ආදි මානවයා ඇඳුමින් පැලඳුමින් අලංකාරවත් වූවෙක් නොවේ. ක්‍රමයෙන් ශික්ෂාකාමී වීමත් සමඟ විලිබිය පිළිබඳව ඇතිවූ මානසික පෙරැළියත් පාරිසරික වශයෙන් ඇතිවූ සංසිද්ධී ද සමග ඇඳුම් භාවිතය සඳහා පෙළඹී ඇති බව නොරහසකි.
එදා මෙදා තුර මානව සමාජය භාවිත කරන ලද ඇඳුම් ප්‍රමාණය මෝස්තර වශයෙන් මතු නොව හැඩතල වශයෙන් මෙපමණක් යැයි ගණනය කළ නොහැකිය. සමාජය තුළ මූලික මිනිස් අවශ්‍යතා අතර ඇඳුම් ප්‍රධාන අවශ්‍යතාවකි. ආහාර ගෙවල් හා බෙහෙත් අනෙක් අවශ්‍යතාය. මේ අවශ්‍යතා පිළිබඳ බෞද්ධ ආගමික හැඳින්වීම වන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය වශයෙන් වේ. එය සිවුපසය යනුවෙන් ද හැඳින්වෙයි. කෙසේ වෙතත් මෙහි ප්‍රමුඛතාව වස්ත්‍ර හෙවත් ඇඳුම් පැලඳුම් සඳහා හිමිව ඇති බව දැකගත හැකිය. වස්ත්‍ර පරිහරණය හෙවත් ඇඳුම් භාවිතයේ දී ගිහි සමාජයේ අපේක්ෂා හා පැවැති සමාජයෙහි අපේක්ෂා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනී. ඔවුන්ගේ මූලික අපේක්ෂාව අලංකාරයයි. ඒ අතර වඩාත් කැපී පෙනීමේ අදහස ද මූලික වන බව පෙනේ.
එහෙත් බෞද්ධ භික්ෂුවගේ චීවර පරිහරණය හෙවත් ඇඳුම් භාවිතය ඉතා අර්ථවත් වූවක් බව සිවුපස ප්‍රත්‍යවේක්ෂාවෙහි මූලික අංගය වූ චීවර පච්චවෙක්ඛණාවෙන් පෙනී යයි. එහිදී පැහැදිලිව දක්නට ලැබෙනුයේ සිවුරු භාවිතයෙහි පරමාර්ථය වන්නේ පාරිසරික වශයෙන් මුහුණ දීමට සිදුවන ශීතෝෂ්ණ බවින් හා මැසි මදුරු සර්පාදීන්ගෙන් ආරක්ෂා වීමයි. ඉතා වැදගත් සංසිද්ධියක් ලෙස ‘හිරිකෝපීන පටිච්ඡාදනත්ථං’ යන්නෙන් ලජ්ජා ස්ථාන ආවරණය කරනු පිණිස කසාවත දරන බව සඳහන්ව ඇත. ඒ අනුව වසර දෙදහස් පන්සිය ගණනක දීර්ඝකාලීන ඉතිහාසයකට හිමිකම් කියන සිවුර හෙවත් කසාවත මෙම කාල පරාසය තුළ කිසිදු වෙනසකට ලක්වී නැත. විනයානුකූලව එහි සැලස්මට කිසිදු වෙනසක් කළ නොහැකි අතර ප්‍රමාණාත්මකව ඇතැම්විට ලොකු කුඩා කිරීම් දැක ගත හැකිය.
බුද්ධකාලීනව ඇතැම් අවිචාරවත් පැවිද්දන් එහි වෙනස්කම් කිරීමට යත්න දැරීමේ දී භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දුන්නේ නැත. මෙතරම් දීර්ඝ කාලයක් එකම සැලැස්මක් මත පවත්නා වෙනත් කිසිදු ඇඳුමක් දැකිය නොහැකිය. මේ සියවස් ගණනක ඉතිහාසය තුළ ගිහි ඇඳුම් ප්‍රමාණාත්මකව මෙන්ම මෝස්තර වශයෙන් වෙනස් වී ඇති වාර ගණන ගණනය කළ නොහැකි තරම් වනු ඇත. මෙසේ වෙනස් වීමට හේතු වී ඇත්තේ මුලින් සඳහන් කළ ආකාරයට මෙය නෙත් සිත් ඇද ගන්නා ප්‍රදර්ශනාත්මක වූ ආකර්ෂණීය භාණ්ඩයක් වශයෙන් පරිහරණය වීම බව නොරහසකි. ඒ අනුව අද වන විට ආවරණය විය යුතු තැන් ආවරණය කිරීමට වඩා නිරාවරණය කිරීමේ ප්‍රවණතාවක් ඇඳුම් මෝස්තරවලින් දැකගත හැකි වේ.
ලෝකයෙහි මෝස්තර නිර්මාණය වර්තමානය වන විට ඉතා ප්‍රචලිත විෂයකි. එහිදී ඇඳුම් පිළිබඳ නව නිර්මාණ දිනෙන් දින අලුත් වෙමින් පවතින බව බොහෝ දෙනා මැනවින් දන්නා කරුණකි. ඒ අනුව විවිධ අවස්ථා සඳහා වෙන්වූ ඇඳුම් මෙන්ම විවිධ රාජකාරි අවස්ථා මෙන්ම විවිධ පුද්ගල නිලතල සඳහා වෙන් වූ ඇඳුම් පැළඳුම් පවතින බව ද නොරහසකි. ඇතැම්විට පුද්ගලයාගේ සම්භාවනීයත්වයට අනුව ඔවුන් වෙනුවෙන් වෙන් වූ ඇඳුම් පැලඳුම්වලින් යුත් සාප්පු සංකීර්ණ පවා ලෝකයෙහි ඇතැම් රටවල ඇතැයි අසන්නට ලැබේ. කෙසේ නමුත් මේ සියලු ඇඳුම් පැලඳුම්වල මූලික ලක්ෂණය වන්නේ පුද්ගල ආකර්ෂණය ඇතිකර ගැනීමයි. මේ සඳහා විවිධ වටිනාකම් ලබා දී ඇති ආකාරය සලකා බැලීමේ දී පුද්ගල මනසෙහි ඇති ඕලාරිකත්වය ද මනාව තේරුම් ගත හැකිය. බෞද්ධ සමාජය පිළිබඳ සලකා බැලීමේ දී ඊට අදාළ සංස්කෘතියක් ඇති බව නොරහසකි. එහි හර පද්ධතියට අදාළ වන අයුරින් ඇඳුම් පැලඳුම් තත්කාලීන සමාජය මගින් තීරණය කොටගෙන තිබුණි. එම මතිමතාන්තර අනුව සීලසමාදානය සඳහා සැහැල්ලු වූත් චාම් වූත් ඇඳුමක් භාවිත කෙරෙන අතර එම ඇඳුමින් තොරවීම ශික්ෂාපද ආරක්ෂාවට බාධා වන බවක් මින් අදහස් නොකෙරේ. අවමංගල අවස්ථා ආගමික කටයුතු අවස්ථා ආදිය සඳහා ද බෞද්ධ සමාජය චාම් වූත් සැහැල්ලු වූත් ඇඳුම් පැලඳුම් භාවිත කෙරේ. සිංහල බෞද්ධයන්ගේ ඇඳුම වශයෙන් පිළිගනු ලබන්නේ ජාතික ඇඳුමයි. එය පිරිමි පක්ෂය සඳහා වෙන්වන අතර කාන්තාවන් සඳහා ඔසරිය, සාරිය, ළමා සාරිය ආදී නම්වලින් යුතු ඇඳුම් විශේෂ ඇති බව ප්‍රකට කරුණකි. එක් එක් සංස්කෘතීන්ට අයත් මෙබඳු ඇඳුම් විශේෂ වලින් ඊට අදාළ සංස්කෘතියේ අනන්‍යතාව ප්‍රකට කෙරේ. සිංහල බෞද්ධයන් පිළිබඳව සඳහන් කළ යුතුව ඇත්තේ එම සංස්කෘතියට අදාළ ඇඳුම් පැලඳුම් පිළිබඳ අවම අනුගමනයට පත් පිරිසක් වශයෙනි. දරා සිටින ඇඳුමින් ඕනෑම ජාතියකට අයත් පුද්ගලයකු හඳුනාගත හැකිය. එක් එක් වෘත්තිකයන්ට නිර්දේශිත ඇඳුම් පැලඳුම් අප රට තුළ ප්‍රචලිත බව වත්මන් සමාජය ඉතා හොඳින් දන්නා කරුණකි. රටක ආරක්ෂක සේනා සඳහා මෙන්ම ජාතියක ආරක්ෂක සේනාව වන ගුරු වෘත්තිකයන් සඳහා අතීතයේ සිටම වෙන් වූ ඇඳුමක් පැවැති බව නොරහසකි. එම ඇඳුම පිළිබඳව වර්තමානයෙහි විවිධ වාද විවාද කරමින් එය වෙනස් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ දේශපාලන බලපෑම් ක්‍රියාත්මක වන බවක් ද දක්නට ලැබේ. සම්ප්‍රදායක ගුරු භූමිකාව තුළ එය වෙනස් කිරීම සඳහා හේතුවන චර්යාත්මක හෝ ගුණාත්මක වෙනස කුමක්දැයි නොපෙනෙන අතර ඉන් සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුමට සිදු වූ ඛේදනීය තත්ත්වයම බව සඳහන් කළ යුතුව ඇත.
ඇඳුම් පැලඳුම් පිළිබඳව බුදුදහම හා ඒ හා බැඳුණු සංස්කෘතිය විශේෂ අවධානයක් යොමු කොට ඇති අතර ඒ අනුව ඇඳුම් පැලඳුම් අවස්ථානුකූලව සම්මත කොට ගෙන පවත්වාගෙන එන ආකාරය පිළිබඳව මෙහි සඳහන් විණි. ඇඳුම් පැලඳුම් පුද්ගල ආකර්ෂණයට යොදා ගැනීමේ ඇති සුදුසුකම මෙන්ම එම ඇඳුම් පැලඳුම් දරන්නා ගුණාත්මක වශයෙන් ද ඒ සඳහා සුදුසු පුද්ගලයකු විය යුතු බව එහිදී සඳහන් කෙරිණි. බොහෝ විට සමාජය තුළ දක්නට ලැබෙන්නේ ඇඳුමට ආවරණය වී ඒ තුළින් පුද්ගල පෞරුෂයක් මතු නොව තමා තුළ නැති ගුණ සමාජයට හුවා දැක්වීමේ උත්සාහයක නිරත වී සිටින සමාජගත පුද්ගලයන් බහුල වශයෙන් දැකගත හැකිවේ. විවිධ විෂමාචාරවල යෙදෙන්නන් පමණක් නොව සමාජ විරෝධී ක්‍රියාවලින් යැපෙන ඇතැම් දූෂිතයන් එම සියලු අකටයුතුකම් වසා ගැනීම සඳහා ක්‍රියාත්මක වන අවස්ථා බහුල වන අතර එය බුදු දහමින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි. භාග්‍යවතුන් වහන්සේ කිසිවිටෙකත් සිත්කලු වූ ඇඳුම් පැලඳුමින් සැරසී ප්‍රියමනාප පුද්ගලයන් ලෙස සිටීම ප්‍රතික්ෂේප කරන ලද ශාස්තෘෘ වහන්සේ නමක් නොවේ. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ තම ශ්‍රාවකයන් ඇඳුමෙන් පැලඳුමෙන් බාහිරව මැනවින් සිරුර සරසා ගන්නා සේම අාධ්‍යාත්මිකව මෙත්සිත් සහගතව ශික්ෂණයෙන් ශික්ෂිත විය යුතු බවයි. ඒ පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍ය තුළ විවිධ ස්ථානවල මගපෙන්වීම් කර ඇත. ධම්මපද පාලියෙහි දණ්ඩ වග්ගයෙහි මෙසේ සඳහන්ව ඇත.
“අලංකතෝ චේපි සමං චරෙය්‍ය
සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
සො බ්‍රාහ්මණෝ සො සමණෝ ස භික්ඛු”
අලංකාරවත් ඇඳුම් පැලඳුම්වලින් සැරසීම සේම සන්සුන් සහගත ගතිවලින් හා මෙත් සිත් පෙරදැරිව සිටී නම් ඔහු උතුම් පුද්ගලයකු වන බව මෙහි අදහසයි. මෙහි මුලින්ම සඳහන්ව ඇති ‘අලංකතෝ’ යන පාලි යෙදුමෙහි අදහස වන්නේ ඇඳුම් පැලඳුම්වලින් හා රන් රිදී මුතු මැණික් ආදී ආභරණවලින් අලංකාරව සැරසීම යන්නයි. ‘දන්තෝ’ යනු හික්මීම හෙවත් ඉන්ද්‍රිය සංවරයයි. ‘නියතෝ’ යනු නියම ඉපැද්ම වූ සිව් මගින් එක් මගකට එළැඹීම වේ. ‘බ්‍රාහ්මණෝ’ සිතින් පව් බැහැර කළ පුද්ගලයාත් ‘සමණො’සිත පවින් සංසිඳ වූ තැනැත්තාත් ‘භික්ඛු’ සම්පූර්ණ වශයෙන් කෙලෙස් ප්‍රහීන කරන ලද පුද්ගලයාත් වශයෙන් අර්ථ ගන්වා ඇති ආකාරය පිළිබඳව තොරතුරු ඉතා මැනවින් අනාවරණය කර ඇත.
මෙම තොරතුරුවලින් අනාවරණය වන ඉතා වැදගත් කරුණක් වන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සිව් මඟට පිවිසීම හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා පුද්ගලයාගේ ඇඳුම් පැලඳුම් තීරණාත්මක සාධකයක් නොවන බවයි.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් ධර්ම දේශනය සඳහා පාදක වූ අපූර්ව සිදුවීමක් ද ඇත. එය දෙව්රම් මහ වෙහෙරේ දී පවත්වන ලද දේශනයකි. කොසොල් මහ රජතුමාගේ පාලන ව්‍යුහයට අයත් පිටිසරබද ජනපදයක භයානක සොර කණ්ඩායමක් මංකොල්ලකමින් ප්‍රචණ්ඩව හැසිරෙමින් මහත් විනාශකාරී ක්‍රියාවන් හි නිරතවී සිටියහ. එය මැඩ පැවැත්වීම සඳහා රජතුමා විසින් ගන්නා ලද සියලු උත්සාහ අසාර්ථක වූ විට එය මැඩ පැවැත්වීම සඳහා ඉතා දක්ෂ රණ ශූරයකු වූ ‘සන්තති’ නම් අමාත්‍යවරයා යොදවන ලදී. කැරලි මැඩලීමෙහි ද මනා දක්ෂතා ඇතිව සිටි සන්තති ඇමතිවරයා දින කීපයක් ඇතුළත සොර කැරැල්ල මැඩ පවත්වා නැවත එය ඇතිවීමේ ඉඩකඩ ද අහුරාලමින් පැමිණ රජතුමාට කරුණු සැළ කර සිටියේය. තොරතුරු ඇසීමෙන් රජුගේ සතුට නිම්හිම් නැති විය. ඇමතිවරයාගේ දක්ෂතාව අගයමින් තම රාජ්‍යය සත් දිනකට ඔහුට පවරන බව ප්‍රකාශ කළේය. රජ සුව සිත්සේ විඳීම පිළිබඳව සිතා බැලූ රජතුමා නැටුමෙන්, ගැයුමෙන්, වැයුමෙන් අතිශය දක්ෂ ඉතා රූමත් නළඟනක් ද ඇමතිවරයාට ලබාදෙන ලද්දේය. ඇමතිවරයා සමග සත් දින ඉතා සතුටින් ගත කළ නළඟන එදින ඇති වූ බරපතළ රෝගයකින් මිය ගියාය. සත් දිනක් විඳි රජසැප මරණයෙන් කෙළවර වීම පිළිබඳ මහත් කම්පනයට පත් ඇමතිවරයා ශෝකයෙන් බරිතව බුදුරදුන් මුණ ගැසී සියලු අත්දැකීම් විස්තර කර සිටියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයෙන් සෝගිනි නිවුණේය. සියලු කෙලෙස් ගිනි ද නිවී ගියේ ඇමතිවරයකු වශයෙන් සැරසී සිටි අගනා ඇඳුම් පැලඳුම් අභරණ සමඟම රහත් භාවයට පත් වූයේය. ගිහි වෙසින් රහත් විය හැකි වුවද රහත්ව ගිහි වෙසින් විසිය නොහැකි වන බැවින් පැවිදිව විසීමට ද ඒ වනවිට ආයුෂ නොවූයෙන් නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යය පා අහසෙහිම පරිනිර්වාණයට පත් වූයේය. රජුගේත් රටවැසියාගේ සිත් දිනාගත් තියුණු නුවණින් යුත් සන්සුන් ගතිවලින් යුතු සන්තති ඇමතිවරයාගේ රහත් බවත් පිරිනිවීමත් ඇසු දුටු සියල්ලෝම පුදුමයට පත්වූහ. එසේම ඔවුහු ඉමහත් ශෝකයට ද පත් වූහ.
මේ පිළිබඳ දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූහු අතර ද විවිධ කතිකා ඇතිවූහ. ගිහිව රහත් වූ සන්තති ඇමතිවරයා හැඳින්විය යුත්තේ කෙසේදැයි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන ලදහ. මෙසේ සංසිඳුන දැමුණු නියත ගති ඇති උතුමන් බ්‍රාහ්මණ, සමන, භික්ඛු යන නාමයන්ගෙන් කැමති එක් නමකින් හැඳින්වීම සුදුසු බව ප්‍රකාශ කරමින් දේශනා කරන ලද දම් දෙසුමෙන් බොහෝ දෙනා මගඵල ලාභීන් වූ බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් වූ උඳුවප් පොහෝ දිනය සුවිශේෂී වශයෙන් අදටත් ආගමික කටයුතුවල ඉදිරියෙන් සිටින කාන්තාවන්ට අනුස්මරණීය වූ දිනයක් වේ. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ වැඩමවීමත් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීමත්, භික්ෂුණී ශාසනය පිහිටුවීමත්, වෘත්තික පරපුරක ආගමනයත් දිනයට අදාළ වැදගත් සංසිද්ධී ලෙස සඳහන් කළ හැකිය. ඒ අනුව නිපුණතා පූර්ණ ධර්මකාමී දැහැමි පරපුරක ව්‍යායාමයෙන් වැව, දාගැබ හා පන්සල යන තේමාව මුල් කොටගත් සුඛිත මුදිත සමාජයක ආරම්භක දිනය වූ අද දිනයෙහි ඓතිහාසික සිරිපා වන්දනා සමය ද ඇරඹේ. මෙම සියලු කරුණු හා ඇඳුම් පැලඳුම් සඳහා චර්යාත්මක වටිනාකමක් ලබා දීමේ අපේක්ෂාවෙන් යුතුව සසරින් එතෙර වීම සඳහා උත්සාහ ගත යුතුව ඇත.
කොළඹ හැව්ලොක් සිටි,
සාම විහාරාධිපති
අතපත්තුකන්දේ
ආනන්ද නා හිමි
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මගඵල ලැබීමට විසිතුරු ඇඳුම බාධාවක්ද?
AB Wednesday, 07 December 2022 06:31 PM
මගඵල ලැබීමට විසිතුරු ඇඳුම බාධාවක් නොවේ. ඇඳුම කුමක් උවද මනස දියුණු කරගැනීමට හැකි ඕනෑම පුද්ගලයකු හට මගඵල ලැබීමට හැකියාව ඇත. අවශ්‍ය වනුයේ උත්සාහය කැපවීම පමණි. මගඵල ලැබීමට පුද්ගලයකුගේ මනස යොමුවීම පවා සිදුවනුයේද එම පුද්ගලයා පෙර ආත්ම බවයන්හිදී කරනා ලද කුසල් අකුසල් අනුව වේ. එය ඕනෑම කෙනෙකුට නිහඩ පරිසරයක් තුල නිවසේ සිට පවා මනස දියුණු කරගැනීමට හැකිවේ.