රෝසපැහැති ඔසරියකින් සැරසුණු මැදි විය ඉක්මවු කාන්තාවක මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත වූ බෝගම්බර සිපිරි ගෙය නරඹන්නට පැමිණි මිනිසුන් අතරට එක්ව සිටියාය. සුදු පැහැ ගැසුණුු හිසකෙසින් ද බොර පැහැ ගැසුුණුු දැසින් ද යුත් ඇයගේ වියපත් මුහුණේ දසක ගණනාවක කතන්තරයක් ලියැවී තිබිණි. මසක පමණ කාලයක් අනුරාධපුර මහා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි ඇයට බෝගම්බර සිපිරි ගෙය මහජනයාට ප‍්‍රදර්ශනය කරන බැව් දැනගන්නට ලැබිණි. කෙසේ හෝ එය නරඹන්නට අදිටන් කර ගත්තේ එ් සඳහා ඇයට අරමුණක් තිබූ හෙයිනි.
සිය දියණියක හා මිණිබිරියක කැටුව ඇය එහි පැමිණියේ එම අරමුණ වෙනුවෙනි. තමන් බෙහෙවින් පේ‍්‍රම කළ මිනිසා වසර කීපයක් සිර කොට සිටි සිර මැදිරිය නරඹන්නට ඇය ගියාය. අද එය හිස්ව තිබුණද මින් වසර 39කට ඉහත ඔහුගේ නිවහන වූයේ එම සිරමැදිරියයි. දසක හතරක් ගෙවී ගියද ඔහු පිළිබඳ ඇය තුළ වූ සෙනෙහස එදා මෙන්ම නොමැකී තිබිණි.
එදා මෙම සිරකුටියේ ඔහු සිටි අයුරු ඇයගේ මතකයට නැඟිණි. ඇය මහා හඬින් හඬා වැටුණාය. -අනේ මයේ රත්තරං හිටියේ මේ කාමරේ. මං එයාව බේරගන්න කොච්චර ඇඬුවද. එ්ත් මාව දාල ගියා” කියමින් ඇය එම සිරමැදිරියේ බිත්තියට හිස තබා හැඬුවාය. ඔහු එල්ලා මරා දැමුණු එල්ලූම් ගස දුටු ඇය දැත හිස මත තබා වැළපුණාය.
ඇය ඞී. ආර්. රන්මැණිකාය. ඇතැම් විට එනමින් ඔබ ඇය නොහඳුනනවා විය හැකිය. එහෙත් ඞී. ජේ. සිරිපාල හෙවත් මරුසිරාගේ රන්මැණිකා යයි කී විට ඔබ ඇය හඳුනා ගනු ඇත. ඇය සොයා පසුගිය දිනෙක අනුරාධපුරයේ සාලියපුර ගම්මානයට අප ගියේ ඇගේ අතීත මතකයන් යළි අවදි කරන්නටය. සිය නිවසේ හුදකලාව සිටි ඇය අප පිළිගත්තේ මහත් ආදරයෙනි. එදා කඩිසර රූපත් කාන්තාවක වූ රන්මැණිකා ජීවිතය ගැට ගසා ගන්නට අනෙක් විධ දුක් කන්දරාවකට මුහුණ දුන්නාය. මේ වන විට ඇය ගිලන් වෙලාය. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන්නීය. පෙනහළු රෝග, දියවැඩියාව සහ දණහිස් ආබාධ ඇයගේ සිරුර ආක‍්‍රමණය කොට ඇත්තේය. ඇගේ දෙනෙතින් ගලා ගියේ එ් වේදනාවේ කඳුළයි. -ජයසිරිමා බෝධීන් වහන්සේටයි, පුල්ලෙයාර් දෙවියන්ටයි පින්සිද්ධ වෙන්න මම තාම ජිවත්වෙලා ඉන්නවා” ඇය කීවාය.
සිරිපාල සමඟ ඇය ගෙවුයේ කෙටි කාලයකි. ඔහු පිළිබඳ මතකය අතීතයක් පමණි. එහෙත් එ් අතීතය තුළ ඇය තවමත් ජීවත් වන්නීය. ඔහු පිළිබඳ මතකය සදානුස්මරණීයව ඇය මියයන තෙක්ම පවතිනු ඇත. අනුරාධපුරයේ සාලියපුර ප‍්‍රදේශයේ කුඩා නිවසක ජීවත්වන රන්මැණිකා රැුක බලා ගන්නේ ඇයගේ එක් දියණියක විසිනි. -අනේ මහත්තයෝ මගේ දුව මහල හම්බකරන රුපියල් 9000 තමයි එයාගේ දරුවන්වයි මාවයි ජීවත් කරවන්නෙ. එයාට මොකක් හරි හොඳ රස්සාවක් හොයල දෙන්න පුළුවන් නම් එ්ක ලොකු පිනක්” ඇය අපට ආයාචනය කළාය.
තම දුක්ගැනවිල්ල කී ඇය තම ජිවිතයේ අහුමුළු ඔස්සේ මතකය අවදි කළාය. රන්මැණිකාගේ දෙමව්පියෝ හේවාහැට ගොඩමුන්නේ ගොවිතැනින් ජීවත් වූ අයයි. ඇය ළමා වියේදීම අනුරාධපුර සාලියපුර ප‍්‍රදේශයේ පදිංචියට පැමිණියේ දෙමව්පියන් නුවර ප‍්‍රදේශය අතහැර අනුරාධපුරයට පැමිණි බැවිනි. ඇයගේ පවුලේ සාමාජිකයෝ 11 දෙනෙකි. දැනට ජීවතුන් අතර ඇත්තේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු පමණි. තුරුණු වියට එළඹි රන්මැණිකා විවාහ වූයේ ගුණපාල නමැත්තෙකු සමඟිනි. ඔහුගෙන් ඇයට දරුවන් පස් දෙනෙකු ලැබිණි. 1970 ජනවාරි 30 වන දින ගුණපාල සර්පයකු දෂ්ට කිරීමෙන් මියයන විට රන්මැණිකා 18 හැවිරිදි වියේ පසුවූවාය. එ් වන විට ඇයට පස්වන දරුවා ලැබෙන්නට සිටියාය. සැමියාගේ අකල් මරණයෙන් පසු දරු පස්දෙනෙකු පෝෂණය කිරීමේ වගකීම ඇය කර මත පැටවිණි. තවමත් ලාබාල තරුණියක වු ඇය දරුවන් පෝෂණය කරන්නට කුලී වැඩ කළාය. ගල් වැඩපලවල ගල් කැඩුවාය. ඇයගේ පිහිටට කිසිවකු නොවීය. ඇය තනිවම ජීවිතයට මුහුණ දුන්නාය.
ගුණපාලගේ පියා ජීවිකාව ලෙස කළේ කසිප්පු පෙරීමය. රන්මැණිකා එ්වා නිපදවන ආකාරය පිළිබඳ දැනගෙන සිටියාය. දරුවන් පස්දෙනා පෝෂණය කරන්නට තමාද අරක්කු ව්‍යාපාරය ආරම්භ කළ යුතුයැයි ඇය සිතුවාය. එ් වනවිට එම ප‍්‍රදේශයේ හොර මත්පැන් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ගුණපාලගේ වැඩිමහල් සොහොයුරා වූ සීමන් අප්පුය. ඔහු වටා ගමේ තරුණ පිරිස් හා නිකරුණේ කාලය ගත කළ පිරිස් රොක්වී සිටියහ. දිනපතා මත්පැන් පානය කරන්නට විශාල පිරිසක් සීමන් අප්පුගේ වාඩියට පැමිණියහ.
දෙද්දුව ජයතුංගගේ සිරිපාල ජීවත් වූයේ කොළඹට ආසන්න පන්නිපිටිය ප‍්‍රදේශයේය. පාසල් වියේ සිටම දඩබ්බරයකු වූ සිරිපාල දිනක් තම පන්තියේ සිසුවකු හා දබරකර ගත්තේය. එයට සිරිපාලගේ සොහොයුරා බැණවැදීම නිසා කෝපයට පත් සිරිපාල තම නිවස මතට ගසක් කපා දමා කොළඹින් අනුරාධපුරයට පැන ගත්තේය. සිරිපාලගේ පියා වු දාවිත් අප්පුහාමි වැඩිහිටි නිවාසයක උපස්ථායකයකු ලෙස සේවය කළ හෙයින් ඔහු ජීවත් වූයේ අනුරාධපුරයේය. නිවසින් පලා ආ ඔහු තම පියා සමඟ අනුරාධපුරයේ නැවතුණේය. ජීවත්වීම සඳහා කිසියම් වෘත්තියක් සොයා ගැනීමට ඔහු බොහෝ සේ වෙහෙස විය. හිරිමල් වියේ තරුණයකු වූ සිරිපාලට වෙහෙස වී වැඩ කිරීමේ පුරුද්දක් නොවීය. එ් වන විට අවුරුදු 16ක් පමණ වයස තරුණයකු වූ ඔහු වරින් වර තැනින් තැන කුලී වැඩට සම්බන්ධ වුවද එය දැඩි වෙහෙසකාරී රැුකියාවක් විය. කැත්තේ උදැල්ලේ කිසිදු වැඩක් කළ නොහැකි වූ ඔහුට අනුරාධපුර නගරයේ යහළුවන් විශාල පිරිසක් සිටියහ. දවස පුරා ඉබාගාතේ යෑමටත් යහළුවන් සමඟ ගත කරන්නටත් ඔහු පුරුදු විය. සිරිපාල පික් පොකට් ගසන්නට පුරුදු වූයේ තම මිතුරන්ගෙනි. පහසුවෙන් මුදලක් ඉපයීමට හැකි බැවින් එය තමාට ගැලපෙන රැුකියාවකැයි ඔහු සිතුවේය. පසු කලෙක එම රැුකියාවේ නිපුණයෙක් වූයේය. අනුරාධපුර නගරයේ ගැට කපන්නන් අතර ඔහු යහමින් මුදල් හම්බ කළේය. මුදල් අත ඇති නිසා ඔහු මත්පැනට ද පුරුදු විය. සීමන් අප්පුගේ වාඩිය ඔහු පි‍්‍රය කළ ස්ථානයක් විය.
රන්මැණිකා හොර මත්පැන් ව්‍යාපාරය කළේ තනිවමය. ගුණපාලගේ සොහොයුරා වු සීමන් අප්පු රන්මැණිකාට අයුතු යෝජනාවක් ගෙන ආවේ මේ අතරතුරය. එ් වන විට විසි වැනි වියේ පසු වූ රන්මැණිකාගේ රූපයට ඔහු ලොල් කළේය. එහෙත් රන්මැණිකා ඔහුගේ ඉල්ලීමට එකඟ වූයේ නැත. සීමන් අප්පු රන්මැණිකාට වෛර කරන්නටත් ඇගේ කුඩා ව්‍යාපාරය කඩා බිඳ දමන්නටත් කි‍්‍රයා කළේය. රන්මැණිකා කසිප්පු නිෂ්පාදනය කළේ ඇය සතු කුඩා ඉඩමේය. එම ඉඩමේ විශාල තේක්ක ගස්වලට මුවාවී සැඟවී සිටින සීමන් අප්පු රන්මැණිකා වත්තේ සඟවන මත්පැන් බෝතල සොරකම් කළේය. කසිප්පු නිෂ්පාදනය සඳහා වඩි දැමු විට එ්වාට වෙඩි තැබුවේය. නැත්නම් එ්වා පෙරළා දැමුවේය. දරු පස්දෙනෙකුගේ කුස පිරවිය යුතු වූ බැවින් රන්මැණිකා ද ඔහුගෙන් සිදුවූ සියලූ ගැහැට විඳ දරා ගනිමින් කෙසේ හෝ තම කුඩා ව්‍යාපාරය පවත්වා ගෙන ගියාය.
රන්මැණිකාගේ පියා මව සහ සොහොයුරියක් |
-කොහොමද රන්මැණිකාට සිරිපාලව හමුවුණේ” මම ඇසුවෙමි. ඇගේ මුව පුරා පුළුල් සිනාවක් ඉපැදිණි. දෑස දීප්තිමත් විය. ඇය එ් අතීතය සිහිපත් කළාය. සිරිපාලගේ මිතුරන් අතර නිතර ඔහු සමඟ සිටියේ ලයනල්ය. ලයනල් රන්මැණිකාගෙන් මත් පැන් බොන්නට හුරුවී සිටියේය. දිනක් ලයනල් -රන්මැණිකාගේ වත්තට ගොස් මත්පැන් ටිකක් බොමු” යැයි සිරිපාලට ඇරයුම් කළේය. සිරිපාලට රන්මැණිකා හඳුනා ගන්නට හැකි වූයේ එදා ලයනල් සමඟ ගිය ගමනිනි. නිතර සීමන් අප්පුගේ වාඩියේ සිටි බැවින් සීමන් රන් මැණිකාට බැණ වදින අයුරුත් ඇයට කරන අඩන්තේට්ටමුත් සිරිපාල දුටුවේය. රන්මැණිකාගේ කි‍්‍රයා කලාපය තමාට මහත් හිසරදයක් වී ඇතැයි දිනක් සීමන් සිරිපාලට කීවේය. ඔහු සීිමන්ට හිතවත්ව සිටි බැවින් සීමන් පවසන්නේ සත්‍යයක් දැයි සොයා බලන්නට සිතුවේය. රන්මැණිකාගේ නිවසේ නිතර වසා තිබූ කාමරයක් විය. සැමියා මිය යාමෙන් පසු එය කිසිවකු විසින් පරිහරණය නොකළ අතර ඉඳහිට ජනෙල් පියන් හැර දැමුණේ පුස් ගඳ පහව යනු පිණිසය. ඇතැම් දිනවල වසා දමා තිබූ එම ජනේලය විවෘත වී තිබෙනු රන්මැණිකාට දැක ගන්නට ලැබුණත් එය සුළඟින් ඇරෙන්නට ඇතැයි ඇය සිතුවාය.
රන්මැණිකා හඳුනා ගන්නට ලැබී මඳ කලකට පසු දිනක් සිරිපාල රන්මැණිකා හමුවන්ට පැමිණියේය. -මට සීමන් කිව්වා රන්මැණිකා වැරදි වැඩ කරනවා කියලා. මම මාසයක් විතර හැංගිලා බැලූවා රන්මැණිකා එහෙම වැරදි වැඩ කරනවාද කියලා. මම තමයි කීප දවසක්ම අර කාමරේ ජනේලෙ ඇරල දැම්මේ.” යනුවෙන් පැවසූ සිරිපාල -මං දන්නවා රන්මැණිකා හොඳ කෙනෙක් කියලා. අද ඉඳන් රන්මැණිකගේ තනිනොතනියට මම මෙහේ නතරවනවා”යි කියමින් ඇගේ දෑස දෙස බැලීය.
එතකොට මං කිව්වා -එපා එපා, මගේ මහත්තයා නැති වෙලා මහ දවසක් ගියේ නෑ. මට කතන්දර හැදෙන්න පුළුවන්. මහත්තය එ් නිසා එ්ක කරන්න එපා කියලා” රන්මැණිකා මතකය අවදි කළාය. ඇය ගේ මතකය වසර ගණනක් ඈතක නතර වී තිබිණි. මම එපා කිව්වට සිරිපාල ඇහැව්වෙ නැහැ. එයා බලහත්කාරයෙන් වගේ නතර වුණා. මට එයාව යවන්න හිත දුන්නෙත් නැහැ.” පැවසූ ඇය මඳක් හඬ නගා සිනාසුණාය. නව යොවුන් වියේ පසුවූ ඇය තුළ ඔහු පිළිබඳ කිසියම් ආකර්ෂණයක් ඇති වී තිබිණි.
සිරිපාල සමඟ රන්මැණිකා අලූත් ජීවිතයක් ආරම්භ කරන විට ඇය අවුරුදු 20 ක පමණ තරුණියක වූ අතර සිරිපාලට වයස අවුරුදු 17ක් හෝ 18 පමණ වන්නට ඇති බව ඇය පවසයි. ජීවිකා වෘත්තිය ලෙස දෙදෙනාම එක්ව මත්පැන් පෙරීම ආරම්භ කළහ. නව යුවලගේ මත්පැන්වලට වැඩි ඉල්ලූමක් තිබිණි. දුර බැහැර සිට ද ඇතැම් අය මත්පැන් මිලට ගැනීමට ඔවුන් වෙත ආහ. සිරිපාලගේ මිතුරෝද පැමිණ වෙනත් ප‍්‍රදේශවල අලෙවි කරන්නට මත්පැන් ගෙන ගියහ. වෙළෙඳාම සරු විය. අත මිටද ටිකක් සරුවන්නට වූ අතර දරුවන්ටද කුස පුරා ආහාරයක් ලැබිණි. සීමන්ගේ මත්පැන්වලට වඩා වැඩි ඉල්ලූමක් සිරිපාලගේ සහ රන්මැණිකාගේ මත්පැන්වලට තිබිණි. තම ව්‍යාපාරය අඩාළ වෙද්දී රන්මැණිකාගේ ව්‍යපාර දියුණු වනු දැකීම සීමන්ගේ වෛරය තවත් තීව‍්‍ර කරන්නක් වූයේය.
සිරිපාලට ආරි නමින් මිතුරකු විය. දිනක් සිරිපාල ආරි සමඟ අනුරාධපුර දුම්රිය පළ දෙසට ගමන් කරමින් සිටියේය. රේල්ගේට්ටුව අසල, සිරුරේ පච්ච කොටන මිනිසකු තම ආම්පන්න තබාගෙන සිටිනු දෙදෙනා දුටුවෝය. -මචං අපිත් පච්චයක් කොටමුදැ”යි ආරි සිරිපාලගෙන් ඇසීය. සිරිපාලත් එකඟ විය. ආරි තම කම්මුල් දෙක මත කුරුල්ලන් දෙදෙනෙක් කොටා ගත්තේය. එතැන් පටන් ඔහු කුරුළු ආරි ලෙස හැඳින්විණි. සිරිපාල ද තම ළය මත අකුරු වැලක් කොටා ගත්තේය. ඔහු කොටා ගත්තේ -මරුවා සමග වාසේ” යන්නයි. පසු කාලයේ සිරිපාලට මරු සිරා යනුවෙන් අන්වර්ථ නාමයක් නිර්මාණය කළේ එම අකුරු පෙලය. සිරිපාල බොහෝ මිතුරන් ඇසුරු කළේය. -එයා යාළුවන්ට හරි හිතවත්. එ් නිසා ගොඩාක් යාළුවො හිටියා. කවුරු හරි කරදරයක් කියල කිව්වොත් අතේ තිබුණු ඔක්කොම එ් යාළුවන්ට දුන්නා. අපේ ගෙදර තිබුණු බඩු මුට්ටු හිටං යාළුවන්ට දීපු වෙලාවල් තිබුණා. කොටින්ම මගේ රත්තරං බඩුත් සමහර යාළුවන්ට කරදර තිබුණු වෙලාවට එයා දුන්නා. මම කිසි දෙයක් කිව්වේ නැහැ.” ඇගේ දෑස නැවතත් කඳුළින් පිරි ගියේය.
පියදාස නමැති පුද්ගලයෙක් සාලියපුර ගල්වළ හන්දියේ කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගියේය. ඔහුද තම කඩයේ රහසින් මත්පැන් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය. සිරිපාල අතින් ප‍්‍රථමයෙන් මරණයට පත් වූයේ මේ පියදාසය. -මේ පියදාස දවසක් එයාගේ කසිප්පු බූලියක් හොරකම් කළා කියලා බොරු චෝදනාවක් කරලා සිරිපාලට ගහන්න ඇවිත් තිබුණා. සිරිපාල වැඩි වශයෙන් රාති‍්‍රය ගත කළේ ගල් කඩන මිනිස්සුන්ගේ වාඩියේ. එ්කට කිව්වෙ ගල්වළ හන්දියේ වාඩිය කියල. එ්ක තිබුණේ ගල්වළ හන්දියෙන් උඩට යනකොට තිබුණු මහ කැලේ. දවසක් සිරිපාල එතැනට යනකොට පියදාස අක්කර 12 පැත්තෙ 18 දෙනෙක් විතර කට්ටියක් එක්ක කැති පොලූ අරගෙන ඇවිත් එයාට ගහන්න පැනලා. එතකොට සිරිපාල එයාට වෙඩි තියල.”
එම වෙඩි පහරින් පියදාස මිය ගියේය. සිරිපාල පසුපස නීතිය එළවන්නට විය. ඔහු නීතියට වසං වෙමින් ජීවත් වන්නට විය. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නට සීමන් සිතුවේය. තම සගයකු වූ වෙල්ලියා කැඳවූ සීමන් ඔහුට තුවක්කුවක් දී සිරිපාල මරා දමා ඔහුගේ කනක් කපාගෙන එන ලෙසට උපදෙස් දුන්නේය.
”සිරිපාලට තිබුණේ ටිකක් වෙනස් කන් දෙකක්. එ්වා අනෙක් අයගෙ කන්වලට වඩා ලොකුයි. මං දන්නේ නැහැ ඇයි සීමන් කන කපා ගෙන එන්න කිව්වෙ කියලා. සීමන් වෙල්ලියට කියල තිබුණා සිරිපාලව මරල දැම්මට පස්සේ එයා සීමන්ගේ පවුලගේ ගමේ එ් කියන්නේ නාලන්දෙ ගෙනහිං හංගල තියන්නං කාටවත් අල්ල ගන්න බැරි විදියට කියලා.”
සිරිපාල පොලිස් අත්අඩංගුවට පත්වූ පසු |
වෙල්ලියා සීමන්ගේ අදහසට එකඟ විය. සීමන් ඔහුට රුපියල් පනහක් දුන්නේය. වෙල්ලියා තුළ සිරිපාල කෙරෙහි පැහැදීමත් තිබිණි. සීමන්ගෙන් නොමිලයේම අරක්කු බී දිවා ආහාරයත් ගෙන පැමිණි වෙල්ලියා සිරිපාල සැඟවී සිටි වාඩිය සොයා ගියේය. ඔහු ගියේ සිරිපාල මරන්නට නොවේ. සීමන් තමාට පැවරූ රාජකාරිය පිළිබඳව සිරිපාලට කියන්නටය. වෙල්ලියා කියූ රහස ඇසූ සිරිපාලට මාරයා ආවේශ විය. සිරිපාලට බියෙන් සීමන් රාති‍්‍රය ගත කළේ තම වත්තේ තිබූ විශාල ගසකය. සවස හය හයහාමාර වනවිට සීමන් ගසට නගින්නේ රාති‍්‍රය වන තෙක් නිවසේ සිටියොත් සිරිපාල තමාට අනතුරක් කරාවිය යන බිය නිසාය. සිරිපාල එය දැන සිටියේය. සීමන් ගසට යාමට පෙර සිරිපාල ඉස්සර විය. වෙඩිල්ල එල්ල වූයේ සීමන්ගේ ළය පෙදෙසටය. -බුදු අම්මෝ”යි කියමින් සීමන් කපා හෙලූ ගසක් මෙන් නිවස ඉදිරිපිට ඇද වැටිණි.
සීිමන්ට වෙඩි තියල ඇවිත් සිරිපාල මට කිව්වා මම සීමන්ව මැරුවා කියලා. මට හිතා ගන්නවත් බැරි වුණා. මම ඇහුවා ඇයි මහත්තයා එහෙම කළේ කියලා. එතකොට කිව්වා ඌ මාව මරන්න ඉස්සෙල්ලා මම ඌව ඉවරයක් කළා කියලා.”
සීමන් අප්පු ඝාතනය කළ සිරිපාල නැවතත් සුපුරුදු ලෙස නීතියට කට්ටි පනිමින් සැඟවී සිටියේය. ඔහුගේ නැන්දා කෙනෙකු හලාවත ප‍්‍රදේශයේ වාසය කළාය. සිරිපාලට එම ඥතියාගේ නිවසේ සැඟව සිටින්නැයි රන්මැණිකා ඉල්ලා සිටියාය. සිරිපාල එයට එකඟ විය. වාහනයක් සූදානම් කරගත් ඇය සිරිපාල හලාවතට ගෙන ගියාය. රථය පැදවූ රියදුරා සිරිපාලගේ ළය මත කොටා තිබූ -මරුවා සමඟ වාසේ” යන අකුරු පෙළ දුටුවේය. මින් ඉහත ඔහු සිරිපාල නොහඳුතත් අකුරු පෙළින් හඳුනා ගත්තේය. ඔහු පොලිසියට නිවැරදිව ඔත්තුව දුන්නේය. එදින රාති‍්‍රයේ සිරිපාල ආහාර ගනිමින් සිටියේය. බර සපත්තු අඩි හඬක් මිදුල දෙසින් ඔහුට ඇසිණි. කිසිවක් සිතා ගැනීමට පෙරම ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේය.
(තව කොටසක් ලබන සතියේ)
විශේෂ ස්තුතිය අනුරාධපුර ලංකාදීප වාර්තාකරු සරත් මනුල වික‍්‍රම මහතාට.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මගේ රත්තරං බේරගන්න මා එදා කොච්චර අඬුවද ?
පෙරේරා Wednesday, 02 April 2014 11:37 PM
සිරිපාලට දුන් දඬුවමින් නම් නීතිය අකුරට පිළිපැදලා තිබෙනවා (නි)
අතාවුද Saturday, 05 April 2014 01:45 PM
සත්‍ය ආදරයක් (දී)
අශාන් Friday, 04 April 2014 08:39 AM
දුෂ්ට සමාජය විසින් වැරැද්දට ඇද දැමු සිරිපාලලා කොච්චර ඉන්නවද. මොනවා වුනත් ඇය සැමියාට දක්වන ආදර ගෞරවයට අපි ඇයට ගරු කල යුතුයි.(නදී)
කුසුමලතා Thursday, 24 April 2014 12:11 AM
රන්මැණිකා ගැන මට නම් දුකයි (නි)
චන්ද්‍රිකා Friday, 04 April 2014 12:28 PM
සමාජයට සාධාරනයක් ඉෂ්ට කිරිමේදී සිරිපාලලා වැනි අයට දඩුවම් දීම සාධාරණයි. එසේ වුවද රන්මැණිකා වැනි අය එයින් ලබන දඬුවම මිහිපිට අයෙක්ට කියා හෝ ලියා නිමකළ නොහැකිය. එනිසා සත්පුරුෂ සමාජයක මෙවැනි සිරිපාලලා යලි බිහි නොවේවා! (නි)
කිංස්ලි පෙරේරා Friday, 25 April 2014 11:33 PM
දුක හිතෙන ආදර කතාවක් අනෙත් කොටසත් එක්මනට බලාපොරොත්තු වෙමි (දී)
වීරසේකරගේ Sunday, 06 April 2014 01:15 AM
ඒ කාලේ නිතිය හරියට අකුරට තිබුන (දී)