IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


බ‍්‍රසීල ඩෙංගු මර්දන ක‍්‍රමය ලංකාවටත් ගැළපෙයිද?

ඩෙංගු උවදුර ලෝකයේ බොහෝ රටවලට තර්ජනයක් වී ඇති බව නොරහසකි. ඒ ඒ රටවල් ඩෙංගු මර්දනය සඳහා නොයෙක් ක‍්‍රමෝපායන් අනුගමනය කරයි. සිංගප්පූරුව සහ කියුබාව මේ වනවිට මදුරු වසංගතය මුළුමනින්ම තුරන් කොට ඇති රටවල්ය. එම තත්ත්වයට පැමිණීමට තැත් දරන රටවල් අතර බ‍්‍රසීලයද වෙයි. මේ වනවිට බරපතල තර්ජනයක් වී ඇති ඩෙංගු මදුරුවන් මඩින්නට ඔවුන් තෝරාගෙන ඇති ක‍්‍රම වේදය වන්නේ ඩෙංගු උණ බෝ කරන ඊඩිස් මදුරු ගහනය අඩු කිරීමට ජාන තාක්ෂණය යොදා ගැනීමයි. එහිදී කෙරෙන්නේ ජාන තාක්ෂණය මගින් ජානමය වෙනස්කම් කළ පිරිමි සතුන් පරිසරයට මුදා හැරීමයි. ඔවුන් වන්ධ්‍යාකරණයට ලක්ව සිටීම නිසා ඊළඟ මදුරු පරම්පරාව අඩුවෙමින් යයි. ඩෙංගු රෝගයෙන් බරපතළ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට මේ ක‍්‍රමය අනුගමනය කළ නොහැකිද? ඉරිදා ලංකාදීපය මේ ප‍්‍රශ්නය ඇසුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරින් ගෙනි. මේ ඔවුන් කී කතාවයි. නම සඳහන් කරනවාට කැමැති වූයේ නැත. ශ්‍රී ලංකාවට මේ ක‍්‍රමය ගැලපෙන්නට ඉඩ තිබෙනවා. නමුත් ඒ ගැන නිශ්චිතව කිව හැක්කේ පුළුල් පර්යේෂණයකින් පසුවයි. මදුරු කීටයන් විශාල ගහණයක් අල්ලා රසායනාගාරයක් තුළදී ඔවුන්ගේ පිරිමි සතුන් ජාන තාක්ෂණය ඔස්සේ වන්ධ්‍යාකරණය කිරීම හෝ විවෘත පරිසරයේදී යොදා ගන්නේ යම් රසායනික කි‍්‍රයාවලියකින් එම තත්ත්වය උදාකර ගත හැකියි. එමෙන්ම ශබ්ද තරංග මඟින් ද එසේ සතුන් වන්ධ්‍යාකරණය කිරීමේ ක‍්‍රම පවතිනවා. එහෙත් මෙකී ක‍්‍රම යොදා ගැනීමට පෙර එයින් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද යන්න සොයා බැලිය යුතුයි. විශේෂයෙන් විවෘත පරිසරයේදී මෙම කටයුත්ත කිරීමේදී වෙනත් ජීව විශේෂයන්ට එය බලපානු ඇත්ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් කරන්න වෙනවා. විද්‍යාගාරයකදී කරන්නේ නම් මදුරු කීටයන් විශාල ප‍්‍රමාණයක් අල්ලා විද්‍යාගාරයට ගෙන ආ යුතුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ ක‍්‍රමය යොදා ගත හැකිද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුව එය ආරම්භ කළ යුතුයි. මන්ද මදුරු ගහන පාලනය බිය නැත්තට නැති කිරීම අපහසුයි. එමෙන්ම ඒ කටයුත්තේදී පාරිසරික සමතුළිතතාවට හානි නොවන ලෙස එය කළ යුතු බැවින් ඉතා පරෙස්සමින් කටයුතු කළ යුතුව පවතිනවා. යැයිද පර්යේෂණ නිලධාරිනිය කීවාය.

විනීතා එම්. ගමගේ



අදහස් (0)

බ‍්‍රසීල ඩෙංගු මර්දන ක‍්‍රමය ලංකාවටත් ගැළපෙයිද?

කේ.කේ Sunday, 15 July 2012 10:48 PM

මදුරුවෝ නැති කලාම දොස්තරලට සල්ලි හම්බ වෙන්නේ නැ

:       0       0

සමන් Monday, 16 July 2012 02:34 PM

ඇයි මදුරු කොයිල් මුදලාලිලා?

:       0       0

ටිටි Monday, 16 July 2012 03:39 PM

තව කී දෙනෙක් මැරෙනකල්ද බලන් ඉන්නේ? දැන්වත් කුමක් හෝ කළ යුතුයි නේද?

:       0       0

බුවා Sunday, 15 July 2012 05:42 PM

හරි ශෝක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 117 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 215 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 148 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 37 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site