ගෝලීය ව්‍යවසායකත්වය හා සංවර්ධනය පිළිබඳ ආයතනයක් ලෝකයේ තිබේ. ලෝකයේ රටවල් 137 ක ව්‍යවසායකත්වය, ආර්ථික සංවර්ධනය හා සෞභාගය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ රටවල් ශ්‍රේණිගත කිරීම ඒ ආයතනයේ කාර්ය භාරයයි.
ඒ ශ්‍රේණිගත කිරීම අනුව ලංකාව සිටින්නේ 101 වැනි ස්ථානයේයි. එහි පළමුවැනි තැන සිටින්නේ ඇමෙරිකාවය. එරට ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 86.8 කි. ලංකාව ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 19.1 කි. ලංකාවට පහළින් සිටින්නේ අප්‍රිකාවේ දුප්පත්ම රටවල් වන ස්වාසිලන්තය, ගෝතමාල, ඉක්වදෝරය, සුරිනාම් වැනි රටවල්ය.
රටක ව්‍යවසායකත්වය ඒ රටේ ආර්ථික සෞභාගය්‍ය ලබා ගැනීම සඳහා කොතරම් වටින්නේදැයි ගෝලීය ව්‍යවසායකත්ව දර්ශකය මගින් පෙන්වා දෙයි. ඕනෑම රටක ආර්ථික සමෘද්ධිය හා සාමය පවතින්නට බලපාන ප්‍රධාන අංගයක් වන්නේ ඒ රටේ රැකියා නියුක්තියයි. ඉන් අනාවරණය වන්නේ යම් රටක රැකියා වියුක්තිය ඉහළ නම් ඒ රටේ ආර්ථිකය සංවර්ධනය නොවන බවය. එසේම සාමය නොපවතින බවය. හොරකම් මැරකම් යුද්ධ යනාදියට මූලික හේතුව වන්නේ රැකියා වියුක්තියයි. ඕනෑම රටක රැකියා ඇතිකරන්නේ ව්‍යවසායකයන්ය. ඒ නිසා යම් රටක ජනගහනයෙන් කොතරම් ප්‍රමාණයක් ව්‍යවසාකයන්ද යන කාරණය මත ඒ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත්ද යන්න තීරණය වෙයි.
ව්‍යවසායකයා කවරෙක්දැයි නිශ්චිතව හඳුනා ගැනීම එහිදී ඉතා වැදගත්ය. ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා කියන්නේ දෙදෙනෙකි. ලංකාවේ සෑම මාස හතරකටම වරක් ශ්‍රම බලකාය පිළිබඳ සමීක්‍ෂණයක් සිදුවෙයි. අපේ රටේ ජනගහනයෙන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරි සංඛ්‍යාව 2020 පළමු වැනි කාර්තුවේදී මිලියන 8.5 කි. එනම් ලක්‍ෂ 85 කි. මීට ඇතුළත් වන්නේ අවුරුදු 15 ට වැඩි ජනගහනයයි. ඒ ජනගහනයෙන් ආර්ථිකමය වශයෙන් සක්‍රීයව සිටින්නේ ලක්‍ෂ 85 කි. ඒ අතරින් නාගරික සංඛ්‍යාව මිලියන 1.3 කි. එනම් ලක්‍ෂ 13 කි. ග්‍රාමීයව සිටින පිරිස මිලියන 6.7 කි. එනම් ලක්‍ෂ 67 කි. වැවිලි අංශයේ 3,89,000 ක් පමණද සිටිති.
ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ඔවුනට රැකියා දීමට ලංකාවේ සිටින සේවායෝජකයන් හෙවත් හාම්පුතුන් සංඛ්‍යාව 2,02,933 කි. ආර්ථික වශයෙන් ක්‍රියාකාරි පිරිස අතරින් මිලියන 2.6 ක් හෙවත් ලක්‍ෂ 26 ක් තමන්ම රැකියා සොයාගෙන කරන්නෝය. මේසන්වරුන් ඊට උදාහරණයකි. තවත් ලක්‍ෂ පහක් පමණ පිරිසක් පවුලේ කටයුතුවලට සහාය දෙන්නෝය. 2020 පළමුවැනි කාර්තුවේදී සිටි සේවා යෝජකයන් සංඛ්‍යාව 2,02,933 කි. ඉන් අනාවරණය වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට රට ඇතුළේ සිටින්නේ එපමණ පිරිසක් බවය. එනම් ලක්‍ෂ දෙකක් බවය.
ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීම ඉතා වැදගත් වන්නේ මෙහිදීය. ව්‍යවසායකයා කියන්නේ නැවුම් අවස්ථා හඳුනාගෙන අනාගතයේදී වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම සඳහා පාර කපන පුද්ගලයාටය. ව්‍යවසායකයා අලුත් අදහස් ඇත්තෙකි. ව්‍යපාරිකයා කියන්නේ වෙනත් අයකු කැපූ පාරක ගමන් කරන්නෙකි. අත්දැකීම් ලබන්නේ හා වේදනා විඳින්නේ පාරක් කපන මිනිසාය. කඳු කපා ගල් ඇද සුදුසුම තැන්වල පාලම් බෝක්කු තබමින් කටයුතු කරන්නේ පාරක් කපන මිනිසාය. ඒ පාරේ ගමන් කරන පුද්ගලයාට ඉහත කී අත්දැකීම් ලැබීමට හෝ වේදනා විඳීමට සිදු නොවෙයි. ඒ නිසා ව්‍යාපාරිකයාගේ ගමන පහසුය.
වෙළෙඳ පොළක් නිර්මාණය කරන්නේ ව්‍යවසායකයාය. ව්‍යාපාරිකයා ඒ වෙළඳ පොළේ ක්‍රීඩා කරන්නෙකි. වෙළෙඳ පොළේ නායකයා ව්‍යවසායකයාය. ඒ නිසා ව්‍යවසායකයාට තිබෙන අවදානම ඉතා ඉහළය. ව්‍යාපාරිකයාට එතරම් අවදානමක් නැත. ව්‍යවසායකයා ගතානුගතිකයකු නොවේ. ඔහු නව නිර්මාණකරුවෙකි. අලුත් වෙළෙඳ පොළ නිර්මාණය කරන්නේ ඔවුන්ය.
ලංකාවේ සිටින බහුතරයක් ව්‍යාපාරිකයෝය. මෙරට සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව රටේ ජනගහනයෙන් සියයට දෙකකටත් අඩුය. ගෝලීය ව්‍යවසායකත්ව දර්ශනයෙහි ලංකාව 101 වැනි ස්ථානයේ සිටින්නේ මේ නිසාය. රටක් ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න නම් ඒ රටේ දේශීය ව්‍යවසායකයන් වර්ධනය කළ යුතුය.
රටක් ලෝකයට රැගෙන යන්නේ ව්‍යවසායකයන්ය. ජපානය ලෝකයට රැගෙන ගියේ ටොයොටා සමාගමය. කොරියාව ලෝකයට රැගෙන ගියේ සැම්සුන් සමාගමය. සාර්ථක දේශීය ව්‍යවසායකයකු බිහිවීමට ව්‍යවසායකත්වයකට සුදුසු පාරිසරික තත්ත්වයක් තිබිය යුතුය. එහිදී ප්‍රධාන වන්නේ ආකල්පය. කුසලතා හා අභිලාෂයන්ද එතරම්ම වැදගත්ය.
ඒවා පෝෂණය වන්නේ ඒ රටේ පවතින රාජ්‍ය ප්‍රතිපත්ති මතය. එසේම රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය, යටිතල පහසුකම්, මූල්‍ය වෙළෙඳ පොළ ස්වභාවය, වෙළෙඳ පොළ හැසිරෙන ආකාරය යනාදිය එහිලා වැදගත් වෙයි. වෙළෙඳ පොළ නිදහස්ද පාලනය කළ එකක් ද යන්න ඉතා වැදගත්ය. උදාහරණයකට ලංකාවේ බලශක්ති වෙළෙඳ පොළ දැඩි රාජ්‍ය පාලනයකට යටත්ය.
ලංකාවෙහි ව්‍යවසායකයන් නිර්මාණය වන පාරිසරික තත්ත්වයක් නැත. ලංකාව නිදහස ලබන 1948 වෙද්දී දකුණු කොරියාව ආසියානු කලාපයේ තිබූ ඉතාමත් දුප්පත් හා නොදියුණු රටකි. ඒ කොරියාව ලෝකයේ ඉතා ධනවත් රටක් බවට පත් කළේ ව්‍යවසායකයෝය.
ඒ ව්‍යවසායන් ගොඩ නැගුවේ එරට තිබූ ව්‍යවසායකත්ව පරිසරයයි. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැත.
2021 දී මෙරට දල දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් මිලියන 88 ක් වනු ඇතැයි උපකල්පනය කරයි. එහෙත් දකුණු කොරියාවේ දල දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1.63 කි. මිලියනවලින් නම් දහසය ලක්‍ෂ තිස් දහසකි. 16,30,000කි. ලංකාවේ දල දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් මිලියන 88 ක් වන විට 1947 දී ලංකාවට ගව් ගණනක් දුරින් සිටි කොරියාවේ දල දේශීය නිෂ්පාදනය අද මිලියන වලින් 16,30,000 කි.
ලංකාවේ ව්‍යවසායකයන් හැදෙන්නේ නැත්තේ ඇයි? දැනට සිටින ව්‍යවසායකයන් අතළොස්සටත් අත්වන ඉරණම කුමක්ද? ලාෆ් සමාගම ගතවූ 71 වසරේදී ලංකාවෙන් එළියට ගොස් බලශක්ති ව්‍යාපාරයක් දියත් කරන ලංකාවේ එකම දේශීය සමාගමයි.
අවුරුදු 70 ක් තිස්සේ ජාත්‍යන්තරයේ බහුජාතික සමාගම්වල ඒකාධිකාරියක්ව පැවැති ගෑස් වෙළෙඳ පොළට ඇතුලත්වී එහි රැඳෙමින් ආසියානු කලාපයේම ප්‍රබල වෙළෙඳ සන්නාමයක් බවට ලාෆ් සමාගම පත්ව සිටියි. ලංකාවේ සියයට තිහක වෙළෙඳ පොළක් අපට හිමිය. ඉන්දියානු සාගර කලාපයේ මර්මස්ථානයක් වන හම්බන්තොට වරායේ ආසියාවේ ලොකුම ගෑස් ආනයන අපනයන පර්යන්තයක් නිර්මාණය කළ එකම ලාංකික සමාගමද ලාෆ්ය.
බංග්ලාදේශයේ ප්‍රධානම ගෑස් සමාගමක් බවට පත්ව ගෑස් ප්‍රවාහනය කිරීමේ නැව් පද්ධතියක් බිහි කළ, බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, මාලදිවයින, අප්‍රිකාව වැනි රටවලට ලංකාව හරහා ගෑස් අපනයනය කරන එකම දේශීය සමාගමද ලාෆ්ය. ලංකාව බලශක්ති කේන්ද්‍රස්ථානයක් කළ යුතු බවට සියල්ලන්ම කතා කළත් එය ක්‍රියාවට නැංවූ එකම දේශීය සමාගම ලාෆ්ය. ලංකාව ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ එකම දේශීය සමාගමත් අපය.
එහෙත් අදුරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්ති හා ව්‍යවසායකත්ව පරිසරයක් නොමැතිකම හේතුවෙන් ඉදිරියට යාමට නොහැකි තත්ත්වයකට අද අපේ සමාගම පත්ව සිටියි. මෙය අපට පමණක් නොව සමස්ත දේශීය ව්‍යවසායකයන්ටම අත්ව තිබෙන ඉරණමකි. ජපානයේ ටොයොටා සමාගම විදේශ වෙළෙඳ පොළට යන්නට කලින් ඒ සමාගම තම රටේ වෙළෙඳ පොළෙහි ශක්තිමත් කරන්නට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළේ එරට රජයයි. එරට දේශපාලකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් රාජ්‍ය යාන්ත්‍රණය හා ජනතාව ඒ ප්‍රතිපත්ති වැලඳගෙන ටොයොටා සමාගමට ආශිර්වාදයක් වීය. සහයෝගය දැක්වූහ. එහෙත් අවාසනාවකට අද ලංකාවේ උපක්‍රමික ආයෝජන අවස්ථා ලබාදෙන්නේ ඉන්දියානු, චීන හෝ ඇමෙරිකානු ආයෝජකයන්ටය.
ස්වදේශීය භුමිපුත්‍ර ව්‍යවසායකයින් නිර්මාණය නොකර දියුණු වූ රටක් ගැන ලෝකයේ කොතැනකින්වත් ආදර්ශයක් නැත.
රටේ දල දේශීය නිෂ්පාදනය ලෙස සලකන ඩොලර් ප්‍රමාණය නිර්මාණය කරන්නේ රටේ දේශීය කර්මාන්තකරුවෝය. අද ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය සියයට 1.4 කි. බංග්ලාදේශයේ එය සියයට 8 කි. ඉන් අනාවරණය වන්නේ රටක් හැටියට අපට වැරදුණු තැනක් තිබෙන බවය.
ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 5000 ඉක්මවා යන්නට බැරි තත්ත්වයකට අද ලංකාව පත්ව සිටියි. එහෙත් සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 56,345 කි. බංග්ලාදේශය, සිංගප්පූරුව සේම දකුණු කොරියාව ද ලංකාවට පිටුපසින් සිටි රටවල්ය. ඒ රටවල් පිම්මේ දියුණු වෙද්දී ලංකාව ආර්ථිකමය වශයෙන් වළ පල්ලට යන්නේ අපට කොතැනක හෝ වැරැදී තිබෙන නිසා නොවේද? ඒ හැම රටක්ම දියුණු වූයේ රට ඇතුළේ නිෂ්පාදනය දියුණු කිරීමෙනි. එය කිරීමට ව්‍යාපාරිකයන් නොව ව්‍යවසායකයන් අත්‍යවශ්‍යය.
එහෙත් දේශීය ව්‍යවසායකයන් ගොඩගැනීමට ඉවහල් වන ව්‍යවසායකත්ව පරිසරයක් ලංකාවෙහි නැත.
විදෙස් ණය ගැනීමෙන් හෝ විදෙස් රටවලට රට සතු වත්කම් විකිණීමෙන් කිසිම රටක් දියුණු කළ නොහැකිය. ලෝකයේ කොහේවත් එසේ කිරීමෙන් දියුණු වූ රටක් නැත. සිංගප්පූරුව රට ඇතුළේ වෙළෙඳ පොළක් නැති රටකි. එහෙත් දියුණුවෙන් අපට වඩා ඉතා ඉහළය. එරට ස්වාභාවික සම්පත්ද නැත. එහෙයින් සිංගප්පූරුවට වැඩි දෙයක් අපට කළ හැකිය. ඒ සඳහා ව්‍යවසායකත්වයට දිරිදෙන පරිසරයක් තිබිය යුතුය. එහෙත් අද රටෙහි පවතින්නේ ව්‍යවසායකයන් මරා දමන තත්ත්වයකි.
අද රටේ සියල්ල කෙරෙන්නේ දේශපාලන අරමුණුවලින් පාරිභෝගිකයා රැක ගැනීම සඳහාය. පාරිභෝගික ආරක්ෂාව සඳහා පාරිභෝගික අධිකාරියක් තිබේ. එහෙත් නිෂ්පාදකයා රැකගන්නා ආයතනයක් රටෙහි නැත. 2003 ට පෙර තිබුණේ සාධාරණ වෙළෙඳ කොමිසමය. එකල වෙළෙඳාමටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවිය. යුක්තිය හා සාධාරණය පාරිභෝගිකයාට සේම නිෂ්පාදකයාටද හිමිවිය යුතුය.
එහෙත් අද හැමදේම එනම් ඛනිජ තෙල්, ගෑස්, විදුලිය හා කිරිපිටි වැනි සියලුම දේ පාරිභෝගිකයාට දෙන්නට හදන්නේ අඩුවෙනි. ඒ සියල්ලෙන් බහුතරය පිටරටවලින් ආනයනය කරන දේවල්ය. ආනයනය කරන දේවල් ඒ සඳහා යන වියදමට අඩුවෙන් විකුණන්නට කී විට වාණිජ ප්‍රජාවට වන අලාභය භාරගන්නේ කව්ද?
රටේ ණයත් බදුත් දඩත් ඉහළ යන්නේ මේ තත්ත්වය නිසාය. ඉතින් මේ ක්‍රමය යහපත් දෙයක් ලෙස අපට දැකිය නොහැකිය. මේ ප්‍රතිපත්තිවලින් අයහපත වන්නේ අපට පමණක් නොවේ. රටටත්, රජයටත්, රාජ්‍ය භාණ්ඩාගාරයටත් වන්නේද අයහපතකි.
අද අප කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් විකුණන්නේ රුපියල් 850 ක පාඩුවක් දරාගනිමිනි. 2020 අප්‍රේල් මාසයේදී ලෝක වෙළෙඳ පොළෙහි ගෑස් ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 346 කි. මේ වනවිට එය 620 දක්වා ඉහළ ගොස් තිබේ. එය සියයට 200 කින් පමණ වැඩිවීමකි. රුපියලද ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දිගින් දිගටම අව ප්‍රමාණය වෙයි. ගෝලීය සාධක මත නැව් ගාස්තුද ඉහළ ගොසිනි.
පාරිභෝජනවාදීව - සුබසාධනවාදීව රට දිගටම පවත්වාගෙන යාම මගින් රටේ ආර්ථිකය සමෘද්ධිමත් නොවෙයි. ආර්ථික සෞභාග්‍ය උදා නොවෙයි. දල දේශීය නිෂ්පාදනය ඉහළ නොයයි. රැකියා වියුක්තිය අඩු නොවෙයි. කොටින්ම ලංකාව ගෝලීය ව්‍යවසායකත්ව දර්ශකයෙහි ඉදිරියට ගෙනෙන්නට නොහැකි වෙයි. විය හැක්කේ දැනට සිටින 101 වැනි ස්ථානයෙන්ද පහළට වැටීමය.
ලාෆ් සමාගම් සමූහයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භූමිපුත්‍ර ව්‍යවසායකයාට තැන නැති රටක්
මංගල Thursday, 29 July 2021 01:02 PM
ලිපියේ මුල මැද ඉතා හොදයි. නමුත් ලාෆ් ගැස් සමාගමත් පූර්ණ ව්‍යවසායකයෙක් නෙවෙයිනේ. ආනයන විකිණිම සහ ප්‍රතිඅපනයනය කරන එකනේ කරන්නේ. නමුත් ලංකාවේ රජයන් භූමිපුත්‍ර සංකල්පයට තැනක් දෙන්නේ නැති එකනම් සම්පූර්ණ ඇත්ත. දෙන්න බැනේ එතකොට අතයට ගනුදෙනු අඩුයි නේ.