මෑත කාලීනව රටේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්විය. ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම නියම විය.
මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණී රණවක එම්.සී.බී.එස්. මොරායස් මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ල විසින් මෙලෙස දඬුවම නියම කරනු ලැබුවේය.
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරින් තිදෙනාගේ ඝාතනවලට මෙම විත්තිකරුවන් සිවුදෙනා වරදකරුවන් බව පිටු 297 කින් යුත් බෙදුණ තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කළ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට මරණ දඬුවමට අමතරව වසර 24 1/2 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද රුපියල් 40,000 බැගින් දඩද නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ මහාධිකරණ විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය හා එම්.සී.බී.එස්. මොරායස් මහතා මෙම අපරාධය කළ හා ගිනිඅවි භාවිතා කිරීමේ චෝදනාවට ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද නියම කළහ.
ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් මෙම විත්තිකරුවන් පස්දෙනා ඇතු`ථ සියලුම විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් වෙනම තීන්දුවක් දුන්නේය.
විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවට අනුව මරණ දඬුවම නියම වූයේ පළමුවැනි විත්තිකාර විතානගේ අනුර තුෂාර ද මෙල් තුන්වැනි විත්තිකාර ශ්‍රීනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත්වැනි විත්තිකාර කොවිලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, දැනට අතුරුදන්ව සිටින දසවැනි විත්තිකාර දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ සහ එකළොස්වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා යන පස්දෙනාටය.
චෝදනා ඔප්පු වී නොමැති බව තීරණය කරමින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වූ චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ, නාගොඩ ලියනාරච්චි ශමින්ද යන අට දෙනාය.
ඒ නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් වීම නිසාය. එම චෝදනා වූයේ 2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දින අංගොඩ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් හිටපු ඇමතිවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් මොහොමඞ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි, දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදුකළ බවද රාජ්පුරගේ දමිත දර්ශන ජයතිලක නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත්කරන ලදැයිද නීතිපතිවරයා චෝදනා නගා ඇත.
2011 ඔක්තෝබර් 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් ඡන්දයේ දී ඡන්දදායකයන්ට ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය යොදා කැරලි ගැසු බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග කුමාර නමැති පොලිස් නිලධාරීයාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද නීතිපතිවරයා වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
2015 ඔක්තෝබර් මස 12 වැනිදා මෙම නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කරන ලද අතර එදින සිට මේ දක්වා දින 52 ක් කාලයක් පුරා මෙම නඩුවේ සාක්කි විභාග කරන ලද අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 42 ක් ද භාණ්ඩ 86 ක්ද ලේඛන 126 ක්ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කරන ලදී. ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද නමැත්තා වෙනුවෙන් ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුද දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් ද සිල්වා මහතාද සාක්කි දුන් අතර විත්තිකරුවන් සියලු දෙනාම විත්ති කූඩුවේ සිටම ප්‍රකාශ ලබා දුන්හ.
මේ සාක්කි විභාගය අතරතුර පැමිණිල්ලේ ඉල්ලීමකට අනුව විනිසුරු මඩුල්ල අපරාධ ස්ථානය නැරඹීමට ද ගියහ.
ඉන් පසු පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාද විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද දේශන ඉදිරිපත් කළහ.
එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්කිවල දී මෙවන් කරුණු ද අධිකරණය හමුවේ හෙළි විය.
මුල්ලේරියාව රාහුල විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්යය බළකායේ සෙබළකු මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දෙමින් තමන් ආරක්ෂාව සලසමින් සිටි ඡන්ද මධ්‍යස්ථානය අසළම අනුර කඬේ නමින් හඳුන්වන කඩයක් සහ ප්‍රසන්න සෝලංග ආරච්චි මහතාගේ මැතිවරණ කාර්යාලයක් තිබුණේ යැයි කීය.
බස්නාහිර පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්තෝබර් මස 08 වැනිදා දහවල් 1.30 ට පමණ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දුමින්ද සිල්වා මහතා තවත් සීයයක් පමණ පිරිසක් පිරිවරාගෙන ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් ලෑන්ඞ් කෲසර් ජීප් සහ මෝටර් රථ වලින්ද යතුරුපැදිවලින්ද එම ස්ථානයට පැමිණි බවත් මන්ත්‍රීවරයා සුදු පාට ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණි බවත් එලෙස පැමිණි විගස අනුර කඬේ ළඟින් ජීප් රථයෙන් බිමට බැසගත් දුමින්ද සිල්වා මහතා එතැන සිටි කාන්තාවන් අමතා “කාටද ඡන්දේ දැම්මේ” කියා විමසූ විට එහි සිටි එක් කාන්තාවක් කතා කොට “මං සෝලංගආරච්චිගේ වයිෆ් මං ඡන්දේ දැම්මේ මගේ මහත්තයාට” කියා කියනවාත් සමගම දුමින්ද සිල්වා මහතා ඇය සමග සිටි කාන්තාවකට පහරක් ගැසුවේ යැයිද දුමින්ද සමග පැමිණී සෙසු පිරිස ඒ අවට සිටි අයට පහර දීමට පටන් ගත්තේ යැයි ද කීය.
දුමින්ද සමග පැමිණි සෙසු පිරිස අත පිස්තෝල, ටී 56 වැනි ගිනි අවි තිබූ බවත් ඔවුන් මෙන්ම දුමින්ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය දැක භීතියට පත්ව ඒ දෙස තමා බලා සිටින විට දුමින්ද සිල්වාගෙන් පහර කෑ කාන්තාව දුවගෙන ගිය අතර එතැන සිටි අනිත් අය ගැහැනුන්ට ගහන පො.... කොන්ද පණ නැති පිරිමි වැනි දේ කියමින් බැණ වැදුණු බවත් පැවසුවාය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ එම සෙබළාට අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර ගිනි අවිය ක්‍රියාත්මක නොකරන ලෙස මෙම මැතිවරණ රාජකාරියට වාර්තා කිරීමට පෙර කර තිබූ අවවාද හේතුවෙන් තමා ගිනි අවිය ක්‍රියාත්මක නොකළේ යැයි ද කීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම නිලධාරියාගේ සාක්කිය අනුර කඬේ ළඟ හිමිකාරියක වන විමලා ගුණසිංහ මහත්මිය මෙන්ම සෝලංගආරච්චි මහතාගේ බිරිඳ වන මධු ඇතුළු පිරිසක් අධිකරණයේ සාක්කි ලබා දෙමින් සනාථ කළහ. එම සිද්ධිය සනාථ කරන අතරම වැඩිදුර කරුණු ඉදිරිපත් කළ ගුණසිංහ මහත්මිය මෙතැන පහර දීම කොට වල්පොළ හන්දිය දෙසට දුමින්ද සිල්වා ඇතුළු පිරිස ගොස් ටික වෙලාවකට පසු ලකී අයියට වෙඩි තියලා යන ආරංචිය පැතිර ගියේ යැයි ද කීවාය.
දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයෙන් යොදවා සිටි කොස්තාපල් ලසන්ත වනසුන්දර මහතා සාක්කි දෙමින් ඡන්දේ දින දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂාවට තමන් සමග පැමිණි අයගෙන් හතර දෙනෙකුම මෙම නඩුවේ විත්තිකරුවන් වී සිටින්නේ යැයි කීය.
2011 ඔක්තෝබර් 08 වැනිදා නුගේගොඩ තමන් නවාතැන් ගත් ස්ථානයේ සිට කෙළින්ම දුමින්ද සිල්වා මහතා සිටි වැල්ලම්පිටිය තමිල්නාඩු වත්තට පැමිණි බවත් උදෑසන 7.30 පමණ වන විට තමන් එහි එන විටත් දුමින්ද සිල්වා මහතා මෙම නඩුවේ අතුරුදන්ව සිටින ගලබඩ නමැති විත්තිකරු ඇතුළු පිරිසක් සමග තමිල්නාඩු වත්තේ එළිමහන් ස්ථානයක ඉඳගෙන කතාකරමින් සිටියේ යැයිද කීය.
බස්නාහිර පළාත් පාලන ඡන්දය පැවැති එදින උදෑසනින්ම ඒ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා මෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැල්ලම්පිටිය තමිල්නාඩු වත්ත ප්‍රදේශයට ගොස් තිබුණේ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් භටයන් හෝ නොමැතිව බවද මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්කි මගින් හෙළි විය.
මැතිවරණ කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කිරීම මෙන්ම සිය ඡන්දදායකයන් ධෛර්යමත් කිරීමේ අරමුණින් සිය පෞද්ගලික ආරක්ෂකයන් සමග දුමින්ද සිල්වා මහතා එහි ගොස් තිබූ බවද ඔහු උදෑසන ආහාර ගත්තේ තමිල්නාඩු වත්තේ දී බවද සාක්කි මගින් අනාවරණය විය.
දුමින්ද සිල්වා මහතා තමිල්නාඩු වත්තට වී සිය ඡන්දදායකයන් සමග කල් ගත කරන අතර දහවල් වන විට නඩුවේ සිව් වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද සමග ඔහුගේ ගෝල බාලයන් පිරිසක් එහි පැමිණි බවටද සාක්කි ඉදිරිපත් විය.
ඒ අතරතුරදී එහි පැමිණි අධිකාරිලත් පොලිස් නිලධාරියෙකු දුමින්ද සිල්වා මහතාට කතා කොට මෙම ප්‍රදේශයේ නොසිටින ලෙස අවවාද කොට ඇත. ඒ අනුව දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ඒ අසල පදිංචිව සිටි රමේෂ් නමැති ඔහුගේ හිතවතෙකුගේ නිවසට ගොඩ වී ඇත්තේ දිවා ආහාරයද ලබා ගැනීමේ අරමුණ ඇතිවය.
ඔවුන් එහි සිටි විට නඩුවේ සිව්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද ඔහුගේ ගෝලබාලයන් පිරිසක්ද සමග වාහන හා යතුරුපැදි පිරිවරා ගෙන එහි පැමිණි බවට සාක්කි ඉදිරිපත් විය.
එලෙස පැමිණි ඔවුන් දුමින්ද සිල්වා මහතා දිවා ආහාරය ගනිමින් සිටි නිවසට ගොඩ වූ අතර එහි සාලයේ තිබූ පුටුවක වාඩි වී සිටි දුමින්ද සිල්වා මහතා ඉදිරියේ තිබූ ටීපෝව මත අරක්කු පිරවූ වීදුරුවක් තිබූ බවටත් ඔහු මත්පැන් පානය කළ බවටත් සාක්කි ඉදිරිපත් විය.
දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමටත් සිය ඡන්දදායකයන් දිරිගැන්වීමේ අදහස පෙරටු කරගෙන තම ඡන්ද බල ප්‍රදේශය පුරා සක්මන් කිරීමේ අදහසින් දුමින්ද සිල්වා මහතා ඔහුගේ ආධාරකරුවන් හා හිතවතුන් සමගින් පිටත් විය.
දුමින්ද සිල්වා මහතා සුදුපාට ජීප් රථයකින් ගිය අතර ඔහුට සහය දක්වන පිරිස ඩිෆෙන්ඩර් රථ ඇතුළු මෝටර් රථ වලින් ගමන් කළ බවත් පිරිසක් යතුරු පැදි වලින් රථ වාහන පෙළපාලියක් ලෙසින් එම ප්‍රදේශය පුරා සැරිසැරූ බවට සාක්කි ඉදිරිපත් විය.
එලෙස යන අතරතුර වල්පල හන්දියේ තිබූ ශ්‍රී රාහුල විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය අසලට පැමිණ මහමග ගමන් කළ පුද්ගලයන්ට කතා කොට ඡන්දේ දාන්නේ කුමන පක්ෂයටදැයි විමසීම් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දානවා නම් ඡන්දේ දාන්න යූ.එන්.පීයට ඡන්දේ දාන්න යනවා නම් ඡන්දේ දාන්න එපා යනුවෙන් තර්ජනය කළ බවට ද සාක්කි ඉදිරිපත් විය.
මෙම සිදුවීමෙන් අනතුරුව වල්පොළ හන්දියේ ඇති ශ්‍රී රාහුල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානය අසල ඇති අනුර කඬේ නමින් හඳුන්වන ස්ථානයේ මිදුලේ පුටු තියාගෙන වැල්ලම්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ මව ඇතුළු පිරිසක් සිටි තැනට දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ගිනි අවිද රැගෙන පැමිණි බව සාක්කි මගින් හෙළි විය.
එලෙස පැමිණ කාටද ඡන්දේ දෙන්නේ? කියා විමසූ විට ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ ඔවුන්ට කතා කොට “මං ප්‍රසන්න සෝලංගආරච්චිගේ වයිෆ්. අපි ඡන්දේ දෙන්නේ මහත්තයාට” යැයි කී විට දුමින්ද සිල්වා මහතා සමග පැමිණ සිටි පිරිස ඔවුන්ට එකවරම පහර දීමට පටන් ගත් බවත් තමන් බේරුණේ ඒ අසල ඇති නිවසට දුව ගොස් දොරවල් වසා ගැනීමෙන් බවටත් ඔවුන් සාක්කි ලබා දුන්හ. නමුත් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුගේ මතය වූයේ ඉතාමත් රූමත් කාන්තාවක් වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ එහි සිටීම නිසා දුමින්ද සිල්වා මහතා තමන් සමග සිටි පිරිස සමග එහි ගියත් එහි සිටි පිරිසට පහරදීමක් සිදු නොකළ බවය.
නමුත් එහි සිටි පිරිස සාක්කි දෙමින් දුමින්ද සිල්වා මහතා සමග පැමිණි පිරිස තමන්ට පන්න පන්නා පහර දුන් බවට කරුණු සහිතව කියා සිටියහ.
එතැන සිටි පිරිසට පහර දුන් පිරිස තමන් පැමිණි රථවල නැගී හිඹුටාන බැංකුව හන්දිය දෙසට ගිය බවද ඉන් ටික වේලාවකට පසුව ‘ලකීට වෙඩි තියලා’ යන ආරංචිය තමුන්ට ලැබුණ බවද ඔවුහු උසාවිය හමුවේ සාක්කි දෙමින් කියා සිටියහ.
මෙම පිරිස ‘අනුර කඬේ’ සිට ඉදිරියට යන අතරතුර වෙනත් පාරකින් භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිස තමන්ගේ රථ වලින් ඉදිරියට පැමිණෙනවා දැක ඇති අතර එය දුටු දුමින්ද සිල්වා මහතා ගමන් කළ මෝටර් රථය භාරත ලක්ෂ්මන් මහතාගේ මෝටර් රථයට ඉදිරියට යා නොහැකි වන ලෙස පාර හරස් කර නවත්වා ඇති බව පැමිණිල්ලේ සාක්කි මගින් හෙළිදරව් වූ නමුත් විත්තියේ ස්ථාවරය වූයේ භාරත ලක්ෂ්මන් මහතාගේ වාහනය නිසා දුමින්ද ඇතුළු ඔහුගේ ආධාරකරුවන්ගේ වාහනවලට ඔවුන් පසුකර යෑමට ඉඩක් නොවූ බවය.
මුහුණට මුහුණලා නතර කළ වාහනවලින් දුමින්ද සිල්වා මහතා මෙන්ම භාරත ලක්ෂ්මන් මහතාද බිමට බැස්ස බවත් දුමින්ද මහතා සිය වාහනයෙන් බිමට බැස භාරත මහතාගේ වාහනය දෙසට එනු දුටු භාරත ලක්ෂ්මන් මහතා ඔහු ළඟටම එනතුරු වාහනයට වී සිට ඇති අතර දුමින්ද සිල්වා මහතා වාහනය ළඟට පැමිණි විට භාරත ඉන් පිටතට බැස්ස බවට භාරත ලක්ෂ්මන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සංජීව ප්‍රසාද් මහතා අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.
රතු පාට ටී ෂර්ට් එකකින් සැරසී සුදු පාට තොප්පියක් පැලඳ සිටි දුමින්ද සිල්වා මහතා භාරත මහතාට අඩි 2 ක් 3 ක් පමණ ළඟට විත් ඔහු ඉදිරියේ හිටගෙන දෙන්නා මුහුණට මුහුණ බලාගෙන සිටි බව සාක්කි මගින් අනාවරණය විය.
එතකොට භාරත ලක්ෂ්මන් මහතා දුමින්ද සිල්වාට කතා කොට “මොනවද තමුසේ මේ කරන්නේ” යනුවෙන් ප්‍රශ්න කළ විට “මේක මගේ ආසනේ” යනුවෙන් පැවසූ විට භාරත මහතා කතා කොට “මේක මගේ උපන් ගම” යනුවෙන් පවසනවාත් සමගම දුමින්ද සිල්වා භාරතගේ මුහුණට පහරක් ගැසුවත් භාරත මහතාගේ උස නිසා එම පහර ඔහුගේ උරහිසට වැදුණු බවට සාක්කි ඉදිරිපත් විය.
ඒත් එක්කම දුමින්ද සිල්වා මහතා “ගහපන් ගහපන්” යනුවෙන් කෑ ගැසූ බවටත් ඒත් සමගම හතර වටින් වෙඩි ශබ්ද ඇසුණු බවටත් සාක්කි ඉදිරිපත් විය.
මෙහිදී මුලින්ම ඇසුණු වෙඩි හඬත් සමග භාරත මහතාගේ මුහුණට මුහුණ දීගෙන සිටගෙන සිටි දුමින්ද සිල්වා මහතා බිම ඇදගෙන වැටුණු බවටත් ඒත් සමග භාරත මහතාගේ කකුළට වෙඩි වැදීම නිසා ඔහු කොර ගසමින් පස්සෙන් පස්සට විත් වාහනයට නැගීම සඳහා එහි දොරවල්වලින් ඇද්දත් දොරවල් සියල්ලම ලොක් වී තිබීම නිසා ඒවා එකක්වත් ඇර ගැනීමට නොහැකි වූ බවටත් ඔහු වාහන දෙක අතර බිම ඇදගෙන වැටුණු බවටත් සාක්කි ඉදිරිපත් විය.
එවිට භාරත ලක්ෂ්මන් මහතා ළඟට දුවගෙන පැමිණි අයෙක් භාරත මහතාගේ මුහුණට පිස්තෝලයක් එල්ල කොට දිගින් දිගටම වෙඩි තැබූවත් පිස්තෝලය පත්තු වුණේ නැතැයි කීය.
දුමින්ද සිල්වා මහතා වැටී සිටි ස්ථානයට පැමිණි අයෙක් ඔහු අත තිබූ ටී. 56 ගිනි අවිය ඉදිරියට එල්ල කොට වරකට එක උණ්ඩය බැගින් ඉදිරියට වෙඩි තැබූ බවත් ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටි අයෙක් දුවගෙන විත් දුමින්ද සිල්වා මහතා ඔසවාගෙන ඔවුන් පැමිණි වාහනය දෙසට ගිය බවත් සාක්කි මගින් හෙළි විය.
දුමින්ද මහතා පැමිණි වාහනය පිටතට ගැනීමට නොහැකි වන අන්දමට හිරවී තිබූ නිසා පිටුපසින් තිබු ඩිෆෙන්ඩර් රථයකට ඔහු නංවාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙන යෑමට උත්සාහ කළත් එහි එක් රෝදයක හුළං බැස තිබූ නිසා යළිත් පැමිණ දුමින්ද මහතා පැමිණි සුදු පාට ප්‍රාඩෝ රථයටම ඔහු නංවාගෙන ජයවර්ධනපුර මහ රෝහලට ගෙන ගිය බවට සාක්කි ඉදිරිපත් විය.
දුමින්ද සිල්වා මහතා ගෙන ගිය පසු භාරත ලක්ෂ්මන් මහතා දෙස බලන විට ඔහු උඩුබැලි අතට බිම වැටී සිටි බවත් දමිතගේ අත භාරත මහතාගේ පපුව උඩ වැටී තිබූ බවත් සාක්කි දෙමින් පවසා සිටි සංජීව ප්‍රසාද් මහතා භාරත ලක්ෂ්මන් මහතාගේ ඔළුවට අත තබා ඔසවන විට තමාගේ අත ඔහුගේ ඔළු කට්ට තුළට ගිය බවද කියා සිටියේය.
කෙසේ නමුත් භාරත ලක්ෂ්මන් මහතා වාහනයට දමාගෙන අයි.ඩී.එච්. උණ රෝහලට ගෙන ගිය බවත් ඒ වන විට භාරත ලක්ෂ්මන් මහතා මියගොස් සිටි බවත් සාක්කි මගින් හෙළි විය.
දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල් ලසන්ත වනසුන්දර නමැත්තා සාක්කි දෙමින් තමිල්නාඩු වත්තේ රොමේෂ්ලගේ ගෙදර කෑම කනවිට දුමින්ද සිල්වා මහතාගේ පිස්තෝලය ගලබඩ අත තිබෙනු තමා දුටුවේ යැයි කීය.
දුමින්ද භාරතට පහරක් ගැසූ පසු භාරත බිමට වැටෙන්න වගේ ගොස් පස්සෙන් පස්සට යනවාත් සමග ඇසුණු වෙඩි ශබ්දය සමග දුමින්ද සිල්වා මහතා ලේ පෙරාගෙන බිම වැටුණු බව කියා සිටි අතර දුමින්දගේ තවත් ආරක්ෂක නිලධාරියකු වූ සැරයන් ප්‍රියන්ත දිසානායක නමැත්තා සාක්කා ලබා දෙමින් කියා සිටියේ භාරත මහතා තල්ලු කොට දුමින්ද සිල්වා මහතා ආපසු පැමිණීමට උත්සාහ කරන විටම භාරත මහතාගේ පිටුපස සිටි අයෙක් දුමින්ද සිල්වා මහතාගේ නළලට වෙඩි පහරක් එල්ල කළ බවය.
2015/10/12 වැනිදා මෙම නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කළ දිනයේ සිට ගතවූ වසර දෙකකට ආසන්න කාලය තුළදී දින 52 ක් පුරා පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දුන් සාක්කිකරුවන් 42 ක් මෙම සිද්ධිය පිළිබඳව මෙවන් දේ අධිකරණය හමුවේ හෙළි කළහ.
එසේම මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් මහතා සාක්කි ලබා දෙමින් අපරාධයට අදාළ සිද්ධීන් සිදුවූ ගොතටුව කන්දේ විහාරය අසලට මුලින්ම ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල කැඳවාගෙන ගොස් එහිදී ඡන්දය දැමීම සඳහා යමින් සිටි පිරිසට තර්ජනය කළ ආකාරය පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව කුඩාබුත්ගමුව ඡන්ද මධ්‍යස්ථානය, මුල්ලේරියාව නව නගරයේ ඇති ශ්‍රී රාහුල විද්‍යාලය අසල මෙන්ම භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු තිදෙනෙකුට මරු කැඳවූ හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයට ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල කැඳවාගෙන ගොස් අපරාධයට අදාළ සිද්ධීන් සිදු වූ ආකාරය පැහැදිලි කළේය.
ඉතාම දීර්ඝ අන්දමින් සිදුවූ මෙම සිද්ධීන් වලින් අනතුරුව විනිසුරු මඩුල්ල අදාළ තීරණය ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව විභාග කිරීමට පත් කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) එම්.සී.බී.එන්. මොරායස් සහ පද්මිණී රණවක ගුණතිලක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරුණි.
මෙලෙස චෝදනා නගා ඇත්තේ පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ, සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉරෝමි ජයරත්න, අනුෂ්කා ලියනාරච්චි, නයනා දිසානායක, සනත් වික්‍රමසිංහ, මහින්ද මතුගම සමග නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාද 2,4,5,6,8,9 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ තිළිණ ජයවීර, කිත්සිරි ලියනගේ, රෝහිණී රාජපක්ෂ සමග නීතිඥ අශෝක වීරසූරිය මහතාද 3 සහ 7 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතාද 11 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර, දන්ත නිරංජන්, ධනරාජ් සමරකෝන්, එන්දික පීරිස්, සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද 13 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංකනාත් රත්නායක උදාර විජේසිංහ යන මහත්වරු පෙනී සිටියහ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුව
මුබාරක් Friday, 16 September 2016 01:52 AM
බොහොම හොඳ සවිස්තරාත්මක ලිපියක් (නි)
ජනක ලන්ඩන් Monday, 12 September 2016 09:54 PM
මිලානෝ පිටිගලලාගේ ජාතික කැක්කුම ගැන අපිට ආඩම්බරයි! (නි)
ශෂිකා Tuesday, 13 September 2016 12:26 PM
ගොඩක් සතුටුයි මටනම්... මන් හිතන්නේ සාධාරණය ඉටුවුනා. (ර)
ඩී.උපුල් Tuesday, 13 September 2016 02:18 PM
දේශපාලකයින්ගේ ඔලු හිස් කළගෙඩි වගේ කියන එක තව වරක් සනාථ වුණා.(අ)
සමුරු Tuesday, 13 September 2016 02:30 PM
දන්නේ නැති නිසා අහන්නේ , දුමින්ද එයාගේ ඔලුවට වෙඩි තිය ගත්තද? මේක කියවන විට පෙනෙන්නේ තමන්ට ගහපු පාර නිසා භාරත දුමින්ද හැරිලා යනකොට වෙඩි තියපු බවක් , මෙහි අදහස් දක්වන මා දේශපාලනයට සම්බන්ධ හෝ කිසිත් කැමැත්තක් නොමැත (අ)
ටිකිරි Tuesday, 13 September 2016 03:31 PM
එකම පක්ෂයේ අය මනාප සඳහා මිනී මර ගන්නා මනාප ඡන්ද ක්‍රමය ලංකාවට හඳුවාදුන් අයට ශාප වේවා .(අ)
කසුන් Tuesday, 13 September 2016 03:47 AM
කාගේවත් ජිවිතයක් නැති කිරිමට කාටවත් අයිතියක් නැත. මිනිමැරිම එල්ලුම්ගස් යැවිය යුතුම වරදකි. (බ)
පුබුදු Tuesday, 13 September 2016 06:17 AM
කර්ම විපාක වලින් දුමින්දට මෙන්ම කාටවත්ම බේරෙන්නට බැරිය (නි)
පෙරේරා Wednesday, 14 September 2016 11:10 PM
එක්කෙනක් පරලොව ගියා. අනෙක් කෙනා මරණීය දණ්ඩනයට නියම වුණා. හැබැයි ජනතාව ඇස් ඇරගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. අපේ බදු සල්ලි වලින්ම සියළු සැපදිලා ගෙවන වාට්ටු වල තියනවද කියලා. ඡන්දයකුත් ළඟ එනවනේ (නි)
හර්ෂ Wednesday, 14 September 2016 11:05 PM
සාධාරණය ඉටුවුණා දැනට. මහජනතාව ඉස්සර වගේ නෙමෙයි අවදියෙන් ඉන්නේ, පාලකයො මොකද කරන්නේ කියලා. මේවා හුදු ඇස්බැන්දුම් නොවේවා! (නි)
යසන්ත Tuesday, 13 September 2016 10:47 PM
සමුරු ඔයා දන්නේ නැති බව කියලා පටන් ගත්තට මොකද දන්න දේවල් නම් හුඟක් තියෙන බව පේනවා. මිනිමරුවන් බවට ගරු අධිකරනයෙන් වැරදිකරුවු අයට සුදු හුනු ගාන්න ලෑස්ති වෙන්න එපා. මේ රට මිනිමැරුමු වලින් නිදහස් ලස්සන රටක් බවට පත් කිරිමට නිතියක් සදාචාරයක් ඇති විය යුතුයි. (අ)
උදාර Tuesday, 13 September 2016 10:59 PM
සමුරු ඔයා දන්නේ නැති වුණාට විනිසුරුවරුන් වසර ගණනවාවක් සියළු සාක්ෂි විමසා බලායි තින්දුව දි තිබෙන් නේ. ආවාට ගියාට මරණිය දන්ඩණය නියම කරන්නේ නැත. (අ)
පිටිගල මිලානෝ Monday, 12 September 2016 02:15 PM
දුමින්ද සිල්වාගේ රෝගී තත්වය ගැන සාවද්‍ය ලෙස නිල ප්‍රකාශ නිකුත් කළ වෛද්‍යවරු සිටීද? මෙම පුද්ගලයා රෝහලට ගෙනෙන විට එහි පැමිණි එවකට සිටි රජයේ නායකයින් සිටීද? ඔවුන්ට විරුද්ධව යම් නීතිමය පියවරක් ගන්නේද? (බ)
ඉන්ද්‍රජිත් Tuesday, 13 September 2016 11:51 PM
සමහරු දන්නේ නැහැලු. සමහරුන්ට මතක නැහැලු . අනේ මන්ද?(රේ)
ද සිල්වා බෙර්ලින් Sunday, 18 September 2016 12:21 PM
කළු කළු චරිත එකට ගැටුනම ප්‍රතිඵලය සුදු එකක් වෙන්න බැහැනේ. මේවා දේශපාලන හයිය ඔලුවට අරගෙන දඟලන අයට හොඳ පාඩම් (නි)
නාමල් Thursday, 15 September 2016 03:04 AM
ඉතා හොඳ ලිපියක් (නි)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 14 September 2016 01:59 AM
පොඩි හාමුදුරුවන්ට කියන්න අපේ අප්පුච්චි හිටියනම් දුමින්ද කොලුවට ඔහොම වෙන්නේ නෑ (බ)
නුවරඑළියේ වසන්ත Tuesday, 13 September 2016 08:53 AM
සාක්ෂි වලින් අනාවරණය වන විදියට, බලය පාවිච්චි කිරීමේ ප්‍රචණ්ඩ බව බලන්න. බලය කොපමණ නරක විදියට යොදා ගෙනද. ඔලුව ඉදිමුනහම කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මර්වින් සිල්වා වගේ යටත් වෙලා තිබුනේ ඔය බලය ඔරොත්තු නොදීමම තමයි. මිනී මැරුමක් වෙලත් දුමින්ද සිල්වා මේ සම්බන්ධයෙන් එක දිනක් වත් රිමාන්ඩ් බන්ධනාගාර ගත වුනේ නෑ. (බ)
මහේෂ් ඩුබායි Wednesday, 14 September 2016 11:45 AM
දෙන්නම බලයෙන් උමතු වු අය. භාරතයි දුමින්දයි එකම කාසියේ දෙපැත්ත. (අ)