ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අපේ ජීවිතේ මූණදෙන්න වුණ පොඩි පොඩි ප‍්‍රශ්නවලදී ලොකු තීරණ අරගෙන කළේ මෝඩකමක් කියලා හිතෙනවා නේද. තව ටිකක් ඉවසුවනම් කල්පනාකාරි වුණානම් හොඳයි කියලා හිතෙනවා නේද?
ඔව්. පසුතැවීම හිතන්න දේවල් හිතාගන්න බැරි තරමට දෙන පසුතැවීම. හතු පිපෙන්න ගාණට පීදුණු බලාපොරොත්තු නියඟලා අල තරමට විස වුණ බව දැණුනම ඇතිවෙන පසුතැවීම.
අද කතාවේ ඔබ හමුවට එන සමීර පොඩි පොඩි ප‍්‍රශ්න විසඳගන්න ලොකු තීරණ අරං අමාරුවෙ වැටුණ කොල්ලෙක්. අපි අහමු නිසංසල මිතුරු මිතුරෝ හෙවණෙදි මුණ ගැහුණ ඔහුගෙ කතාව.
මගේ උපන්ගම මාතර. මම ජීවත් වුණේ කොළඹ. මගේ පවුලේ මමයි මල්ලියි විතරයි. තාත්තා දක්ෂ වඩුවෙක්. අම්මා නම් රස්සාවක් කළේ නෑ. මගේ අම්මාත් තාත්තාත් විවාහ වෙලා තිබුණේ බාල වයසින්. ඒ නිසාම අම්මයි තාත්තයි අපි ලොකුමහත් වෙනකොටත් අපේ වැඩිමහල් අක්කයි අයියයි කියලා කියන්න පුළුවන් වයසක හිටියේ.
ඇත්තටම එයාලට අත්දැකීම් අඩුයි. අපට අවවාදයක් දෙන්න අපි ගැන හොයා බලන්න. එයාලට ඒ හැටි අවබෝධයක් තිබුණේ නෑ. එදා අම්මා තාත්තාගේ අත්දැකීම් මටත් ඒ හැටි තේරුණේ නෑ. නමුත් අද මට ආපස්සට හැරිලා බලද්දි ඕනවටත් වඩා ඒක එහෙමමයි නේද කියලා තේරෙනවා.
අම්මයි තාත්තයි ජීවත් වුණේ වගකීම් ඇතිවටත් වඩා විනෝදයෙන්, එයාලා දෙන්නට එයාලගේ ජීවිත තිබුණා. එයාලගේ ගමන් බිමන් තිබුණා. අපට නිදහස උපරිමයටත් වඩා තිබුණා. මොනවා වුණත් මම ඉගෙන ගත්තේ කොළඹ තියෙන සුපිරි පාසලක. හැම ආකාරයෙන්ම දක්ෂතා තිබුණ මම පාසලේ කැපී පෙනෙන චරිතයක්.
ඇත්තටම කිව්වොත් මම ඉස්කෝල හතරක ඉගෙන ගත්තා. මාතර විද්‍යාලයක තමයි මම ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. ඉන්පස්සෙ පිරිවෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පස්සෙ කැලණියෙ මිශ‍්‍ර පාසලක ඉගෙන ගත්තා.
හිත කියන දෙය හරි පුදුමයි. මිස්, පුංචි කාලේ ඉඳලා මම දඩබ්බර චරිතයක් නොවේ. පිරිවෙන් අධ්‍යාපනය ලබපු මම බොහොම නිස්කලංක චරිතයක්. පාලනය කරගන්න බැරි හිතක් මට තිබුණේ නෑ.
නමුත් කැලණිය මිශ‍්‍ර පාසලට ආවට පස්සෙ මගේ හුඟක් දේවල් වෙනස් වුණා. මම ආශ‍්‍රය කළේ වයසට වඩා වයසින් වැඩි උදවිය. ලොකු ලොකු අයියලා මගේ යාළුවෝ වීම මම ලොකු සීන් එකක් විදිහට දැක්කා. ලොකු වැඩක් වීරකමක් වුණා. පංතියෙ ඕනම දෙයක් ඕන විදිහකට කරන්න මට ගට්ස් තිබුණා. ඔය කාලේදි තමයි මට සිතුමිව හම්බ වුණේ. ඇත්තටම ඉස්කෝලේ යන කාලේ අපි අතරේ ඇති වුණේ, එයයි මමයි ඉගෙන ගත්තේ එකම පන්තියෙ. ඇත්තටම අද මට හිතෙනවා සිතුමි මමයි අතර ඇති වුණේ ආදරේට වඩා ආශාවක් කියලා. එයා මං වෙනුවෙන් මැරෙන්න වුණත් සුදානම් වෙලා හිටියෙ.
මමත් එහෙම තමයි. ඉස්කෝලේ යන කාලේ ලව් එකක් කොයි තරම් කාලයක් තියේවිද කියන්න කාටවත් පුළුවන් කමක් නෑ. ඒවා ඒ තරම් ඉක්මනට අවසන් වෙනවා.
ඒත් සිතුමිටයි මටයි දෙන්නටම තිබුණේ එකම ආශාවක්. ප‍්‍රථම පේ‍්‍රමය අවසන් පේ‍්‍රමය කරගෙන එකට එකතු වෙලා ජීවත් වීමේ අවශ්‍යතාවක්. ඒ නිසාම අපි දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා ගෙවල්වලට ආරංචි වෙන තරමට අපේ ආදරේ කවුරුත් දැනගත්තා.
මගේ ගෙදරින් මේ සම්බන්ධෙ දැන ගත්තු දවසෙ අම්මා තාත්තා අපේ ආදරේට විරුද්ධ වුණා. මට සිතුමිව අතාරින්න කිව්වා. එයාලගේ ගෙදරිනුත් එහෙමයි. එයාලා විරුද්ධ වෙනකොට අපිට අපේ වීමේ අවශ්‍යතාව වැඩි වුණා. යන එන ගමන බිමන කරන කියන දේවල් ගැන වගක් නැතිව හිටපු අම්මයි තාත්තයි සිතුමිගේ ප‍්‍රශ්නෙත් එක්ක මගේ හැමදේ ගැනම හොයන්න ගත්තා.
වෙලාවකට එහෙම හොයලා බලන එක මට මහා හිංසාවක් වුණා. අපි හැම බාධාවක්ම කඩාගෙන වෙනදාටත් වඩා මුණ ගැහුණා. අපි මුළු සතියෙම ක්ලාස් දාගත්තා. ඉංගී‍්‍රසි, ගණන්, සිංහල, විද්‍යාව හැම විෂයකටම පංති දාගත්තා. අපි දෙන්නම ඒ පංතිවල ඉගෙන ගන්න බව ගෙදරින් දැනගෙන හිටියෙ නෑ. එයාලා හිතුවෙ මම හොඳට ඉගෙන ගන්නවා කියලා.
ඒත් මට තිබුණේ සිතුමිව එක සැරයක් හරි දැකීමේ අවශ්‍යතාව. දවසක් අපි දෙන්නා එකට ජීවත් වෙන්න තීරණය කළා. පංති යනවා කියලා ගෙදරට බොරු කිව්ව අපි පංතියෙ ඉන්ටවල් එකේදි පැනලා ගියා. එදා මගේ අතේ ක්ලාස් පීස් විතරයි තිබුණේ. මට මතක හැටියට රුපියල් එක්දාස් පන්සියක් දෙදහක් විතර.
ඇත්තටම ඒ වගේ මුදලකින් අනාගතයක් ගොඩනගනවා තියා හිතාගන්නවත් පුළුවන්ද? මම වැඩකරලා තියෙන්නේ මොනතරම් මෝඩයෙක් විදිහටද. ක්ලාස් එකෙන් එළියට ආව අපි දෙන්නා පිටකොටුවෙන් මාතර බස් එහෙක නැග්ගා. ඇත්තටම කිසිම දේක බරක් පතලක් තිබුණේ නෑ. ජීවත්වෙන්න ආදරේ විතරක් ඇති කියන මතය විතරක් තිබුණ අපි සුරංගනා ලෝකෙකට ගියා වගේ.
අම්මා තාත්තා ඉගෙනීම මේ මොනවත් මතක තිබුණේ නෑ. දුරදිග නොබලා පැනලා ගියා. කොහොම හරි අන්තිමට අපි මාතර ටවුමෙන් බහිනකොට පාන්දර එක හමාරයි. පාළු වෙච්ච මාතර නගරේ මමයි සිතුමියි අනාතයෝ වෙලා වගේ කියලා මට පළමුවෙනි වතාවට හිතුණා.
බැලූ බැල්මට අපි දෙන්නම බාල වයස්කාරයො කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. ඇත්තටම එදා බරක් පතලක් දැනුණේ නෑ. නමුත් අද තේරෙනවා අද හිතෙනවා එදා මට දෙකක් දීලා සිතුමිව කවුරුහරි ඇදගෙන ගියා නම් මගේ ජීවිතේ වගේම සිතුමිගේ ජීවිතෙත් මොනතරම් විනාශ වෙන්න තිබුණද.
සිතුමි එක්ක රෑ එකහාමාරට මාතරින් බහින්නවෙන විදියට ඒ වගේ දුර ගමනක් ආව එක ගැන මට පළවෙනි වතාවට බය හිතුණා. අපි යනකොට තී‍්‍රවිල් ගොඩාක් නවත්තලා තිබුණා. තැනක පිරිමි රෑනක් හිටියා. ඒ තී‍්‍රවිල් රියදුරෝ හැමෝටම කතා කරන්න ගියෙ නෑ. ටිකක් වෙලා ඈතට වෙලා බලන් ඉදලා හොඳයි කියලා හිතෙන අයියා කෙනෙකුට කතා කළා. කතා කරලා අපේ කතාව කිව්වා. ඒ අයියා අපේ තත්ත්වෙ තේරුම් ගත්තා. මාතර රෙස්ට් හවුස් එහෙකට එයා අපිව ගිහින් දැම්මා. මගේ අතේ සල්ලිවලින් ඒ වෙනකොටත් ඉතිරි වෙලා තිබුණේ රුපියල් දාහක් විතරයි. එදා රෑ අපි ඒ රෙස්ට් හවුස් එකේ අපේ පළවෙනි රාති‍්‍රය ගත කළා. ඇත්තටම ගෑණු ළමයෙක් විදිහට රැකිය යුතු දේවල් ගැනවත් අපි කරන වරද පිළිබඳවවත් අපට හැඟීමක් තිබුණේ නෑ.
අපි අපේ මංගල රාති‍්‍රය විවාහ නොවීම ගත කළා. ඊට පහු වෙනිදා කොහේද යන්නේ කියලා අරමුණක් අපට තිබුණේ නෑ. මගේ අතේ තිබුණ සල්ලිවලට අමතරව සිතුමිගේ කරේ චේන් එකක් තිබුණා. අපි ඒ චේන් එක උගස් තියලා රුපියල් විසිපන්දාහක් ගත්තා.
මගේ ගමේ ඉස්කෝලේ අයියා කෙනෙකුට මම මාතර ඉඳගෙන කෝල් කළා. ඒ කිව්වේ වලස්මුල්ලේ යාළුවෙකුටයි මම කෝල් කළේ. එයා අපට උදව් කරන්න කැමති වුණා. එදා දවල් යාළුවාගේ අක්කා කෙනෙකුගේ ගෙදරක කාමරයක් අපිට අරං දෙන්න යාලූවට පුළුවන් වුණා.
එතනින් පස්සෙ සතියක් අපි ඒ ගෙදර ජීවත් වුණා. සතියක් විතර යනකොට මම අපේ ගෙවල් ළඟ ගෙදරකට කෝල් කරලා අපේ ගෙදර විස්තර හෙව්වා. අනිතිමේදී මගෙන් ගිය කෝල් එක නිසා මම ඉන්න ප‍්‍රදේශය මාතර කියලා හොයා ගෙන අම්මා තාත්තා වෑන් එකක් අරගෙන අපිව හොයාගෙන ඇවිත් තිබුණා. එදා අපි දෙන්නට කරකියා ගන්න දෙයක් නැති වුණා.
එතනින් එහාට පැනලා යන්න ඕන වුණත් අම්මා තාත්තා කියන දේකට අවනත වෙන්න අපට සිද්ධ වුණා.
එදා අපි ආයෙත් කොළඹ ආවා. එයාව එයාගේ ගෙදරට යැව්වා. මාව අපේ ගෙදර එක්ක ගියා. ඒ වගේම පොලිසියට ඉදිරිපත් කරලා සිතුමිව වෛද්‍ය පරීක්‍ෂණයකටත් යොමු කළා. අන්තිමට හැමදේකින්ම පස්සෙ අපේ වයස සම්පූර්ණ වුණාම අපිව කසාද බන්දන පොරොන්දුව පිට අපි දෙන්නව ගෙවල් දෙකේ තියා ගත්තා.
ඒත් සිතුමිට මම නැතුව ජිවත් වෙන්න බැරි වුණා. මටත් එහෙමයි. ඇත්තමයි මිස් අපි දෙන්නා අපි දෙන්නට ගොඩක් ආදරේ කළා. අම්මා තාත්තා කිව්වේ අනාගතේ ගැන හිතලා ඉගෙන ගන්න කියලා. ඒත් එයාටත් මටත් අනාගතයක් කෙසේ වෙතත් මුලින්ම ඕන වුණේ වර්තමානයේ එක වහලක් යට ජීවත් වෙන්න.
අපි ආයෙත් පැනලා ගියා. ඒ වතාවෙ ගියේ නුවර එළියට. ඒ වතාවෙත් ගෙදරින් එක්ක ආවා. ඔය විදිහට ඇඹිලිපිටිය, ගාල්ල, මාතර, නුවර වගේ තැන් හයකට අපි පැනලා ගියා. ඒ හැම වතාවෙම අම්මා තාත්තා අපිව එක්ක ආවා. නමුත් හත්වෙනි වතාවේ අපේ විවාහය ජයටම ගන්න එයාලා තීරණය කළා.
මම කසාද බඳිනකොට හරිහමන් රස්සාවක් මට තිබුණේ නෑ. ඇත්තටම අපේ වෙඩින් එක කිසිම අඩුපාඩුවක් නැතිව රෝයල් පාර්ක් හොටෙල් එකේ ගත්තා. කසාදෙන් පස්සෙ, අපි පදිංචි වුණේ වනවාසල ප‍්‍රදේශයේ මගේ අම්මා තාත්තා හඳලා තිබුණ දෙමහල් නිවසක.
මගේ ගෙදරට ඒ ප‍්‍රදේශයේ තිබුණ කනත්ත පෙනෙනවා. හැමදාම උදේ හවා ඒ කනත්තට කොල්ලෝ සෙට් එක ඇවිත් ගංජා අරක්කු ගහනවා මට පේනවා. කනත්තේ මිනී වළවල් උඩ ඉඳගෙන මේ කොල්ලෝ සෙට් එක ගන්න ෆන් එක මට මාර හැඟීමක් ඇති කළා. රස්සාවක් කියලා එහෙමට දෙයක් නොකල මම හැන්දෑවට උන්ගන්න ෆන් දිහා බලන් හිටියා. කොහොම කොහොම හරි මම ටැටූ ගහන්න ඉගෙන ගෙන තිබුණා.
මමත් කනත්තේ ෆන් ගන්න කොල්ලෝ සෙට් එකට එකතු වුණා. ටැටූ ගහන්න පටන් ගත්තාට පස්සේ කොල්ලෝ අතරේ මගේ නම බොහොම ඉක්මනට ප‍්‍රසිද්ධ වුණා. මම ටැටූ මැෂින් එකකුත් අලූතෙන් අරගෙන වැඩදාලා ටැටූ ගැහුවා. ෆන් ගන්න කියලා කනත්තට ගිය මම පෙති පැනිවලට පුරුදු වුණා. ඒ විතරක් නෙමේ ගංජා අබිං මේ හැමදේම මට නැතුව බැරි වුණා.
ඔය අතරේ මගේ වයිෆ්ට දරුවෙක් ලැබෙන්න ආවා. ටැටූ ගහලා හොඳ සල්ලියක් මම හෙව්වා. මගේ යාළුවෝ මට අලූත් තැනක් පෙන්නුවා. ඒ තමයි අද නෙළුම් පොකුණ ආදර්ශ ගම්මානය කියලා හඳුන්වන ඉංගම්මාරුව. එදා එතැනට කිව්වේ ඉංගම්මාරුව කියලා. ඒ වත්තේ ලෑලි ගෙවල් අතරේ මට අමුතුම ලයිෆ් එකක් ලැබුණා කියලයි එදා මට හිතුණේ.
ඉංගම්මාරුවෙ එක එක ජාතියෙ ‘‘බුවාල’’ හිටියා. ගැට කපන්නෝ, හොරකම් කරන්නෝ කුලීකාරයෝ, ඝාතකයෝ, කුඩු අරක්කු මේ හැමදේම ජාවාරම්කරන අය හිටියා. පෑලියගොඩින් හැරිලා ගියාම හම්බවෙන ඉංගම්මාරුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. හැම රැුයක්ම මම ඉංගම්මාරුවේ සතුට හොයාගෙන ගියා.
මම වත්තේ කොල්ලන්ට ටැටූ ගහලා ගාන හොයා ගත්තා. ඒ හොයා ගන්න සල්ලිවලින් පෙති පැනි හැම එකම ගැහුවා. හුඟ වෙලාවට මම ගෙදර ගියේ පාන්දර තුනට හතරට. දවසින් දවස මම ගහන ටැටූවල තිබුණ ලස්සන නිසා මම ප‍්‍රසිද්ධ වුණා. විදේශිකයෝ පවා මට කියලා ටැටූ ගහගත්තා. කොළඹ ක්ලියෝපැට්රා ක්ලබ් එකේ මම ප‍්‍රසිද්ධ චරිතයක් වුණා.
දවසින් දවස පෙති පැනි එක්ක මම අපාගත වෙද්දි, මට කුඩු විකුණන යාළුවෙක් සෙට් වුණා. බැලූ බැල්මට කුඩු ගහනවා කියලා හිතන්න වත් බැරි කොල්ලෙක් ඌ. මං ඒකත් කළා. දවසින් දවස ඒ ආශ්වාදය හොයාගෙන මම ගියා. මාව නවත්වන්න කෙනෙක් හිටියෙ නෑ. උපරිම නිදහස තුළ මම උපරිමයෙන් සතුටු වුණා.
මත්වෙලා උදේ පාන්දර මම ගෙදර යනකොට සිතුමි හිතුවෙ මම අරක්කු බීලා එනවා කියලා. එහෙම් මෙහෙන් එයා පොඩි රණ්ඩුවක් ඇද්දට මම ඒවා ගණන් ගත්තේ නෑ. ඔය අතරේ සිතුමිට දරුවා ලැබෙන දින ළං වුණා. මට ඕන වුණා අලූතෙන් ජීවිතේ පටන් ගන්න. ඒත් කොහොමද?
අපට ලැබුණේ දුවෙක්. එදා මම කොයි තරම් සතුටු වුණාද. දුවගේ රෝසපාට මූණ දැකලා. මට මොන තරම් බලාපොරොත්තු ඇති වුණාද, ඒත් ඒ බලාපොරොත්තු එකක්වත් ඉපදෙන්න බැරිවම මැරිලා ගියා.
දවසින් දවස මම විනාස වෙන බව මගේ වයිෆ්ට අම්මා තාත්තාට දැනෙන්න ගත්තා. එයාලා මාව සවුදි යැව්වා. මම සවුදි යනකොට දුවට අවුරුදු තුනයි. සවුදි කම්පැනියකට තමයි මම ගියේ. ලංකාවෙන් යන දවසෙත් කුඩු පැකට් තුනක් ගහලා ගිය මට සවුදි ගිහින් කුඩු නවත්වන එක ඒතරම් ලෙහෙසි වුණේ නෑ.
අරක්කු බීලා මම ඒ හැමදේම පාලනය කර ගත්තා. මාස පහක් යනකොට මම හැමදේම නතර කළා. ලැබෙන පඩිය ගෙදරට යැව්වා. සිතුමිට ලැප් එකක් අරං දුන්නා.
ජීවිතේ පිළිවෙලකට හදාගත්තා. ඔය කාලේදි මට සිතුමිගේ අමුත්තක් තේරෙන්න ගත්තා. එයාට කොයි වෙලාවකවත් කෝල් එකක් ගන්න බෑ. බිසි. සමහර වෙලාවට ස්කයිප් එකේ ඔන් ලයින් පේනවා ඒත් කෝල් ගන්න බෑ.
මං එක්ක වෙනදට පැය ගණන් ස්කයිප් කථා කරපු මගේ ගෑනිට මං එක්ක කතා කරන්න වේලාවක් නැතිවෙන තරමටම බිසි වුණා.
ෆේස් බුක් එකේ වුණත් එයා මට ඕෆ් ලයින් දාලා තිබුණා. මට මගේ ගෑනි ගැන සැක හිතුණා. ඒක බොහොම සාධාරණ සැකයක්. මම දවසක් මගේ සැකේ හරිද වැරිදිද බලන්න සිතුමිට කතා කළා. එයාගෙන් මම ප‍්‍රශ්න කළා. නිතර නිතර ෆෝන් බිසි වෙන එක ගැන මම ඇහුවා.
සමහර වචන කටට දිලා මම ඇත්ත වමාරවන්න බැලූවා. මුලදි මුලදි ගල්ගිල්ලා වගේ හිටිය ගෑනි. අන්තිමේදී ඔක්කොම මට කිව්වා. එයාට නිස්සංකව මුණ ගැහිලා තිබුණේ ෆේස්බුක් එකෙන්. එයා එක්ක ගමන් බිමන් එහෙමත් ගිහින් තිබුණා. එයාව අතාරින්න බෑ කිව්වා. එයාට සමාවෙන්න කිව්වා.
කාත්කවුරුවත් නැති රටක හිටපු මට ඒ වෙලාවේ හිතුණ දේවල් දැනුණ වේදනාව විස්තර කරන්න වචන නෑ.
තමන්ගේ ගෑනි අනුන්ගේ වුණාම ඒක පිරිමියෙකුට දරාගන්න අමාරුයි. මම වැඩ කරපු තැනින් පැන්නා. පැනලා ඒ රටේ කොල්ලෝ කට්ටියකට සෙට් වුණා. මට ඕන වුණේ දුක අමතක වෙන්න උපරිම ෆන් ගන්න. මගේ ගෑනිට මම දුක් විඳලා එවපු සල්ලි වෙන එකෙකුට දුන්න බව අමතක කරන්න මට ඕන වුණා. මගේ දුවට එයාගේ අම්මාව නැති වෙලා කියන ඇත්ත අමතක කරන්න මට ඕන වුණා.
ඒ නිසා මම ආයෙත් සවුදියෙ කුඩු, කොකේන්, අරක්කු, ඩ‍්‍රග්ස්, මේ හැමදේම හොයාගෙන ගියා. ටැටූ ගහලා මම සවුදියෙ දවසට ලක්ෂෙ දෙක හොයලා තියෙනවා.
හැදෙන මිනිහෙකුට නම් ලංකාවට ඇවිත් මාලිගා හදන්න තරමට මම සල්ලි හෙව්වා. ඒ හොයපු සල්ලි මම මත්ද්‍රව්‍යට වියදම් කළා. ඔය අතරේ මට ලංකාවෙ දෙමළ කෙල්ලක් සෙට් වුණා.
කෙල්ලක් කිව්වට එයාට ලංකාවේ පවුලක් තියෙනවා. එයාගේ නම මහේෂ්වරි. මම මහේෂ්වරිට ආදරේ කළාද කියන්න මට තේරෙන්නේ නෑ. නමුත් අපි දෙන්නා එක කාමරයක ජීවත් වුණා. නන්නාදුනන රටක හමුවෙලා අපි අඹු සැමියො වගේ ජීවත් වුණා.
මගේ ගෑනි අයාලේ ගිය නිසා මගේ ගෑනිගෙන් පලිගන්න මට ඕන වුණා. එයා ස්කයිප් එකට ආව වෙලාවට මම මහේෂ්වරිව පෙන්නනවා අපි දෙන්නා බොහොම ආදරෙන් ඉන්න බව පෙන්වනවා. ඒ වෙලාවට මගේ ගෑනි කිසිම දෙයක් නොකියා අඬනවා.
විශ්වාස කරන්න මිස්, මන් මොන වරද කළා වුණත් සිතුමි ලංකාවේ අඬනවට වඩා මම සවුදියෙ ඉඳන් ඇඬුවා.
මහේෂ්වරිට සිතුමිව පෙන්නලා පලි ගත්තට එයාට රිද්දලා මට හිනා වෙන්න බැරි වුණා. කාලයක් යද්දි මම ලංකාවට කතා කරන එක අඩු කළා. ඒ විතරක් නෙමේ සල්ලි යවන එකත් නැවැත්තුවා. සවුදිවල උපරිම ෆන් අරං මම ජීවත් වුණා.
ඇත්තටම එහේ ලංකාවේ ගෑනු ගණිකාවෝ වෙලා. සමහරු එහේ අරාබි කාරයන් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ලංකාවේ ගෑණු සවුදි ගිහින් නාස්ති වෙනහැටි දැක්කම ලංකාවේ නොකා නොබී මැරිලා ගියත් හොඳයි කියලා හිතෙනවා.
කාලයක් යනකොට මට ලංකාවට එන්න හිතුණා. පරණ කම්පැනියෙන් පැන්න නිසා මගේ අතේ පාස්පෝට් මොකුත් තිබුණේ නෑ. ඒ නිසා මම පරණ තැනට ගිහින් මගේ පාස්පෝට් ඉල්ලූවා. උන් දුන්නේ නෑ. පස්සෙ ලංකාවේ එම්බසියට ගියා. එබ්බසියට අපි ගියාට ලේසියෙන් වැඩ කෙරුණේ නෑ. දවස් දෙකක් පෝලිමේ හිටියා.
මගේ එක්සිට් එක ගන්න මම සවුදි පොලිසියේ පැය දෙකක් දණ ගහගෙන හිටියා. ඒක උන්ගේ විදිහ. අන්තිමේදී මම ලංකාවට ආවා. ටැටූ ගහලා ලක්ෂ ගණන් හම්බ කරපු මට ලංකාවට එනකොට ගේන්න අතේ තිබුණේ රුපියල් පහළොස්දාහක් විතරයි. ඇත්තටම කුඩු කියන්නේ මහා වසංගතයක්. කිසිම කොල්ලෙක් විහිළුවට වත් ගහන්න හොඳනැති මත්ද්‍රව්‍යයක්. කෝටිපතියෙක් වුණත් හිඟන්නෙක් වෙන්න වැඩි දවසක් යන්නේ නෑ. කුඩු ගහන්න ගත්තොත්.
මම ලංකාවට ආව ගමන් ගියෙ කුඩු හොයාගෙන. ඉන්පස්සෙ මම මගේ දුව බලන්න එයාගේ මොන්ටිසෝරියට ගියා. ඒ යන අතරමඟදි මට සිතුමිව මුණ ගැහුණා. මම ති‍්‍රවිල් එකේ යනකොට සිතුමි මාව අඳුරගත්තා. මම එයාව මඟ ඇරලා දුවගේ මොන්ටිසෝරිය පැත්තට යනකොට එයා මට කතා කළා.
මම තී‍්‍රවිල් එකෙන් බැස්සා. එයාට මං එක්ක කතා කරන්න ඕන කිව්වා. අවුරුදු පහළොවක් ලව් කරලා බැඳපු ගෑණි එකපාරට අතාරින්නේ කොහොමද මම. එයා කියනදේ තව එක සැරයක් අහන්න මම තීරණය කළා. අපි බීච් එකට ගිහින් කතා කළා. අපිට මොකද වුණේ කියලා අපි කතා කළා. ආයෙත් විනාශ වුණ තැනින් අතැරුන තැනින් ජීවිතේ පටන්ගන්න බැරිද කියලා අපි කතා කළා. අන්තිමේදි ආයෙත් දරුවා ගැන හිතලා එක වහලක් යට ජීවත්වෙන්න අපි තීරණය කළා. ඒ වෙලාවේ මටත් සිතුමිව අතැරලා යන්න හයියක් තිබුණේ නෑ. ඒ නිසයි මමත් එකට ජීවත් වෙන්න තීරණය කළේ.
අපේ ඊළඟ නවාතැන වුණේ හම්බන්තොට ගෙදරක්. ජීවිතේ අලූතෙන් හදාගන්න තීරණය කළ මට මගේ අම්මයි තාත්තයි ඒ ඉඩමයි ගේයි අරං දුන්නේ ලක්‍ෂ හයකට. මමයි සිතුමියි හම්බන්තොට පදිංචියට ගියා. මොනවිදිහට හොඳින් ඉන්නවා කියලා තීරණය කළත් මගේ යටි හිතේ සිතුමි වෙන එකෙක් එක්ක නිදාගත්තා කියන හැඟීම ලොකු තරහක් විදිහට පණ ගැහුවා විතරක් නෙවේ. ඒ තරහා මට ඉවසගන්න බැරි වුණා.
ඒ නිසාම මම සිතුමිට කිව්වා නිස්සංකට කෝල් කරලා හම්බන්තොට ටවුමට ගෙන්නන්න කියලා. සිතුමි කිසිම ප‍්‍රශ්නයක් ඇහුවෙ නෑ. මම කියපු දේ මම කියපු විදිහට කළා.
නිස්සංක මගේ ගෑනිව හොයාගෙන හම්බන්තොට එන්න එතරම් මොනතරම් සම්බන්ධයක් තිබිලා තියෙනවද දෙන්නා අතරේ. නිස්සංක හම්බන්තොට ටවුමට ආවා. මම යාළුවෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා නිස්සංකයට හොඳටම ගැහුවා. ආයේ අනුන්ගේ ගෑනු පස්සෙ නොයන්න ගැහුවා. එදා නිස්සංක මට වැන්දා ගහන්න එපා කිය කිය. අන්තිමේදී ඌ දුවනකන්ම ගැහුවා. ඒ සිද්ධියෙන් පස්සෙ අපි දෙන්නා හොඳින් ජීවත් වුණා.
ඇත්තටම කොළඹ උපන් කොළඹ ජීවත් වුණ අපට හම්බන්තොට කියන්නේ දුෂ්කර පරිසරයක්. ඇත්තටම අපි පදිංචි වෙලා හිටිය ප‍්‍රදේශයේ පහසුකම් අඩුයි. ඒ නිසාම සිතුමිගේ අම්මා තාත්තා කිව්වා කොළඹ ඇවිත් පදිංචිවෙන්න. සැලෝන් එකක් කරගෙන යන්න සල්ලි දෙන්නම් ඒකෙන් දියුණු වෙන්න බලන්න කිව්වා.
මමත් ඒ අදහසට කැමති වුණා. අපි සැලූන් එකයි ටැටු පාලර් එකයි. කොළඹ ඕපන් කළා. ඒ වැඬේට මගේ නැන්දම්මා මට ලක්ෂ තුනක් දුන්නා. ඇත්තටම දියුණු වෙන්න කියලා හිතාගෙන සැලෝන් එක පටන්ගත්තට නරක යාළුවෝ වැඩි වැඩියෙන් ආයෙත් සැලූන් එකේදි සෙට් වුණා. ආයෙත් මම කුඩු ගැහුවා විතරක් නොවේ, සැලෝන් එකේ තියාගෙන කුඩු පැකට් කළා.
කුඩු විකිණුවා. තේරෙනවා නේද මගේ කතාව කියවන ඔයාලට තේරෙනවා නේද කුඩු කියන්නේ මොන තරම් ජරාවකටද. අපේ ජීවිත ඇදගෙන යන වසංගතයක්ද කියලා.
මට ගැලවීමක් තිබුණේ නෑ. නින්දෙන් ඇවිදින හීනෙන් වගේ කතා කරන බලාපොරොත්තු කඩාගෙන වැටුණ ජීවිතයක් කියලා හිතාගෙන හිටපු කරුමයක් මම ගෙවමින් හිටියා.
ඔහොම ඉන්න අතරේ මගේ බිරිඳ තවත් කොල්ලෙක් එක්ක සෙට්වෙලා කියලා මට දැනෙන්න ගත්තා. ඒ කොල්ලත් ෆේස්බුක් එකෙන් මුණ ගැහුණ කෙනෙක්. ඒ හැමදේම මම දැන ගන්නකොට මම ගොඩක් පරක්කු වැඞී. ඒ කොල්ලා නිස්ංසක වගේ නෙවෙයි. මගේ ගෑණිට ඇත්තටම ආදරේ කරනවා කියලා මම දැනගත්තා.
අද මම මේ තැනට ආවේ ජීවිතේ ආයෙත් එක සැරයක් හරි හදාගන්න. මගේ දුව වෙනුවෙන් මේ කරුමෙන් ගැලවෙන්න මම මෙතැනට ආවේ මගේ කැමැත්තෙන්මයි. අදට මෙහාට ඇවිත් මාස ගාණක් ගෙවිලා ගිහින්. සිතුමි එයාගේ ආදරේ හොයාගෙන ගිහින් මගේ දුව සිතුමිගේ මහගෙදර අම්මත් තාත්තත් නැති අනාතයෙක් වගේ වෙලා.
මේ හැම දේටම වැරදිකාරයා මමයි. මුල ඉඳලම මම ජීවිතේට වටිනාකමක් දුන්නේ නෑ වගකීමක් ගත්තේ නෑ.
අයාලේ වගේ ජීවත් වුණා. ඇත්තටම මගේ ජීවිතේ මම ගත්තෙ ලොකු තීරණ. බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් විසඳගන්න තිබුණ ප‍්‍රශ්ණ මම ලොකුවට විසඳගන්න ගියා. කිසිම දෙයක් මම පරෙස්සම් කළේ නෑ. අද කුඩු නැවැත්තුවට හෙට බාරගන්න තියෙන ජීවිතේ කිසිම දෙයක් ලෙහෙසි නෑ.
ඒත් මම උත්සහ කරනවා, අපේ හාමුදුරුවෝ කියලා දුන්න විදිහට ජීවිතේ හදාගන්න උත්සාහ කරනවා. ජීවිතය තුළ ජීවත්වෙන්න ගන්න පුංචි උත්සහයකදි බාධක එනවා තමයි. ඒ බාදක එන්නේ අපව විනාශ කරන්න වගේ වුණාට අපි ශක්තිමත් නම් හැමදේම ගසාබසා දාලා අපිට නැගිටින්න පුළුවන්නම්.
ජීවිතේ සබ්බ සකලමනාවම නැති වුණත් හෙටත් අලූතෙන් ඇහැරෙන්න පුළුවන්. තේරුම් ගන්න බාධාවට බාධා කරගෙන අනාගතේට බලාපොරොත්තු එකතු කරගන්න. පුළුවන්කම තියෙන්නේ අපිටමයි. ඒ දවසට පිය නගන්න ඔබ සුදානම්ද?
නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බාල වියේදී විවාහවෙලා අද ජීවිතයම විඳවනවා
දිනේෂ් Sunday, 04 October 2015 12:50 PM
කුඩු කියන දේ අපේ රටේ කොච්චර සුලබව ලැබෙනවද කියල හිතාගන්නත් අමාරුයි. තරුණ ජිවිත කියක් නම් බිලි වෙනවද කුඩු වලට. මම දන්නා අයිය කෙනෙක් හිටිය අපේ ඉස්කෝලේ ස්පෝර්ට්ස් පැත්තෙන් උඩින්ම හිටපු ජනප්‍රිය චරිතයක්, ඉස්කෝලෙන් පස්සේ අවුරුදු තුනකට විතර පස්සේ එයාව දැක්ක ෆූඩ් සිටි එකේ කෑකෝ සද්දෙට බලද්දී මිනිහ කුඩු ගහන්න ෆූඩ් සිටි එකේ බඩු හොරකන් කරලා මාට්ටු වෙලා. මම ඉතින් එයාව අදුරන්නේ නෑ වගේ ගියා යන්න.. (බ)
නාමල් Sunday, 04 October 2015 01:11 AM
ආදර්ශවත් කතාවක් (නි)
ඉන්දික ක්‍රිෂාන්ත Saturday, 03 October 2015 07:05 AM
ඉතාම දුක්බර කතාවක්. මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. සහෝදරයා, ඔබගේ ජීවිතය හදාගන්න ඔබට ශක්තිය ලැබේවා! කුඩු ගෙන්වන විකුණන අය සදහා දැඩි නීති අපේ රටට අවශ්‍යයි (නි)
අජිත් Sunday, 04 October 2015 02:42 PM
ඉතාම දුක්බර කතාවක්. (නි)
ටිෂාන් Saturday, 03 October 2015 11:18 AM
හොඳ කතාවක් (නි)
චන්දි Friday, 02 October 2015 03:11 PM
දුක්බර කතාවක්.., ඔබට යලිත් ජිවිතේ නොවරදින ලෙසට ජිවත් වෙන්න ලැබේවා ලෝකේ කොහේ ගියත් අපි යන කාරණය අමතක කරන්න හොද නැහැ., (අ)