අපේ රටට මුල්වරට වාහනයක් නොහොත් පාරෙ දුවන වාහනයක් ගෙන්වනු ලැබුවේ 1889 ඔක්තෝබර් 31 වැනිදාය. ඉකුත් වසරේ රජයේ ලියාපදිංචි වූ වාහන සංඛ්‍යාව හාරලක්ෂ විසි නවදහස් පන්සිය පනස්හයකි. (මහ බැංකු වර්තාව - 2015)
අද වාහන ලක්ෂ 6 කට වැඩිය.
ලියාපදිංචි නොකොටත්, පාරට නොදමා තිබෙන වාහන කොතරම්දැයි යන්න අපට උත්තරයක් නැත. එසේම ලියාපදිංචි නොකළ පාරේ දුවන වාහන ප‍්‍රමාණය කොතරම්දැයි කීමටද නොහැකිය.
කෙසේ වෙතත් දිනෙන් දින වාහන ප‍්‍රමාණය වැඩිවන බව නම් පෙනෙන්නට පමණක් නොව අත්දකින්නටද හැකිවී තිබේ. කොතරම් වාහන රට තුළට ගෙන්වුවද තිබෙන ‘පාරවල්’ ප‍්‍රමාණය කොතරම් පළල් කළත් කිලෝමීටර ගණන් දිගු කළත් ප‍්‍රමාණවත් වන්නේ නැත.
‘ආසියාවේ ගරාජය’ ලෙස ලෝකයා අපව හඳුන්වන විට අපට දැනෙන්නේ අතිශය කනගාටුවකි. දිනෙන් දින එකතුවන වාහන සංඛ්‍යාවේද නිමක් නැත.
එනිසාම දිනෙන් දින උග‍්‍රවන මාර්ග තදබදයට තවමත් නිශ්චිත දිගු කාලීන පිළියමක් යොදනු නොපෙනේ. එහෙත් මිල වැඩිකිරීමෙන්, බදු වැඩිකිරීමෙන් හා බැංකුවලින් කල්බදු දීම නතර කරවීම මගින්ද ක‍්‍රියාත්මක කළ හැකි වාහන තදබදය ඇති ‘පාරේ නීති ප‍්‍රතිපාදන’ අතුරින් ප‍්‍රශස්තතම සහ න්‍යාය පත‍්‍රයේ මුලටම ගැනුණු නීතියකට යළිත් ජීවය ලැබී තිබේ.
ඒ මං තීරු නීතියයි.
බත්තරමුල්ල ජයන්ති මාවත පෙදෙසට පමණක් සීමාවුණු මංතීරු නීතිය කොළඹ පුරා පැතිරෙන්නට වූයේ පොලිස් නිලධාරීන්ට අඩියෙන් අඩිය දකින්නට සැලැස්වීමෙනි.
මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ විටින් විට දිනෙන් දින අත්අඩංගුවට ගැනුණු හා අධිකරණයට යොමුකළ දඩ කොළ නිකුත් කළ මාර්ග නීතිය කඩකළ වැරැදිකරුවන් සංඛ්‍යා සමඟ මෙවැනි අදහසකි.
‘මාර්ග නීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරට බැසීමෙන් වෙනදාට වඩා නඩු සංඛ්‍යාවක් ලබාගත හැකියි.’ යනුවෙනි.
‘වැඩි ප‍්‍රමාණයක් නඩු’ යන කාරණාව ඉස්මතු වුණත් ඒ අදහස යටි පැත්තේ තිබෙන අවවාදය හා අනතුරු හැඟවුම ‘තදියම් කාරයන්ට’ අතිශයින් අදාළය.
ට‍්‍රැෆික් වැඩිවන්නේ ඇයි. මේ ප‍්‍රශ්නයට විවිධ පිළිතුරු තිබේ. එක එක්කෙනා කියන පිළිතුරුවලට වඩා පොලිසිය කියන දේ පිළිගත හැකිය. එසේම පිළිගත යුතුය.
ලෙහෙසියෙන්ම සැලකිලිමත් විය හැකි මං තීරු නීතිය තෝරාගැනුණේ ඒ අනුව විය හැකිය. අවශ්‍ය කෙරෙන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කාර්යක්ෂමතාවයි. අපි මේ දිනවල එම නිලධාරීන් පාරේ වැඩිපුර දැකීමෙන් කාරණාව ස්ථිර කර ගතිමු.
මං තීරු නීතියෙන් බලාපොරොත්තු වන්නේ වාහන තදබදය නැති කිරීම නොව අවම කිරීම බවට විවාදයක් නැත. එසේ වුවත් පොලිසියේ ඇති මෝටර් රථවාහන අංශයකින් ඔවුන්ගේ රාජකාරී ස්වභාවය කුමක්දැයි ඇසූ විට ලැබුණේ මේ පිළිතුරුය.
‘අපේ රාජකාරිය පටන් ගන්නේ උදේ 6.00 සිට ? 9.00 පමණ වන තුරුයි. අපට ඉන්න සිද්ධවෙලා තියෙන්නේ පාර මැද්දේ. අවදානමකුත් නැතිව නෙවෙයි. මොකද ඉන්නේ විවිධ වයසේ රියදුරන්. වයස්ගත රියැදුරෙක් අපව හප්පාගෙන ගිහිං දැක්කේ නෑ කියන්න පුළුවන්. ඒ වගේම රේස් යන වාහනත් අපට අවදානම්. මොන බාධක මැද්දේ වුණත් අප අපට නියමිත රාකාරිය කරනවා.
රාජකාරියේ අනතුරු අඩුවන බව කියන්නට දෙයක් නැත. ඒ කෙසේදැයි දැන ගැනීම වැදගත්ය. ඊට අරමුණක් තිබේ.
රියැදුරන්ගේ හික්මීම, ඉවසීම, නීතිගරුක බව විශේෂයෙන් අපේක්ෂා කෙරෙන බවයි පැවසෙන්නේ.
නීතිය කඩ කළොත් සිදුවන හා මුහුණ දෙන්නට වන කාරණා පැහැදිලි කළේ පාර මැද රාජකාරී කරමින් සිටි ට‍්‍රැෆික් පොලිස් නිලධරයකුගේ කාරුණික අනුග‍්‍රහයෙනි.
‘පාරේ තියෙනවා ඉරි වර්ග හතරක්. තනි ඉර, ද්විත්ව ඉර, කහ ඉර, සහ කඩ ඉර, ද්විත්ව ඉර (රේඛාව) කැපුණොත්, කැපුවොත් කෙළින්ම අධිකරණයට යොමු කරනවා. තනි ඉරේදී ඉස්සර කිරීම තහනම්. අහුවුණොත් දඩ කොළයක්. රුපියල් දාහක දඩයක්. කහ ඉර මත නතර කිරීම තහනම්. ඒ කියන්නෙ ‘නෝ පාර්කිං’, කඩ ඉර ඉස්සර කිරීමට යෝග්‍ය වෙනවා.
රියදුරු බලපත‍්‍රයක් ලබාගැනීමේදී පාරේ නීති සහ රීති දැනගන්නට සේම අත්දැකීම්ද ලැබේ. එසේ වුවත් වැරදි කරන්නේ දැන දැනම නොවේද? වැරදි කරන්නන්ට දඬුවම එවෙලේම පාරේ නීතිය ගරු නොකරන්නේ කවුරුන්ද? ඔවුන්ටය. නීතීයෙන් දඬුවම් ලැබෙන්නේ බෙහෝ විට දෙවනුවය.
මුලින්ම ලැබෙන්නේ පාරෙන්ම ලැබෙන දඬුවම්ය. දකුණෙන් යන වාහන වලට ඉඩදීම ඉස්සර කිරීමේ ක‍්‍රමවේදයට පිටින් යෑම හැරවීමේදී අනුගමනය කළ යුතු නීතිය කඩවීම මගින් බොහෝ විට ශරීර අවයව අහිමිවීමත් ජීවිතයෙන් වන්දිගෙවීමටත් සිදුවන බව පැහැදිලිය.
එය එල්.ටී.ටී.ඊ. යුද සමයේ නැතිවුණු ජීවිත සංඛ්‍යාවට වඩා මාර්ග අනතුරුවලින් ජීවිත අහිමි වීම යනුවෙන් ප‍්‍රකාශයක් නිකුත්වීමෙන්ම එය සපථ වී තිබේ.
තරගයට යන බස් රථ, ත‍්‍රිරෝද රථ හා මෝටර් බයිසිකල් පොලිසියේ චෝදනාවට ලක්වී ඇති වාහන වෙයි. අනතුරු බහුලව ඇත්තේ මෝටර් බයිසිකල්ය. ඒවා අතුරින් මෝටර් බයිසිකලයක් මිලදී ගෙන බොහෝ විට අනතුරු සිදුවන සම්භාවිතාවට පාත‍්‍රවන්නේ මුල් මාස තුනේදී බවද හෙළිවිණ.
මංතීරු මාර්ග නීතියට වැඩි කැමැත්තක් දක්වන්නේ මගී ජනතාව වන අතර අඩුම කැමැත්තක් දක්වන්නේ බස් රථ රියැදුරෝය. මැදිහත් අදහස් දක්වන්නෝ යතුරු පැදිකරුවෝය. වැඩිවශයෙන්ම කාගෙත් චෝදනාවට පාත‍්‍රවී ඇත්තේ ත‍්‍රිරෝද රථ රියැදුරන්ය.
වැඬේ කියන්නේ දොස් පිට දොස් කියාම මගියා නගින්නේ ත‍්‍රිරෝද රථයකට වීමය.
චෝදනාවට ලක්වන පරපුරේ ත‍්‍රිරෝද රථ රියැදුරෙකු වූ මත්තේගොඩ පදිංචි, කොට්ටාවේ රථගාලක සිට ‘හයර්’ දුවන කෙනෙකු මට හමුවිය. මේ ඔහු කියන කතාවය.
‘මගේ නම සුජිත්. නීතිය දාපු එකනම් හොඳයි. ඒත් අපට දවසේ වියදමවත් හොයාගන්න බැරිවෙන හැඩකුයි පේන්නේ. කෙනෙක් ති‍්‍රිීවීලරයකට නගින්නේ බස්සෙකේ ගිහිං බැරි හින්දා ඉක්මනට යන්න. අපට තරම් කරදරයක් කාටවත් නැතිව ඇති. රථගාල් ප‍්‍රශ්න, නැගපු සමහර නරුම අය ගමන් වියදම් පවා නොදී බැහැලා ගිහිං තියෙනවා.
සමහරු යන්න බැරි පාරවලත් යන්න කියනවා. මං මගියා කවුරුන්ද මොනවගේ කෙනෙක්ද කියලා බලන්නේ නැහැ. ඔහුගේ හෝ ඇයගේ මූලික අපේක්‍ෂාව ‘ගමන’ යෑම නිසා මට අනෙක් ඒවා වැදගත් නැහැ.
ඉක්මනට ගමන් උවමනා අය නිසා ඉරි කපාගෙන යන්න වෙනවා වාහන අඩු තැන්වල. නමුත් අපට පුළුවන් තරම් නීතියට ගරුකරමින් ඒ අනුව වීල් එක පදවනවා. නමුත් මාර්ග තදබදයට මං තීරුව විතරක් මදි. වෙනත් විකල්පත් ඕනෑ.
බස් රථ රියැදුරන් සුජිත්ලාට දොස් කියන බව සුජිත්ලා සමහරෙක් දනිති. සමහරෙක් නොදනිති.
මේ බස් රථ රියැදුරෙක්. (නම ලියන්න එපා කියූ)
මේ එම බස්රියේ රියැදුරාගේ වදන්.
‘සියලූම වාහන වමෙන් යන්න ඕනෑ තමයි. නමුත්, මට ඉදිරියෙන් යන බස් රියදුරා ‘කෑලි’ එකතු කරමින් ළත වෙනවා නම් ඊට පිටුපස සිටින කාටත් සිද්ධ වෙන්නේ සුසුම් හෙළන්න. කේන්ති ගන්න. ඒ හින්දා අප ඉස්සර වෙනවා. එක හොඳක් තියෙනවා. ට‍්‍රැෆික් එක බ්ලොක් වෙන්නේ නැහැ. අඩියෙන් අඩියට හරි ඉස්සරහට යනවා. ලිහෙනවා. අපි නෙමෙයි වැරදි කරන්නේ. මගියෝ. අපිට නීති දාන්න බැහැ. පාරේ නීතිය අපට වගේම මගීන්ටත් තියෙනවා. පිටුපස දොරටුවෙන් නැගලා ඉදිරි දොරෙන් බහින්න. හැම වෙලාවෙම බස් රථය මගීන්ගේ පොදු ප‍්‍රවාහනයට අයිති වාහනයක් බව සිතන්න ඕනෑ. ඒ කියන්නේ තමං ගැන විතරක් බලන්න එපා කියලා. බහින්න එපා කියද්දීත් සමහරු බහිනවා. එයින් ඇද වැටෙනවා. අපිට බැණුම්.’
එතකොට රේස් යන්නේ. කොට කොට යන්නේ. ෆෝන්වලින් බස් දුවන්නේ...?
මා ප‍්‍ර‍්‍රශ්න කළේ මාද මගියකු වන බැවිනි.
හයිලෙවල් පාරේ රේස් යන්න බැහැ. අපි හිතමු හෝමාගමින් ටයිම් කීපර්ට අනුව බස් එක පිටකොටුවට පිටත් වුණා කියලා. එතැනිින් පිටවුණ වෙලාව විතරයි සටහන් කෙරෙන්නේ. එන පිළිවෙළටයි ඊළඟ ටර්න් එක ලැබෙන්නේ. අහවල් වෙලාවට එන්න කියලා නියමයක් නැහැ. හැබැයි ඉතින් පිටත් වුණ බස් එකක් ඉක්මනට ගිහිං ඉක්මනට පැමිණීම තමා සිද්ධවෙන්නේ. ඒක රේස් එකක් වගේ සමහරුන්ට පේන්න පුළුවන්.
අනෙක කොට - කොට යන්න වෙනවා කියන්නේ හැම හෝල්ට් එකේම නවත්වන්න වුණාම. එහෙම වෙන්නේ නිවාඩු දවස්වලට මිසක් ලෝඞ් එක තියෙන දවස්වල නෙමෙයි.
ෆෝන්වලින් බස් දුවන කට්ටියක් ඉන්නවා. වැඩිපුරම ඉන්නේ දුරගමන්වල. පිළියන්දල 120 රූට් එකෙත් ඉන්නවා. හයිලෙවල් පාරෙ නම්, ඒකත් රෙදි මෝල ළඟින් පාර දෙකට බෙදෙනවත් එක්කම තමයි.
මහරගම වගේ පටු පාරවල් තිබුණොත් ටැෆික් එක නවත්වන්න බැරි වෙනවා. බස් ස්ටෑන්ඞ් එකේ මැදින් බස් මහරගම පරණ පාරට දැමීමට වඩා හොඳයි අර වන්වේ පාරත් යන එන වාහන දෙවර්ගයටම විවෘත කරනවා නම්.
බස් මගීන් නැවතුම් පොළ මගහැර නැගීමේ අවස්ථාද මාර්ග තදබදයට බලපෑමක්ද? බලපෑමක් පමණක් නොව අනතුරු බහුල වීමටද හේතුවක් බවයි රියදුරන් පවසන්නේ. එහෙම මූණ දෙන්න වූ සිදුවීම් නම් ඕනෑ තරම් තියෙනවා. අපට බේරාගන්න බැරි අනෙක් කරදර කාරයෝ තමයි මෝටර් බයිසිකල්’ යැයි කතාව නිමකරමින් නම ලියන්නට එපා කියමින් බස් රථය ධාවනයට සූදානම් කරමින්ම කීවේ පත්තරේ දාලාවත් අපට වෙන අසාධාරණය නැති කරන්නැයි ඉල්ලා සිටිමිනි.
යතුරු පැදිකරුවන්ගේ අදහස් ඊට වඩා වෙනස්ය. මේ මහරගම තිළිණගේ අදහස්. ඔහු තරුණයෙකු වන අතර දිනපතාම ‘වැඩට’ යන්නේ මහරගම - කොළඹ කොටුව අතර මෝටර් බයිසිකලයෙනි.
ත‍්‍රීවීල් හරිම කරදරයි අපට. පාර පුරා යනවා. වමෙන් ඉස්සර කරනවා. අතන එකක් මැද එකක්, මේ දකුණේ තව එකක්. ඔවුන්ට රිංගන්න මයි හිත. අපට ඇති කුඩා තීරුවත් ඔවුන් ප‍්‍රයෝජනයට ගන්නවා. පොලිසිය පාර මැද ඉන්න නිසා දැන් ඒක ටිකක් අඩුයි. ඔවුන්ට පුළුවන් අංශක 90කින් කකුල් දෙකක් දාල මූණත් හරවන්න.
හුඟක් ත‍්‍රීවීල්වල තියෙනවා හැඬලය එහෙම හරවන්න බැරි කොටසක්. ඒක කැඩුවම පුළුවන් කෙළින්ම යූ ටර්න් ගහන්න. පොලිසියේ මහත්වරුන්ටත් ඔවුන් තමයි වැඩිපුර අහුවෙන්නේ. දඩ කන්නේ. කොහොම වුණත් නීතිය දැමීම නම් හරිම හොඳයි. පුරුදු වෙනකොට පහසුවක් දැනේවී. අද අපි විතරක් නෙමෙයි. ගෑනු අයත් වැඩට යන්නේ ස්කූටි වලින්. මම කියන්නේ අපට තියෙන චාන්ස් එක නැති කරන්න එපා කියලා, ත‍්‍රීවීල් රියදුරන්ට. කොහොම වුණත් නැකතට වෙඩින්වලට නම් ගිහිං හමාරයි. මඟුල් කන්න වෙන්නේ මහ පාරේ. ඇම්බියුලන්ස් නම් කොහොම හරි යාවි.
මගියා පාරේ නීතිය ගැන කියන්නේ මොනවාදැයි දැන ගත්තේ දිනපතා කොළඹ යන එන චන්දනගෙනි. ඔහුට ඔහුගේම වාහනයක් තිබේ. ඒ කුඩා වෑන් රථයකි.
නීතිය දාපු එක නම් ඉතා හොඳයි. නීතිය දැමීමෙන් යම් ‘දමනයක්’ ඇති වෙනවා. දඩ කොළේ ලියන්නම ඕනෑ. අවවාද කරලා නිදහස් කළොත් ඒ වැරැුද්ද එදාම කිහිප සැරයක්ම කරනවා. අනෙක පාරේ පොලිසියෙන් ඉන්නවා කියලා දැනගත්තාම තදියම්කාර, හදිස්සිකාර, විසේකාර උදවිය පසුබානවා බයට.
දඬුවමට කවුරුන්ද බය නැත්තේ. අනෙක රස්තියාදුව. මම මගේ වාහනයට ගෙදර අයත් දාගෙන යන්නේ නීතියට අනුවමයි. මගේ ළඟ ඉරි කැපිලි නැහැ.
එක්තරා තදියම්කාර බස්රථ රියැදුරෙකු කීවේ පොලිසියේ මහත්තුරුන්ට හැංගිලා ඉන්න එපා කියන්නැයි කියාය.
එනම් ඉන් ගම්‍ය වන්නේ පොලිසිය නිසා නීතිගරුක වෙන බවයි. එය එසේ නොවිය යුතුයි. නීතිගරුක විය යුත්තේ මහජන යහපත පිණිසය. පොලිසිය සිටින්නේ සාමය ආරක්ෂා කරමින් මහජන යහපත ඉඩ පාදා දීමටය. පොලිසිය කරදරයක් කරනවාය කියන රියැදුරන් සිතා බැලිය යුත්තේ තදබදයක් වෙලාවට පොලිසියේ මහත්තයෙක් නැත්නම් සිදුවිය හැකි උග‍්‍ර වාහන තදබදය ගැනය.
පොලිසියේ හස්ත සංඥාත් පාරේ ඇති සංඥාත් දෙකම එකවර ක‍්‍රියාත්මක වීම හේතුවෙන් අනවශ්‍ය මාර්ග තදබදයක් ඇතිවෙන බවට මැසිවිලි නගන මගියාට සිය රාජකාරී සඳහා පැමිණෙද්දී වදින ‘රතු ඉර’ ගැනද සිහිකරන්නේ පොදු ප‍්‍රවාහනය ගැන කෝපයෙනි.
කවුරු කවුරුත් එකිනෙකාට චෝදනා කිරීමෙන් නම් ප‍්‍රශ්නයට විසඳුම් සොයාගත නොහැකි වන අතර නීතියක් පැනවූ කල එම නීතියට යටත් වීම කාගෙත් යුතුකමකි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මං තීරු නීති හොඳද නරකද?
විකී Thursday, 17 December 2015 11:31 PM
පළපුරුද්දෙන් කියන්නේ. උත්තරය නීතිය සහ විනය ස්ථාපිත කිරීම, ක්‍රියාත්මක කිරීම පමණයි. කෙටි මාර්ග නැහැ. දැන් පරිගණක ක්‍රමවේදයන් දියුණු නිසා නීතිය ක්‍රියාත්මක කිරීම අපහසු නැහැ. මම ඉන්න රටේ පොලිස් වාහනයට පුළුවන් ඒ වෙලාවේම රියදුරාගේ සියලුම විස්තර ගන්න. කිසි කෙනෙකුට සැඟවෙන්න බැහැ (නි)
අර්නෝල්ඩ් ගුණර්ධන Wednesday, 16 December 2015 06:01 AM
රියදුරු බලපත් දීමේදී තව නීති පැනවිය යුතුයි. ඔබ දන්නවද අකුරු කියවන්න බැරි රියදුරන් ඉන්න බව බොහොම තරුණ අය.(ම)
විදර්ශන Tuesday, 15 December 2015 02:08 PM
හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ. මෝටර් සයිකල් වලට කියලා අස්සෙන් යන්න දෙන්න ඕනේ නෑ නේ. අනික් වාහන වගේම පිළිවෙලකට යන්න ඕනේ. එහෙම නැත්තම් හැප්පුනට මුකුත් කියන්න බෑ. (හේ)
දිමුත් Thursday, 17 December 2015 12:44 PM
හැමෝම එකිනෙකාට චෝදනා කරනවා. හැබැයි ත්‍රීවීල් වලට නං විනයක් ඇත්තෙම නැහැ. (අ)
මහින්ද Wednesday, 16 December 2015 06:00 PM
මංතීරු ක්‍රමය ඉතාම හොඳයි. මමද ඉතා අගයකොට සළකමි. (නි)
කිරන් Thursday, 17 December 2015 03:23 PM
පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම කළයුතුයි. බස් නැවතුම් වල වැඩි වේලාවක් නවතවා නොසිට ඉක්මන් කඩිනම් පහසු සේවාවක් මඟියා වෙත ලබා දී පෞද්ගලික වාහන භාවිතයට ඇති නැඹුරුව අඩුකිරීම තුළින් මාර්ග තදබදය අවම කළහැකියි. (නි)
ජනක Wednesday, 16 December 2015 12:33 AM
මාර්ග නීති තදකරන එක මම අත් දෙකම උස්සා අනුමත කරමි. (නි)