IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


භාරත මහත්තයාට වෙඩි තිබ්බේ පළමු විත්තිකරුයි ඔහු මට නිශ්චිතවම හඳුනාගන්න පුළුවන්

lankadeepa-20151021

 

(මනෝප‍්‍රිය ගුණසේකර)

lankadeepa-01--20151021”භාරත ලක්‍ෂ්මන් මහත්තයාට වෙඩි තිබබේ මේ නඩුවේ පළමු විත්තිකරුයි. ඔහු වෙඩි තිබ්බේ මගේ ඇස් ඉදිරිපිටදීමයි. ඔහු මට නිශ්චිතවම හඳුනා ගන්න පුළුවනි” යැයි භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකරුවන් වෙනුුවෙන් නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඇසූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් භාරත ලක්‍ෂ්මන් මහතාගේ හිතවතකුවන ප‍්‍රසන්න සංජීව මහතා පැවසීය. 


”දුමින්ද සිල්වා මහතා සිද්ධිය වූ තැනින් ඉවත් කර ගන්නාතුරු අයෙක් එක දිගට වෙඩි තිබ්බා. දුමින්ද සිල්වා මහතා එතැනින් ඉවත් කරගැනීමෙන් විනාඩි 5 කට පමණ පසුව එතැනින් ඉවතට පැමිණි මා කෑ ගසා කට්ටිය එකතු කරගෙන භාරත ලක්‍ෂ්මන් මහතා ද  රෝහලට ගෙනගියා” යැයි සංජීව මහතා විත්තියේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් කීහ. 


මෙම නඩුව විශේෂ මහාඅධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීමට පත්කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බී.එන්. මොරායස්  යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරේ.


2011 ඔක්තෝබර් මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත්සභා ඡුන්දය පැවැති දින අංගොඩදී නීති විරෝධී රැුස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීමෙන් හිටපු ඇමැතිවරයෙකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, ජලාබ්දීන් මොහොමඞ් අසීම්, මානිවෙල් කුමාරස්සාමි, දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදුකළ බව ද, රාජපුරගේ ගාමිණී නමැත්තාට වෙඩි තබා මරාදැමීමට තැත්කළ බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.


2011 ඔක්තෝබර් 08 වැනිදා පවත්වන ලද බස්නාහිර පළාත් සභා මැතිවරණ දිනයේදී ඡුන්ද දායකයන් හට ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, පොදු අරමුණ කරගත් නීති විරෝධී රැුස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විදුහලේ ඡුන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප‍්‍රචණ්ඩත්වය යොදා කැරලි ගැසූ බවටද එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග කුමාර නමැති පොලිස් නිලධාරීයාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇත.


මෙම අපරාධයට විත්තිකරුවන් සම්බන්ධ බව සනාථ කිරීම සඳහා පැමිණිල්ල විසින් ලේඛන 45 ක් සහ සාක්කිකරුවන් 118 දෙනෙකු ඉදිරිපත් කරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.


දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකොට ඇතැයි කියමින් නීතිපතිවරයා විසින් මෙලෙස චෝදනා එල්ල කොට ඇත්තේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවිජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග පේ‍්‍රමලාල්, චමින්ද සමන් කුමාර අබේවික‍්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, අරුමාදුර ලොරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනාරච්චි ශමින්ද නමැත්තන්ටය.


රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් මුල්ලේරියාවේ පදිංචි ප‍්‍රසන්න සංජීව මහතා මෙසේ ද කීය. 


වෙඩි වැදී බිමවැටී සිටි භාරත ලක්‍ෂ්මන් මහතා මා ජීප් රථයට දා ගත්තා. භාරත මහතාගේ ශරීරයේ හැම තැනම ලේ තිබුණා. 


ප‍්‍ර - ඔළුවෙත් ලේ පැල්ලම් තිබුණද? 
පිළි -  ඔව්. හිසේ දකුණු පැත්තේ තිබූ තුවාලයකින් ලේ ගලා ආවා. 

 

ප‍්‍ර - භාරත මහතාට පහරදෙනවිට දුමින්ද මහතා සමග කී දෙනෙක් විතර හිටියද?
පිළි - 
 25 ක් 30 ක් විතර හිටියා. 

 

ප‍්‍ර - ඔවුන් අතේ ආයුධ ............. තිබුණද? 
පිළි -
 ඔව්. 


ප‍්‍ර - ඔබ කීවා යම් අයෙක් වරෙකට එක බැගින් වෙඩි තිබ්බා කියලා. 
පිළි - 
 ඔව්. 


ප‍්‍ර -  ඔහු කොයි දෙන්නටද වෙඩි තිබ්බේ. 
පිළි - 
 ඔහුගේ ඉදිරියට ඒ කියන්නේ අපි හිටපු දෙසට. 

 

ප‍්‍ර -  එතැන කඩ තිබුණද?
පිළි -  
ඔව්. කඩ 4 ක් 5 ක් විතර එක දිගට කඩ පේළියක් තිබුණා. 


ප‍්‍ර - කඩ පේළිය තිබුණේ කොයි පැත්තට වෙන්නද?
පිළි - 
 ත‍්‍රීවිල් එක තිබූ පැත්තට. භාරත මහතා වැටී සිටියේත් එම කඩ පේළිය තිබූ පැත්තටමයි. 

 

ප‍්‍ර -  භාරත මහතා පැමිණි ජීප් රථයේ සිට කඩ පේළිය තිබුණේ කොතරම් දුරකින්ද?
පිළි - 
 අඩි 15 ක් විතර දුරින්. 


ප‍්‍ර -  වෙඩි ප‍්‍රහාරය එල්ල වුණේ භාරත මහතාගේ ජීප් එකේ කොයි පැත්තේ ඉඳලද?
පිළි - 
 භාරත මහතාගේ ජීප් එකේ ඉදිරි පැත්තේ ඉඳලා වෙඩි ප‍්‍රහාරය එල්ල වුණා. 

 

ප‍්‍ර - භාරත මහතා සමග ගිය පොලිස් නිලධාරියාගේ අතේ ගිනි අවියක් තියෙනවා ඔබ දැක්කාද? 
පිළි -
 නැහැ. මා දැක්කේ නැහැ. 


ප‍්‍ර -  භාරත මහතා සමඟ ඔහුගේ ජීප් එකේ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අතේ ගිනි අවි තිබුණද?
පිළි -
  ඒ අය ළඟ සාමාන්‍යයෙන් ගිනි අවි තියෙනවා. එදාත් තියෙන්න ඇති. ඒත් මා ඒවා දැක්කේ නැහැ. 


ප‍්‍ර -  භාරත මහතා රථයෙන් බිමට බැහැලා ඉදිරියට යනකොට ඔහුගේ අතේ යම් ආයුධයක් තිබුණද?
පිළි -
 නැහැ. 


ප‍්‍ර -  වෙන මොනවත් හෝ තියෙනවා ඔබ දැක්කද?
පිළි -
  නැහැ. 


ප‍්‍ර -  දුමින්ද සිල්වා මහතා බිම වැටුණට පසු ඔහුට මොකද වුණේ කියා ඔබට බලන්න පුළුවන් වුණා?
පිළි - 
 බැරි වුණා. දිගටම වෙඩි ශබ්ද ඇසුණු නිසා ඒ දෙස බලන්න බැරි වුණා. 


ප‍්‍ර -  ඔබ භාරත මහතා වැටී සිටි තැනට ගියේ කොයි වෙලාවෙදීද? 
පිිළි -
  දුමින්ද සිල්වා මහතා රැගෙන යනතුරුම දිගටම වෙඩි ශබ්ද ඇහුණා. ඔහු ගෙන ගිය පසුව තමයි මං එතැනින් එළියට ආවේ. 


ප‍්‍ර -  ඔබ කොහේද හිටියේ?
පිළි - 
 මං තී‍්‍රවිල් රථයට සැඟවිලා හිටියේ. 


ප‍්‍ර -  කොපමණ වේලාවක් ඔබ එලෙස සැඟවිලා හිටියාද?
පිළි -
  විනාඩි 4 ක් 5 ක් විතර. 


ප‍්‍ර -  අසීම් නමැත්තා කොහේද වැටිලා හිටියේ? 
පිළි - 
 ඩිෆෙන්ඩර් රථයේ දොර ළඟම වගේ වැටිලා හිටියා.


ප‍්‍ර -  තුවාල ලැබූ ගාමිණී නමැතිි නිලධාරියා කොහේද වැටිලා හිටියේ?
පිළි -
  පාර අයිනේ තිබූ ටෙලිෆෝන් කණුව ළඟ ඔහු වැටී සිටියා. 

 

ප‍්‍ර -  ඔබ ත‍්‍රීරෝද රථයක් ළඟ වැටිලා හිටියානම් යමෙකු වෙඩි තියනවා දැක්කේ කොහොමද? 
පිළි -
 ත‍්‍රීරෝද රථයේ පිටුපස පැත්තෙන් දැක්කේ. 

මේ අවස්ථාවේ සාක්කිකරුට ටී 56 වර්ගයේ ගිනි අවියක් පෙන්වන ලදුව.


ප‍්‍ර -  භාරත මහතා සිටි දෙසට වරකට එක බැගින් වෙඩි තිබ්බේ මේ වගේ ගිනි අවියකින්ද? 
පිළි  -  
ඔව්. මේ වගේ ගිනි අවියකින් තමයි වෙඩි තිබ්බේ.

 


නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප‍්‍රසන්න සංජීව මහතා මෙසේ ද කීය. 


2006 වසරේ සිට ශ්‍රීලංකා වරාය අධිකාරියේ සේවය කරනවා. මා කුඩා කාලයේ සිටම භාරත ලක්‍ෂමන් මහතා හඳුනනවා. 


ප‍්‍ර -  ඔබ සම්බන්ධකම් පැවැත්වූයේ කොයි ලෙසටද?
පිළි -
 මගේ පියාගේ කාලයේ පටන්ම භාරත ලක්‍ෂ්මන් මහතා හඳුනනවා. 

 

ප‍්‍ර -  ඔබට වරාය අධිකාරියේ රැුකියාව ලැබෙනකොට ඔබේ වයස කීයද? 
පිළි - 
වයස 26 ක් 27 ක් විතර ඇති. 

 

ප‍්‍ර - ඔබ රැකියාවට ගියේ ඉල්ලූම්පතක් දාලාද?
පිිළි -
 ඔව් මා සම්මුඛ පරීක්‍ෂණයකටත් ගියා. 

 

ප‍්‍ර -  ඔබ ද වරායේ කායවර්ධන අංශය ආරම්භ කළේ?
පිළි - 
 නැහැ. රූපරත්න මහතා මා යනකොට එහි හිටියා. ඔහු ජේ.සී.ටී. ආයතනයට මාරු වී ගියාම ඇති වූ පුරප්පාඩුව සඳහා මා එහි ගියා. 

 

ප‍්‍ර  -  මේ රැුකියාව ඔබට අරගෙන දුන්නේ භාරත මහතා මුල් වෙලාද?
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර -  ඔබට රැුකියාව ලැබුණු පසුවදා ඔබ භාරත මහතාගේ වැඩකටයුතුවලට සම්බන්ධවෙලා කටයුතු කළාද?
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර - ඒ කාලය වෙනකොට භාරත මහතා මන්ත‍්‍රීවරයෙක්ද?
පිළි - 
 නැහැ. එතුමා ජනාධිපතිතුමාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කලා. 

 

ප‍්‍ර -  භාරත මහතාට වෙඩි වැදුනු හැටි දැක්කහම ඔබට සිහි කල්පනාව මදි වුණා නේද? ඒ බව ඔබ සාක්කි දෙමින් පවසා තියෙනවා. 
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර - ඔබ තැති ගැන්වීමට, බියට, කම්පනයට පත් වුණාද?
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර - තමන් ඒ තත්ත්වයට පත්වුණේ භාරත මහතාට ඇති හිතවත්කම නිසාද? 
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර -  ඔබ තදින් පහරදෙන කරාටේ ක‍්‍රීඩාව කරන අයෙක්?
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර - තදින් පහර දෙන කරාටේ ක‍්‍රීඩාවයි අනෙක් කරාටේ ක‍්‍රීඩාවයි දෙකක්ද? 
පිළි  - 
ඔව්. 

 

ප‍්‍ර -  ඔබ යමෙකුගේ ඇගේ හැපිලා ත‍්‍රීවිල් එකේ කොහාටද වැටුණේ?
පිළි - 
ත‍්‍රීවීල් එකේ පිටුපසට වැටුණා. 

 

ප‍්‍ර -  ත‍්‍රීවිල් එකේ පිටුපස පැත්තේ එළිය බලන්න තිබුණේ පොඩි වීදුරු කෑල්ලක් නේද? 
පිළි - 
 ඔව්. 

 

ප‍්‍ර -  සෝලංගආරච්චි මහතා ප‍්‍රාදේශීය සභාවේ සභාපති වුණේ කොයි කාලේද? 
පිළි - 
 2011 ඡුන්දෙට ඉදිරිපත් වනවිටත් ඔහු සභාපතිවරයා ලෙස කටයුතු කළා. 

 

ප‍්‍ර - ඔබ භාරත මහතාට ළෙන්ගතුකමක් හිතවත්කමක් තිබුණා?
පිළි  -
 ඔව්. 

 

ප‍්‍ර -  ඒ ළෙන්ගතුකම, හිතවත්කම නිසා ඔබ මේ නඩුවේ සාක්කි දෙද්දී එක එක කරුණු එකතු කරමින් සාක්කි දෙනවා කියා මා යෝජනා කරනවා?
පිළි -  
මා පිළිගන්නේ නැහැ. 

 

ප‍්‍ර -  නාමයෝජනා දීපු දවස්වල ඉඳලා ඔබ භාරත ලක්‍ෂ්මන් මහතාට උදවු කළා. 
පිළි - 
 ඔව්. මට රැකියාවේ නිවාඩු තියෙන හැම වෙලාවේදීම උදවු කළා. 

 

ප‍්‍ර -  ඒ කාලේ භාරත මහතා පාවිච්චි කළේ මොන වර්ගයේ වාහනයක්ද? 
පිළි - 
රතුපාට අලූත්ම ලෑන්ඞ් කෲසර් වර්ගයේ එකක්. 

 

ප‍්‍ර - එම වාහනය පාලිත ශ්‍රීලාල් නමැත්තෙකුට අයිති එකක් නේද? 
පිළි -  
මා දන්නේ නැහැ. 

 

ප‍්‍ර -  ඡන්දෙට දවස් දෙක තුනකට කලින් තුෂාර හේමචන්ද්‍ර නමැත්තා එම වාහනය ගෙනැවිත් දුන්නාද? 
පිළි -  
මා දන්නේ නැහැ. එදා ඡුන්දෙ දවසේ එතුමා ගියේ එම වාහනයේ. 

 

ප‍්‍ර -  එම වාහනේ අංකය කුමක්ද? 
පිළි  -  
කේ.එල්. 4219. 

 

ප‍්‍ර  -  ඡන්දෙට පැය 72 කට පෙර ඡන්ද ප‍්‍රචාරක කටයුතු නතර කරන්න  ඕනේ.
පිළි -  
ඔව්.

 

ප‍්‍ර - භාරත ලක්ෂ්මන් මහතා ඡුන්ද ප‍්‍රචාරක කටයුතු නතර කළා ද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර - භාරත මහතාගේ රියැදුරා ලෙස කටයුතු කළේ කවුද?
පිළි-  
සමන් ශානිත හෙවත් බොලේ.

 

ප‍්‍ර -ඔහු දැන් කෝ?
පිළි -  
ඔහු හපුතලේ ඉන්නේ

 

ප‍්‍ර -  බොලේ වාහනේ එලවන කොට ජීප් එකේ ඉදිරි අසුණේ හිටියේ කවුද?
පිළි - 
භාරත ලක්ෂ්මන් මහතා.

 

ප‍්‍ර -  බොලේගේ ඇස් පේන්නේ නැහැ හෝ කන් ඇහෙන්නේ නැද්ද?
පිළි - 
 මා දන්නා තරමින් එහෙම ආබාධයක් තිබුණේ නැත.

 

ප‍්‍ර -  දමිත ජයතිලක කියන්නේ කවුද?
පිළි - 
භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂකයෙක්.

 

ප‍්‍ර -  සිද්ධිය වන කාලේ ඔහු රැකියාව කළේ කොහේද?
පිළි - 
ඛනිජ තෙල් සංස්ථාවේ.

 

ප‍්‍ර - ඔබ මේ උසාවියේ කිව්වා නේද අපි වගේ දමිත කියන්නෙත් සර්ගේ ආරක්ෂක නිලධාරියෙක් කියලා. එය හරිද?
පිළි - 
මං සර්ගේ දේශපාලන සගයෙක්. දමිත සර්ගේ ආරක්ෂක නිලධාරියෙක්.

 

ප‍්‍ර -  ඔබ කරාටේ ක‍්‍රීඩකයෙක්. දමිත කොහේද වැඩ කළේ.
පිළි - 
 ඔහු පොලිසියේ වැඩ කළේ. ඔහු එතැනින් ඉවත් වෙලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩට ආවා.

 

ප‍්‍ර -  ඔබව වරායට දැම්මා වගේ භාරත මහතා දමිතව ඛනිජ තෙල් එකට දැම්මා.
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  ඔබ භාරත මහතාට මෙන්ම ඔහුගේ පවුලේ අයටත් ළෙන්ගතුව හිටියා නේද?
පිළි - 
ඔව්.

 

ප‍්‍ර - ඔබ ඉන්නේ භාරත මහතාගේ ගෙවල් ළඟ ද?
පිළි -  
ඔව්. මං මුල්ලේරියාවේ.

 

ප‍්‍ර - ඔබ භාරත මහතාගේ අවමගුලට සහභාගි වුණා.
පිළි -  
ඔව්.

 

ප‍්‍ර -  එතකොට මේ විමර්ශන ගැන ඔබලා කතා කළා ද?
පිළි -  
ඔව්.

 

ප‍්‍ර - මේ සිද්ධිය ගැන ඔබගෙන් ප‍්‍රකාශයක් ගන්න දින හයකට පසු රහස් පොලිසියෙන් ගෙදරට එනතුරු මේ සිද්ධිය ගැන කිසිවක් කිසිම කෙනෙකුට කීවේ නැද්ද?
පිළි - 
කීවේ නැහැ.

 

ප‍්‍ර - ඔබලා සමග නෞෂාඞ් නමැත්තාත් ආවා ද?
පිළි -
 එදා ඔහු එනවා මා දැක්කේ නැහැ.

 

ප‍්‍ර - ඔබ ගිය ඩිෆෙන්ඩර් රථය හැම විටම භාරත මහතාගේ ජීප් රථයට පිටුපසින් ද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර -  එය පිටුපසින් යන වාහනයට කියන්නේ කුමක් කියල ද?
පිළි -  
බැකැප් එක කියලා.

 

ප‍්‍ර - එම වාහනය එළවපු කෙනා බැකැප් එළවන්න පුරුදු වුණ කෙනෙක් ද?
පිළි - 
නැහැ. නමුත් ඔහු හොඳ රියැදුරෙක්.

 

ප‍්‍ර - තමන්ලාගේ වාහන දෙක අතර දුර කොපමණ ද?
පිළි - 
 මීටර් 10ක් 15ක් විතර.

 

ප‍්‍ර - ඡන්ද මධ්‍යස්ථාන ළඟදී භාරත මහතා වාහනෙන් බැහැලා මිනිසුන් සමග කතා කළා ද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර - ඔබලත් වාහනවලින් බැස්ස ද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  දේශපාලනඥයෙක් ඡන්දදායකයින් සමග කතා කරන එක සාමාන්‍ය දෙයක්?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර - වාහන පෙළක් ඉදිරියට එන විට ඔබ අඳුනාගත්තා ද?
පිළි -  
ඔව්. ඔහු කොළොන්නාවේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතායි.

 

ප‍්‍ර -  භාරත මහතාත් ඔය පළාතේම දේශපාලන තනතුරක් දැරූ අයෙක් ද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර  - මේ සිද්ධිය ක්ෂණිකව ඇති වූ සිද්ධියක්.
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  මෙතැන මේ වගේ දෙයක් වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ නේද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  රිමෝට් එක අරගෙන ගියා කියා ලෝකේ තියෙන කිසිම වාහනයක් ඉබේ ලොක් වෙන්නේ නැහැ කියා මා යෝජනා කරනවා?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර - තමා එහෙම කියන්නේ භාරත මහතාට වාසි වෙන්න කියා මා යෝජනා කරනවා.
ඔබ රහස් පොලිසියට කටඋත්තර දෙමින් දමිත වාහනේ එක පැත්තකට කොටු වුණා. මං හිටියේ අනෙක් පැත්තේ කියලා කියනවා නම් ඒක හරිද?
පිළි -  
හරි.

 

ප‍්‍ර  -  තමුන් හිටියේ භාරත මහතා පේන දුරකින් ද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  තමුන් දුමින්ද සිල්වා මහතාට තුවාල වෙලා ඉන්නවා දැක්කේ නැහැ කියලා තියෙනවා නේද?
පිළි  - 
ඔව්.

 

ප‍්‍ර -  දුමින්ද සිල්වා මහතා හිසෙන් ලේ ගලමින් වැටිලා හිටියා කියා ඔබ රහස් පොලිසියට දීපු කට උත්තරයේ කියලා තියෙනවා නේද?
පිළි -  
ඔව්.

 

ප‍්‍ර -  එහෙනම් කලින් දවසේ මේ උසාවියේ සාක්කි දෙමින් දුමින්ද සිල්වා මහතා වැටිලා ඉන්න විට තුවාල දැක්කාද කියා ඇසුවත් ඔබ කීවේ නැහැ නේද?
පිළි - 
 ඔව්. මට ඒ ප‍්‍රශ්නය මතක නැහැ.

 

ප‍්‍ර -  දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරින් ඔබ සාමාන්‍යයෙන් දැකලා තියෙනවා?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  එක් පුද්ගලයකුගේ හැඩහුරුකම් කියා සිටියා
පිළි  -
 ඔව්.

 

ප‍්‍ර - නමුත් ඔබ රහස් පොලිසියට දීපු කටඋත්තරයේදී ඒ හැඩහුරුකම් ගැන කියලා නැහැ නේද?
පිළි - 
 මං කීවා.

 

ප‍්‍ර  -  ඔබගේ කටඋත්තරයේ එහෙම දෙයක් ලියවිලා නැහැ.
පිළි -  
මගෙන් අහපු හැම දේකටම මං උත්තර දුන්නා.

 

ප‍්‍ර -  අහපු නැති නිසා හරි කොහොම හරි ඔබ කියලා නැහැ.
පිළි -  
වෙන්න ඇති.

 

ප‍්‍ර -  මේ පුද්ගලයි වෙඩි තිබ්බේ කියා නිශ්චිත වශයෙන්ම හඳුනා ගන්න පුළුවන්ද?
පිළි -  
මට නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන්. ඔහු මගේ ඇස් දෙක ඉදිරිපිට ඉඳලා තමයි වෙඩි තිබ්බේ.

 

ප‍්‍ර - එතකොට ඔබ කොළඹ මහේස්ත‍්‍රාත් උසාවිය හමුවේ සාක්කි දෙමින් මට ගොඩාක් වෙලාවට දැක්කොත් හඳුනා ගන්න පුළුවන් කියලා කිව්වාද?
පිළි -  
ඔව්.

 

ප‍්‍ර -  ඔබ මහේස්ත‍්‍රාත් උසාවියේ පැවැත්වූ පෙරෙට්ටුවේ දී එක්කෙනෙක්වත් හඳුනා ගත්තේ නැහැ නේද?
පිළි -  
එක් අයෙක් හඳුනා ගත්තා.

 

ප‍්‍ර - ඔබ පෙරට්ටුවේ දී හඳුනා ගැනීම කරලා කියලා තියෙන්නේ මේ වගේ එක්කෙනෙක් වෙඩි තිබ්බා කියලා නේද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  ඔබ ත‍්‍රීවීල් එක පිටුපස පැත්තට වැටුණු නිසා නේද ඔබ බේරුනේ?
පිළි - 
 ඔව්.

 

 

නීතිඥ අශෝක වීරසූරිය මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සංජීව ප‍්‍රසන්න මහතා මෙසේ ද කීය.


ප‍්‍ර - එතැනට අතුරු පාරවල් දෙකක් තියෙන තැනක් නේද?
පිළි -
 ඔව්. ඉඟුරුගහවත්ත පාර හා හිඹුටාන පටුමග යන පාරවල් දෙක එකතු වෙන තැන තමයි මේ සිද්ධිය වුණේ.

 

ප‍්‍ර  -  සිද්ධිය වුණේ කොතැනද?
පිළි  - 
 වල්පොල හන්දියේ.

 

ප‍්‍ර - ත‍්‍රීවීල් එක ආවේ කොයි පැත්තෙන්ද?
පිළි - 
හිඹුටාන පටුමගින්.

 

ප‍්‍ර  - එතැනින් තී‍්‍රවීල් එක එන විටදීම ද මේ වෙඩි තැබීම වුණේ?
පිළි -  
ත‍්‍රීවීල් එක ගියත්  එක්කම.

 

ප‍්‍ර - එතකොට භාරත මහතාට වෙඩි වදිනවා ඔබ දැක්කේ නැහැ.
පිළි - 
නැහැ.

 

ප‍්‍ර -  ගාමිණී නමැත්තා තුවාල සහිතව වැටිලා ඉන්නවා ඔබ දැක්කා ද?
පිළි - 
 නැහැ.

 

ප‍්‍ර - ඔබ ත‍්‍රීවීල් එක මැද්දේ වැටිලා කොච්චර වෙලාවක් එහෙමම හිටියද?
පිළි - 
දුමින්ද සිල්වා මහතා ගෙන ගිහින් විනාඩි දෙක තුනකට පසුව තමයි මං එතැනින් එළියට ආවේ.

 

ප‍්‍ර -  ඉන්පසුව ඔබ භාරත ලක්ෂ්මන් මහතා ත‍්‍රීරෝද රථයක දාගෙන රෝහලට ගෙන ගියා.
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර -  සිද්ධියෙන් පසුව ඔබ බොලේ මුල් වරට දැක්කේ කොයි වෙලාවේද?
පිළි - 
 දුමින්ද සිල්වා මහතා ගෙන ගිය පසු මා භාරත මහතා ළඟට දුවගෙන ගොස් සර්ව ගෙනියන්න එන්න කියා කෑ ගහන කොට තමයි සමන් හෙවත් බොලේ දැක්කේ.

 

ප‍්‍ර  - සමන් හෙවත් බොලේ මොනවද කිව්වේ?
පිළි - 
 ඔහු මට උසාවියේ දී හමුවෙලා කිව්වේ මං තමයි ඔයාව ත‍්‍රීවීල් එක ඇතුළට තල්ලූ කළේ කියලා.

 

ප‍්‍ර - දමිත කියන්නේ භාරත ලක්ෂ්මන් මහතාගේ කවුද?
පිළි - 
 සර්ගේ ආරක්ෂක නිලධාරියෙක් වගේම හොඳ හිතවතෙක්.

 

ප‍්‍ර -  භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් හිටියා නේද පියන්ත කියලා.
පිළි - 
 ඔව්. මේ සිද්ධිය වන විට ඔහු ත‍්‍රීවීල් එකට වම් පැත්තට වෙන්නට තිබූ තාප්පය අයිනේ හිටගෙන හිටියා. මේ සිද්ධියේ දී ඔහු කාටවත් උදවු කරනවා මා දැක්කේ නැහැ.

 

ප‍්‍ර - එතැන බැංකුවක් තියෙනවා.
පිළි - 
බැංකුව තියෙන්නේ කිලෝ මීටර් 1/2ක් විතර දුර.

 

විමර්ශනය සිදු කළ රහස් පොලිස් නිලධාරි මෙරිල් රංජන් මහතා විසින් අඳින ලද බව කියන දළ සැලැස්මක් මේ අවස්ථාවේ දී සාක්කිකරුට පෙන්වන ලදුව.


ප‍්‍ර - මේ අනුව එතැන බැංකුවක් තියෙනවා කියලා ලකුණු කරලා තියෙනවා නේද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර - මෙතැන බැංකුවක් තියෙනවා කියලා රහස් පොලිස් නිලධාරීන් ලකුණු කරලා තියෙනවා. මේ අනුව භාරත වැටිලා හිටියා කියලා ඔබ කියන තැන වැරදියි නේද?
පිළි - 
 රහස් පොලිස් නිලධාරීන් සලකුණු කරපු දේවල් ගැන මා දන්නේ නැහැ. මා කියන්නේ මං දැකපු දේවල් විතරයි.

 

ප‍්‍ර -  රහස් පොලිස් නිලධාරියා මේ සැලැස්ම ඇඳලා තියෙන්නේ ඔබ කියපු විදියට නේද?
පිළි -  
මං විස්තර කිව්වා නමුත් මේ සැලැස්ම ගැන කියන්න මා දන්නේ නැහැ.

 

ප‍්‍ර - ඔබ මේ සටහනට අත්සනත් දාලා තියෙනවා නේද?
පිළි - 
ඔව්

 

ප‍්‍ර -  ඔබ භාරත ලක්ෂ්මන් මහතාට දක්වන ළෙංගතුකම නිසා මේ උසාවිය හමුවේ බොරු සාක්කි දෙනවා කියා යෝජනා කරනවා.
පිළි - 
 මා පිළිගන්නේ නැහැ. මං රහස් පොලිසියට කීවේ ඇත්ත දේවල්. මේ උසාවියට කියන්නේත් ඇත්ත දේවල් පමණයි.

 

ප‍්‍ර - ඔබ භාරත ලක්‍ෂ්මන් මහතාට පක්ෂග‍්‍රාහී වන අන්දමට මේ උසාවිය හමුවේ අසත්‍ය සාක්කි දෙන සාක්කිකරුවකු බවට යෝජනා කරනවා.
පිළි - 
 මා පිළිගන්නේ නැහැ.

 

 


නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතා විසින් අසන ද හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප‍්‍රසන්න සංජීව නමැත්තා මෙසේ ද කීය.


මේ සිද්ධිය වුණේ මුල්ලේරියාව වල්පොල හන්දිය ප‍්‍රදේශයේ දීයි.


ප‍්‍ර - බිම වැටී හිටපු දුමින්ද සිල්වා මහතා එතැනින් ඉවත් කරගෙන යනව ඔබ දැක්ක ද?
පිළි - 
 ඔව්

 

ප‍්‍ර -  පසුව ඔබ භාරත ලක්ෂ්මන් මහතා ළඟට ගියා ද?
පිළි - 
 ඔව් එතුමා උඩුබැලි අතට බිම වැටී හිටියා.

 

ප‍්‍ර -  ඔබ මේ සිද්ධියට අදාළව රහස් පොලිසියට කටඋත්තරයක් දුන්නා ද?
පිළි - 
 ඔව්

 

ප‍්‍ර -  එම කටඋත්තරයේදී ඔබ කීවද සර් මුනින් අතට වැටිලා හිටියා එතුමාගේ ඇඟට වෙඩි ගොඩාක් වැදිලා තිබුණා කියලා.
පිළි -
 ඔව්.

 

ප‍්‍ර - ඔබ රහස් පොලිසියට දීපු කටඋත්තරය මෙම උසාවිය හමුවේ දෙන සාක්කියට වඩා පරස්පරයි නේද?
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර - ඔබ මේ උසාවියේ සාක්කි දෙමින් භාරත මහතාගේ කකුලට වෙඩිවැදුනු පසු ඔහු කොර ගසමින් ජීප් රථය ළඟට ගිය බවත් ජීප් රථයේ දොර ඇර ගන්න උත්සාහ කළ බවත් ජීප් රථයේ දොර ලොක් වී ඇති බවත් කීවා.
පිළි - 
 ඔව්.

 

ප‍්‍ර - නමුත් ඔබ රහස් පොලිසියට දීපු කටඋත්තරයේ දී ජීප් එකේ දොර ලොක් වී ඇති බව කියා නැහැ නේද?
පිළි - 
 මා කීවා. සටහන් කර ගත්තා ද කියා මා දන්නේ නැහැ.

 

ප‍්‍ර -  භාරත මහතා ජීප් රථය ළඟට යන විට රියැදුරු එහි සිටියේ නැහැ කියා ඔබ රහස් පොලිසියට කීවේ නැහැ නේද?
පිළි - 
රහස් පොලිස් නිලධාරීන් මගෙන් අහපු දේට මං උත්තර දුන්නා.

 

ප‍්‍ර - සිද්ධිය වූ තැනදි හතර වටෙන්ම වෙඩි තිබ්බත් ඔබට අනතුරක් වුණේ නැහැ.
පිළි - 
නැහැ.


වැඩිදුර විභාගය කල් තබන ලදී.


පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන චමින්ද අතුකෝරාල සහ සුහර්ෂි හේරත් යන මහත්ම මහත්මීන් සමග රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.


පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉරොමි ජයරත්න, අනුෂ්කා ලියනාරච්චි, නයනා දිසානායක, සනත් වික‍්‍රමසිංහ, මහින්ද මතුගම සමග නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ද 2, 4, 5, 6, 8 සහ 9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ තිළිණි ජයවීර, කිත්සිරි ලියනගේ, රෝහිණී රාජපක්ෂ සමග නීතිඥ අශෝක වීරසූරිය මහතා ද 3 සහ 7 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතා ද, 11 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර, දනිත නිරංජන්, ධනරාජ් සමරකෝන්, චන්දික පීරිස් සමග ජනාධිපති නීතිඥ අනුල් සිල්වා මහතා ද 13 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංකනාත් රත්නායක සහ උදාර විජේසිංහ යන මහත්වරු පෙනී සිටියහ.

 



අදහස් (0)

භාරත මහත්තයාට වෙඩි තිබ්බේ පළමු විත්තිකරුයි ඔහු මට නිශ්චිතවම හඳුනාගන්න පුළුවන්

සමන් Wednesday, 21 October 2015 02:11 PM

තණ්හාය ජායති සෝකෝ....අවි ගත්තෝ අවියෙන්ම නැසේ (හේ)

:       0       0

සුපුන් Thursday, 22 October 2015 08:15 AM

භාරත ලක්ෂ්මන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලත් අපි දන්නවා. මිනිස්සුත් ඒ ගැන දන්නවා .මිනිසුන්ට හැමදේම මතකයි.පස්සේ දුමින්ද ආවහම මිනිස්සු ගොඩක් දුමින්දට එකතුවුණා. ඒ තරුණ නායකත්වයක් සහ මිනිසුන්ට සළකපු නිසා. මේ හැමදේම මිනිස්සු හොඳට දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3301 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1018 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site