සිහිනෙකින් වත් නොසිතූ මේ හදිසි සමු ගැන්මේ වේදනාව මට දරා ගත නොහැකිය. කම්පිත හදවතේ පවත්නා ශෝකයේ තරම වචන බවට පෙරළිය ද නොහැකිය. අද මා අත්විඳින්නා වූ ශෝකය එතරම්ම ගැඹුරුය. කල්යත්ම මේ වේදනාව, පාළුව සෙමින් පහව යතැයි කියමින් සියල්ලන් මා අස්වැසුව ද ගෙවෙන සෑම තත්පරයක් පාසාම මට මගේ තාත්තා සිහිවේ. බලන හැම අත මට පෙනෙන්නේ සිනහ පිරුණු මුවින් ආදරය උතුරා යන දෑසින් මා දෙස බලා හිඳින මාගේ තාත්තාගේ රුවයි. පුංචිම පුංචි දේකට හිත රිදුණු හිත බිඳුණු විගස මා දිව ගියේ මාගේ තාත්තා ළඟටයි. හිස අත ගා සැනසුම් වදන් කී මගේ තාත්තාගේ උණුසුමේ මගේ පුංචි හිත හැමදාමත් නැළවුණි, සැනසුණි, නිවුණි. මේ තරම් හිත රිදුණු වෙලාවක හිත බිඳුණු වෙලාවක මට මගේ තාත්තා කොතරම් වුවමනා දැයි මට ඔබට තේරුම් කර දිය නොහැක. මේ සමුගෙන ඇත්තේ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර නම් ජනතා නායකයාය, දේශපාලඥයාය. වෘත්තීය සමිති නායකයාය යන්න මට මදකට හෝ අමතක කළ හැකිය. එහෙත් මේ සමුගෙන ඇත්තේ මගේම ආදරණීය තාත්තා බව මා කෙසේ අමතක කරන්නද? කම්පිත, සලිත මසිතේ මැවෙන මතක අතරේ අන් කවරදාටත් වඩා විසල්ව මට මගේ ගාම්භීර තත්තාගේ රුව පෙනේ. එදා මේ තරම්ම ගැඹුරු යැයි නොසිතුණු මගේ තාත්තාගේ හඬ අන් කවරදාටත් වඩා පැහැදිලිව දැන් මට ඇසේ. එදා ගතින් මගේ තාත්තා වැළඳ ගත් මම අද සිතින් දස දහස් වාරයක් ඔහු වැළඳ ගමි. ඔහුගේ ගුණ සුවඳ සොයා යමි. කාර්යබහුල මගේ තාත්තාට මම අනේක වර නෝක්කාඩු කියා ඇත්තෙමි. මට තාත්තා අවශ්‍ය ම මොහොතක ඔහු මා ළඟ නොවිණි නම් ඔහු මාත්, මල්ලීත්, අම්මාත් දෙවැනි කොට ඇති බැව් ඔහුට කියා ඇත්තෙමි. හැමදාමත් පළමු තැන පිටස්තර මිනිසුන්ට දී ඇති බැව් කියා ඇත්තෙමි. මගේ තාත්තා අප වෙනුවෙන් පමණක් නොව මුළු ලෝකයාම වෙනුවෙන් කැපවන්නට ඇත්තේ මහා මිනිසත්කමෙනි. එදා හිත රිදුණු වෙලාවක මා කියූ නෝක්කාඩු නිශ්ශබ්දව එහෙත් සන්සුන්ව සිනහ පිරි මුවින් අසා සිටි තාත්තා මා ඉදිරියේ මැවී පෙනේ. සුවහසක් මිනිසුන් වෙනුවෙන් කළ කැප කිරීම් ගත් වෙහෙස අපට කියා දුන් මහා පාඩමක් බව කෙදිනකවත් වචන නොකළේ ඇයි දැයි තාත්තාගෙන් අසන්නට දැන් මට සිතේ. එදා පුංචි මා නොදැන කළ වරද වරදක් සේ මගේ තාත්තා කිසිදා නොසිතූ බව මම දනිමි. එහෙත්, දෙපා මුල දණින් වැටී ඔබ මිනිසත් බව වෙනුවෙන් සියලූ යුතුකම්, වගකීම් නොපිරිහෙලා ඉටු කළ කාර්යබහුල මහා මිනිසෙකු බව මට මහා හඬින් කියන්නට වුවමනාය. මගේ යෙහෙළියන් කවදත් මා හැඳින්වූයේ වාසනාවන්ත දියණියක ලෙසයි. මගේ තාත්තා වැන්නකු ලැබීමට පෙර පින්කොට තිබිය යුතු බව ඔවුන්ගේ අදහස විය. ඔවුන්ගේ කතාවෙහි ගැඹුර මට හරි හැටි දැනෙන්නේ දැන්ය. ඔහු වැනි සෙනෙහෙබර පියකු ලද මා සැබවින්ම භාග්‍යවන්ත දියණියකි. මගේ තාත්තා මට විසල් රුකකි. ඔහු හිරු එළිය ද සඳ එළිය ද පෙරා දුන් පියෙකි. විසල් තුරු සෙවනේ ආරක්ෂාව මැද නිදහසේ සැරිසරන්නට, මහා ගැඹුරට හිතන්නට කියා දුන් පියෙකි. අද තනිව ඇත්තේ විසල් රුක පාමුල හැදී ඒ පුංචි පැළයයි. අව් වැසිවලට පමණක් නොව කුණාටුවලටද මා අද නිරාවරණය. එහෙත්, සියල්ල මධ්‍යයේ සන්සුන්ව, ශක්තිමත් ව සිටින සැටි මගේ තාත්තා මට කියා දී ඇත. මගේ පියාව මගෙන් උදුරා ගත්තද, කිසිවකුටත් මගෙන් උදුරා ගත නොහැකි බොහෝ දේ ඔහු මට තිළිණ කොට ඇත. ජීවිතය ගැඹුරින් දකින්නට අවැසි නුවණැස ඔහු මට ලබාදුණි. නීතිය හැදෑරීමට මා යොමු කළේ මගේ පියාය. මා නීතිඥවරියක සේ අපරාධ නඩුවක් කතා කරනු දැකීම මගේ පියාගේ සිහිනයක් විය. එහෙත් මාගේ දැනීම පළමුව ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා යෙදවීමට සිදු වනු ඇතැයි මගේ පියා සිහිනෙකින් වත් නොසිතන්නට ඇත. මේ දුෂ්කර පරිසරයේත් අසීරුවෙන් හදා ගත් සිතින් මම පියාගේ සිහිනය සැබෑ කරන්නට කැපවී සිටිමි. මගේ පියා පිළිබඳ මතක අතරේ මට කිසිදා අමතක නොවන යමක් ඇත. මගේ නිවස හැම විටම මිනිසුන්ගෙන් පිරී ගිය එකකි. මේ සෑම මිනිසකුටම මගේ පියා ලකී අයියා විය. ඒ සෑම මිනිසකුම මගේ පියාගේ සහෝදරයකු විය. මගේ පියා මේ සියලූදෙනා ඇමතුවේ ලෙන්ගතු ලෙසිනි. දිනක් මම තාත්තා සමග ඉතා සමීපව කටයුතු කළ මාමා කෙනකුට ඔහුගේ නම කියා ඇමතීමි. මගේ පියා එතරම් මා හා කිපුණු දිනක් මට මතක් කර ගත නොහැකිය. ඔහු සැර පරුෂ පියකු නොවීය. එහෙත්, එදා මට කියා දුන්නේ ජීවිතයේ මහා වටිනා පාඩමකි. මගේ පියා වියෝ වී තෙමසක් ගත වී තිබුණත් ඔහු අමතක නොකළ, අප හැර නොගිය දයාබර මිනිසුන් මගේ පියා මට ඉතිරි කොට ඇත. මිනිසුන් හා ළෙන්ගතුව ඔවුන් හා දුක සැප බෙදා ගන්නේ කෙසේ දැයි මගේ තාත්තා මට උගන්වා ඇත. අප හා සමීප, ලෙන්ගතු අප ආරක්ෂා කරමින් ළඟ රැඳෙන, මිනිසුන් දකින විට ඔබ අප හැර ගියත් අප හැර නොයන මහා මිනිස් පවුරක් අප වෙනුවෙන් තනා ඇති බැව් මට සිතේ. පිය උරුමයෙන් මට ලැබී ඇත්තේ නිර්ලෝභීව සහෝදරත්වයෙන් ජීවිතය බෙදා හදා ගන්නා මිනිසුන්ය. තාත්තේ, ඔබ මෙන් ම මම ද ඔවුන් හා බැඳෙමි. සැම විට ඔවුන් සහෝදරත්වයෙන් රකිමි. ඔවුනට පිටු නොපාමි. මට මගේ තාත්තා වෙනුවෙන් ඔවුනට දිය හැකි උසස්ම දේ එය යැයි මම හැඟිමි. තාත්තා කෙතරම් සොඳුරු සරල මිනිසකු දැයි සිහි ගන්වන තවත් සිදුවීමක් මගේ සිහියට නැගේ. ගෙදරින් බැහැරට යාමට හැඳ පැළඳ ගෙන සිටි මම ඉරී දුර්වර්ණ වී තිබුණු මගේ පාවහන් යුගලය පරණ එකක් යැයි මැසිවිලි කීමි. මට අලූත් පාවහන් යුගලක් අවශ්‍ය යැයි කීමි. මගේ තාත්තා මේ කිසිවක් නෑසුනු ලෙසින් පුටුවට බර වී ඔහු හමුවීමට ආ මාමලා සමග කතා කරමින් සිටි හැටි මට මතකය. මම තාත්තා සමීපයට ගොස් අලූත් පාවහන් යුගලයක් ගැනීමට මුදල් ඉල්ලීමි. ”සෙරෙප්පු දෙක පරණ වුණාට මගේ දූගේ අගේ අඩු වෙන්නේ නැහැ, කවුරුත් මගේ දුව සෙරෙප්පු දෙකෙන් මනින්නේ නැහැ. ඕක ගණන් ගන්න එපා, ආ ඔයාට ඕනේ දැන් දාගෙන යන්න සෙරෙප්පු දෙකක් නම් මේක දාගෙන යන්නැයි කියමින් ඔහු මට ඔහුගේ පාවහන් යුගල පෙන්වූ හැටි මට අද මෙන් මතකය. ගාම්භීර මගේ පියා තුළ වූ ඒ සරලකම සොඳුරු කම අද මම සිහිකරමි. ඔහු මට දමා ගෙන යන්නැයි කී ඒ පාවහන් යුගලය මගේ තාත්තාගේ ගතින් ගලා ගිය රුධිරය මැද වැටී තිබෙන අයුරු රූපවාහිනියෙන් දකින කල මා සිත කෙතරම් රිදෙනවාදැයි මට ඔබට විස්තර කළ නොහැකිය. එය දකින වාරයක් පාසා ඒ පාවහන් යුගල පැළඳ සුදෝ සුදු ජාතික හැඳුම හැඳ විහිලූ තහලූ කරමින් සිටි මගේ තාත්තා මට මැවී පෙනේ. මට නිවැරදි දිශාව කියා දුන් දිශා දර්ශකය මගේ පියාය. මට පාර කියූ පහන් තාරකාව මගේ පියාය. අපේ ජීවිතය එළිය කළ පහන් වැට ඔහුය. නමුත්, මගේ සොඳුරු දයාබර ගාම්භීර තාත්තා අද මට අහිමිය. පෙර මා සිතා සිටියේ ඔහු මගේ ජීවිතයේ වටිනාම කොටසක් කියාය. එහෙත් මගේ මුළු ජීවිතය ම ඔහු බව මට වැටහෙන්නේ දැන්ය. කිසිදු දුකක් උහුලන්නට අපට ඉඩ නොදුන් මගේ යෝධ තාත්තා මාත්, මල්ලීත්, අම්මාත් ඔහු නොමැති සොවින් දැවෙන තරම්, තැවෙන තරම් දන්නේ නම්.... වදන් බවට පෙරළිය නොහැකි ගිණිය නොහැකි, මිනිය නොහැකි මේ වේදනාවේ කටුකත්වය දන්නේ එය අත්විඳින අප පමණි. මෙලොව වසන කිසිම දියණියකට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදු නොවේවායි මම සැමවිටම පතමි. අද මගේ තාත්තාගේ පනස් හය වැනි ජන්ම දිනයයි. වෙන කවරදාටත් වඩා අද ඔහු මට සිහිවේ. එදා වගේම තාත්තා තුරුලූ කොට ගෙන ඔහුට සුබ පතන්නට මට සිතේ. මගේ ගාම්භීර, අභිමානනීය, දයාබර තාත්තාට තාත්තාගේ මතකයට මට සමුදිය නොහැක. මා දකින හැම සිහිනයකම මම ඔහු දකින්නට පතමි. උපදින හැම ආත්මයකම මම මගේ පින්බර තාත්තා පතමි. මගේ තාත්තාට නිර්වාණයේ සුව හිමි වේවා !
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මගේ ආදර තාත්තේ
නිර්මලා Friday, 03 February 2012 09:04 AM
යුක්තිය ඉෂ්ඨවන තුරු පසු නොබසින්න. කෙදිනක හෝ ඔබට ජය ලැබේවි
කෝකිලා Friday, 03 February 2012 10:13 AM
ඔබ දිරිය දියණියක්
හේමමාලා Sunday, 29 January 2012 09:56 PM
දුව හිරුණිකා, ඔබේ දයාබර පියාට, ඒ මානව හිතවාදියාට, සසර සැරිසරණ තෙක් මෙවැනි අකල් සමුගැනීමක් සිදු නොවේවා. අමා මහ නිවන් දොරටු විවර වේවායි පතමි
චතුරි උදේශිකා Monday, 30 January 2012 03:20 PM
ඔබ දිරිය පියෙකුගේ දිරිය දියණියක්
වර්නි Monday, 30 January 2012 07:10 PM
මගේ ආදරණීය තාත්තේ යන ලිපිය කියවන විට මගේ හිතට වාවන්නේ නැති තරම් දුකක් හිතට ඇති වුණා.
හිරැණ Tuesday, 31 January 2012 02:13 PM
මෙවන් පියෙක් රටට අහිමිවීට අපටත් දුකක්.