විශ්‍රාමලත් තානාපතිවරුන් අතීත මතකවල කිමිදෙමින් ධනවත් බලවත් විදෙස් රටවල් අතර බලකොටු අටවාගෙන යෙහෙන් ගෙවූ කාලය ගැන කල්පනා කරමින් හිඳීම අසාමාන්‍යයක් නොවේ. එහෙත් ගෞරවාන්විත බව නොසලකා සත්කාරක රට විසින් ඔවුන් කී දෙනකුට, රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ චෝදනාව එල්ලකොට රටෙන් පිටවීමේ නියෝග දී තිබේද?
වර්ෂ 1987-1991 කාලය තුළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය දැරූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් එවැනි මිනිසෙකි.
රටේ අභ්‍යන්තර කටයුතුවලට අනවසරයෙන් අත පෙවීම යන චෝදනාව ඔහුට එල්ලකළ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කෝපයට මුහුණ දෙන්නට ඔහුට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ ගරු සරු පසෙක තබා ඔහු නෙරපා හැරීමය.
වසර තිහකට පෙර ග්ලැඩ්ස්ටන් නෙරපා හැරීමේ කතාව ගැන පුවත් සිරස්තල ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝ පුරාම පළ වූයේය. එකී මාරුතයට මැදිහත් වූ මිනිසා ඒ ගැන යමක් නොකී තරම්ය. ඔහු ඒ ගැන මුවින් නොදොඩා සිටියේ වසර කිහිපයකට පෙර "A Sri Lankan Tempest - A Real Life Drama in Five Act”
(ශ්‍රී ලාංකීය මාරුතයක් - රංගයන් පහකින් සමන්විත සැබෑ ජීවිත නාට්‍යයක්) නම් ග්‍රන්ථය ලියනතුරුය. තමාගේ පැත්තෙන් ඔහු එම කතාව කියන්නේ ශ්‍රී ලංකාවේ සේවය කරන කාලයේ ලද අත්දැකීම් ද සමගය.
ප්‍රචණ්ඩ කුණාටු හමාගිය කාලය
ග්ලැඩ්ස්ටන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධුරය හෙබවූයේ, රටේ නිදහසින් පසුව එළඹුණ වඩාත් කැළඹිලි සහිත කාලයකදීය. ඔහු මෙරටට පැමිණියේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නට මසකට පෙර, එනම් 1987 ජුනි මාසයේය.
බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට අවශ්‍ය වූයේ ඔහු නිසි ලෙස සංවර්ධනය නොවූ පැරණි යටත් විජිත රාජ්‍යයක සේවයේ අනුයුක්ත කරන්නට බව ලියන ග්ලැඩ්ස්ටන් අප්‍රසිද්ධියේ පසුවීමට වඩා ඔහුට සිදු වූයේ කරළියේ දීප්තිමත් ආලෝකධාරාවට අසුවී සැමගේ අවධානයට නතු වන්නට බව කියා සිටී.
ඔහුගේ පොතේ පෙරවදනෙන් පෙනී යන්නේ ඔහු කොළඹ ගත කරන ජීවිතය මහා ඒකාකාර දිවියක් වෙතැයි ඔහු බලාපොරොත්තු වූ බවය. මහකොමසාරිස්වරයා ලෙස ඔහුට මුලින්ම සහභාගි වන්නට සිදුවූ උත්සව අතර 1987 ජූලි 29 වැනිදා කොළඹ දී ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිට හමුදා ගෞරවාචාර පිරිනැමීමේ අවස්ථාව ද විය. එය ග්ලැඩ්ස්ටන් හටවත් සෙසු ලෝකයාටත් අමතක නොවන දිනයක් බවට පත් වූයේය.
“මා හමුවෙන්නට කිසිවිට තනිව නොපැමිණි ප්‍රේමදාස අවම වශයෙන් පෞද්ගලික ලේකම්වරුන් දෙදෙනකු හෝ කැටුව ආයේය. ඔවුහු අපගේ සැම සංවාදයක්ම පටිගත කළහ. ප්‍රගතිය පිළිබඳව නිදහසේ සහ විශ්වාසයකින් කතා කරන්නට එය මහත් බාධාවක් විය. මා විඳි වරප්‍රසාද ඉදිරියට බුක්ති විඳින්නට නොලැබෙන බව මට වැටහී ගියේය.” |
රජීව් ගාන්ධි කොළඹට සැපත් වූයේ ඉන්දියානු හමුදා ශ්‍රී ලංකා භූමියට ගෙන්වීම සඳහා ගිවිසුම අත්සන් කරන්නට බව සිතා කෝපයට පත් නාවික භටයකු එම කෝපය මුදාහැරියේ තම රයිෆලය දෝතින් ඔසවා රජීව් ගාන්ධිට පහර එල්ල කරමිනි. එදා රජීව් ගාන්ධි නූලෙන් බේරුණ ද ග්ලැඩ්ස්ටන්ගේ නිළයට එය අසාමාන්‍ය පිවිසීමක් විය. වඩාත් අසාමාන්‍ය සිව් අවුරුදු රාජකාරි දිවියට ඔහු පිවිසෙන්නේ එදා දුටු සිද්ධියත් සමඟයි.
ජනාධිපතිවරයාගේ විශ්වාසය
එකී ආරම්භයේ පටන් එවකට ශ්‍රී ලංකා දේශපාලනයේ බලගතු පුද්ගලයන් සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාව උදා වූයේය. ඔහු සමඟ ශ්‍රී ලංකාව තුළ සිටි අනෙක් තානාපතිවරුනට වඩා ප්‍රබල වූත් තීරණාත්මක වූත් ස්ථානයක තබා ඔහුට සලකන ලද්දේ මෙරට සියවසකට වඩා කාලයක් පාලනය කළ මහා බ්‍රිතාන්‍යයන් නියෝජනය කරමින් ඔහු පැමිණි නිසා බවට සැක නැත.
ඔහු මෙරටට පා තබා පැය 18ක් ඇතුළත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුවට එන්නට සිදුවීම ඔහු තම පොතේ සුවිශේෂ කාරණයක් ලෙස හුවා දක්වා තිබේ. ඔහු සිය අක්තපත්‍ර ඉදිරිපත් කළ සැණින් රටේ විධායක ජනාධිපතිවරයා ඔහු කෙරේ විශ්වාසය පළ කරන්නට ගත්තේය.
ඔවුන්ගේ පළමු හමුව ගැන ග්ලැඩ්ස්ටන් මෙසේ ලියා ඇත.
“විධිමත් චාරිත්‍රානුකූල කටයුතු කෙටියෙන් හමාර කළ ඔහු (ජේ.ආර්.) ඔහුගේ නිල කාමරයේ කෙළවරකට මා කැඳවාගෙන ගියේය. තමාගේ දේශපාලන කාර්ය භාරයෙන් මඳකට මිදුණ ඔහු අතිශය නිර්ව්‍යාජ ලෙස මා හා පිළිසඳරට වැටුණේ හදිසියේ හමු වූ විදේශිකයකු සමඟ මෙන් නොව කාලයක පටන් දන්නා හඳුනන විශ්වාසවන්ත මිතුරකු සේය.”
ඔහු අලුත පත්වුණ මහ කොමසාරිස්වරයාට එතෙක් වේලා සඟවා සිටි රහසක් හෙළි කරමින් සිතේ බර පසෙක තැබුවේය. ඒ නුදුරේදීම ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමට යෝජිත ගිවිසුම පිළිබඳ රහසයි. ඉන්දියානු රජය දෙමළ කොටි සංවිධානයට දෙන සහයෝගය නවතාදමා ඒ වෙනුවට උතුර ඉන්දීය හමුදාවේ පාලනයට නතු කිරීම සඳහා ඔහු එම යෝජනාව රජීව් ගාන්ධි වෙත ඉදිරිපත් කර තිබිණි.
ගිවිසුම පිළිබඳ පුවත් ග්ලැඩ්ස්ටන් කල්තියා දැන ගන්නා විට, ඉන්දියාව සමඟ අත්සන් කරන්නට නියමිත එම ගිවිසුම පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයෝ දැන නොසිටියහ.
ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ රටට හෙළිවූ කල රට පුරා මහත් වියවුල් හටගෙන රටේ නීතිය හා පාලනය බිඳ වැටෙන තත්ත්වයකට පැමිණියේය.
ග්ලැඩ්ස්ටන් කොළඹ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව එළඹි මුල් දිනවල රටේ පැවතියේ එබඳු තත්ත්වයකි. ඉන්පසු වැඩිකල් නොයා රටේ දේශපාලනයේ මූලික වෙනස්වීම් සිදු වූ පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා හට පිරිනමා තිබූ ගෞරවනීය තත්ත්වය රටේ අලුත් පරිපාලනයත් සමඟ ඉක්මනින්ම වෙනස් විය.
ජේ.ආර්. බලයේ සිටියේ නම් ග්ලැඩ්ස්ටන්ගේ ඉරණම හාත්පසිත් වෙනස් වන්නට ඉඩ තිබිණි.
ජේ.ආර්.ගේ සිතේ තිබුණු දැඩි ආසාවකින් හෙබි අභිප්‍රායක් ඔහු ග්ලැඩ්ස්ටන්ට පැවසුවේය. එම ආසාව නම් එක්සත් රාජධානියේ නිල සංචාරකයක යෙදී, මහ රැජින සමඟ රන්වන් රියේ නැගී රවුමක් යෑමය. ග්ලැඩ්ස්ටන් ජේ.ආර්.ගේ ඉල්ලීම, විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට ඉදිරිපත් කළේය. ඉදිරි දැක්මෙන් යුතු අනාගතයක් උදෙසා නිල සංචාරය සූදානම් කිරීමට ඔවුන් කැමැත්තෙන් ඉදිරිපත් වූ නමුදු එම ආරාධනය කරන්නට රිසි වූයේ රාජ්‍ය නායකයා ලෙස නොව ආණ්ඩුවේ ප්‍රධානියා හැටියටයි. එහිදී ආණ්ඩුවේ ප්‍රධානියාට පිරිනැමෙන සියලු රාජ්‍ය ගෞරව ඔහුට පිරිනැමීමට නියමිත මුත් ඔහු ආරාධනා ලබන්නේ රැජිනගේ අමුත්තකු ලෙස නොවේ. එහිදී මහ රැජින සමඟ රථයේ ගමන් යන්නට ඔහුට අවස්ථාව නොලැබේ.
“මා ඔහුට එම පණිවිඩය කී විට ජේ.ආර්. බලාපොරොත්තු සුන් වූ ස්වභාවයට පත් වූයේය. ඔහු එම ආරාධනය එකහෙළා ප්‍රතික්‍ෂේප කළේය. ඔහු ස්වර්ණමය රථයේ යන්නට මහත් ආසාවෙන් පසු වූයේය. ඊට වඩා අඩු මට්ටමේ බුහුමන්වලට ඔහු කැමති නොවූයේය.” යනුවෙන් ග්ලැඩ්ස්ටන් ලියා ඇත.
ප්‍රධාන දේශපාලනඥයකුගේ හැඟීම්
1980 සිට 1990 ගණන් දක්වා මෙරට ක්‍රියාකාරීව සිටි ප්‍රධාන දේශපාලනඥයන් ගැන තම හැඟීම කියා පෑමට ග්ලැඩ්ස්ටන් පිටු කිහිපයක් වෙන්කර තිබේ. එහි ජේ.ආර්. සිය විරුද්ධවාදී නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සිවිල් අයිතිවාසිකම් අහෝසිකොට ඇය 1980 දී පාර්ලිමේන්තුවෙන් ඉවත් කර තැබූ ආකාරය ද සඳහන් වේ. බණ්ඩාරනායක මැතිණිය ගැන ග්ලැඩ්ස්ටන් මෙසේ ලියයි. “මම ඈ සමඟ කුළුපඟ වූයේමි. කතරගම ප්‍රජා නගරයේදී පැවති ආගමික උත්සවයට පැමිණි අමුත්තන් හට ඇය සියතින්ම ආහාර පිරිනැමුවාය. 1971 කැරැල්ලේදී ජ.වි.පෙ කැරළිකරුවන් විසින් දියත් කරනු ලැබූ ඝාතන ඇය ආරක්‍ෂක හමුදා ලවා තනිවම මැඩපැවැත්වූ ආකාරය ගැන මම හොඳින් දැනුම්වත්ව සිටියෙමි.”
ඔහු බණ්ඩාරනායක මැතිණිය ගැන එසේ විස්තර කළ ද ඔහු රණසිංහ ප්‍රේමදාස ගැන කියන්නේ ඊට අඩුවෙනි.
ඔහු ප්‍රේමදාස ගැන පවසන්නේ ඔහු වීදියෙන් මතු වූ කොළුවකු ලෙසයි. මාෆියා කල්ලි යොදවා තමන්ටම ආවේනික පාලන ක්‍රමයක් භාවිත කළද, පහත කුලවල ජන්දදායකයන් අතර ඔහු ජනප්‍රිය වී සිටි නිසා ඔහු නොසලකා හැරිය නොහැකි වූ බව ඔහු කියයි. එවැනි ඡන්ද දායකයකු සමඟ ජේ.ආර්. වැනි ඉහළ පැලැන්තියේ දේශපාලනඥයකු සිටගෙන යමක් පානය කළත් එක මේසයේ එකට හිඳගෙන එසේ කිරීමක් නැත. දිවංගත ජනාධිපතිවරයා ඒ තුළ අගතියක් දුටුවේය.
මුල් දිනවලදී ප්‍රේමදාස සමඟ කතාබහ කිරීම පහසු වූ බවත් ඔහු බුද්ධිමත් අයකු බවත් ග්ලැඩ්ස්ටන් කියා සිටී.
“මා ගස්වලට ඉතා ආශා කරන බව දැනගත් ඔහු නිල වශයෙන් මා මුණ ගැසෙන්නට උදක්ම බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට පැමිණියේ එහි උයනේ නාගසක් සිටුවීම සඳහාය.”
1988 පෙබරවාරි මාසයේ රංගධර දේශපාලනඥ විජය කුමාරතුංග වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ එම වසරේ නොහික්මුණ බවේ පිබිදීමක් ඇති වුණ බව ග්ලැඩ්ස්ටන් කියයි. 1987 තම තනතුරට පත් වීමෙන් පසු ඝාතනයට දෙසතියකට පෙර ඔහු විජය කුමාරතුංග මුණගැසී තිබේ. ග්ලැඩ්ස්ටන් තම පුතු පැට්‍රික්ගේ 20 වැනි උපන්දින සාදයට විජය කුමාරතුංගට ආරාධනා කළේය.
“එම ආරාධනය කළ සැනින්ම ඔහු එය පිළිගැනීම මගේ විමතියට හේතුවිය. ඔහු සිටි තත්ත්වයේ ඉන්නා බොහෝ දේශපාලකයන්ට තම නොපැමිණීම ගැන අවසාන මොහොතේ හෝ කියන්නට කාරණා ඇත. ඔහු තරුණ ජනයා ඇසුරේ සතුටු වන ආකාරය සැම අයුරින්ම පෙනිණි.”
ඊළඟ අවුරුද්දේ රටේ ප්‍රධාන වෙනස්කම් සිදුවිය. වසර 11ක් විධායක ජනාධිපති ලෙස කටයුතු කළ ජේ.ආර්. ඉවත්වී, එතැනට රණසිංහ ප්‍රේමදාස ආයේය. 1989 දී රටේ ජනාධිපතිවරයා පෞද්ගලිකව මුණ ගැසෙන්නට ග්ලැඩ්ස්ටන් හට අවස්ථාවක් උදා වූයේ නැත.
“මා හමුවෙන්නට කිසිවිට තනිව නොපැමිණි ප්‍රේමදාස අවම වශයෙන් පෞද්ගලික ලේකම්වරුන් දෙදෙනකු හෝ කැටුව ආයේය. ඔවුහු අපගේ සැම සංවාදයක්ම පටිගත කළහ. ප්‍රගතිය පිළිබඳව නිදහසේ සහ විශ්වාසයකින් කතා කරන්නට එය මහත් බාධාවක් විය. මා විඳි වරප්‍රසාද ඉදිරියට බුක්ති විඳින්නට නොලැබෙන බව මට වැටහී ගියේය.”
ප්‍රේමදාස මහත් අවුල් සහගත රටක් උරුමකර දුන්නේය. ඒ කාලයේ ජවිපෙ ද සමාන්තර පරිපාලනයක් ගෙන යමින් නිවාඩු දින හා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය. ඒ සමඟම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් තර්ජනාත්මක ලිපි යැවීමද කළේය. රජය ඊට විරුද්ධව ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී ඝාතන සිදුවිය. ග්ලැඩ්ස්ටන් මානව හිමිකම් පිළිබඳ ගැටලු සහගත තත්ත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කළේ එම අවධියේය. එහෙත් තමාගේම (බ්‍රිතාන්‍ය) රජයෙන් ඊට සහයෝගයක් නොලැබුණ විට ඔහු තනිවූයේය. 1990 දී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ කාර්යය බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ ප්‍රතිපත්තිමය අරමුණු පිළිබඳ ලැයිස්තුවේ නොවීය. “වෙනත් ආණ්ඩුවල ක්‍රියාකාරකම් වාර්තා කිරීමක් බ්‍රිතාන්‍ය තානාපතිවරුන්ගෙන් බලාපොරොත්තු වූයේ නැත.”
ග්ලැඩ්ස්ටන් රටෙන් පිටවිය යුතු බවට නියෝග ලැබුණේ 1991 මැයි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ඔහු කළ ක්‍රියාවක් හේතුවෙනි. මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට ඉටාගත් ජනාධිපති ප්‍රේමදාස, මැතිවරණ ක්‍රියා නිරීක්‍ෂණය කොට ඒ පිළිබඳව වාර්තා කිරීම අන්තර්ජාතික නිරීක්‍ෂකයන්ට භාරදීමට තීරණය කළේය. ඒ සඳහා තානාපතිවරුන් පිරිසක් යෙදවීමටද රජය තීරණය කරන ලදී. දකුණු පළාතේ මැතිවරණ ක්‍රියා නිරීක්‍ෂණයේ කාර්ය භාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට පැවරිණි.
එකී තීරණාත්මක සිද්ධිය ග්ලැඩ්ස්ටන් කරුණු සහිතව විස්තර කරයි
එදින මාතරින් නික්මුණ ග්ලැඩ්ස්ටන් දික්වැල්ලේ ඡන්ද මධ්‍යස්ථානයකට ගිය විට ඔහුට ශ්‍රීලනිප තරුණ පිරිසක් මුණගැසිණි. එජාප මැරයන් තමන්ට ඡන්ද පොළට එන්නට නොදෙන බව ඔවුහු පැමිණිලි කළෝය. ග්ලැඩ්ස්ටන් ඡන්ද පොළට ගොස් ඒ පිළිබඳව ඡන්ද ස්ථානාධිපතිවරයාගෙන් විමසුවේය. තරුණයන් කී කතාව ඔහු තහවුරු කළේය.
ඒ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස තේරීම් භාර නිලධාරී ග්ලැඩ්ස්ටන්ගෙන් ඉල්ලා සිටියත් මුලදී ඔහු ඊට අකමැති විය. ඔහු කියා සිටියේ තමා මැතිවරණ නිරීක්‍ෂණයේ යෙදෙන්නකු පමණක් බවත් මැතිවරණ යාන්ත්‍රණයට අයත් වූවකු නොවන බවත්ය. එම පැමිණිල්ල කරන ලෙස තේරීම් භාර නිලධාරි තදින්ම ඉල්ලා සිටි විට ඔහු අකමැත්තෙන් ඊට එකඟ විය. පොලිසිය එම ප්‍රකාශය වාර්තා කර ගැනීමෙන් පසු ග්ලැඩ්ස්ටන් ඊට පහළින් අත්සන් කළේය.
තමාගේ ක්‍රියාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ගැලැඩ්ස්ටන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවනු නොලැබීය. ඒ වෙනුවට රජය කොළඹ ඉන්නා මහකොමසාරිස්වරයා නැවත ලන්ඩනය වෙත යැවීමට ප්‍රයත්න කිහිපයක්ම දැරීය. එය අසාර්ථක වූ විට විදේශ කාර්යාලයට පණිවිඩයක් යවනු ලැබුවේය. “බ්‍රිතාන්‍යයේ කොළඹ නියෝජිතවරයා තම රටින් පිටව යාමේ නියෝග නිකුත් කර ඇති නිසා ඔහු තමන් සතු දේ හකුලාගෙන යා යුතුය.” යයි ඉන් කියවිණි. |
එම තීරණාත්මක මොහොත ඔහු සිහිපත් කරන්නේ මෙසේය.
“එහි ප්‍රතිඵල මා කල්තියා දැනගත යුතුව තිබූ බවට සැකයක් නැත. එහි ඇති වරද මගේ පැත්තෙන් දැකිය යුතුව තිබිණි. එහෙත් මා ඇසින් දැක සාක්ෂාත් කරගත් දේ තහවුරු කොට කීම සහ රාජ දූතයකුගේ පැත්තෙන් අනුගමනය කළ යුතු චර්යාව යන දෙක අතරින් එකක් තෝරාගැනීමට මට සිදුවිණි.
පසුගිය සිව් වසර පුරා පැවැති ලේ වැගිරීම්, අතුරුදහන් කිරීම්, බලෙන් පැහැර ගැනීම් ආදිය ගැන සිතා බැලූ මා, මම වඩාත් හොඳින් දන්නා දේ ප්‍රකාශකොට අත්සන් තැබීම සුබ පියවරක් බව සිතීමි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගැනීමට ගත යුතු නිරහංකාර පියවරක් ලෙස ඒ ගැන සිතුවෙමි.”
ගරු සරු නැතිව නෙරපා දැමීම
එසැනින්ම රජයෙන් ප්‍රතික්‍රියාවක් එල්ල නොවූවද තුන් දිනකට පසු විදේශ කාර්යාලයේ ප්‍රධානියාගෙන් ඔහුට දැනගන්නට ලැබුණේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ඔහු හමුවට පැමිණ ග්ලැඩ්ස්ටන් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසූ බවට පැමිණිල්ලක් කළ බවයි.
තමාගේ ක්‍රියාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ගැලැඩ්ස්ටන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවනු නොලැබීය. ඒ වෙනුවට රජය කොළඹ ඉන්නා මහකොමසාරිස්වරයා නැවත ලන්ඩනය වෙත යැවීමට ප්‍රයත්න කිහිපයක්ම දැරීය. එය අසාර්ථක වූ විට විදේශ කාර්යාලයට පණිවිඩයක් යවනු ලැබුවේය. “බ්‍රිතාන්‍යයේ කොළඹ නියෝජිතවරයා තම රටින් පිටව යාමේ නියෝග නිකුත් කර ඇති නිසා ඔහු තමන් සතු දේ හකුලාගෙන යා යුතුය.” යයි ඉන් කියවිණි.
මෙම සිද්ධිය කෙතරම් අමිහිරි වුවද ශ්‍රී ලංකා රජයෙන් ඔහුට දින 10ක් කල් ලැබිණි. ඔහු පිටව යන්නට සූදානම්ව සිටියදී ඔහු මුණ ගැසෙන්නට අමුත්තෝ වැල නොකැඩී ආහ. ගාමිණී දිසානායක සහ එවකට දේශපාලනයට අවතීර්ණ වන්නට කල්පනා කරමින් සිටි චන්ද්‍රිකා කුමාරතුංග පවා එම අමුත්තන් අතර සිටියහ.
ගරු සරු නැතිව ඔහු කොළඹින් නෙරපූ පමණින් විදේශ සේවාවේ ඔහුගේ ජීවිතය නිමාවූයේ නැත. ඔහු එක්සත් රාජධානියට පැමිණ නොබෝ දිනකින් අලුත් ස්වාධීන රාජ්‍යයක් ලෙස මතු වූ යුක්රේනයේ බ්‍රිතාන්‍ය තානාපති පදවිය ඔහුට පිරිනැමිණි.
ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ කැළඹිලි, ග්ලැඩ්ස්ටන්ගේ නික්ම යාමෙන් පසුද පැවතිණි. ග්ලැඩ්ස්ටන් නික්ම යන්නට දින කිහිපයකට පෙර 1991 මැයි මාසයේදී රජීව් ගාන්ධි ඝාතනය විය. 1993 මැයි පළමු වැනිදා ජනාධිපති ප්‍රේමදාස ඝාතනයට ලක්විය. දෙදෙනාම මරා දැමුවේ ද්‍රවිඩ කොටින් විසින්.
ශ්‍රී ලංකාව මුහුණ පෑ අවාසනාවන්ත සිද්ධි ඕනෑම ශේක්ස්පියර් ශෝකාන්තයක අවසානය හා සමානය. ග්ලැඩ්ස්ටන් නෙරපා හැර වසර 30ක් ගෙවී ඇත. අද දවසේ පවා ඒ අඳුරු දිනවල සිදුවූ හානියෙන් ගොඩ එන්නට ශ්‍රී ලංකාව අරගලයක යෙදී සිටී.
(***)
චාන්දනී කිරින්දේ විසිනි
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රටින් පැන්නීමේ ප්‍රේමදාස කුණාටුව
මැක්ස් Thursday, 15 July 2021 07:12 PM
එළිසබෙත් රැජිනට සහ බ්‍රිතාන්‍යට ජේ. ආර්. මොනතරම් පක්ෂපාතීව සහ කීකරුව සිටියා ද යන්න මොනවට පැහැදිලි කර දෙන ලිපියක්...
නුවන් වික්‍රමසිංහ Monday, 19 July 2021 12:36 AM
ප්‍රේමදාසගේ කෙරුවාව මෙවැනි විදේශීය ප්‍රකාශනයකින් හරි එළියට එන එක හොඳයි. නැත්නම් මෙරට තරුණ පරපුර ඔහු ගැන සිතා සිටින්නේ ඔහුගේ පුත්‍රයා පවසන දේ මත පිහිටීමෙනි. එවකට අවුරුදු දොළහක වයසේ වූ මා හට ද ඔහු කල කී දෑ පිළිබඳව හොඳ මතකයක් තවමත් තිබේ..