IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බුලත්විටත් එක්ක කන රෝස හුණුවල පිළිකාකාරක

(ගයාන් සූරියආරච්චි)

බුලත්විට සැපීමේදී භාවිත කරන රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් කියති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, මහාචාර්ය මංජුලා වීරසේකර සහ ආචාර්ය සජිත් එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ අවසන් වසර උපාධි අපේක්ෂක හෂාන් ප්‍රියන්ත විසින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව තහවුරු වී තිබේ.

රෝස පැහැති හුණුවල පිළිකාකාරකයක් වන රොඩමීන් බී (Rhodamine B) නැමැති රසායනික සංඝටකය පවතින බව එම පර්යේෂණයෙන්  අනතුරුව පර්යේෂකයෝ කියති.

බුලත්විට කෑමේදී භාවිතයට ගන්නා හුණු වර්ග  දිවයින පුරා විවිධ ප්‍රෙද්ශවලින් සාම්පල ලෙස පර්යේෂණයට භාජනය කර ඇති අතර, විශේෂයෙන් යාපනය ප්‍රෙද්ශයේ ජනතාව බුලත්විට සඳහා යොදා ගන්නා රෝස පැහැති හුණුවල මෙම පිළිකාකරක වැඩි ප්මා‍රමාණයක්ණ හදුනාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති.

මෙම පර්යේෂණය සදහා සාම්පල් 48 ක් පරීක්ෂණයට ගත් බව පර්යේෂණ කණ්ඩායමක කියයි.

ඒ පිළිබද අදහස් දැක්වූ  පර්යේෂකයෝ මෙලෙස අදහස් පළකළහ.

‘‘2019 වර්ෂයේ දී සෞඛ්‍ය  අමාත්‍යංශය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මුඛ පිළිකා ආශ්‍රිත රෝගීන් හා ඒ ආශ්‍රිත මරණ වැඩි ප්‍රමාණ්‍යක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති බව සඳහන් වුණා. ඒ සදහා බොහෝවිට රොඩමීන් බී නැමති පිළිකාකාරකය ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්.

ඒ අනුව  ඉකුත් දා අප විසින් සිදුකළ පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය වෙත භාර දුන්නා. පසුව එම ඒකකය මගින් යාපනය දිස්ත්‍රික්කයේ  ප්‍රෙද්ශ කිහිපයකින් ලබා ගත් හුණු සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත වැඩි දුර රසායනාගාර පරීක්ෂාව සඳහා ලබාදීමට කටයුතු කළා. 

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද සාම්පල විශ්ලේෂණයෙන් ද එම හුණු සාම්පලවල පිළිකාකාරක ‘රොඩමීන් බී‘ සංඝටකය අඩංගු බව තහවුරු වුණා. පසුව අප පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද දැනුවත් කළා. 

යාපනය ප්‍රෙද්ශය ඇතුළු සෙසු ප්‍රෙද්ශයල ජනතාව මෙම පිළිකාකාරක පිළිබදව දැනුම්වත් කිරීම වැදගත් වෙනවා. එමෙන්ම පිළිකාරක හුණු වෙළදපොළ භාවිතයෙන්  ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කිරීමත් වැදගත් වෙනවා. යැයි පර්යේෂකයෝ කීහ.

 



අදහස් (3)

බුලත්විටත් එක්ක කන රෝස හුණුවල පිළිකාකාරක

ගවේෂක Monday, 03 April 2023 08:52 PM

දකුණේ බොහෝවිට රෝසපාට හුණුවිට කෑමට ගන්නවා. සමහර අය දිය නොගැසූ අලුහුණු වලට කහ මිශ්‍ර කරලා රෝසපාට හුණු හදාගෙන විට කනවා... පිළිකා කාරක තියෙනවා කියලා ස්ථිරවම හිතන්න පුළුවන්... ඒත් සැමටම විෂ නොවෙන නිසාද නොදනිමි. පිළිකා කාරක තියෙනවා කියන තරමටම රෝගීන් සිටිනවා කියලා එම ප්‍රදේශවල සිටි කෙනෙක් ලෙසට මම නම් දැකලාම නැහැ. ඒ අතර පරීක්ෂණ කළා කියන යාපනයේ තියෙන දුම්කොළවලට පැණි මිශ්‍ර කරන තත්වයක් මත (සීනි) පැණි සමග හුණු මිශ්‍රවීමෙන් බදාමයක් වගේ හැදෙනවා. ඒවා පිළිකාවක් ලෙසට වර්ධනය වෙන්න පුළුවන් කියලා කියන්න වෙනවා... ඒ ගැනත් බලන්න.

:       0       3

Niroshan Wednesday, 12 April 2023 10:43 AM

හොඳම දේ තමයි බුලත් විට නොකා සිටීම...

:       0       0

Niroshan Wednesday, 12 April 2023 10:44 AM

හොඳම දේ තමයි බුලත්විට නොකා සිටීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 720 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 5214 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 435 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 825 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 842 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 447 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site