රට ගැඹුරු දේශපාලන අර්බුදයකය. මෙවන් අර්බුදයකට රට මුහුණ දුන් අවස්ථාවක් ඉතිහාසයේ අපි නොදුටුවෙමු. අද වන විට පැහැදිලිව දැකිය හැකි රාජ්‍ය පාලනයක් රටේ නැත. එය පවත්නා අර්බුදය වඩාත් තීව්‍රව ඉස්මතුවීමට හේතුවකි. කලින් තිබූ ආණ්ඩුවේ අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ වගේම වරින් වර ඇමැතිවරු දිවුරුම් දුන්හ. දේශපාලනිකව යම් වෙනසක් වූ විට යම් පිළිවෙළකට අනුව ස්ථාවර ආකාරයකට පාලන තන්ත්‍රය ගොඩනැගිය යුතුය. එවැන්නක් සිදුවූවාද යන ප්‍රශ්නය මේ වනවිට සමාජය හමුවේ මතුව තිබේ.
පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේ උද්ගත වූ තත්ත්වය ලෝකයටම ප්‍රදර්ශනය කෙරුණි. රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානම ස්ථානය වන්නේ පාර්ලිමේන්තුවය. දින තුනක් පාර්ලිමේන්තුව රැස්වූවද එහි කටයුතු නිසි පරිදි කරගෙනයාමට හැකි වූයේ නැත. වියවුල් සහගත තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඇති වී තිබේ. මේ තත්ත්වය නිරාකරණය වීමේ ලක්‍ෂණ මේ වන තෙක් පෙන්නුම් කරන්නේ නැත. එනිසා මෙය බැරෑරුම් තත්ත්වයක් වශයෙන් දකින්නට පුළුවන. රටක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේදී පාලන තන්ත්‍රයේ වැදගත්කම සම්බන්ධයෙන් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
සෑම වසරකම අයවැයක් ඉදිරිපත් කෙරෙනු ඇත. රටේ ඉදිරි කටයුතු ඒ අනුව කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයත් ඒ හරහා රටේ පරිපාලන ක්‍රියාවලියත් අනෙකුත් කටයුතුත් සිදුවන බව අමතක නොකළ යුතුය. මේ සෑම දෙයක්ම පාහේ අයවැය මත පදනම් වන බව ද පැහැදිලි කාරණාවකි. අයවැය සම්බන්ධයෙන් විවාද කර අඩුපාඩු සකසාගෙන රටේ ඉදිරි කටයුතු කරගෙනයාම සෑම වසරකම සිදුවන්නකි. ජනතාවගේ සුබසාධන කටයුතු මෙන්ම සංවර්ධන ක්‍රියාවලිය ද තීරණය වන්නේ අයවැය අනුවය. එහෙත් මේ ක්‍රියාවලිය අද වනවිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. 2019 වසර සඳහා අයවැය රටේ සංවර්ධන සැලැස්ම මේ වනවිට ඉදිරිපත් විය යුතුව තිබුණි. ඇති වී තිබෙන දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සියල්ල අඩපණ වී තිබේ. මෙය බෙහෙවින්ම බරපතළ තත්ත්වයකි.
රටේ හදිසි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන. ප්‍රශ්නකාරී පසුබිමක් නොසිතූ මොහොතක ඇති විය හැකිය. එවන් අවස්ථාවක සක්‍රීය රාජ්‍ය පාලනයක් නැති විට ජනතාව අතිශය දුෂ්කරතාවකට මුහුණදෙනු ඇත. මෙවන් කාරණා වගකිව යුත්තන්ගේ අවධානය යොමුවන ස්වරූපයක් පෙන්නුම් කරන්නේ නැත. ජනතා සේවය වෙනුවෙන් ජනතාව විසින් පත්කර ගන්නා ලද නියෝජිතයන් තම වගකීම සම්බන්ධ සිත යොමන ආකාරයක් දැකගත නොහැක. හුදු බලය වෙනුවෙන්ම මේ අය පොරකන බව සාමාන්‍ය සමාජ මතය බවට පත් වී හමාරය.
රාජ්‍ය පාලනයේදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම වැදගත්ය. රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය, මේ අයට උපදෙස් දීම, මඟපෙන්වීම ආදී කටයුතු රාශියක් සිදුවිය යුතුය. රටේ ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ එම පද්ධතිය මතය. විශේෂයෙන්ම එදිනෙදා මහජන අවශ්‍යතා පවත්වාගෙන යාමේදී මෙකී ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් රටේ මේ වනවිට මතුව ඇති තත්ත්වය හමුවේ සාර්ථකව මේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාවක් නැත. අස්ථාවර තත්ත්වයක් පවතින විට රාජ්‍ය පාලනය පමණක් නොව ජනතාවගේ එදිනෙදා කටයුතු පවා අසංවිධිත වීමක් දක්නට පුළුවන. විවිධ ක්ෂේත්‍රවල පවත්නා ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙන්නේ නිරන්තරව තීරණ ගැනීමේ ක්‍රියාවලියකිනි. එවන් ආයතන පද්ධතියක් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබේ.
පවත්නා ආර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට හැකි මාර්ගයක් මේ වන තෙක් පෙන්නුම් කර නැත. එය සුවිශේෂි තත්ත්වයකි. ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර ඇති වූ යම් මතභේදයක් මේ අර්බුදය නිර්මාණය කළ බව සෑම අංශයකින්ම ඇසෙන කතාවය. පසුගිය සති කීපයේ උග්‍ර ලෙස මේ අර්බුදය මතුවුවද යහපාලන ආණ්ඩුව ස්ථාපිත වූ දා පටන් මෙහි ලක්‍ෂණ පෙන්නුම් කළේය. 2015 දී යහපාලනය පටන් ගත් දිනයේ පටන් ටිකෙන් ටික දෙපාර්ශ්වය අතර අරගලයක් නිර්මාණය වී තිබුණි. සභාග ආණ්ඩුව පිහිටු වූ පසු තිබිය යුතු ප්‍රතිපත්තිමය ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට මේ දෙපාර්ශවයට හැකි වූයේ නැත. ඒ වගේම පැහැදිලි පොදු වැඩපිළිවෙළක් වටා දේශපාලන ක්‍රියාකාරීන්, රාජ්‍ය ආයතන සහ අනෙකුත් අය ගොනුකර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. මේ නිසා දිගින් දිගටම අර්බුදය වර්ධනය වුණි. පසුගියදා දුටුවේ එම අර්බුදය පුපුරා යාමය. රටේ පාලනය සම්බන්ධව වියවුලක් නිර්මාණය කිරීමට එය හේතු වී තිබේ.
ප්‍රශ්නය විසඳා ගැනීමට තිබුණේ පාර්ලිමේන්තුවේදීය. එහෙත් අර්බුදය පුපුරායාමත් සමඟ පාර්ලිමේන්තුව කල් දැම්මේය. මේ නිසා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූයේ නැත. අවසානයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද පියවර ගත්තේය. දැන් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබෙන්නකි. අධිකරණය ලබා දී තිබෙන අතුරු තහනම් නියෝගයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වුව ද ප්‍රශ්නය විසඳා ගැනීමට මේ දක්වා හැකි වී නැත. මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධි හරහා රටම අවුලක සිර වී අවසන්ය.
දේශපාලන අර්බුදයක් වශයෙන් මතුව ඇති තත්ත්වය ක්‍ෂණිකව ඇතිවූවක් නොවේ. මේ පිටුපස තිබෙන්නේ කාලයක් තිස්සේ ගොඩනැගුණ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයකි. මීට වසර හතළිහකට පමණ පෙර මේ රටේ විශාල පරිවර්තනයක් වුණි. එතෙක් පැවැති ආණ්ඩුවල ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබුණි. ඒ අනුව එම ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්තිමය වශයෙන් ද ගත්තේ වෙනස් තීන්දුය. 1948 සිට 1977 දක්වා ඒ සියලු දේ වෙනස්වීමේ ප්‍රවණතාවක් තිබුණේ නැත. අනුගමනය කළ ප්‍රතිපත්තිවල වෙනස්කම් නිසා රටේ යම් යම් වෙනස්කම් ඇතිවූවා මිස දේශපාලනික වශයෙන් ගැටුම්කාරී පරිසරයක් එම කාලයේ තිබුණේ නැත. 1971 කැරැල්ල මේ කාලයේ දුටු ලොකුම සිදුවීමය. එය වූවත් කළමනාකරණය කර ගනිමින් යම් ආකාරයකට එය සමනය කර ගැනීමට එකල පාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට හැකියාව ලැබුණි.
එහෙත් ඉන්පසුව මේ තත්ත්වය වෙනස් වුණි. විශේෂයෙන්ම 1977න් පසුව විවිධ ගැටුම් නිර්මාණය වූ ආකාරයක් දැකගත හැකිය. ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පමණක් නොව දේශපාලනිකව ද ගැටුම් නිර්මාණය වූවේය. 1977 සිට මේ දක්වා ඇති වූ සමාජ, ආර්ථික පරිවර්තනය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ නැත. දේශපාලන අර්බුදයකට අවශ්‍ය කරන්නා වූ පසුබිම මේ රටේ නිර්මාණය වන්නේ ඒ අනුවය.
මෙහිදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ජන වර්ග අතර ඇති වූ ප්‍රශ්නය ඉන් එකකි. 1983 පමණ වනවිට ඇති වූ ජනවාර්ගික ගැටලුව ක්‍රමයෙන් වර්ධනය වී එය යුදමය තත්ත්වයකට වර්ධනය වුණි. තිස් වසරක් යුද්ධයක් පැවැතියේ ඒ අනුවය. මෙම සාධකය දේශපාලනික වශයෙන් කළ බලපෑම සුළුපටු නැත. අවස්ථාවාදී දේශපාලනයක් නිර්මාණය වීමට මේ තත්ත්වය හේතු වුණි. දේශපාලනික ගැටුම් ඇති කිරීමට පසුබිම් වූ සාධකයක් වශයෙන් ද මෙය හඳුනාගන්නට පුළුවන.
ආර්ථික හා සමාජමය වශයෙන් විශාල පරතරයක් ඇතිවීමට ද පටන් ගත්තේය. රාජ්‍ය අංශයෙන් මෙහෙයවුණු ආර්ථිකය පෞද්ගලික ව්‍යවසායකයන් මෙහෙයවන ආර්ථිකයක් බවට පත් වූවේය. මේ හරහා සමාජ පරතරය ද පුළුල් විය. ඇති නැති පරතරය පුළුල් වන විට එය නියෝජනය කිරීමට දේශපාලන ධාරා ද පෙළ ගැසුණි. ධනවාදී කඳවුරට සහ සමාජවාදී කඳවුරට බෙදී දේශපාලනය කිරීම ගැටුම්කාරී පසුබිමක් ඇති කිරීමට හේතු වූ බව පෙනෙන්නට තිබේ. මේ නිසා ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමට මේ දක්වා හැකි වී නැත. එය සමාජ අර්බුදයක් වශයෙන් තිබේ. මේ සමාජ අර්බුදය දේශපාලන පාපන්දුවක් බවට හරවාගෙන තිබේ. එය බෙහෙවින්ම කනගාටුදායක තත්ත්වයකි.
ඇති වූ සියලු ප්‍රශ්න නිසි ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කර ගැනීමට හැකිවූයේ නැත. එහි ප්‍රතිඵල වශයෙන් ප්‍රශ්න තවත් උග්‍ර තත්ත්වයකට වර්ධනය වුණි. දූෂණය ඉහවහා යන සමාජයක් නිර්මාණය වීම උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන. ජනතාව කලකිරුණු සමාජයක් ලංකාවේ බිහිවන්නේ මෙවන් සාධක රාශියක් හේතු කරගෙනය. පාලකයක් සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳවැටෙන ස්වරූපයක් ද මේ පසුබිමේ දක්නට තිබුණි. වර්තමානය වන විට එහි උච්චතම අවස්ථාව ප්‍රදර්ශනය කරන්නේ යැයි කීමෙහි කිසිදු වරදක් නැත. වර්තමානයේ පවත්නා දේශපාලන රාමුව යටතේ ජනතා පැතුම් අපේක්‍ෂා භංග වූ වාතාවරණය පෙන්නුම් කර තිබේ. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, නීතිය පිළිබඳ ප්‍රශ්නය, දූෂණය, වංචාව කාලයක පටන් තිබෙන ගැටලුය.
දේශපාලන දේහය මේ සියල්ලටම සම්බන්ධව තිබීම බරපතළ කරුණකි. 2015 දී මතු වූ දේශපාලන ප්‍රවාහයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ ඉහත කී දේශපාලනයේ වෙනසකි. පැවැති සමාජ, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තු වුණි. පැහැදිලි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන පාලන තන්ත්‍රයක් කෙරෙහි විශ්වාසය තැබිණි. එහෙත් විවිධ හේතුවල බලපෑමෙන් එය සිදු නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව මුහුණදෙන ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබේ. දේශපාලන අර්බුදය උග්‍ර වන පසුබිම සකස් වන්නේ මේ පසුබිමේය.
සමාජයේ කැකෑරෙමින් තිබෙන ගැටලු විසඳීමට කිසිදු ආණ්ඩුවකට මේ දක්වා හැකි වී නැත. පැහැදිලි ප්‍රතිපත්ති, වැඩපිළිවෙළක් මත පිහිටා කටයුතු නොකිරීම මෙයට ප්‍රධාන හේතුවය. මෙරට දේශපාලනය හැසිරෙන ආකාරය මේ හරහා හොඳින්ම අවබෝධ කර ගන්නට පුළුවන. රටේ සංවර්ධනය, ආර්ථික දියුණුව පසෙක තබා වගකිව යුතු අංශ කටයුතු කරන ආකාරයක් දැකගන්නට පුළුවන. නොවිසඳෙන සමාජ, ආර්ථික ප්‍රශ්න රාශියක් ජනිත වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රටේ දේශපාලන වියවුලක්, අර්බුදයක් පවතින විට ආයෝජක විශ්වාසය සම්පූර්ණයෙන්ම පාහේ කඩාවැටෙනු ඇත. විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් තම ආයෝජන ඉවත් කර ගන්නා තත්ත්වයක් නිර්මාණය විය හැකිය. භාණ්ඩාගාර බිල්පත්වල කර ඇති විදේශ ආයෝජන සෑහෙන ප්‍රමාණයක් ආපසු ගෙනයාමට ආයෝජකයන් යොමුවීම මෙයට උදාහරණයකි. ඒ වගේම අලුත් ආයෝජන පැමිණෙන්නේ ද නැත.
දේශීය ආයෝජකයන් පවා දෙවරක් සිතා බැලීමට යොමුවනු ඇත. මේ තත්ත්වය රටට බෙහෙවින්ම අහිතකරය.
දේශපාලන අර්බුදයට සමගාමීව බරපතළ සමාජ, ආර්ථික අර්බුදයක් මේ රටේ තිබේ. කාර්මික, කෘෂිකාර්මික, සමාජ යන සෑම අංශයකින්ම එය පෙන්නුම් කර තිබේ. බරපතළ ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණයට අපොහොසත් වී තිබේ. මෙය විසඳීමට පැහැදිලි ප්‍රතිපත්ති රාමුවකට අනුව විසඳා ගැනීමට මේ දක්වා හැකි වී නැත. ඒ වගේම ඉතා ගැඹුරු දේශපාලන අර්බුදය ද අද වන විට එයට එකතු කර අවසන්ය. මේ සියල්ලට විසඳුම ප්‍රශස්ත පාලන තන්ත්‍රයක් ස්ථාපිත කර ගැනීමය. ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මත මෙහෙයවන රාජ්‍ය පාලනයක් ගොඩනඟා ගත යුතුය. එතැනට ගමන් නොකර අප්‍රසන්න දේශපාලන වාතාවරණයෙන් මිදීමට නොහැක. රටේ අනාගතය ගොඩනැගීමට නොහැක. රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකට එම කටයුත්ත කිරීමට නොහැකිය යන මතයට ජනතාව යොමුව සිටින ස්වරූපයක් ද දක්නට ඇති බව ද කිව යුතුය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලපොරයේ පව් ගෙවන ජනතාව