IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බිරිය වෙනුවෙන් ටජ්මහලක් ඉදි කළ තැපැල්සේ වකයා

3

 

ක්‍රි.ව. 1632 දී ෂා ජහාන් නම් මෝගල් අධිරාජයා තම ආදරණීය බිරිය වූ මුම්ටාස් මහල් දේවියට තිබූ අපිරිමිත ප්‍රේමය ප්‍රකාශ කිරීම පිණිස ඇය වෙනුවෙන් ටජ්මහල් මන්දිරය ඉදි කළේය. 17 වැනි සියවසේ ප්‍රේමයේ සංකේතය ලෙසින් හැඳින්වෙන එය සියවස් ගණනක් ගෙවී ගිය ද නූතන පරපුරට ද ෂා ජහාන්ගේ ප්‍රේමය සිහි ගන්වමින් විරාජමානව පවතී. 58 වසරක් තමන් හා ජීවිතය බෙදාගත් තම බිරිය සිහිවනු සඳහා තවත් “ටජ්මහලක්” ඉදි කළ නූතන ෂා ජහාන් කෙනකු පිළිබඳව පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය.

1 
 ෆයිසුල් හසන් කදාරි ඉන්දියාවේ බටහිර උත්තර් ප්‍රදේශ්හි ලක්නව් ආසන්නයේ පිහිටි කසෙර් කලන් ගම්මානයේ  උපත ලද තරුණයෙකි. 1953 වසරේ වැඩිහිටියන් විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව 17 හැවිරිදි ඔහු විවාහ වූයේ 14 හැවිරිදි තජම්මුලි බේගම් නමැති යුවතියක සමඟය. බුලන්ද්සහර් දිස්ත්‍රික්කයේ  තරුණියක වූ තජම්මුලි ඔහුගේ මාමා කෙනකුගේ දියණියක වූවාය. කිසි දිනෙක පාසල් අධ්‍යාපනය ලබා නොතිබූ ඇය විවාහ වන විට ඉවුම් පිහුම් කිරීමට පවා නොදැන සිටි හෙයින් කදාරි තම බිරියට ඉවුම් පිහුම් මෙන්ම උර්දු බස කියවීමට හා ලිවීමට ද ඉගැන්වීය. කෙටි කලෙකින් ඇය සියල්ලෙහි සමතියක වූවාය. ඉතා පියකරු, සරල, ප්‍රිය උපදවන තරුණියක වූ තජම්මුලි නිවෙසේ සියල්ලන්ගේ ආදරයට පාත්‍ර වූ සාමකාමී, සැමියාට බෙහෙවින් ගරු කළ බිරියක වූවාය.


සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා සිටි කදාරි රජයේ සේවයට එක් වූ අතර තැපැල්කරුවකු ලෙස සේවය කළේය. මුල් අවධියේ ඔහු ලද වැටුප එතරම් යහපත් නොවීය. ඇය චිත්‍රපට නරඹන්නට ඇලුම් කළ හෙයින් කදාරි හැකි සෑම අවස්ථාවකම අලිගාර්හි තස්වීර් මහල් සිනමා හලට ඇය කැටුව යෑමට අමතක නොකළේය. දෙදෙනා එක්ව ගත කළ සෑම මොහොතක්ම සතුටින් පිරී තිබිණි. තජම්මුලි නිතර උදරයේ වේදනාවකින් පෙළෙන්නට වූ බැවින් කදාරි ඇය වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියේය. ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇතැයි හඳුනා ගැනුණු අතර ගර්භාෂය ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කළහ. එහෙයින් ඇයට දරු සුරතල් බැලීමේ වාසනාව අහිමි විය. දරුවන් නොමැති හෙයින් වෙනත් තරුණියක හා විවාහ වන්නැයි කදාරිගේ ඥාතීන් ඔහුගෙන් ඉල්ලා සිටියද තම බිරියට දැඩි ලෙස ප්‍රේම කළ කදාරි එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.


දරුවකු නොමැති කමින් තජම්මුලිගේ සිතේ කොනක සියුම් වේදනාවක් තිබිණි. දෙදෙනා ඉතා සමගියෙන් ජීවත් වූ අතර ඉඳහිට සුළු ආරවුලක් හැරෙන්නට කිසිදිනෙක විරසකයක් නොවීය. කාලය ගෙවී ගියේය. දිනක් කදාරි ඇමතූ තජම්මුලි “අපේ පරම්පරාව ගෙන යන්නට දරුවෙක් නැහැ. අපි දෙන්නා මිය ගියාම හැමෝටම අපිව අමතක වෙලා යාවි” යනුවෙන් ඉතා දුක්මුසුව පැවසුවාය. ඇගේ වදන්වලින් ඔහුගේ සිතට කිසියම් වේදනාවක් දැනිණි. “දුක්වෙන්න එපා. මට කලින් මැරුනොත් ඔයාව කාටවත් අමතක නොවෙන්න විශාල සොහොනක් ඔයා වෙනුවෙන් මම හදනවා.” ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය. 
සකසුරුවම් සහිත පුද්ගලයකු වූ කදාරි හැමවිටම කීයක් හෝ ඉතිරි කළේ දරුවන් නොමැති හෙයින් මහලු වියේදී කිසිවකුට අත නොපා ජීවත් වීමේ අරමුනිණි. ටජ්මහල පිහිටා තිබුණේ ඔහු ජීවත් වූ ගම්මානයේ සිට කිලෝමීටර් 140 පමණ ඈතිනි. එය නැරඹීමට යෑම මුදල් නාස්තියක් යැයි ඔහු සිතීය. වරක් කිසියම් අවශ්‍යතාවක් සඳහා අග්‍රාවට ගිය කදාරිට ටජ්මහල දැක ගැනීමට ලැබිණි. ඉන් විස්මයට පත් ඔහුට එය කෙතරම් විශ්වකර්ම නිර්මාණයක්දැයි සිතිණි.

2
58 වසරක් ඔහුගේ දුක සැප බෙදාගත් තජම්මුලි මිය ගියේ උගුරේ හටගත් පිළිකාවකිනි. උගුරේ වේදනාවකින් පෙළුණු ඇය වරින්වර ප්‍රතිකාර ගත්ත ද එය පිළිකාවක් බවට හඳුනා ගැනීමට වෛද්‍යවරුනට නොහැකි විය. තජම්මුලි කතා කිරීමට නොහැකි තත්ත්වයට පත් වූ බැවින් කදාරි ඇය අලිගාර්හ් වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගියේය. එහිදී ඇය පිළිකාවකින් පෙළෙන බවට හඳුනා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවද ඒ වන විට ප්‍රමාද වී තිබිණි. මහලු වියේ සිටි තජම්මුලිට කිරණ ප්‍රතිකාරවලට මුහුණදීමට තරම් ශරීර ශක්තියක් නොවූවාය. ගම්මානයෙන් ඈත ප්‍රදේශයක ගොවිපළක් මිලට ගත් කදාරි එහි නිවෙසක් තනා තජම්මුලි සමඟ පදිංචි වූයේ ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පහසු වනු පිණිසය. පිළිකාව ජයගත නොහැකි වූ ඇය 2011දී මිය ගියාය. කදාරි ඇගේ සිරුර සිය ගොවිපළේම භූමිදාන කළේය.


යොවුන් වියේ සිට මහලු වන තෙක් තමා හා එකට ජීවත් වූ බිරියගේ අභාවය කදාරිගේ ජීවිතයට දැඩි හුදෙකලාවක් එක් කළේය. තමා බිරියට වූ පොරොන්දුව කෙසේ හෝ ඉටු කළ යුතුයැයි සිතාගත් කදාරි ඇය වෙනුවෙන් නොමියෙන සිහිවටනයක් ඉදිකිරීමට මූලික සැලසුම් සකස් කළේය. ඇය වෙනුවෙන් ඉදිකළ යුතු සිහිවටනය කෙබන්දක් විය යුතු දැයි සිතමින් සිටි ඔහුගේ මතකයට අවේ ෂා ජහාන් රජු මුම්ටාස් මහල් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ්මහලය. ෂා ජහාන්ගේ ප්‍රේමය හා තම ප්‍රේමය අතර වෙනසක් නොදුටු ඔහු තජම්මුලි වෙනුවෙන් කුඩා ටජ්මහලක් තැනීමට සිතා ගත්තේය. 


තම ඉඩම විකුණා ලක්ෂ 6ක් සොයා ගත් කදාරි තජම්මුලිගේ රන් හා රිදී ආභරණ විකුණා තවත් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් උපයා ගත්තේය. මසකට 10,500 බැගින් ලද විශ්‍රාම වැටුපෙන් ඉතිරි කර ගෙන සිටි සියලු මුදල් ද යෙදවූ ඔහු තජම්මුලි වෙනුවෙන් කුඩා ටජ්මහලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. ඉදිකිරීම් සඳහා ඔහු තම ගමේ මේසන්වරයෙකු වූ අස්ගාර්ගේ සහය ලබා ගත්තේය. වසර තුනක් මුළුල්ලේ අත තිබූ සියලු මුදල් අවසන් වන තෙක් ඔහු ඉදිකිරීම් කටයුතු කරගෙන ගියේය. ෂා ජහාන් මුම්ටාස් මහල් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ්මහලට භාවිත කළ මිල අධික ගොඩනැඟිලි උපකරණ යොදා ගැනීමට කදාරිට නොහැකි වුවද වැලි ගල්, ගඩොල්, සිමෙන්ති හා යකඩ යොදා ගනිමින් ඔහු තම කුඩා ටජ්මහල ඉදි කළේය. එහෙත් සියලු වැඩ අවසන් කිරීමට පෙර එය ඇන හිටියේ ඒ සඳහා මුදල් අවසන් වීම හේතුවෙනි. ඉතිරි වැඩ සඳහා ඔහුට තවත් ලක්ෂ හතක් පමණ අවශ්‍යය. මෙය මුදල් නාස්තියක් බවත්, එම මුදල ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදවන ලෙසටත්, එහි වැඩ ආරම්භ කිරීමට පෙර බොහෝ දෙනෙක් ඔහුට කියා සිටියහ. එහෙත් කිසිවකින් පසුබට නොවූ කදාරි තම අරමුණ අත්හැරියේ නැත.


“සිහිවටනයේ අත්තිවාරම අඩි 10ක් ගැඹුරුයි. අඟල් 27ක් පළලයි. බිත්තියක් අඟල් 15ක් පළලයි. අඩි 15ක් උසයි. එහි සොහොන් දෙකක් ඉදි කර තිබෙනවා. වසා ඇති සොහොන මගේ බිරියගේ. අනෙක මා වෙනුවෙන් ඉදිකළ සොහොනයි. මා මිය ගිය කලෙක ඇය අසලින්ම වැතිරෙන්නයි මට අවශ්‍ය වුණේ. අස්ගාර් සිහිවටනයේ ගෝලාකාර මුදුන සහ වටා ඇති අඩි 27ක් බැගින් උසැති කුලුනු හතර ටජ්මහලට අනුරූප වන පරිදි ඉදිකළා. එහි පිටත බිත්තිවලට කිරිගරුඬ ගල් ඇල්ලීමටත්, සිහිවටනය අවට භූමිය සකස් කිරීමටත් මුදල් අවශ්‍යයි. මට අයත් ඉඩමක වර්ග අඩි 5000ක භූමි ප්‍රමාණයක මෙම සිහිවටනය ඉදිකර තිබෙනවා. ගොඩනැඟිල්ල ඉදිරිපස වතුර මල් සහිත පොකුණක් ඉදිකිරීම හා භූමිය වටා විවිධ ගස්වර්ග වගා කිරීම මගේ අනෙක් සිහිනයයි. කිරිගරුඬ ගල් මිලෙන් අධිකයි. මගේ ටජ්මහලේ සංකීර්ණ කැටයම් හෝ මිල අධික ගල්වර්ග නැහැ. සැබෑ ටජ්මහලේ කාමර රැසක් සහ සොහොන් වටා මනහර සක්මන් මළු දැකිය හැකියි. මගේ ටජ්මහලේ ඇත්තේ එක් කුටියක් පමණයි. එයද ඉතා කුඩා එකක්. මගේ ටජ්මහල  ඔබ ඈත සිට නරඹන විට සැබෑ ටජ්මහලට බෙහෙවින්ම සමාන බව ඔබට වැටහේවි. මුදල් නොමැති කමින් මෙහි වැඩකටයුතු මදක් අඩපණ වී තිබෙනවා. කෙසේ හෝ මුදල් සොයාගෙන ඉතිරි වැඩ අවසන් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි”.


කදාරි ජීවත් වන නිවෙසේ කවුළුවෙන් නැරඹීමට හැකි වන ලෙසින් ඉදිකර ඇති කුඩා ටජ්මහල මේ වන විට ඉන්දියාව පුරා ප්‍රචලිතව ඇති අතර එය නැරඹීම සඳහා විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙති. අග්‍රාවට ගොස් සැබෑ ටජ්මහල නැරඹීමට වත්කමක් නොමැති උත්තර් ප්‍රදේශ් වැසියෝ කදාරිගේ ටජ්මහල නරඹා ඉන් සැනසෙති. කුඩා ටජ්මහල වැඳුම් පිදුම් කරන ස්ථානයක් නොව තම බිරියගේ සොහොන බැව් කදාරි ප්‍රකාශ කරයි. මුදල් අපහසුතා පැන නැගුණ ද කිසිවකුගෙන් ආධාර ලබා ගැනීමට කදාරිට අවශ්‍ය නැත. තම විශ්‍රාම වැටුපෙන් හැකි ආකාරයට එය අවසන් කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. බොහෝ පිරිස් ඔහුට මුදල් ලබාදීමට කැමැත්ත පළ කළ ද තමා විසින්ම උපයා ගන්නා මුදලකින් එහි කටයුතු නිම කිරීමට තමාට අවශ්‍ය යැයි ඔහු පවසයි. “මෙය මගේ බිරිය උදෙසා මවිසින් ඉටු කරනු ලබන පෞද්ගලික කාර්යයක්. කිසිවකුගේ ආධාර උපකාරවලින් එහි වැඩ අවසන් කිරීමට මට සිත් දෙන්නේ නැහැ”. ඔහු කියා සිටී. උත්තර් ප්‍රදේශ් මහ ඇමැතිවරයා ද කදාරි හමු වී ඔහුට උපකාර කිරීමට අපේක්ෂාවෙන් සිටිය ද තමා ඔහුගේ උපකාර අපේක්ෂා නොකරන බැව් කදාරි පවසා තිබේ. “මා ඔහු හමුවන්නට යනවා. එහෙත් ආධාර අපේක්ෂා කරන්නේ නැහැ”.


තම බිරියගේ භෂ්මාවශේෂ ඇය වෙනුවෙන් ඉදි කෙරුණු සිහිවටනයේ තැන්පත් කළ ඔහු තමා මිය ගිය දිනෙක තම සිරුර ද ඇය අසලින් මිහිදන් කරන ලෙසට තම සොහොයුරාට උපදෙස් දී තිබේ. තමා මිය යන්නට පෙර තම ප්‍රේමයේ සිහිවටනයේ වැඩ අවසන් කරගැනීම කදාරිගේ එකම අපේක්ෂාවය. මේ වන විට අසූ හැවිරිදි කදාරි ගතින් ඉතා දුබලය. හැරමිටියක ආධාරයෙන් ඇවිද යන ඔහුට ඇත්තේ එකම එක අපේක්ෂාවකි. “මගේ බිරිය මිය ගියා. වැඩි කල් නොගොසින් මා ද මිය යාවි. මෙහි වැඩ අවසන් වන තෙක් ජීවත් වන්නට වරම් දෙන මෙන් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා”. ඔහු දෙවියන්ගෙන් යදින්නේ එපමණකි.

m

 



අදහස් (0)

බිරිය වෙනුවෙන් ටජ්මහලක් ඉදි කළ තැපැල්සේ වකයා

නිම්මි Monday, 27 June 2016 03:36 PM

ඔබ කොතරම් සොදුරු මිනිසෙක්ද? මේ රටේ හිටියානම් මම ඔබට උදව් කරමි. ප්‍රේමය සුන්දරයි. නමුත් දුර්ලබයි. ඔබට මෙය නිම කිරීමට ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

ඩිලාන් Monday, 27 June 2016 04:56 PM

ප්‍රේමය නම් වූ මහා තණ්හාව නිසා නිකරුණේ දුක්විඳින අයෙක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

සොපි Monday, 04 July 2016 03:11 AM

දරුවන් ලැබිය නොහැකි බව හුවා දක්වමින් තම බිරිඳ හැරනොගිය මෙම මිනිසාට අපගේ ප්‍රණාමය ....! (නි)

:       0       0

චමීර Tuesday, 02 August 2016 10:37 AM

සුන්දර මිනිසෙක්.(හේ)

:       0       0

නිම්මි Tuesday, 28 June 2016 03:07 PM

දිලාන් කියනදේත් අැත්තක් තියෙනවා. නමුත් සා ජහාන් රජු එසේ සිතුවා නම් අද ඉන්දියාවට ලෝක පුදුමයක් නැති වෙනවා නේද? තව මේ ලෝකේ කොතරම් නිර්මාණ නැති වෙනවද? වෛරයට වැඩ ප්‍රේමය හොද නැද්ද?(හේ)

:       0       0

පෙරේරා Sunday, 03 July 2016 10:48 AM

ප්‍රියන්ජන් ආදරයක මහිම !! (බ)

:       0       0

නීල් Friday, 01 July 2016 03:36 PM

තමන්ගේ බිරිඳට සළකපු යහපත් මනුස්සයෙක් (නි)

:       0       0

පරාක්‍රම Sunday, 03 July 2016 04:09 PM

මේ පුද්ගලයා ෂාජහාන් රජුටත් වඩා උතුම්, ශ්‍රේෂ්ඨයි. මක්නිසාදයත්, මෙතුමා මෙරට ඇතැමුන් කළා වගේ රටේ මුදල් අයථා පරිහරණයවත්, බාහිර ආධාරවත් නැතුව කරන උදාර කටයුත්තක් බැවිනි. මේ කාර්යය කාටවත් කරදරයක් පාඩුවක් ගෙනනොදුන් හා ප්‍රියඋපදවන එකක් නිසා, අන්‍යජාතික, අන්‍යලබ්ධික , පරමාදර්ශී මෙතුමාට තම කාර්යය නිමකරගැනීමට ධෛර්යත් ශක්තියත් දීර්ඝායුෂත් ලැබේවායි පතමි. සංචාරක ආකර්ශනය නිසා ප්‍රදේශයේ දියුණුවක්ද ඇතිවිය හැක. (නි)

:       0       0

දර්ශන Tuesday, 28 June 2016 11:33 AM

ඩිලාන් ආදරේ වටිනාකම නොදැන මෝඩ කතා කියන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 359 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 972 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1460 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 234 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 446 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 612 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site