(ආචාර්ය චරිත හේරත්)
‘මෙතැනින් මාරු වෙනු’ කියන යෙදුම ඇසෙන විටම අපට මතක් වන්නේ අසූව දශකයේ තිබුණු ජනප‍්‍රිය වේදිකා නාට්‍යයකි. මේ සටහනට ඒ නම යෙදුවේ ඒ ආකාරයේ නාට්‍යයමය අර්ථයකින් නොවේ. මේ මගින් බලාපොරොත්තු වන්නේ මේ රටේ දේශපාලන රංග භූමියේ මේ දිනවල සිදුවන දෙයකට අර්ථයක් ඒ යෙදුම සඳහා ලබා දෙන්නටය. මේ රටේ දේශපාලනයේ පසුගිය ජනාධිපතිවරණය සමයේ ආරම්භ වූ කාලය එක්තරා ආකාරයක රංගනයක් කීමේ වැරැද්දක්ද නැත.
ඒ රංගනයේ එක් තිරය වැසීමේ සීනුවක් රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම මගින් නාද වූ බව මගේ පිළිගැනීමය. ඒ නිසාම අනාගත දේශපාලන ක‍්‍රියාකාරීත්වය යම් ආකාරයක වෙනස්වීමකට රවීගේ සිද්ධිය මගින් අනිවාර්ය බලපෑමක් කරන බව මගේ නිරීක්ෂණයයි. මේ තත්ත්වය හමුවේ ශ‍්‍රීලනීපය ඒකාබද්ධ විපක්ෂය පොදුජන පක්ෂය වැනි කණ්ඩායම් සම්බන්ධ කටයුතු කළ යුතු ආකාරය ගැන නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කිරීම මේ සටහනේ අරමුණය.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනය කරන්නට පටන් ගෙන ඇති සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අනුව මේ වෙමින් තියෙන්නේ 62 ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු කැඞීමය. පසුගිය දිනක පැවති 62 අයගේ රැස්වීම යැයි කියන රැස්වීමට පැමිණ සිටියේ ඉතාමත් කුඩා කණ්ඩායමක් වුණත් පළල් වශයෙන් ඒ අය හිතන්නේ රවීගේ ප‍්‍රශ්නයට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කොමිසමක් දැමීම පවා එච්චර හොඳ දෙයක් නොවන බවය. මේවා ගැන සොයා බැලිය යුත්තේ ‘රාජපක්ෂලා ගැන සොයා ඉවර වූ පසුව’ බව මේ සමහර අයගේ පිළිගැනීමය.
මා හිතන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ එජාපය මුල්කරගත් රජයේ බරපතළම අර්බුදය මේ බැඳුම්කර ගනුදෙනුවය. එජාපයේ කණ්ඩායම මේ වගේ අවුලකට කවදාවත්ම මීට පෙර පත් වී සිටි බවක්ද අපි අසා නැත්තෙමු. මේ සිදුවුණේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ භාෂාවෙන් කියනවා නම් ‘හරියට කවදාවත්ම ඉවර වෙන්නේ නැති ලෝක බැංකු කුමන්ත‍්‍රණයක්’ වැනි දෙයක්ය. ලෝක බැංකුව වෙනුවට මහ බැංකුව කියා මෙහිදී දමා ගත හැකිය. සමහර විට ඉදිරියේ තවත් එජාප නායකයන් ගණනාවක්ම මේ අවුලට පැටලෙන බවක්ද මාධ්‍ය වාර්තා කර තිබේ. බැඳුම්කරේ මුදලින් මාධ්‍ය ආයතන ගත්තාට මේ අවුලෙන් මිදෙන්නට බැරි තරමට එය සංකීර්ණ වෙමින් තිබෙන බව පැහැදිලිය.
මෙහිදී අප වැනි අයට ඉතාමත් වැදගත් කාරණය වන්නේ මේ අවුලත් එක්ක ශ‍්‍රීලනිපය කරන්නේ කුමක්ද යන්න විමසා බැලීමය. පසුගිය ජනාධිපතිවරණය නිසා බරපතළම අභියෝගයට ලක් වූ දේශපාලන ව්‍යාපාරය වූයේ ශ‍්‍රීලනිපය අයත් බලවේගයය. තම පක්ෂයේ නායකයා එක පැත්තකිනුත් පක්ෂයේ ලේකම්වරයා අනෙක් පැත්තෙනුත් එකම ජනාධිපතිවරණයට තරග කිරීම යනු ඒ පක්ෂයේ අනාගතය බරපතළම අර්බුදයකට යාම බව එදා තේරුම් ගත්තේ කීපදෙනකු විය හැකිය. ඒ කීප දෙනාට අපවත් අයිති වුණේ නැත. එහෙත් මේ අර්බුදය පක්ෂය බරපතළම අවුලකට පත් කළ බව අද නොපිළිගන්නා කෙනෙක් නැත. පසුගිය ජනාධිපතිවරණයේ එජාපයට බරපතළ භූමිකාවක් හිමිවුණේ ශ‍්‍රීලනිපයේ මේ ගැටුම නිසා මිස ඒ පක්ෂයේ තිබුණ බුද්ධිමත්භාවයක් හෝ උපක‍්‍රමිකභාවයක් නිසා නොවන බව ප‍්‍රසිද්ධියේ නොකීවත් හැමෝම දන්නා කාරණයකි. අඹ ගහට පොලූ ගැහුවේ වෙන දෙන්නෙක්ය. වැටෙන අඹවලට සරම ඇල්ලූවේ වෙන කට්ටියක්ය. දැන් අඹ කැඞීම ගැන පන්ති පවත්වන්නේ එසේ වැටෙන අඹ තමන්ගේ මල්ලට ද ගත් අය මිස පොලූ ගැසූ අය නොවෙති. රවීගේ සිද්ධියත් සමඟ එජාපය අවුලට ගියත් එය හරහා ශ‍්‍රීලනිපයේ අවුල ලිහාගන්නට පොටක් පාදා ගත හැකිදැයි සිතීම අප වැනි අයට වැදගත් කාරණයක් වන්නේ ඒ නිසාය.
ශ‍්‍රීලනිපයේ ගැටුම හා මේ විරසකය දැන් පැමිණ ඇත්තේ ආපසු හැරෙන්නට බැරි තැනකට යැයි මා ලීවේ මීට සති කීපයකට පෙරදීය. එයින් මා කීවේ මේ තත්ත්වය තුළ මෛත‍්‍රී හා මහින්ද එකඟතාවක් ගැන සිතිය නොහැකි තරම් දුරට ගැටුම ගමන් කර අවසාන බවය. තවත් පැහැදිලිව කීවොත් දැන් බිම තියෙන තත්ත්වය වන්නේ ශ‍්‍රීලනිපයේ සිටි බහුතර ග‍්‍රාමීය ජනතාව පොදුජන පක්ෂය සමඟ ඒකාබද්ධව සිටීමය. ඒ ගමනට විරුද්ධ වන ඒකාබද්ධ විපක්ෂයේ අයට වුණත් ගමේ ශක්තිය අඩුවෙනවා මිස වැඩිවෙන්නේ නැති ගානට මේ තත්ත්වය දැන් දියුණු වී හමාරය. මේ ගැන අඩු තක්සේරුවෙන් කතා කරන්නේ නිල ශී‍්‍රලනිපයේ ඉන්න එජාපයෙන් පැමිණි කීප දෙනකු පමණය. අනෙක් අතට මෛත‍්‍රී ජනාධිපතිතුමන්ට සමහර ජන කණ්ඩායම් අතර වෙනත් කාටත් වඩා ජනප‍්‍රියව සිටින්නට හැකිවී ඇති බව ද පිළිගත යුතු කාරණයකි.
වෙනත් කිසිදු ශ‍්‍රීලනිප නායකයකුට ඔහුට තරම් සුළු ජාතිකයන්ගේ ආකර්ෂණයක් තිබුණා යැයි මා සිතන්නේ නැත. මේ රටේ නායකත්වය ගැනීමට සුළු ජනවර්ග හා ආගමික කණ්ඩායම්වල සහාය අත්‍යවශ්‍ය බව මේ වන විට පැහැදිලි වී ඇති තත්ත්වයක් තුළ මේ කාරණයත් අපගේ අවධානයට ලක්වීම සුදුසුය. සරලවම කීවොත් මහින්ද නැතිව ශ‍්‍රීලනිපයේ බහුතරය ගැනීමට කාටවත් නොහැකි අතර මෛත‍්‍රී නොමැතිව අනෙක් ජනවර්ගවල බහුතරය කාටවත් ලබාගත නොහැකි තැනකට තත්ත්වය ගමන් කර ඇත. ඒ වගේම බරපතළ අර්බුදජනක පරිසරයක සිට වඩාත් ශක්තිමත් තත්ත්වයක් දක්වා මහින්දගේ ව්‍යාපෘතිය ගොඩනඟන ඒ ව්‍යාපෘතිය පසුපස සිටින බලවේගවල ශක්තිමත්භාවය හා උපක‍්‍රමිකභාවය ද මේ තත්ත්වය හමුවේ නිවැරැුදිව තේරුම් ගැනීම වැදගත්ය. ඒ අයට චෝදනා හෝ මර්දනය යෙදවීම තත්ත්වය තවත් නරක්වීමට මිස හොඳවීමට උදව්වන්නේ නැත. දැන් මේ බලවේග දෙකෙන් එකක්වත් ආපසු හැරෙන්න බැරි තැනකට පැමිණ ඇතැයි මා කීවේ මේ තත්ත්වය නිසාය. එසේ ආපසු හැරෙන්නට බැරි වුණාට බලය වෙනුවෙන් තමන් ඉන්නා තැනින් ගැළපෙන වෙනත් තැනකට මාරුවෙන්නට බැරිකමක් මේ කාටවත් තිබිය නොහැකිය. මා කියන්නේ රවීගේ අවුල පාවිච්චි කර ලිහා ගත යුත්තේ මේ අවුල බවය.
මෙතැනදී වඩාත් වැදගත් වන්නේ එජාපයත් එක්ක ආණ්ඩු කරන එක හෝ ආණ්ඩු කරන්නට බලාපොරොත්තුවන එක අත් හරින්නට අප සූදානම්ද යන කාරණයය. පසුගිය ජනාධිපතිවරණයට පෙර සිදු වූ අවුල ගමන් කළ දුර වූයේ එජාපය යනු ශ‍්‍රීලනිපයේ දේශපාලනයට එරෙහි බලවේගය නොවන ගානට ඒකත් එක්ක එකට කටයුතු කරන්නට ශ‍්‍රීලනිපය ගමන් කිරීමය. තමන්ගේ පන්ති පදනමට එරෙහිව තමන්ගේ සංස්කෘතික පදනමට එරෙහි සහ රටේ ඉතිහාසයට එරෙහි දේශපාලන කණ්ඩායමක් වූ එජාපය සමඟ හරි හරියට ආණ්ඩු කරන්න ගොස් ගැලවුණේ ශ‍්‍රීලනිපයේ පදනමය. දැන් මේ තත්ත්වය වෙනස් කරගන්නේ නැතිව ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්නට බැරි බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. ආපසු හැරෙන්න බැරි වුණාට මේ බලවේග දෙකට එක දිශාවකට හැරී පොදු සන්ධානයක් යටතේ එක්විය හැකි දැයි මේ මොහොතේ සිතිය යුතුය.
පසුගිය මහ මැතිවරණයේදී සිදු වුණු දේවල් නිසා ආයිත් කවුරුවත් තම තමන්ගේ පක්ෂ අතහැර එකට මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාවක් මේ දෙගොල්ලන්ටම නොතිබෙන්නට පුළුවන් වුණත් දෙපැත්තටම ගැළපෙන අලූත් සන්ධානයකට යාමේ ඉඩක් සම්පූර්ණයෙන්ම වැහෙන්නේ නැත. එජාපය ගෙදර යැවීම මහා පොදු සාධකය වන තත්ත්වයකදී එවැනි උපක‍්‍රම තේරීම දේශපාලනිකව නිවැරැුදිය. රට පැත්තෙන් ඉදිරිගාමීය.
පසුගිය මැතිවරණයේදී එක්සත් නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව පිළිබඳ ප‍්‍රශ්නය කියන්නේ මේ දේශපාලන අවුලේ උච්චතම අවස්ථාව යැයි ද කිව හැකිය. ඒ ලැයිස්තුව ඉදිරිපත් කරද්දී මා ද එය නියෝජනය කළ බව සමහරකුට මතක ඇත. ඒත් ජාතික ලැයිස්තු තේරීම සිදුවුණේම තනිකරම වෙනස් ආකාරයෙන් නිසා එම ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ එක්කෝ අතීත යූ.එන්.පී. කාරයෝය. නැත්නම් අනාගත යූ.එන්.පී. කාරයෝය. මේ එකකටවත් අහුවෙන්නේ නැති සුළුතරය එක්කෝ පවුසි වගේ මොන එකකටවත් කට අරින්නේ නැති අයය. එහෙම නැත්නම් ඩිලාන් වගේ හැම එකකටම කතා කරන අයය. දැන් හුගක් අය ආයිත් එක්වෙන්න තියා ඒ පැත්ත බලන්නවත් කැමති නැත්තේ මේ ජාතික ලැයිස්තුව ප‍්‍රශ්නය නිසාය. ඒ සැක සංකා එහෙමම තිබියදීම එවැනි අවුලක් යළිත් ඇති නොවන පරිදි එක්විය හැකි ආකෘති සෙවිය හැකිය.
මෙතැනදී විශේෂයෙන්ම කට පරිස්සම් කරගත යුත්තේ තොග ගානට කතා කරන ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුය. මේ වගේ තත්ත්වයක ඒ අයගේ කතාවලින් අවැඩක් මිස වැඩක් වෙන්නේ නැත. අනෙක් අතට මේ කාලයේ වැදගත් වන්නේ නායකයන් කැමැති දේවල් කියන අය නොව නායකයන්ගේ සිත් වෙනස් වන පරිදි කතා කරන අයය. ඒ නිසා ශ‍්‍රීලනිප පැත්තෙන් බලන විට එ.ජා.පය එක්ක ආණ්ඩු කරන එකත් වැරැුදිය. එජාපයේ සහාය ගන්න එකත් වැරදිය.
රවීගේ ප‍්‍රශ්නය ඉදිරියට දමා මේ තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකට ගමන් කළ යුතු යැයි මා කීවේ ඒ නිසාය. මෙතැනින් මාරු වෙනු කියා මා ආරම්භයේදීම කීවේ ඒ නිසාය. ඒත් ඒ ප‍්‍රකාශය තරමක් නිර්දේශාත්මක හා අණ කරන ප‍්‍රකාශයක් නිසා මා මේ ලිපියේ අවසානයට කියන්නේ එය තරමක් වෙනස් ආකාරයකටය. ඒ ‘මෙතැනින් මාරු වෙමු’ කියාය. එය තරමක් මිත‍්‍රශීලී හා ආරාධනාත්මක යෝජනාවකි. ඒ යෝජනාව තරහින් විසි කළ හැක්කේ අපේ ආණ්ඩුවක් හදන්නට කැමති නැති අයට පමණක් බව මගේ හැඟීමය.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙතනින් මාරුවෙනු
මැක්ස් Monday, 21 August 2017 09:40 AM
කාලා්චිත යෝජනාවක්...හොඳ ලිපියක් !!!