IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මෛතී‍්‍ර-මහින්ද හමුවේදී මොකද වුණේ?

09_PAGE_03_M  tfj

ජනපතිවරුන් දෙදෙනා සාකච්ඡා මේසයේදී (ඡායාරූපය: සුදත් සිල්වා)

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා හා හිටපු සභාපතිවරයා අතර සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවත්විණි. පක්ෂයේ ඉදිරි පැවැත්ම සඳහා මේ දෙදෙනා එක්විය යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර මතයක් විය. දෙපාර්ශ්වයෙන්ම පිරිස් වෙන් වෙන්ව විටින් විට දෙපාර්ශ්වයම හමුවී සාකච්ඡුා කළහ. පණිවුඩ හුවමාරු කර ගත්හ. බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙන් සඳහන් කියමන මෙන් ”මේ සතියේ හමුවෙනවා, ලබන සතියේ හමුවෙනවා” යනුවෙන් මාධ්‍යවල විටින් විට පළවිය.

 


සාකච්ඡාවට තේමා කරගත් මාතෘකා ඉදිරිපත් විය. හමුවිය යුතු දිනය නම්කිරීම සිදුවිය. කෙසේ වෙතත් පසුගිය 6 වැනිදා මෙම හමුව පැවැත්වුණි. කථානායකවරයාගේ නිල නිවසේ මෙම හමුව පැවැත්වීමට මුලදී තීරණය කර තිබුණත් පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී වර්තමාන ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා හමුවූහ.


හමුවීම පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ දෙවන මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයේදීය. ජනාධිපති කාර්යාලය පිහිටි දෙවන මහල අධි ආරක්ෂිත ප‍්‍රදේශයක් වශයෙන් හැඳින්වේ.


මෙම සාකච්ඡාවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දහවල් 11.30ට පමණය. දෙවන මහලේ පිහිටි තම කාර්යාලයේ රැඳී සිට ඇති ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණ දිවා ආහාරය ලබාගෙන ඇත. බත් හා එළවළු දිවා ආහාරයට ගන්නා අතර ෆයිසර් මුස්තාපා, දුමින්ද දිසානායක, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන යන මහත්වරුද ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගෙන ඇත.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ ප.ව. 1.30ට පමණය. අමුත්තන්ගේ පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇති හිටපු ජනාධිපතිවරයා දෙවන මහළට කැඳවා ගෙන ගොස් ඇත්තේ වේත‍්‍රධාරි අනිල් සමරසේකර මහතා විසිනි.


ඔහු සමඟ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුද වූහ.


මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡුාවට සහභාගි වූ මන්ත‍්‍රීවරු ඊට පෙර දිනයේ ඩිලාන් පෙරේරා මහතාගේ කැඳවීමෙන් විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇත.
සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සමඟ පෙර දිනයේ රැස්වී සාකච්ඡා කර යම් යම් කරුණු පිළිබඳව එකඟතාවකට පත්වී තිබිණි.


එහෙත් ජනපතිවරුන් දෙදෙනාගේ හමුවට පෙරකී සිවු දෙනා සහභාගි වී නොසිටි අතර ඒ වෙනුවට රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාපා, දුමින්ද දිසානායක හා එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන යන මහත්වරුන් සහභාගිවීම පිළිබඳව මෙහිදී විමසා සිටියත් පෙර සාකච්ඡුාවක් පැවැති බව තමන් නොදන්නේ යැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන්වේ.


සාකච්ඡාව අතරදී පාර්ලිමේන්තු භෝජනාගාරය තේ සහ ෂෝට් - ඊට්ස් පිරිනමා ඇත. එම තේ පානයට වැය වූ මුදල ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදීමට නියමිතය.


මෙම සාකච්ඡුාවේදී සිකුරාදා (8) කුරුණෑගල පැවැත්වීමට නියමිතව තිබු රැුලිය ගැන ජනාධිපතිවරයා විමසා ඇත. එවැනි රැස්වීමක් අනවශ්‍ය බැවින් අවලංගු කිරීමට ඇති හැකියාව පිළිබඳවද විමසා ඇති අතර මෙම රැස්වීම කල් ඇතිව සංවිධානය කරන ලද්දක් නිසා අවලංගු කළ නොහැකි බව ප‍්‍රකාශ වී තිබේ.
මින් ඉදිරියට සන්ධානයේ පක්ෂ ප‍්‍රසිද්ධ රැුස්වීමක් සංවිධානය කරනු ලබන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡුා කිරීම සුදුසුයැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති බව වාර්තාවේ.


වඩාත් විශේෂත්වයකින් සාකච්ඡුාවට භාජනය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කළ යුතු බවට ඔහුගේ පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ යෝජනාවයි.


මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ කිසිදු මැතිවරණයකදී අගමැති අපේක්ෂකයා නම්කිරීමේ ක‍්‍රමවේදයක් මෙතෙක් නොපැවැති බවයි. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇතත් අගමැති අපේක්ෂකයකු නම් කිරීමක් ගැන සඳහන් නොවන බවද ප‍්‍රකාශ කර ඇත.


ප‍්‍රධාන පක්ෂයෙක් මැතිවරණයකදී අගමැති අපේක්ෂකයා නම්කිරීම අවාසි සහගත විය හැකි වන අතර එයින් එක් පුද්ගලයකු ඉලක්ක කර පහරදීමට ප‍්‍රතිවාදී කණ්ඩායම්වලට අවස්ථාව උදාවන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති බව සඳහන්වේ.


මහ මැතිවරණයට නාම යෝජනා ලබාදීමේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ප‍්‍රමුඛ ස්ථානය ලබාදීම පිළිබඳවත් සාකච්ඡාවට භාජනය වී ඇත.


ඒ අනුව අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කෙරෙන පුද්ගලයාට නාම යෝජනා ලබාදීම මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡුාවට සහභාගි වූ මන්ත‍්‍රීවරුන්ගේ අදහස වී තිබුණ බවක් පෙන්නුම් කළේ යැයි මෙම සාකච්ඡුාවට සහභාගි වූ මන්ත‍්‍රීවරයෙක් ප‍්‍රකාශ කළේය.


අගමැති අපේක්ෂකයා නම්කිරීමේ යෝජනාව ගැන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් සහයක් හෝ ප‍්‍රසාදයක් පළ නොවූ බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.


මීට අමතරව පළාත් පාලන ආයතන ලබන 15 වැනිදා විසුරුවා නොහරින්නැයි හිටපු ජනාධිපතිවරයා සමඟ පැමිණි මන්ත‍්‍රීවරුන් ඉල්ලීමක් කර ඇතිබවද සඳහන් වේ.


මෙහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ පළාත් පාලන ආයතන විසුරුවා හැරීම පිළිබඳව මෙතෙක් පැහැදිළි තීන්දුවක් ගෙන නැති බවත් ඒ පිළිබඳව තවදුරටත් ගැඹුරින් කල්පනා කර බැලිය යුතු බවත්ය.


අපරාධ මුල්‍ය කොට්ඨාසයේ වැඩකටයුතු දේශපාලනීකරණය වී ඇති බවට හිටපු ජනාධිපතිවරයා සමග පැවැති මන්ත‍්‍රීවරු ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.


මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නීතියට අදාළ කටයුතු පිළිබඳ තමන් කිසිම ඇඟිලි ගැසීමක් නොකරන අතර ඔවුන් නිදහසේ සිට රාජකාරිය කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත් යැයි සඳහන්වේ.


මූල්‍ය අපරාධ පරීක්ෂා කර බැලීමට පත් කරන ලද මෙම විශේෂ පොලිස් ඒකකය කිසිදු පළිගැනීමකින් තොරව ලැබෙන පැමිණිලි පිළිබඳව අපක්ෂපාතීව කටයුතු කරනු ඇතැයිද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත. එබැවින් මෙම ඒකකය පිළිබඳව ප‍්‍රකාශ කර ඇති ගැසට් නිවේදනය නිවැරැුදි කිරීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතිබව වාර්තාවේ.ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම මහින්ද රාජපක්ෂ මහතාට බාරදීම හා නාමයෝජනා මණ්ඩල සැකසීම පිළිබඳව ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප‍්‍රසාදයක් දක්වා ඇති බවත් වාර්තා නොවේ.


මෙම සාකච්ඡුාවේදී ප‍්‍රධාන වූ කරුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කිරීමටත් එම සභාවේ අදහස් විමසා බැලීමටත් තීරණය වී ඇත. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා නම්කිරීම, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, අත්හිටුවීම, එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම යන කරුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කිරීමටද තීරණය වී ඇත.


සාකච්ඡුාව පැයක පමණ කාලයක් පවත්වා ඇති අතර අවසානයේදී ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් වී ඇත. එම යෝජනාවට ජනාධිපතිවරයා සමඟ පැමිණි පාර්ශ්වයෙන් එකඟතාවක් හෝ ප‍්‍රතිචාරයක් ලැබී නැති බව දැනගන්නට ඇත.
තවත් සාකච්ඡුාවකට සහභාගිවීමට ඇතිබව පවසා ජනාධිපතිවරයාත්, රාජිත සේනාරත්න මහතාත් නැගී සිටි බව දැනගන්නට ඇත.

 

 


පක්ෂය නොබෙදී ඉදිරියට යන්න තවත් ශක්තියක් ලැබුණා

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම බෙදීමකින් තොරව ශක්තිමත්ව ඉදිරියට යාමට මෙම සාකච්ඡාවෙන් තවත් ශක්තිය ධෛර්ය ලැබුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අතර බොහොම සාර්ථක සාකච්ඡුාවක් තිබුණා. සාකච්ඡුාවට මූලික වූ කරුණු මධ්‍යම කාරක සභාවට යොමු වෙනවා. මධ්‍යම කාරක සභාවේ තීරණයට සියලූ  පාක්ෂිකයන් එකඟ විය යුතුයි. පක්ෂයක විනය ඒකයි. කොයි කවුරු පක්ෂයේ නායකත්වය දරන ලද කාලයකදී වුවත් මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එකඟයි.

 


මහින්ද අගමැති අපේක්ෂක කරන්න එකඟතාවක් ආවේ නෑ

කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කුමාර වෙල්ගම

 

සාකච්ඡා වූ ඇතැම් කරුණුවලට එකඟතාවකට පත්වීමටත්, නිසි පිළිතුරක් ලබාගැනීමටත් නොහැකි වුණා. පළාත් පාලන මැතිවරණයකට යනවද? කල් දානවද කියන කරුණ පිළිබඳව එකඟතාවකට ඒමට නොහැකි වුණා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් නම්කිරීමේ යෝජනාවටත් නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමේ කටයුතු බාරදීමට හා නාම යෝජනා මණ්ඩල සකස් කිරීමට බාරදීම පිළිබඳවත් එකඟතාවකට ඒමට නොහැකි වුණා. මේ කරුණු පිළිබඳව මධ්‍යම කාරක සභාව විසඳුමක් ලබාදේවි යැයි බලාපොරොත්තු වෙනවා. රටේ බහුතර ජනතාව ඉල්ලන දේට ඉක්මන් යහපත් පිළිතුරක් ලැබේයැයි බලාපොරොත්තු වෙනවා.

 

m



අදහස් (0)

මෛතී‍්‍ර-මහින්ද හමුවේදී මොකද වුණේ?

සොපී Wednesday, 13 May 2015 05:51 AM

මහ ජාතිය දෙකට බෙදෙන එක තරම් මෝඩ කමක් තවත් නැහැ .මේ දෙගොල්ලෝ එකතුවෙලා රටට වැඩක් කළොත් නරකද ....? (ම)

:       0       0

රුවන් Tuesday, 12 May 2015 12:59 PM

ඔය ඉන්නේ හොඳට හිනාවෙලා (නි)

:       0       0

ලාල් Tuesday, 12 May 2015 03:24 PM

ලක්ෂ 62ක ජනතාවට මහින්දව අගමැති කරවන්න කිසිම අවශ්‍යථාවයක් නැත. පළාත් පාලන ආයතන විසුරුවා හැර ඉක්මනින් පැරනි ක්‍රමයටම ඡන්දයක් පැවැත්විය යුතුයි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4047 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 484 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1101 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site