IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මැකෝ වැඩ පටන් ගනී

 

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතින් සකස් කිරීම පිළිබඳ ප‍්‍රශ්නය ඉකුත් සතිය පුරාමද දේශපාලන කරළියේ දැඩි කතා බහට ලක්වූයේය. ඒකාබද්ධ විපක්ෂය නොනවත්වාම ආණ්ඩුවේ ව්‍යවස්ථාවට පහර පිට පහර දෙමින් තිබෙන්නේ යෝජිත ව්‍යවස්ථාවෙන් රට කෑලිවලට බෙදී වෙන්ව යන බවට චෝදනා කරමිනි. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව උත්සාහය අත නොහරින බවක් පෙන්නුම් කරමින් තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ දැඩිවිරෝධතාව මැද ව්‍යවස්ථා සකස් කිරීමේ කටයුතු හෙමින් වුවද නොනවත්වාම සිදුකරමින් තිබීමෙනි.

ණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදය සයිටම් ගැටලූව ආදී අර්බුද මැද ආණ්ඩුවට අලූතින් එල්ල වී ඇති චෝදනාව උතුරු කොරියාවට සම්බාධක පැනවීමය. ඇතැම් දේශපාලනඥයෝ ආණ්ඩුවේ පියවර දැඩි ලෙස විවේචනයට ලක් කරති. ”උතුරු කොරියාවට සම්බාධක පැනවීම පලක් නැති වැඩක්. ඇමෙරිකාවේ  ඕනෑකමට කරපු දෙයක්. එහෙම නම් ඉන්දියාව වගේ රටවල් මේ වගේ පියවරක් ගෙන තිබෙනවාද? ආදී වශයෙන් විපක්ෂ දේශපාලනඥයෝ ආණ්ඩුවට දමා ගසමින් සිටිති.

එහෙත් ආණ්ඩුව සඳහන් කරනුයේ එක්සත් ජාතීන්ගේ කොරියානු ප‍්‍රජාතාන්ත‍්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධකවලට අනුව යමින් එම පියවර ගත් බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටක් හා නීති රීතිවලට අනුව යමින් ආණ්ඩුව එසේ කළද අවශ්‍ය නම් සම්බාධක නොපනවා සිටීමේ හැකියාවක් පවා තිබෙන බවද තවත් අදහසකින් පැවසේ. කෙසේ වෙතත් න්‍යාෂ්ටික, රසායනික සහ ජීව විද්‍යාත්මක අවි සහ ඒවා යැවීමේ උපක‍්‍රම ව්‍යාප්ත වීම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වන බව පෙන්වා දෙමින් උතුරු කොරියාවේ න්‍යාෂ්ටික අත්හදා බැලීම් හෙළාදකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එම සම්බාධක පනවා තිබේ.

මේ අතර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතැම් පිරිස් අකුල් හෙළීම පිළිබඳව ඇමති මනෝ ගනේෂන්ට හොඳටම කේන්ති ගොස් තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අහම්බෙන් මුණගැසුණු මාධ්‍යවේදීන් පිරිසක් සමඟ මනෝ ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නන්ට හොඳටම දෙහි කැපුවේය. ”1987 ඉඳලා 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මකවුණා. හැබැයි එහි තිබෙන බලතල ක‍්‍රියාත්මක කරන්න පළාත් සභාවලට අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් නව ව්‍යවස්ථාවක් හදන්න ආරම්භ කරලා තියෙනවා. මේ වගේ වැඩකරන කොට අපි කාටවත් වැනීසියේ වෙළෙන්දා වගේ හැසිරෙන්න බැහැ. මස් රාත්තලම ඉල්ලූවට ඒක දෙන්න බැහැ. මොකද මේ රට අපට වටිනවා. රටේ සාමය සංහිඳියාව බිඳෙන විදියට අපට නීති හදන්න බැහැ. මේ අය පදනමක් නැතිව කෑකෝ ගහනවා.” යැයි මනෝ ගනේෂන් කීවේය. මනෝ ගනේෂන් එසේ කියමින් සිටියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද ඒ අසලින් ගිය අතර මාධ්‍යවේදීහු මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයාට ඔවුන් පෙන්වා විහිළුවක් කළහ.

හිටපු කෘෂිකර්ම ඇමැතිවරයාට වගා සංග‍්‍රාම මතක් වී ඇත්තේ හාල් කිලෝව රුපියල් සියයටත් පොල් ගෙඩිය රුපියල් එකසිය පනහටත් ගොස් රටේ ජනතාව අමාරුවක වැටුණායින් පසුව යැයි මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී දිලූම් අමුණුගම චෝදනා කරයි. දිලූම් අමුණුගමගේ එම චෝදනාව එල්ල වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටය. ඔහු කලක් කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. ඉකුත්දා මිනුවන්ගොඩදී පාක්ෂිකයන් පිරිසක් සමඟ පැවැති රැස්වීමට සහභාගි වූ මන්ත‍්‍රීවරයා දිගට හරහට ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පහර පිට පහර දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරුණ තරුණියන් බඳවා ගැනීම සඳහා පැවැති රැස්වීමේදී දිලූම් අමුණුගම තවදුරටත් අදහස් දැක්වූයේය. ” ආණ්ඩුව රටේ සම්පත් විකුණාගෙන කනවා. හම්බන්තොට වරාය වික්කා. මත්තල ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග වික්කා. දැන් රට කෑලි නවයකට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් එනවා. රටේ ජනතාව මේවාට විරුද්ධයි.” යැයි දිලූම් අමුණුගම මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. ”දැන්බලන්න නිදහස් පක්ෂය එපා කියලා අලියට ගැහුවත් අලියා එපාය කියලා නිදහස් පක්ෂයට ගැහුවත් එහෙම නැත්නම් සීනුවට ගැහුවත් දෙමළ සන්ධානයට ගැහුවත්, මුස්ලිම් කොංග‍්‍රසයට ගැහුවත් ඒ හැම ඡන්දයක්ම යන්නේ ආණ්ඩුවටයි. ඡන්ද පත‍්‍රිකාවේ මොන ලකුණට ගැහුවත් ඡන්දෙ වැටෙන්නේ ආණ්ඩුවටයි. එහෙම නම් ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද? ඒකට තමයි අපි නෙළුම් පොහොට්ටුව ගෙනාවේ.” යැයි මන්ත‍්‍රීවරයා කීවේය.

මැතිවරණ කොමිසම ඡන්දයට වැඩ ආරම්භ කර තිබේ. එම කොමිසම සඳහන් කරන ආකාරයට මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු ඡන්ද නිලධාරින්ගේ සංගණන කටයුතු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආදිය සිදු කෙරෙමින් තිබෙන බවද දැනගන්නට තිබේ. ලබන දෙසැම්බර් මාසයේදී ගුරුවරුන් සාමාන්‍ය පෙළ විභාග කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වන නිසා 16 2017 ඔක්තෝබර් මස 13 වැනිදා සිකුරාදා වැඩ ඡන්ද වැඩට යොදා ගන්නා ගුරුවරුන් කල්තියා පුහුණු කිරීමටද මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ. මේ අතර කොමිසමේ සභාපති ඉකුත්දා හිතවතුන්පිරිසක් සමඟ දීර්ඝ විස්තරයක් කළේය.

හිතවතුන් පිරිස මහින්ද දේශප‍්‍රියගෙන් විමසා ඇත්තේ ඡුන්දය කල්දැමීම හා ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගට එල්ල කරන චෝදනා හා අවලාද ගැනය. ”පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තුන් දෙනෙකුයි එක්තරා නීතිඥ මහත්තයෙකුයි මට ගහනවා. රටේ හිටපු ප‍්‍රධාන පුද්ගලයකුත් මේකට ගෑවිලා. මගේ සම්ප‍්‍රදායක් තියෙනවා මම ප‍්‍රතිපත්තියක් අනුව දේශපාලනඥයන්ට උත්තර දෙන්නේ නැහැ. උත්තර නොදෙන කෙනෙකුට දිගින් දිගටම පහර පිට පහර ගහන එක ඒක කරන කෙනාටම අන්තිමට හිසරදයක් වෙනවා. කනගාටුවක් වෙනවා. මට මතක් වෙන්නේ ධම්ම පදයේ ගාථාවක්. ධම්ම පදයේ 227 වැනි ගාථාව. ඒකෙන් කියන්නේ කතා කළත් බනිනවා. කතා නොකළත් බනිනවා කියලයි. මේක මගේ හරි කොමිසමේ හරි ගැටලූවක් නොවෙයි. පළාත් පාලන ආයතනවලට පත්වන සභිකයන් සංඛ්‍යාව ඇතුළත් කරලා ඇමැතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් මට කරන්න දෙයක් නැහැ.  ඕන නම් ඇමැතිට පුළුවන් ගැසට් පත‍්‍රය නිකුත් කිරීම තව තවත් පමා කරන්න. ඇත්තටම පළාත් පාලන ඡන්දය කල් දැම්මා. පළාත් සභා ඡන්දය කල් දැම්මා. හරියට මේක ගෝඩියන්ගේ ගැටේ වගෙයි. ඒ තරම් සංකීර්ණයි.” යැයි දේශප‍්‍රිය දිග කතාවක් කීවේය.

වර්තමානයේ ඡුන්දය කල් යෑම ඔහුට අනුව ගෝඩියන්ගේ ගැටය වැනිය. අතීතයේ බොහෝ දෙනා ප‍්‍රහේළිකා විසඳන්න, තේරවිලි තෝරන්න සහ ගැට ලිහන්න උනන්දු වුණා. ඒ අතර ගෝඩියන් නමැති ගැටයක් තිබුණා. ඒක ඉතා ප‍්‍රසිද්ධයි. ඒ ගැටය සංකීර්ණයි. රටේ ජනතාව හිතුවේ ගැටය ලිහන්න පුළුවන් වෙන්නේ ප‍්‍රඥාවන්තයෙකුට පමණක් බවයි. හැබැයි මහා ඇලෙක්සැන්ඩර් රජු එම ගැටය ලිහුවා. ඔහු ලිහුවා නොවෙයි කඩු පහරකින් ගැටය කපා දැමුවා. මහින්ද දේශප‍්‍රිය මතක් කරදුන්නේ ෆ්‍රීජියේ අගනුවර වූ ගෝඩියම් නගරය හා සම්බන්ධ පැරණි ග‍්‍රීක කතාන්දරයකි. ඔහු කියන්නේ අද ලංකාවේ ඡන්ද ගැටය එක්කෝ පාර්ලිමේන්තුවෙන් කපා දැමිය යුතු බවය. එසේත් නැතිනම් අධිකරණයෙන් ලිහා දැමිය යුතු බවය. ගැටය ලිහා දැමීම හෝ කපා දැමීමට හෝ බලයක් කොමිසමට නැති බවද හෙතෙම සඳහන් කරන්නේය. ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පුංචි ඡන්දය සඳහා මෙවර ඡන්ද දායකයන් එක්කෝටි පනස්හත් ලක්ෂයක පමණ සංඛ්‍යාවක් සුදුසුකම් ලබා සිටින බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාවිතයට ගනු ලබන්නේ 2017 ඡන්ද හිමි නාමලේඛණය වීම විශේෂයකි.

එම නාමලේඛනය ලබන දොළොස්වැනි දින සහතික කරන බවද පැවසේ. සාමාන්‍යයෙන් ඉකුත් වසරට සාපේක්ෂව මෙවර ඡන්දදායකයන්ගේ ප‍්‍රමාණය ලක්ෂ දෙකකින් පමණ වැඩි වී තිබෙන බවද පැවසේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට මීට ඉහතදී සාකච්ඡාවක් පැවැත්විණ.

දෙරටේ ජනතාව අතර සමීප සබඳතාවයක් පවත්වා ගෙන යාම එහි අරමුණ වේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා වර්ධනය වෙළෙඳ සංචාරක හා නව රැකියා                   අවස්ථා ප‍්‍රවර්ධනය කරගැනීම මෙවර අරමුණ වේ. ඒ සඳහා කොළඹ හා තූත්තුකුඩිය අතර මගී ප‍්‍රවාහන නාවුක සේවා මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට අභිලාෂය ප‍්‍රකාශ කිරීමට ඇයදුම්පත් කැඳවා තිබුණ ද ඒ සඳහා සුදුසු ආයෝජකයකු ඉදිරිපත්ව සිටියේ නැත.

වරාය හා නාවික කටයුතු නව අමාත්‍ය සිය ධුරය භාරගත් පසුව ඒ සඳහා නැවත කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව නැවත ආයෝජකයකු සොයාගෙන එම මගී නෞකා සේවය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර නව රැකියා අවස්ථා ප‍්‍රවර්ධනය කර ගැනීමත් වෙළෙඳ ආර්ථික සබඳතා තහවුරු කර ගැනීමත් වැඩපිළිවෙළේ අරමුණ වේ.

උතුරුමැද සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවලට අයත් සීමා නිර්ණය කටයුතු දැන් ආරම්භ කර තිබේ. සීමා නිර්ණය කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් සඳහන් කරනුයේ ඉතා පරෙස්සමෙන් හා කාර්යක්ෂමවත් නිවැරැදිවත් කොට්ඨාස බෙදා වෙන්කිරීමේ වගකීම තම කමිටුව වෙත පැවරී තිබෙන බවය. එම අභියෝගය බාර ගන්නා අතර මාස තුනක කාලයක් ඇතුළත එම කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.

වාර්තාවන ආකාරයට පළාත් පාලන කොට්ඨාසවලට වඩා පළාත් සභා කොට්ඨාසවල සීමා නිර්ණය කටයුතු පහසුවන බවද පැවසේ.මේ අතර මැතිවරණ කොමිසම නිකුත් කළ වාර්තාවකට අනුව නව පළාත් පාලන ඡන්ද විමසීමට අනුව මුළු දිවයිනම කොට්ඨාස 4919 කට බෙදා වෙන්කර තිබේ. සියලූම කොට්ඨාසවලට සභිකයෝ 5092 ක් තේරීපත් වෙති.

තනි සභිකයන් 4750 ක්ද බහු කොට්ඨාස සඳහා සභිකයන් දෙදෙනා බැගින් 330 ක්ද තිදෙනෙකු බැගින් පත්වන කොට්ඨාස සඳහා සභිකයන් 12 දෙනාද වශයෙන් තේරීපත් වීමට නියමිතය. දිවයිනේ මහ නගර සභා 24 ක් නගර සභා 41 ක් හා ප‍්‍රාදේශීය සභා 272 ක් වශයෙන් පළාත් පාලන ආයතන 337 කට මන්ත‍්‍රීවරු තේරීපත් වෙති.

මේ අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨලී චම්පික රණවක එකිනෙකාට දෝෂාරෝපණය කරගත්හ. චම්පික රණවක ඇමැතිවරයා කීවේ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ගැටලූ මතුවන බවය. විශේෂයෙන් පොතුහැර ගලගෙදර මාර්ග කොටසට අධික වියදමක් දැරීමට සිදුවන බවද පාඨලී චම්පික කීවේය. එවැනි විශාල වියදමක් දැරීම නුසුදුසු බවද ඒ සඳහාවෙනත් විකල්ප ක‍්‍රම තිබූ බවද ඔහු පෙන්වා දුන්නේය. පාඨලීචම්පිකගේ අදහසට මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර ද අටුවා ටීකා සැපයූහ.

මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ පාඨලී චම්පික රණවක වටකරගෙන කිරිඇල්ලට පහර දෙන්නට පටන් ගත් විට කිරිඇල්ල ඇමැතිවරයා ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. ”මෙතන ගොඩක් කෑගහන්නේ පැරදිච්ච අය. අපි දිනලායි ආවේ. අපි ජනතාවටඅධිවේගී මාර්ගයක් දෙන්න  ඕනෑ.මේක බොරු වියදමක් නොවෙයි. මුළු මැදරටටම කොච්චර ප‍්‍රතිලාභ හිමිවන ව්‍යාපෘතියක්ද මේක.” ආදී වශයෙන් කියමින් කිරිඇල්ල වාග් ප‍්‍රහාර එල්ල කළේය. තවත් ඇමැතිවරු ද දෙපාර්ශ්වයට බෙදී තව තවත් අටුවා ටීකා සපයන්න පටන් ගත්හ.

අවසානයේදී අධිවේගී මාර්ගය පිළිබඳ රණ්ඩුව  නතර කිරීමට පියවර ගත් අතර කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතුවලට අවධානය යොමු විය.මහනුවර දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් නොයෙකුත් ගැටලූ මතුවන තත්ත්වයක්තිබේ. ආණ්ඩුවේම ඇතැම් ඇමැතිවරු එම ව්‍යාපෘතීන්ට අකැමැත්තක් දක්වති. විශේෂයෙන් ජනාධිපතිවරයා නියෝජනය කරන ඇමැතිවරු එම ව්‍යාපෘතියට එතරම් සතුටක් දක්වන පාටක් නැත. ඔවුහු විටින් විට මධ්‍යම අධිවේගී මාර්ගයටපහර ගසමින් සිටිති. මීට ඉහතදී මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ප‍්‍රශ්න වැලක් ඉදිරිපත් කරමින් මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව ප‍්‍රශ්න මතු කළේය. කෙසේ වෙතත් අගමැතිවරයා ඇතුළු එජාප ඇමැතිවරු පිරිස මධ්‍යම පළාත් සංවර්ධනය හා එම සංවර්ධනයට අධිවේගී මාර්ග යක් තිබීමේ වැදගත්කම අවධාරණය කරමින් සිටින බවක් පෙනේ.

මේ අතර මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ප‍්‍රබලයකු වන ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය හරහා මඩ මෙහෙයුමක් දියත් කරන බවට ඒකාබද්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. ප‍්‍රසන්න රණතුංගගේ කතාව ජනතාවගේඅවධානයට ලක්වීම නිසා ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නායකයන්ගේ ප‍්‍රතිරූපය දැඩි ලෙස සෝදාපාළුවට ලක්වන නිසා ඉහළම නායකයකුගේ උපදෙස් මත එම මෙහෙයුම දියත් කර තිබෙන බව පවසන ඒකාබද්ධ විපක්ෂය ඇතැම් පිරිස් ගම්දනව්වල ඇවිදිමින් ප‍්‍රසන්න රණතුංගට එරෙහි තොරතුරු රැස්කරමින් පසුවන බවද කියති. එළඹෙන පළාත් පාලන මැතිවරණයට සහ ජනමත විචාරණයට පෙර ප‍්‍රසන්න රණතුංගගේ කට වැසීම එහි අරමුණ බවද ඒකාබද්ධ විපක්ෂ නායකයෝ කිය.

 

(කස්තුරි)



අදහස් (0)

මැකෝ වැඩ පටන් ගනී

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 426 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 39 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 160 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site