රශ්නය:- ජනාකීර්ණ ප්‍රදේශයක මෙබඳු අවි ගබඩා තිබීම සම්බන්ධයෙන් ඔබේ අදහස?
● පිළිතුර:- දැන් මේක සාකච්ඡා කළා පහුගිය ආරක්ෂක මණ්ඩලයේදීත්. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ප්‍රකාශ කළේ පුළුවන්තරම් ඉක්මනින් මෙවැනි අවි ගබඩා ජනාකීර්ණ ස්ථානවලින් ඉවත් කරන්න කියලා. මේ අවි ගබඩාවෙත් ටොන් පහළොස් දාහක් පමණ අවි තැන්පත් කරලා තිබුණා. ඒකෙන් අපි පසුගිය කාලේ ගොඩක් ඉවත් කරලා ටොන් අටදහසක පමණ ප්‍රමාණයක් තමයි ඉතිරිවෙලා තිබුණේ. ක්‍රම ක්‍රමයෙන් අපි ඒවා ඉවත් කරමින් හිටියේ. කොහොමටත් අපි හමුදාවටත් උපදෙස් දීලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් ජනාකීර්ණ ස්ථානවල තියෙන අවි ගබඩා ජනාශූන්‍ය ප්‍රදේශවලට අරන් යන්න කියලයි.
● ප්‍රශ්නය:- ඒ කියන්නේ අවි ටොන් අටදහසක් පමණ මේ පිපුරුමෙන් විනාශ වුණා.
● පිළිතුර:- විනාශ වෙලා තියෙනවා ඔව්.
● ප්‍රශ්නය:- සමස්ත අලාභය මුදලින්?
● පිළිතුර:- තවමත් අපි ඒක තක්සේරු කරලා නෑ?
● ප්‍රශ්නය:- විපතට පත් ජනතාව දැන් බලාගෙන ඉන්නවා ● ඔවුන්ට සාධාරණය ඉෂ්ට වෙයිද කියලා?
● පිළිතුර:- අනිවාර්යයෙන්ම ඒ සාධාරණය ඉටු කරනවා. විශේෂයෙන් යුදහමුදාව සූදානමින් ඉන්නවා. දැනටමත් ඒ වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඒ ගෙවල් අපි හදනවා. පුළුවන් තරම් ඉක්මනට ඒ ජනතාවට තමන්ගේ නිවාසවලට ඇවිත් පදිංචි වෙන්න අවස්ථාව අපි හදලා දෙනවා. සමහර පත්තරවල දාලා තිබුණා ගෙවල් 300 ක් විතර විනාශ වෙලා කියලා. නමුත් අපි දකින විදියට ගෙවල් 75 කට විතර තමයි හානි තියෙන්නේ. එයින් ගෙවල් 30 ක් 35 ක් තමයි ඇත්තෙන්ම විනාශ වෙලා තියෙන්නේ. කොහොමටත් අපි ඒ හැම ගෙයක්ම හදන්න වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ?
● ප්‍රශ්නය:- සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාට ප්‍රසිද්ධ සභාවකදී නැගෙනහිර මහ ඇමැතිවරයා බැණ වදිනවා. මේ වගේ සිද්ධි හමුදා සෙබළුන්ගේ මානසිකත්වයට බරපතළ බලපෑමක් එල්ල කරනවා?
● පිළිතුර:- මං හිතන්නේ එතැන නොවිය යුතු දෙයක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය දැන් නිරාකරණය වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මැදිහත් වෙලා ඒ ප්‍රශ්නය විසඳලා තියෙන්නේ.
● ප්‍රශ්නය:- ඒ මහ ඇමැතිවරයාට භෝජන සංග්‍රහයක් දෙන්න කියලා ඉහළින් නියෝගයක් එනවා?
● පිළිතුර:- එහෙම නියෝගයක් නෑ. ඒ ප්‍රශ්නය විසඳලා ඉවරයි. මහ ඇමැතිතුමත් සමාව ඉල්ලලා ප්‍රකාශයකුත් කළා. ඊට පස්සේ තමයි ඔය භෝජන සංග්‍රහයට ආරාධනා කරලා තියෙන්නේ.
● ප්‍රශ්නය:-ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?
● පිළිතුර:- නෑ... ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. සමහරු එහෙම ප්‍රශ්නයක් තිබෙන බව පෙන්වන්න හදනවා. පුංචි පුංචි සිද්ධි වුණාට ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. සාලාව කඳවුරේ ප්‍රශ්නය මත ගොඩක් අය දේශපාලන වාසි ගන්න හදනවා. එහෙම තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ.
● ප්‍රශ්නය:- මේ ටික කාලයක් තුළ ආණ්ඩුවට විශාල අභියෝග ආවා. විශ්වාසභංග පවා ආවා. මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා නේද?
● පිළිතුර:- ඇත්තටම එහෙම ප්‍රශ්න නෑ. මීටත් වඩා ලොකු දේවල් වුණා පහුගිය රජය කාලේ. ඒවා මාධ්‍යයෙන් එච්චර ලොකුවට දුන්නේ නෑ මේ වගේ. අද ඇත්තටම කනගාටුයි මාධ්‍ය දිහා බැලුවම. මාධ්‍යයෙන් දාන්නේ එක ඇමැතිවරයෙක් තව ඇමැතිවරයකුට මොකක් හරි කියන එකයි. කොටවන ස්වභාවයක් තමයි දකින්නේ. පත්තරයක් කියවන්න හිතෙන්නෙවත් නෑ ඇත්තෙන්ම. මොකද ගොඩාක් වෙලාවට ජනතාවට අවශ්‍ය දේවල් මාධ්‍යයෙන් කියැවෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. අද සමාජ මාධ්‍ය ගත්තොත් අද ඉතාම පහත් තත්ත්වයට ගිහින් තියෙන්නේ. පෞද්ගලික ජීවිතයටත් හානි වෙන විදියට තමයි ඒවා පාවිච්චි කෙරෙන්නේ. භාෂාව ගත්තත් ඉතාම පහත්. පහුගිය රජය කාලේ කවුරුත් දන්නවා මාධ්‍ය මර්දනයක් තිබුණා. ඒ කාලේ ඇමැතිවරු මන්ත්‍රීවරු හැසිරුණ විදිය අපි දැක්කා. නමුත් මාධ්‍යයෙන් මේ වගේ ආවරණයක් දුන්නේ නැහැ. නමුත් අද පොඩි සිද්ධි ලොකු කරලා පෙන්වනවා. ඇමැතිවරුන් අතර ගැටුම් තියෙනවා, ගහගන්නවා වගේ චිත්‍රයක් මවන්න හදනවා. නමුත් ආණ්ඩුව ඇතුළේ කිසිම අර්බුදයක් නැහැ.
● ප්‍රශ්නය:- ඉතාම කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් ඇවිළී ගිහින් තිබෙනවා කියලා ඔබ පිළිගන්නවද?
● පිළිතුර:- ජනතාව තුළ යම්කිසි විදියකට ජීවන වියදම වැඩිවීමත් සමඟ යම්කිසි ගැටලුවක් තියෙනවා ඒක ඇත්ත. නමුත් ආණ්ඩුවක් විදියට අවශ්‍ය මේ රටේ ආර්ථිකය ගොඩ නගන්නයි. එහෙම වුණාම තමයි ජනතාවට සහන දෙන්න පුළුවන් වෙන්නේ. අපි පහුගිය කාලේ ජනතාවට දැවැන්ත සහන ප්‍රමාණයක් ලබා දුන්නා. ඉන්ධන මිල, ගෑස් මිල අඩු කළා. නමුත් පහුගිය රජය ගත්ත ණය නිසා රට ණය උගුලක හිරවෙලා තියෙන්නේ. ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ මේ රජයට. අපි ඒකත් කරලා ආර්ථිකය ගොඩ නගලා රටේ ජනතාවට අවශ්‍ය සහන අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොරු කතා ප්‍රචාරය කිරීම වීරෝදාර හමුදාවට කරන අපහාසයක්
විපුල Monday, 13 June 2016 04:26 PM
පාසල් හරහා දෙමාපියන්ගෙන් සහන ආධාර මල්ලක් ඉල්ලලා තියෙනවා. රවී ඇමතිතුමා කිව්වා රට රක්ෂණය කරලා තියෙන්නේ එකේ සල්ලි ලැබෙනවා කියල. එහෙම තියෙද්දී තවත් ජීවන බර වැඩිකරලා අපෙන් ආධාර ඉල්ලන්නේ ඇයි? (අ)