සේවා කාලයේ විසි වසරක්ම උතුරු නැගෙනහිර ජීවත් වූ රූපසිංහ වසර 25ක සේවා කාලයේ බි‍්‍රගේඩියර් නිලය දක්වා උසස් වීම ලැබීය. 2006 වසරේ පුත්තලම යුද හමුදා කඳවුරේ බලසේනාධිපති ලෙස පත්වීම් ලැබූ ඔහු එතැන් පටන් එහි රාජකාරි කළේය.
දෙදෙනා අතර පවුල් ජීවිතයේ නොහඳ නෝක්කාඩුකම් ඇතිවූයේ මේ අතරය. 2007 වසර වන විට ඔවුන්ගේ ලොකු පුතා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණි. බි‍්‍රගේඩියර් රාජකාරියට ගිය විට කොළඹ ප‍්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන පොඩි පුතා සහ තේජානි පමණක් සිටියහ. තම සැමියා නිවසට එන තුරු ඇය නොඉවසිල්ලෙන් බලා සිටියාය.
පොඩි පුතාට පාසලෙන් දඩුවමක් ලැබුණේ මේ අතරේය. ඒ ගැන තේජානි සහ චන්දන දැඩි කණස්සල්ලෙන් සිටියහ. දෙදෙනා දිනක් විදුහල්පති මුණ ගැසී තම පුතාට දුන් දඬුවම අසාධාරණ බව කීවත් පළක් නොවීය. දරුවාගේ පාසල් ගමන ඇණ හිටිණි. දරුවාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් තේජානි මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළාය.
තේජානි හදිසියේ අසනීප වූයේ ඔය අතරය. 2007 ඔක්තෝබර් 17 වැනි දා රාත‍්‍රී ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවාය. ‘අම්මාට අසනීපයි. තාත්තා එන්න.’ යැයි පුතා දුරකතන ඇමතුමකින් බි‍්‍රගේඩියර් චන්දන දැනුම්වත් කළ පසු ඉහළ නිලධාරීන්ගේ අවසර ඇතිව ඔහු රෝහලට ආවේය.
ඉන්පසු විටින් විට ඇය වෛද්‍යවරුන් වෙත පෙන්වා ප‍්‍රතිකාර ලබා දීමට පවුලේ උදවිය කටයුතු කළහ.
2007 නොවැම්බර් මුල බි‍්‍රගේඩියර් චන්දන ගෙදර ආවේ දින තුනක නිවාඩුවක් සඳහාය. ‘අනුරාධපුර වැඩමුළුවක් තිබෙනවා. ඊට සහභාගි වන්න.’ යැයි පුත්තලම හමුදා කඳවුරෙන් ලැබුණු පණිවුඩයක් අනුව රියදුරු ගලප්පත්ති සමඟ අනුරාධපුරයට ගිය බි‍්‍රගේඩියර් එදිනම නැවත නිවසට ආවේය. (බි‍්‍රගේඩියර්ගේ සාක්කිය අනුව) බි‍්‍රගේඩියර් ප‍්‍රමාද වී නිවසට පැමිණීම හා තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් බිරිඳ සිටියේ දැඩි කණස්සල්ලෙනි.
2007 නොවැම්බර් 21 වැනි දා ඔහු නැවත දින තුනක නිවාඩුවක් සඳහා නිවසට පැමිණියේය.
ඔවුන්ගේ ජීවිතයේ අඳුරුතම රාත‍්‍රිය වූයේ නොවැම්බර් 22 වැනි දා රාත‍්‍රියයි.
නොවැම්බර් 23 වැනිදා අලූ_යම පොලිසියට දුරකතන ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුණේ මාකොළ නිවසක වෙඩිතැබීමක් සිදුවී කාන්තාවක කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බවයි. ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව ද කියැවිණි.
පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළේය. වෙඩි වැදුණු තේජානිගේ සැමියා වන බි‍්‍රගේඩියර් සිද්ධිය ගැන විස්තර කළේය. ඔහු කීවේ සිය බිරිඳ වෙඩි තබා ගෙන සිය දිවි නසා ගත් බවයි. ඔහු කියන කාරණය ගැන පොලිසියේ අවධානය යොමු විය. බි‍්‍රගේඩියර්ගේ ප‍්‍රකාශය හා වෙඩි වැදුණු තැන ගැන ඇතිවූ පරස්පරතාව මත ඔහු අත්අඩංගුවට ගත්තේය.
වැඩිදුර පරීක්ෂණ කිරීමේ දී දෙදෙනා අතර අර්බුධ තිබූ බවත්, පවුලට මැදිහත් වූ වෙනත් කාන්තාවක ගැනත් පොලිසියට තොරතුරු ලැබිණි. පොලිසිය ඇගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගත්තේය.
මුලින්ම ඔහු ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් හතර වැනිදා දක්වා රිමාන්ඞ් කැරිණි. දිගින් දිගටම හය මාසයක් පමණ ඔහු රිමාන්ඞ් භාරයේ සිටියේය.
ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයෙන් පසු බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට ගම්පහ මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩු පැවරිණි. ඒ 2012 වසරේ දීය. නඩු විභාගයේ දී සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනකු ද අධිකරණ වෛද්‍යවරයා ද සාක්කි දුන්හ.
විත්තියේ සාක්කි විභාග කිරීමේ දී විත්තිකාර බි‍්‍රගේඩියර් විසින් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරියකු කැඳවා තිබිණි.
නඩුවේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් මිය ගිය තේජානිගේ බාල සොයුරු දොන්මන්ත ගම්පහ මහාධිකරණයේ සාක්කි දෙමින් මෙසේ ද කීවේය.
‘අක්කගේ කටින් කෙළ පෙරිල තිබුණා. මම හිතුවේ මීමැස්මොරය කියලයි. මම අක්කව ඉස්සුවා. එතකොට කකුල් දෙක ළඟ ඇඳ උඩ පිස්තෝලයක් තිබුණා. ඒක ගන්න කියලා ආමි එකේ අබේරත්නට කිව්වා. පිස්තෝලය එතැන තිබ්බේ කවුද කියලා මම දන්නේ නැහැ. කලින් මම පිස්තෝලය දැක්කේ නෑ.
අක්කව උස්සලා ගත්තට පස්සෙයි මම පිස්තෝලය දැක්කේ. එතැන ලයිට් දාලා තිබුණා. මම ඔළුවයි ඇස් දෙකයි වහගෙන බිම ඉඳගත්තා. මම කෑගැහුවා. ආමි එකේ අබේරත්න ආවා. එයා තමයි පිස්තෝලෙ ගත්තේ. මම ඔය පිස්තෝලය මීට පෙර අල්ලලා තියෙනවා. බි‍්‍රගේඩියර් නිවාඩුවට ගෙදර ආපුවාම මැද සාලේ මේසේ උඩ තියපුවාම මම ඒක එයාගේ කාමරයෙන් අරන් තියෙනවා. ඒ පිස්තෝලයෙන් මා වෙඩි තබා නෑ.’’
පසුව අක්කව රෝහලට අරගෙන ගියා. කාර් එක හෙමින් ගියේ. ”පාගපං හයියෙන් පාගපං හයියෙන්” කියලා කුණුහරුපයකුත් කියලා බි‍්‍රගේඩියර්ගේ පුතා බි‍්‍රගේඩියර්ට කීවා.
අක්කා සහ සැමියා වන බි‍්‍රගේඩියර් අතර ආරවුල් තිබුණා. එයා පරක්කු වෙලා එනවා කියලා අක්කා දොස් කියලා තිබුණා. මේ සිද්ධියට පෙර අක්කගෙ ඇඟ පණ නැති වෙන ගතියක් තිබුණා. සිංහල සහ ඉංග‍්‍රීසි වෙදකම් දෙකම කළා යැයි ද ඔහු කීවේය.
නඩු විභාගය අතරතුර විත්ති කුඩුවේ සිටිමින් බි‍්‍රගේඩියර්වරයා ප‍්‍රකාශයක් කරමින් මෙසේ ද කීවේය.
‘‘1981 වර්ෂයේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස මා යුද හමුදාවට බැඳුණා. කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුණ මා වසර 26කදී බි‍්‍රගේඩියර් තනතුරට උසස්වීම් ලැබුවා. මාගේ දිගු සේවා කාලයෙන් වසර 20ක් උතුරු නැගෙනහිර සේවය කළා. ඇගයීමක් වශයෙන් ජනාධිපතිතුමන් විසින් ලබා දී ඇති රණශූර පදක්කම් 4ක් ලබා ගෙන තිබෙනවා.’’
‘‘තවද ස්වාමීනි, යුද හමුදා සේවයේදී මා කිසිදු නීති විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධවී නැහැ. යුද හමුදා සේවයේදී සුළු හෝ වැරද්දක් කර නැති මා හට උත්තම සේවා පදක්කම ද ලැබී තිබෙනවා. 2006 වර්ෂයේ සිට පුත්තලම බලසේනාධිපති ලෙස කටයුතු කළා. ඒ කාලයේ මාහට ත‍්‍රස්තවාදීන්ගෙන් තර්ජන එල්ල වී තිබුණා. 1988 වර්ෂයේදී මා මියගිය තේජාංගනී සමග විවාහ වුණා. අපට පුතාලා දෙදෙනෙක් සිටිනවා.’’
හමුදාවෙන් ගත් ණයක් මත ඉදිකළ මාකොළ නිවසේ අපි හතර දෙනා ආදරයෙන් සමගියෙන් ජීවත් වුණා. පුතාලා දෙදෙනාම කොළඹ රාජකීයේ අධ්‍යාපනය ලබමින් සිටින විට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලොකු පුතා 2006 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට ගියා. ඔහුව ඇරලවන්න මිය ගිය බිරිඳ පොඩිපුතා සහ මම කටුනායකට ගියා.’’
‘‘ලොකු පුතාට ඒ වන විට වයස අවුරුදු 17යි. එදා සිට මියගිය තේජාංගනී පොඩි පුතා සමග නිවසේ තනි වුණා. මියගිය බිරිඳ සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක්. තේජාංගනී එම ඒකකයේ රැුස්වීම්වලට සිය කැමැත්තෙන් සහභාගි වුණා. මුල් කාලයේ කැමැත්තෙන් ගියත් පසුව එම රැුස්වීම්වලට යන්න අකැමැති වුණා. එම රැුස්වීම්වලට සහභාගි නොවන බව මට තේරුණ නිසා ඒ පිළිබඳ මා ඇයගෙන් විමසා සිටියා. එවිට ඇය පවසා සිටියේ එවකට සිටි ප‍්‍රධානියකු අයුතු යෝජනාවක් ගෙන ආ බවයි. යුද හමුදා නිලධාරින්ගේ බිරින්දෑවරුන් පමණක් සහභාගි වූ එම රැුස්වීම්වල තේපැන් සංග‍්‍රහවලට සහ දිවා ආහාරයට එම ප‍්‍රධානියා සහභාගි වෙනවා.’’
‘‘බිරිඳ නිසා මට ඇතිවූ ප‍්‍රශ්නය ගැන තේජාංගනීට මානසිකව බලපා තිබුණා. ඒ වකවානුව තුළ මගේ නිවාඩු සීමාවී තිබුණා. පුත්තලමේදී මාව මරන්න එල්.ටී.ටී.ඊ. කණ්ඩායමක් සැලසුම් කරන බවට බුද්ධි අංශ නිලධාරින් ලිඛිතව මා වෙත දැනුම් දී තිබුණා.’’
තවද බුද්ධි අංශයෙන් මා හට දැනුම් දී තිබුණා යන එන තැන් ආරක්ෂාකාරී විය යුතු බවට. තවද එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ දුරකථනවලට සවන් දී ඔවුන් ඉන්නා තැන් හඳුනා ගන්නා බවත් බුද්ධි අංශ ලිඛිතව දැනුම් දී තිබුණා. මා හට රාජකාරි ජංගම දුරකථනයක් ලබා දී තිබුණත් ආරක්ෂක පියවරක් ලෙස නිවසේ සහ කඳවුරේ සිටින විට ජංගම දුරකථනය භාවිත නොකර සිටියා. ගමන් යන විට රියැදුරුගේ සහ ආරක්ෂක නිලධාරින්ගේ ජංගම දුරකතන ඕෆ් කරන ලෙස උපදෙස් ලබා දී තිබුණා.’’
‘‘මට කළ තර්ජන තේජාංගනී දැනගෙන සිටියා. මා හට යුද හමුදා ප‍්‍රධානීන්ගෙන් එල්ල වූ ප‍්‍රශ්න සහ ලොකු පුතා නිවසින් පිටව යාම ගැන දුක් වෙමින් තේජාංගනි නිවසේ සිටින විට පොඩි පුතාව පාසලෙන් අස්කර තිබුණා. 2006 වර්ෂයේ සැප්තැම්බර් මාසේ මුල් සතියේ පොඩි පුතාව පාසලෙන් අස් කළේ එයාගේ යාළුවන් දෙදෙනකු අරක්කු බෝතලයක් පාසලට රැගෙන විත් එය පානය කරමින් සිටින විට පුතා තවත් යාළුවන් තිදෙනෙක් සමග ඒ අසල සිටි නිසායි කියා තේජාංගනි මට කිව්වා.’’
පසුදින මා ගෙදර ඇවිත් තේජාංගනී සහ පුතා සමග විදුහල්පති හමුවන්න ගියා. විදුහල්පති සමග දීර්ඝ ලෙස සාකච්ඡුා කළා. පුතා අරක්කු බිලා නැත්නම් ඇයි පාසලෙන් අස් කරන්නේ කියා විදුහල්පතිවරයාගෙන් මම ඇසුවා. පුතා අරක්කු බිලා නැහැ කියා පිළිගන්න බවත් ඒ අසල සිටි නිසා තීරණය වෙනස් නොකරන බව විදුහල්පතිවරයා පැවසුවා. පොඩි පුතා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙලා හිටියේ. ජාතික පාසලකින් අස්කළාට පසු වෙනත් රජයේ පාසලකට දරුවාව ඇතුළත් කර නොගන්නා නිසා බිරිඳ සහ මා දැඩි කම්පාවට පත්වුණා. තේජාංගනි ඇඬූ කඳුළින් පසුවුණා.’’
‘‘මා නැවත කඳවුරට ගිය පසු තේජාංගනී මට කෝල් කර කිව්වා ආමි එකේ කාටහරි කියා පුතාව පාසලට ඇතුළත් කරවන්න කියා. ඒත් මට ඒක කරන්න බැරි වුණා. ඒ කාලයේ මගේ නිවාඩු සීමා කර තිබුණා.’’
‘‘උදෑසන ළමයින් පාසල් යන විට පුතා ගෙදර නිසා තේජාංගනී දුකෙන් හිටියේ. බිරිඳ මට කෝල් කරලා කිව්වා නිවාඩු දාලා ගෙදර එන්න කියා. මම ඇහුවා ඇයි කියලා. එවිට කිව්වා පොඩි පුතාට සිදුවූ අසාධාරණයට මානව හිමිකම් කොමිෂන් සභාවට යන්න කියා. නමුත් මට නිවාඩු ගන්න නොහැකි වුණා.’’
‘‘බිරිඳ තනිවම ගොස් පොඩි පුතාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළා. නොපැමිණීම සම්බන්ධව තේජාංගනි මට දුරකථනයෙන් බැන්නා. 2007 ඔක්තෝබර් 17 වැනිදා රාත‍්‍රී පොඩි පුතා කතා කර කිව්වා අම්මාට අසනීපයි රෝහලට රැුගෙන යනවා කියලා. තේජාංගනී බොහොම අමාරුවෙන් කතා කර කිව්වා මට හොඳටම අමාරුයි එන්න කියා. මා මූලස්ථානයට දන්වා පාන්දර 3.00ට පමණ බිරිඳ නවතා සිටි කොළඹ පෞද්ගලික රෝහලකට ආවා.
‘‘බිරිඳට ස්නායු හෝ මානසික සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇවිත් බවත්, පාලනය කිරීම සඳහා ප‍්‍රතිකාර ලබා දෙන බවත් වෛද්‍යවරයා කිව්වා. දින කිහිපයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව බිරිඳව නිවසට රැගෙන ගියා. ගෙදර ආවට සම්පූර්ණ සුවයක් තිබුණේ නැහැ. ඇඟට අමාරුයි ෆිට් එක හැදෙන්න එනවා කිව්වා. එයා ඉල්ලීමක් කළා සේවයට යන්නේ නැතිව ගෙදර ඉන්න කියා.’’
‘‘ඒත් නිවාඩු නැති නිසා රාජකාරියට වාර්තා කරන්න පුත්තලමට ගියා. එදා සිට මිය යන්න දින 35ක් 40ක් ඇතුළත විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට සහ පවු_ලේ වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර ලබා දුන්නා. නිවාඩුවට ගෙදර ඇවිත් රාජකාරි වැඩ කරනවාට බිරිඳ කැමති වුණේ නැහැ. නිවාඩු අරන් ගෙදර එනවිට රාජකාරි ඉවර කර ඇවිත් බිරිඳ සහ දරුවන් සමග සතුටින් සාමදානයෙන් ඉන්න ලෙස ඇය කිව්වා. දින තුනක නිවාඩුවකට ගෙදර ඇවිත් සිටින විට පුත්තලම කඳවුරෙන් පණිවිඩයක් ආවා අනුරාධපුරයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වන ලෙසට. අකැමැත්තෙන් වුවත් පසුදා උදේ රියැදුරු ගලප්පත්ති සමග අනුරාධපුරයට ගොස් නැවත එදිනම රාත‍්‍රී 7.00 පමණ වන විට ගෙදර ආවා.
‘‘ පොඩි පුතා පාසල් යන්නේ නැතුව මාසයක් විතර ගෙදර ඉන්න විට තේජාංගනී මට කිව්වා දරුවාගේ පාසල් ප‍්‍රශ්නයට යොමු වෙන්න කියා. ලොකු පුතා රට නිසා ළමයි දෙන්නෙකුව ජාත්‍යන්තර පාසල්වලට දමා උගන්වන්න සල්ලි තිබුණෙ නැහැ. 2007 නොවැම්බර් 21 වැනිදා මම දින තුනක නිවාඩුවකට ගෙදර ආවා. තේජාංගනී මට කිව්වා ෆිට් එක එන්න වගෙයි ඇඟට අමුත්තක් දැනෙන බව.’’
‘‘එදා හවස පවුලේ වෛද්‍යවරයා හමුවීමට ගියා. ගොඩක් වෙලා කතා කරකර හිටපු වෛද්‍යවරයා කිව්වා බෙහෙත් දෙනවා කරදර ඔළුවට ගන්නේ නැතිව ඉන්න කියා බිරිඳට. එදා රාත‍්‍රී බිරිඳගේ මල්ලිත් අපේ ගෙදර ආවා. අපි හතර දෙනා රාත‍්‍රී කඩෙන් ආහාර ගෙනත් කෑවා. ඊට පසුදා මට යුද හමුදා මූලස්ථානයට යාමට අවශ්‍යතාවක් තිබුණා.’’
යුද හමුදා මූලස්ථානයේදී පසුදා මට බඬේ අමාරුවක් හැදුණා. සවස ගෙදර ආවාම තේජාංගනිත් කිව්වා එයාටත් බඬේ අමාරුවක් හැදිලා කියාල. බටලන්ද හමුදා කඳවුරේ වෛද්‍යවරයාට කතා කර කිව්වා බඬේ අමාරුවට බෙහෙත් එවන්න කියලා. සෙබළ අබේරත්නව යවා බෙහෙත් ගෙන්නා ගෙන අපි දෙන්න බිව්වා. අඩුවුණේ නැහැ.
තේජාංගනීගේ අම්මා බෙහෙත් ගන්න කැලණියේ වෛද්‍යවරයාගෙන් අපි දෙදෙනා බෙහෙත් ගත්තා. වාහනය එලවගෙන ගියේ බිරිඳගේ මල්ලි. තේජාංගනී විජලනයට ලක්වී ඇති නිසා ජීවනී ලබා දෙන්න කියා වෛද්‍යවරයා කිව්වා. බෙහෙත් අරන් රාත‍්‍රී 11.00ට විතර ගෙදර ආවා. අපි දෙන්නා නිදාගන්න උඩුමහලට ගියා වෙනදා මෙන්ම සෙබළ විජේසිංහ පිස්තෝලය සහ බි‍්‍රෆ් කේස් එක කාමරයෙන් ගෙනත් තිබ්බා. පොඩි පුතා සහ සමන්ත මල්ලි අල්ලපු කාමරේ නිදා ගත්තා. කාමරයේදී මගේ බඩ රිදෙනවා කියා කියුවහම බිරිඳ ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා. මට බිරිඳගේ හැසිරීමේ අමුත්තක් දැනුණා.’’
‘‘අල්ලපු කාමරේ සිටින පුතාට කියන්න මා කාමරයේ දොර ඇරගෙන ගියා. පුතාට නින්ද ගිහින් තිබුණ නිසා මල්ලිට කිව්වා. සමන්ත මල්ලි නැගිටලා බලන්න එන විට බිරිඳ වැසිකිළියට ගිහින්. පසුව මල්ලි එයාලා සිටි කාමරයට ගියා. නැවත බිරිඳ සහ මම ඇඳේ නෙට් එකක් දාගෙන නිදාගන්න සූදානම් වුණා. ඇඳේ සිටින විට බිරිඳ කිව්වා කෝපි බොමු කියා. තරප්පු පෙළෙන් පහළට බැස අබේරත්න සහ විජේසිංහගෙ උදව් මත කෝපි සාදාගෙන බිව්වා. කෝපි බොනකොටත් බිරිඳ මගේ බඩ අතගාමින් ඉතිපිසෝ ගාථාව කිව්වා. ඇයි ඉතිපිසෝ ගාථාව කියමින් බඩ අතගන්නේ කියා විමසූ විට බල පිහිටන්න කිව්වා. වතුර එක ගෙනත් තිබ්බට පස්සේ අපි දෙදෙනා නිදා ගන්න ගියාම කිව්වා එයාට අසනීප නිසා උදේට අනුරාධපුරේ යන්න එපා කියලා.’’
පුතාගේ ප‍්‍රශ්නය විසඳන්න ඕනෑ කිව්වා. මා කිව්වා එළිවෙන්න තියෙන්නේ තව පැය දෙක තුනයි කරුණාකර නිදාගන්න කියලා. මා නින්දේ ඉන්න කොට සද්ධයක් ඇහිලා ගැස්සිලා ඇහැරුණා. මට ඇසුනේ අවියක් කොක් කරන ශබ්දයක්.
මා කාමරයේ දොර දිහා බැලූවා ඒත් එක්කම මම තේජාංගනී දෙස බැලූවා. ජනේලයේ එළියෙන් මා දැක්කා තේජාංගනි ඇඳේ උඩුබැලි අතට ඉඳලා පිස්තෝලය ඔළුව පැත්තට හරවාගෙන ඉන්නවා. මම එකපාරටම තේජාංගනී පැත්තට හැරිලා තේජාංගනීගෙන් අවිය ලබාගන්න උත්සාහ කරන කොටම අවිය පත්තු වුණා. මම තේජාංගනී කියා කෑගසා නෙට් එක ඉවත් කර ඇඳෙන් බැස ඇය සොලවා තේජාංගනී කියා කතා කළා. එයා කතා කළේ නැහැ. එවිට මම දැක්කා බිරිඳගේ කටින් සෙම එනවා. මට තේරුණා තේජාංගනීට වෙඩි වැදිලා කියලා.’’
‘‘මම පුතාල සිටි කාමරයට ගොස් එයාලට කතා කළා. ඒ දෙන්න දුවගෙන අපේ කාමරයට ආවා. තේජාංගනීගේ ඔළුවෙන් ලේ එනවා දැක්කා. ඇඳේ බෙඞ් ෂීට් එක උඩ තිබුණ පිස්තෝලය පොඩි පුතා අයින් කරන්න හැදුවා. මගේ පිස්තෝලය ස්වයංක‍්‍රීය එකක් නිසා මා එය අරන් නිෂ්ක‍්‍රිය කළා. ඊට පස්සෙ පොඩි පුතා එය අසල තිබූ ටීපෝ එකක් උඩින් තිබ්බා.’’
පුතා කාමරයට ආපු ගමන් සෙබළ අබේරත්නට සහ විජේසිංහට කෑගසා කිව්වා අම්මාට අමාරුයි ඉක්මනට එන්න කියා. ඔවුන්ගේ උදව්වෙන් තේජාංගනී උඩු මහලින් පල්ලෙහට ගත්තා. මා ගරාජ් එකෙන් වාහනය රැගෙන විත් තේජාංගනීව සහ මල්ලි පිටුපස සීට් එකට නංවාගත්තා. මා වාහනය පදවා ගෙන ගිය අතර පොඩි පුතා ඉදිරි අසුනේ සිටියා. හැකි ඉක්මනින් කොළඹ ජාතික රෝහලට රැුගෙන ගියත් උදේ 6.30ට පමණ තේජාංගනී මියගියා. බිරිඳ වෙඩි තබා ගැනීම මට හිතාගන්නවත් බැරි වුණා.’’
රෝහල් පොලිසියෙන් කළ දැනුම්දීම මත මා පුතා සහ බාප්පා සමග සපුගස්කන්ද පොලිසියට ගියා. මං හිතුවේ නැහැ පොලිසිය මාව අත්තඅඩංගුවට ගනියි කියලා. ඒත් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මියගිය බිරිඳව බලන්න යන්න අවසර ඉල්ලූවත් පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. අධිකරණ නියමයෙන් මාස 06ක් පමණ රිමාන්ඞ් භාරයේ සිටියා. බිරිඳට ඇතිවූ රෝගී තත්ත්වය, පොඩි පුතාගේ පාසල් ප‍්‍රශ්නය, යුද හමුදාව මගින් මට කළ දුෂ්කරතා සහ ලොකු පුතාගේ විදෙස්ගත වීම නිසා පහළ මානසික මට්ටමකට වැටුණු තේජාංගනී මා හට අනුරාධපුරයේ නොයන ලෙස පවසා සිටියදී තේජාංගනී මෙවැනි තීරණයක් ගනී කියා මා හිතුවේ නැහැ. එයාට තනිකමක් දැනෙන්න ඇති. තේජාංගනී වෙඩි තබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ මා බේරගන්න හැදුවත් අවිය පත්තු කර ගත්තා.’’ ඔහුගේ සාක්කියේ සටහන් විය.
කෙසේ වෙතත් දීර්ඝ නඩු විභාගයකින් පසු පසුගිය දා තීන්දුව ප‍්‍රකාශයට පත් කැරිණි.
බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට බි‍්‍රගේඩියර් චන්දන රූපසිංහ වැරදිකරු කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික‍්‍රමසිංහ මතුරට මහත්මිය ඔහුට මරණ දඬුවම නියම කළාය.
තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය ප‍්‍රකාශ කළේ මෙය මිනීමැරුමක් බව පැමිණිල්ල විසින් සැකයකින් තොරව ඔප්පු කර ඇති බවය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.
තීන්දුව දෙන අවස්ථාවේ විත්තියේ නීතිඥවරයා විදේශගතව සිටි හෙයින් තීන්දුව ලබා දීම කල්තබන ලෙසට විත්තිය කළ ඉල්ලීමද ප‍්‍රතික්‍ෂේප කෙරිණි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරිඳට වෙඩි තබා මැරූ බි‍්‍රගේඩියර් ගස්
සොපී Wednesday, 25 March 2015 01:32 PM
අනේ ! ඇයි මෙහෙම දේවල් වෙන්නේ ..(හේ)
රජිව් Thursday, 26 March 2015 02:37 PM
ලසිත් ඔයා හරි මාත් හිතන්නේ බ්‍රිගේඩියර් කියන කතාව ඇත්ත (ස)
රොෂාන් Thursday, 26 March 2015 04:23 AM
සෑම මනුස්සයකුටම හදවතට බොරැ කරන්න බෑ. (ස)
සෙලිනා Wednesday, 25 March 2015 02:22 PM
මේ බ්‍රිගේඩියර් කියන්නේ ඇත්ත වෙන්න බැරිද..(හේ)
ලසිත් Thursday, 26 March 2015 05:07 AM
මට හිතෙන්නෙත් බ්‍රිගේඩියර් කියන්නේ ඇත්ත කියල. බිරිඳ මානසික ප්‍රශ්නයකින් පීඩා විඳපු කෙනෙක් වගේ. (ස)
අකිල Wednesday, 25 March 2015 05:35 PM
අනේ මන්දා. මටත් හිතෙනවා බ්‍රිගේඩියර් කියන කතාව ඇත්තට වෙන්න බැරිද කියලා. (නි)
මධූෂා Thursday, 26 March 2015 08:07 AM
සාධාරණ සැකයෙන් තොරව බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කියල, කියලා තියෙන නිසා..එයට විරුද්ධව සාක්ෂි තියෙන්න ඇති...මෙතැන තියෙන්නේ එයාගේ ප්‍රකාශයක් විතරනේ...මිනීමැරුම කළේ බ්‍රිගේඩියර් කියන්න තියෙන සාක්කි ගැනත් කියල...විස්තරාත්මක ලිපියක් දාන්න පුළුවන් නම් හොඳයි.පොඩි පුතා...එයාගේ සාක්ෂිය ???අම්ම එක්ක හිටියේ එයානේ හැම වෙලේම..(බ)
වාසනා Wednesday, 25 March 2015 09:50 PM
කොපමණ ප්‍රශ්න වලට මුහුණදුන් කෙනෙක්ද? මොන පැත්තකින්වත් සැනසීමක් නැහැ. ඇයි මෙතරම් මිනිස්සු කුහක? දැන් ඉතින් නොමැරී මැරෙනවා. මට නම් හරිම දුකයි. වැරැද්ද කා අතේද? (නි)
මධූෂා Thursday, 26 March 2015 08:34 AM
තවත් ගැනු කෙනෙක් ගැන කියල තියෙනවා...සහෝදරයා පිස්තොලේ කකුල් ළඟ තිබ්බ කියද්දී...බ්‍රිගේඩියර් කියන්නේ පුතා එ්ක ටීපෝ එක උඩින් තිබ්බ කියල...අනික පුතා තාත්තට "පාගපන් හයියෙන් " කියලා. තව හොඳ විස්තරයක් අපි දැනගන්න කැමති ලංකාදීප කර්තෘතුමනි (බ)
දුමින්ද Thursday, 26 March 2015 09:11 AM
මේ සසර ගමනේදී ගැලූ ලේ ,කදුළු සාගරය ඉක්මවනු ඇත.(හේ)
මලී Thursday, 26 March 2015 01:54 AM
පව් ...! පවුලක් විනාශ වුණා. (නි)
මැගී Friday, 27 March 2015 02:03 AM
බ්‍රිගේඩියර් වරයෙක් මේ තරම් ලාමක විදියට මිනී මරයිද කියල මටත් කුකුසක් තියෙනවා ? (නදී)
ශිරන්ති Friday, 27 March 2015 02:23 AM
සැමියා ක්‍රියාන්විතයේ නිසා මේ බිරිඳ දැඩි කම්පනයකින් ජිවත් වූ බව පේනවා .ඇත්තටම රාජකාරිය නිසා එක වහලක් යට ජිවත් වෙන්න වරම් නැති පවුල්වල ශෝකාන්තය මේ කතාවෙන් කියවෙනවා නේද ...?(නදී)
විකී Friday, 27 March 2015 02:03 PM
පසුගිය කාලේ පුංචි පවුල් එක්කකය කඩා වැටුණු යුගයක්. ප්‍රශ්න දරා ගන්න, ජීවිතේට මුහුණ දෙන්න අපෝසත් වුණු කාලයක්. (ත)
අබරන් Saturday, 28 March 2015 10:26 PM
ගස් අරින්න ඕන නෝනට අයුතු බලපෑම් කරපු හමුදාවේ නිලදාරියා (නදී)
අභය Thursday, 26 March 2015 03:19 AM
මොන රක්ෂාව කළත් අගමනුකූලව ජීවත්වෙන්න ඕනෑ. (නි)