මුහුණු පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත් වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියන් තිස්හය දෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 12 දෙනකු සිටි බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
‘විනය සහ නිදහස’ සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද විනයෙන් තොර නිදහස බෙහෝ අතුරු ආන්තරා නිර්මාණය කරන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා සමාජයක පුරවැසියෝ විනයෙන් තොරව නිදහස භූක්ති විඳ රටටම කොඩිවිනයක් බවට පත් වෙති. ‘ෆේස්බුක් සාද’ යනු ඒ බව ඔප්පු කිරීමට සමාජය සොයාගත් නවතම මෙවළම්ය.
පානදුර පින්වත්තේ පැවැති මෙබඳුම ෆේස් බුක් සාදයක් අහවර වූයේ තිදෙනකුට මරු කැඳවමිනි. මෙබඳු ෆේස් බුක් සාද පැවැති ස්ථාන වැටලූ පසු විවිධ මත් ද්‍රව්‍ය වර්ග, මත්පැන්, මත්පෙති මෙන්ම උපත් පාලන උපකරණ ද විවිධ උත්තේජක ද සොයා ගත් බව පොලිසිය කියයි. රත්නපුර ෆේස් බුක් සාදයේ ගැබිනි කතක් ද සිටීමෙන් තත්ත්වය ඉතා බරපතළ බව ඉතා පැහැදිලිය.
පිහියෙන් පාන් කැපීම මෙන්ම කෙනෙකුට ඇනීමට ද යොදාගත හැකිය, වරද ඇත්තේ පිහියේ නොව පිහිය පාවිච්චි කරන්නා අතය. මුහුණු පොතද එවැන්නකි. සමාජ සත්කාරයට මෙන්ම දියුණු සමාජ කතිකා හරහා හරවත් සංවාදයකට මුල පුරා සමාජය තුළ මතවාදී අරගලයක් කිරීමට මුහුණු පොත යොදා ගත හැකිය. අපේ සමාජයේ ද එවැනි අවස්ථා නැතිවා නොවේ. මගීන් විසි ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට තමන්ගේ ජීවිතය කැප කළ ලංගම බස් රියැදුරු කීර්ති බණ්ඩාර අනුස්මරණය කිරීමටත්, ඔහුගේ මරණයෙන් අසරණ භාවයට පත් බිරිඳට හා දරුවන්ට දිරිය ලබාදීමටත් සිදු කළ කීර්ති බණ්ඩාර විරුජන සම්මාන උළෙල එයට කදිම නිදසුනකි. ඒ බලගතු ආදර්ශය ප්‍රදර්ශනය කරනු ලැබුවේ මුහුණු පොත හරහා හඳුනා ගත් සොඳුරු මිනිසුන් සමඟ බව එහි නිර්මාතෘ උදය දේවමුල්ල මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
එක් අතකින් එබඳු ආදර්ශ ප්‍රකාශයට පත්වෙද්දී තවත් අතකින් වාර්තා වන්නේ ගැබිනි කතුන් ද සමඟ රෑ එළිවනතුරා මත්ද්‍රව්‍ය පානය කරමින් සිදු කරන මහා විනාශ ය. එක් අතකින් රට යන අත මෙබඳු ප්‍රවණතා හරහා ඉඟි කරනු ලබයි. මේ ගමන නිරුපද්‍රිතව ඉදිරියට ගමන් කළ හොත් රටට උරුම වන්නේ තරුණකම සිඳ බිඳගත් තරුණ පරපුරකි.
රටක ජීවනාලිය තරුණ පරපුර බව අවිවාදාත්මකය. රටේ අනාගතය බාර ගැනීමට සිටින්නේ තරුණ පරපුරය. ඒ තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ විය යුතුය. බුද්ධියෙන් අගතැන්පත් විය යුතුය. ගුණයෙන් පිරිපුන් විය යුතුය. ගල් පව්වක් වුව අස්වද්දන මහා බලගතු සටන්කාමීත්වයකින්, අධිෂ්ඨානයකින් හා ධෛර්යයකින් සමන්විත විය යුතුය. රට වැටී ඇති අගාධයෙන් රට බේරා ගැනීමටත්, මේ රට ආර්ථික සමෘද්ධියේ හා සංස්කෘතික නවෝදයේ මතු මහලට ඔසොවා තැබීමට හැකිවන්නේ එබඳු වත් පොහොසත්කමකින් පිරි තරුණ පරපුරකටය.
විසල් මනස මත්ද්‍රව්‍යයෙන් විකල් කරගත් තරුණ පරපුරකට ගිනි දැල්ලටම පෙම් බඳින පළඟැටියන් බඳු තරුණ පරපුරකට රට ඉල්ලන ජයග්‍රහණ නිර්මාණය කළ නොහැකිය. රට ඉදිරිපිට තියෙන අඝාත අන්ධකාරයේ තරම ඉතා පැහැදිලිය. මේ අභියෝගය එයට හිමි නිසි අරුතෙන්, නිසි පැහැයෙන් හඳුනාගත යුතුය.
දරුවන්ගේ නොමඟ යෑමට මවුපියන් මුළුමනින්ම වගකිව යුතුය. දරුවන් කරන්නේ කුමක් ද කියා නොදන්නා මවුපියන් වෙත්නම් ඔවුන්ට මඩු වලිගයෙන් පහර දිය යුතුය. රටට බරක් නොවන දරුවන් බිහි කිරීමේ වගකීම මවුපියන් සතු පැහැර හැරිය නොහැකි වගකීමකි. දරුවන් සතුව ද වගකීමක් වේ. තමන්ගේ යුතුකම් මෙන්ම කාර්යභාරය කුමක් ද යන්න නිවැරැදිව හඳුනා ගැනීමට දරුවා සමත් විය යුතුය. පුරවැසි වගකීම් සම්බන්ධයෙන් තිබිය යුතු අවධානය පුරවැසියා වෙතින් ගිලිහී ගියවිට එම සමාජය ඉම නොපෙනෙන පාතාලයකට තල්ලුවීම වැළැක්විය නොහැකිය.
එක් අතකින් මෙරට තරුණයෝ යුද්ධ දෙකකට මැදිව අකාලයේ මිය ගියහ. තවත් පරම්පරාවක් ඉලක්කයකින් තොරව ගමන් කරමින් තාවකාලික සුවය පරම සැපතකැයි සිතමින් විනාශය කරා ගමන් කරමින් සිටිති. ඒඩ්ස් වැනි භයානක රෝග පැතිරීම, විවිධ සමාජ රෝග ව්‍යාප්තවීම ආදිය ඇසට නොපෙනෙන අතුරු කාරණාය. මුළු මහත් සමාජයම එළැඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරීම මෙම අනතුර ඉදිරිපිට ඇති එකම විසඳුම වේ.
අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා
මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මත් සාද කෙරෙහි රටේම දැඩි අවධානයක් ඕනෑ
ධනුෂ්ක Friday, 19 October 2018 02:45 PM
කර්තෘතුමනි කතාව සහතික අැත්ත... නමුත් මේ පවතින දේශපාලනික, අාර්ථික රටාව තුල මේ ක්‍රමය අාරක්ෂා කරගන්න තම බලය හා ධනය වැඩි කර ගැනීමට රැක ගැනීමට, පාලකයන්ට මේ වගේ පිරිහෙන සමාජයක් දාහෙන් සම්පතක්... රට ගිනි ගත්තත් බොහෝ තරුණ තරුණියන්ට වගේ වගක් නෑ. අද පුවත්පතක් කියවන්නේ, ප්‍රවෘතියක් අහන්නේ බලන්නේ වැඩිහිටියන්.... තරුණ තරුණියන් කරන්නේ මොකද්ද? ප්‍රවෘත්ති පටන් ගනිද්දි ටක් ගාලා චැනල් එක මාරු කරනවා. තරුණියන් නම් පුවත්පතක් බලන්නේ නැති තරම් බැලුවත් බලන්නේ නලු නිලියන්ගේ ඕපාදූප ටික විතරයි. අද අන්තර්ජාලය තුළ, මත්පෙත්ත තුළ, ගංජා සුරුට්ටුව තුළ... අරක්කු බෝතලය තුළ තරුණයන් අතරමං වෙලා ඉන්නේ... පාලකයනුත් එ්කට හරි කැමතියි. මොකද එතකොට ඔවුන් ගැන විමසන පිරිස් අඩුවෙනවා. එ්ක පාලකයින්ගේ පැවැත්මට ඉතා යහපත්.
OMGSaturday, 20 October 2018 06:16 AM
මෙයයි යතාර්ථය.
tommy Saturday, 20 October 2018 10:54 AM
ලංකාවේ තරුණයින් මුහුණු පොත අද භාවිතා කරන්නේ වඳුරට හසුවූ දැලි පිහිය මෙනි. ඒ හැර මුහුණු පොත ප්‍රධාන වශයෙන් පාවිච්චි වන්නේ ඕපාදුප පැතිරවීම සඳහායි. රටට විනයක් වූ මේ මුහුණු පොත ලංකාවේ තහනම් කළ යුතුයි.