අද කතාව ලියන්න කලින් ඔබට කියන්න දෙයක් තියෙනවා. මේ කතාව ලිවීමේදී මා භාවිත කර ඇති සමහර වචන ඔබේ උසස් රස වින්දනයට ගැසූ හෙණ පහරක් වගේ දැනෙන්න පුළුවන්. ඇත්තටම කනගාටුයි. ඇළ ඉවුරේ සිල්ගත්තා වගේ පෙනුණට කොකා ඝාතකයෙක් කියන ඇත්ත වසන් කරලා කවි සිංදු ලියන්න මට බෑ. ඒ නිසා ඔබත් මමත් ජීවත්වන සමාජයේ අනාථ පරපුර වැඩි වැඩියෙන් භාවිත කරන මේ වචන උන් කියන විදිහටම මා ලියා තබා ඔබට කියන්න හදන දේ මා කියනාකාරයෙන් තේරුම් ගන්න.
දෑසහැර බලන්න වැඩවසම් යුගයේ රැජිනක් වගේ රැකගත්තු ගැහැනිය වීදියේ සුරූපී බඩුවක් වෙලා. තමංගේ නොවන අනුන්ගේ වුණ අම්මා, අක්කා, දුව, නංගි, පට්ට කෑල්ලක් සිරා බඩුවක් වෙලා කියවන්න බැරි තරම් අප‍්‍රසන්න වුණත් මේ තමයි ඇත්ත. කාලයේ තාලයට වෙනස්වුණ බඹරු ගැහැනිය මලකට, විලකට, හඳකට උපමා කළේ ඉස්සර තිත්ත වුණත් ඇත්තම කතාවක අනාථභාවය තමන්ගේ ආදරණීය බිරිඳව, දුවව, අම්මාව, පිටඋන් එක්ක එකතුවෙලා දුෂණය කරලා වළදමන තරමට සල්ලාල වෙලා.
මනුස්සකමේ මළගමට මළබෙර වැයෙන ඇළ ඉවුරේ කොක්කු සිල්අරන් නගෝ. දිය බොර වුණත් පීනන්න යන්නෙපා. මැරෙන්න වුණත් හිතෙන්න පුළුවන්. අද අපට හමුවුණ ඇය බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක්, රත්මලාන කර්මාන්තශාලාවක පැකින් අංශයේ රැුකියාවක් කරන ඇය ඇගේ කතාව මාධ්‍යයට කියන්න දැක්වූයේ දැඩි බියක්. දන්නා හඳුනන හිතවතුන්ගේ දැනුම්වත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නම් ගම් හෙළිනොකරන පොරොන්දුව පිට ඇගේ කතාව ඇය ඔබට කියන්න සූදානම්. අපි ඇයට තනුජා යැයි කියමු.
තනුජා උපන්නේ දිළිඳු පවුලක. තමං දන්න කාලේ ඉඳල තමන්ගේ අම්මා තේ ගස් එක්ක ඔට්ටු වුණ හැටි ගැන ඇයට තියෙන්නේ දුක්බර මතකයක්. ගෑනු ළමයි දෙන්නයි එක පිරිමි ළමයයි ඉන්න පවුලෙ තනුජා වැඩිමහල් දුව. අම්මා තේ ගස් වටේ කැරකෙමින් ජීවිතේ ගැටගහගන්න උත්සහ කරද්දී නංගිවයි මල්ලිවයි බලාගෙන අම්මාගේ වගකීම ඉටුකරන්න වුණේ පුංචි තනුජාට. දරුවෝ බලාගන්න වගකීම දරාගෙන වුණත් ඇය පුළුපුළුවන් විදිහට පාසල් ගියා. පාසල් ගිහින් අකුරක් ඉගෙන ගන්න තනුජා ගත්තු උත්සාහයට රුකුල් දෙන්න කව්රුවත් නැති වුණත් ඇයට ඕන වුණේ හොඳට ඉගෙන ගන්න. තනුජාගේ තාත්තා ජීවතුන් අතර හිටියා. නමුත් යුතුකම් වගකීම් මත්පැන් බෝතලයකට යට කළ ඔහු ජීවත් වුණත් මැරුණු අයෙක් වගේ වුණා.
කටගොන්නක් බීගෙන හතරගාතෙන් ගෙදර එන තාත්තා ගෙට ආවගමන් උයාගත්තු බතත් එළියට විසිකරලා දරුපවුල එළියට ඇදලා දැම්මට උදේට ඔහු වැඩට ගියේ ගොලූ සන්නිය හැදුණු ගාණට.
රෑ මැදියමක් වෙනකන් තනුජා අම්මා එක්ක ගුලිවෙලා හිටියෙ තේ ගස්යට. ගමේ කාටත් අරුමයක් නොවුණ ජීවිත තුනක වධවිදීම දවසින් දවස වැඩිවුණා විතරයි. කාලය ගෙවිලා ගියේ විඳින්න වුණ දහදුක් මැද්දේ. දන්නා හඳුනන හිතවතියකගේ මාර්ගයෙන් තනුජාගේ අම්මා විදේශගත වෙන්නේ එයාට එයාගේ අම්මා තාත්තාගෙන් අයිතිවෙලා තිබුණ ඉඩම් කෑල්ල උගසට තියලා. අම්මා ගෘහසේවිකාවක් විදිහට බේබිලා බලාගන්න මැදපෙරදිග යනකොට නංගිවයි මල්ලිවයි බලාගන්න කිරිඅම්මා වෙන්න වුණේ තනුජාට. උදේට ගෙට ගොඩවෙන ආච්චි හැන්දැ වෙනකොට ගෙදර ගියේ තනුජාගේ තාත්තා බීගත්තම කරන බැණ, අඬ ගැසීම ඉවසන්න බැරි නිසාමයි.
අම්මා ඉන්න දවස්වල වගේ තේ පඳුරු අස්සෙ හැංගෙන්න තනුජාට හයියක් තිබුණේ නෑ. ඒ නිසා ගොරනාඩු කරන තාත්තාගෙන් බේරෙන්න ඇය කළේ නංගිලා මල්ලිලා අරගෙන ඇඳයට රිංගපු එක.
තනුජා වැඩිවියට පැමිණි නැකතට කැවුම් කොකිස් බදින්න අම්මා හිටියේ නෑ. ආච්චි අම්මා කිව්ව විදිහට පුළුපුළුවන් රාජකාරී කරගන්න තනුජාට සිදුවුණේ ආච්චි අම්මාටත් හයි හත්තියක් නැතිකම නිසාමයි. කාලය ගෙවිලා ගියේ දහසකුත් එකක් කරදර මැද්දේ. කාලයක් යනකොට හම්බකළ සල්ලිවලින් තනුජාගේ අම්මා රට යන්න උගස් තියාපු ඉඩම බේරා ගන්න ඇයට පුළුවන් වුණා. ආපු බාධක වැඩිනිසාම ඉගෙනීම අතරමැද නතර කරලා දාලා ගෙදර නවතින ඇය නංගි මල්ලිගේ ඇස්පාදන්න, උනන්දුවෙන් කටයුතු කරනවා. මොන දේ මොන ආකාරයෙන් වෙනස් වුණත් තාත්තාගේ බීමත්කම නම් අඩු වුණේ නෑ. හම්බ කරන සතේම තැබෑරුම්වලට පුදකරපු තාත්තා අම්මා එවන සල්ලි ඉල්ලලා තනුජාගේ ආච්චිට පහර දීපු අවස්ථාත් නැතුව නෙවෙයි.
කටගොන්නක් බීගෙන එන තාත්තා ගෙදරට යාළුවෝ කැන්දන් එන්නත් පුරුදු වුණා. ඒ වගේ වේලාවට පිරිමි දෙතුන් දෙනෙක් ගෙයි එළිපත්තේ සූර්වෙද්දි තනුජා කාලේ ගෙව්වෙ දැඩි අපහසුතාවක. ඒත් කියන දෙයක් ගාණකට නොගන්න තාත්තාගෙන් යාළුවෝ එක්ක එන්න එපා කියන ඉල්ලීම ඇය පුළුවන් හැමවෙලාවෙම කළා. ඒත් හැමදාම නොවිය යුතු දේ එකම විදිහට ගෙයි එළිපත්තෙ සිදුවුණා.
ගෙවිලා ගිය දවස් අතර ජීවිතේ උඩු යටිකුරු වුණ දවසක් තිබුණා. එදා ධාරානිපාත වරුසාවක් ඇද හැලෙමින් තිබුණා. තාත්තා යාළුවෙකුත් එක්ක මත්පැන් බොන්න පටන් ගත්තේ හැන්දෑවේ බෝතලේ දෙක වුණත් ? මැදියම වෙනතුරුත් තාත්තා අරක්කු බිබී හිටියා. තනුජාට නින්ද ගියේ නොදැනීම. රෑ මැදියමේ ඇයට ඇහැරුණා. පරිසරයම ඝන කළුවරේ ගිලිලා. කවුරුහරි තමංව බදාගෙන ඇඟට බරවෙලා කියලා තේරුම් ගන්න ඇයට වැඩි වේලා ගියේ නෑ.
කිසිම දෙයක් හිතාගන්න බැරිවුණත් ඇය බේරෙන්න උත්සාහ කළා. ඒත් දරදඬු අත් මැද්දේ සියුමැලි තරුණිය අඩපණ වුණා විතරයි කෑ ගැහුවට හඬ අහන්න කෙනෙක් නැති දැඟළුවට බේරෙන්න මගක් නැති නිමේෂයේ තනුජා ගැහැනියක් බවට පත්වුණේ තාත්තාගෙම වයසෙ තිරිසනෙක් අතින්. තමන්ට වුණ ඇබැද්දිය කියන්න කෙනෙක් ඇයට හිටියෙ නෑ. තාත්තාට කියන්න හිතුණත් ඒක අහන්න ඔහුට සිහියක් තිබුණෙත් නෑ. එදා තිරිසනාගෙන් ගැලවුණ තනුජා තාත්තා ළඟට දුවගෙන ආවා. නමුත් තමන්වත් වාරුකරගන්න බැරි තරමට බීමත්ව හිටපු තාත්තා බිම බදාගෙන හිටියෙ ආයෙ නැඟිටින්න බැරි ගාණට.
රැය පහන් වුණේ තනුජාට හුඟක් දේවල් නැතිකරගෙන. වටිනාකම් ගැන ලොකු තේරුමක් බේරුමක් නොවුණත් තමන්ට වුණ අකටයුත්ත ගැන තාත්තාට කියන්න තනුජා තිරණය කළා. ඒත් තාත්තාගේ සමහර හැසිරීම් නිසා හැමදේම සිදුවෙලා තියෙන්නේ තාත්තාගේ අනුදැනුම ආරක්ෂාව මත කියලා තේරුම් ගන්න ඇයට බැරිවුණේ නෑ. තමන්ගේ ජීවිතේ වීරයා එකම ආරක්ෂකයා තමන්ගේ ජීවිතේ අගාධයට ඇද දමන්න අනුබල දීපු බව දැනුනම තනුජාට දැනුණේ ලොකු අසරණ කමක්. කොහොම උණත් තවදුරටත් ඒ වහල යට ජීවත් වෙන්න හිත හදා ගන්නේ කොහොමද?
නංගි මල්ලි එක්ක තනුජා ආච්චිගේ ගෙදර ගිහින් නතර වුණේ තාත්තා වෙනුවෙන් තිබුණ අන්තිම ගෞරවනිය හැඟිමත් කඳුවළල්ලට විසිකරලා දාලා. ආච්චි ප‍්‍රශ්න දාහක් ඇහුවා. ඒත් ඒ අහන කිසිම ප‍්‍රශ්නෙකට දෙන්න එක උත්තරයක්වත් තනුජා ළඟ තිබුණේ නෑ. ඇයට ඕන වුණේ නන්නාදුනන පළාතකට ගිහින් ජීවත් වෙන්න. අප‍්‍රසන්න පරිසරය අතැරලා යන්න. ආච්චිලාගේ වැට මායිමේ ගෙදර ජයන්ති අක්කගේ මාර්ගයෙන් කොළඹ එන්න, පාර හදාගත්ත තනුජා කොළඹ එන්නේ බලාපොරොත්තු මල්ලක් කරගහගෙන. අම්මා නම් තනුජා කොළඹ එනවට කැමැති වුණේ නෑ. ඒ්ත් අම්මාගේ කීමට අවනත වෙන්න ඇයට හිතක් තිබුණේ නෑ. මොකක්දෝ පහරකින් නොසන්සුන්කමකින් තනුජාගේ හිත පිරිලා තිබුණා.
උගත්කමක් නැති වුණත් කර්මාන්තපුරයෙ රස්සාවක් ගන්න එක ඇයට අපහසුවක් වුණේ නෑ. බෝඩිමේ කෙල්ලන් අතරේ එක භූමිතෙල් ළිපක, පුංචි හට්ටියක පොඩියට ඉදෙන බත ඇයට රජ බොජුනක් වගේ දැනුණා. තමන්ගේ දුක් මහන්සියෙන් උපයපු මාසෙ පඩියෙන් ගත්තු ගවුම් රෙද්ද ඇයට දිවසළු වගේ දැනුණා. තමන්ගේ සතුට සමඟ රජවෙච්ච ජීවිතේදී අඩුපාඩුකම් දාහක්මැද වුණත් ඇය හිටියෙ සතුටින්. තමන්ගේ ජීවිතේට වුණ අපරාධය අමතක කරලා අලූතෙන් ජීවිතය පටන් ගන්න ඇයට වුවමනා වුණා.
කොළඹ ඇවිත් අවුරුද්ද දෙක ගෙවිලා ගියත් කොල්ලෙක් ගැන හිතන්න ඇයට හිතක් තිබුණේ නෑ. යෝජනා දහසක් මැද වුවත් තමංගේ හිත පරිස්සම් කරගෙන ඉන්න ඇයට පුළුවන් වුණා. ඒත් තිසර ඇයගේ ජීවිතේට ආවේ ඇයගේ හිත හොරකම් කරගෙන. ඒ කොහොම වුණත් තමන් කරදරේක වැටුණ කෙනෙක් කියලා තිසරට කියන්න තනුජා කැමති වුණේ නෑ. වේලාවකට තනුජාට හිතුණා තිසරව තමන්ට නැති වේවි කියලා. වේලාවකට හිතුණා තමන්ට වුණ කරදරේ පාවිච්චි කරලා තිසර තමන්ව පාවිච්චි කරයි කියලා. කොහොම වුණත් හැම රහසක්ම තමන්ට පමණක් රහසක් වෙද්දි, තිසරත් තනුජත් අතර ඇතිවුණ හිතවත්කම ආදරයක් වෙමින් ගලාගියා.
තනුජාගේ අම්මා ඔය අතරේ ලංකාවට ආවා. ඒත් අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ආව උණත් තමංගේ දරුවෝ එක්ක ලංකාවේ නවතින්න. කරදරයක් නැතුව හිටියා නේද දුවේ කියලා අහලා දරුවන්ගේ හිස අතගාන්නවත් ඒ අම්මාට වේලාවක් තිබුණේ නෑ.
තේ ගස්වටේ ඔට්ටුවෙවි ජීවිතේ හොයාපු අම්මාට පොළවෙ පය ගහන්න බැරි තරමට තටු ඇවිත් තිබුණා. ඇය ආදරේ කළෙත් අමුතු තාලෙට දරුවන්ව ළං කරගත්තෙත් ඊට එහා ගිය රටාවකට. තනුජා කියන විදිහට ඒ තමන්ව බිහි කළ අම්මා කියලා හිතා ගන්න බැරි තරමට අම්මාත් තමනුත් අතර දුරස්ථ බවක් තිබුණලූ. අවුරුදු ගාණක් පිටරට හිටි අම්මාට උපන්දා ඉඳලා හිටපු ලංකාවෙ මිනිස්සු ලංකාවෙ දේශගුණේ අරහං වෙනකොට කාන්තාරේ කියන සුරපුරයට ඇය ඉගිලිලා ගියේ දරුවෙක් වදාපු නැති ගාණට.
නංගි මල්ලි ආච්චි ලඟ හිටිය වුණත් තනුජා ඒ දෙන්නගේ ඉගෙනීම ගැන හොයලා බැලූවා. තාත්තානම් ඇයට මැරුණ ගානට අමතක වෙලා ගියාට තාත්තා නිසා ඇතිවුණු ගිනිපුපුරු ඇයගේ ජීවිතය ගිලගෙන තිබුණා. කේඩෑරි වෙලා බීමත්කම නිසාම වකගැහුණ තාත්තා දිහා ඇහැක් ඇරලා බලන්න අම්මාට පුළුවන් වුණෙත් නෑ. හැමදේම මැද්දේ තනුජාගේ ජීවිතේ වටිනාම දේ තිසර උණා. තිසරට තනුජව මගහරින්න උවමනාවක් තිබුණේ නෑ. තිසර කිව්වේ එයාගේ ගම් පළාත මාවනැල්ල කියලා. තිසර කියන දේ තිසර කියන විදිහටම විශ්වාස කරන්න පුරුදු වෙලා හිටපු තනුජා ඉන් එහාට තිසර කාගේ කවුද කියලා හොයන්න ගියේ නෑ.
තමන්ගේ ජීවිතේ වැදගත් අවස්ථාවක් කියන්න කෙනෙක් ඇයට හිටියේ නෑ. කොහොම වුණත් අපි කසාද බඳිමු කියන ඉල්ලීම තිසරගෙන් කරන්න ඇයට හයියක් තිබුණෙත් නෑ. තමන් කරදරේක වැටුණු ගැහැණියක් කියන හේතුව නිසාම ඇය ඔහුව කසාද බැඳිම ගැන කතා නොකර හිටියා. තනුජා මොනවත් ඇසුවෙ නැතුවට ඇයව කසාද බඳින තීරණේ ඔහු අරගත්තේ හිටි හැටියේ. හතරදෙනෙක් දැනුවත්ව ඇයව කසාද බදින තිසර මංගල රාති‍්‍රය ගත කිරීමට තෝරගත්තේ වාද්දුවෙ තානායමක්.
තමං පිරිසිදු යුවතියකව හිටියා නම් ලොකු සැනසීමක් වෙන්නට තිබුණු මොහොත ලොකු ගින්දරක් වෙලා තමන්ව පුච්චලා දන බව ඇයට දැනුණා. මොනවා වුණත් කමක් නෑ මම තිසරට හැමදේම කියනවා. මේ තරම් ලොකු තීරණයක් මං වෙනුවෙන් ගත්තු තිසරව රවට්ටන එක පවක්. තනුජාට හිතුණේ එහෙමයි. තමං යුවතියක් විදිහට මුහුණ දුන් කටුක අත්දැකීම ගැන ඇය ඔහු හමුවේ පැවසුවේ බොහොම අපහසුවෙන්. විශ්වාස කරන්න පුළුවන්ද ඉන් එහාට සිදුවුණ දේ. තිසරගේ මහා ලොකු වෙනසක් වේවි කියලා ඇය බලාපොරොත්තු වුණත් ඔහු වෙනසක් නැතුවම ඇය ළඟ හිටියා.
වෙනසකට උනේ ඔහු ඇයගේ හිස අතගෑම පමණයි. තිසර දෙවිකෙනෙක් දෑසින් දුටු දෙවිකෙනෙක් ඒ වගේ සැමියෙක් තමාගේ වීම වාසනාවක් සියල්ල දැනගත්තට පස්සෙත් කිසිම වෙනසක් නැති තිසරගේ සමාව දීම ළඟදි තනුජාට ඇඬෙන්න වාවගන්න බැරි තැන තනුජාට වගේම තිසරටත් කියන්න දේවල් ගොඩක් තිබුණා. දෙවිකෙනෙක් කියලා තනුජා හිතාගෙන හිටියට තමුන් පොළොවෙ ජීවත්වෙන මනුස්සයෙක් වැරදි ගොන්නක් කරපු මනුස්සයෙක් කියලා කියන්න වුවමනාව ඔහුට තිබුණා. ඒත් ඔහු නිහඬව හිටියා.
මංගල රාති‍්‍රය ගෙවිලා ගියේ ඇයට අලූත් ජීවිතයක සතුට උරුම කරගෙන. තමා විවාහ වූ බව අලූත් ජීවිතයකට යනබව ඇයට ඇයගේම කාට හෝ කියන්න හිතුණා. පෝරු මස්තකාරූඪ නොවුණට පාවාඩ නැතුවට තමා විවාහ වූ බව කියන්න හිතුණා. නමුත් තමා ගැන හොයන්න බලන්න කෙනෙක් නැති නගරෙක සැපදුක කාට නම් කියන්නද? මංගල රාති‍්‍රයෙන් පස්සෙ ඔහු ඇයව ඔහුගේ නිවෙසට කැන්දගෙන ගියා. ඔහු කියා තිබුණ විදිහට ඔහුගේ ගෙදර තිබුණේ මාවනැල්ලේ නම් නෙවෙයි.
ඔහුගේ රාජධානිය තිබුණේ ගල්කිස්ස බඩෝවිට කුලී ගාතකයින්, මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රජදහනක් විදිහට පොලිසියේ උකුසු ඇසට නිතර හසුවන බඩෝවිට.
මේ කොහෙද මාව එක්ක ආවේ. ඇයි මට බොරු කිව්වේ කියලා එකවරක් නෙවේ දහස්වාරයක් ඔහුගෙන් අහන්න ඇයට හිතුණා. ඒත් මඬේ පීදුණු නෙළුමක් වගේ කියලා හිතෙන තිසරගේ මූණ දිහා බලාගෙන ප‍්‍රශ්න දාහක් නෙවේ, එක ප‍්‍රශ්නයක්වත් අහන්න ඇයට පුළුවන් වුණේ නෑ. කොහොම වුණත් තිසර තමාට තේරුම් යන්න ඇරලා බලන් හිටපු ජීවිතේ මොනතරම් අප‍්‍රසන්න වුණත් ඇය එය බාරගත්තා. තිසරගේ ගෙදර හිටියෙ අම්මා විතරයි. ඇත්තටම ඇය අම්මා කියලා ඔහු ඇයව හඳුන්වා දෙද්දි ඇය තනුජාව පිළිගත්තේ ගස්සගෙන.
හැරෙන්නවත් හරිහමන් ඉඩක් නැති ගෙදර පුංචි කොලූ පැටියෙක් හිටියා. ඒ කොලූපැටියා, හැසිරුණේ වැඩිහිටියෙක් වගේ. ළමා කමක් පේන තෙක්මානේ නැති කොලූපැටියා තිසරට කතා කළේ තාත්තා කියලා. ගැටගැහිලා තිබුණ අවුල් ජාලයක් එකින් එක ලිහෙන්න ගත්තේ ටිකෙන් ටික. තිසර කසාද බැඳලා ඉඳපු මිනිහෙක් කියන එකත් ඇය වෙන දීගෙක ගිහින් ඇති බවත් එහෙම ගිය ඇය තිසර ඉන්න තැනක් මව්පියන් ගැනත් හරිහැටි නොදැන කසාද බැඳ ඇති බවත් ඇයට දැනගන්න ලැබුණා. මොන දේ මොනවිදිහට උණත් තිසරව අතැරලා යන්න ඇයට පුළුවන්කමක් තිබුණේ නෑ. බඩෝවිට තිබුණේ අමුතුම සංස්කෘතියක්.
ජාවාරම්, මත්කුඩු ඕනෑවටත් වඩා පැතිරගත්තු බඩෝවිට පොලිසියෙන් නිතර ඇවිත් වරදකරුවන් සොයා එන බඩෝවිට තිසර වගේ කෙනෙක් කොහොම හිටියද කියන ප‍්‍රශ්නය ඇයට නිතරම හිතුණා.
ඒත් තිසරත් ඒ ගොඩටම එහෙමම හරිගිය බව තේරුම් ගන්න ඇයට වැඩි කාලයක් ගියේ නෑ. තිසර සයිඞ් බිස්නස් එකක් කළා. ඒකට කිව්වේ මල් බිස්නස් කරනවා කියලා. මල් කිව්වට නෙළුම් මල් ඕලූ මල් නම් නෙවේ. නීතියෙන් තහනම් කළ මල්. කාලා ඇඳලා ඉන්න ගාණක් හොයා ගන්න ලැබෙන පඩිය මදි නිසාම ඔහු මල් විකුණන බවයි ඇයට කියලා තිබුණේ.
ඒත් සාධාරණව ජීවත්වෙන්න අපි දෙන්නම හම්බකරන සල්ලි මදිද කියන ප‍්‍රශ්නයට පිළිතුරක් දෙනවා වෙනුවට ඔහු කළේ මල් විකුණන එක. තිසරගේ පුතාගේ වයස අවුරුදු දහයක් වුණත් ඔහු හැසිරුණේ මහාලොකු මිනිහෙක් වගේ. අම්මාගේ බිස්නස් වෙනමම තියෙන කොට පුංචි කොලූ පැටියා ඇට්ටරයෙක් වෙච්චි කොට තිසර ජාවාරම් ලෝකේ සැරිසැරුවා. අපාගතවුණ පුරවරයෙ කෙල්ල කෑල්ලක් වෙලා දැරිය ගෙඩියක් වෙද්දි, අක්කලා බඩු බවටත් පත්වෙලා තිබුණා.
තිසරගේ අම්මා බඩු වෙළදාමක් ජයට කළා. බඩු ගන්න රජවරු සිටුවරුන් ආවා. ජීවිතේ එකම අවුල් ජාලාවක් වෙද්දි තිසරත් තනුජත් අතර විරසකකම් ගිනි දලූවගේ නැගෙන්න ගත්තා. සමාජය ඉදිරියෙ වෙස්බැන්ද තිසර වරදකාරියක වුණ තමාට සමාව දුන්නේ අපරාධකාරයෙක් වුණ නිසා විතරයි. තමාට වඩා ඔහු වැරදි කරලා තියෙනවා කියලත් ඒ වැරදි වහගන්න ඔහු ඇයට සමාවදී බාරගත් බවත් තනූජාට හිතෙන්න ගත්තා.
පොඞ්ඩ බැරි වෙද්දි තනුජට බැණ අඬගහන තිසර ඇයගේ යටගියාව ගැන ඇයට වුණ වැරදීම ගැන මුළු පළාතටම ඇහෙන්න කෑගහලා කියන්න පටන් ගත්තා. මේ සටහන අතර ලියන්න අපහසුවන තරමට ඔහුගේ කතා ශෛලිය අප‍්‍රසන්න වුණත් ඇය බැඳගත්තු බෙරේ ගහන්නට උත්සහ කළා. ඩිංගකට හරි ඇයට සැනසීමක් තිබුණා නම් ඒ ෆැක්ටි‍්‍රයෙ ගෙවන පැය කිහිපය විතරයි. මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තු වරදට තිසර දැන් ඉන්නේ වැලිකඩ බන්ධනාගාරේ. ජීවිතේ හොයාගෙන බලාපොරොත්තු පොදි ගහගෙන ආව තනුජා පණපිටින් අපාගතවෙලා. මසට විකිණෙන මුත් අතර තමාව රැුජිනක් කරන්න වෙහෙසෙන නැන්දම්මාගෙන් එන විදුලි පණිවිඩ ඉවසන්න බැරි තැන, ඇය දැන් බෝඩිං කාමරයකට සේන්දු වී අවසන්.
නංගියේ අනුන්ගෙන් වුණ වරදකට වන්දි ගෙවන නුඹෙන් ඇයි එහෙම කළේ, මෙහෙම කළ එක හරිද කියලා අහන්න අපට පුළුවන් කමක් නෑ. කොහොම කළත් දැන් හැමදේම වෙලා, ඉවරයි. අන්ධ වුණ දෑස ළඟ පහන් අසුහාරදහසක් දැල්ලූවත් වැඩක් නැති බව අපි දන්නවා. ඒත් උත්සහ කරපන් පෙනෙනවුන් අතරදි වැරදුණ පාර හොයාගෙන යන්න. නොපෙනෙන වුන් අතරින්.
(නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිතුරාට දුව බිලිගන්න ඉඩදී ඒ තාත්තා බලා හිටියා
කුමාරි Friday, 31 July 2015 05:57 AM
මෙවැනිම දුර්ජන සහෝදරයින්. දෙමාපියන් අතින් සිදුවුණා අනන්තවත් කේදවාචක අපේ ගම් වල තියනවා. එත් ඒවා පොළොවටම යටවෙනවා.සංසාරේ කල පෙර අකුසල්ද මෙහෙම වෙන්නේ.(හේ)
මැටිපහන Saturday, 25 July 2015 05:35 AM
ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි (නදී)
සුකිරි Saturday, 25 July 2015 07:08 AM
මැටි පහන කිව කතාව ගැන මන් මේ හිතුවේ. පුරාජේරු කාරයෝ, දෙදහස් පන්සියේ ඉතිහාස කාරයෝ. ඇමරිකාවටත් ගහන්ට කතාකරන දේශපාලන ඔස්තාර්ලා තමයි මේවට වග කියන්න ඕනා. (නදී)