IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බලය බෙදීම.. උතුර නැංවීම.. සංහිඳියාව

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමහර දේශපාලන නායකයන් දක්වන අදහස් මේ දිනවල දේශපාලන වේදිකාවලින් අසන්නට ලැබේ. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යන්නේ කේසර සිංහයකු වගේ යැයි එක් නායකයකු ප්‍රකාශ කරද්දී තවත් නායකයකු මැදපෙරදිග සේවය කරන අයට ඩොලර් 500 බැගින් එවන්නට කියා රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන බව ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස මෙම නායකයන්ට අරාධනා කරද්දී ඔවුන්ගෙන් එක් අයකු හෝ එම ආරාධනය භාර ගත්තේ නම් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඉරණම පිළිබඳව එම ප්‍රකාශන ආශ්‍රයෙන් සිතාගැනීමට ඉඩ ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව පවතින අර්බුද කළමනාකරණය කර ගැනීමට හැකි බුද්ධියක් සහ විචක්ෂණ භාවයක් ඇති නායකයන් විපක්ෂ දේශපාලන පක්ෂවල නොසිටීම බව පෙනේ. යුද්ධය ජයගෙන ත්‍රස්තවාදය පරාජය කළ පසු ජනවර්ග අතර සංහිඳියාව ගොඩනැගීමට නොහැකිව ඇත්තේ එවැනි නායකයන් නිසාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ඉතා නිර්භය ප්‍රකාශයක් සර්වපාක්ෂික සමුළුව හමුවේ දී 2023 ජනවාරි 23 වැනි දින කළේය. ˝ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවන්නේ නම් එම වගන්තිය පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කළ යුතුය. විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. එසේ නොවන අවස්ථාවක ක්‍රියාත්මක නොවන වගන්ති ඉවත් කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරේ. ව්‍යවස්ථාදායකයට ඒ සම්බන්ධයෙන් කැමැති තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි˝   ඔහු ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ දෙබරයට ගල් ගැසුවාක් වැනි තත්ත්වයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළහ. මුලින්ම පෙරට ආවේ ශ්‍රී ලංකාව තවදුරටත් සිංහල බෞද්ධ රටක් නොවන්නේ යැයි මීට පෙර ප්‍රකාශ කර තිබූ ඕමල්පේ සෝභිත හිමියෝය. භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ උන්වහන්සේ විරෝධතාවක යෙදෙන ආකාරය අපට දැකගත හැකි විය. බොහෝ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ද ආගමික සංවිධාන ද ජනපති ප්‍රකාශයට විරෝධය දක්වා නිවේදන නිකුත් කළහ. රණවිරුවන් දිවි පුදා ආරක්ෂා කරගත් මව්බිම රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාවා දීමට සූදානම් වන බව සමහර විරෝධතාකරුවෝ කියා සිටියහ. එසේ වුවද 13 ක්‍රියාත්මක කිරීම පිළිබඳව උතුරේ ද්‍රවිඩ පක්ෂවලින් ද සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ කිසි දෙයක් ඉටු නොකළ බව ප්‍රකාශ කරමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නිදහස් උත්සවය වර්ජනය කළේය. බංකොළොත් බව ප්‍රකාශ කර ඇති රටක ජනාධිපති ධුරය භාරගෙන මාස හයක් යන්නටත් පෙර ද්‍රවිඩ ජනතාවට කිසි දෙයක් කළේ නැතැයි ප්‍රකාශ කිරීමට අයිතියක් තිබේද? ද්‍රවිඩ දේශපාලන පක්ෂ බොහෝමයකට ප්‍රශ්නය විසඳීම පිළිබඳ උනන්දුවක් නැත. එම පක්ෂවලට පැවතිය හැක්කේ එම ප්‍රශ්නය නොවිසඳී පවතින තාක්ය.

යුද්ධය ජයග්‍රහණයෙන් පසු එවකට රජය අවතැන් වූවන් විශාල පිරිසක් සිටි, බිම් බෝම්බ විශාල ප්‍රමාණයකින් වැසී ගොස් තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශ යථාතත්ත්වයට පත් කිරීම  සඳහාත් සංවර්ධනය කිරීම සඳහාත් විශාල වැඩ කොටසක් ඉටු කළේය. උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් යටතේ විශාල සංවර්ධනයක් ඇති කරන ලදී. එහෙත් එම ප්‍රදේශවල ජනතාවගෙන් ඒ පිළිබඳව සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසුගිය මහමැතිවරණ සහ ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන විට ඒ තත්ත්වය වටහා ගැනීමට අවස්ථාව සැලසේ. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා වන ආකාරයට සංහිඳියාව ඇති කිරීම සඳහාත් අවධානයක් යොමු කළේ නම් එවැනි තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබුණු බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරති.

රනිල් වික්‍රමසිංහ මහතාගේ 13 වැනි සංශෝධනය පිළිබඳ ප්‍රකාශය පදනම් කරගෙන රටම ගිනි තැබීමට සමහර පිරිස් උත්සාහ කරද්දී ඒ පිළිබඳ කිසිත් ප්‍රකාශ නොකර නිහඬව සිටි චරිතයක් දෙස කිසිවකුගේ අවධානය යොමු නොවූයේ යැයි සිතමි. යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂ මහතා 13 සම්බන්ධ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව මේ දක්වා කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. යුද්ධයට පෙරත් පසුවත් සියලු‍ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වූයේ යැයි සිතමි. යුද්ධය ජය ගැනීම පමණක් රට තුළ සාමය ඇති කිරීම සඳහා ප්‍රමාණවත් යැයි ඔහු සිතුවේ නැත. දහතුනට එහා ගිය (13+) විසඳුමක් ලබා දෙන බව මහින්ද රාජපක්ෂයන් ප්‍රකාශ කළේ ඒ නිසාය.

පසුගිය දා පැවති 75 වැනි නිදහස් සමරු උළෙල වෙනුවෙන් ජාතිය ඇමතීමේ දී රට තුළ ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අවධාරණය කළේය. ඉන් පසු ඉන්දීය රජයේ පරිත්‍යාගයක් වූ යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් එම ගැටලුව පිළිබඳව තමාගේ දැක්ම තවදුරටත් විස්තර කළේය. රට ගොඩගන්නා ගමනේ රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව - සංවර්ධනය සහ සංස්කෘතිය බව ඔහු ප්‍රකාශ කළේය. ඒ.ආර්. රහුමාන්ගේ ගීත සිංහල අයත් යොහානිගේ ˝මැණිකේ මගේ හිතේ.˝ ගීතය ඉන්දියාවේ අයත්  රස විඳින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සංහිඳියාව ඇති කර සංවර්ධනය වේගවත් කර සංස්කෘතික බැඳියාව තහවුරු කළ යුතුව ඇතැයි ප්‍රකාශ කළේය.

යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ කතාව මේ රටේ ජනවාර්ගික අර්බුදයේ වර්තමාන ස්වරූපයත් එය විසඳීමේ අවශ්‍යතාවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් ඉතා ශක්තිමත් පදනමකින් විවරණය කරන්නක් යැයි සිතමි. ශ්‍රී ලංකාවේ නිදහස සඳහා වූ අරගලයේ දී ද්‍රවිඩ ජනතාව අනෙකුත් ජාතීන් සමගින් එකට සිටි අතර ලංකා ජාතික සංගමයේ ආරම්භක නායකයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතාය. 1915 අර්බුද සමයේ දී සිංහල නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පොන්නම්බලම් රාමනාදන් මහතා විශිෂ්ට මෙහෙවරක නියැලු‍නි. ජී.ජී. පොන්නම්බලම්, චෙල්වනායගම් සහ තිරුචෙල්වම් වැනි නායකයන් ජාතිය ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කළ අතර ආනන්ද කුමාරස්වාමී මහතා සිංහල කලාව ලෝකයට හඳුන්වා දීම සඳහා කටයුතු කළේය. අපි එක්ව දැන් අලු‍ත් ගමනක් යා යුතු බවත් එහිදී සියලු‍ ශ්‍රී ලාංකිකයන් එකතු විය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යාපනය ඇතුළු උතුර සංවර්ධනය කිරීමේ රජයේ යෝජනා ක්‍රම, උතුර සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් ආධාර කළ විවිධ යෝජනා ක්‍රම පිළිබඳව සමාලෝචනය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉන්දියාව විසින් ලබාදෙන සහයෝගය ඇගයීමට ලක් කළේය. දකුණේදී එකක් කියා උතුරේදී තවත් එකක් කියන පිළිවෙතක් ඔහු අනුගමනය නොකිරීමෙන් උතුරේදී මෙන්ම දකුණේදීත් එකම ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ ඍජු පිළිවෙත ප්‍රකාශ කරන්නක් යැයි සිතමි.

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ බලය බෙදීම සිදු කළ යුත්තේ ඒකීය රාජ්‍යයක් තුළ බවත් ඒකීය රාජ්‍යයකින් පිටස්තර විසඳුමකට තමන් එකඟ නොවන බවත්ය. ඒ ප්‍රකාශයත් සමඟ දැන් ඒකීය රටක් තුළ බලය බෙදීම පිළිබඳව විවාදයක් ආරම්භ වී තිබේ. ද්‍රවිඩ පක්ෂ ප්‍රකාශ කරන්නේ ඒකීය ව්‍යවස්ථාවක් තුළ සිදු කෙරෙන බලය බෙදීමකින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බවත් බලය බෙදිය හැක්කේ ෆෙඩරල් විසඳුමකින් පමණක් බවත්ය.

සංහිඳියාව ඇති කිරීම සම්න්ධයෙන් පවත්නා ගැටලු විසඳීමට පුළුල් අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අප අවබෝධ කරගත යුතුව ඇත. යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂයන් 13 වැනි සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළේ කුමක් නිසාද යන්න මෙම ගැටලුවේ ඇති සංකීර්ණ ස්වභාවයත් එයට විසඳුම් සෙවීමේ මාර්ගය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට ආධාර වනු ඇතැයි සිතමි.

සංහිඳියාව නොපැවතීම නිසා ශ්‍රී ලංකාවට ගෙවීමට සිදු වූ වන්දිය අතිවිශාලය. මනුෂ්‍ය ඝාතන, දේපළ හානි, අසමගිය, විදේශ බලපෑම්, ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාර සහ අවලාද ආදී සියල්ලම සංහිඳියාව ඇති කර නොගැනීමේ ප්‍රතිවිපාක බව දැන්වත් අවබෝධ කරගෙන මෙම ගැටලුව විසඳා ගැනීම යුගයේ අවශ්‍යතාව වී ඇත. රටේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා එය ඒකාන්තයෙන්ම ආධාර වන අනිවාර්ය කොන්දේසියකි.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (1)

බලය බෙදීම.. උතුර නැංවීම.. සංහිඳියාව

Nimal Wednesday, 15 February 2023 08:08 PM

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව පවතින අර්බුද කළමනාකරණය කර ගැනීමට හැකි බුද්ධියක් සහ විචක්ෂණභාවයක් ඇති නායකයින් විපක්ෂ දේශපාලන පක්ෂවල නොසිටීම වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන්නාවූ කණගාටුදායක තත්වයකි. ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී සිල්ලර විපක්ෂ නායකයන් අර්බුදයට විසඳුම වශයෙන් ඔවුන්ට බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. 13 වැනි සංශෝධනය පිළිබඳ ප්‍රකාශය නිකුත්වීමත් සමගම 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ ප්‍රභාකරන් නැවත මතුවී ඇත.

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1138 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7477 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 455 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 847 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 862 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 454 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site