IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


භාෂා ප්‍රශ්නය නැති ප්‍රශ්න හදා ගැනීමක්

මෙරට ඇතැම් ස්ථානවල සවි කරනු ලැබ ඇති නාම පුවරු වල මෙරට රාජ්‍ය භාෂා දෙකෙන් එකක් වන දෙමළ භාෂාව වෙනුවට චීන මහජන සමූහාණ්ඩුවේ නිල රාජ්‍ය භාෂාව වන මැන්ඩරීන් භාෂාව යොදා ගනු ලැබූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

එහෙත් පුදුමයකට මෙන් එවැනි සිද්ධීන් එකකට හෝ වගකිව යුත්තකු ගැන වාර්තා වූයේ නැත. මේ අතර ආණ්ඩුවේ කිසිඳු දේශපාලනඥයකු හෝ රජයේ නිලධාරියකු මෙසේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ උල්ලංඝනයවීම ගැන උනන්දුවක් හෝ සැලකිල්ලක් දැක් වූ බවක් ද පෙනුණේ නැත. එහෙයින් මෙම සිදුවීම් වලට වගකිව යුත්තන් හෙළිදරව්වීම හෝ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීම හෝ අපේක්ෂා කළ නොහැකිය.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නොතකා කටයුතු කිරීමේ මෙවැනි සිද්ධීන් ගණනාවක් ප්‍රධාන දහරාවේ ජනමාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබීමත් ඒවා සියල්ලෙහි ඇති සමාන බවත් ඒ සියල්ල අතර කුමක් දෝ සබඳතාවක් ගැන ඉඟි කරයි. මේවා අහඹු සිදුවීම්මදැයි සැක සිතෙන්නේ ඒ නිසාය.

අනෙක් වැදගත් කාරණය නම් මෙසේ රාජ්‍ය භාෂාවක් හෝ රාජ්‍ය භාෂා දෙකම හෝ නොතකා හැරීමේ සිදුවීම් චීන ආයතනවල හෝ චීන මුදල් ආධාර මත ක්‍රියාත්මක ආයතන හෝ ව්‍යාපෘතිවල දක්නට ලැබීමයි. ඒ අනුව ද මේ සිදුවීම් අත්වැරදීම් ද නැත්නම් සැලසුම් සහගත ඒවා දැයි කෙනකු සිතන්නට පෙළඹීම ස්වාභාවිකය.

රාජ්‍ය ආයතනවලින් නිකුත් කෙරෙන ලිපි ලේඛනවල ඒවායේ දැන්වීම් පුවරුවල හා නාම පුවරුවල දෙමළ භාෂාවට නිසි තැන නොලැබෙන බවටත්, බොහෝ විට නාම පුවරු ආදියේ දෙමළ බස විකෘති කරනු ලැබ ඇති බවටත් දෙමළ පිරිස් චෝදනා කරමින් සිටින වට පිටාවක මෙසේ චීන හෝ චීන ආධාරයෙන් ක්‍රියාත්මක ආයතනවලද එසේම සිදුවන බවට චෝදනා එල්ල වේ.

රජයේ ආයතනයක දෙමළ භාෂාව විකෘති කෙරෙන බවට එල්ල වන චෝදනාවට වඩා යම් ආයතනයක දෙමළ භාෂාව ඉවත් කොට ඒ වෙනුවට චීන භාෂාව යොදා ගන්නා බවට කෙරෙන චෝදනාව බරපතළය. මෙවැන්නක් සිදු වූ විට එය දෙමළ ජනතාව තමන්හට කරන ලද මදිපුංචිකමක් ලෙස සැලකීම අනිවාර්යය. එය නොකඩවා සිදුවන විට ඔවුන්ගේ හා එම හැඟීම තහවුරුවීම ද වැළැක්විය නොහැකිය.

චීන හෝ චීන ආධාරයෙන් ක්‍රියාත්මක වන ආයතනවල මෙවැනි දෑ සිදුවන බවට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානයට ලක් කෙරුණේ 2019 සිටය. කොළඹ නගරාශ්‍රිත සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ නාම පුවරුවේ සටහන් වී තිබුණේ සිංහල, මැන්ඩරීන් හා ඉංග්‍රීසි නම් පමණි. රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව එම නාම පුවරුවෙන් හැළී තිබිණි.

මෙය එවකට ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා කටයුතු පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතාගේ අවධානයට ලක්කෙරිණි. ඔහු ඒ සම්බන්ධයෙන් ‘‘විදේශිකයන්’’ හට චෝදනා කළේය. ඉන්පසු ඔහු සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහනක් පළ කළේය. ‘‘ශ්‍රී ලංකාවේ ඇති චීන ආයතනවල දේශීය භාෂා නීතිය උල්ලංඝනයවීම පිළිගත නොහැකිය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය දෙන්නට කැමැත්තෙමු. එසේම චීන තානාපති කාර්යාලය ඇතුළු සියල්ලන් හමුවන්නට අදහස් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් දේශීය නීතිවලට ගරු කළ යුතුය. චීන ව්‍යාපෘතිවල නාම පුවරුවල සිංහල හා දෙමළ යන රාජ්‍ය භාෂා දෙකම හෝ එකක් නොතකා හැර මැන්ඩරීන් හා ඉංග්‍රීසි පමණක් යොදා ගැනීම ගැන අපට පැමිණිලි ලැබෙමින් තිබේ. අපගේ පරිත්‍යාගශීලීත්වය ආරම්භ වන්නේ විදේශිකයන් දේශීය භාෂාවලට ගරු කිරීමෙන් පසුව පමණි.’’

කෙසේ වෙතත් එවැනි වැරැදි සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගනු ලැබූ බවට කිසිදු පුවතක් වාර්තා වූයේ නැත.

රාජ්‍ය භාෂා නොතකා හැරීම පමණක් නොව එක්තරා ආකාරයක විහිළු සහගත සිද්ධියක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා විය. එනම් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ඉංග්‍රීසි හා චීන (මැන්ඩරීන්) භාෂාවෙන් පමණක් දුර ගමන් සේවා දැක්වෙන දුම්රිය කාලසටහනක් සවිකරනු ලැබීමය. එහි දෙමළ භාෂාව පමණක් නොව සිංහල භාෂාවද නොතකා හැර තිබිණි.

මේ පිළිබඳව ජනමාධ්‍යවේදීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පවසා තිබුණේ මේ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බවය. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ සිවප්‍රගාසම් මදිවානන් මහතා පවසා තිබුණේ චීන ආයතනවල මෙවැනි දෑ සිදුවන බවත් එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්ය.

විදේශ භාෂා දෙකකින් පමණක් දුම්රිය කාලසටහන ප්‍රදර්ශනය කරන්නට ගල්කිස්ස දුම්රිය ස්ථානය යනු විදේශිකයන් පමණක් භාවිතා කරනු ලබන දුම්රිය ස්ථානයක් නොවේ. ඇත්ත වශයෙන්ම එය වැඩියෙන්ම භාවිතා කරන්නේ අවට සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවයි. ගල්කිස්ස සංචාරකයන් ගැවසෙන ප්‍රදේශයක් වුවද එම දුම්රිය ස්ථානය භාවිත කරනු ලබන්නේ ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් විසිනි. දුම්රිය බලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන බව පැවසුවද කිසිවකු ඊට වරදක් වූ බවට වාර්තාවූයේ නැත.

මෑතකදී ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කරනු ලබන්නේ පොට්සිටි කලම්බෝ සමාගම විසිනි. එය චීනයේ චයිනා හාබර් ඉන්ජිනියරිං සමාගම යටතේ ඇති සමාගමකි. එම සමාගම විසින් වරාය නගරය සඳහා ගොඩ කරන ලද භූමි භාගයේදී ද පසුගියදා මෙම ගැටලුව මතුවී තිබිණි.

සමාගම විසින් අලුත් භූමිභාගයේ එක් කොටසක සිටුවන ලද නාම පුවරුවක සිංහල භාෂාවෙන් ‘‘මැද උයන’’ යනුවෙන් ද එම අර්ථයම ඉංග්‍රිසි හා චීන (මැන්ඩරීන්) භාෂාවලින්ද ලියා තිබිණි. රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව එහිද නොතිබිණි. මේ ගැන සමාජ මාධ්‍යවල විවේචන හා උසුළු විසුළු පළ වන විට පෝට් සිටි කලම්බෝ සමාග කරුණු පැහැදිලි කරමින් ඉකුත් 17 වැනිදා නිවේදනයක් නිකුත් කොට තිබිණි.
එහිදී එම සමාගම පවසා තිබුණේ දැනට වරාය නගර භූමිය තුළ සිටුවනු ලැබ ඇති දැන්වීම් පුවරු එම භූමියේ සේවය කරන දේශීය පිරිස වෙනුවෙන් හා අවසර ලබා එහි පැමිණෙන්නන් සඳහා පමණක් සිටුවනු ලැබ ඇති බවත්, එහෙයින් ඒවායේ සියලුම රාජ්‍ය භාෂාවලින් අදාළ කරුණු සඳහන් වීමේ අවශ්‍යතාවක් නැති බවත්ය.

ඒ අනුව මතුවන ප්‍රශ්නයක් නම් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා බඳවා ගනු ලැබූ දේශීය කම්කරුවන් හා නිලධාරින් අතර දෙමළ බස කතා කරන අය නැතිද යන්නයි. මෙම නාම පුවරුව පිළිබඳ ප්‍රශ්නය මුලින්ම මතුවූයේ ඉකුත් දෙසැම්බර් මාසයේ බවත් ඒ අනුව එය ඒ දිනවලම ඉවත් කෙරුණු බවත් දැන් සමාජ මාධ්‍යවල පළවන්නේ පැරණි ඡායාරූපයක් බවත් එම සමාගම තම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබිණ. එක් අතකින් වරාය නගර ඉදිකිරීමේ භූමියේ ඇති නාම පුවරුවල සියලුම රාජ්‍ය භාෂා ඇතුළත්වීමේ අවශ්‍යතාවක් නැතැයි සමාගම පවසන හෙයින් අදාල නාම පුවරුවේ වරදක් නැතැයි එම සමාගම පවසයි. එසේ නම් එය ඉවත් කළේ කුමකටදැයි යන ප්‍රශ්නය මතුවේ.

රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ වඩාත් නිශ්චිතව සඳහන් කරන්නේ නම් නාම පුවරු ආදියේ දෙමළ භාෂාව ඉවත් කොට මැන්ඩරීන් භාෂාව යොදා ගැනීම පිළිබඳ බරපතළම සිද්ධිය වාර්තාවූයේ පසුගිය සතියේය. එනම් මැයි 19 වැනිදාය. එදින නීතිපති දෙපාර්තමේන්තුවේ ස්මාර්ට් පුස්තකාලය නීතිපති දස්පුලද ලිවේරා මහතා හා මෙරට චීන තානාපති ක්වී සෙන්හොං විසින් විවෘත කෙරිණි. එම විවෘත කිරීම සංකේතවත් කෙරුණේ එම දෙදෙනා විසින් සමරු ඵලකයක් නිරාවරණය කිරීමෙනි.

ගැටලුව නම් එම ඵලකයේද දෙමළ භාෂාවෙන් එම විවෘත කිරීම සටහන් කරනු ලැබ නොතිබීමයි. එය සටහන්ව තිබුණේ සිංහල, ඉංග්‍රීසි හා මැන්ඩරීන් භාෂා වලිනි. ඩේලි මිරර් පුවත්පත සහ සමාජ මාධ්‍ය විසින් මෙම තත්ත්වය ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසු එදිනම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මෙනෙවිය නිවේදනයක් නිකුත් කරමින් එම ඵලකය ඉවත් කළ බව සඳහන් කළාය. එම ඵලකයේ දෙමළ භාෂාව නැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරින් දැන නොසිටියා විය යුතුය. එහෙත් ගැටලුව නම් රජයේ නීති උපදේශකයා වන නීතිපතිවරයාගේ කාර්යාලයේම මෙසේ රජයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වීමයි.

මේවා ප්‍රසිද්ධියට පත් සිද්ධීන්ය. තවත් සිද්ධින් ඇති බව මනෝ ගනේෂන් මහතා හා මදිවානන් මහතා කළ ප්‍රකාශ වලින් හැඟවේ. එසේ නම් මේවා අහඹු අත්වැරදීම්මද යන ප්‍රශ්නය ඕනෑම කෙනකු තුළ මතුවීම සාධාරණය. අනෙක් අතට සිදුවීම් ගණනාවක් සිදු වීමත් ඒවායේදී බොහෝ විට දෙමළ භාෂාව ඉවත් කරනු ලැබ තිබීමත් තේරුම් ගන්නේ කෙසේද? එක් දෙයක් පමණක් පැහැදිලිය. එනම් මෙවැනි සිදුවීම් මගින් චීන සමාගම්වලට හෝ මෙරට බලධාරීන් හට හෝ කිසිඳු වාසියක් අත් නොවේය යන්නය. සිදු විය හැකි එකම දේ දෙමළ භාෂාව නොතකා හැර ඇති බව දැන ගත් විට දෙමළ ජනතාවත් දෙමළ හා සිංහල භාෂාව නොතකා හැර ඇති බව දැන ගත් විට සිංහල හා දෙමළ යන ජන කොට්ඨාස දෙකත් සිත් වේදනාවට පත්වීම පමණි.
රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව මෙසේ චීන හෝ චීන ආධාර ලබන ආයතනවල නාම පුවරු වලින් ඉවත්වීම ගැන රටේ අනෙක් ජන කොට්ඨාසවලට සතුටු විය හැකිද? අපට එවිට මතක් වන්නේ වරාය නගර භූමියේ නාම පුවරුව පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා තම ට්විටර් ගිණුමේ පළ කළ අදහසකි. ‘‘දෙමළ අක්ෂර නැත. කමක් නැහැ. නුදුරේදීම සිංහල ද නැති වී යනු ඇත. ශ්‍රී ලාංකිකයනි, අඩු තරමින් එවිටවත් අවදි වන්න’’ යනුවෙන් ඔහු සඳහන් කොට තිබිණි.

මෙම සිද්ධීන් පිළිබඳ මතභේදය මතු වී ඇත්තේ ඒ හා සම්බන්ධ වූ දේශපාලන වටපිටාවක් තුළය. එනම් පසුගියදා සම්මත කරනු ලැබ පෙරේදා කතානායකවරයා විසින් සහතික කරන ලද වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත යටතේ පත් කරන්නට නියමිත වරාය නගර ආර්ථික කොමිසම යටතේ ශ්‍රී ලංකාවේ චීන කොළනියක් බිහිවනු ඇතැයි විපක්ෂ දේශපාලනඥයන් පවසන වකවානුවකය.

භාෂාව හා ආගම යනු සංවේදී කරුණුය. දස දහස් ගණනකට ජීවිත අහිමි කළ තිස් වසරකට වැඩි කාලයක් දිග්ගැස්සුණු යුද්ධයට බලපෑ ප්‍රධාන කරුණු වලින් එකක් වූයේ භාෂා භාවිතය පිළිබඳ ප්‍රශ්නයයි. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටියදී සිංහල පමණයි පනත යනුවෙන් ඇතැමුන් හැඳින් වූ රාජ්‍ය භාෂා පනත සම්මත වූ පසුත් 1957 දී වාහන වල අංක තහඩුවේ සිංහල ශ්‍රී අක්ෂරය යොදන්නට තීරණය කෙරුණු පසුත් ක්ෂණිකව හා දීර්ඝ කාලීනව ඇති වූ තත්ත්වය කිසිවකුටත් අමතක කළ නොහැකිය.

1960 ගණන් වල චීන සෝවියට් මතභේදය හට ගත් කාලයේ සිට 1980 ගණන් වල මුල දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි මතවාදී බලපෑමක් මෙරට දෙමළ වාමාංශිකයන් කෙරෙහි ඇති වී තිබුණ ද එම බලපෑම මෙරට බෙදුම්වාදී යුද්ධයත් සමග අහෝසි වී  ගියේය. එවැනි බලපෑමක් තිබුණ ද මෙරට දෙමළ සාමාන්‍ය ජනයා චීනයට වඩා, ඇතැම් විට ශ්‍රී ලංකාවටත් වඩා මානසික වශයෙන් හා සංස්කෘතික වශයෙන් සමීප වන්නේ ඉන්දියාවටය. ඒ ඔවුන් ද්‍රවිඩ වාර්ගික භාෂාමය ජන කොට්ඨාසයක් වන හෙයිනි.

අනෙක් අතට චීනය හා ඉන්දියාව අතර හොඳ හිතක් නැත. ඒ අනුව මෙරට දෙමළ ජනයා ද චීන බලපෑම් කෙරෙහි ප්‍රසාද ජනක හැඟීමකින් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. එසේ තිබියදී චීන හෝ චීන ආධාර ඇතිව කෙරෙන ව්‍යාපෘති හා කටයුතු වලදී දෙමළ භාෂාව හැළී යන්නේ නම් දෙමළ ජනතාව එය අහඹු තත්ත්වයක්සේ පිළිගනු ඇත්ද? මෙවැනි තත්ත්වයක් රටට අවශ්‍ය නැත. මෙම අනවශ්‍ය තත්ත්වය ඉතා සුළු තීරණයකින් වළක්වා ගත හැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (15)

භාෂා ප්‍රශ්නය නැති ප්‍රශ්න හදා ගැනීමක්

පුරවැසියා Saturday, 29 May 2021 06:27 AM

ඔව්...ඔව්.... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවා සිංහල හා චීන භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු අතර ඉංග්‍රිසි භාෂාව දෙවන භාෂාව විය යුතුයි කියලා... ඔන්න මං කිව්වා .....දැන් ඉතිං දෙමළ කට්ටිය උසාවි යන්න ලේස්තිවෙන්නහෙම එපා.................එමෙන්ම වරාය නගරය වැනි පෙදෙසක වැඩි පුර වීන භාෂාව කතා කරන අය ඉන්නවානම් එම ප්‍රදේශවල රාජ්‍ය භාෂාව විය යුත්තේ එම අයගේ භාෂාවයි......

:       61       32

අප්පුහාමිSunday, 30 May 2021 12:13 AM

කොළනියක් වෙන බව දැන් ස්ථිරයිනේ... දැන් සිටම මව් රටේ භාෂාවෙන් නාම පුවරු සකස් කළාම වැරැද්ද මොකක්ද?

:       68       20

pakeer Saturday, 29 May 2021 08:19 AM

බොහොම සැහැල්ලුවෙන් විසදන්න තියෙන ප්‍රශ්න

:       36       14

ganegoda Saturday, 29 May 2021 09:31 AM

විදේශිකයින් ගැවසෙන ස්ථානවල ... ඒ ඒ භාෂාවලින් දැන්වීම් පුවරු සහ මගපෙන්වීමේ පුවරු තිබීම සාමාන්‍ය දෙයක්... ඒකත් අපේ රටට ආඩම්බර විය යුතු හේතුවක්...

:       20       89

ravinSunday, 30 May 2021 12:27 PM

එතකොට අපේ රටේ අපේම මිනිස්සු වන දෙමළ අයගේ භාෂාව කෝ..? මේ කොහෙද යන, ලෝකෙන්ම කොන්වී සිටින පර චීනෙක්ගේ භාෂාව මොකටද මේකට...?

:       78       21

ganegodaSunday, 30 May 2021 05:25 PM

ඕක ඉතින් මගෙන් අහන්න දෙයක් නෙමෙයිනේ... දෙමළ භාෂාවෙනුත් ලියලා දාන්නයි තියෙන්නේ..

:       3       29

විජිත් Saturday, 29 May 2021 04:44 PM

මෙවැනි චීන භාෂාවෙන් ලියා ඇති බෝඩ් නැතිනම් පලක දුටුවිට ඒවායේ චායා රුප හෝ වීඩියෝ ගතකරන්න. ඒවා අනාගතයේ දවසක අපට ප්‍රයෝජනවත් වේවි. මෙය මේ රටේ භාෂා ප්‍රතිපත්තියට අනුව සම්පුර්ණ නීති විරෝධිය. මේ රටේ වියවස්ථාවෙන් සම්මතකර ඇති ජාතික භාෂාවන් දෙකකි.ඒ සිංහල සහ දෙමලයි.ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව ලෙස සැලකෙනවා.

:       64       20

wimal Sunday, 30 May 2021 01:06 AM

වටිනා ලිපියකි.

:       78       7

Shaheen Fernando Sunday, 30 May 2021 01:57 AM

මේ ලිපියේ කොහේවත් කාත්තන්කුඩි ගැන ලියලා නැත්තේ ඇයි කියලා බැලුවාම අන්තිමට තමයි ලිපිය කාගේද කියලා බැලුවේ...!!!

:       4       82

fairoos Sunday, 30 May 2021 08:14 AM

කෝ අපේ ඥාණසාර හාමුදුරුවෝ?

:       49       10

vidya Monday, 31 May 2021 02:43 AM

දෙමළ භාෂාව නැතිව මෙම පුවරුව ප්‍රදර්ශනය කිරීම ඉතාම ඉතාම වැරැද්දක්...

:       89       5

SUJITHH Monday, 31 May 2021 02:58 AM

මෙම ක්‍රියාවත් ඉතාම අසාධාරණ බව අපි දනිමි. බලය හසුරුවන මෙයාට වගේ කිව යුතුයි. තවද මේ ලිපිය ලියන කෙනාට උතුරේ දෙමළ සමාජය, සිංහල භාෂාවට නිසි තැන දීලාද කියලා බලන්නත් කියලා.. යෝජනා කරමි... නගරයේ බොහෝ තැන්වල සිංහල තැන්වල සිංහල භාෂාව නැත.

:       1       124

Ruhunu Monday, 31 May 2021 04:44 AM

මැද උයන නෙවෙයි මැද මුලන කියලා දාන්න තිබුනේ...

:       59       10

Ashan Monday, 31 May 2021 04:47 AM

අපේ රටේ බොහොමයක් නාම පුවරුවල ඉංග්‍රීසි භාෂාව සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තරය සමග වැඩ කිරීමට අවශ්‍ය නිසාද? නැතහොත් අප ඉංග්‍රීසි යටත් රාජ්යක්ව පැවති නිසාද? නැතහොත් චීන භාෂාව ජාත්‍යන්තර භාෂාවක්ද? අප චීන යටත් විජිතයක්ද? සමාජ ගිණුම් වලින් එළියට බැස ජාතිය ඇමතිය හැකි විරුවන් රටට වුවමනා කර තිබේ.

:       1       63

ganegodaMonday, 31 May 2021 07:50 AM

අපි ශ්‍රී ලාංකිකයෝ... පිටරටකදී අපේ භාෂාවකින්, දැන්වීම් පුවරුවක් හෝ මග පෙන්වීමේ පුවරුවක් දැක්කාම දැනෙන සැහැල්ලුව ඇයි අපි අපේ රටට එන විදේශිකයින්ට නොදෙන්නේ? අපි ඒ තරම් දූපත් මානසික රෝගියෝද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 829 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 401 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12710 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 697 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site