IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ

 

පසුගිය මැයි මස 23 වැනි දා ශ්‍රී ලංකාවේ සුවිශේෂී  වෘත්තීය සංගම් නායකයෙකු වූ පිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ නැතිනම් බොහෝ දෙනා හොදින් හඳුනන බාලා තම්පෝ තම 92 වැනි උපන්දිනය සැමරීය. බාලා හෝ බාලා සහෝදරයා ලෙස හිතවතුන් හැඳින්වූ බාලා තම්පෝ සිලෝන් මර්කන්ටයිල් යූනියන් හෙවත් ලංකා වෙළද සේවක සංගමයේ ලේකම්ධූරය 1948 සිටම ඉසිලුවෙකි. තවමත් ලංකා වෙළද සේවක සංගමය ලෙස හැදින්වුන ද පසුකාලීනව සිදුකර ඇති සංශෝධනයක් නිසාවෙන් දැන් මෙම වෘත්තීය සමිතිය හැදින්වෙනුයේ ලංකා වෙළද, කර්මාන්ත හා ශ්‍රමිකයින්ගේ සංගමය ලෙසය.

සමිතියේ සාමාජිකයෝ හා විධායක කමිටුව එක්ව කිසිදා වයසට නොයන බවක් පෙන්වමින් සිටි තම අසහාය ලේකම්වරයා වෙනුවෙන් කොල්ලූපිටිය 22 වැනි පටුමගේ පිහිටි ලංකා වෙළද සේවක සංගම් කාර්යාලයේ උපන්දින සාදයක් සංවිධානය කර තිබුණහ. කිසිවෙකුත් නොසිතූ පරිදි උපන්දින කේක් ගෙඩියක් ද රැගෙන එහි පැමිණියේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය. පෙර අවස්ථාවකදී කාර්යාලය වෙත පැමිණි

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ ලේකම් තැන යටතේ සේවය කරන නියෝජ්‍ය විධායක නිළධාරී මහින්ද මඩිහහේවා මහතා බාලා තම්පෝට ජනපතිවරයා ඔහුව හමුවීමේ කැමැත්තකින් පසුවනවායැයි පවසා තිබෙන අතර අපගේ  ‘උපන්දින කොලූවා‘ හිටපු වෙළද වෘත්තීය සමිති සාමාජිකයෙකු වන ජනපතිවරයා වෘත්තීය සමිති කාර්යාලය වෙත පැමිණීම තමන් මහත් අගය කොට සැළකූවත් ජනපතිවරයා පසුපසින්ම ගැවසෙන මාධ්‍යකරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයින් කාර්යාලයට කඩා වදිනු දැකීමට තමන් අකමැතියැයි ඔහුට පිළිතුරු දී ඇත. මේ නිසා ජනපතිවරයා කාර්යාලය වෙත පැමිණ සිටියේ ඔහුත් සමගම පැමිණි මහින්ද මඩිහේවා මහතා හැරෙන්නට තනිවමය. පැවැත්වුණු උපන්දින සාදය එයට සහභාගීවී සිටි සියලූදෙනාගේ සිතට සතුට ගෙන දුන්නක්ම විය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා බාලා තම්පෝගේ උපන්දින සාදය සදහා සහභාගී වීමට පැමිණීම ජනපතිවරයාගේ අතීතය පිරික්සා බැලීමේදී හොදින්ම තේරුම්ගත හැකිය. බෙලිඅත්ත ආසනයෙන් තරග වැද 1970 වසරේදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට ප්‍රථමයෙන් ජනපතිවරයා සේවය කරමින් සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහාය පුස්තකාලාධිපතිවරයෙක් ලෙසය. වාර්තා වන ආකාරයට ලංකා වෙළද සේවක සංගමයට ඔහු බැදී ඇත්තේ මේ කාලවකවානුවේදීය. පසුකාලීනව චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ රජයෙහි කම්කරු ඇමතිවරයා ලෙස ඔහු කම්කරු ප්‍රඥප්තියක් සකස් කිරීමට බාලා තම්පෝ හා සමීපව කටයුතු කළේය. නමුත් රටේ අවාසනාවකටදෝ මෙම ප්‍රඥප්තිය ලියැවිල්ලකට පමණක් සීමාවූවක් බවට පත්ව ඇත. වරෙක නොනැවතී ඉදිරියට යන වාමාංශීක දේශපාලනඥයකු ලෙස හැදින්වුණු මහින්ද රාජපක්ෂ මහතා ලංකා වෙළද සේවක සංගමය හා විශේෂයෙන් බාලා තම්පෝ හා හොද සබදතාවක් ගොඩනගා ගැනීමට කටයුතු කරනු පසුගිය සමයේ හොදින් දැකගත හැකි විය.

මෙය පුදුමයට පත්විය යුතු කාරණයක් නොවේ.වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතිරිව සිටින පැරණි වාමාංශික සාමාජිකයින් අතර බාලා තම්පෝට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් බව අවිවාදිතය. ඔහු එදා ජවයෙන්ම අදත් සේවයට කැපවී සිටින්නේය. වයස අවුරුදු 92 ක් වුවද ඔහු යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන්නේය. ක්‍රියාකාරී වෙළද වෘත්තීය සමිති සාමාජිකයෙක් ලෙස ඔහු තවමත් පෙනී සිටින්නේය.

 

 

යාපනය දෙමළ ජාතිකයෙක්

ලංකා වෙළද සේවක සංගමයේ ලේකම්ධුරය 1948 සිට වසර 66 කට අධික කාලයක් හොබවා තිබීම බාලා තම්පෝගේ දිවියේ ඔහු ලබා ඇති ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසය දෙස බැලීමේදී වාර්තාවක්ද වේ. මෙය වඩාත් සුවිශේෂී වන්නේ ඔහු දෙමළ ජාතිකයකු වීමත් ශ්‍රී ලංකාවේ ජාතිකත්වය මුල් කරගෙන දැඩි සේ බෙදී තිබූ සමාජයත් යන කරුණු සැළකීමේදීය. බාලා තම්පෝ යාපන දෙමළ ජාතිකයෙකි. ලංකා වෙළද සේවක සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ජාතිය ගැටලූවක් නොවූවත් එහි සාමාජිකයෝ බොහෝ දෙනා සිංහල ජාතිකයෝ වෙති.  තත්ත්වය මෙසේ වෙද්දී සංගමයේ ලේකම්ධූරය දෙමළ ජාතිකයෙකු දැරීම ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකයන් නැවත නැවතත් පෙන්වා දුන් කරුණකි. ඒ කෙසේ වුවත් බාලා තම්පෝ තමන් දෙමළ ජාතිකයකුයැයි කිසිදිනෙකත් හදුන්වානොදුන් බවත් දෙමළ ජාතිකයකු වීම නිසාම ජාතිකත්වය පදනම් කරගෙන සිදුවන දේශපාලනයක නොයෙදුණු බවත් මෙහිදී සදහන් කළ යුතුමය.

පිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ වැන්නෙකු එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පහළ වී නොමැත. ඔහුට සම කළ හැකි කිසිවෙකුද නැත.

දෙවන ලෝක යුද සමයේදී තම්පෝ රහසිගතව ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත්තේය. මහා වැඩ වර්ජනයට සහභාගී වීම නිසා කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කථීකාචාර්යවරයකු වුණු තමන්ගේ රැකියාව අහිමි කරගෙන ඇත්තේය. දශක හයකට අධික කාලයක් එකම වෘත්තීය සමිතියේ නායකයා ලෙස කටයුතු කර තිඛෙන්නේය. දැඩි වාග් විලාශයකින් යුතු පුද්ගලයකු යැයිද කතා පැවැත්වීමේදී මුරණ්ඩු පිළිවෙතක් අනුගමනය කරන්නෙකු යැයිද නමක් දිනාගෙන සිටින්නේය.

නිදහස් ශ්‍රී ලංකාවක සැමරුණු පළමු නිදහස් සංවත්සරයේදී ප්‍රථම වතාවට බ්‍රිතාන්‍යය කොඩිය නොව සිංහ කොඩිය එසවෙනු දුටු පුද්ගලයින් අතරින් දැනට ඉතිරිව සිටින එකම පුද්ගලයා ඔහුය. 1953 හර්තාලයේ ප්‍රධාන සංවිධායකවරයාය. සෙන්ට්‍රල් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වූ ටොට්ස්කි පක්ෂයේ මධ්‍යම කමිටුවේ හා දේශපාලන අංශයේ සාමාජිකයෙක් ලෙස ඔහු කටයුතු කර ඇත්තේය. වැඩ වර්ජන බොහෝමයක මූලික සංකල්පය ඔහුගේය. මේවා අතර කොළඹ වරායේ වැඩ කටයුතු අඩපණ කරමින් දියත් කෙරුණු වැඩවර්ජනය ප්‍රධානය. එය කෙතරම් දුරදිග ගියේද යත් රටෙහි හදිසි තත්ත්වයක් කැදවීමටත් සිදුවූයේය.

1962 දී එවක පැවති රජය පෙරැළීමට සැළසුම් කළවුන් හා එක්ව කටයුතු කළ රජයට හිසරදයක් වූ වාමාංශික සාමාජිකයින් කිහිප දෙනාගෙන් එක් අයෙකු වූයේය. වැඩි කලබලයක් කළේ නම් තම්පෝ නාවුක හමුදා අවි ගබඩා පරිශ්‍රයේ සිරගත කිරීමට බළධාරීහු සැළසුම් කර තිබුණහ. වෘත්තීය සමිති හා බළධාරීන් යන දෙපාර්ශ්වයම නිදහසේ අදහස් හුවමාරුවේ යෙදෙන අදටත් ක්‍රියාත්මක වන සාකච්ඡා ක්‍රමය ආරම්භ කිරීමේ පුරෝගාමියාය. ජීවන වියදම ඉහළ යාමේ දර්ශකයට අනුව වැටුපද ඉහළ යා යුතුයැයි යන පදනමේ සිට ඔහු නව වැටුප් ක්‍රමලේඛණයක් සකස් කළේය. වැඩ වර්ජන රාශියක් සැළසුම් කළේ ඔහුය. වැඩ වර්ජනයේ යෙදුණේයැයි රැකියාවෙන් නෙරපා දැමීම මුල් කරගෙන අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් ඔහු දිගින් දිගටම සටන් කළේය. ලංකා සමසමාජ පක්ෂයෙන් බිදී ගොස් පිහිටැවුණු නව විප්ලවකාරී පක්ෂයක නියෝජ්‍ය නායකයා වූයේ ඔහුය. පාර්ලිමෙන්තු මැතිවරණ තුනකටම සහභාගී වුවත් ඒ තුනේදීම ඔහුට ජයග්‍රහණය කළ නොහැකි විය. 1971 කැරැල්ලෙන් පසු උද්ගත වුණු තත්ත්වයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු වෙනුවෙන් නීතිඥයකු ලෙස  නොමිලයේම තම්පෝ පෙනී සිටියේය. ඔහු වයස 92 ක් වුවද සතියකට දින 6 ක් කාර්යාලයේ සිට නිවසටත් නිවසේ සිට කාර්යාලයටත් ගමනේ යෙදෙන, සේවයටම කැපවුණු වෘත්තීය සමිති නායකයෙක්ය. මේ තම්පෝ සහෝදරයා යනු කවුරුන්දැයි හදුන්වාදිය හැකි කරුණු ගොන්න අතරින් අතලොස්සක් පමණය.

බාලා තම්පෝ යනු මගේ ළමා වියේ මා කුතුහලයෙන් පුරවාලු පුද්ගලයෙකි. මා ඔහු සැළකූවේ වීරයෙකු හැටියටය. මා බාලා තම්පෝ ගැන ප්‍රථම වතාවට ඇසූයේ 1960 වසරේදීය. එවකදී මගේ වයස අවුරුදු 6 කි. 1960 වසරේ සිදුවූ දේශපාලන ක්‍රියාකාරකම් මට ග්‍රහණය කර ගත නොහැකි තරමේ විය. එම වසරේ මාර්තු හා ජූලි මාස දෙකෙහි පාර්ලිමෙන්තු මැතිවරණයක් දෙකක් පැවැත්විණි. මගේ පියා කම්කරු නිළධාරියෙකු ලෙස සේවය කළ අතර ඔහු එම මැතිවරණ දෙකෙහිදීම ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂකයෙකු ලෙස සේවය කිරීම සදහා දුර පළාත් වලට කැඳැවුණි. මෙයත්, එකක් පසුපස එකක් සිදුවූ මැතිවරණ ප්‍රචාරණ කටයුතුත් වයස අවුරුදු හයක දරුවකු කෙසේ අත්විදින්නට ඇත්දැයි ඔබට සිතාගත හැකිය. මට දේශපාලනය හා මැතිවරණය යනු මොනවාදැයි හදුනා ගැනීමටවත් නොහැකි වුවත් මැතිවරණ ව්‍යාපාර මා මහත් උ‍ද්යෝගයට පත් කළේය . දේශපාලනය වෙනුවෙන් මගේ වූ ඇල්ම ඇතිවන්නට ගත්තේ 1960 වර්ෂයේ සිටය.

 

 

අලූත්කඩේ

මෙකළ අප පදිංචිව සිටියේ මැද කොළඹ ඡන්ද බල ප්‍රදේශයට අයත්වූ අලූත්කඩේ ප්‍රදේශයේය. යතුර ලකුණින් යුතු වූ සම සමාජ පක්ෂයේ සාමාජිකයකු ලෙස බාලා තම්පෝ පැවැත්වුණු මැතිවරණ දෙකෙහිදීම මැද කොළඹින් තරග වැදුණේය. බාලා තම්පෝගේ නම මා මුලින්ම ඇසූයේ පළමු මැතිවරණ සමයේදීය. ඔහුගේ නම, මැද කොළඹ සියලූ දෙනාගේ මුවග රැදී තිබුණි. පාසැල් කාලයේ සිටම සම සමාජ පක්ෂයේ ආධාකරුවෙකු වූ මගේ පියා මා පක්ෂයේ රැස්වීම් වලට කැටුව ගියේය. ඔහු සම සමාජ පක්ෂය හා මුල් වූ සිදුවීම් මා සමග රස කර පවසන්නට පුරුදුව සිටි අතර සූරිය මල් ව්‍යාපාරය සම්බන්ධ සිදුවීම්, මහත් ආන්දෝලනයක් ඇති කළ බ්‍රේස්ග්‍රිඩල් සිද්දිය, බෝගම්බර සිරගෙදර සිරගත කර සිටි සම සමාජ පක්ෂ සාමාජිකයින් පිරිසක් 1942 වසරේදී එයින් පැන යාම හා 1953 හර්තාලය වැනි සිදුවීම් ඔහු කී කතා අතර  විය. ඔහුගේ කතා මගේ උනන්දුව වර්ධනය කිරීමට සමත්වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

1960 මැතිවරණයේදී මගේ පියා ඇතුලූ බොහෝ සමසමාජ පක්ෂ ආධාකරුවන් පක්ෂය ඉහළින්ම ජයග්‍රහණය කරනු ඇතැයි ද නායක එන්.එම් පෙරේරා අගමැති වනු ඇතැයිද මහත් අපේක්ෂාවෙන් සිටියෝය. නමුත් මාර්තු මාසයේ පැවති මැතිවරණයේදී ආසන 101 ක් වෙනුවෙන් තරග වැදුණු සමසමාජ පක්ෂයට දිනා ගත හැකිවූයේ ආසන 10 ක් පමණි. එයිනුත් දෙමළ බහුතරයක් සිටි ප්‍රදේශවලින් එකදු හෝ ආසනයක් දිනා ගැනීමට පක්ෂයට නොහැකිව තිබුණු අතර සිංහල බහුතරයක් සිටි ප්‍රදේශවලින් ද ඔවුන්ට සැළකිය යුතු තරමේ කැමැත්තක් පළවී නොතිබුණි. අගය කළ යුතු සිංහල හා දෙමළ දෙපිරිසටම එක සමාන අයිතිවාසිකම් ලැබෙන පරිදි සකස් කළ මැතිවරණ ප්‍රකාශනයක් පක්ෂයට තිබුණද එයම පක්ෂයේ පරාජයට හේතුව වී ඇති බවක් පෙනෙන්නට තිබුණි.මේ කරුණු නැවත නැවත මෙනෙහි කරමින් මගේ පියා පක්ෂයේ පරාජය ගැන වසර ගණනාවක් යන තුරුම ශෝක විය.

1964 දී පොදු ජන එක්සත් පෙරමුණු රජය හා සමසමාජ පක්ෂය එක්වීමේදී බොහෝ දෙනා අතර ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයද මගේ මතකයේ රැදී ඇත. මගේ පියා මෙම සිදුවීමෙන් පසු සම සමාජ පක්ෂයෙන් බිදී ගොස් වෙනම විප්ලවකාරී පක්ෂයක් පිහිටුවා ගත් බාලා තම්පෝ හා එඩ්මන්ඩ් සමරක්කොඩි හට සහය දැක්වීය. අවසානයේ බාලා හා එඩ්මන්ඩ් බිදී ගිය පසු ඔහු සම සමාජ පක්ෂය වෙනුවෙන් තිබූ පක්ෂපාතීභාවය අත්හළ අතර පසුකාලීනව වයඹ පළාතේ සිටි දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ හිතවත්කම මත කුරුණෑගල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය ආධාරකරුවකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය.

මගේ පියා සමසමාජ පක්ෂයේ ආධාරකරුවෙකු වීම නිසාම ඔහු පක්ෂ කටයුතු වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම් වලට සහභාගී වීම සාමාන්‍ය දෙයක් විය. 1960 වසරේ පැවැත්වුණු මැතිවරණයන් වලදී බාලා තම්පෝ මැද කොළඹ අපෙක්ෂකයා ලෙස තරග වැදීම නිසා ඔහු මෙම රැස්වීම් වලටද සහභාගී වූ අතර මා ඔහු සියැසින් දැක ගත්තේ එවන් අවස්ථාවලදීය. ඔහුගේ නම සදහන් පෝස්ටර හා අත් පත්‍රිකා ප්‍රදේශය පුරා විසිරී තිබුණි. බාලා තම්පෝගේ ආක්‍රමණශීලී වාග් විලාශය ඔහු ගැන මගේ සිතේ මැවී තිබුණු රූපය තව තවත් ඔප් නැංවීය. ඔහු පැවසූ දෙයින් වැඩි හරියක් මට නොතේරුණු බවද කිව යුතුය. ඔහුගේ පුතා වූ දරේශ් මා ඉගෙනුම ලබමින් සිටි කොල්ලූපිටිය සාන්ත තෝමස් විදුහලේ මට පන්ති කිහිපයකට ඉහළින් ඉගෙනුම  ලබමින් සිටි බව මගේ මතකයේ තිබේ. මා ඇතුලූ මගේ මිතුරුන් සියලූදෙනා ‘අර සිටින්නේ බාලා තම්පෝගේ පුතා නේදැයි‘ ඔහු දෙස ඇස් අයාගෙන බලා සිටීමට පුරුදුව සිටියෙමු.

 

 

මැද කොළඹ

1960 සමයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් මගේ මතකයේ රැදී තිඛෙන එක් ප්‍රධාන සිදුවීමක් වන්නේ බාලා තම්පෝ නියත වශයෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වනු ඇතැයි බොහෝ දෙනා මත පළ කිරීමේ යෙදීමයි. මැද කොළඹ ආසනයෙන් පාර්ලිමෙන්තු සභිකයින් තිදෙනෙක් තෝරාගැනීමද මෙයට එක් හේතුවක් විය. මගේ පියා පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂ වල ආධාරකරුවන්ව සිටි ඔහුගේ මිතුරන්ගෙන් බොහෝ දෙනාද විශ්වාස කළේ මැද කොළඹ බාලා තම්පෝ ජයගණු ඇති බවටයි. 1960 මාර්තු මාසයේදී මැතිවරණය පැවැත්වීමට පෙර සිටම සම සමාජ පක්ෂය සැළකුණේ ජයග්‍රාහකයින් ලෙසය.මැද කොළඹ සියලූ දෙනාගේ කැමැත්ත බාලා තම්පෝ වෙත යැයි පෙනෙන්නට තිබුණි. නමුත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වෛද්‍ය එම්.සී.එම් කලීල්, රණසිංහ ප්‍රේමදාස හා කම්කරු පක්ෂය නියෝජනය කළ පීටර් කෙවුනෙමන් මැද කොළඹ ආසනය නියෝජනය කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූර දිනා ගත්හ. මැද කොළඹින් තරග වැදුණු අපේකෂකයින් 15 දෙනා අතර බාලා තම්පෝට හිමිව තිබුණේ සිව්වැනි ස්ථානයයි. ඔහු ලබා තිබූ ඡන්ද සංඛ්‍යාව 22228 ක් විය.

1960 ජූලි මස පැවැත්වුණු දෙවැනි මැතිවරණය වන විට මැද කොළඹ වෙනුවෙන් තරග වැදි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව හයකට බැස තිබුණි. කුමන හෝ හේතුවක් නිසාදෝ මෙවර බාලා තම්පෝ නියත වශයෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු බවට තේරී පත්වනු ඇතැයි විශ්වාසයක් ඇතිවී තිබුණි. නමුත් එය එසේ නොවීය. පොදු ජන එක්සත් පෙරමුණෙන් තරග කළ ශ්‍රීමත් රසීක් ෆරීඩ් මනාප අතරින් පළමු ස්ථානය හිමිකරගත් අතර පීටර් කෙවුනමන් හා වෛද්‍ය එම්.සී.එම් කලීල් පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනාගෙන තිබුණහ. බාලා තම්පෝ සිටියේ රණසිංහ ප්‍රේමදාසට පිටුපසින් පස් වැනි ස්ථානයේය. ඔහු ලබා තිබූ ඡන්ද සංඛ්‍යාව 16406 ක් දක්වා පහත බැස තිබුණි.

සමසමාජ පක්ෂයේ නායකත්වය සන්ධාන රජයක් පිහිටුවීමට එවක පොදු ජන එක්සත් පෙරමුණු රජයේ නායිකාව හා රටේ අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමග ගිවිසුමකට යෑම  පක්ෂයේ බෙදීමක් ඇති කළේය. සම සමාජ පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජිකයෝ 15 දෙනෙක් පක්ෂය අතහැර ගියහ. මොවුන් අතර බුලත්සිංහල පාර්ලිමෙන්තු මන්ත්‍රී එඩ්මන්ඩ් සමරක්කොඩි, මොරටුව පාර්ලිමෙන්තු මන්ත්‍රී මෙරිල් ප්‍රනාන්දු, න්‍යායාචාර්ය කාරලසිංහම් හා බාලා තම්පෝ වැන්නෝ වූහ. කාරලසිංහම් ප්‍රමුථ කාර්ලෝ කණ්ඩායම හැර පක්ෂය අතහැර ගිය සාමාජිකයෝ සමසමාජ පක්ෂය - විප්ලවකාරී පක්ෂය යැයි නව පක්ෂයක් පිහිටුවා ගත්හ. කාරලසිංහම් ප්‍රමුථ කාර්ලෝ කණ්ඩායම නැවත මව් පක්ෂය හා එක්වුණහ. සම සමාජ පක්ෂය හතරවැනි ජාත්‍යන්තරයෙන් නෙරපා දැමුණු අතර බිදී ගිය සාමාජිකයින් පිරිස පිහිටුවාගත් නව පක්ෂය ශ්‍රී ලංකාවේ නව සම සමාජ ව්‍යාපාරය ලෙස එහි ලියාපදිංචි කැරුණි.

සමසමාජ පක්ෂය - විප්ලවකාරී පක්ෂය 1965 පාර්ලිමෙන්තු මැතිවරණයෙදී තරග වැදුණු අතර සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට අපොහොසත් විය. බාලා තම්පෝ නැවත වරක් මැද කොළඹින් තරග වැදුණි. මෙවර ඔහුගේ පක්ෂයේ ලාංඡනය වූයේ යතුර නොව ලාම්පුවයි. අපේක්ෂකයන් 10 දෙනෙක් අතරින් ඔහු පස්වැනියා වුනි .ඔහු ඡන්ද 4559 ක් ලබා සිටියේය. පක්ෂයේ තවත් බෙදීමක් ඇතිවූයේ බාලා තම්පෝ හා හබයක පැටලී එඩ්මන්ඩ් සමරක්කොඩි පක්ෂය අතහැර යාමත් සමගය. එඩ්මන්ඩ්ගේ කණ්ඩායම තවත් පක්ෂයක් පිහිටුවාගත් අතර එය හැදින්වුනේ විප්ලවකාරී සමසමාජ පක්ෂය ලෙසය.පසුව එහි නම විප්ලවකාරී ශ්‍රමිකයින්ගේ පක්ෂය ලෙස වෙනස් කරනු ලැබීය.

 

 

හතරවැනි ජාත්‍යන්තරය

සමසමාජ පක්ෂය - විප්ලවකාරී පක්ෂය බාලා තම්පෝගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණි. ලංකා වෙළද සේවක සංගමය එහි ප්‍රධාන කොටසක් විය. 1970 මහ මැතිවරණය සදහා පක්ෂය සහභාගී නොවූ අතර ඔවුහු සමසමාජ පක්ෂයට හා කම්කරු පක්ෂයට ජනතාව නොමග යවමින් සිටින්නේයැයි චෝදනා කළෝය. පසුව පක්ෂයේ නම විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය ලෙස වෙනස් කැරුණි. හතරවැනි  ජාත්‍යන්තරයේ ලේකම් තැන යටතේ එහි ශ්‍රී ලංකා නියෝජනය ලෙස පක්ෂය හදුනාගනු ලැබ තිබුණි.

1977 දී තමන් පෙර සිටි ස්ථාවරය වෙනස් කළ තම්පෝ පාර්ලිමෙන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ වේදිකාවට ජූලි මාසයේදී අපේක්ෂකයින් හතර දෙනෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ලංකා වෙළද සේවක සංගමය හා විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය එක්ව අපේක්ෂකයින් හතර දෙනාට සහය දැක්වූ අතර ඔවුන් ‘විප්ලවකාරී සමාජවාදී වේදිකාවක‘ සිට කටයුතු කරනු ඇතැයිද ‘ධනපති පාලන තන්ත්‍රය බලයෙන් පහ කර කම්කරුවන්ට හා දුප්පතුන්ට තැන ලබා දීමේ නව පාලනයක් රටේ ඇති කිරීම සදහා එක්වන්න යැයිද‘ කීහ.

විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය නියෝජනය කරමින් උපාලි කුරේ හා ටී.එන්.පෙරේරා පිළිවෙලින් දෙහිවලින් හා කැස්බෑවෙන් මැතිවරණ තරග බිමට පිවිසි අතර ලංකා වෙළද සේවක සංගමය මුල් වී ඉදිරිපත් කළ අපේක්ෂකයින් දෙදෙනා වූ වර්නන් විජේසිංහ හා එච්.ඒ.සෙනෙවිරත්න උතුරු කොළඹින් හා කැළණියෙන් මැතිවරණයට ඉදිරිපත් වූහ. පක්ෂයේ ලාංඡනය වූ සීනුව ලකුණින් ඔවුහු මැතිවරණ සටනේ යෙදුණහ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබුණි. අපේක්ෂකයින් සිව්දෙනා පිළිවෙලින් දෙහිවල, කැස්බෑව, උතුරු කොළඹ  හා කැළණිය නියෝජනය කරමින් ලබාගෙන තිබුණේ ඡන්ද 402, 298, 193 හා 162 කි.

1960 හා 1965 වසර වලදී පාර්ලිමෙන්තුවට යාමේ වරම අහිමි වීමත්, පෞද්ගලිකවම ලද මැතිවරණ පරාජයනුත් බාලා තම්පෝ වෙත මෙන්ම ශ්‍රී ලංකාවේ වෙළද වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයටත් ලංකා වෙළද සේවක සංගමයේ ක්‍රියාකාරීත්වයටත් නව ජවයක් ගෙන දුන් වෙස්වළාගත් ආශිර්වාදයක් වැනි විය.

රැකියා ස්ථානයන්හි බළධාරීන් සේවකයින් වැඩි දුර නොබලාම සේවයෙන් පහ කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙන් තම්පෝ රට පුරා වැඩ වර්ජන 70 කට අධික සංඛ්‍යාවක් ආරම්භ කිරීමට මුල් වූවේය.මේ හා සමග ඔහු එවක අගමැති ඩඩ්ලි සේනානායක හමුවට කැදැවුණු අතර එහිදී මේ සදහා කුමක් කළ යුතුදැයි විමසන ලදුව තම්පෝ සේවකයින් සේවයෙන් පහ කිරීමේ ක්‍රියාපටිපාටිය විමර්ශනය කිරීමට රජය මැදහත් විය යුතුයැයි යෝජනා කළේය.මේ සම්බන්ධයෙන් ඔහු නීතිමය ලියැවිල්ලක් සකස් කළ අතර එය අවසානයේ සේවකයින් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුලත් 1971 දී සම්මත කරගත් කෙටුම්පත සකස් කිරීමට යොදා ගැනුණි.

බාලා තම්පෝ සම්බන්ධයෙන් මාගේ සිතේ වූ ප්‍රතිරූපය මා ක්‍රමයෙන් වැඩිහිටි වීමත් සමග වර්ධනය වූවේය. පෞද්ගලික අංශයේ මෙන්ම ලංකා වෙළද වෘත්තිය සමිතියේ මිතුරන් මෙන්ම ඥාතීන්ද තම්පෝ ගැන පවසන්නට යෙදුණු කරුණු ඔහු පිළිඹද මගේ වූ ගෞරවය තව තවත් වැඩි කළේය.1971 ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ කැරැල්ල රටේ තරුණ තරුණියන්ගේ සිත් ඇද ගැනීමට සමත්වූවක් වූ අතර අවසානයේ එය මැඩපැවැත්වීමත් සමග ඉතිරිවූවන්ට නැගුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට බාලා තම්පෝ ඔහු වැනිම තවත් නීතිඥයින් පිරිසක් සමග ත‍පරට පැමිණියේය.මේ සම්බන්ධයෙන් නඩු වාර පැවැත්වෙද්දී ඒ සම්බන්ධයෙන් වූ පුවත්පත් වාර්තා මා ඉතා උනන්දුවෙන් සකස් කිරීමේ යෙදුණු අතර බාලා තම්පෝ වෙනුවෙන් බාලා තම්පෝ වෙනුවෙන් මගේ සිතේවූ පැහැදීම මේ කටුයත්තේදී තවදුරටත් වැඩි වර්ධනය වූවේය.

 

 

ප්‍රධාන කතාව

මා තම්පෝ හා වැඩ කටයුතු කිරීමට පටන්ගත්තේ පුවත්පත්වාර්තාකරුවෙකු ලෙස ‘ද අයිලන්ඩ්‘ පුවත්පතට බැදුණු සමයේදීය.1981 නොවැම්බර් මාසයේදී අයිලන්ඩ් පුවත්පතෙහි වාර්තාකරුවෙකු ලෙස බැදුණු මම දෛනිකව වෙළද වෘත්තීය සමිති හා රේගුව සම්බන්ධ පුවත්පත් වාර්තා සැපයීමේ නිරතව සිටියෙමි.මේ ‘වීරකේසරී‘ පුවත්පතෙහි දෙමළ පුවත් වාර්තාකරණයෙන් මිදී මා ඉංගී්‍රිසි පුවත්පතක සේවය සදහා පැමිණි කාලයයි.මාගේ මිතුරෙකු වන ප්‍රසාද් ගුණවන්ධනද ඔහු සේවය කරමින් සිටි ‘දවස‘ පුවත්පතෙහි සිංහල මාධ්‍යකරණයට ආයුබෝවන් කියා ‘අයිලන්ඩ්‘ වෙත පැමිණ සිටියේය.‘ද අයිලන්ඩ්‘ පුවත්පතෙහි මාගේ පළමු ප්‍රධාන සිරස්තලය දැක්වුනේ ප්‍රසාද්ගේද සහය ඇතිව සකස් කළ කතාවක් ඇසුරිනි.ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් එම්.එස්.සෙල්ලසාමි හා ලංකා වෙළද සේවක සංගමයේ  බාලා තම්පෝ හා සිදුකළ සම්මුඛ සාකච්ඡා දෙකක තොරතුරු මා සතුව තිබුණි.ප්‍රසාද්ද තවත් වෙළද වෘත්තීය සංගම් කිහිපයක් හා සම්මුඛ සාකච්ඡා සිදුකර තිබුණි.අපගේ පුවත් සංස්කාරකවූ ගාමිණි වීරකොන් මහතා අප දෙදෙනාගෙන්ම ලබාගත් තොරතුරු හොද හැටි අඹරා කතාවක් සකස් කළ අතර එය අවසානයේ පුවත්පතේ ප්‍රධාන කතාව හැටියට තෝරාගැනුණි.

පුවත්පත් වාර්තාකරුවෙකුට තම පළමු ප්‍රධාන කතාව පෙම්වතෙකු,පෙම්වතියක ලබන පළමු හාදුව සේම සදා මතකයේ රැදී තිඛෙන්නකි.මාගේ පළමු ප්‍රධාන කතාවේ කතා මතකයේ රැදී සිටී.කෙසේනමුත් මා ‘ද අයිලන්ඩ්‘ පුවත්පතෙහි දෙමළ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වාර්තා සැපයීම සදහා ඉක්මනින්ම අනුයුක්ත කෙරුණු අතර ඒ සමයේ ජාතිය මුල්කරගෙන රටේ වර්ධනය වන්නට ගත් තත්ත්වයද ඒ හා සමග ‘ද අයිලන්ඩ්‘ පුවත්පතෙහි දෙමළ දේශපාලන වාර්තාකරණය සම්බන්ධයෙන් උද්ගත වන්නට ගත් තත්ත්වයද සියලූ දේට වඩා වැදගත් කොට සැළකුණි.

අවසානයේ මා අතින් ලියැවෙන්නට ගත්තේ ජාතිකත්වය සම්බන්ධයෙන් වූ පුවත් හා වාර්තාය.පුවත්පතෙහි මටම වෙන්වූ තීරුවක්ද වූ අතර මම සතිපතා එහි රටෙහි තත්්ත්වය සම්බන්ධයෙන් මා සකස් කළ වාර්තා පළ කළෙමි.වෙළද සේවක සංගමය සම්බන්ධයෙන් මා කළ වාර්තාකරණය නිමාව දිටීය.1988 දී මා ශ්‍රී ලංකාව හැර යාමත් සමග බාලා තම්පෝ හා මාගේ සබදතා ක්‍රමයෙන් අවම වී ගියේය.

2012 දී බාලා තම්පෝ තම 90 වැනි උපන්දිනය සැමරීය.තම්පෝගේ පෞද්ගලික තොරතුරුද එකතු කර ඔහු සම්බන්ධයෙන් වාර්තාවක් ලිවීමට මාගේ අදහසක් තිබුණු අතර ඔහු පිළිඹද තොරතුරු එක් රැස් කිරීම මම ඇරඹුවෙමි.නමුත් ඔහුගේ තොරතුරු එකතු කිරීම මා සිතා සිටියාටත් වඩා දුෂ්කර විය.කැනඩාවේ සිට ඒ කටයුත්ත කළ නොහැකි තරම් විය.මා කතා බස් කළ පුද්ගලයින් තම්පෝගේ වැඩකටයුතු ගැන හොදින් දැන සිටියත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන වැඩිදුර තොරතුරු දැන සිටියේ නැත.මෙනිසාම උත්සාහය අත්හැර දැමිීමට මම තීරණය කළෙමි.

2013 මා හට වාසනාවන්ත වසරක් විය.වසර 25 කට පසු මම නැවත ශී්‍රලංකාවට පැමිණියෙමි.රට පුරා සංචාරය කරමින් නෑදෑයින් හා හිතමිතුරන් හමුවෙමින් ගතකළ කාලය අවසානයේ මා අනතුරුව සෙවීමට පටන් ගත්තේ මා ශී්‍රලංකාව අත්හැර ගිය සමයේ ළගින් ඇසුරු කළ අනෙක් පුද්ගලයින්වය.බාලා තම්පෝ ඔවුන් අතරින් එක් අයෙකු විය.

මිතුරෙකුගේ මාර්ගයෙන් බාලා තම්පෝ හමුවීම සදහා කාලය වෙන්කර ගත් පසු මම කොල්ලූපිටියේ පිහිටි වෙළද සේවක සංගමයේ  ප්‍රධාන කාර්යාලය බලා ගියෙමි.වරක් ඉතා කාර්යබහුල ස්ථානයක්ව තිබූ වෙළද සේවක සංගම්  කාර්යාලයේ රජ කළේ නිහැඩියාවයි . ශ්‍රී ලංකාවේ වෙළද වෘත්තීය සමිති වලට ඒවාට තිබුණු තැන අහිමිව ගොස් ඇත්තා සේම වෙළද සේවක සංගම් කාර්යාලයටද එදවස තිබූ පිළිගැනීම වර්තමානයේ අහිමිව යමින් තිඛෙන සෙයකි.

 

 

වයසට නොයන්නෙක්

මම ප්‍රධාන ශාලාවට ඇතුලූ වූ පසු එහි කොණේ සිටි බාලා දුටුවෙමි.ඔහු පෙර සිටියා සේම විය.නමුත් වයස්ගතවීමේ ලකුණු ඔහු කෙරෙන් පෙනෙන්නට තිබුණි.මා ඔහු කරා කෙමෙන් ළං වෙද්දී දශක 9 ක කාලය ඔහු කෙරේ කෙසේ බලපා ඇත්දැයි මට හොදින් දැකගත හැකිවුනි.කෙසේනමුත් ඔහු හොදින් ඇවිද්දේය.අතට අත දීමද එදා සේම සවිමත් විය.අංග චලනයන් වලදී පෙර මෙන් නොව මදක් පමා වුවත් ඒවායේ කිසිදු අක්‍රමවත්භාවයක් නොවීය.ඔහුගේ කොණ්ඩය මා ඔහු අවසානයට දකිද්දී තිබුණා මෙන්ම අලූ මිශ්‍ර රිදී පැහැයෙන්ම දිලූනේය.

මා ඔහු හා කතාබහේ යෙදීමට හිදගත් පසු වයස්ගත වුවද ඔහු තවමත් හදවතින් තරුණ බව මට වැටහුණේය.කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ඔහුගේ හදෙහි දලූලා නැගුණු ගින්න එදා මෙන්ම අදත් එලෙසම නැගෙන්නේය.ඔහුට කිසිවෙකුගේවත් උපකාර අවැසි නැත.ඔහුගේ මනස පෙරසේම නිරවුල්ය.ඉක්මනින් තීරණ ගන්නේය.අතීතයේ සේම ඔහුගේ මුවින් අදහස් ගලා එන්නේය.

අදහස් පළ කරන විටදී එදවස මෙන්ම ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ දත් ඇදි එකටෙක ගැටේ.හොදින් ළංවී බැලීමේදී ඔහුගේ ඇස් දිදුළන ආකාරය දැක ගත හැකිය.ඔහුගේ මතකයටද කිසිදු හානියක් සිදුවී නැති හැටි.

නොසිතූ පරිදි බාලාට මෙන්ම ඔහුගේ ප්‍රධාන කාර්යමණ්ඩල සභික වෙළද සේවක සංමයේ නියෝජ්‍ය ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතාට අපනයන සැකසුම් කලාපයේ ආරම්භ වී ඇති වැඩවර්ජනයක් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට කටුනායකට යෑමට සිදුවී තිබුණි.වෙළද සේවක සංගමය මෙම වැඩ වර්ජනයට කිසිදු ආකාරයකින් හවුල්වී නොසිටියද වර්ජනයට එක්ව සිටියෝ ඉක්මනින්ම ගැටලූව විසදා ගැනීමට බාලාගේ උපදෙස් පැතීම නිසා ඔවුනට එහි යාම හැර වෙන විකල්පයක් නොතිබුණි.බාලා මා සමග වෙන්කර ගත් කාලය තවත් දවසකට යොදා ගැනීමට උත්සාහ කළත් ඒ වන විටත් මා ගෙදරින් පිටත්ව සිටි බැවින් ඔහුගේ උත්සාහය සාර්ථක වූයේ නැත.

මා තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවෙන් නික්මෙන බැවින් තවත් හමුවක් සූදානම් කර ගැනීමට කාලයක්ද තිබුණේ නැත.කෙසේනමුත් බාලා නිර්ලෝභීවම මා හා කතාබහට පැය 2 ක්ම වෙන් කළේය.ඔහු බොහෝ දේ ගැන අදහස් දැක්වීය.මේ වයෝවෘද වෘත්තිය සමිති ක්‍රියාධරයා දැනුම් ආකරයක් වූවේය. ඩී.එස්.සේනානායකගේ සිට චන්ද්‍රිකා බණ්ඩාරණායක දක්වා ශ්‍රී ලංකාව පාලනය කිරීමට පුද්ගලයින් ‘එනු - යනු‘ ඔහු දැක ඇත්තේය.නමුත් ඇල්ෆ්‍රඩ් ටෙනිසන් කවියාගේ කවියක එන දිය දහර මෙන් බාලා තම්පෝ නොසිදී සදාකල්හිම ගලා යමින් සිටින්නේය.

බාලා තම්පෝගේ 92 වැනි උපන්දිනය නිමිත්තෙන් ඔහු පිළිඹද සම්පූර්ණ විස්තරයක් ලිවීමට මා තීරණය කළේ මේ කරුණු සළකා බලාය.තවත් සහෝදරවරැ කිහිපදෙනෙක් හා වයෝවෘද වෘත්තීය සමිති නායකයාගේ හිතවතුන් කිහිපදෙනෙක් සම්බන්ධ කරගත් මම ඔවුන්ගෙන් බාලා තම්පෝ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත්තෙමි.ඊට අමතරව මම බාලා තම්පෝ හා ඊමේල් මාර්ගයෙන් පැහැදිලි කර ගැනීමට අවැසි වූ තවත් කරුණු කිහිපයක් සම්බන්ධව තොරතුරු ලබා ගත්තෙමි.ඔහු මා හා ඉතා සහයෝගයෙන් කටයුතු තළ අතර නිරවුල්ව හා නිවැරදිව මා හා තොරතුරු හුවමාරු කර ගත්තේය.බාලා තම්පෝ පිළිඹද මෙම වාර්තාව ලිවීම මා ආරම්භ ක‍ළේ මේ සියලු තොරතුරු ගොනු කරගැනීමෙන් පසුවය.

 

 

වොක්ස්වාගන්

බාලා තම්පෝ පදිංචිව සිටින්නේ රත්මලානේය.වෙළද සේවක සංගම් කාර්යාලය ඇත්තේ කොල්ලුපිටියේය.ඔහු දිනපතාම නිවසේ සිට සේවා ස්ථානයටත් සේවා ස්ථානයේ සිට නිවසටත් තනිවම සිය මෝටර් රථය පදවාගෙන පැමිණේ.ඔහු පදවන්නේ පැරණි වොක්ස්වාගන් මෝටර් රථයක් වන අතර එය ඔහු දශක ගණනාවක් පුරාවට භාවිතා කරන්නකි.තම්පෝ සතියකට දින 6 ක් අනිවාර්යයෙන්ම කාර්යාලයට පැමිණෙන්නේය.අවශ්‍යතාවක් පැන නැගුණහොත් ඇතැම් අවස්ථාවන්හි සතියේ දින 7 ම ඔහු කාර්යාලයේය.ඔහු දිනකට පැය 7 - 8 අතර කාලයක් කාර්යාලයේ ගත කරන්නේය.

මෙවන් වයසක සිටියදී මේ තරම් කාර්යබහුල,පීඩාකාරී ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි මම ඔහුගෙන් විමසුවෙමි.තරුණයෙකුගේ ජවයත්,දිගු සෙෘඛ්‍ය සම්පන්න දිවියකුත් ලැබ ගැනීමේ රහස කුමක්ද? ඔහු සෘජුවම පිළිතුරු දුන්නේය.

‘මා සිතන්නේ එයට ජානමය බලපෑමක් මෙන්ම වෙනත් හේතුත් තියනවා.මා තවමත් රත්මලානේ මගේ නිවසේ සිට කොල්ලුපිටියේ කාර්යාලය දක්වා තනිවම වාහනය පදවාගෙන පැමිණෙනවා.සතියකට දින 5 ක් 6 ක් මා කාර්යාලයට ඇවිල්ලා සම්පූර්ණ දිනයම එහි ගත කරමින් වැඩ කටයුතු වල නිරත වෙනවා.ඉස්සෙල්ලා කියපු වෙනත් හේතු ගැන කියනකොට මේකට එක හේතුවක් ලෙස මා දකින්නේ මට වෙළද වෘත්තීය සමිතියේ අවශ්‍යතා හා එහි සාමාජිකයින් නොසළකා හැරීමට කිසිසේත් නොහැකි වීමයි.අනෙක තමයි මගේ ආහාර රටාව.මා බොහොම සරල ආහාර රටාවක් අනුගමනය කරන්නේ.තවත් දෙයක් ගැන කියනවානම් අනෙක් අයගේ යහපතට හේතුවන කටයුතු වලට හැරෙන්නට වෙනත් කිසිම දෙයකට මම මගේ කාලය වෙන්කරලා නැහැ.මා වයසයි කියලා මා හිත හිත ඉන්නේත් නැහැ.මගේ සිහිය වගේම හදවතත් තාම තරුණයි‘‘‘ ඔහු පසුවදනක්ද එක් කළේය.

‘ළගදී අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක් මාගේ ඇස් පරීක්ෂා කළා.ඇය කීවා මගේ දෘෂ්ඨියික ස්නායුව වයස අවුරැදු 90 ක කෙනෙකුගේ වගේ නොවේය කියලා.මේකෙන් පැහැදිලි වෙනවා මගේ සෙ`ඛ්‍ය තත්ත්වය ගැන මට පැහැදිලි කර දිය නොහැකි දෙයක් තිඛෙනවාය කියලා‘

ඔහුගේ දිවි පෙවෙත හා දෛනික කටයුතු පිළිඹදවද මම විමසුවෙමි.ඔහුට අනුව ඔහුගේ දිවියේ එක් දවසක් යනු වැඩ කරන දිනයකි.ඔහුගේ පතිචාරය වූයේ මෙයයි.

 

 

දෛනික චර්යාව

‘මා අවදිවන්නේ මගේ නිදන කාමරයේ ජනේලයට පිටතින් ඇසෙන කුරැල්ලන්ගේ හඩින්.පාන්දර 5.15 වගේ ඉදන් 6 වගේ වෙනකන් ගතවෙන කාලයේ මා ඇදෙන් නැගිටිනවා.ඊට පස්සේ තේ එකකුත් හදාගෙන මම වාඩිවෙන්නේ මගේ ලැප්ටොප් පරිගණකය ඉස්සරහ.විද්‍යුත් ලිපි පරීක්ෂා කළායින් පස්සේ ඇතැම් ඒවාට මම ඒවලේම පිළිතුරැ සපයනවා.නැතිනම් අන්තර්ජාලයේ පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා මම යනවා උදේ ආහාරය පිළියෙල කරගන්න‘

‘ මම ගොඩක් වේලාවට උදේ ආහාරයට ගන්නේ ධාන්‍ය වර්ග.ඒවා කිරි හරි මුදවපු කිරි හරි එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්නවා.ඊට පස්සේ කිතුල් පැණි හැන්දකුත් එක්ක පෙති කපපු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් කනවා.මා මේ සියලු විස්තර ඔබට කියන්නේ මොකද ඇතැමුන් මගෙන් අහනවා ‘ ඔබේ රහස මොකක්ද,කොහොමද ඔබ මේ විදියට ඉන්නේ කියලා‘

‘මම සාමාන්‍යයෙන් උදේ 8.30 වගේ වෙද්දී ලංකා වෙළද සේවක සංගම්ි කාර්යාලය වෙත පිටත් වෙනවා.මම පදවාගෙන යන්නේ මේ ළගදී සම්පූර්ණයෙන්ම වාගේ අළුත්වැඩියා කරපු මගේ වොක්ස්වාගන් රථය.ඒකේ නඩත්තුවට හා කාර්යාලයට කරන යෑම් ඊම් වලට වැය වන ඉන්ධන සදහා මුදල් ගෙවන්නේ ලංකා වෙළද සේවක සංගමය.ඔවුන් මට වරක් අලුත්ම මෝටර් රථයක් මිලදී ගෙන දෙන්න සුදානම් වුනා.නමුත් මම මේ රථයම තියාගත්තා.ඒකට එක හේතුවක් තමයි මගේ වයසත් එක්ක අලුත් මෝටර් රථයක් මිලදී ගැනීමේ තේරැමක් නැති විම.ඉතුරැ ටිකත් මේකෙන්ම යන්න පුලුවන්‘

‘මගේ වැඩ ඉවර වෙන්නේ හවස 5 ට විතර.නමුත් සතියකට වතාවක් බදාදා දිනයේදී විධායක කමිටුවේ හරි වැඩකරන කමිටුවේ හරි රැස්වීමක් පැවැත්වෙනවා.එදාට මගේ වැඩ ඉවර වෙනකොට රෑ 8 - 9 වෙලා.මට පැය



අදහස් (0)

බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ

ජීවන් Tuesday, 02 September 2014 08:50 AM

ඔබට ස්තුතියි (නි)

:       0       0

සඳුනි Wednesday, 11 June 2014 10:58 AM

වියපත් විප්ලවවාදියාණෙනි...ඔබ තවත් බොහෝ කල් නිදුකින් ජීවත් වේවා. (ස)

:       0       0

ගුණසේකර Thursday, 12 June 2014 05:23 PM

මෙවැනි ජීවිත අපි කාටත් ආදර්ශයට ගත හැකිය. විශේෂයෙන් අනේ අපි වයසසි කියා ලෙඩ ළඟට එනතුරු බලාසිටින අයට මේ ලිපිය කියවන්න දෙන්න. (නි)

:       0       0

රත්නායක මුදියන්සේලාගේ Saturday, 14 June 2014 03:42 AM

සහෝදරයා ඔබට දීර්ඝායුෂ ලැබේවා..ඔබ වැනි සටන්කාමීන් වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයකයි අපි ජිඉවත් වෙන්නේ. (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 10 June 2014 10:53 PM

ඇත්තෙන්ම වටිනා ලිපියක්, තව සැරයක් කියවන්න හිතෙනවා ලංකාදීප පුවත්පතට හදවතින්ම ස්තුති පුද කරමි, (අ)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 10 June 2014 11:43 PM

ලංකාවේ වැඩකරන ජනතාවේ පැරණිම නායකයෙක් .දීර්ඝායු වේවා (අ)

:       0       0

කසුන් Friday, 13 June 2014 05:40 AM

බොහොම ආදර්ශවත් චරිතයක් (නි)

:       0       0

විජයබා Sunday, 15 June 2014 11:05 AM

හොඳ හිතක් ඇති මිනිසෙක් (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 11 June 2014 03:36 PM

බාල තම්පො සහෝදරයා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ ජීවිතයේ ඇස ගැටුණු කම්කරුවන් වෙනුවෙන් ජීවිතය කැප කළ එකම කම්කරු සහෝදරයායි.ඔබට චිරං ජයතු !!!! (නි)

:       0       0

චින්තන දේශවිමල Wednesday, 18 June 2014 12:25 PM

බොහොම වටිනා ලිපියක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

හරිස්‌චන්ද්‍ර Thursday, 12 June 2014 11:47 AM

සුභ පැතුම් සහෝදරයා (දී)

:       0       0

උපසේන Tuesday, 17 June 2014 04:30 AM

හොඳ ගවේෂණාත්මක ලිපියක්. ස්තුතියි! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 14 June 2014 10:42 AM

වටිනා ලිපියක්..පුවත්පත් වල ඉන්න අනික් අයටත් ආදර්ශයක් වෙමින්, අප සැමට දැනුම් සයුරක් වූ මේ ලිපිය ලියු ඔබට තුති..(දී)

:       0       0

විද්‍යා Thursday, 12 June 2014 08:36 PM

බලන්ඩකෝ මේ සත්පුරුෂ මිනිසාගේ තියන කාරුණික බරින් පිරි නිහතමානී සුන්දර මුහුණ. මේ අතීත සංසාරයේ ඉන්දියාවේ විසු මනුෂ්‍යත්වය කෙරෙහි කරුණාවෙන් බැලූ ,තම සම්පුර්නම දිවිය පිදු මතු බුදුවන තෙරේසා මෑණියන්ගේ සොහොයුරෙක්ද කියල මට හිතෙනවා. (දී)

:       0       0

නන්දන Tuesday, 17 June 2014 01:54 PM

වටිනා ලිපියක්..ඔබට දීර්ඝායුෂ ලැබේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 89 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 765 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1305 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 177 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 409 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site