IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මේක සංක‍්‍රාන්ති කාලයක්

18_SLMA_P14-BACK

 

රටේ අලූත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හෘද සාක්ෂිය විමසමින් පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් සම`ග කළ සාකච්ඡුාවකි.

 


ප‍්‍රශ්නය : අගමැති රනිල් එක්ක තිබුණ ගැටුම දැන් ඉවරද?
පිළිතුර :
රනිල් වික‍්‍රමසිංහ එක්ක තිබුණ පළමුවැනි ගැටලූව තමයි ව්‍යවස්ථා සංශෝධනය. ව්‍යවස්ථා සංශෝධනයේදී බලාපොරොත්තු වුණේ ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා සංශෝධනයක්. නමුත් ඒකේ 8 වැනි පරිච්ෙඡ්දයේ හතරවැනි වගන්තියේ ජනාධිපතිවරයාගේ බලතල ප‍්‍රකාශයට පත් කෙරෙන ජේදය සම්පූර්ණයෙන්ම අගමැතිට බලතල යන විදිහට තමයි මාරු කරලා තිබුණේ. අපි දැනන් හිටියා ඒක කරන්න අමාරු වැඩක් කියලා. මේ ව්‍යවස්ථාව ඇතුළේ ඒක කරන්නනම් තුනෙන් දෙකේ බලයෙන් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙනවා. රනිල් වික‍්‍රමසිංහට බලතල යන එක නොවෙයි එතැන ප‍්‍රශ්නය වුණේ. එමගින් රට අස්ථාවර වෙන එක. දැන් තියෙන මේ විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අපි එකඟයි. හැබැයි රට ස්ථාවර කෙරෙන මැතිවරණ ක‍්‍රමයක් තිබිය යුතුයි. නමුත් මැතිවරණ ක‍්‍රමයක් ගේන්න සුළු පක්ෂ එකඟ නෑ. මනාප ක‍්‍රමය නැති කරන්න එකඟයි. අනුපාත ක‍්‍රමයයි මනාප ක‍්‍රමයයි අතර සහවාසයකට යන්න කවුරුත් එකඟයි. එතකොට මේ තියෙන සංයුතියමයි එන්නේ. එහෙම වුණාම පාර්ලිමේන්තුව ස්ථාවර නෑ. ඒ නිසා ඔය කියන ක‍්‍රමයකට යනකොටම රට අස්ථාවර වෙනවා. ඒ නිසා අපට රනිල් වික‍්‍රමසිංහ එක්ක තියෙන්නේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවෙයි. රට අස්ථාවරවීම සම්බන්ධ මතවාදී ප‍්‍රශ්නයක් තියෙන්නේ.

 


ප‍්‍රශ්නය : ඔබ වහන්සේ රට අස්ථාවරවීම ගැන කතා කළා. දැන් රට ස්ථාවරද?
පිළිතුර :
මම කියන්නේ ව්‍යවස්ථාමය දිගුකාලීන අස්ථාවර භාවයක් ගැනයි. දැන් තියෙන්නේ අස්ථාවර භාවයකට වඩා මේක මේ සංක‍්‍රාන්ති කාලයක්. ඒක අස්ථාවර භාවයක් විදිහට පේනවා. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ ශ්‍රී ලංකා එක ඇතුළු සංධානයටයි.  එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවලා තියෙනවා. ජනාධිපතිවරයා පත්වුණේ යූඑන්පියට බර සංධානයකින්. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා වෙනවා. මෙතැන පොඩි වියවුල් සහගත ස්වභාවයක් පේන්න තියෙනවා. ඒක සංසිඳෙන්නෙ යම්කිසි කාලයක් අවශ්‍යයි. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා මම හිතනවා.

 


ප‍්‍රශ්නය : ඔබ වහන්සේම කියන මේ සංක‍්‍රමණික කාලය තුළ දක්නට ලැබෙන අස්ථාවර බව තුළ බෙදුම්වාදයක් හිස ඔසවනවා.
පිළිතුර : 
ඕක තමයි අපි පාවිච්චි කරන එකම තුරුම්පුව. අපි ත‍්‍රස්තවාදය පරාජය කරලා තියෙන්නේ. බෙදුම්වාදයක් ආපහු ආවොත් අපි සියලූ දෙනාම එකතුවෙලා ඒකට විරුද්ධව සටන් කරනවා. ඒ බිල්ලා පෙන්වලා මේ සමාජයෙ තියෙන පොදු ප‍්‍රශ්න ටික අපි වහ ගන්නවද? දැන් කවුරුවත් ඔය ගැන සාකච්ඡුා කරන්නේ නැහැ. බෙදුම්වාදයක් ගැන ත‍්‍රස්තවාදයක් ගැන දැන් කතා කරන්නේ නැහැ. දැන් මේ මොහොත තියෙන්නේ වංචාව, ¥ෂණය, රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගැනීම ඒ කාරණා සම්බන්ධයෙන් ඇති වෙච්ච සමාජ මතය තමයි අපි ඉස්සරහට ගෙනාවේ. ඒක අපි ජයග‍්‍රහණය කලානේ. දැන් ඡුන්දෙන් පස්සේ අපි ස්ථාවර රටක් විදිහට මේ රට ගොඩනගන්න කටයුතු කරගෙන යනවා.

 


ප‍්‍රශ්නය : මහින්ද රාජපක්ෂ ගෙදර යවනවා මිසක් රටේ ඊළඟට ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව නිවැරැුදි තක්සේරුවක් ජාතික හෙළ උරුමයට තිබුණේ නැහැ කියලා කිව්වොත්?
පිළිතුර :
නැහැ. අපට ඉතාම පැහැදිලි තක්සේරුවක් තිබුණා. මේ යුගය අපි දැක්කේ යහ පාලනය හා ව්‍යවස්ථාමය වෙනසකට යන ව්‍යුහාත්මක වෙනසක් හා සිස්ටම් එකක් සෑදිය යුතු යුගය ලෙසයි. ඒකේ පළමු පියවර අපි මේ ව්‍යවස්ථා සංශෝධනය අපේ‍්‍රල් මාසය නැත්නම් මැයි මාසය වෙනකොට සිදුවෙනවා. ඒකට සාධනීය ලෙස සකස් කරපු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් තියෙනවා. ඒකට කවුරුත් පක්ෂයි. කිසි ප‍්‍රශ්නයක් නෑ. තවත් සාධනීය විදිහට ඒක පොහොසත් කළ යුතුයි. තවත් පොහොසත් කරලා තුනෙන් දෙකේ ඡුන්දය ඇතුළේ තවත් කළ හැකි ප‍්‍රතිසංස්කරණ කිහිපයක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිශ්චිත කරගත යුතුයි. අමාත්‍යංශ තිහ නම් තියෙන්නේ ඒවා මොනවද කියලා නිශ්චිත වෙන්න  ඕනෑ. එතකොට ඒවා එහාට මෙහාට කරන්න බෑ ජනාධිපතිවරයාට. ඒ වගේ දේවල් තව ගොඩක් අපට කරන්න පුළුවන්. ඒ වගේ සාධනීය යෝජනා එක්ක මේක තවත් තහවුරු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

2

 


ප‍්‍රශ්නය : ඔබ වහන්සේලාගේ මේ ව්‍යාපෘතිය හරහා රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ බලය තහවුරු කර ගනියි කියලා ඔබ වහන්සේලා හිතුවේ නැහැ.
පිළිතුර :
නෑනේ, රනිල් වික‍්‍රමසිංහ අගමැති කරනවා කියලා අපි මැතිවරණ ප‍්‍රකාශනයේ කිව්වනේ.

 


ප‍්‍රශ්නය : ඒකේ ලැබිලා තියෙන ප‍්‍රතිඵලය ගැන සතුටුද?
ප‍්‍රශ්නය :
මෙහෙමයි රනිල් වික‍්‍රමසිංහ අගමැති කරනවා කියලා අපි කිව්වට අපි කිව්වේ නෑ. යූඑන්පි ආණ්ඩුවක් හදනවා කියලා.

 


ප‍්‍රශ්නය : නමුත් ඒක වුණානේ
පිළිතුර :
මෙහෙමයි අපි කිව්වේ රනිල් වික‍්‍රමසිංහ අගමැති වරයාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් හදනවා කියලයි. ඒක හුඟාක් කුරුවල් වෙලා අවිධිමත් විදිහට තමයි හැදුණේ. ඒක විය යුතුව තිබුණේ ජනවාරි මාසයේ දීමයි. නමුත් ඒක සිදුවුණේ නැහැ. ඒක සිදුවුණා නම් මේක යූඑන්පි ආණ්ඩුවක් නෙවෙයි. ජාතික ආණ්ඩුවක්. එබඳු ජාතික ආණ්ඩුවක් ඇතුළේ අගමැති රනිල් වික‍්‍රමසිංහයි. නමුත් අපට ඒක කරගන්න බැරි වුණා.

 


ප‍්‍රශ්නය : ඇයි එහෙම බැරි වුණේ
පිළිතුර :
ශ්‍රී ලංකා එක තුළ යම් යම් විබේදන හට ගත්තා. ඒකමතික භාවයක් ගේන්න බැරි වුණා. ඒ වගේ ප‍්‍රශ්න ඇතිවුණා. නමුත් මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණා. හැම දෙයක්ම යම් තැනකට එන්න කාලයක් ගත වෙනවා. ඒ කාලය පිළිබඳ ගැටලූව තමයි අපට බලපෑවේ.

 


ප‍්‍රශ්නය : මහින්ද රාජපක්ෂ ඉන්න කාලේ ඇමැති චම්පික කිව්වා උතුර තවමත් සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක් කියලා. දැන් උතුර මුදාගෙනද?
පිළිතුර :
මම දකින්නේ මේ අවදියේ උතුරේ ජාතිවාදයට තුඩුදෙන ඒවට ගින්දර දාන්න හොඳ නෑ කියලයි. පුළුවන් තරම් ඒ අතුරු ප‍්‍රශ්න පැත්තකින් තියලා පුළුවන් තරම් පුළුල් කතිකාවකට සමාජය ගේන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය : ඒ කියන්නේ සිංහලයන් උතුරේ නැවත පදිංචි කරවීම අතුරු ප‍්‍රශ්නයක්?
පිළිතුර :
නෑ. අපි බොහොම පැහැදිලිව කිව්වා උතුරේ ජනතාව පදිංචි කරනවා නම්  ඕනෑම භූමියක ඒ අනාථවූ ජනයාට ඉඩම් දෙන එක සිංහල ජනයාටත් දිය යුතුයි. දෙමළ හා මුස්ලිම් ජනයාටත් දිය යුතුයි. ඒක අපි හැමදාමත් කියපු දෙයක්. හෙටත් අපි ඒක එහෙම කියනවා. ඒකේ කිසිම විවාදයක් නෑ. හැබැයි ඒක මේ වෙලාවේ ඒක ගැටුමක් විදියට අවුස්සන්න අපි කැමැති නෑ.

 


ප‍්‍රශ්නය : ඔබ වහන්සේ ”මේ වෙලාව” කියලා කියන්නේ?
පිළිතුර :
මේ වෙලාව කියලා කියන්නේ මම  දකින්නේ ඔය උතුරේ ප‍්‍රශ්නය ගත්තොත් පුළුවන් තරම් අපි පොදු ප‍්‍රශ්න ඉස්සරහට ගත්තම අපි කවුරුත් අතර සංහිඳියාවක් ඇති වෙනවා. එකිනෙකා සමගියෙන් වැඩ කරන්න පුුරුදු වෙනවා. පොදු ප‍්‍රශ්න ටික හඳුනා ගන්නකොට ඒවාට උත්තර හොයනකොට පටු ජාතිවාදය ඉබේම නැති වෙනවා.

 


ප‍්‍රශ්නය : මගේ ප‍්‍රශ්නය වුණේ සිංහලයන් උතුරේ පදිංචි කරවීම ගැනයි?
පිළිතුර :
පොඞ්ඩක් ඉන්න උදාහරණයක් ගත්තොත් දකුණේ අයත් දුප්පත්, රස්සා නෑ. හැබැයි උතුරේ ඒ ප‍්‍රශ්නය වැඩියෙන් තියෙනවා.

 


ප‍්‍රශ්නය : නමුත් ඔබ වහන්සේ ඒ කාලයේ ඇහුවේ සිංහලයට නැති දෙමළට පමණක් විශේෂ වූ ප‍්‍රශ්නය මොකද්ද කියලයි?
පිළිතුර :
ඉතින් මේ කියන්නෙත් ඒකම තමයි. දකුණට වඩා වැඩියෙන් මේ ප‍්‍රශ්න උතුරේ තියෙනවා. උගත් විරැුකියාව වැඩියි. මොකද ඔවුන්ට ඇමැතිවරුන් නැහැ. හිටියත් එක ඇමැති කෙනයි ඉන්නේ. ඒ නිසා එහෙ තරුණයන්ට රැුකියා අවස්ථා නැහැ. ගොවි නිෂ්පාදන විකුණගන්න බැරි ප‍්‍රශ්න තියෙනවා. ඒවට අපි උත්තර සපයන්න  ඕනෑ. ගෙවල් හැදුවා කිව්වට ටකරන් කෑලි අහුරගෙන ජීවත් වෙන්නේ. ඉන්දියාවෙන් දීපු ටකරන් කෑලි ටික අහුර ගෙනනේ ජීවත් වෙන්නේ. ඒ ජන ජීවිතයත් වෙනස් කරන්න  ඕනෑ. ඒකට කවුරුවත් විරුද්ධ නෑනේ. සිංහල මිනිස්සු විරුද්ධ නෑනේ උතුරේ මිනිසුන්ට ගෙවල් හදලා දුන්නට. මේ පොදු ප‍්‍රශ්න ටික විසඳනකොට ඔවුන්ට වෘත්තිය අධ්‍යාපනය දෙනකොට ගොවි ප‍්‍රශ්න ටික විසඳනකොට ඒ මිනිසුන්ගේ ජල ප‍්‍රශ්න විසඳනකොට ඒ මිනිසුන්ට ජාතිවාදීව හිතන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. අපි ඒකයි කරන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය : උතුරේ අධි ආරක්ෂක කලාප හැකිළෙනවා. සාම්පූර්වල නාවික හමුදා කඳවුර ඉවත් කළා?
පිළිතුර :
සාම්පූර්වල නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවත් එක්ක තියෙන ප‍්‍රශ්නයක් නිසානේ. ඉන්දියාවත් එක්ක ඇති කරගත්ත එකඟතාවෙන් තමයි ඒක කළේ.

 


ප‍්‍රශ්නය : ඒක හරිද?
පිළිතුර :
ඒක වැරැුදියි. ඒක අපි විවේනය කළ යුතුයි. ඒක දෙමළ ජනතාවට අදාළ ප‍්‍රශ්නයක් නොවෙයි. ඊළඟට ඇහුවේ මොකද්ද?

 


ප‍්‍රශ්නය : උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම?
පිළිතුර :
අධි ආරක්ෂක කලාප අපි යුද්දෙ අවස්ථාවෙදි අල්ලා ගත් ඉඩම් ප‍්‍රමාණයක් ආපහු මුදා හැරලා තියෙනවා. ඒ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඉඩම්.

 


ප‍්‍රශ්නය : ඒක තීරණය කරන්නේ මොන නිර්ණායක යටතේද?
පිළිතුර :
ඒක තීරණය කරන්නේ දේශපාලනඥයන් නොවෙයි. මෛති‍්‍ර ජනාධිපතිතුමා හරි රනිල් අගමැතිතුමා හරි නොවෙයි. ඒක හමුදාව හා ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව පිළිබඳව නිශ්චිත විවරණයක් ලබාදීලා ඔවුන් තමයි ඒක තීරණය කරන්නේ.

 


ප‍්‍රශ්නය : ඔබ වහන්සේම කියනවා සාම්පූර් නාවික කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවට  ඕනෑ නිසා කියලා. හැබැයි හෙළ උරුමය ”හ්ම්” කියන්නේ නැහැ.
පිළිතුර :
නෑ. අපි කතා කරනවා. අභ්‍යන්තරයේ කතා කරනවා. කතා කළ යුතු තැන්වල කතා කරනවා. ඒ ගැන ප‍්‍රශ්නයක් නෑ. අපි අපේ අදහස් ඒ තැන්වලදී කතා කරනවා.

 


ප‍්‍රශ්නය : එහෙම කිව්වත් මහින්ද රාජපක්ෂ යුගයේ හොරකම් වංචාවල් ගැන කතා කරපු වේදනාවක් මේ ආණ්ඩුවේ හොරකම් ගැන පේන්නේ නැහැ. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය?
පිළිතුර :
මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන කොටම ඒකට අපේ චම්පික ඇමැතිවරයා තමන්ගේ විරෝධය පළ කළා. ඒවා සටහන් වෙලා තියෙනවා.

 


ප‍්‍රශ්නය : ඒක ප‍්‍රමාණවත්ද?
පිළිතුර :
මහජනයා අතරට ගේන්න  ඕනෑ වෙලාවට ඒවා අපි ගේන්නම්. ඒ නිසා අපේ වගකීම අපි ඉටුකරලා තියෙනවා. අපි දැන් බලන්නේ දැන් ඉක්මණින් ව්‍යවස්ථා සංශෝධනය කරලා ඉක්මණින්ම මැතිවරණයක් අරගෙන ස්ථාවර රටකට අපි යන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය : දැන් සම්මත කරගන්න යන්නේ රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනද වෙනත් එකක්ද?
පිළිතුර :
සංශෝධනය කරපු ව්‍යවස්ථා සංශෝධනය. ඒක  හදපු
කවුරු හරි ඇති. නමුත් හානිකර අංශවලට උසාවියෙන් තීන්දුවක් දීලනේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයෙ අසීමිත බලතල සංශෝධනය කරගන්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා  ඕනෑවට වඩා තටු කපන්න ගියා. ඒක තුළ කපාගන්න පුළුවන් නමුත් කපා ගන්න බැරි තත්ත්වයක් ඇතිවුණේ. ඒක ලොකු වරදක්. මීට වැඩිය සම්මුතියකින් මේක ගෙනාවා නම් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පරිනත දේශපාලන නායකයකු හැටියට ඒ දේශපාලන බලවේගවලට ඇහුම්කන් දීලා හොඳ ඉවසීමකින් කටයුතු කළා නම් එතුමටත් හොඳ අවස්ථාවක් මේ අවස්ථාව රටේ වැදගත් ජාතික ප‍්‍රශ්නයකදී තමන් ඉතා පරිණත නායකයෙක් කියලා ඔප්පු කරන්න. නමුත් කනගාටුවට කරුණ ඒ ස්වර්ණමය අවස්ථාව එතුමා අහිමි කර ගත්තා.

 


ප‍්‍රශ්නය : ඔහු දැන් හරි පාරට ඇවිත්ද?
පිළිතුර :
මට එහෙම කියන්න බෑ. ව්‍යවස්ථා සංශෝධනයෙ අනවශ්‍ය අංග අධිකරණය විසින්ම වාරණය කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්නෙත් නෑ. ඒ නිසා මේකට අපි කාටත් එකඟ වෙන්න පුළුවන්.

 


ප‍්‍රශ්නය : ජනාධිපති මෛති‍්‍රට තමන්ගේ මන්තී‍්‍රරවැන්ට කියන්න වෙලා තියෙනවා ”19ට සහාය නැත්නම් නාම යෝජනා නෑ කියලා.
පිළිතුර :
එතුමා ඉතින් නායකයෙක් හැටියට කියන්න ඇති. මම දන්නේ නෑ ඒක. මේක ජනතාවගේ උවමනාව. ශ්‍රී ලංකා එක මේකේ ගරුත්වය ලබා ගන්න  ඕනෑ. මේ ඡුන්දය ලැබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ ව්‍යුහාත්මක වෙනසක් කරන්නයි. මහින්ද චින්තනයෙන් කියලා තියෙනවා ව්‍යවස්ථාමය වෙනසක් කරනවා කියලා. බොහොම පැහැදිලිව ඒක කියලා තියෙනවා. ඒ නිසා ඒ මන්ති‍්‍රවරුන් මේකට සහාය දිය යුතුයි. එහෙම නැත්නම් ඔවුන් දේශපාලනිකව ප‍්‍රතික්ෂේප වෙනවා. මන් හිතන්නේ නෑ ඔවුන් ඒ වගේ අඥාන දේශපාලන තීන්දුවක් ගනී කියලා.

 


ප‍්‍රශ්නය : රනිල් නිතරම කියනවා පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. ඔබ වහන්සේ හිතන විදිහට කවදා මේක විසුරුවයිද?
පිළිතුර :
මං හිතන්නේ ඡුන්ද ක‍්‍රමය හා විධායක බලය අඩු කිරීමට සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධනය සිදු වුණාට පස්සේ අපේ මූලික කාර්ය ඉවරයි. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරෙව්වට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

 


ප‍්‍රශ්නය : මගේ ප‍්‍රශ්නය වුණේ ඒ කවදද කියලයි.
පිළිතුර :
මගේ අදහස නම් මැයි මාසයේ මැද හරියෙදි විතර ඡුන්දය එයි.

 


ප‍්‍රශ්නය : ඒ ඡුන්දයට ඔබ වහන්සේලා ඉදිරිපත් වෙන්නේ යූඑන්පියෙන්ද සංධානයෙන්ද?
පිළිතුර :
අපි ඒ ගැන නිශ්චිත සාකච්ඡුාවකට ඇවිත් නෑ. දැනට හංසයා ලකුණෙන් සියලූ පක්ෂ එකතු කරගෙන ඡුන්දෙකට යා යුතුයි කියලා එජාපයෙ සමහර මන්ති‍්‍රවරුන් කතා කරගෙන යනවා.

 


ප‍්‍රශ්නය : නෑ ඒක හෙළ උරුමයෙ යෝජනාව. නමුත් එජාපය ඒක ප‍්‍රතික්ෂේප කළා.
පිළිතුර :
නෑ ඒක අපේ යෝජනාවක් නෙවෙයි. එජාපය ඇතුළේ එහෙම සාකච්ඡුාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උවමනාවක් ජනාධිපතිතුමා පෙන්වලා තියෙනවා අලූත් ජාතික බලවේගයක් සංධානයක් ගොඩනගන්න  ඕනෑ කියලා. ඒක අපි එක්කත් කියලා තියෙනවා. ඉතින් අපි එතුමත් එක්ක යනවද නැද්ද යූඑන්පියත් එක්ක යනවාද නැද්ද කියලා තීරණයක් අරගෙන නෑ. ඒ වගේම ස්වාධීනව තුන්වැනි බලවේගයක් හැටියට සරත් ෆොන්සේකා, ජේවීපි එක අතර බලවේගයක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි.

 


ප‍්‍රශ්නය : ඒක ඔබ වහන්සේගේ අදහසද? පක්ෂයේ අදහසද?
පිළිතුර :
ඒක මගේ පෞද්ගලික අභිලාෂය. හෙළ උරුමය තුළත් තුන්වැනි බලවේගය ගැන සාකච්ඡුාව තියෙනවා. මම ඒකට වැඩියෙන් කැමැතියි.

 


ප‍්‍රශ්නය : ඇමැති චම්පික රණවක යූඑන්පියෙන් ඡුන්දෙ ඉල්ලන්න අවස්ථාව ඉල්ලූවා.
පිළිතුර :
ඒක බොරු.

 


ප‍්‍රශ්නය : ඇමැති චම්පික එහෙම ඉල්ලූවත් රනිල් බෑ කිව්වා. ඊට පස්සේ තමයි රනිල්ට ගහන්න පටන් ගත්තේ.
පිළිතුර :
ඒකත් බොරුවක්

 


ප‍්‍රශ්නය : යූඑන්පියත් එක්ක එහෙම සාකච්ඡුාවක් කළේම නැද්ද?
පිළිතුර :
නිල වශයෙන් නෑ. නමුත් යම් යම් මන්ති‍්‍රවරුන් එක්ක කතා කරලා තියෙනවා.

 


ප‍්‍රශ්නය : ඔබ වහන්සේලා සංධානයෙන් ඉල්ලූවොත් සංධාන පාක්ෂිකයා ඡුන්දය දෙයිද?
පිළිතුර :
ඒක ඉතින් අපි බලන්නට  ඕනෑ. කොයි විදිහටද ඒක වෙන්නේ කියලා. ශ්‍රී ලංකා එකෙන් ඡුන්දය ඉල්ලනකොට මේ තියෙන මානසික විපිළිසරබව නැතිවෙලා මෙතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය තහවුරු වෙන්න  ඕනෑ. ඒක ඉදිරි කාලය තුළදී වෙයි කියලා මම හිතනවා. එතකොට දේශපාලන සංහිඳියාවක් ඇති වෙනවා. අපි කළේ ශ්‍රී ලංකා එක රැුකෙන වැඩක් කියලා හිතෙන්න  ඕනෑ. අපි මේ වෙනස නොකළානම් මේ ගමන අවසන් වෙන්නේ තව අවුරුදු කිහිපයකින් ත‍්‍රස්තවාදි කැරැුල්ලකින්. ඒ වගේම අන්තර් ජාතික මැදිහත්වීමක් වෙන්න ඉඩ තිබුණා. මේකෙන් ඒ තත්ත්වය ලිහිල් වුණා. ඒ අනුව අපි රට ආරක්ෂා කරලා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයෙක් ලැබුණා. ඒ අපි නිසා. ඒ අනුව අපි ශ්‍රී ලංකා එකට කළේ හොඳ දෙයක්. ශ්‍රී ලංකා එකට ඒවා දැනෙන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය : නමුත් මහින්ද රාජපක්ෂ ඉල්ලන රැුල්ලක් නිර්මාණය වෙලා තියෙනවා.
පිළිතුර :
මහින්ද  ඕනෑ කියලා ජන මතයක් තියෙනවා. ඒක නැහැයි කියලා කියන්න බෑනේ. ඒ වගේම මහින්ද හිටපු ජනාධිපතිතුමා මේ රට තදින් අල්ලා ගත්ත නායකයෙක්. අවුරුදු 10 ක් රට පාලනය කරලා විශාල යාන්ත‍්‍රණයක් හදාගෙන තියෙනවා. ඔහු ගැන රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා තුළ අදහසක් තියෙනවා. නමුත් ඒක පාවිච්චි කරලා පක්ෂයේ නායකයා වෙන්න එතුමට බෑ. එහෙම වෙලා ඡුන්දයකට ගියොත් පරදිනවා. පාවෙන ඡුන්ද ලක්ෂ 10 ක් 15ක් තියෙනවා. ඒක දිනාගන්න බෑ. කොහොම වුණත් මේ තත්ත්වය තුළ මහින්ද මහත්තයාට වෙන්නේ වෙනම ඉල්ලන්න. ඒක ඉතින් පක්ෂයට කරන ලොකුම සේවයනේ.

 


ප‍්‍රශ්නය : බැරිවෙලා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කළොත්? ඔබ වහන්සේ මොකද කරන්නේ?
පිළිතුර :
ආ ඒක බොහොම බරපතළ ප‍්‍රශ්නයක්. ඒක කවදාවත් වෙන්නේ නෑ කියලා තමයි මගේ අදහස


ප‍්‍රශ්නය : ජනාධිපතිකමින් කොහොම හරි අයින් කරනවා කිව්වා වගේ ඒකක් කරනවා.
පිළිතුර :
මේකට නම් කරන්න දෙයක් නෑ. ඉබේම වෙනවා.

 


ප‍්‍රශ්නය : ඒ ගැන සහතික වෙනවා.
පිළිතුර :
මට සහතික දෙන්න බෑ. මගේ දේශපාලන අවබෝධයත් එක්ක ඒක වෙන්න බැරි දෙයක්.


ප‍්‍රශ්නය : ඒ කියන්නේ ශ්‍රී ලංකා එක දැන් හසුරුවන්නේ ජාතික හෙළ උරුමයයි.
පිළිතුර :
නෑ එහෙම එකක් නෑ.

 

m



අදහස් (0)

මේක සංක‍්‍රාන්ති කාලයක්

චන්ද්‍රදාස Friday, 24 April 2015 03:02 PM

අනේ අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

සිංහයෝ Sunday, 26 April 2015 06:34 AM

දැන්නම් මුකුත් මතක නෑ වගේ එදා මෙය‍ාට කිව්වේ කුඩාපොළ හාමුදුරුවෝ වගේ කියලා හැබයි ලගින්වත් තියන්ඩ බෑ (දිල්)

:       0       0

ලක්ෂ්මන් Thursday, 23 April 2015 03:51 PM

ඕවට තමයි කියන්නේ " දෙකොනින් කතා " කියලා. (ස)

:       0       0

අනුර Saturday, 25 April 2015 05:18 AM

අනේ හාමුදුරුවනේ, මොකක්ද මේ කරන විහිළුව, සිවුරට තියෙන ගරුත්වය නැතිවෙන විදියට. සිවුර දාගෙන ඉන්නවා නම් පුර්ණකාලීන පිරිහුණ දේශපාලනයක් යමෙකුට කළහැකිද? (නි)

:       0       0

හර්ෂ Friday, 24 April 2015 04:09 AM

ගුරුන්ටත් අකුරු වරදිනකොට ඔබවහන්සේලාට වරදින එක මට නම් පුදුමයක් නෙමෙයි. ඔබවහන්සේලා මොනො කිව්වත් අැත්තටම වුණ වැරැද්ද ගැන දැන් ඔබවහන්සේලා පසුතැවෙන්න පටන් අරගෙන ඇති බව නම් අපිට පැහැදිලියි. අපි හිතන පතන විදිහට කිසිම දෙයක් වෙන්නේ නැති බව ඔබවහන්සේට අමතකවෙලා ! (නි)

:       0       0

ඈන් Thursday, 23 April 2015 04:57 PM

ශ්‍රී ලංකාව බේරා දුන්නාට ඔබ වහන්සේට බොහොම පින්. නැත්නම් කලින්ටත් වැඩියෙන් දකුනේ සිංහල කොල්ලෝ මැරෙනවා තව කැරැල්ලක් ඇති වුනා නම්. ඔබ වහන්සේගේ නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා කවුරු මොනවා කීව්වත්.(ස)

:       0       0

බුවනෙක Friday, 24 April 2015 06:49 PM

ඉතින් දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)

:       0       0

බටුගෙදර Friday, 24 April 2015 07:28 PM

අනේ මගේ කට! (නි)

:       0       0

සුදත් Tuesday, 28 April 2015 11:48 PM

අපේ ජාතික ආරක්ෂක උපදෙස් දෙන්නේ ඉන්දියාවද හාමුදුරුවනේ? (නි)

:       0       0

නිෂා Thursday, 23 April 2015 05:24 PM

දැන් හත් පොලේ ගාගෙන කියන්න ඒවා නැතුව මරු කියවනවා (ස)

:       0       0

අමන්දා Friday, 24 April 2015 07:39 PM

මහින්දව ගෙදර යවන්න විතරයි වුණත් ඒ කළ කැපවීමම වටිනවා.තව ගියානම් රට ඉවරයි. (නි)

:       0       0

සෂී Monday, 27 April 2015 04:03 PM

සෙනරත්ගෙ අදහස හරි.ඒ්ත් හාමුදුරුවාෙන්ට බැනල පව් පුරවගන්න හොඳ නෑ.හැම දේම අනිත්‍යයිනේ. (අ)

:       0       0

සුමුදු හේවා Monday, 27 April 2015 04:14 PM

ඔබවහන්සේලා අතින් සංඝ ශාසනයේ ගෞරවයත් භික්ෂු දේශපාලනය පිළිබඳ ශ්‍රී ලාංකික භික්ෂුවගේ අභිමානවත් ඓතිහාසික උරුමයත් කෙළෙසෙනවා නොවේද?

:       0       0

ජීවා. Thursday, 23 April 2015 05:43 PM

ඔය කතාව හරියට "මම බත් කනවා. හැබැයි කටෙන් නෙවි " කියනවා වගේ නේ. හාමුදුරුවනේ,(ස)

:       0       0

තිනුග Thursday, 23 April 2015 05:45 PM

මේ වගේ චීවර දාරීන් තම බුද්ධාගම විනාස කරනවා. (ස)

:       0       0

තිනුගා Friday, 24 April 2015 05:20 AM

ඈන් වගේ අය මේ වගේ පාලනයට හරිම කැමතියි. (ස)

:       0       0

ලක්ෂ්මන් Friday, 24 April 2015 08:20 PM

දැන් ඔය කතා ඇති හාමුදුරුවනේ! (නි)

:       0       0

රෝහිත Sunday, 26 April 2015 12:32 PM

අනේ හාමුදුරුවනේ ඔය හොදටම ඇති (බ)

:       0       0

සෙනරත් Friday, 24 April 2015 06:17 AM

ඕන‍ෑ වුණේ මහින්දව ගෙදර යවන්න විත්රයි. රටට මොනවා වුණත් කමක් නැහැ. කිසිම සැළසුමක් තිබුනේ නැහැ මොනවද ඉදිරියේදී කරන්නේ කියලා. ක්ෂණික තීරණ ගත්තා. කහ, කොත්තමල්ලි වගේ දේවල් අඩුකරලා, දැන් කියනවා ජීවන වියදම අඩුකළා කියලා. පෙට්‍රල් මිල අඩුකළා කියලා ජනතාවට ලැබුණු සුභසිද්ධිය බස්ගාස්තුව රුපියල් 9 රුපියල් 8 වුණා වගේ සුළු දෙයක් විතරයි. ත්‍රීරෝද වල අඩුකළේම නැහැ. ඒ වුණාට ආයෙත් පෙට්‍රල් මිල වැඩිවෙනකොට මෙයාලා අපුරුවට ගාස්තුව වැඩිකරාවී. පසුගිය රජයේ වැරදි තිබුනට රටට හොඳ සංවර්ධන වැඩ සිද්ධවුණා. පාරවල් කන්නද ඇහුවට, පාරවල් හොඳට නැතුව රටක් දියුණු වෙන්නේ කොහොමද? පාරවල් වලින් සියයට අනුවක් හොරකම් කරලා කිවුවට, ඒවා බොරු. දැන් කිසිම සංවර්ධන වැඩක් වෙන්නේ නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 10:33 PM

කුමාරි, ලක්ෂ්මන්, නිශා, ජීවා, තිනුග, සෙනරත්, ඔයාලා කියන්නෙත් මේ කතා අහනකොට මට හිතුණුදේමයි. තව කී දෙනෙකුට නම් මෙහෙම හිතෙනවා ඇද්ද? භික්ෂු දේශපාලනය පිළිබඳව ඉතා ඈත අතීතයේ ඉඳලා පැවතෙන අභිමානවත් උරුමයක් අපේ රටේ බුද්ධපුත්‍රයන් වහන්සේලාට තිබෙනවා. සිවුරයි දිවිදී රට රැක ගත්තේ - අදත් නහින්නේ මේ රට මත්තේ කියලා මර්සලින් ජයකොඩි පියතුමන් කීවේ එබැවිනි. ගිහියන් සමඟ හරි හරියට දේශපාලන බලය භුක්ති විඳින්නට තනනු වෙනුවට එදා උන්වහන්සේලා ගිහියන්ට ඉහළින් සිට රට ජාතිය ගැන දූරදර්ශීව සිතා ඔවුන්ට මඟ පෙන්වුහ. අද මේ කතාව ඇසෙද්දී අප සැමගේම සිත්හි ඇතිවන්නේ නොපහන් සංවේගයකි. එහෙත් මේ ගැන වැඩිදුර කතා කරන්නට ගියහොත් කටපව් පිරෙන්නේද ගිහියන් වන අපටමය. (නි)

:       0       0

ලලිත Sunday, 26 April 2015 01:05 PM

රට කෑවා (බ)

:       0       0

ආනන්ද Saturday, 25 April 2015 12:16 AM

උතුම් සිවුරට පව්දෙන්න නම් එපා. මේ කළහරිය හොඳටම ඇති (නි)

:       0       0

කිත්සිරි Saturday, 25 April 2015 12:23 AM

අපිට නම් හැමදාම සංක්‍රාන්ති තමයි ඉතින් (නි)

:       0       0

බණ්ඩාර Monday, 27 April 2015 10:49 AM

එක විදියකට ආපු රට වෙනසකට කියලා වෙනස් කරලා වෙලා තියෙන දේ හොඳටම ඇති .මේ පිනම ඇති ඔබ වහන්සේලාට ආයේ පාර්ලීමේන්තු නොයන්න. (ස)

:       0       0

ගීතිකා Tuesday, 28 April 2015 09:14 AM

හාමුදුරුවෝ දැනගන හිටියෙම නෑ නේද ඕක වෙන බව? (හේ)

:       0       0

ලලිත් Tuesday, 28 April 2015 09:14 AM

ඔබ වහන්සේ බුදු වේවා.(හේ)

:       0       0

රාජා Saturday, 25 April 2015 09:21 AM

අනේ සංක්‍රාන්තිය. චම්පිකත් එක්ක පහුගිය කාලේ තමන්ගේ තැන රැකගන්න එහාටයි මෙහාටයි කියෙව්වා මිසක් ඡන්දෙන් පසුව ජාතිය වෙනුවෙන් කරපු දෙයක් නැහැ පක්ෂයේ නම හෙළ උරුමය වුනාට. (බ)

:       0       0

ඇන්ජලෝ නුගාරා Saturday, 25 April 2015 09:33 AM

හෙළ උරුමේ ජන්ද ආකර්ෂණය මහින්ද මහතාට කැඩුණු නිසා දැන් ජාතික සංහිදියාව කතා කෙරනවා ඔබෙල රටට නෙමෙයි ඔබලාගේ පැවැත්මයි හිතන්නේ (බ)

:       0       0

නුවන්ත Sunday, 26 April 2015 03:05 PM

කරන කලට පවු මිහිරිය මී සේ. විදින කලට දුක් දැඩිවෙයි ගිණිසේ. (බ)

:       0       0

ලෙස්ලි ප්‍රියරාජ් Sunday, 26 April 2015 03:10 PM

මේ හාමුදුරු නමක්නම් වෙන්න බෑ.(බ)

:       0       0

සුනිල් Friday, 24 April 2015 02:00 AM

මොනවද ඇත්තට මේ කියන කතා? (නි)

:       0       0

කුමාරි Thursday, 23 April 2015 02:44 PM

අනේ හාමුදුරුවනේ දේශපාලන වේදිකාවට නැගල බුදුදහමට නිගරු නොකර සාමාන්‍ය හිමිනමක් වශයෙන් ඇවිත් ඕවගේ රඟපාන්න. (ස)

:       0       0

සොපී Tuesday, 28 April 2015 02:48 AM

සැළකියයුතු යමක් මට නම් මේ කතාවේ නොපෙනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4073 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 489 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1103 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site